නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 December 2011

- බලු මෙහෙයුම -



ඔන්න අද හිතූ කියන්න යන්නෙ බල්ලෙක් නිසා වුනු ඇබැද්දියක් ගැනයි..:D


මේ සිද්ධිය වුනේ පෙරේදා. සුපුරුදු විදියට මම වෙනදා වගේම හවස ගෙදර එද්දි, ගේට්ටුවෙන් එනකොටම කවදාවත් නැතුව අපේ තාත්තා "ගේට්ටුව වහන්න එපා. ඔහොම ඇරලා තියන්න "කියලා කෑගහන්න ගත්තා.වෙනදාට අම්මා ගේට්ටුව වහන්නෙ නෑ කියලා කෑ ගහනවා. එදා තාත්තා වහන්න එපා කියලා කෑ ගහනවා.පුදුම වැඩක්නෙ මේක කියලා මාත් ඇහුවා මොකක්ද හේතුව කියලා.එතකොට තමා තාත්තායි අම්මායි සිද්ධිය කිව්වෙ.හිතූටනම් ඒක හරිම විනෝදජනක වුණා.:D


එදා උදේ අපේ මහප්පා, අපේ ගෙදරට බලු පැටියෙක් අරන් ඇවිල්ලා.බලු පැටියෙක් කිව්වෙ ,මේ වල් බලු කුක්කෙක් ;) :D.වල් බලු පැටියෙක් වුනත්, බෝල ගෙඩියක් වගේ මහත, දුඹුරු පාට, හොම්බ කළුම කළු පාට, ආදරේ හිතෙන හුරතල් පාට බලු පැටියෙක්ලු. මහප්පලා ගෙ ගෙදර ටික කාලයක් උන්නු මේ බලු කුක්කාව ,අපේ ගෙදරට අරන් ඇවිල්ලා තිබුණේ , අපේ තාත්තාට බලු පැටියෙක් ඕනෙ කියලා කලින් කරලා තිබුණු ඉල්ලීමක් මතයි.එයා අපේ ගෙදරට එද්දිම නමක් දාගෙනයි ඇවිත් තිබුණෙ.මගේ නෑදෑ වෙන සහෝදරී එයාට දාල තිබුණූ  ඒ නම තමා "බෙන්සන්" :D 


කොහොමෙන් හරි උදේ ගෙනාව මේ බලු පැටියා එදා දවල්ම අපේ ගෙදරින් පැනලා ගිහිල්ලා :D පුදුම වැඩේ කියන්නෙ, මූ පැනලා ගිහින් තියෙන්නෙ තාප්පෙන්.මාස 9ක් 10ක් වුනත් , පොඩිකමටද වැඩ බලන්නකෝ..:/ දවල්ට බඩ පැලෙන්න කන්නත් දීලා, උදේ ආව ගමන් හොඳ කිරි එහෙකුත් බොන්න දීලා, අපේ අම්මා වැඩි හොඳට පොඩ්ඩක් වත්ත වටේ රවුමක් දාන්න කියලා නිදහස දෙන්න හිතාගෙන දම්වැල ලෙහලා.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මේ කපටි බෙන්සන්, අපේ අම්මාගෙ ඇස් වලට හොරා තාප්පෙන්ම මාරු වෙලා.ජංජාලයයි!!!! පැනලා ගියපු බෙන්සන් ආයෙමත් හොයාගෙන ආවොත් කියලා තමා ගේට්ටුව ඇරලා තියලා තියෙන්නෙ.
(ඒකෙත් හැටි, තාප්පෙන් පැනලා ගියපු එකාට ,ආයෙත් එන්න ගේට්ටු ඇරලා බලන් ඉන්නවා..:D)


කොහොමහරි අල්ලපු ගෙදර අංකලුයි ඇන්ටියිත් අපේ බෙන්සන් නැති වුනු එක ගැන ඇහැ ගහගෙනයි උන්නෙ.මොකද බෙන්සන්,අල්ලපු ගෙදරට තාප්පෙන් පැනලා එතනින් පාර දිගේ තමයි පැනලා දුවලා තිබුණේ.ඉතිං අපේ අම්මා අහළ පහල ඔක්කොම අයව දැනුවත් කරලා තිබුණා බෙන්සන්ගෙ හැඩ රුව සහිත දීර්ඝ විස්තරයක් එක්ක.කොහෙදිහරි බෙන්සන් දැක්කොත් වහාම අපේ ගෙදරට දන්වන්න කියලා දැනුම් දීමකුත් කරලයි තිබුණේ.


කාලයක් තිස්සෙම බලු පැටියෙක් ගේන්න ඕනෙ කියන අදහස අපේ තාත්තාගෙ හිතේ තදින්ම තිබුණා.මොකද, අපේ ගෙදර අවුරුදු 10ක් තිස්සෙ හුරතලේට උන්නු බල්ලා ,අපේ ආදරණිය රැන්ඩියා, අපේ තාත්තාගෙ සුදු මහත්තයා මීට මාස ගාණකට කලින් මැරුණා.අසනීප වෙලා, බේත් කරලා කරලා ඒත් ගොඩ ගන්න බැරි වුනා.:( අන්තිමේදි අපිව දාලා යන්නම ගියා. German Shepard වර්ගයේ බල්ලෙක් වුනු රැන්ඩියා ගෙදරට හරිම ලැදි, හුරතල්, සතෙක් වුනා. තාත්තා කොහොමත් සත්තුන්ට ආදරෙයි. විශේෂයෙන්ම බල්ලන්ට.ඉතිං මේ බෙන්සන් ගෙනාව ඩිංගටත් තාත්තා ඌට හුඟාක් ආදරෙන් සැලකුවා.අම්මාත් එහෙමයි. ඉතින් මේ බලු පැටියා නැති වුනු එක ගැන අම්මායි තාත්තායි ටිකක් දුකින් හිටියෙ.මටනම් ඉතිං ටිකක් තරහත් ගියා.අපේ අම්මාගෙ කරුණාවන්තකමින් අයුතු ප්‍රයෝජන ගත්ත හොර ගෙඩියෙක් නිසා.;)


කොහොමෙන් කොහොමහරි බෙන්සන් හොයාගන්න අම්මායි තාත්තයි මගේ මලයණ්ඩියයි අප්‍රමාණ වෙහෙසක් ගත්තා.ගෙවල් පැත්තෙ පාරවල් දිගේ ,හංදි ගානෙ අම්මායි, තාත්තයි, මල්ලියයි බෙන්සන්ව හෙව්වා.ඒත් පෙරේදා රෑ වෙනතුරුත් බෙන්සන්ව හම්බුනේ නෑ..මහප්පටත් දැන් හුගාක් දුකයි.වෙන බල්ලො හපා කාලා බෙන්සන් ට තුවාල වෙයිද, කන්න නැතුව හාමතේ ඉන්නවා ඇතිද,හප්පොච්චියේ..... ප්‍රශ්න ගොඩායි.ළමයෙක් ගැන වද වෙනවා වගේ අපේ ගෙදර කට්ටිය බෙන්සන් නිසා වද වුනේ.


ඔන්න ඊට පහුවදා උදේම ,ඒ කියන්නෙ ඊයේ උදේ, අල්ලපු ගෙදර අංකල්ගෙන් බෙන්සන් ගැන හෝඩුවාවක් ලැබුණා.ඒ තමයි අංකල් උදේ පාන් ගේන්න කඩේට යනකොට බෙන්සන් හංදියෙ බේකරිය ළඟ හිටියා කියන හෝඩුවාව.වහාම ක්‍රියාත්මක වුනු අපේ තාත්තා ,බෙන්සන් අල්ලගන්න දම්වැලත් අරගෙන ගියා.සංතෝසේ බෑලු, බෙන්සන් ඉන්නවාලු.අවාසනාවක මහත කියන්නෙ තාත්තා බෙන්සන්ව අල්ලගන්න හදනකොටම, මේ නොසණ්ඩාලයා ආයෙමත් පැනලා දුවලා.තාත්තා  බෙන්සන්ව අල්ලගන්න කොයි තරම් උත්සාහ කළත් අල්ලගන්න බැරි වෙලා.අන්තිමේදි ඒ උත්සාහයත් අසාර්ථක වුනා.:(




ගිය එකා ගියාවෙ කියලා හිතහදාගෙන ඉන්න කියලා බැරිම තැන හිතූ අම්මාටයි තාත්තටයි කිව්වලු.;) ඔන්න ඔහොම ඉද්දි, ආයෙමත් ඊයෙ හවස බෙන්සන් අපේ ගෙවල් ළගටම ඇවිත් කියලා ආරංචියක් ලැබුණා.ඔන්න ඉතිං ආයෙමත් ගිහිල්ලා බලනකොට ඒ බෙන්සන්ම තමයිලු.ඔන්න ඊටපස්සෙ රටේ තියන ඔක්කොම උප්පරවැට්ටි දාලා බෙන්සන්ව අල්ලගෙන අරන් ආවා.ඊටපස්සෙ තමා අපේ අම්මාට හිතට සැනසීමක් ලැබිලා තියෙන්නෙ.:D 


ගෙදර ආපු බෙන්සන්ට කන්න, බොන්න දීලා සත්කාර කරලා තියාගන්න හැදුවත්, අපේ අම්මාගෙ කැමැත්ත වුනේ බෙන්සන් හිටපු දිහාටම ආයෙමත් යවන්නයි.ඒකට හේතුව වුනේ, බෙන්සන් අපිට තවමත් හීලෑ නැති නිසා ,ආයෙමත් පැනලා ගියොත් අපිට පවු සිද්ධ වෙයි කියලා හිතන නිසයි.අනේ මංදා :)


සාර්ථක මෙහෙයුමක අවසානෙදි ගෙදර හැමෝම තීර්ණය කරලා, මහප්පාටත් දන්වලා ,බෙන්සන්ව ආයෙමත් එයා හිටපු, එයා කැමති එයාගෙ ගෙදරටම යැව්වා.:D බෙන්සනුත් සතුටින් විසිර ගියාලු.


අකමැත්තෙන්, බලෙන්, අමාරුවෙන් රඳවගන්න දේවල් වලින් සතුටක් නෑනෙ.එහෙම රඳවගෙන වැඩකුත් නෑ.. අපිට අයිති නැති දෙයක්නම්, කොහොමත් අපි ලඟ රැදෙන්නෙ නෑ මං හිතන්නෙ.ඒ තියරිය මෙතන්ටත් වලංගුයිද මංදා ;)


ඉතින් බෙන්සන් උඹට ජය!!!!!! :D :D

Post Comment

41 comments:

  1. බෙන්සන් මරු නම,, හ්ම්ම් අන්තිම ට කියපු කතාවට මම නම් 100 ට ක් එකයි..
    "අකමැත්තෙන්, බලෙන්, අමාරුවෙන් රඳවගන්න දේවල් වලින් සතුටක් නෑනෙ.එහෙම රඳවගෙන වැඩකුත් නෑ.. අපිට අයිති නැති දෙයක්නම්, කොහොමත් අපි ලඟ රැදෙන්නෙ නෑ "
    කියපු එක..
    සුරතල් සතෙක් ගොඩාක් කාලයක් අපි ලග හිටියම එයා අපේ ජිවිතේ එනවා, සමහරවිට මිනිසෙක් මැරෙනවාට වදා දුකයි එයා නැති උනොත්, මම එක අත්දැකීමෙන් දන්නවා...

    ReplyDelete
  2. අනිවා අනිවා අක්කෝ... කතාව නම් ඇත්ත...
    බලෙන් තියාගන්නවට වඩා යන්න අරින එක වටිනවා...
    බල්ලා වුනත්, කොල්ලා වුනත්.. ;) :P
    දැන් ඉතින් අපේ අයියල , මල්ලිලා කඩු කිනිසි ආමොරාගෙන එනවා හෙම නෙමෙයි හොඳේ ... :D

    ReplyDelete
  3. බෙන්සන් ආපහු හිටපු තැනටම යවපු එක හොඳයි. එයා එතනට හුරු වෙලා ඉන්නැති. බලු පැටියෙක් ගේනවා නම් පුංචිම කාලෙ ගෙන්න ඕනා. නැත්තම් එයාල අලුත් තැන ස්වාමියාට හුරු වෙන්නෙ නෑ.

    ඔය වල් බල්ලො කියලා අපේ උදවිය පහත් කරලා සලකන්නෙ අපේ රටේ එදා ඉඳන් හිටපු ස්වදේශික බල්ලන්ටනේ. රට ඉඳන් ගෙනල්ලා හැමතිස්සෙම බෙහෙත් කර කර, විශේෂ ඩෝග් ෆුඩ්ස් කවලා හදාගන්න බල්ලොන්ට වඩා වල් බල්ලො කොච්චර හොඳයිද?

    නේද හිතූ?

    ReplyDelete
  4. ආයෙ 2ක් නෑ. අන්තිම පැරග්‍රාප් 1 තමයි හිතට වැදුනෙ හිතුමතේම....

    ReplyDelete
  5. "බෙන්සන්" මරු නම...

    ඔයාලට වැඩිය ඔයාලගේ මහප්පලාට බෙන්සන් හුරු වෙන්න ඇති මේ ටිකට.. ඒකයි ඔහොම යන්න ඇත්තේ.. තව ටිකක් පැටියා කාලේ ගෙනාවනම් ඔයාලට හුරු කර ගන්න තිබුනා...

    ReplyDelete
  6. අලේ බෙන්සන් & හෙජස් මාර වැඩනෙ කරන්නේ......හික්ස්..........

    ReplyDelete
  7. අනේ මමත් හරි ආසයි මහත බලු පැටවුන්ට...හැබැයි එයාලා ලොකු වෙද්දී ඒ ලස්සන නැති වෙනවා.."බෙන්සන්" නම් මරු නම :) ඔය විදියේ තාප්පෙන් පනින බල්ලෙක් මගේ යාලුවෙක්ටත් හිටියා. එයානම් තාප්පෙන් පනින්නේ අල්ලපු වත්තට...ශරීර කර්තව්‍ය කරලා එන්න :))

    ReplyDelete
  8. හිතු නගෝ.... කතාව කියෙව්වට පස්සේ මගෙත් හිතේ මොකද්දො හිරවෙලාවගේ....දැනුනා...අපේ කේන් අපිව දාලා ගිහින් ටික කාලයක් වෙනව...මම වගේම අපේ ගෙදර කස්ටියත් ඔය බලු කොලුවන්ට හරිම කැමති...හැබැ අම්මා නම් බල්ලේක් ගෙනව කිව්වම...මුලින් බනිනව....මුන්ගේ තියෙන වදේට තවත් එකේක් ගෙනාවම...අම්මට තමා කරදරේ කියල..නමුත් ගෙදර ආපු හැම බලු සුරතලාම වැඩියම කිට්ටු උනේ අම්මට...

    ReplyDelete
  9. මමත් කාලයක් ඔහොම ලඟ ගේකිං ඉල්ලගෙන වල් බලු පැටියෙක් අැති කලා.

    මූව ලණුවකිං ගැටගැහුවම ලණුව පිටිං කලිං හිටිය ගෙදරට යනව

    පස්සෙ දංවැලක් ගෙනල්ල දංවැල දාල තිබ්බ , පහුවදා උදේ අැහැරල බලද්දි දංවැල තියනව බල්ල ගෙදර ගිහිං :D

    ReplyDelete
  10. ඌට බෙන්සන් කියලා නැතුව බෙන්සීන් කියලා දැම්මා නම් අඩුගානේ කෙමෙස්ට්‍රි බල්ලෙක් කියලාවත් හිතන්න තිබ්බා. හික්ස් :)

    බල්ලන්ගේ නම් කිව්වම තමා මතක් උනේ එක නාට්ටියක බල්ලෙක් හිටියා උගේ නම 'අබ්‍ර කඩබ්‍රා' !!!
    බල්ලා, ගේ දාලා ගියාලු උගේ නම වැරදියට පාවිච්චි කරපු නිසා.

    ReplyDelete
  11. මගෙ බලු කතාව මේක.........මාස ගානක් කරදර කර කර නහයෙන් අඬුවාම බේරෙන්නම බැරුව මට 'සමොයෙඩ්' පැටියෙක් ගෙනත් දුන්න අයිය...මාස 3 ක් කිවට ඌ මහා ලොකුයි බරයි..නම දැම්මෙ 'බෙන්ජි'(අර ලස්සන ෆිල්ම් එකේ නම.)දවසින් දවස මෙයා බලාගෙන ඉන්නකොට ලොකු උනා...මාරම ලස්සනයි සුදු පුලුන් බෝල ගෙඩියක් වගේ...ඊළඟට මූ මෙන්න මේ 'බලු වැඩ' කරන්න පටන් ගත්තා...!

    1.....අල්ලපු ගෙදර ස්වීමින්පූල් එකට පැනල ගොඩට ඇවිත් වතුර පිටින් ඌරා වගේ මඩ නාගෙන දුවගෙන ඇවිත් මගේ ඇඳේ පෙරලීම......
    2.....කොච්චර ශක්තිමත්ව හැදුවත් උගේ කූඩුවෙ ලී හපා කා කූඩුව විනාශ කොට එලියට පැනීම.........
    3......මිදුල හරි මැද කක්කා දැමීම......
    4......අපේ ගෙදර අලුත්ම ඩිවානෝ එකක කොනක් සපා කා දැමීම.......
    5......මගේ ඇඳුම් අල්මාරියේ එක පියනක් බාගෙට වැසී තිබුන දවසක ඒක ඇර මගේ වටිනාම සීත කබායක් හොරකම් කරගෙන ගොස් කුඩා කැබලි කැබලි වලට ඉරා දැමීම.........
    6......ඊට පසු අපි මූව ශක්තියෙන් වැඩි යකඩ කූඩුවකට දැමූ විට,මුලු ගමටම ඇහෙන්න විළාප දීම සහ අපිව අසල් වැසියන්ගේ දෝශාරෝපන වලට ලක් කිරීම.......

    හ්ම්ම්ම්ම් ඊට පස්සෙ මොකෝ උනේ?....අපි එයාව ලඟම තිබ්බ ''බලු ශොප්'' එකට ගිහින් දුන්න...කතාව ඉවරයි....!!!!!

    ReplyDelete
  12. මගේ ගාවනම් බලුකතා නැහැ හරිය...

    අපේ ගෙදර කවදාවත්ම උන්ව හදල නැහැ වගේම ඉදිරියටත් හදන්න ඉඩ දෙන්නෙත් නැහැ
    මම ඒ තරමටම අකමැතියි බව්වන්ට :((

    (උන් පොඩි කාලේ බෝල වගේ ඉන්නකොටනම් ලස්සනයි තමයි,,,,)

    ReplyDelete
  13. එකත් අපූරු කතාවක්.........
    පණදාගෙන හොයලා හොයලා අන්තිමට ඌට නිදහස දීපු එක අදහන්න වටිනවා........:)

    ReplyDelete
  14. අපරාදේ ඌ අයෙමත් දුන්නේ.ටිකදවසක් ගැටගහල තිබුනානම් ඉබේම ගෙදරට පුරුදු වෙනවා.එත් තාප්පයකින් පැනල යන්න පුළුවන් එකෙක්නම් ඌ ලොකු බල්ලෙක් වෙන්න ඕනේ ..

    ReplyDelete
  15. ආයි හිටපු තැනටම යවපු එක හොදයි,අකමැත්තෙන් තියං ඉදලා වැඩක් නෑ නේ, තියරිය හරි....

    ReplyDelete
  16. ලස්සන කතාව.

    මට හිතන්නෙත් බලු කුක්කව ටික දවසක් තියාගත්තනම් ඌ පුරුදුවෙන්නත් තිබ්බ කියල.
    ඒ වුනත් මම අන්තිමට කියල තිබුනු දේටත් එකඟයි.අපිට අයිති නැති දෙයක්නම්, කොහොමත් අපි ලඟ රැදෙන්නෙ නෑ .
    අපි කොච්චර ආදරෙන් ළඟින් තියාගන්න හැදුවත් අවස්තාවක් ආව ගමන් අපෙන් ඈතට යන්නෙ අපිටත් හිතාගන්න බැරි විදිහට.හරියට අර බලු කුක්ක ගියා වගේ. මම හරිද මන්ද?

    ReplyDelete
  17. සමහර බල්ලො ඉන්නව උන් බල්ලො උනාට අපිට වඩා පින් කරලා. බෙන්සන් කාරයටත් පිනක් පල දෙන්න ඇවිත් චුට්ටෙන් මිස් වෙලා තියෙන්නෙ... ඔක තයි කියන්නෙ ඌට පින නෑ.. :D :D

    ReplyDelete
  18. අපිනම් බල්ලෝ ගේන්නෙ චූට්ටන් කාලෙමයි.යන්තම් එහෙ මෙහෙ යන්න පුලුවන් වෙනකොට එක්කන් එනවා.අනේ ගේ ඇතුලෙ හැම තැනම ඇවිද ඇවිද කෙදිරි ගාන හැටි අහන්න මං හරිම ආසයි.:))

    ReplyDelete
  19. මෝඩ බල්ලෙක් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නෙ නැතුව, මොන මඟුලේ යනවද .........

    ReplyDelete
  20. දිල් ලඟත් බලු කතා නෑ...බල්ලන්ට කැමතිත් නෑ...හදලත් නෑ කවදාවත්ම...අනේ පව් බෙන්සන්

    ReplyDelete
  21. වාසගම හෙජස් ද? :) බෙන්සන් ඇන්ඩ් හෙජ්ස් :)

    ReplyDelete
  22. පෝස්ට් එකේ නම දැක්කම පොඩ්ඩක් බයත් හිතුනා.:) ඌව කැමති තැනට ගිහින් දාපු එක නම් හොඳයි.

    "අකමැත්තෙන්, බලෙන්, අමාරුවෙන් රඳවගන්න දේවල් වලින් සතුටක් නෑනෙ.එහෙම රඳවගෙන වැඩකුත් නෑ.. අපිට අයිති නැති දෙයක්නම්, කොහොමත් අපි ලඟ රැදෙන්නෙ නෑ"

    ලකුණු 100/100 යි.

    ReplyDelete
  23. මම ගාවත් ඉන්නව බලූ කෙනෙක්. නම මොලී. කලුම කලුයි. කකුල් දෙකෙන් හිට ගත්තම මට වඩා උසයි.

    අන්තිමට කියපු කතාවටත් මම 100% එකඟයි.

    @විසිතුරු : විජය කුමාරය ල0කාවට එන කොට කුවේණි ගාව ඉඳල තියෙන්නෙත් දේශීය බලුවෙක්.

    @වින්චැට් කිරිල්ලී : අපේ බලුත් එහෙම තාමා. අපේ ගෙදර සෝෆා එකේ දැන් මිනිහෙක්ට වාදි වෙන්න හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  24. @ගිනි කුරුල්ලා- හුරේ!!! අයියා දෙක..:D


    @ වර්ණා- තරඟයක් වගේනෙ..:)ඔයා දෙක.ජය වේවා!!!
    හ්ම්ම්ම්.. ඔව් වර්ණා.අපේ කලින් හිටිය, රැන්ඩියා මැරුණාම අපිට මහා දුකක් ඇති වුනේ..ඒක හරිම අමුතු හැඟීමක්..සතෙක් වුනත් මිනිසුන්ට ළං වුනාම බැදීමක් ඇති වෙනවනෙ.



    @Ice නගා- හික් හික්!!! හරියටම හරි නගෝ.. බල්ලා වුනත්, කොල්ලා වුනත් ඉන්නෙ නැතුව යනවනම් යන්න දෙන්න ඕනෙ...;)

    ReplyDelete
  25. @විසිතුරු - හ්ම්ම්.. ඔව් බෙන්සන්ට අවුරුද්දකට කිට්ටු කරලා නිසා, එයා අපිට හීලෑ වුනේ නෑ එකසැරේටම..හීලෑ වෙලා උන්නු දිහාවටම යැව්වෙ ඒකයි..:)

    ම්ම්... අපි ළඟ ඉස්සර උන්නෙ German Shepard වර්ගයේ හරිම හුරතල්, බල්ලෙක්. එයා අවු.10ක් ඉඳලායි නැති වුනේ..මට තේරෙන කාලෙක ඉස්සෙල්ලාම අපේ ගෙදර ඇති කරපු බල්ලා එයා නිසා, අපි හරිම අදරෙයි. ඒ වර්ගයට කැමතියි. හැබැයි වල් බලු පැට්ව් ත් නරකම නෑ.. බලාගන්න, නඩත්තු කරන්න පහසුයි තමා..


    @වැලිමැඩියා -හ්ම්ම්ම්ම්ම්ම්.... හිතට වැදුනා නම් කමක් නෑ...:)


    @Dinesh අයියා- ඔව්. ඒක තමා අයියා. බෙන්සන් අපිට වඩා එකතු මහප්පාලාට.පුංචිම කාලෙ ගෙනාවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..බෙන්සන් කියලා නම දාලා තිබ්බෙ මහප්පාගෙ දුව..:D

    ReplyDelete
  26. @~~තරූගේ ලෝකය~~;- හිකිස්ස්ස්ස්ස්... මාර වැඩදත් අහනවා අයියේ...:D


    @සයුරි - අනේ ඔව්.. මම හරිම ආසයි බෝලගෙඩි මහත බල්ලොන්ට.. ලොකු වෙනවට වඩා පොඩි කාලෙදි තමා ඉතින් හුරතල්..ලස්සන..
    හික්ස්ස්... ඔව් ඔව්.. එහෙම පැනලා යන බල්ලො තම්න්ගෙ වැඩ කරගෙන ආපහු එනවනෙ.. බෙන්සන් එහෙම නෑ...:/


    @Glimmer Girl- තැන්කූ ගර්ල්!!!! :D

    ReplyDelete
  27. @Raj අයියා- ම්ම්ම්ම්.... හුගක් කිට්ටුවෙන් ආදරේ කරලා හදපු බල්ලෙක් නැති වුනාම හරි දුකයි තමා අයියේ...:(
    හ්ම්ම්... ඔව් නේද?? ඉන්න කොල්ලො මදිවට තව බල්ලොත් ගෙනල්ලා අම්මාට වදේ..:D හැබැයි අම්මාට හිතෙන්න ඇති පස්සෙ කොල්ලොන්ට වඩා බල්ලො කීකරුයි කියලා;) මොකද අපේ ගෙදරත් ඉන්න කොල්ලාට වඩ සමහර වෙලාවට බල්ලා හොඳයි කියලා අම්මා බනිනවා..


    @තනි අලියා -හික්ස්ස්... හයියෝ මල්ලියෝ... එහෙනම් එයත් බෙන්සන්ගෙ ජාතියෙ එක්කෙනෙක් වෙන්න ඇති.. පැනලා යන්නමයි ආසාව..:D


    @මධුරංග අයියා- හිකිස්ස්.... බෙන්සීන් :D ඒක හොඳ බලු කික්කියෙකුට නේද?? ;)
    හ්ම්ම්... අපේ බෙන්සන් කොල්ලාටනම් අපි හරියට නම කිව්වා, එයාට වෙලා තියෙන්නෙ පැනලා යෑමෙ පිස්සුව තද වෙලා

    ReplyDelete
  28. @වින්චැට්කිරිල්ලි. -hayiyO!!!දුක හිතුනා බලු ශොප් එකට දුන්නා කිව්වහම. ඒත් ඉතින් එයාඟෙ දඟ වැඩත් එක්ක බෑනෙ නේද??
    හිකිස්ස්... හිනාත් යනවා හැබැයි..අල්ලපු ගෙදර පූල් එකට පැනලා ගුටි කන්නෙ නැතිව ආවනෙ..???

    සෙල්ලම් වයසට බල්ලො වුනත් එහෙම තමා... ඔය වගේ දඟ වැඩ අපේ රැන්ඩියත් ඉස්සර කලා.හැබැයි ඒ තරම් ම හානියක් වුනේ නෑ..


    @ලොකු පුතා -මමත් ඉස්සරම අකමැතියි.. තාමත් මම බල්ලොන්ට බයයි..උන් ඇඟට පනිනවට, කකුල් ලෙව කනවට මම ආස නෑ...:(


    @කුබුවි -ඔව්.. පණ දාගෙන හෙව්වෙ ඌට කරදරයක් වුණොත් කියලා බයටමයි.. අම්මායි තාත්තායි හරිම ආදරෙයිනෙ...:)

    ReplyDelete
  29. @අසරණයා- ඔව් ඉතින් ගැටගහලා තියාගන්න තිබුණා. ඒත් ඌට නිදහසක් නෑ කියලා අපේ අම්මා යවලනෙ...බෙන්සන් අව්ස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තා:D හ්ම්ම් ඔව් අවුරුද්දකට කිට්ටුයි එයාට..:)


    @ඔබ නොදු‍ටු ලොවක්....- හ්ම්ම්.....:) ඒකනෙ....දැන් බෙන්සන් සතුටින් ඇති... අපිටත් අවුලක් නෑ..


    @Ano -ස්තූතියි!!!!හ්ම්ම්... ඔව්.. ටික දවසක් තියාගත්තනම් පුරුදු වේවි.. ඒත් සම්හර විට ආයෙමත් පැනලා යන්නත් පුළුවන්, නැත්තම් වෙන මොකක්හරි වෙන්න පුළුවන්. ඔව් හරි.. අයිති නැති දේවල් කොහොමත් අහිමි ව්එනවා...

    ReplyDelete
  30. @෴෴සිහින කොදෙව්ව෴෴ -හික් හික්.. අපේ මල්ලිත් කිව්වා ඕකම...:D


    @නිසුපා අක්කි- අන්නාහ්හ්හ් ඔව්.. මාත් ආසයි බෝලෙ වගේ පෙරළි පෙරළි කෙදීරි ගගා ඉන්න චුට්ටන් බලු කුක්කොන්ට..:D


    @දිල් අක්කා- හ්ම්ම්... පවු තමා..:)දිල් අක්කා බල්ලොන්ට අඅස නෑනෙ.. එහෙම අය ඉන්නවා...

    ReplyDelete
  31. @Sabith -හි හි..:) වාසගමක් නෑ...:D


    @Kasun අයියා-හ්ම්ම්ම් බය වෙන නමක් දැම්මා ;) අහ්හ් එච්ච්ර ලකුණු??? ස්තූතියි අයියා :D



    @සමනල් පැටියා- අනේ... ලස්සන නමක් නෙ ඒක..මොලී... ස්වීට් :D

    ReplyDelete
  32. A dog doesn't care if you're rich or poor, big or small, young or old. He doesn't care if you're not smart, not popular, not a good joke-teller, not the best athlete, nor the best-looking person. To your dog, you are the greatest, the smartest, the nicest human being who was ever born. You are his friend and protector.”

    ReplyDelete
  33. ම්ම්ම්ම්.... nice one.. and soo true!!!

    ReplyDelete
  34. ඒ බලු දන්ඩා තව නරක වැඩක් කලා....ඒක ලියන්න බැහැ....ඒ නිසාමයි මට එයාව එපා උනේ...මහ පිස්සු යකෙක්..!!

    ReplyDelete
  35. අපේ අම්මත් අහුලන් ආවා දඩාවතේ යන බල්ලො දෙන්නෙක... උන්නම් ගොඩක් කාලයක් අපිත් එක්ක හිටියා...
    http://arunadeepa.blogspot.com/2011/11/blog-post_15.html

    ReplyDelete
  36. @වින්චැට්කිරිල්ලී- හ්ම්ම්ම්ම්ම්....:D


    @නරකයා- අහ්හ්හ්... එහෙම බල්ලොත් ඉන්නවා

    ReplyDelete
  37. හිහිහී.. බෙන්සන් මිෂන් එක අවසානයේදී සතුටින් ගිය එක ගැන නම් සතුටුයි.. දැනුම් තේරුම් තියෙන බලුපැටව් ආයෙ ඉව දිගේ හොයාගෙන යන්න හදන නිසා තව බෙන්සන් කෙනෙක්ව ගේන්න පුංචි කාලෙම..

    අර අන්තිමට ලියලා තියෙන දේනම් ඇත්ත නංගියෝ.. දම්වැල් දාලා බැදලා තියාගත්තත් යන කෙනා යනවා.. එයාගෙ ආරක්ෂාවට දම්වැල දාගෙන ඉන්න අපිටයි රිදෙන්නෙ..

    එහෙමනම්.. තව පුංචි හුරතෙලෙක් ඉක්මටම නංගියගෙ ගෙදරට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!! ආහ් පෝස්ට් එකකුත් ඕනි හොදේ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් අක්කි බෙන්සන් පැනලා ගියේ එයා අපිට අයිති නැති නිසාමයි!! අලුතෙන් එක්කෙනෙක් දැන් ගෙනාවා.. මම මේකට කමෙන්ට් එක දාද්දි කල් ගත වුනා වැඩියිනෙ..:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....