නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

16 December 2011

෴ අවාසනාව ෴



හිත රිදෙන, දුක හිතෙන
කතා හැම තැනම....
අනේ මම කොහොම මූණ දෙන්නද 
මේ ලෝකෙට.......

ආදරේ කළේ,ආදරේ කරන්නෙ
මම විතරක්ද මන්දා...
මේ හැමෝම බලන්නෙ මගේ දිහාම
පැරදුනේ මං විතරක් නිසාද.....

ඇරඹුමක් නැති, නැවතුමක් නැති
මගේ ආදර කතාවට...
කඳුළු විතරක් උරුම,දුක විතරක්ම හිමි
සත්තයි මගෙ අවාසනාවට...


Post Comment

41 comments:

  1. ආදරය කරන්න, පරදෙන්න හරි ආදරයක් ලබන්න වාසනාව තියෙන්න ඕනා, ඔයා ඒ වාසනාව ලැබුවා.

    ReplyDelete
  2. කවියනම් ලස්සනයි.. උපරිම.. ගීතයකටත් සුදුසුයි.. සරළයි, රසයි

    ReplyDelete
  3. අත්දැකීම් ජීවිතේට ගොඩාක් වටිනවා!

    ReplyDelete
  4. ලස්සනයි.....,දුකයි....,හිතට ආපු ටික වචන වලින් ලියාගන්න බැරුව මම සෑහෙන වෙලා හිටියා...වෙන වෙලාවකම කියන්නම්කො....

    ReplyDelete
  5. තනි අලියා(logout වී සිටිමි!එ්කයි!)December 16, 2011 at 9:27 PM

    හැමෝම කියන්නෙ ඔහොම තමයි. මම විතරයි කියල හිතං හිටියට හැමෝම එකගොඩේ.
    පූසා කියන කතාවත් විශේෂයෙන් සලකා බලන්න.

    ReplyDelete
  6. දුකයි....

    ReplyDelete
  7. කඳුළු හෙලනා
    දුකම දිනයන
    ආදරයට අසිරි ගෙනෙන
    බැව් නුඹට
    දැනුනු දවසට
    ඒ දුකම වාසනාවක්
    වනු ඇති..

    ReplyDelete
  8. "මම විතරයි" ???? බුදු අම්මෝ කියන බොරු..:)
    හැමෝම හැමදාම දිනන්නේ නෑ හිතු..පරදින්නේත් නෑ..

    ලස්සනයි නම් තමයි..එත් ඉතින් ඔහොම දුකෙන් නම් ඉන්න එපා..:(

    ReplyDelete
  9. අනේ මන්ද මේ නංගිලාට මේ දවස් වල මොනවා වෙලාද කියල. දුක හිතෙන දේවල්මයි ලියන්නේ. ඔය පරණ දේවල් අමතක කරලා දාන්න නගෝ. හිත හයිය කරගෙන ඉස්සරහට යන්න.

    හැබැයි නිසදැස නම් ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  10. කියන්න දෙයක් හිතාගන්නත් බැහැ
    ඒත් කවි පබඳුමක් විදිහට ගොඩක් ලස්සනයි....

    ReplyDelete
  11. මං කී සැරයක් නම් අවාසනාවන්ත වෙලා තියේද .ඒ ගැන හිතන්න එපා.

    ReplyDelete
  12. පැරදුණේ ඔයා විතරයි කියල හිතනවනම් හිතූ...මාවත් ඔයාගෙ තනියට තියාගන්න... ජීවිතේ හැම දෙයක්ම ආදරේ නිසා අවුල් කරගත්ත කෙල්ලෙක් මම... :((( මේ මොහොතෙදි පවා ඒක හදාගන්න පුලුවන් වුණත් ඒකට ශක්තියක් නැතුව ලත වෙන බොළඳ මෝටියෙක් මම...

    ReplyDelete
  13. පැරදුනේ ඔයා විතරක් ද?.............දිනපු අය ටිකයි...

    ReplyDelete
  14. //ඇරඹුමක් නැති, නැවතුමක් නැති
    මගේ ආදර කතාවට...
    කඳුළු විතරක් උරුම,දුක විතරක්ම හිමි
    සත්තයි මගෙ අවාසනාවට...//

    මටත් මෙහෙම අනන්තවත් හිතිලා තියෙනවා......
    ඒත් ජීවිතේ කියන්නේ අවාසනාව පරද්දලා, අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගෙන ජීවිතේ ජය ගන්න එක කියලා මම තේරුම් ගත්තා. ඔයාටත් එහෙම හිතුණු දවස ට, ජීවිතේ දුර ගමනක් යන්න පුළුවන් වෙයි....

    ReplyDelete
  15. ලස්සන පද ටික, මුකුත් අවුලක්ද ......

    ReplyDelete
  16. අවාසනාව කියන දේ අමුතු සංකල්පයක් නෙවෙයිනේ. අපි හිතපුදෙයක් ඒ විදියට වුනොත් අපි වාසනාව කියනවා නැත්නම් අවාසනාව..ඔය දෙකම අපිටනේ ඉතින් අනේ

    ReplyDelete
  17. @වර්ණා- අද කොහොමහරි එක නේද??:) හ්ම්ම්ම්... මේක නිකම්ම සිතුවිල්ලක්. හැබැයි මම හැමදාමත් ආදරෙන් පැරදීම විතරක් උරුම කරගත්ත කෙනෙක්..:)


    @මාතලන් -හුගාක් ස්තූතියි අයියෙ අගය කිරීමට..නිකන්ම හිතුණු දෙයක් ඔහේ ලිව්වා..:)


    @පූසා -පූසා ඇත්ත කිව්වෙ, අත්දැකීම් වටිනවා තමා. ඒත් දුක්බර අත්දැකීම් විතරක් එක පිට එක පිට ජීවිතේට ලැබෙනවට මම අක්මැතියි..:(

    ReplyDelete
  18. @~~තරූගේ ලෝකය~~;- හ්ම්ම්ම්ම්ම්..... අනේ මංදා අයියා.. මටත් හිතාගන්න බෑ...


    @තනි අලියා- හ්ම්ම්...හැමෝම එක ගොඩේද මංදා...ඒත් දුක දැනෙන්නෙ විඳවන කෙනාට..පූසා හරි..


    @Ano-හ්ම්ම්ම්ම්ම්ම්ම් :(

    ReplyDelete
  19. @රූ.... - දුකක් දුටු දා,
    පැමිණ මෙලෙසින්...
    තබා සෙනෙහසින් සටහනක්,
    දුන්නු දිරියට පුදමි තුති මම
    හද උපන් අපරිමිත සෙනෙහසින්....

    @ගිනි කුරුල්ලා -හ්ම්ම්.... වෙන්න ඇති.. දුකින් නෑ මම. නිකමට වගේ පින්තූරයට ලිව්වෙ..:) ස්තූතියි අයියා.


    @Kasun අයියා-හ්ම්ම්.. නංගිලා දුකින්, අයියාල සතුටින් නම් හොඳයි..:) අපිටත් සංතෝසයි...
    නිකමට ලිව්වෙ අයියේ.. අතීතය අමතක කරන්න බෑ.. මතක් නොකරයි මම ඉන්නෙ.:)ස්තූතියි අයියාටත්.

    ReplyDelete
  20. @ලොකු පුතා -ස්තූතියි සහෝ..:)


    @අසරණයා- හ්ම්ම්ම්...හිතන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි..


    @මකුළු පැංචි අක්කා- හ්ම්ම්... අනේ මංදා මම එහෙම හිතන්නෙ නෑ.. අක්කා ගැන දන්න තරමට අක්කා මට සාපේක්ෂවනම් දිනුම් කණුවක් ළඟ ඉන්නෙ.ජිවිතේ භාගෙකට වඩා දිනලා ඉන්නෙ මම හිතන්නෙ...:)

    ReplyDelete
  21. @වින්චැට්කිරිල්ලි. -හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...


    @මහි -එහෙම මටත් හිතිලානම් තියෙන්වා.ඒත් හිත දුක්බර දේවල් වලට ඉක්මණටම සැළෙනවනෙ..:(


    @පන්සල් හංදිය- ස්තූතියි අයියා..:) අවුලක්ම නෑ...;)

    ReplyDelete
  22. @Janaranga අයියා -හ්ම්ම්ම් ඇත්ත තමා...:(

    @විසිතුරු- හ්ම්ම්ම්ම් හ්ම්ම්..:(

    ReplyDelete
  23. samahara velavata avasanava vasanavak venna puluvan akkiyo..

    ReplyDelete
  24. අපි ආදරය කෙරුව ඒ අතීතය මතක් වෙද්දි අපිට ලොකු දුකක් දැනෙනව.මතක තැන්වලින් ආයෙත් යද්දි,සමහර සින්ඳු ඇහෙද්දි අපිට ඒ පහුගිය අතීතය ආයෙත් මතක් වෙනව.ඒක හරිනේද​?
    වර්ණා කියල තිබ්බ වගේ ඔයා අවාසනාවන්ත නැහැ යාලු.
    කවියනම් ඇත්තටම හරි ලස්සනයි.ස්.සංවේදියි.

    ReplyDelete
  25. ලස්සන කවි පෙලක් දකිකින්න මං පරක්කු වෙලාන්නෙ ඇවිත් තියෙන්නේ.. අපූරුයි හිතූ...

    ReplyDelete
  26. ලස්සන කවි පෙලක් ..

    හැමදාම දිනාපු අය නෑ නේ .

    ReplyDelete
  27. මගෙත් මුල්ම අත්දැකීම ඔය වගේ , පස්සේ හිතුනේ ඒක උනේ මගේ වාසනාවට කියලා...

    ReplyDelete
  28. ටිකෙන් ටික ටිකෙන් ටික. Oba ආවද මේ තරම් දුර.. කටින් කට කටින් කට..ලෝකය දැනගෙන Obe ගැන... විටින් විට විටින් විට සමහරු Oba ගැන ගෙතු පද... එකක් හැර එකක් හැර ජයගත්තා අද Obe ලොව.... අම්මලාට දුන්නාදෝ කඳුළු කෝටියක්‌.... තාත්තලා හැන්ගුවාද මදුවිතෙහි දුකක්.... කොනක ඉඳන් බලන ඉන්නේ.යාළුවෝ කැලක්. පොත් මිටියත් මල් කළඹක් වුවා අද... ඔබේ දෑතේ.... රන් මුදුවක් දිදුලන දිනය වැඩි ඈතක නම් නොවේ සොයුරිය

    ReplyDelete
  29. ගොඩක් අයගේ අත්දැකීමක් ..... දුලබ දෙයක් ගැන ලියනවට වඩා සුලබ දෙයක් ගැන ලියන එක අමාරුයි. අක්කි ලස්සනට ලියල තියෙනවා.:)

    ReplyDelete
  30. ජීවිතේ කවදාවත් අපට අපි කැමති දේවල්ම හැම වෙලේම ලැබෙන්නේ නෑනෙ අක්කි..මාත් කාලයක් ආදරේ තමා ජීවිතේ කියල හිතන් හිටපු කෙල්ලෙක්.. එහෙම කියල ඉතින් හැමදාම අඬන්න බෑනෙ නේ.. හ්ම්ම්ම්ම්ම්.... හිතට වදින ලස්සන නිසැදසක් හිතු අක්කෙ....

    ReplyDelete
  31. Ano2 - හ්ම්ම්ම් වෙන්න පුළුවන් නංගෝ...:)


    @සිහින මතකයන් - ඔව්.. ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට අතීතය අමතක කරලා දාන්න අමාරුයි තමයි...
    ස්තූතියි යාලූ!!!


    @Dinesh අයියා- ස්තූතියි අයියා. පරක්කු වෙලා හරි ආවනෙ...:)

    ReplyDelete
  32. @හිස් අහස(සදරු අයියා) - හ්ම්ම්... හැමදාම හැමෝම දිනන්නෙ නෑ..හැබැයි දිගින් දිගටම පරදින අයත් අඩු ඇති නේද???
    ස්තූතියි අයියේ..


    @ඔබ නොදු‍ටු ලොවක්..... - හ්ම්ම්.... කොහොමහරි අද වෙදිදි ඔයා වාසනාවන්තයිනෙ..:D


    @Sihina -අපූරුයි සිතුවිල්ල සහෝ.... නියමයි...:D
    //ඔබේ දෑතේ.... රන් මුදුවක් දිදුලන දිනය වැඩි ඈතක නම් නොවේ සොයුරිය//
    හ්ම්ම්ම්.... බලගෙන ඉන්න ඕනෙ..

    ReplyDelete
  33. @Ice නගා- හ්ම්ම්... දුලබ දෙයක් නම් නෙවෙයි තමා.. ස්තූතියි නගෝ...:D


    @Shani නංගා- හ්ම්ම්.. ඔව්..හැම කෙල්ලෙක්ම ජීවිතේ එකම එක සැඅරයක් හරි, ආදරේ කියන්නෙ ජිවිතේමයි කියලා හිතන්වා...මම ඔයා වගේ තව හුගාක් කෙල්ලො..ඒ නිසා දුක උරුම කරගන්නවා..

    අද නංගා සතුටින් නම් හොදයි!! ජය වේවා!! ස්තූතියි නගෝ :)

    ReplyDelete
  34. පද පේලි ටිකනම් ලස්සනයි. ඒත් පැරදුනේ ඔයා විතරක් කියලා හිතන්න එපා. මමත් ඕන තරම් පැරදිලා තියෙනවා. එක පාරක් එහෙම නෙමෙයි පැරදිලා තියෙන්නෙත්..

    ReplyDelete
  35. ඉතිහාසෙ ගත්තොත් මේ ලෝකෙ ගොඩාක්ම ලස්සන ආදර කතා ඉවර වෙලා තියෙන්නෙ කඳුළින්..

    ReplyDelete
  36. @රහස් පරික්ෂකයා - ස්තූතියි!!! ස්තූතියි!!!


    @සමනල් පැටියා -හ්ම්ම්... මේක සිතුවිල්ලක් දැනට පහල වුනු.. හැබැයි මමත් පැරදුණු කෙනෙක්.. හුඟාක් දේවල් වලින්..:)
    දෙවෙනියට කිව්ව කතාව එක්ක එකඟයි.. හුඟාක් ප්‍රේම ක්ථා ඉවර වෙලා තිබුණේ කදූළින්..

    ReplyDelete
  37. හැම ආදර කතාවටම සතුටු හිතෙන අවසානයක්වත් සතුටු හිතෙන ගලායාමක් නෑ. දුක හිතෙන එවුවත් තියෙනවා. ඒත් අපේ නංගිටම මෙහෙම උන එක දුකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. :( ස්තූතියි අයියා...අපි බලමුකෝ වාසනාව අවාසනාව..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....