නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

20 December 2011

- අදින් පසු මියේවී අපේ ඒ කතා -


ඔය ඇස් දිහා බලාගෙන මම කොහොම වෙන්වෙලා යන්නද?හිත හිරිවැටිලා, හුස්ම හිරවෙලා, මට මාවත් නැති වේවී.ඔය හිතත් එක්ක බැඳුනු මගේ මොළකැටි හිතට මේ සමුගැන්ම දරාගන්න බෑ .හමුවුනොත් දවසක වෙන් වෙන්න වන බව ඇත්ත.

අනේ.. ඒත් කොහොම හිත හදාගන්නද මං? නොහිතනා මොහොතක, ඔය ඇස් එක්ක මගේ මේ ගණුදෙනුව සදහටම ඉවරයක් කරන්න, හයියක් නෑ මේ හිතට. ඒත්, අදින් පස්සෙ අපේ ඒ හැම කතාවක්ම වැළලිලා යාවී.මහ පොලෝව යට මිහිදන් වෙන මළ කඳක් වගේ,අපේ ආදරේ මළගමත් සැඟවිලා යාවි.

මේ ආදර මළගම රැකගන්න, හඬන්න නම් එපා.ඔය ඇස් වල කඳුළු දකින්න මට නම් බෑ..ඔව් සත්තයි. මට බෑ ඔය කඳුළු දැක දැක සමුගන්න.හඬන්න අවැසි නෑ අපිට.. හඬන්න ඕනෙ නෑ..මේ අවසානයක් නෙවෙයි. තවත් එක් ආරම්භයක් විතරයි.ජීවිතේ තව හුඟාක් දිගයි.දන්නවද ඔයා? හැම පැරදිච්ච මිනිහෙක්ටම දිනන්න අවස්ථාවක් මැවෙනවාලු.විශ්වාස කරන්න රත්තරං. මේ අවසානයක් නෙවෙයි....

අපේ ඈත් බව මොනතරම් කටුකද? දුකද?දරාගන්න බැරි හැඟීම් පොකුරක අවසානය දුකම විතරයි නේද?මේ තරම් දුරක් ආවෙ නවතින්න බව දන්නවනම්, ඔය හිතට මේ තරම් ගින්නක් දෙන්න හිතන්නෙ නෑ මම.අතීතය මතක් වෙද්දි ඇස් වලට උනන කඳුළු මටම අවනත නෑ.අපි ආ ගිය තැන්, ආදරෙන් බැඳුණු තැන් පාළු වෙලා යාවී.මහා සාගරයක් තරම් අනන්ත, අප්‍රමාණ, ගැඹුරු ආදරයක් හිතේ තිබුණත්, අපි අසරණයි අද.කාලය අපිට හරස් වෙලා.අනේ.. මොකට හිමි වුනාද මට මේ අහිමි ආදරේ? අපිට අපි අහිමි වෙන්න මොකට මට ඔයාව හිමි වුනාද දෙයියනේ...

හෙටින් පස්සෙ, මට ඔය හිත ගැන හිතන්නවත් අයිතියක් නැතිවේවී.. ඔව්..., මගේ හීන ලෝකෙදිවත් ඔයා ගැන හිතන්න, ඔයාට ආදරේ කරන්න, ඔයාව මතක් කරන්න තියන අයිතිය, මට අහිමි වෙනවා.හිතේ ගුලි වෙච්ච පුංචිම පැතුමකටවත් හෙටින් පස්සෙ ඉඩක් නෑ...ඒ හෙට දවස ගැන,හෙට දවසට අයිති ඒ හැඟීම ගැන මතක් වෙද්දිත් බයයි. මහ ගොඩාක් දුකයි.හෙට උරුම වෙන ඒ දුකට , මගේ හිත පාවඩ එලලා හමාරයි.ජීවිතේ පාළු මූසල සොහොන් බිමක් වෙන ඒ හෙට දවසට මම ලෑස්තියි.

මේ ලෝකෙ මම දිනාගත්ත වටිනාම වස්තුවක් ඔයා. ඒත් හෙට.... මගේ වටිනාම වස්තුව ගැන මට හිතන්න තියන අයිතියත් නැති වෙනවා. ජිවිතේ දුකක්.. ඔව්. මහා දුකක්. මම විඳවන්නම්. මම දරාගන්නම්.. මම ඉවසන්නම්..ඔයා ඈත් වෙලා ගියාට පස්සෙ,තවත් දිනන්න නම් කිසි දෙයක් මට ඉතිරි වෙලා නෑ මේ ලෝකේ..ඔව්. මම පැරදිලා ඉවරයි..ඔයා අහිමි වුනු මේ ලෝකෙ , මට දිනාගන්න තවත් දෙයක් නෑ....



නෙතින් නෙත බලාලා.. සිතේ දුක නිවා..
අදින් පසු මියේවී.. අපේ ඒ කතා..
රකින්නට සෙනේහේ ..හඬන්නට එපා..
නිමාවක් නොවේ මේ.. ඇරඹුමක් නිසා..


ඈත් බව දැනීලා ..ඔබේ හා මගේ..
දුරක් ආ නිසා ..දැන් දුකක් ඒ වගේ..
මහා සාගරේ සේ ..තිබුනත් සිතේ..
කුමට හිමි වුනාදෝ..අහිමි ආදරේ..


පතන්නට පවා මා ..වරම් අහිමි වූ..
හැඟීමත් රිදුම් දේ.. හෙටට උරැම වූ..
දිනන්නට කිසිත් නෑ.. ලොවේ මින් මතූ..
මගෙන් ඔබ ඈත් වී ගියයින් පසූ....






ගායනය - රෝහණ බෝගොඩ

Post Comment

33 comments:

  1. වැඩිය ඇහෙන්නේ නැති වුණත් රෝහණ බෝගොඩ ගේ සින්දු හරිම ලස්සනයි... :)))
    මං ආසම 'දිලි දිලි නිවෙනා' කියලා සින්දුවක් තියෙනවා ඒකට...
    මේ සින්දුවත් ගොඩක් ලස්සනයි අක්කෝ..

    ReplyDelete
  2. හ්ම්ම් ආදරේ මෙච්චර දුකක් වෙනවද කියලා වෙලාවකට හිතාගන්නවත් බැහැ. ඇයි මේ බැදීම් ලිහෙන්න නම ඇති වුනේ.
    මේ සින්දුව මගේ ජීවිතේට ගොඩාක් සමීපයි.

    ReplyDelete
  3. ලඟ තියාගන්ඩ බැරිදේවල්..කවදාවත් තියාගන්ඩ උත්සහ කරන්ඩ එපා...ඒක නෙවෙයි ආදරේ කියන්නේ...යන්ඩ දෙන්ඩ..දැන් ලොකේ නැවතිලා කියල හිතුනත්..තව ටික කාලෙකින් ආපහු ලොකේ හෙමිහිට දුවන්ඩ ගනි...ජිවිතේ හැටි ඔහොමයි...

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්... අහිමි ආදරේ නම් හැමදා දුකක් තමයි.............

    ReplyDelete
  5. වෙන කවුරුවත් අපේ නෙවේ...අපිත් අපේ නෙවේ.........

    ReplyDelete
  6. අම්මෝ මේ සින්දුවක් නේ.:) මම හිතුවේ වෙන දෙයක්. මාත් වැඩිය අහලම නෑ මේ සින්දුව. තනුව වගේම පදත් ලස්සනයි.

    ReplyDelete
  7. ආදරේ කියන්නේ කොහොමටත් දුකත් එක්ක බොහොම සමීපව ගලාගෙන යන හැඟීමක්...

    නව රිද්ම සින්දුවට වැඩිය පරණ සින්දුව ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  8. අක්කියා මෙහෙම කියනවටනං ෂමාවෙන්න ඔ්න

    කට්ටිය කොරනවා, කරල වෙන්වෙනවා, ඊට පස්සෙ හොටු පෙරාන අඬනව, එ් දිහා බලාන අනිත් අය අාදරේ සුන්දරයි අරකයි මේකයි කියනව..... අනේ මන්ද!

    ReplyDelete
  9. කිසිමදෙයක් සුන්දර නැත එහෙත් හිතනතරම් අසුන්දරමද නැත

    ReplyDelete
  10. ඔය ඇස් අමතක වෙන්න නම්...
    මගේ ඇස් පිය වෙන්න වෙයි...

    ReplyDelete
  11. හ්ම්....මේ අවසානයක් නෙවෙයි....ඒ හින්දා එක දෙයක් අහිමි වුණු තවත් බොහෝ දේවල් ලබාගත යුතු ; ලබාගත හැකි මේ ජීවිතේට අළුතෙන් ලෑස්ති වෙන්න..අළුත් වෙන්න...F5 ඔබන්න ජීවිතේට....!!!

    ReplyDelete
  12. හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා කියලා කතාවක් තියෙනවා නංගි.
    මම මේ සිංදුව නම් අහලම නෑ. දැනගත්තෙත් මේ බ්ලොග් එකෙන්මයි. :)

    ReplyDelete
  13. හ්ම්ම්...අනේ මන්දා....ඔයාටත් ඔහොම දෙයක් ඇත්තටම වෙලා තියේද හිතූ???? කොහොම ඉවසන්නද??
    ආදරය වැළලිලා නොගියත් මගේ පුංචි සුරංගනාවිත් ඉන්නේ මගෙන් ගොඩක් ඈත..මම මාතර..එය අනුරාධපුර..
    දුක තමයි..එත් ඉතින් මාත් අතාරියේ නෑ..කොහොම හරි බලන්න යනවා.. :)

    සිංදුව නියමයි නංගියෝ..මාත් ආසයි..තේරුමට..

    ReplyDelete
  14. හැම හමුවීමක් ලගම වෙන්වීමක්...

    ReplyDelete
  15. රෝහණ බෝගොඩ මාවත් ගොඩ දැම්මා කාලයක්...දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා කියලා,පස්සේ මම බෝගොඩව ගොඩ දැම්මා මේක කියලා......"සබ්බේ නදී වංකගථා"

    ReplyDelete
  16. ආදරේ කියන්නෙ අන්තිමට දුකක් තමා බැලුවාම ....

    ReplyDelete
  17. ඔයා අහිමි වුනු මේ ලෝකෙ , මට දිනාගන්න තවත් දෙයක් නෑ....කියලා නෙවෙයි හිතන්න ඕන ඔයත් අහිමි මේ ලෝකේ මං අනිවාර්යයෙන්ම දිනන්න ඕන කියලා. මං ඔහොම හිතන්න පුරැදු වුනේ දිල් අක්කා මං වෙනුවෙන් කාලය වැයකගෙන කියපු වචන වලින් පස්සේ.

    ReplyDelete
  18. මන් මුකුත් කියන්නෙ නෑ... මන් අමාරුවෙන් හිත හදාගන්නවා.. මෙයා අඩවනවා..!

    ReplyDelete
  19. කල්හාර අයියාට 10න් 10යි... ඒක ඇත්ත... මමත් මේක නම් අහලාම නැ.. කොහොම උනත් එහෙමයි කියලා හිතේනවාකල්හාර අයියාට 10න් 10යි... ඒක ඇත්ත... මමත් මේක නම් අහලාම නැ.. කොහොම උනත් එහෙමයි කියලා හිතේනවා

    ReplyDelete
  20. ආදරය කරන්න ආදරය හිමි වෙන්නම ඔනද?

    එක්තර ගැහැනු මනුෂ්‍යෙක් තමන් ප්‍රේම කල පිරිමි මනුෂ්‍යයා
    හා විවාහ උනා. ඇය කැමති උනේ නැහැ තමන් ප්‍රේම කරන පිරිමියාට
    තමන් හැර වෙන කිසිවෙක් ලන්වෙනවට-කිසිවෙකු ප්‍රේම කරනවට. එය කොතෙක්
    දරුනු වුවාද යත් මේ පුරුශයාගේ මව ඔහුට ලන්වෙනවට ආදරය කරනවට වගේම
    තමන්ගේ දෙමව්පියෝ ලන්වෙනවට පවා ඇය අකමැති උනා ඇයම ප්‍රකාශ කලේ දරුනු විදිහට ඇයට ඒක රිදීමක් කියලා. මේ මානසික අවුල කෙනෙකුට අසාමන්්‍ය ප්‍රේමයක් කියලත් නම් කරන්න පුලුවන්. එත් ඒ සම්බන්දය නීරෝගී සම්බන්දයක් නොවන නිසාම ඇයව හිතවතුන් විසින් ප්‍රතිකාර ගන්න හිතුවතුන් විසින් පෙළෙබවුවා.

    " අහිමි ප්‍රේමය අමරනීයයි. හිමි ප්‍රේමය මරනීයයි."

    ප/ළි (මෙය මාගේ ලිපියක් නොවන අතර සිරිමලී ලියනගමගේ "" ගැහැනු පරායත්තාව ලිපි පෙල ඇසුරිනි)

    ReplyDelete
  21. @Ice නගා- හ්ම්ම්.. ඔව් පරණ ලස්සන සිංදු තියෙනවා ඇහෙන්නෙ නෑ..මම ඒ සිංදුවත් අහලා ඇති. ඒත් මතකෙට එන්නෙ නෑ...


    @වර්ණා -හ්ම්ම්ම් මටත් එහෙම හිතෙනවා වෙලාවකට, බැදීම් මොකටද ලිහෙන්නම ඇතිවෙන්නෙ කියලා. බුද්ධාගමට අනුව ඕක හරි ලස්සනට පැහැදිලි කරලා තියනවා.හ්ම්ම්.. හරිම දුක හිතෙන සිංදුවක්..

    ReplyDelete
  22. Raj අයියා- හ්ම්ම්ම්ම්ම්ම්.. හරියට හරි අයියා. මීට කාලයක් උඩදි මටත් හිතුනා ලෝකෙම නැවතිලා කියලා, ඒත් දැන් හිතෙනවා ලෝකෙම කැඅරකෙනවා, මම එකම තැන නේද කියලා, තව ටික කාලෙකින් මමත් දුරක් ඇවිත් නේද කියලා හිතෙයි..:)


    @මහි - හිමි ආදරෙත් දුකක්ම තමා කෙල්ලෙ..:)

    ReplyDelete
  23. @වින්චැට්කිරිල්ලි. -හ්ම්ම්ම් කිසිම දෙයක් අපිට අයිති නෑ.....


    @Kasun අයියා- ඔව් ඔව්. සිංදුවක් ඇයි මොකෝ හිතුවෙ??? හ්ම්ම්ම් ලස්සනයි තමා.. ස්තූතියි අයියට

    ReplyDelete
  24. @ලොකු පුතා- හ්ම්ම්.. ඔව් පරණ සිංදු හුඟාක් ලස්සනයි.. නව පරපුරේ ඒවාට සාපේක්ෂව


    @තනි අලිය- හ්ම්ම්.. ආදරේ සුන්දර්යි වගේම හුඟාක් අසුන්දරත් වෙන අවස්ථා ඇත.

    ReplyDelete
  25. @අසරණයා- ඇත්ත. හැම දෙයකම දෙපැත්තක් තියෙනවනෙ..:)


    @මාතලන් -ම්ම්ම්ම්... මම තවත් ආසම කරන සින්දුවක් :)

    ReplyDelete
  26. @~~තරූගේ ලෝකය~~; - හුරේ ඔන්න F5 ඔබලා ලෑස්ති වෙන්න අලුත් ජීවිතේකට..


    @මධුරංග අයියා- අයියා අද හරි සිංදුව ඇහුවනෙ.. සතුටුයි!!!!

    ReplyDelete
  27. @ගිනි කුරුල්ලා- මොකද නැත්තෙ අයියෙ.. ආදරේ දුක මම හොඳට විඳලා තියෙනවා..:)

    හ්ම්ම්.. හොද කොල්ලෙක්නෙ.. දිගටම කෙල්ල බලන්න යන්න.. වාසනාවන්ත අනාගතයක් පතනවා.. ජය වේවා අයියට!!!


    @Dinesh අයියා- හරියට එකම කාසියක දෙපැත්ත වගේ...

    ReplyDelete
  28. ඔබ නොදු‍ටු ලොවක්..- ශා මරුනෙ :D කොහොමහරි දෙන්නම ගොඩ නෙ ;)


    @පන්සල් හංදිය -ආයෙත් අහලා අයියෙ.. දුකම කොයිතරම් මිහිරක්දෝ කියලා විදින්න හෝ විඳවන්නයි තියෙන්නෙ

    ReplyDelete
  29. ස්තුතියි නංගියෝ...ආදරේ කියන්නේ දුකක් තමයි..එක එක වෙලාවට එක එක විදියයි..හරි පුදුම හැඟීමක්..

    ReplyDelete
  30. @බට්ටි -මම එහෙම තමා ඉන්නෙ යාලු..:) මේක සිංදුවකට නිකමට ලිව්ව එකක්..:)


    @රහස් පරික්ෂකයා -සමාවෙන්න ඕනෙ.. අඬවන්න හිතාගෙන ලිව්වෙ නෑ...

    ReplyDelete
  31. දේවා අයියා-හ්ම්ම්ම් මාත් එකඟයි ඉතින්...



    @sihina-" අහිමි ප්‍රේමය අමරනීයයි. හිමි ප්‍රේමය මරනීයයි." මරු කියමනක්... ඇත්තක් තියෙනවා

    ReplyDelete
  32. තවත් එක් ආදර කතාවක අවසානයද මේ..?? ආදරය හරිම පුදුමයි කියල තමා මටත් හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... ආදරේ පුදුමයි නේන්නම් සහෝ!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....