නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

24 December 2011

නැති දා අගේ ඇති ලංගම !!!!!


හම්මෝ!!!! අද හොඳ දවසක්නෙ. නිවාඩු දවසක් හින්දා ආසාවට ටිකක් වැඩිපුර නිදාගෙන නැගිට්ටා. වැඩ කටයුතු කීපයක් නිසා එළියට යන්න අදහසකුත් තිබුණා.ඒත් උදෙන්ම අහන්න ලැබුනෙ අප්සට් ආරංචියක්නෙ.ඒ තමා අද බස්නාහිර පළාතෙ ප්‍රයිවට් බස් වර්ජනයක් කියන ආරංචිය. නිකමටත් බස් නැති අපේ පාරෙ නම් ඔහොම වෙලාවකදි කොහොමත් බස් නැති වෙන්න ඕනෙ.මොනා කරන්නද, නොගිහිනුත් බෑ...ඕනෙ එකක් වෙච්චාවෙ කියලා හිතාගෙන ලෑස්ති වුනා. බස් නැති වුනොත් නොගිහින් හැරිල එනවා කියලා හිතාගෙන මාත් ලෑස්ති වුණා. 

ගෙදර ඉඳගෙන ටවුන් එකට, එක බස් එකකින් ගිහින්, එතනින් නුගේගොඩට යන්න බස් එකක් අල්ලගන්න ඕනෙ.අම්මෝ...ඔක්කොමත් හරි. ටවුන් එකට යාගන්න බස් එකක් අල්ලගන්න එකනෙ තියන අමාරුව.ලංගම බස් එකක් දෙකක් උදේ ඉඳන් පාරෙ යනවා දැක්කා.ඒත් මම හෝල්ට් එකට ගිහින් පැය කාලක් විතර ගියා, බස් එකක් ආවෙ නෑ..අම්මා කියලා තියෙන්නෙ ෆුට් බෝඩ් නම් යන්න එපා කියලයි.ඒත් මම කොහොමටත් උදේට ගේ ලඟ ඉදන් ටවුන් එකට යන බස් එකේ යන්නෙ ෆුට් බෝඩ් වගේ තමා ;) (නිකන් ද මගේ නම හිතුවක්කාරී කියන්නෙ)

ඔන්න පැය කාලකුත් ඊට විනාඩි දෙක තුනකිනුත් විතර පස්සෙ ලංගම බස් එකක් බොහොම අමාරුවෙන් එනවා පෙනුණා අද්ද අද්ද, බොහොම අමාරුවෙන්.බස් එක පැත්තකට ඇලවෙලා, ෆුට් බෝඩ් එක පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා. සෙනඟ වැඩිකමට බස් එක නවත්වන්නෙ නැතිව යයි කියලා බය හිතිලා,මම විගහට පාරට පැනලා අත දැම්මා.මගේ වෙලාව හොදයි. බස් එක නැවැත්තුවා.:D හැබැයි සෙනඟ ගොඩක් මම නැගපු හෝල්ට් එකෙන් බැස්සා. ඒත් නගින්නත් ඒ හා සමානම සෙනඟ ගොඩාක් උන්නු නිසා, මම කලබලේට ,ඉක්මණින්ම නැගගන්න ට්‍රයි එකක් දුන්නා.මොකද ඉතිං  අද කාලෙ ෆුට් බෝඩ් යන්නෙ බහුතරයක් ගෑණු උදවියනෙ.;) පිරිමි උදවියනෙ, ගෑණූ උදවියත් පෙරළගෙන බස් එකට නගින්නෙ.ඒ නිසා මමත් බස් එක අද්දාවී කියන බයට නගින්න හදිස්සි වුණා.ලැජ්ජාවේ, සංතෝසේ බෑ,  ෆුට් බෝඩ්  එකේ හිටිය අයියා කෙනෙක් "නංගි කලබල වෙන්නෙපා, මම බැහැලා හරි ඔයාව නග්ගලා යවනවා.හිමින් නගින්න.." කියලා හරි අපූරු කතාවක් කිව්වා.නෝන්ඩිද මංදා.^_^ ඒත් මොනා කරන්නද? බස් එක දාලා ගියාම මම එපැයි කට්ට කන්න තව පැයක් විතර. ඒකනෙ විගහට නැග්ගෙ.එයාට නම් මොකෝ.එලිළිලා යන්න පුළුවන් නෙ.

අමාරුවෙන් හිර වෙවී, තෙරපි තෙරපි යන ගමන්ම ,යන්තම් ගමන් වියදමට තියන සීයෙ කොළ දෙක තුන දාපු පර්ස් එකයි,මගේ අසරණ දුප්පත් ෆෝන් රාජයයි පරිස්සම් කරගන්න එපැයි.එහාට තල්ලු වෙනවා, මෙහාට තල්ලු වෙනවා, අද වගේ දවසක එහෙම ඔරවලා බලන්නත් බෑනෙ මිනිස්සුන්ට(පිරිමි අයට) . උවමනාවෙන් ඇඟට එනවා නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. (වෙනදට නම් යන්තම් ඇඟේ ගෑවී නොගෑවී ගියත් යන්තමට ඔරවලා බලන එකනෙ.) අද බස් නැති නිසා කොයි කවුරුත් අපහසුතාවට ලක් වෙලයි හිටියෙ.

කොහොමෙන් කොහොමෙන් හරි දෙයියනේ කියලා ටවුන් එකට ආවා. දැන් ඊලඟ අමාරු වැඩේ එතනින් නුගේගොඩට යාගන්න බස් එකක් අල්ලගන්න එක.ඩිපෝවෙන් ලංගම බස් ගොඩක් පාරට දාලා තිබුණා.මේ උත්සව කාලෙ , පාරෙ නිතරම සෙනඟ ගැවසෙන කාලෙ ,මිනිස්සු අපහසුතාවයට ලක්වීම වලක්වන්න ලංගම බස් යොදවලා තිබුණා.ඒ නිසාම මටත් ටවුන් එකෙන් නුගේගොඩට යන්න බස් එකකට නැගගන්න ඒ තරම් අමාරු වුනේ නෑ..

බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා කොන්දොස්තර අයියා කෑගහන්නෙ "මාරු සල්ලි දෙන්න !! මාරු සල්ලි දෙන්න !!" කියලා. මාරු සල්ලි නොදී කතන්දර අහගන්න ඕනෙ නෑනෙ කියලා හිතල මාත් මාරු සල්ලි වලින්ම සල්ලි දීලා ටිකට් එක ගත්තා.ඔය අතරේ ,උජාරුවට ඇඳ පැළඳගෙන ,බොහොම සැපපහසුවට වාඩි වෙලා යන අංකල් කෙනෙක් ටිකට් ගත්තා. කොන්දොස්තර එයාට ඉතුරු රුපියලක් නොදී ටිකට් එක දුන්නා කියලා ,මේ මනුස්සයා  රුපියල ඉල්ලලාම නහින්න යනවා.:/ කෑගහනවා.මටනම් තරහත් ආවා.අද වගේ දවසක , මේ බස් නැති වෙලා තියන වෙලේ රුපියලකට නහින්න යන හැටි.අන්තිමේදී කොන්දා අයියා අතේ සල්ලි ටික පෙන්නලා "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ දෙන්නම් දෙන්නම්, රුපියලට දෙකක් දෙන්නම්, මාරු තිබ්බෙ නෑ.අද වගේ දවසකත් ඔයාලා රණ්ඩුවට එනවනෙ " කිව්වා.

තව ටික දුරක් යද්දි ඇන්ටි කෙනෙක් බෙරිහන් දෙන්න පටන් ගත්තා "බහිනවා බහිනවා" කියලා. හැබැයි හෝල්ට් එක පහු වුනාට පස්සෙයි කෑගහන්න ගත්තෙ.අන්තිමට ඒකටත් ඇන්ටි බැනලා ගියේ ඩ්‍රයිවර් ටයි, කොන්දොස්තරටයි. :D 
අවසානෙදි කොහොම හරි මට, මගේ වැඩකටයුතු ටික කරගන්න නුගේගොඩට එන්න අවස්ථාව හම්බුනා ලංගමට පින් සිද්ධ වෙන්න.

කොහොම වුනත් මටනම් ලංගම බස් , අද දවසෙ , ඒ වෙලාවෙ හැටියට හරිම වටිනවා කියල දැනුනා. ඒවත් නොතිබ්බනම් කාගෙ කාගෙත් කිසිම වැඩක් කරගන්න එළියට බැහැලා යන්න වෙන්නෙ නෑනෙ.කොහොමටත් දුප්පතාගෙ, පෝසතාගෙ , පංති බේදයකින් තොරව කොයි කාගෙත් පොදු වාහනය බස් එකනෙ.මේ වගේ කාලෙකදි,විශේෂයෙන්ම උත්සව කාලෙදි බස් වර්ජනයක් වුනාම හුඟාක් අපහසුවට පත් වෙන්න සිද්ධ වෙනවා.එහෙම අවස්ථාවකදි ගැටළු ඇති නොවෙන විදියට හැසිරෙන්න, වැඩ කරන්න මිනිස්සුත් ටිකක් කල්පනාකාරී වෙන්න ඕනෙ කියලයි මට හිතුණේ. 

මොනා වුනත් තියන දා අගේ නැති, නැතිදා අගේ ඇති ලංගම ට ජය වේවා!!!!! :D :D

Post Comment

34 comments:

  1. ලංගමය අගේ කරපු එක ගැන සන්තෝසයි අපි කවදාවත් හොඳක් කියන්නේ නැහැ නේ ලංගමයට.අල්ලන අල්ලන තැන වල කුණු නේ

    ReplyDelete
  2. ලංගමං සරණං අරං

    ReplyDelete
  3. අම්මේ.....මමත් අද කරන්න තිබුණු වැඩ රාජකාරි බොහොමයක් කරගත්තේ ලංගම ට පින්සිද්ධ වෙන්න තමයි....
    ලංගම ට ජය වේවා!!!!! :D :D

    ReplyDelete
  4. මම නම් පාරකට බැස්සම මුලින්ම බලන්නේ කොහොමහරි ලංගමයක යන්න. මොකද ප්‍රයිවට් ඒවා වගේ යෑ ලංගම එවුවා. ගානත් ෂේප් ඒ වගේම වෙලාවට ගමනත් යන්න පුලුවන්. මොකද ප්‍රයිවට් ඒවා වගේ කෑලි අහුල අහුල යන්නේ නෑනේ. :)

    ReplyDelete
  5. මට නම් මුණ ගැහුනා හොඳ කොන්දෙක් මේ තියෙන්නේ ඒ කතාව.
    හිතුවක්කාරි බස් වල හැඩ බලලා බස් වලට නඟින කෙනෙක් නෙමෙයිද? සමහර කෙල්ලෝ නැඟින්නේ ලස්සන බස් වල විතරනේ. එයාලා කබල් බස් වල නඟින්නෙම නෑ :D

    මධුරංග අයියා : "ගානත් ෂේප්" හික්ස්! ඔයාලගේ ගෙවල් පැත්තේ එක එක බස් වල එක එක ගණන්ද ගන්නේ? :D

    ReplyDelete
  6. මම කවදාවත් ලංගමෙ ඉබ්බා දාන්නෙ නෑ.. බොහොවෙලාවට ඒ අයගෙන් ඉතුරු ගානට හම්බෙනවා මටනං... පුලුවන් හැම වෙලේම මන් ලංගමේ තමයි යන්නෙ.... මොනවා උණත් ඔළුව උස්සන් යන්න පුලුවං මොකො අපේ දේනෙ...

    ReplyDelete
  7. ඊයේ මම පොඩි ගමනක් ගියා බස් එකේ, ගෙදර එද්දී 10,30 ,, බස් නැහැ. අම්මි බය වෙලා බස් නතර කරන තැනටම අයියත් එකක්ක ඇවිත් තිබුනා. අම්මෝ මට නම ඊයේ එපාම උනා. අනික සෙනග පිරිලා පිටකොටුවේ..

    ReplyDelete
  8. බස් කතා බස්..:D :D
    කෝ නංගියෝ කතාවේ ඉතුරු ටික??

    ReplyDelete
  9. තනි අලියාDecember 24, 2011 at 7:56 PM

    අපේ පැත්තෙනං සීටීබි හරි ෂෝක්. බස් දෙකතුනයි එක පාරකට. හැබැයි හොඳයි. කොන්දත් හොඳයි ඩ්‍රයිවරුත් හොඳයි.............

    ReplyDelete
  10. හිතු නගෝ ඇත්තටම ඔය ප්‍රයිවෙට් අයියල පාරට බහින්ඩ කලින්..පොදු මගී ජනතාවගේ එකම හිතවතා ලංගම තමා අපේ තාත්තා කියන විදිහට ඉස්සර ගමේ ඉඳල කොලොම් තොටට එනයන හැමොම හරිම සුහදත්වයකින් තමයි ගමන් කොරල තියෙන්නේ මොකද ඒ කාලේ බස් මහගොඩක් තිබුනේ නෑ......මම නම් අදටත් ලංගමක් දැක්කොත් ප්‍රයිවෙට් ගැන නොහිතා ඒවයේ නගිනව....
    ඒකයෑ අද මාත් නුගේගොඩ ගියා නොවැ කොහොමද හිටිය සෙනග කන්දරාව ඔය නොලිමිට් එක ගාව....හරියට සිරිපාදේ වඳින්ට යනව වගේ....

    ReplyDelete
  11. සීසන් කාඩ් එකත් අරං ලංගමක් එනතුරු වේලි වේලි හිටපු ඉස්කෝලේ කාලේ මතකෙට ආවා

    ReplyDelete
  12. මේ වගේ වෙලාවක වත් මිනිස්සුන්ට ගමනක් බිමනක් යන්න ප්‍රයිවට් අයට තරගයක් දෙන්න පුළුවන් තරමේ ලංගම බස් ටිකක් තියෙන්න ඕනේ. එකත් පුද්ගලික අන්ශේට විකුනලා තිබුනානම් අසරණ මගී ජනතාවට දෙයියන්ගේම පිහිට තමා. මේ වගේ දවස් වල බස් වර්ජන කරලා ගැමුණු අයියත් පොරක් වෙන්න හදනවා. අනේ මන්දා, මට නම් රෝද කරකෙනවානම් ඕන වාහනයක් ඔට්ටුයි .

    ReplyDelete
  13. "මොකද ඉතිං අද කාලෙ ෆුට් බෝඩ් යන්නෙ බහුතරයක් ගෑණු උදවියනෙ.;) පිරිමි උදවියනෙ, ගෑණූ උදවියත් පෙරළගෙන බස් එකට නගින්නෙ."

    මේ ගැන නම් මොනවා හරි කියන්නම හිතෙනවා. එක්කෝ ඕන නෑ. ඔයාල කැමති විදියකට හිතා ගන්නකො.;)

    ඇත්තට ඉතින් අපිට ලංගම බස් වල අගේ තේරෙන්නේ ඔය වගේ දවසට තමයි. මාත් ඉතින් ඔය අහුවෙන බස් එකක නගිනවා. හැබැයි දුර යනකොට නම් ලංගම බස් වල යන්නේ නෑ, මොකද ඒවයේ ඔලුව තියාගන්න බෑ නේ.

    ReplyDelete
  14. හිතු මාතෘකාවෙන් පිට ගිහින් වගේ...!!

    ReplyDelete
  15. ගැමුනු අයියා හිතාන ඇති අපිව රස්තියාදු කරාම අදාල අංශ වලටත් රිදේවි කියලා. ඒක ඉතින් හීනයක් තමයි.
    මොනවා වුනත් ලංගම ඉස්සරට වඩා ගොඩක් හොඳයි දැන්..

    ReplyDelete
  16. දැන් නම් බස් එකක ගිය කාලයක් මට මතක නැ.. ඒත් ඉතින් ඇත්තටම ලංගම මාත් ගොඩාක් කැමතියි... රුපියලක් 2ක් උනත් අපි එපා කිවත් ලගටම ගෙනත් දෙන අය (ඉතුරු) ලංගමේ ඉන්නවා...

    ReplyDelete
  17. ලංගම සහ තවත් ඒ වගේ ආණ්ඩුවේ ආයතන කීපයක් පෞද්ගලික අංශය එක්ක තරඟයක යෙදෙමින් තවමත් ඉන්න එක ලංකාවේ ඉන්න අපට ලොකු සැනසීමක්. බලන්න වී අලෙවි මණ්ඩලේ වැහුවට පස්සෙ වී ගොවියො වැටිච්ච අමාරුවක හැටි.
    ඔය ආයතන කන්නෙ පාහර දේශපාලුවෝ සහ උන්ගෙ හෙංචයියලා.ලොකුම වරද අපේ මිනිස්සුන්ගෙ කොන්ද පණ මදි වීම.

    ReplyDelete
  18. මම නං බස් එකේ ගියොත් පුරුද්දතටම වගේ සීටීබී එකක් එනකන් අඩුගානෙ බස් 2-3 ක් වත් යනකන් බලනවා...
    ඉස්කෝලෙ යන දවස්වල කොච්චරනං බලං ඉඳලා ඇද්ද..

    ReplyDelete
  19. මාත් ඉස්කෝලේ යද්දී ගියේ සීටීබී මයි. අපිට දාලා තිබුනනේ සිසු සැරිය බස එකක් උදේටයි හවසටයි..ඉතින් සීසන් එක ගත්තම ශේප්.(තාත්තාගෙන් ඉල්ලගන්න මාසෙම බස් ගාස්තු මට නේ)
    දැන් උනත් ප්‍රයිවට් බස් වලට වඩා හයියෙන් සීටීබී යනවනේ. මමත් හවස් වෙලාවක නම් නගින්නෙම සීටීබී තමා.. ලංගමට ජය වේවා...!

    ReplyDelete
  20. හිහිහී.. දුර එද්දි පේන්න බස් යනවද මංදා.. බස් හෝල්ට් එකට ආවම එකක්වත් එන්නෙ නැතිවෙන සිද්දිය මටත් වෙනවා.. :( ඉහි ස්කෝලෙ කාලෙනම් සීසන් නිසා ටිකට් වලට ප්‍රශ්න නෑ.. හැබැයි ප්‍රයිවට් බස් එක්ක තිබුණ තර‍ගෙට සෙනග නැතත් අපිව මඟ දාලා යනඑකනම් අනන්තවත් වුණා.. :D

    ReplyDelete
  21. ප්‍රයිවට් බස් වල ඇතුලෙ නම් ගහල තියෙනවා ල0.ග.ම. ම.ග.ම. මග නැවතුනු කල ප්‍රයිවට් බස් වල පිහිටම තමයි කියලා. ( කවිය මතක නෑ. මතක කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න.. )

    ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කර දාට ඉතින් සී.ටී.බී. පිහිටම තමයි. අනිත් එක දැන් ඉස්සර වගේ සී.ටී.බී. බස් මග නවතින්නෙත් නෑ නොවෑ..

    ReplyDelete
  22. මම මේ පෝස්ට් එකට ඊයේ කොමෙන්ට් එකක් දැම්මා, ඇයි එක ඩිලීට් කලේ කියලා මට කියනවද?

    ReplyDelete
  23. @අසරණයා -ඒකනම් ඇත්ත. අල්ලන අල්ලන තැන කුණු වුනත්, ප්‍රයිවට් නැති වෙලාවට තමා ලංගමේ අගේ දැනෙන්නෙ..:)


    @ගැටයා -අම්මෝ ඔව්...:D

    ReplyDelete
  24. @මහි - ගි ගි... ඒකනෙ.. ලංගමට ජය වේවා!!!


    @මධුරංග අයියා- අහ්හ් ඔව් ඔව්. ලංගම එව්වා ඉතින් කෑලි අහුල අහුල යන්නෙ නෑ තමා වැඩියම. අයියා ගාණ ශේප් කිව්වෙ?? සීසන් එකන් යන්න පුළුවන් නිසාද??

    ReplyDelete
  25. @පූසා අයියා- අයියාටනම් හම්බෙලා තියෙන්නෙ නියම කොන්දෙක්..;) හික්ස්ස්.... හෆ්ෆේ.. මම ඉතින් හදිස්සිකාරියක්.. මට බස් එකේ ලස්සන වැඩක් නෑ යන තැනකට ඉක්මණින් යන බස් එකකුයි ඕනෙ..:)


    @නරකයා....!! - ඔව් ඒක ඇත්ත. ඉතුරු හුඟාක් වෙලාවට ගාණටම හම්බෙනවා තමා..:)

    ReplyDelete
  26. @වර්ණා - හම්මෝ කොහොමහරි ගෙදරට ආවනෙ.. ඇති යන්තම්.. වෙලාවට බස් නැති ව්උනාම සෑහෙන්න අපහසුවට පත් වෙනවනෙ..


    @ගිනි කුරුල්ලා- අයියාට කතාව හදිස්සියි වගේ... වෙලාව මදි නෙ අයියේ දාන්නම් ඉක්මණින්..:)

    ReplyDelete
  27. @තනි අලියා - ශා හොද පැත්තක්නෙ..:)


    @Raj අයියා-ඔව්නෙ.. ඉස්සර කාලෙම දැන් තරම් බස් තිබුනෙ නෑලුනෙ. අනික බස් ගාස්තුවත් දැන් ව්ගේ නෑනෙ..:)
    අහ්හ් මමත් නොලිමිට් එක වන්දනා කරන්න කියලා ගොඩ වුනා;) අයියත් එහෙනම් ඉන්න ඇති ඒ හරියෙම.. හෆ්ෆෝ සෙනඟ ගොඩ...

    ReplyDelete
  28. @හිස් අහස - හි හි.. ඔව් ඔව්.. ඒ කාලෙ ලංගම පස්සෙ දිව්ව හැටි මටත් මතක් වෙනකොට හිනා :D


    @රෙප් මහත්තයා - ඒකනෙ අයියෙ.. මෙහෙම වෙලාවක ලංගමත් නොතිබ්බනම් විනාසයිනෙ. පොදු ජනතාව අතරම්ං වෙනවා

    ReplyDelete
  29. @Kasun අයියා- අහ්හ්හ්.. මම කිව්වෙ ඉතින් අයියෙ සමහර පිරිමි උදවිය ගැන ;)
    ම්ම්... දුර ගමන් යන්න නම් සැප පහසු මදි ඇති ලංගම


    @රහස් පරික්ෂකයා - හ්ම්ම්ම්.... එහෙමද??

    ReplyDelete
  30. @Roshan Herath-ඔව් ලංගම හුඟාක් හොදයි දැන්..


    @දේවා අයියා- අහ්හ් අයියලා දැන් ලොකු මිනිස්සුනෙ..;) බස් වල යන්නෙ නෑනෙ..

    ReplyDelete
  31. @Ano - ඕවාගෙ දේශපාලනාත්මක පසුබිම ගැනනම් කතා කරලා තේරුමක් නෑ...:)


    @පැණි දොඩම් - අහ්හ්.. මෙහාට අලුතෙන් වගේ..:) ඔව් ඔව් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ..:D

    ReplyDelete
  32. @Shani -අහ්හ්හ් ඔයාගෙ කමෙන්ට් එක spam එකට ඇවිත් තිබුනෙ. මම ඔයාගෙ පහළ කමෙන්ට් එක දැකලා තමා බැලුවෙ.ඊටපස්සෙයි දැක්කෙ.සමාවෙන්න, මම කලින් දැක්කෙ නෑ..

    ඔව්. අපිනම් ඉස්සර නිවාඩු කාලෙත් සීසන් ගන්නවා. පංති යන්නත් පුලුවන් නෙ. එතකොට සල්ලි ඉතුරු වෙනවා..:D
    ඔව් හයියෙන් යන එකට මාත් කැමතියි.. ජය වේවා!!!



    @නන්දු අක්කි- ඔව් ඔව් මඟ දාලා යන සිද්දි අපිටත් අනන්ත වෙලා තියෙනවා...

    ReplyDelete
  33. @සමනල් පැටියා -අහ්ම්ම් මමත් ඒ කවියනම් දන්නෙ නෑ.. හි හි ඒකනෙ. ඉස්සරනම් නිතරම එව්වා මග නවතිනවා, දැන් නම් කලාතුරකින් තමා

    ReplyDelete
  34. හික්ස්.....හොද රවුම...නිවාඩු දවසට ඔය මම වගේ උදේ පාන්දර 11,12 වෙනකම් දොයිය ගත්තනම් ඉවරයිනේ.... ;)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....