නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

28 December 2011

දෙවර්ෂ පූර්ණ සිහි කිරීමයි!!!!!!!



මීට වසර දෙකකට පෙර,
මගේ හිතෙන් නොව මගෙන්,
සදහටම සමුගත් "කුළුඳුල් ප්‍රේමය" නොහොත් "ප්‍රථම ප්‍රේමය"
සිහිකර කුමක් කරන්නද මම...??? 
කළ හැකි එකම එක දෙයකි.
එනම්,
මින් මතු කවරදාකවත්,
මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා යි
ප්‍රාර්ථනා කරන්නම් මුළු හදවතින්ම......!!!!

                                       
                                                   මීට,
                                             හිතුවක්කාරී

Post Comment

40 comments:

  1. ඔයා හොදින් ඉන්න හිතූ.ඒක එයාට සතුටක් වෙයී.

    ReplyDelete
  2. සියලු සැප උතුරන

    දරුවන් ගෙදර පොරකන

    සැමියා බෙරිහන් දෙන

    දිනය නුබටත් උදා වනු ඇත

    ReplyDelete
  3. ප්‍රථම ප්‍රේමෙ එක සැරයයි මැරෙන්නෙ... ආයෙ උපදින්න එපා කියල ප්‍රාර්ථනා කරන්න... :D

    ReplyDelete
  4. මතු අත්භවයන්දී මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා! :D

    ReplyDelete
  5. දැන් මොකද්ද මේකට කියන්න ඔ්නෙ..

    ReplyDelete
  6. එසේම වේවා...හපොයි..ඒ කිව්වේ අකල් වියොවක් නොවේවා කියල...මලක් පහනක් පත්තු කොරල දානයක් දෙනවැයි... ජිවිතේ බෙරල දුන්නට...

    ReplyDelete
  7. මමත් ප්‍රාර්ථනා කරනව අායෙත් අකල් වියෝවක් නොවේවා කියල...

    හැමතිස්සෙම තමන්ට දුකක් හිතුනම වෙන කාටවත් එහෙම දෙයක් අැති නොවෙන්න පියවර ගන්න ඔ්න :)

    ReplyDelete
  8. ඒ මතකය හිතේ තියන් ඉන්න තාක් කල් ඔයාට දුකක් නේද ලැබෙන්නේ.පුලුවන්නම් ඒ දේ අමතා කර ල දන්නා
    සතුටින් ඉන්න

    ReplyDelete
  9. අමතක කරන්න අක්කේ.
    හැමදෙයක්ම..
    අලුත් අව්රුද්දක් ලබනවා හෙට අනිද්දට..
    අලුත් සිතුවිලි වලින් ලෝකය දකින්න..
    සුභ පතනවා ඒ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා...

    ReplyDelete
  10. කවදාවත් නංගියාට එහෙම දුකක් අයෙත් දැනෙන්න නම් එපා!!!!
    ඇත්තටම ප්‍රථම ප්‍රේමය කියන්නේ සදාතනික අත්දැකීමක් ./..
    එහෙම නේද නංගියෝ??

    ReplyDelete
  11. ප්‍රථම ප්‍රේමය කියන්නේ කවදාවත් අමතක නොවන, අමතක කරන්න බැරි මතක ගොන්නක්.. ඒත් මතක් නොකර ඉන්න උත්සහ කරන්න.. ජය වේවා සහෝදරී.

    ReplyDelete
  12. 1.ගණන් ගන්න එපා කිව්වට ඉතින් වැඩක් නැහැ..ඒක හින්දා එහෙම නොකියා ඉන්නම්..
    2.හැමදේම වෙන්නේ හොදට..
    3.දැනට උන / වෙන්න තියෙන හැම දෙයක්ම අපිට හොද අත්දැකීම්..

    New Life..New Beginning... :)))

    ReplyDelete
  13. හරි හරි මන් ආයිත් එන්නම්.. ඉවසලා ඉන්නකො.

    ඔහොමතමයි ගනන් ගන්න එපා

    ReplyDelete
  14. හ්ම් බොහෝම හොදයි..ඔක්කොම හොදටයි.....!!!

    ReplyDelete
  15. හිතන්න නෙමේ සතුටු වෙන්න,නූලෙන් බේරුණු එක ගැන...

    ReplyDelete
  16. ඔය කියන විදියට ඔයාගේ ප්‍රථම ප්‍රේමේ නම් ආයෙත් වියෝ වෙන්න විදියක් නෑ. දැන් ඒක වියෝ වෙලා ඉවරනේ. දැන් ඉතින් දෙවන ප්‍රේමේ පටන් ගන්න එක නොවැ තියෙන්නේ. ඒකට නම් ඔය ආනිසංසේ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්.

    ReplyDelete
  17. බලාපොරොත්තු වෙන හැම දේම නොලැබෙන ජීවිතයනෙ නංගා....සතුටුයි ඔයා හොඳින් ඉන්න එක ගැන

    ReplyDelete
  18. එක හීනෙන් එලිවෙන්නේ නෑ වගේ තමා . තමන්ට හරිටම ගැලපෙන ආදරේ හොයාගන්න ටිකක් කල් ගත වෙනවා . ඉතින් ආයෙත් වතාවක් තමන්ට හරියන කෙනා එනකම් ඉඳලා බලන්න මෙදා පාර ආදරේ නම් වියෝවක් නැති වෙයි ..

    ReplyDelete
  19. " ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්.." කියලා කවුද කියනවා මට ඇහිලා තියෙනවා.. ඒත් ඉතින් ඒ ආදරේ මියැදුන දාට ඒ අනන්ත සිහින ලෝකය අමතක කරන එක තමයි හොද හිතු...

    ReplyDelete
  20. හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතන්න..

    ReplyDelete
  21. අමතක කරන්න උත්සහ කරන්න... අලුත් අවුරුද්දෙ අලුත් වෙන්න....

    ReplyDelete
  22. සිහිකරන්න එපා ආයෙම කවදාවත්....!! අලුත් වසරවල් ඉදිරියට තව ගොඩායි..!!

    ReplyDelete
  23. සඳරු අයියත් එක්ක එකඟයි.... :))

    ReplyDelete
  24. සොයුරිය....
    ආදරය වන් ඇන් ඔන්ලි වෙන්නේ නැත...
    ප්‍රථම ප්‍රේමය,"ප්‍රථම" වන්නේ දෙවන,තෙවන සිට n වාරයක් දක්වා
    ආදරය ඇතිවිය හැකි බැවිනි...
    "ප්‍රථම" යෙන් ජය නොලැබුණි නම්
    අඬන්න,වැලපෙන්න මොහොතකට,
    දෙවන තුන්වෙනුවද බලන්න,
    ඒත් පරාදයිනම් යන්න තවත් ඉදිරියට.....
    ආදර තරඟයේ ජය ඔබටම තමයි,
    කවුරුවත් දන්නෙ නැත්තෙ කීවෙනි වාරයෙන්ද කියලයි...
    ඔබ කවදාහරි ජයගන්නකම අපි ඉන්නවා
    හිතට ධෛර්‍යය දෙන්න....

    ReplyDelete
  25. මම් ගානෙත් ඉටිපන්දම් ටිකක් පත්තු කරන්න ඔය කුළුදුල් ප්‍රේමයට. මාත් ඕක මරලා දාලා ඉන්නේ. හික්ස් :)

    ReplyDelete
  26. කවදාවත් කෙල්ලෙක්ගෙ හිතෙන් කුළුදුල් ආදරය මැරෙන්නෙ නෑලු. ඒක ඇත්තක් කියල හිතෙනවා. ඒත් පරණ මතකයක් හිතේ හිර කරගෙන දුක් විද්දිනවට වඩා එයා වෙනුවෙන්, තමා වෙනුවෙන් හිනා වෙන එක තමයි හොඳ... ජීවිතේ ඉස්සරහට යන්න. ප්‍රථම ආදරේ නෙවෙයි, හොඳම ආදරෙයි වටින්නේ..

    ReplyDelete
  27. එකක දුක තියෙන්නේ තව එකක් පටන් ගන්න කම් විතරයි සහෝදරි..... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....:D

    ReplyDelete
  28. @බට්ටි-එයාට මගේ සතුට වැඩක් නැතිවෙයි බට්ටියො...:)


    @Sihina - ඒ දිනයට මට හදිස්සියක් නෑ...:)


    @පොඩි මෑන් - ම්ම්ම්ම්ම්.. මගේ ප්‍රථම ප්‍රේමය මැරි මැරි ඉපදුනාද මංදා... ආයෙත්නම් උපදින්න ඕනෙ නෑ තමා

    ReplyDelete
  29. @පූසා අයියා -අපොයි ඔව්.. මේ භවයෙදි විඳි දුක් ඇති..:D


    @නරකයා....!! -ඕනෙ දෙයක් කියන්න..නෝප්‍රොබ්ලම්..


    @Raj -හ්ම්ම්ම්ම්ම්ම්ම්.... දානයක් දෙන්න තරම් හිත පිරිසුදු නෑ...

    ReplyDelete
  30. @තනි අලියා -ස්තූතියි මල්ලි!!! ඔව් ඒක හොඳයි!!


    @අසරණයා -සමහර මතකයන් තියෙනවා එහෙම අමතක කරන්න හරිම අමාරුයි...හැබැයි මම ඉන්නෙ දැන් සතුටින්...:)


    @වර්ණා -ස්තූතියි වර්ණෝ!!! ඔව් මම අලුත් වෙලා

    ReplyDelete
  31. ගිනි කුරුල්ලා -ස්තූතියි අයියා..:) ඔව් ඒක කවදාවත්ම අමතක කරන්න බැරි අත්දැකීමක්...


    Shani- හ්ම්ම්ම්.. ඔව් අම්තක කරන්නවත්, මතක් කරන්නවත්, උත්සාහ නොකර ඉන්නවනම් හරි...


    ChammA අයියා- හ්ම්ම්... කරුණු 3ම බොහොම සාධාරණයි...!! ස්තූතියි අයියා...

    ReplyDelete
  32. රහස් පරික්ෂකයා -හා හා එන්නකෝ..:p ම්ම්ම්..ගණන් අරන් ඉවරයි දැන්..:)

    ~~තරූගේ ලෝකය~~; ඔව්ව්ව්... ඔක්කොම හොඳටම තමා..:D


    Tharinduhw122- දුක් නොවී ඉන්නවා...:)

    ReplyDelete
  33. රෙප් මහත්තයා -ඔව් ලබන ආත්මෙකදිවත් වියෝවක් වෙන්න එපා මෙහෙම කියන්නයි ඕනෙ වුනේ... හ්ම්ම්.. ස්තූතියි එහෙම හිතමුකො..


    දිල් අක්කා- ඔව් ජිවිතේ හැටි එහෙමයි නේද අක්කා?? ම්ම්....:)


    හිස් අහස- ඔව් අයියා... එක හීනෙන් එළිවෙන්නෙ නෑ තමා..කල් ගත වෙලා හරි, හොඳම නියම ආදරේ ලැබේවිනෙ..:D

    ReplyDelete
  34. සිංහ ලේ දියසේන -මොකක්ද අපැහැදිලි???


    Dinesh අයියා- ඇත්ත අයියේ.. ඒක සිහින ලෝකයක්ම තමා නේද?? හැබැයි සමහර හීන වුනත් තියෙනවනෙ හිත කම්පනය කරන...


    අකීකරු හිත -හ්ම්ම්ම් ඔව් යාලු දැන් හිතන්නෙ එහෙම තමා..:D

    ReplyDelete
  35. Sammani - අමතක කරන්න උත්සාහ කරන්නෙ නෑ.. එතකොට මතක් වෙනවනෙ.. අලුත් වෙන්න තමා හිතන්නෙ..


    වින්චැට්කිරිල්ලි- හ්ම්ම්ම්ම්.. ඔව් ජීවිතේ තව දිගයිනෙ...


    Ice නගා- ඔව්නෙ.. මටත් එකග වෙන්න වෙනවා...

    ReplyDelete
  36. වවුලා -හුඟාක් ස්තූතියි සහෝ...ඇත්ත, ජීවිතේ එක සැරේ දිනන බැරි බව මම දැන් තේරුම් අරන් අහමාරයි..:)ස්තූතියි හුඟාක් .හැම මොහොතකම මගේ හයියට ඉන්නවට..


    මධුරංග අයියා -හික් හික්... ඉටිපන්දම් ඕනෙත් නෑ වගේ.. එතකොට මතක් වෙන්වානෙ..:(


    මන්තරකාරි අක්කා- හරියට හරි අක්කා. මාත් දැන් එහෙම හිතනවා.. ප්‍රථම ආදරේ නෙවෙයි වටින්නෙ.. හොඳම ආදරේ...

    ReplyDelete
  37. Soda ගුනේ - එකකින් නැවතුනු මට, අත්දැකීම් නැති නිසා තේරෙන්නෙ නෑ...:)

    ReplyDelete
  38. "ජිවිතේ ඉස්සරහට යන්න ප්‍රථම ආදරේ නෙවෙයි..හොඳම ආදරේ තමයි වටින්නේ.."
    සහතික ඇත්ත!!!

    ReplyDelete
  39. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... :D

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....