නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 October 2011

තටු සිඳුනු සමනළී - 10 වන කොටස

සමාවෙන්න ඔන්න මුලින්ම වෙනදා වගේම අදත් ප්‍රමාදයි කතාව..විභාග වැඩ නිසයි, මගේ බ්ලොග් එක ලෝඩ් නොවුනු නිසයි, බ්ලොග් පෝස්ට් කියවන්නවත් ලියන්නවත් බැරි වුනා මේ ටිකේ.. අද ඉඳන් සුපුරුදු විදියට ලියන්න, කියවන්න, කමෙන්ට් දාන්න එන්නම්...

කතාවෙ මුල ටික අමතක අයයි, කියවපු නැති අයයි කියවලා එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9

අද 10 වෙනි කොටස...... ඔන්න කියවලා අඩුපාඩු හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා... ලොකු ශක්තියක් ඔයාලගෙ අදහස්....

-----------------------------------------------------------------------------------------------------------

හදවත පුරාම අකුණු සිය දහස් ගනනක් එකවරම පුපුරා ගියා වගේ හිත ඇතුළෙන්ම දෝංකාර දුන්නෙ දසුන්ගෙ වචන ටික.

"මධූ......කියන්න මට.. ඔයා මට ආදරෙයි නේද???"


මහා අනෝරා වැස්සක් වගේ කඩා හැලෙන්නෙ දසුන්ගෙ හිත පුරා මෙච්ච්ර කාලයක් තිස්සෙම හිරකරගෙන තිබුණු ආදරේ නේද කියලා හිතුනා.නොහිතපු මොහොතක, බලාපොරොත්තු නොවුනු විදියට එක සැරේම වාන් දාලා උතුරලා පිටාර ගලල යන මහා වැවක් වගේ දසුන්ගෙ හිතේ තිබුණු හැම බැම්මක්ම බිඳගෙන ආදරේ ගැලුවා..

කර කියාගන්න දෙයක් තේරෙන්නෙ නැතිව, තෘෂ්ණීම්භූත වෙලා ඔහේ බලාගත් අත බලාගෙන උන්නු මට එහා පැත්තෙන් ආයෙමත් ඇහුනෙ දසුන්ගෙ සැලෙන වෙවුලන වුනත් ආදරේ උතුරන කටහඬ.

"මධූ... ප්ලීස්.... කතා කරන්න.. මෙහෙම කරන්නෙපා චූටි... මොනා හරි කියන්න. අඩුමගානෙ මට බනින්න.මම තරහ වෙන්නෙ නෑ... සත්තයි..මට ඔයා එක්ක තරහ වෙන්න බෑ....කවදාවත්ම බෑ... ඔයා මොනා කිව්වත්, කොහොම වුනත්, මම ආදරේ ඔයාට.. ඔයාට විතරයි කෙල්ලෙ.."

"අනේ දසුන්.... ද... සු..න්.... මට.... ම....ට.......තේ..රෙ..න්නෙ නෑ... ම....ම..මං... දන්න්..නේ නෑ....."

උගුරෙන් පහළට කෙළ ගිලෙන්නෙ නැති වුනත්,කතා කරගන්න තරම් හිත හයිය නොවුනත්,අමාරුවෙන් එකතු කරගත්තු අකුරු  ටික අල්ලගෙන මම කඳුළු අතරින්ම කියලා දැම්මෙ , දසුන් මගෙන් මොකක්ම හරි වචනයක් බලාපොරොත්තු වුන නිසයි.හැබැයි දසුන්ගෙ ප්‍රශ්නෙට උත්තරය ඒක නොවන බව මම දැනගෙන උන්නා.

"මොනාද මධූ ඔයා දන්නෙ නැත්තෙ?? ඇයි මම අහන දේට කෙලින්ම උත්තරයක් දෙන්න බැරි?? මම ඔයාට ගැළපෙන්නෙ නැද්ද?? කියන්න මධූ.. මාව මේ තරම් අසරණ කරන්නෙපා කෙල්ලෙ."

"මට තේරෙන්නෙ නෑ දසුන්.. මමත් අසරණයි... ඔව්.. මහ හුගාක්....දෙයියනේ දසුන්, ඔයා මගේ හොඳම යාළුවා. මගේ දුකේදි සැපේදි මාත් එක්ක වෙනස් නොවී එකම විදියටම මෙච්ච්ර කාලයක් උන්නු හොදම හොද යාළුවා."

"ඔව් මධූ.. ඒකෙ වෙනසක් නෑ... මම හැමදාම එහෙමයි...."

"වෙලාවකට ඔයා මට සහෝදරයෙක්, වෙලාවකට තාත්තා කෙනෙක් වගේ..මගේ ජිවීතේ හුගාක් දේවල් ළග ඔයා හෙවනැල්ල වගේ හිටියා දසුන්... මෙච්ච්ර කාලෙකට මට හම්බුන හොඳම පිරිමි ළමයා ඔයා."

"ඉතින් මධූ ආදරේ කරන්න බැරිද මේ මට?ඔයාට ජීවිතේටම හම්බුනු හොඳම පිරිමි ළමයට ඔයාට ආදරේ කරන්න බැරිද මධූ??"

හිත පුරා කාලාන්තරයක් තිස්සෙම තෙරපෙන මේ ආදරේ වචන තුනකින්" මං ඔයාට ආදරෙයි" කියලා දාන්න ලෝභ හිතුනත්, හිත ඇතුළෙ තෙරපි තෙරපි විඳවන මේ විඳවිල්ලට වඩා ඒ බර හිතින් නිදහස් කරගන්න හිතුනා නම් කියලා හිතුනා.

ඒත් මේ පුංචි හිත කොයිතරම් ආදරේ වුනත්, ආදරේට එහා ගියපු බලාපොරොත්තු ගොන්නක් ජීවිතේ ගැනත් තියනවා නේද කියලා මතක් වෙද්දි, මහා ලොකු බයකින් තුන් හිතම ඇවිලිලා ගියා.තව අවුරුදු එකයි මාස ගානකින් ජීවිතේ තීරණාත්මක ම කඩ ඉමක් පහු කරන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි, අම්මගෙයි තාත්තගෙයි හිතේ මහ මෙරකට පොදි ගැහුණු බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි,අවුරුදු දාහතක් වෙනකම් රැකගෙන උන්නු අම්මා තාත්තගෙ විශ්වාසය,ඒ හොඳ නම දිගටම තියාගන්න ඕනෙ නේද කියලා මතක් වෙද්දි...... දෙයියනේ දසුන්.... මම කොහොමද මේ දේවල් ඔක්කොම  ආදරේ එක්ක සමබර කරගන්නෙ??  මම හිතින් මහා ගොඩාක් දුර ගියා. 


ආදරේ කියන අකුරු තුන හිතට වැදුනු දා ඉඳන් හිතන් උන්නෙ කවදා හරි කෙනෙක්ට ආදරේ කරන්නෙ, ජිවිතේ තියන තාක් කල්ම ඒ හිත එක්කම බැඳිලා ඉන්න බලාපොරොත්තුවෙනුයි, ජීවිත කාලෙම එකම ආදරයක හෙවණක් යට ,සදාකලික සැනසුමක් විඳින්නයි හිතාගෙනයි.ජීවිතේ අතරමග අතෑරලා මග දාල යන්න ආදරේ කරන්න මට ඕනෙ වුනේ නෑ.. තව තවත් මම මගේ හීන වල තනි වුනා.

ඔය අතරේ ආයෙමත් දසුන්ගෙ දුක්බර හඬ ඇහුනා.

"ඔයා මොනාද හිතන්නෙ මධූ.... ඔයාට දැන්ම කියන්න බැරිනම් කමක් නෑ.... මට පස්සෙ හිමින් හිතලා බලලා කියන්න මධූ..."

මගේ ආදරේ ඉල්ලලා , තෙහෙට්ටු වෙලා, හෙම්බත් වෙලා උන්නු දසුන් විඩාපත් වුනු හඩීන් එහෙම කියද්දි , මගේ හිත පුරාම මහා දුකක් පැතිරුනා.


"මමත් දසුන්ට ආදරෙයිනෙ.. ඇයි මං මෙහෙම දසුන්ට නොකියා හිතින් විඳවන්නෙ???දසුන් ආයෙමත් මගෙන් ආදරේ ගැන ඇහුවෙ නැත්තම්... අනේ.. සදහටම දසුන්ව මට නැති වුනොත්??"

හිත හිත හිටිය මට එකසැරේම මහා පුදුමාකාර බයක් ඇති වුනා.මෙච්ච්ර ආදරේ වෙලත්, අපි දෙන්නම දෙන්නට හුගාක් ළං වෙලා ඉදලත්, දසුන් ආදරේ ගැන අහපු වෙලාවෙ, හොදම වෙලාවෙ , මට මගේ හිත පුරාම ගලන ආදරේ කියාගන්න බැරි වුනොත්??

"ආයෙත් මෙහෙම චාන්ස් එකක් එන්නෙ නෑ මධු උඹට.. මේක තමා හොදම වෙලාව... කියපන් කෙල්ලෙ, ආදරේ කරන එක වරදක් නෙවෙයි... පිරිසිදු අවංක ආදරයක් හිතේ හංගගෙන විදවන්නෙ අපරාදෙ..දසුන් අහපු වෙලාවෙ, මේ හොදම වෙලාවෙ. ඕක කියලා දාපන් මධූ... කියලා දාන්න.."

මගේ යටි හිත කෑ මොර දුන්නෙ මට , හිතේ තියන ආදරේ දසුන්ට කියන්න කියලයි...

" ඔයා ඔච්චරටම මොනා හිතනවද මංදා මධූ.. මං දන්නවා. ගෑණූ ළමයි එහෙමයි.. හුගාක් හිතනවා තමයි..ඒත් මං හිතුවා, ඔයාත් මට ආදරේ ඇති කියලා, මගේ ඇස් මට බොරු කරන්නෙ නෑ මධූ....මම දැක්ක ඔය ඇස් වලින් උතුරන ආදරේ...ඔයාට බෑ මට එහෙම කරන්න.."

"දසුන්.........."

"ඔව් කියන්න මධූ... කියන්න....මෙච්ච්ර වෙලා මම කියවපු ආදරේ බොරුවක් කියලද හිතන්නෙ?"

"නෑ දසුන්... මං දන්නවා.. මට තේරෙනවා...ඒත් ඔයාට විශ්වාසද දසුන් ඔයාගෙ ආදරේ කවදාවත්ම වෙනස් වෙන එකක් නෑ කියලා?"

"මොනාද මධූ මේ අහන්නෙ, මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔයාව දැනගන්නත් කලින් ඉඳන්.. මේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ කෙල්ලෙ."

"ඒත් කව්දාහරි දවසක ඔයාට හිතුනොත් මාව එපා කියලා?"

"ඔයා මාව දාලා ගියත් මම දාලා යන්නෙ නෑ ඔයාව චූටි....මම පපුව පලලා පෙන්නන්නද??කොහොමද මැණික මම කියන්නෙ , මට මීට වඩා කියන්න තේරෙන්නෙ නෑ..."


" මම මීට කලින් කිසිම පිරිමි ළමයෙක්ට මේ තරම් ලං වෙලා නෑ දසුන්....ඔයාව මට දැනෙනවා.තේරෙනවා.ඒථ් මගේ හිතට මහා බයක් දැනෙනවා."

" මේ අහන්න.. මධූ.. මටත් එහෙමයි... ආදරේ ආත්මාර්ථකාමීද ,මම ආත්මාර්ථකාමීද මම දන්නෙ නෑ... ඒත් මධූ.. මට බලන්න බෑ ඔයා වෙන කෙනෙක්ට ළං වෙනවා, අයිති වෙනවා. මට ඒක බලන්න බෑ..මගේ පපුව පැලෙයි..ඔයාගෙ ආදරේ අයිති මට .. මට..එහෙම නේද චූටී?"

ඇස් වලින් කඳුළු කඩා හැලුනා නොනවත්වා... හිත හිරි වැටිලා යන මේ ආදර කතවට ආරම්භයක් දීගන්න බැරිව මම ළත වෙනවා....තවත්නම් පරක්කු වෙන්න බෑ...ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නෙ.

මම හිත හයිය කරගත්තා..ඒත් දසුන්ගෙ ආදරේ ළග මගේ හිත දිය වෙලා යන ඉටි පන්දමක් වගේ...

"මධූ... මං කියන්නෙ ඇත්තම ඇත්ත...මං ආදරෙයි.. හුගාක්... කියන්න මධූ... කියන්න ....ඔයා මට ආදරෙයි නේද??"

"ඔව්    දසුන්.... මං ඔයාට ආදරෙයි..!!!!!"


මම ලොකු හුස්මක් ඉහළට අරගෙන, ඇස් දෙක පියාගෙන හිතේ ගැඹුරුම තැනින් උපන්න ආලවන්තකම වචන වලට හැරෙව්වා...

කලාන්තරයක් තිස්සෙ හිතේ තෙරපගෙන, මිරිකගෙන උන්නු හැගීම මුදා හැරියාම හිතට දැනුනු සතුට උපරිමයි.හිත හුගාක් සැහැල්ලුයි..ඒත් මේ දැන දැනම පැන්නෙ ගින්දරකටද මංදා.. හිත යටින් තවමත් මං කෙඳිරි ගෑවා.

"දෙයියනේ.... මධූ.... ආයෙත් කියපන් කෙල්ලෙ... මට ඇහුනේ නෑ.... ආයෙත් කියන්න... කෑ ගහලා කියන්න....ඔයා මට ආදරෙයි කිව්වා?"

"ඔව් ඔව් දසුන්... මං ආදරෙයි.. හුගාක්.... මම කියන්නෙ ඇත්ත.මම ආදරේ එක්ක සෙල්ලම් කරන්නෙ නෑ දසුන්.."

"හුරේ...!!!!!!!! මං දින්නා මං දින්න මධූ..... මං දින්නා....මෙච්ච්ර කාලයක් බලාගෙන ඉඳලා, අවසානෙදි මම දින්නා... ඔයාගෙ ආදරේ මට ලැබුනා."

පුංචි එකෙක් වගේ දසුන් උඩ පැන පැන කෑ ගහන සද්දෙ මට ෆෝන් එක දෙදරලා යන තරම් හයියෙන් ඇහුනා.

"කෑ ගහන්නෙපා ළමයෝ.. ගෙදර අයත් බලයි මොකද කියලා.."

"දැන් වෙලාව කීයද දන්නවද චූටි?? දැන් රෑ දොළහත් පහු වෙලා.මම පැයක් තිස්සෙ ඔයාගෙ ආදරේ හිගා කාලා අන්තිමේදි මේ හිගන්නා දින්නා චූටී.."

"අම්මෝ.. එච්ච්ර රෑ වෙලාද?? එහෙනම් දැන් නිදාගන්න දසුන්.. අපි හෙට කතා කරමු..."

" මට නින්ද යන්නෙ නෑ මධූ අද නම්.... මට හුගාක් සතුටුයි... ඇත්තම්යි.. "

"මටත් සතුටුයි..හුගාක්. ඒත් දැන් හුගාක් රෑ වෙලානෙ.. හෙට කතා කරමු අපි.."

"හරි මගේ කෙල්ලෙ.. ඔයා පරිසමින් ඉන්න. එහෙනම් හෙට කතා කරමු...ඔයාට බුදු සරණයි!!!මං මහා ගොඩාක් ආදරෙයි මධූ.."

"මාත් .. හුගාක් ආදරෙයි දසුන්.. කවදාවත් මට දුකක් නම් දෙන්නෙපා..මට දරාගන්න බැරි වේවි.."

"සත්තයි චූටි.. කවදවත්ම දාල යන්නෙ නෑ... හුස්ම වැටෙනකම්..."

"ඒ ටික ඇති මට.බුදුසරණයි දසුන්..."

"බුදුසරණයි චූටි"

දසුන්ගෙයි මගෙයි ආදර කතාව පටන් ගත්තෙ හරිම පුදුම මොහොතක, නොහිතපු විදියට.දැන දැන පැන්නෙ ගින්නකට උනත්, මම දැන් පිච්චෙන්න ලෑස්තියි.....ආදරේ ගින්නක්ම තමා...අද ඉඳන් මං වෙනුවෙන් හුස්ම වැටෙන ඒ පපුව උඩ ජීවිතේම තියලා,එක හිතින්ම හිතා ගත්තෙ, අනේ දෙයියනේ අපිට උහුලන්න බැරි දුකක් නම් දෙන්නෙපා ජීවිතේට කියලයි....


හිමින් සැරේ දිග ඇරගත්ත මගේ දින පොතේ ලියන්න ගත්තෙ අපේ ආදර කතාවෙ පළවෙනිම දවසෙ, මේ සුන්දර කතාවෙ පෙරවදන........

නුඹයි මගේ ආදරය,
සදාකල් සෙනෙහසින්
රැඳෙන්නෙමි නුඹ ළගම......
නුඹයි මගේ පණ නළ ද
හැම සුසුම් පොද පවා
හෙල්ලනෙමි නුඹ නමට.......
නුඹයි මගෙ හසරැල්ල
සදාකල් මගේ හද
සොම්නසින් සනසවන.......
නුඹ නිසා කඳුලැල්ල
පැමිණීයත් මා නෙතට
දරන්නෙමි ඒ කඳූළ
නුඹේ සතුට වෙනුවෙන්ම.....
මා සිතේ ඉඩ හසර
සදා කල් නුඹටමයි
වෙන්වන්න මා දමා
නොසිතන්න කිසිදාක.......
සත්තයි මං නුඹට ආදරෙයි..... ආදරෙයි...... ආදරෙයි..





----------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............




සදාදරණීය මධූ ගේත්.. දසුන්ගේත් ප්‍රේමණීය ආදර කතාව ඉදිරියට කොහොම වේවිද?? හමුවෙමු තවත් කොටසකින්........








11 වන කොටසට...







Post Comment

22 October 2011

ජීවිතේ හඬයි නුඹ ඉල්ලා......


මේ මුළු අහස කොයි තරම් ද කියලා මනින්න පුලුවන්ද?  කියන්න පුළුවන්ද? ඉමක් කොනක් තරමක් අවසානයක් නොපෙනෙන මේ අහස, බැලු බැලු අත, හැම මොහොතකම පෙනෙන මේ අහස, කිසිම දවසක, කිසිම මොහොතක දාලා යන්නෙ නැති, යන යන තැන සෙවණක් වෙන මේ අහස් තලය, හරියටම මගේ ආදරේ වගේම අපරිමිතයි. අනන්තයි.අප්‍රමාණයි.අසීමිතයි.මගේ ආදරේ ඒ තරම්.......

ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුද මොන තරම් ගැඹුරුද? කවදාවත් නොසිඳෙන මහ මුහුද වෙලාවකට චණ්ඩයි, රළුයි, සැරයි.ඇත්ත. ඒත් ඒ මුහුද ම තවත් වෙලාවකට හරිම නිසලයි,නිහඬයි. සන්සුන්.මගේ ආදරේ ඒ මහ මුහුද තරම්..සත්තයි!! ඒ තරම්  ම ගැඹුරුයි...අපරිමිතයි...කිසිදාක නොසිඳෙන ඒ මහ මුහුද මගේ ආදරේ තරම්.......

මගේ ආදරේ කොයි තරම්ද මට මනින්න බෑ.. කියන්න තේරෙන්නෙ නෑ.ඒථ් ඔය මූණ දැක්ක දවසෙ ඉඳන්, ඔය හිතේ ලස්සන අඳූනගත්ත දා පටන්, මේ හිතේ පොදි ගැහුනු ආදර කන්ද, දවසින් දවස වැඩි වෙනවා විතරයි..කොච්චරක්ද කියන්න බැරි, මනින්න බැරි මගේ ආදරේ ඔය හිතට දැනුනෙ නැත්තම්, සත්තයි ඒක පුදුමයක්...

ඔය හිනාවට මහ ගොඩක් ලෝභකම් කරන, ඔය අහිංසක ඇස් වලින් හිත කියවන, මොහොතක් මොහොතක් ගානෙ ඔය හිතත් එක්ක ආදරෙන් බැඳෙන මට ,ඔයා නම් හීනයක්.....

කට්ට කළුවර මේ අඳුරු කුටියට වෙලා මම දකින දකින හීනයක් ගානෙ, මගේ අඳුරු ලෝකෙට එළියක් ගේන්න පුළුවන් ඔයාට විතරයි..උදා කිරණක් වගේ ඇවිත් මගේ ලෝකෙ එළිය කරන්න අනේ ඔයාට පුළුවන් නම්.......මේ ජීවිතේ හඬා වැළපෙනවා.. මොහොතක් මොහොතක් ගානෙ.ඔයාව ඉල්ලලා.. ඔය ආදරේ ඉල්ලා...ඒත් ඔය ආදරේ නොලැබෙන බවක් හිත පිළිගන්නෙ නෑ දෙයියනේ.....
කොහොම වුනත් මම මහ ගොඩාක් ආදරෙයි ඔයාට... ඔව්. හුගාක් ආදරෙයි..

මේ මුළු ජීවිතේම අඳුරු වෙලා..අමාවක අහසක් වගේ මගේ ජීවිතේ..ම් කට්ට කළුවර අහස එළිය කරන්න පායන්න පුළුවන් මගේ සඳ ඔයා..මේ කාෂ්ඨක ජිවිතේ පුරා දෝරේ ගලන්න හැකි සිසිල් දිය දහරාව ඔයා...අනේ... දුරස් වෙන්න හිතන්නෙපා... දුරස් වෙන්න එපා.....


අහස නුඹ මෙතරම්
සයුර නුඹ මෙතරම්
ආදරේ මෙතරම්
සිහිනයකි නුඹනම්.....

සිහින දකිනා අඳුරු කුටියේ
උදා කිරණයි නුඹ මගේ
ජීවිතේ හඬයි නුඹ ඉල්ලා
නුඹට මා ආදරේ.. නුඹට මා ආදරේ...

අවපසයි මේ ජීවිතය මට
සිසිල් දිය නුඹ නොනැවතේ
මධුර ගී නුඹමයි සරා සඳ
දුරස් වන්නට එපා දැන්.. දුරස් වන්නට එපා දැන්..




ගායනය :- රොමේෂ් \ලක්ෂාන්

Post Comment

20 October 2011

෴ දේදුනු පාට වලියක්෴

ඔන්න අදත් වෙලාවක් හම්බුන වෙනේ හිතන්න යමක් ලියන්න හිතුනා.හිතුවක්කාරි දන් දැන් ටිකක් දියුණු වෙලානෙ. බලපතල කතා එහෙමත් ඉස්සරහට කියන්නයි ඉන්නෙ..;) කට්ටිය බලන් ඉන්න හොදේ???
මේ කතාව දේදුන්නෙ පාට ගැනයි.පොඩි මනඃකල්පිත කතාවක් වුනත්, ආදර්ශවත් බවක් තිබුන නිසා හිතට ඇල්ලුවා.
-------------------------------------------------------------------------
ඔන්න එකමත් එක කාලෙක ලෝකෙ තියන පාටවල් ටික රණ්ඩු වෙන්න ගත්තා.හැම පාටක්ම කිව්වෙ, තමුන් තමයි තියන  හොදම, ලස්සනම,වැදගත්ම සහ ප්‍රයෝජනවත්ම පාට කියලා.




කොළ පාට කිව්වෙ මෙහෙමයි:


"පැහැදිලිවම මම තමයි වැදගත්ම.මම තමයි ජීවිතේ සහ බලාපොරොත්තුවෙ සංකේතය.ගස් වැල් වලට, තණකොළ වලට මාව තෝරගෙන තියෙන්නෙත් ඒ නිසාමයි.මම නැත්තම්, හැම සත්වයෙක්ම මැරෙනවා.බලන්න මේ මුළු රටේම , මම තමයි ප්‍රධානම."


එතකොට ,
නිල් පාට කිව්වෙ මෙහෙමයි :


"ඔයාලා හැමෝම හිතන්නෙ පොළොව ගැන විතරයි. ඒත් බලන්නකෝ අහස දිහා, මහ මුහුද දිහා.බලන්න ඒ හැම තැනම මුල් වෙලා ඉන්නෙ මම. අහසෙ තියන වළකුළු වලින් වැටෙන්නෙ මහ මුහුදු පතුළෙම තියන ජල බිංදුම තමා. ජීවිතය පවතින්නම ඕනේ ජලය.ජීවය පවතින්න ඕනෙ මාව.මමයි හොඳම."


එතකොට සමච්චලයට වගේ
කහ පාට කිව්වෙ මෙහෙමයි  :


"ඔයාල හැමෝම ගැඹුරින්ම හිතලා.ඒත් මම තමයි මේ ලෝකෙට සතුට ගේන්නෙ, හිනාව ගේන්නෙ,උණුසුම ගෙනත් දීලා,ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන්නෙ.බලන්න ඉර හඳ තරු දිහා. ඒ හැමෝම කහ පාටයි.බලන්න සූරියකාන්ත මලක් දිහා, ඒ බලන මොහොතක මූණට හිනාවක් ගේන්න සතුටක් ගේන්න , එළියක් ගේන්න පුළුවන් වුනා නේද?මම තමයි විශිෂ්ඨම. මම නැත්තම් ලෝකෙ සතුටක් නෑ."


ඊටපස්සෙ 
තැඹිලි පාට මෙහෙම කිව්වා :


සමහර විට මම ඒ තරම් ම කැපිලා පේන්නෙ නැති වෙන්න පුළුවන්,ඒත් මම මිනිස්සුන්ගේ ජීවිත වලට ඕනිම කරන හුගාක් දේවල් ලබාදෙනවා.මම හුගක් වැදගත් විටමින් වර්ග ලබා දෙනවා.හිතල බලන්න, කැරට්, දොඩම්, වට්ටක්කා, අඹ වගේ ඒවා ගැන. ඒ හැම් තැනම ඉන්නෙ මම.නමුත් මම හැඅම වෙලේම පේන්න නැතිවෙන්න පුළුවන්, හැබැයි  ඉර පායද්දි හරි ඉර බැහැගෙන යද්දි හරි බලන්න ඒ සුන්දරත්වය. ඔයලා කිසිම කෙනෙක්ට බෑ එහෙම සුන්දරත්වයක් දෙන්න."


බලාගෙන  ඉන්න බැරි තැන ම,
රතු පාට මෙහෙම බෙරිහන් දෙන්න පටන්ගත්තා :


"මම තමයි ඔයල අහැම කෙනෙක්ගෙම ප්‍රධානියා.මූලිකයා.මම තමයි රුධිරය.මම තමයි භයානකත්වයේ පැහැය.මම නැති වුනොත් මේ පෘථිවියත් හිස් වෙනවා හඳ වගේම.ආදරයේ, රාගයේ, පොපි මලේ,රෝස මලේ සහ පොයින්සෙටියා වල උරුම වර්ණය මම.මම තමයි ප්‍රධානම."


නොඉවසිලිමත් ව නැගී හිටපු 
දම් පාට මෙහෙම කිව්වා :


"මම තමයි රාජකීයත්වයේ සහ ජවයේ පැහැය.රජවරු ආදිපාදිවරු ,රාජ්‍ය ප්‍රධානීන් මාව තෝරගන්නෙ එයාලගෙ සංකේතයන්ට.ඒ වගේම රාජධානි වලට. මිනිස්සු මගෙන් ප්‍රශ්න අහන්නෙ නෑ.. මට ඇහුන්කන් දෙනවා සහ පිළීපදිනවා."


අවසානයේදි ඉන්ඩිගෝ කතා කරා බොහොම නිවිසැනසිල්ලෙ, විනීතව, අනිත් හැම පාටකටම වඩා තැන්පත්ව, වෙනස් විදියකට.

ඉන්ඩිගෝ කිව්වෙ මෙහෙමයි :


"හිතලා බලන්න මම ගැන. මම තමයි නිශ්ශබ්දතාවයේ වර්ණය.මම නැතිව මගේ පසු බිමින් තොරව ඔය කිසිම කෙනෙක් පවතින්නෙ නෑ..මම තමයි සිතුවිල්ලෙ, පසුබිමේ, සැදෑ අඳුරේ, සහ ගැඹුරුම ජලයේ පැහැය.ඔයලාට මාව ඕනෙ වෙනවා, සමබර කරගන්න වර්ණ ආලෝකය. ඉතින් මම තමයි වැදගත්ම."


මේ විදියට දිගින් දිගටම රණ්ඩු වෙන්න, කෑගහන්න , සහ තම තමන්ගෙ ආත්ම වර්ණනාව කියවන්න මේ පාටවල් ටික පටන්ගත්තා.තොරතෝංචියක් නැතිව නොනවත්වා කෑගහන්න පට්නගත්ත මේ පාටවල් වල සද්දෙ එන්න එන්නම වැඩි වුනා.


නමුත් අනපෙක්ෂිත විදියට, එකසැරේම මේ විශාල සද්දෙ මැදිනනමුතු එළියක්, තද ආලොකයක් එක්ක, විදුලි එළි ගොන්නක් මැදින් අහස ගුගුරන්න පටන්ගත්තා.අවාසනාවන්ත විදියට වැස්ස අහසින් වැටෙන්න පටන්ගත්තා. රණ්ඩු වෙවී හිටපු පාටවල් ටික බයෙන් තැති ගත්තා.බයෙන් එකිනෙකාට ළං වුනේ එකිනෙකාගෙ ආරක්ෂාව පහසුව තකායි.


මේ කාලගෝට්ටිය මැද වැස්ස කථා කරන්න පටන් ගත්තා.


"මෝඩ පාටවල් ටික, මේ අහගන්නවා.තම තමන් සටන් කරන්නෙ තමන් එක්කමයි.තමන් හදන්නෙ තමන් මූලික වෙන්න නේද?දන්නෙ නැද්ද මෝඩ පාටවල් ටික ඔයාල හැදිලා තියෙන්නෙ විශේෂ අරමුණක් වෙනුවෙන්, වෙනස් විදියට කියලා? වහාම එකිනෙකාගෙ අත්වැල් බැඳගෙන එන්න මා ළගට."


වැස්ස කිව්ව වගේම, පාටවල් ටික එකට එකතු වුනා. අත් වැල් අල්ලගත්තා.
වැස්ස ආයෙත් කියන්න පටන් ගත්තා.


"මේ දැන් ඉදන්,මේ වැස්ස වහිද්දි, ඔයාල හැම කෙනෙක්ම මේ අහස පුරාම ඇඳෙනවා..වැදගත්ම ගෞරවය වෙන්නෙ මේ හැම පාටකම, සමගියෙන් සමාදානෙන්, එකමුතුව ඉන්න එකයි.දේදුන්න කියන්නෙ හෙට දවස ගැන බලාපොරොත්තුවෙ සංකේතයක්."


වැස්සකින් පස්සෙ අහස පුරා ඇඳෙන දේදුන්නකින් අපිට මතක කරන්නෙ එකිනෙකාට ගරු කිරීමේ, අගය කිරීමෙ වැදගත්කම.


හුගාක් ලස්සන දෙයක්, වැදගත් දෙයක්, වටිනාකමක් ඇති දෙයක් නිර්මාණය කරන්න තනියම මූලික වෙනවට වඩා ,එකමුතු වීම සහ එකිනෙකාට ගෞරව කිරීම, අගය කිරීම ,හෙළා නොදැකීම මගින් සාර්ථක කරගන්න පුළුවන් වගේම තමන් හැම විටම උසස් යැයි සිතීමත්, අනුන් හෙළා දැකීමත් උචිත නොවන බව මතක තබා ගත යුතුයි..හැම කෙනෙකුටම අනන්‍ය වූ සහ ආවේණීක වූ වටිනාකමක් තිබෙන බවත්,තමන් සේම අන් අයටද එවන් හැකියාවක්, අනන්‍යතාවයක් ලැබී ඇති බවද අමතක නොකළ යුතුයි.


----------------------------------------------------------------------------------


ආශ්‍රිත :- lifeofhope.com



Post Comment

18 October 2011

කුමක් කරන්නද මං.... ඔබට ආදරෙයි නම්...

ගතවෙන දවසක් දවසක් ගානෙ             
මම හොයන ඔය ඇස් දෙක
නොහිතන වෙලාවලදි , 
හදිස්සියෙම මගේ ඇස් හමුවුණාම
දෙයියනේ,
මගෙ හුස්ම නැවතෙනවා....
හිනාවෙන්නද, නොවෙන්නද,
ඔය ඇස් දිහා බලාගෙනම ඉන්නද,එපාද
මම කොහේදෝ ලෝකෙක
අතරමං වෙලා වගේ ......
හිත හදාගෙන හිමින් හිමින්
පියවි ලෝකෙට ඇවිදින්
හිනාවෙන්න හොයද්දි ඔය ඇස් දෙක,
අනේ.............
ඔයා යන්න ගිහින්............

Post Comment

15 October 2011

තටු සිඳුනු සමනළී - 9 වන කොටස

මේ සැරේ හුගාක් පරක්කුයි. සමාවෙන්න ඕනෙ මේ දවස්වල වැඩ අධිකයි . හිතූ බිසී වෙලා.ඉතින් කතාවෙ ඉතිරි ටික ලියාගන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. ඔන්න කොහොමහරි ලිව්වා. අඩු පාඩු එහෙම තියෙනවනම් කියන්න.වෙන්දා වගේම අදත් කියන්නෙ එහෙමයි. ගල් මුල්, මල් සාදරෙන් භාරගන්නවා.

ඔන්න මුල කොටස කියවපු නැති අය , කතාවෙ මුල අමතක අය කියවලම එන්නකෝ....

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8

අද එතැන් සිට......

-------------------------------------------------------------------------------------------------------------------

"හෙලෝ මධූ!!!"

"අනේ දසුන් ඔයා?"

"හ්ම්ම්ම්ම්ම්.. කෙල්ලට ඉතින් අපිව මතක නෑනෙ ගෙදර ගියාම"

"අනේ නෑ දසුන්.. මට චුට්ටක් අමතක වුනා. මම ගෙදරට ආව විතරයි.කතා කරන්න හිටියෙ ඔයාට"

"අන්න අන්න ඉතින්... බොරු එපා චූටි..."

"" ඔයා දන්නවනම් මම ඔයා ගැන වද වෙන තරමක්..... ඔහොම කියන්නෙ නෑ මට""  කටට ආ දේ එහෙම්ම කියලා දන්න තිබුණනම්.. ඒත් සාම්ප්‍රදායික ගැහැණු කම නිසා , ඒ සිතුවිලි එහෙම්ම යටපත් කරගත්තා.


"හරි කොහොමහරි ඔයට අමතක වුනානෙ. කමක් නෑ.. ඔන්න මම කතා කලා. ඔයා පරිස්සමින් ඉන්නකෝ එහෙනම්.. ඒ ඇති."

"හ්ම්ම්... මම හොදින්. ඔයත් හොදින් පරිස්සමින් ඉන්න. පාඩම් කරන්න හොදට දසුන්."

" ඔයත් පාඩම් කරන්න. මම එහෙනම් තියන්නම් දැන්. බුදුසරණයි..!!"

"බුදුසරණයි දසුන්..!!"

දසුන් ෆෝන් එක තිබ්බටත් පස්සෙ මට දැනුණෙ ඒ කට හඬ මේ ළග ළගම මගේ කනට ළං වෙලා කොදුරනවා වගෙයි. මොහොතකට ඒ සිතිවිලි දිගේ මම ඔහේ ඇවිදගෙන ගියා මනසින්. ඒ හැගීමෙන් මිදෙන්න ලෝභ හිතුනා .

ඇත්තටම ආදරේ කරන කෙනෙක් , තමන් ආදරේ කරන කෙනා කෑවද, බිව්වද, කරදරයක් නැතිව හොදින් ඉන්නවද, කියලා නිතරම හොයල බලන්න පෙළඹෙන්නෙ හදවතේ ගැඹුරුම තැනක ප්‍රේමයේ නාමයෙන් තියන කැක්කුම නිසයි.

"දසුන් ටත් මං ගැන එහෙම හැගීමක් තියෙනව ඇත් ද??" මගේ හිතින්ම මම ප්‍රශ්න කරගත්තා.

------------------------------------------------------------------------------------------------------------------

කෙනෙක්ට ළං වෙන්න ළං වෙන්න ඒ ඇති වෙන බැඳිම ප්‍රබල වෙනවා වැඩියි.කාලයක් එක්ක එහෙම බැඳිම් ශක්තිමත් වෙනවා.දසුන් එක්ක මගේ බැඳීමත් මොහොතින් මොහොත, දවසින් දවස, ශක්තිමත් වුනා.හැම සිදුවීමකින්ම, ඇම බැලිමකින්ම, හැම වචනයකින්ම අපි අපිට ළං වුනා.ඒ බැඳීමට යාළු කම කියලා නම් කලාට, සත්තකින්ම ඊට එහා ගියපු පුදුම තරමේ ශක්තිමත් බැඳිමත් අපි අතරේ තිබුණා.


කාලය වේගයෙන් ගත වුනා. දින සති මාස ගත වුණේ පුදුම ඉක්මණට.ඒත් තවමත්, දසුන් මට වත්, මම දසුන්ට වත් අපි අපි ගැන තිබුණු ආදරේ ඒ හැගීම වචන වලින් ප්‍රකාශ කළේ නෑ.ඒත් කාලය ගත වුනා.ඒත් ඒ සොඳුරු නිර්මල බැඳීම හරිම අපූරුවට ගලාගෙන ගියා.පුංචි පුංචි අඬ දබර, නෝක්කාඩු විහිළු තහළු හැම දෙයක්ම මැද දසුන්ගෙ ආදරේ උතුරන ඇස් වලින් මම ලෝකෙ දිහා බැලුවා.ජීවිතේට වැදගත් වෙන සමහර පුංචි පුංචි දේවල් ගැන නොදන්න නොදැන හිටිය දේවල් ඉගනගත්තා.දසුන් මට ජීවිතේ ගැන, සමාජෙ ගැන කියල දුන්නු අපූරු  පොතක් වුනා.


මාස හතරක්, පහක් විතර යද්දි, ඇත්තටම අපිට අපි නැතිව බැරි වුනා.පුංචි පුංචි දේටත් මට දසුන්ගෙ උදව් නැතිව බැරි වුනා. දසුන්ටත් හැම සතුටකදිම දුකකදිම මං නැතිව බැරි වුනා.ඔය අතරෙම දසුනුත් මමත් , හැම විෂයකටම එකම පංතියට යන්න පංති වෙනස් කරගත්තා. හැබැයි අපි හමු වුනු, ළං වුනු ඒ ගණන් පංතිය හැර.

දසුන් මට ආදරණීය යාළුවෙක් වුනා, දුක සැප දෙකේදිම මගේ ළගින්ම ඉන්න දගකාර සහෝදරයෙක් වුනා.මගේ තාත්තට සම කරන්න පුළූවන් කිසිම පිරිමියෙක් මේ ලෝකෙ වෙන නැති වුනත්, දසුන් මගේ තාත්තා තරම් ආදරෙන් මාව ආරක්ෂා කලා.පුළුවන් හැම මොහොතකම මට උදව් කලා.ඒත් අපේ ඒ බැඳිමට දෙන්න නමක් මමවත්, දසුන්වත් දැනගෙන උන්නෙ නෑ.කාලය ගෙවුනා දැනුනෙත් නෑ..
-----------------------------------------------------------------------------------------------------------------

සුපුරුදු විදියට එදා ඉරිදා දවසේ  මමයි දසුනුයි පංති ඉවර වෙලා නුගේගොඩ ඉදන් කොහුවල හංදියට ඇවිදගෙන ආවා. ඒ පංතියට හසී, නිශා කෞෂි එන්නෙ නැති නිසා, මට බස් එකේ යන්න හිටියෙත් දසුන් විතරයි.දිලූ, තමාෂි පංතියට ආවට, එයාලා යන්නෙ මම ඉන්න පැත්තට නොවන නිසාත් මගේ තනියට උන්නෙ දසුන් විතරයි.මගේ නොනවතින කතා පෙට්ටියට ඇහුම්කන් දිදී දසුන් මාත් එක්ක ආවෙ හරිම සංතෝසෙන්.

"ලොකු දූ...."

එකසැරේම පුරුදු කටහඬකින් මාව ගැස්සිලා ගියා.ක්ෂණිකවම කටහඬ ඇහුණු දිහාව බලපු මට පෙනුනෙ දසුන් දිහාවට අමුතුම බැල්මක් යොමු කරගෙන ඉන්න අපේ ලොකු අම්මාව.

"අහ්හ්.... ලොකු අම්මා....මේ මේ.. කො....හෙ. ද යන්.. නේ?"

අමාරුවෙන් කටට ආපු වචන ටික එකතු කරගෙන කියලා දැම්මෙ හිත ගැස්සුනු නිසා ලොකු අම්මා වැරදි දෙයක් හිතාවි කියලා බයටමයි.

"මම මේ NOLIMIT එකට ආවා දුව. දුව පංති ඇරිලා යන ගමන්ද?"

"ඔව් ලොකු අම්මා. මේ ඉවර වෙලා යන ගමන්. මේ මගේ හොදම යාළුවෙක්. දසුන්."

මට ටිකක් එහාට වෙන්න හිටගෙන උන්නු දසුන්ව මම ලොකු අම්මාට අදුන්වලා දුන්නෙ, ලොකු අම්මා අපි දෙන්නා ගැන වැරදියට හිතාගෙන ගිහින්  අම්මාට කිව්වොත් කියලා හිතාගෙනයි.

"අහ්හ්... පංතියෙ යාළුවෙක්ද?"

ලොකු අම්මා දසුන් එක්ක හිනා වෙලා මගෙන් ඇහුවා.

"ඔව් ලොකු අම්මා. හොදම යාළුවෙක්."

"අහ් එහෙනම් කමක් නෑ. පරිසමින් යන්නකෝ. මම තව වැඩ වගයකට ත් යන්න ඕනේ.නැත්තම් දුවත් එක්කම එන්න තිබ්බා."

"හරි ලොකු අම්මා කමක් නෑ.. එහෙනම් ලොකු අම්මාත් පරිසමින් යන්නකෝ. මම යන්නම්.."

"හරි බුදු සරණයි ..!!"

ලොකු අම්මා එහෙම කියලා දසුන්ටත් හිනාවෙලා අත වනලා යන්න ගියා.

"දෙයියනේ දසුන්.... මටනම් බයයි.."

දසුන් ළගට කිට්ටු වුනු මම එහෙම කිව්වෙ ඇත්තටම හිතේ ගින්දරින්.දසුන්ගෙයි මගෙයි එහෙම සම්බන්ධයක් නොතිබුණත්, තිබුණත්, ලොකු අම්මා ,අම්මාට කොහොම ගිහින් කිව්වත්, අම්මාගෙ හිතේ සැකයක් ඇති වෙනවට, විශ්වාසය පළුදු වෙනවට මට බය හිතුණා.


" ඒ මොකද මධූ?? ඇයි මේ??"

"දසුන් ලොකු අම්මා අපි ගැන වැරදියට හිතන්න ඇත් ද??"

"හ්ම්ම්... ඒකනම් ඉතින් ලොකු අම්මාගෙන්ම තමා අහන්න වෙන්නෙ, මම දුවලා ගිහින් අහලා එන්නද?"

" දසුන්..!!! ඒක විහිළු කරන වෙලාවක් නෙවෙයි.මම මේ හොදටම බය වෙලා ඉන්නවා. මෙයා මේ විහිළු කරන්න එනවා."

"හරි හරි චූටි.. බය වෙන්නෙපා. ඔයා ලොකු අම්මාට කිව්වනෙ මම යාළුවෙක් කියලා. ප්‍රශ්නයක් වෙන එකක් නෑ..මම ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කෙල්ලෙ.ඇයි ඔහොම බය?"

"මට බයයි දසුන්.. අපේ ලොකු අම්මාත් ටිකක් එක විදියක්. එයා මොනා කියයිද දන්නෙ නෑ අම්මාට.කොහොමත් එයා ඕක අම්මට කියනවා මට ශුවර්."

"ඉතින් මධූ ඔයා අද රෑට ශේප් එකේ අම්මාට කියන්න මෙහෙම යාළුවෙක් එක්ක යද්දි ලොකු අම්මාව හම්බුනා කියලා."

"හ්ම්ම්ම්ම්ම්... ඒක තමා එහෙමවත් කරනවා."

"ඔයාට මාත් එක්ක මෙහෙම එකට යන එන එක හොද නෑ නේද මධූ?? මම වැරදියි.. මට ඒක තේරුණේ නෑ කෙල්ලෙ.මට සමාවෙන්න. අනිත් දවසෙ ඔයා ඉස්සරහින් යන්න. මම ඔයාගෙ පිටිපස්සෙන් එන්නම්. ඔයාව තනියම යවන්න මට බෑනෙ."

"අනේ දසුන්නොනාද මේ කියන්නෙ?? එහෙම නෑ.. ඔයා මගේ හොදම යාළුවා. ඔයා එහෙම කරන්නෙපා.එහෙම දෙයක් නෑ..යාළුවො දෙන්නෙක්ට පාරෙ යන්න බැරිද එකට?"

"හ්ම්ම්.. ඒත් මේ ලෝකෙ නපුරුයි චූටි....ඔයාගෙ ළාමක හිත මේ ලෝකෙ නපුරුකම තේරුම් ගන්න මෝරලා මදි.අපි බලමුකෝ, ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ මම."

දසුන් එහෙම කිව්වහම මගේ තුන් හිතම ඇවිලිලා ගියා. මම ඒ හිත රිද්දුව නේද කියලා හිතුනා.හිත හදාගෙන ,එන ඕනෙම දේකට මූණ දෙන්න මම ලෑස්තිවෙනවා කියලා හිතාගත්තා.
-----------------------------------------------------------------------------------------------------------------

එදා හවස ගෙදර ගිහින් අම්මගෙ මූණ බලද්දි මට වෙනදා නැති මහ අමුත්තක් දැනුණා. වරදක් නොකලත්, අම්මාගෙ හිතේ මං ගැන තියන විශ්වාසය නැති වෙයි කියන බය හිතට තදින්ම දැනුණා.කොහොම වුනත් අද වුනු සිද්ධිය , හොද වෙලාවක් ආව ගමන් අම්මාට කියන්න ඕනෙ කියලා හිතා ගත්තා.ඒත් වෙනදා වගේම වෙනසක් නැතිව ගෙදර කටයුතු සිද්ධ වුනු නිසා, හිතේ තිබුණූ බය ඩිංගක් අඩු වුනා.

ඔය අතරෙ ටිකක් රෑ වෙලා දසුන් මට කතා කලේ මොකද වුනේ කියලා දැනගන්නයි.

"ඔයා අම්මාට කිව්වද මධූ??"

"නෑනෙ දසුන්. මට තවම බැරි වුනා."

"හ්ම්ම්..... ලොකු අම්මා අපි ගැන වරදවා හිතාගෙන ඇවිත් අම්මාට කියයි කියලා හිතනවද ඔයා?"

"ඒක නම් කියන්න බෑ දසුන්. එයාව ශුවර් නෑ..එහෙම කිව්වොත් ඉතින් ඒක බොරුවක්නෙ.ඔයා මගේ හොදම යාළුවෙක් විතරයිනෙ."

"ම්ම්ම්ම්ම්.. මම හොදම යාළුවෙක් විතරද??"

ඒ ප්‍රශ්නෙට නම් මම ගොළු වුනා.

""දෙයියනේ.. ඔයා මගේ ලෝකෙම හොරකම් කරගෙන ඉවරයි දසුන්... දන්නෙ නෑ වගේ ඔහොම අහන්නෙ.ඇයි??"" හිත ඇතුළෙන් මම හිරි වැටුණා.

"අපිට බැරිද මධූ ලොකු අම්මා බොරු කාරියක් නොකර ඉන්න?"

"ඒ කිව්වෙ??"

" නෑ.. මේ.. මේ.. ලොකු අම්මා ඇවිත් අපි ගැන වරදියට හිතාගෙන අම්මාට කිව්වොත් එයා බොරු කාරියක් වෙනවනෙ  ඉතින් අපිට බැ...රි..ද.. ඒක ඇත්තක් කරන්න??එතකොට ලොකු අම්මා බේරෙනවනෙ.."

"මො..ක...ක්...???"                                                

මට කෑගැහුණා.මෙයා මේ කියවන්නෙ මොනාද දෙයියනේ... දසුන්.....මං ඔය හිත දන්නවනෙ...

" දන්නෙ නෑ වගේ රගපාන ලස්සන...මධූ දන්නවා මම මොනාද කියන්නෙ කියලා..."

"නෑ... න්..නෑ.. ද..සු.. න්.... මට තේරෙන්නෙ නෑ.."

"බොරු කරන්නෙපා කෙල්ලෙ. ගෑණූ කවද්ද ඉතින් හිතේ තියන දේ කිව්වෙ.හිතේ එකක්  තියාගෙන කියන්නෙ තව එකක්."

"මම?? අනේ නෑ..."

මගේ නළල ට උනපු දාඩිය බිංදු කීපයක් අතින් හිමින් සැරේ පිහදාගන්න ගමන්, ගැහෙන අතින් ෆෝන් එක අල්ලගෙන මම උන්නෙ වචන ගොනු කරගන්න බැරිවයි.


" ඔයා දන්නවා මධූ.. මම හුගාක් කල් ඉදන් මේකට අවස්ථාවක් එනකම් බලන් උන්නෙ.ඔයා දන්නවා, මගේ හිත. ඔයාට දැනෙන්න ඕනෙ. ඔව්.. ඔයාට තේරෙනවා චූටි... තේරෙනවා නේද?? මං ඔයාට මහා ගොඩාක් ආදරෙයි මධූ... මහා ගොඩාක්...  "


""දෙයියනේ....මගෙ හුස්ම නැවතෙයිද?? ""මට හිතාගන්න බැරි මොහොතක දසුන් මේ දරාගන්න බැරි උහුලගන්න බැරි කප්පරක් ආදරේ එක දිගට කියවගෙන යන්න පටන් ගත්තා.


"කතා කරන්න මධූ.. ඇයි ඔහොම ඉන්නෙ. ඔයා දැක්ක දවසෙ ඉදන්මයි මම ඔයාට ළං වුනේ.. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. අදටත් මට තේරෙන්නෙ නෑ හේතුවක් කියන්න... ඒත් මං දන්න එකම දේ මං ඔයාට මහා ගොඩාක් ආදරෙයි ..ඔයාගෙ දුක, සතුට ළග මම හැමදාම ,මෙච්ච්ර කාලෙකට පුළූවන් හැම මොහොතකම ළගින් හිටියා.ඉස්සරහටත්, ඔයා මොන තීරණයක් ගත්තත් ඒක වෙනස් වෙන්නෙ නෑ චූටි...සත්තයි. මං ඔයාව මලක් වගේ පරිස්සම් කරන්නම්.ඔව් මම එහෙම කරනවා.. ඔය හිතේ සතුට වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනවා.....මෙච්චර කල් කලා වගේම. "

ඇස් වලින් කඳුළු කැට සට සට ගාලා වැටෙද්දිත් ,මම දසුන් කියපු වචන අහගෙන උන්නෙ හිත පුරාම මේ දැනෙන්නෙ , ඇස් වලින් මේ උතුරල ගලන්නෙ ආදරේ නේද කියලා හිත හිතමිනුයි.මේ ගලන්නෙ සතුටු කඳුළු වත්, දුක් කඳුළු වත් නෙවෙයි.. මේ ආදරේ කඳුළු.දරාගන්න බැරිව හිත හතරට පහට කැඩිලා යයි කියලා මට බය හිතුනා.

මොනා කියන්නද, කොහොම කියන්නද, කිසිම දෙයක් හිතාගන්න බැරිව , මහා කැළයක් මැද අතරමං වුනු පුංචි මුව පැටියෙක් වගේ මම අසරණ වෙලා බලන් හිටියා.


"මධූ.. කතා කරන්නකෝ ..  මධූ......කියන්න මට.. ඔයා මට ආදරෙයි නේද???"



----------------------------------------------------------------------------------------------------------------

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............


ආදරේ වෙනුවෙන් පේවී , පෙරමග බලන් ඉන්න, ආදරණිය මධූ දසුන් ට කුමක් කියාවිද?????? දසුන් ගේත්, මධූ ගෙත් ආදර කතාව කොහොම ඇරඹෙයිද?? නැතිනම් එය තවත් එක බලාපොරොත්තුවක් පමණක්ම වෙයිද??? හමුවෙමු ඊළග කොටසින්........


10 වන කොටසට.....

Post Comment

09 October 2011

මං ආදරෙයි......

මට ඉගිල්ලෙන්න හිතෙනවා මේ නීල අහස පුරාම
කිරිල්ලියක් වගේ සංතෝසෙන්
අත් තටු සල සලා ඈතටම.....
හිත හිරි වැටිලා, හීන් කිතියකින් කිති කැවිලා
දැන්නෙන්න නම් මට මහා බරක්
වෙනදාටත් වඩා ලොකු ආදරයක්.....
කාලයක් තිස්සෙම මම පෙරුම් පුරපු ඔය හිතම
මාත් එක්ක හිමි හිමිහිට දොඩමළු වුනු ලස්සන
එක දවසකට හරි මට දුන්නු ඒ සෙනෙහසට
ණයගැතියි මම සසර පුරාම.......
තව තවත් ඔය හිතට ළං වෙන්න,
ප්‍රේමණීය ඔය ඇස් අගින් කිමිදෙන්න
ආයෙමත දවසක මට දෙන්න පුංචි හරි ඉඩක්, එදා වගේම.......
ආසයි තුරුළටම වෙලා, හිත ළගම දැවටිලා
මේ රත්තරං ආදරේ කියන්න, සත්තමයි...
මං ආදරෙයි... මං ආදරෙයි...... මං ආදරෙයි.......

Post Comment

08 October 2011

අලුත් විදියකින් ජීවිතේ දිහා බලමුද????

ඔන්න හිතුවක්කාරි හැමදාම වගේ අදත් මේ කියන්න යන්නෙ දුක හිතෙන කතාවක් නෙවෙයි.ජීවිතේ ගැන වෙනස්ම විදියකට අපිට බලන්න පුළුවන් නම්, කොයි තරම් නම් හොඳද නේද?? අද මං ලියන්න හිතුවෙ ජීවිතේට යමක් ගන්න පුළුවන් කියලා හිතෙන වටිනාකමක් තියන කතාවක් ගැන.මට මේක කියෙව්වහම හිතුනා මේ කතාවෙ ගන්න යමක් තියෙනවා නේද කියලා. ඉතින් මෙහෙම ලියන්න හිතුවා.
--------------------------------------------------------------------
ඔන්න එකමත් එක කාලෙක , හිට්යා කෝකියෙක්.මේ කෝකියාට හිටියා ලස්සන දුවෙක්.හැබැයි මේ දුව එයාගෙ පියාට, එහෙම නැත්තම් මේ කෝකියාට , නිතරම පැමිණීලි කලා, කන් කෙඳිරි ගෑවා එයාගෙ ජීවිතේ ගැන.මේ දුව නිතරම එයාගෙ ජීවිතේ ගැන කණස්සල්ලෙන් පසු වුනා.


"මගේ ජීවිතේ මටනම් එපා වෙලා..මම කොහොමද සතුටින්, හොඳින් ජීවත් වෙන්නෙ?"


මේ දියණිය හැම මොහොතකම තමන්ගෙ පියා  සමග , කථා කළේ ජීවිතේ ගැන හුගාක් දුකින් වගේම කළකිරීමෙන්.ඇය ඇගේ ප්‍රශන වලට උත්තර හොයන්න, විසඳගන්න හැම මොහොතකම කාලයත් එක්ක සටන් කරන්න, අරගල කරන්න උත්සාහ කලා.ඒත් එක ප්‍රශ්නයක් විසඳෙන ක්ෂණිකව තවත් ප්‍රශ්නෙකට මූණදෙන්න ඇයට සිදු වුනා.




එක්තරා දවසක ඇගේ පියා, ඇයව මුළුතැන් ගෙට එක්කගෙන ගියා.මුළුතැන්ගෙට ගිහින්  එක සමාන මුට්ටි තුනක් අරගෙන ඒ හැම මුට්ටියකටම සමාන වතුර ප්‍රමාණයක් පුරවලා, ලිපි ගිනි දල්වලා වතුර රත් වෙන්න තැබුවෙ දියණියත් සමග කිසිම වචනයක් කතා නොකරමයි.


තම පියා මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කිසිම අවබෝධයක් නැතිව, ඇය පුදුමයෙන් බලාගෙන හිටියා.එකවිටම වගේ වතුර මුට්ටි රත් වෙලා වතුර නටන්න පටන්ගත්තා.එවිට ඔහු වතුර මුට්ටි තුනෙන්, පළමුවෙනි එකට අර්තාපල්, දෙවෙනි මුට්ටියට බිත්තර  සහ තුන්වෙනි මුට්ටියට කෝපි ඇටත් දැම්මා.


තවමත් මේ සිදුවන දේ දියණියටනම් පුදුමයක්.විනාඩි විස්සකට පමණ පසුව, ඔහු අර්තාපල්, සහ බිත්තර වෙන වෙනම භාජන දෙකකටත්, කෝපි ඇට වෙනමම කෝප්පයකටත් දැමුවා.


ඊටත් පසුව තම දුව දෙසට හැරුණු ඔහු,


 " දුව, මොනාද ඔයාට පේන්නෙ???"  ඇහුවා.


"අර්තාපල්, බිත්තර, කෝපි ඇට" මොහොතක්වත් නොසිතා ඇය ක්ෂණිකවම උත්තර දුන්නා.


"හොඳට බලන්න. අල්ලලා අතට අරන් බලන්න මේ අර්තාපල්."


ඔහු නැවතත් දියණියට කිව්වා.


ඇය අර්තාපල් අතින් ගෙන ,අතගා බලා ඒවා පෙරට වඩා මුදු බවත් වටහා ගත්තා.ඊළගට ඔහු, බිත්තරයක් ගෙන එය කටුව කඩා බලන ලෙස දියණියට කීව්වා. ඇය බිත්තරයක් ගෙන කටුව කඩා ඇතුළත පෙරට වඩා සවි වී ඇති බවත්, තැම්බීම නිසා මදය ශක්තිමත්ව ඇති බවත් වටහාගත්තා.අවසාන වශයෙන් ඔහු ඇයට කෝපි තොල ගා බලන ලෙසත් ඉල්ලා සිටියා.


තම පියාගෙ ඉල්ලීම ඉටු කල මේ දියණිය ඊට පසුව පියා දෙසට හැරී,


"තාත්තා, මොකක්ද මේකේ තේරුම?"  ඇසුවා.


ඔහු තම දියණියට විස්තර කරන්න පටන්ගත්තා.


අර්තාපල්, බිත්තර වගේම, කෝපි ඇට වලටත් වතුර නටද්දි මූණ දෙන්න සිද්ධ වුනේ එකම සංසිද්ධියකට යි.නමුත් ඒ අර්තාපල්, බිත්තර සහ කෝපි ඇට ඒවාට ප්‍රතික්‍රියා කලේ, එහෙම නැත්තම් මූණදුන්නෙ වෙනස් වෙනස් විදි වලටයි. 


අර්තාපල් මුලින් තිබුණෙ, ශක්තිමත්ව, දැඩි බවකින් යුක්තවයි, නමුත් වතුරේ තැම්බෙද්දි අර්තාපල් මුදු සහ දුර්වල වුනා.


ඒ වගේම බිත්තර තැම්බෙන්න කලින් තිබුණේ, තුනී බිඳෙන සුළු කටුවකින් ඇතුළත තිබුනු දියරමය මදය ආරක්ෂා වෙලයි.නමුත් උණු වතුරෙන් තැම්බුනාට පස්සෙ, බිත්තරය ඇතුළත ශක්තිමත් වෙලා තිබුණා පෙරට වඩා.


කොහොමහරි, කෝපි වෙනස්ම දෙයක් වුනා. ඒවා උණු වතුර සමග මිශ්‍ර වෙලා , වතුරත් වෙනස් කරලා,වෙනමම, අලුත් ද්‍රව්‍යක් සාදා තිබුනා.


"ඔයා මොන එකද??" ඔහු තම දියණියගෙන් ඇහුවා.


"මොකක් හරි ආපදාවක්, කරදරයක්, ප්‍රශ්නයක් ඔයාගෙ දොරට තට්ටු කරන කොට, ඔයා ඒකට මූණ දෙන්නෙ කොහොමද? ඔයා අර්තාපල් ගෙඩියක්ද?? බිත්තරයක්ද?? එහෙම නැත්තම් කෝපි ඇටයක්ද??"


ඔහු තම දියණියට හිතන්න දෙයක් ඉතිරි කළා.


ජීවිතේ දී, අපි වටා හුගාක් දේවල් සිද්ධ වෙනවා.ඒ වගේම අපිට හුගාක් දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.වැදගත් වෙන්නෙ මේ සිද්ධ වෙන දේවලුත් එක්ක අපිට ඇත්තටම වෙන්නෙ මොකක්ද කියන එකයි.අපි ඒ දේවල් එක්ක ජීවිතේට මූණ දෙන්නෙ කොහොමද කියන දෙයයි.


ඔයා තෝරගන්නෙ මොකක්ද??
බිත්තරයද? අර්තාපල් ගෙඩියද? නැත්තම්, කෝපි ඇටයක්ද?


ප්‍රශ්න අපේ ජීවිත වලට එද්දි, කොහොමද අපි ඒ ප්‍රශන වලට මූණ දෙන්නෙ?ඒ  ප්‍රශ්න අපිව දුර්වල කරනවද? එහෙම නැත්තම් ඒ ප්‍රශ්න නිසා අපි ශක්තිමත් වෙනවද? නැත්තම් අපිව වෙනස්ම කෙනෙක් කරන්න, සම්පූර්ණ වෙනස් මගක යන්න ඒ ප්‍රශ්න හේතුවක් වෙනවද?


අවසාන වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නෙ මේ දෙයින්,


"සතුට කියන්නෙ අපි හොයන දේ නෙවෙයි. අපි විසින් නිර්මාණය කරන දේටයි"




ඒ වගේම තවත් ලස්සන කියමනක් තියෙනවා, මෙතනට ඒකත් ගැළපෙනවා කියලා හිතුනා. සිනාව සතුට මේ ඔක්කොම එක හා බැඳුණු දේවල් නේ.


"Smile in pleasure, smile in pain; Smile when trouble pours like rain; Smile when someone hurts you, Smile because someone cares for you."
----------------------------------------------------------------------------------
ආශ්‍රිත :- ezsoftech.com

Post Comment

02 October 2011

දාලා ගිය කෙනෙක් ආයෙත් ආවොත්????

"ඔබ ආයෙමත් ඇවිදින් හිත හදාගත්තා විතරයි
ඔබ ආයෙමත් ඇවිදින්”
උන්නු දා පෙර අත පොවන්නට
බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද
කොයි තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..."


ආදරෙන් පැරදිලා, අනේක විද දුක් ගැහැට විදපු හිතක්, කාලයේ නාමයෙන් හිත හදාගත්තා විතරයි, ඒ ආදරේ කරපු රූපෙ, ආයෙමත් ඇස් ඉස්සරහට ආවොතින්...... මොනා වෙයිද????කාලය ට පිං සිද්ධ වෙන්න සුවපත් වෙච්ච, හිතේ ගැඹුරුම පතුලෙ ඇති වුනු තුවාලය ආයෙමත් නොපෑරී තියේවිද??


දෛවය මහා පුදුමාකාරයි... දෛවය ආදරේ කරන හිත් වෙන් කරන්නෙ මහා අකාරුණික විදියට. එහෙම වෙන් කරන හිත් ආයෙමත් මුණගස්වන්නෙත් ඒ දෛවයමයි...අමතක කරන්න, ඈත් වෙන්න මොහොතක් මොහොතක් ගානෙ පෙරුම් පුරද්දි, ආයෙත් ආයෙත් ඒ මතකයන් වලට, අතීතෙට හිත ළං කරන්නෙ දෛවයමයි....


ආදරේ ගැන කතා කරද්දි, මතක් කරද්දි,මොහොතකට ඇස් දෙක පියාගෙන විඳින්න පුළුවන් ලස්සනම ලස්සන මතක තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?අතීතය මතක් කරලා සතුටු වෙන්න, හිනා වෙන්න පුළූවන් කීදෙනාටද?ආදරේ කරලා , ජීවිතේ ආදරේම කරගෙන ඉන්න කීයෙන් කී දෙනාද සතුටින් ඉන්නෙ?? 


අත්වැල් පටලගෙන,  මං මාවත් දිගේ, පරක් තෙරක් නොදන්න, අනාගතේ ගැන කියව කියව ගියපු අතීතයක් කෙනෙක්ට අමතක කරන්න ලේසි නෑ..ආ ගිය තැන්, දුක සතුට මුසු වෙච්ච මොහොතවල්, ජීවිතේ තියනකම් අමතක කරන්නත් බෑ...."මුළු ලෝකෙම වෙනස් වුනත් මම වෙනස් වෙන්නෙ නෑ" කියලා ආදරෙන් වැළඳගෙන කියපු හිතක් කොහොමටවත් අමතක කරන්න අමාරුයි.ජීවිතේ අමාරු තැන්, දුෂ්කර අවස්ථා වලදි අත දුන්නු කෙනෙක්ගෙ වටිනාකම මනින්න බෑ.ගතවෙන මොහොතක් මොහොතක් ගානෙ වදවෙන්න, හොයන්න, බලන්න, තරවටු කරන්න, හුරතල් වෙන්න, දුකේදි කඳුළු පිහදාන්න,සතුටෙදි හිනාවට එළියක් දෙන්න, ළගින්ම උන්නු ජීවිතයක් අතෑරුණාම ඉවසන්න බෑ...


තමන්ගෙ  ජීවිතේ එක්තර යුගයක්දි, පණ වගේ ආදරේ කරපු කෙනෙක් තමන්ව අතෑරලා යන්නම යන්න ගියාම දැනෙන දුක කොයිතරම්ද කියලා වචන වලින් විග්‍රහ කරන්න තරමටම අමාරු දුකක්.විදපු, විඳවපු හුගාක් දෙනෙක් ඒ දුක දන්නවා ඇති.කාලයක් තිස්සෙ තනපු අහස් මාළිගා, එකින් එක අමුණපු හීන පොකුරු , එහෙම් පිටින්ම කඩන් වැටෙද්දි, රෑ ගණන්, කොට්ට පෙගෙනකම් ,ඇස් ලේ පාට වෙනකම්, කඳුළු ගලද්දි, ජීවිතෙන් සදහටම පැනලා යන්න හිතෙන්න ඇති.ආදරේ කියන්නෙ දුකක් කියලා දැනෙන්න ඇති..මෙහෙම ගින්නකටනෙ දැන දැන පැනලා මේ පිච්චෙන්නෙ කියලා හිතෙන්න ඇති.


ආදරයයි, වෛරයයි අතරේ තියෙන්නෙත් කෙස් ගහක පරතරයක්ලු. කෙනෙක් තමන් ආදරේ කරපු කෙනා තමන්ව දාලා ගියා කියලා ආදරේ කරපු ඒ හිතින්ම වෛර කරන්න පෙළඹෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති.ඒත් සමහරු තමන් ආදරේ කරපු කෙනා වෙනුවෙන් ජීවිත කාලෙම බලන් ඉන්නවා.තවත් සමහරු ජීවිත කාලෙ පුරාම ආදරේ හිතේ තියාගෙන හිතින් මැරි මැරි උපදිනවා.


විශ්වාසය කියන්නෙ ආදරේ පදනම ලු. ඇත්ත නේද?? විශ්වාසයක් නැති තැන, බැදීමක පැවැත්මක් නෑ.ඒ වගේම ආදරයක්දි විශ්වාසය එක සැරයක් බිඳිලා ගියොත්, ආයෙත් ඒ බිදූනූ විශ්වාසය ඇති කරගන්න අමාරුයි.අපි කොයිතරම් ආදරේ වුනත්, කොයි මොහොතක, මොන අවස්ථාවකදි හරි, විශ්වාසයට ඇති වුනු කැළල මකන්න අමාරුයි. ඒක හදවතේ පතුලෙම තැන්පත් වෙලා තියනවා.


ඒ වගේම තමයි. ළගින් ඉඳන්, ජීවිතේම වගේ ආදරේ කරපු කෙනෙක්, වෙන් වෙලා ගියපු කෙනෙක්ම, ආයෙමත් හොයාගෙන ආවොත්??? ආයෙමත් ඇවිත් ආදරේ ඉල්ලුවොත්??? ඒ ආදරේ ඉස්සර වගේම පිරිසිදු අවංක, හිතින් පිළීගන්න පුළුවන්ද??? සැබෑවටම ආදරේ කරපු කෙනෙක් නම්, කවදා හෝ තමන්ගෙ ආදරේ හිමි වේවි කියලා බලන් උන්නු කෙනෙක් නම්, ඒ ආදරේ කිසිම අහිතක් නැතුව පිළිගන්න ඕනේ නේද???


ඒත් ජීවිතේ එක සැරයක්, තමන්ව එපා කියලා, අවංක ආදරේට පයින් ගහලා ගියපු කෙනෙක්ව ආයෙමත් විශ්වාස කරන්න පුළුවන්ද??එහෙම කෙනෙක්ව ආයෙත් ආදරෙන් පිළීගත්තත්, ඒ ආදරේ ඉස්සර වගේම ඒ තරම් ම සුන්දර විදියට තියේවිද?? වෙනසක් නැතිව, අවංකවම ආදරේ කරන්න පුළුවන් වෙයිද??


ප්‍රශ්නාර්ථයක්?






Post Comment