නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

03 January 2012

තටු සිඳුනු සමනළී -15 වන කොටස

හැමදාමත් වගේ අදත් ප්‍රමාදයි..:D මූණු පොතෙන් මැසේජ් දාලා, චැට් එකේදි කියලා කියලා, මට කතාවෙ ඉතිරි කොටස ලියන්න මතක් කරන්න කීපදෙනෙක් ඉන්න නිසා වෙලාවට අමතක වෙන්නෙ නෑ..;)

ඔන්න එහෙනම් මට බැන බැන , කතාවෙ මුල කොටස් අමතක අයයි, අලුතෙන් කතාව කියවන්න එකතුවෙන අයයි, කියවලාම  එන්නකෝ...



තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14

අද 15 වන කොටස මෙතැන් සිට........

-----------------------------------------------------------------------------------------------------------

කෑලි කෑලි වලට කැඩිලා බිදිලා, සුණුවිසුණු වෙලා ගියපු හිත , අමාරුවෙන් එකලස් කරගෙන, කම්මුල් රත් වෙලා, ඇස් වලට උනන්න හදන කඳුළු කැට හංගගෙන ,මම නුගේගොඩ ඉඳන් කොහුවල හංදියට ඇවිදගෙන ගියේ   බලාපොරොත්තු සහගතවයි. දසුන් බස් හෝල්ට් එක ළඟ ඉඳීවී යි හිතාගෙන ඈත තියාම මම බස් හෝල්ට් එක දිහාම ඇහිපිය නොහෙලා බලාගෙන ගියා.

ගිනි ඇවිළෙන හිතට සීතල වතුර බිංදුවක් වැටුණා වගේ, මගේ නෙත් පිනවන, සනසවන ඒ රූපෙ ඈත තියාම දැක්කාම හිත සංතෝසෙන් පිරුණා."දසුන් මට ආදරේ නැතුවමත් නෙවෙයි. ආදරේ නැත්තම් මාව දාලා යන්න ඕනෙනෙ. එයා ගියේ නෑ කියන්නෙ, පොඩ්ඩක් හරි මම ගැන හිතන නිසානෙ." මම තනියම හිතලා පුංචි සතුටක් හිතින් වින්දා.

"දසුන්.... ඔයා මාව දාලා ගියේ නෑ එහෙනම්??"

මම දුවගෙන ඇවිත් දසුන්ගෙ අතේ එල්ලුනේ එහෙම කියාගෙනමයි.

"නෑ..බස් එකක් ආවෙ නෑ.ඒකයි ඉන්නෙ.."

දසුන් මගේ අත ගස්සලා අතෑරියා..පුංචි රස්නෙකටත් , උණු වෙලා යන ඉටිපන්දමක් වගේ, උණු වෙලා වැක්කෙරෙන්න යන හිත, හයිය කරගන්න මට අමාරු වුනා.

"අනේ ඇයි පැට්ටො ඔයා මෙහෙම කරන්නෙ?" කඳුළු බිංදු එකින් එක කම්මුල් දිගේ රූරා වැටෙද්දි මම දසුන් ගෙන් ඇහුවෙ දරාගන්න නොහැකිම තැනදියි.

"ඔයා මොකක්ද මධූ මට කරන්න කියන්නෙ?? ඔයා මම කියන දේ අහන්නෙත් නැත්තම්, ඔයාට ඕනෙ ඔයාගෙ යාළුවොන්ගෙ පස්සෙන් උන් යන යන තැන යන්නයි, උන් කියන ඒවා කරන්නයිනම්.. මට මොකක්ද කියන්නෙ??අපි මේක නවත්තමු..."

"මොකා....ක්......????? ද...ද..සු..න්.... ඔයා මොකක්ද කිව්වෙ?"
 අදහාගත නොහැකි වූ තැන, දසුන්ගේ කටින් කියූ දේ නෑසුණා දෝ කියා සිතා මම එහෙම ඇහුවා.

"ඇයි?? දැන් කන් ඇහෙන්නෙත් නැද්ද??? හා?? මම කිව්වෙ ඔයාට මම කියන විදියකට ඉන්න බැරිනම් මේ මගුල නවත්තලා දාලා ඕන එකක් කරගන්න. "

"අනේ ඔයා මොනාද දසුන් මේ කියන්නෙ? ඉස්සර ඔයාමද මේ ඉන්නෙ?ඔයාට ඇයි දසුන් ඉස්සර වගේ සතුටින් ඉන්න බැරි?"

"ඒක ඔයා මගෙන් අහන්නෙපා. ඔයාට මට වඩා ලොකු කෙහෙල්මල් විභාගයි, අම්මාල යි, අහළ පහළ එවුනුයි, නෑදෑයොයි නෙ.. ඉතින් මාව ඕනෙ නෑනෙ..ඕනෙකක් කරගන්නවා.."

"දසුන්... මට තේරෙන්නෙ නෑ මම කොහොමද ඔයාට කතාකරන්න ඕනෙ කියලා. මම ඔයාට මහා ගොඩාක් ආදරෙයි..මට ඒක කොච්චරක්ද, කොහොමද කියන්න තේරෙන්නෙ නෑ..ඔයා පිළිගන්නවනම් පිළිගන්න..දෙයිය්නේ දසුන් මට ඔයා ඇර වෙන කොල්ලො ඕනෙ නෑ.. විභාගෙ ගැන කියන්නෙ අපි දෙන්නාගෙ හොඳට."

"මට ඔය බණ ඇති වෙලා. බස් එකක් එනවා. නගිනවනම් නගිනවා.නැත්තම් ඉන්නවා. මම යනවා.."

"ඔයාට මාව දාලා යන්න බෑ දසුන්.. බිංදුවක් හරි ආදරේ කරපු ඔය හිතට මාව මෙතන දාලා යන්න බෑ.. මම දන්නවා.."

"මේ... විකාර දොඩවන්නෙ නැතිව නගිනවනම් නගිනවා හලෝ...මට පරක්කු වෙනවා."

හිත රිදුනු තරම්, පපුව ගිනිගන්න තරම්, ඇස් කඳුළු වලින් පිරෙන තරම් දසුන්ට පෙනුනේ නෑ..ආදරෙන් අන්ධ වෙලා උන්නු මට ඇත්ත පෙනුනේ නෑ..සැකෙන්, අවිශ්වාසයෙන් අන්ධ වෙලා උන්නු දසුන්ට මගේ ආදරේ පෙනුනේ නෑ..මොන දේ වුනත් මට දසුන් නැතිව ජීවත් වෙන්න බෑ.. ඔව් මට බෑ.. මගේ හිත කෑ ගැහුවා..හැම දුකක්ම ඉවසගෙන මම දසුන් වෙනුවෙන් තවදුරටත් ඉවසුවා.කාලය හැම දෙයක්ම හොදම විදියට විසඳන තුරු මම බලාගෙන උන්නා.

-----------------------------------------------------------------------------------------------------------
කාලය ඉක්මණට ගත වුනා.කාලයට විසඳන්න භාර කරපු මගේ ප්‍රශ්නෙ විසඳෙනතුරු මම බලාගෙන උන්නා නොඉවසිල්ලෙනනේත්....ජිව්තේ සුන්දර නෑ...ආදරේ පේන තරමට සරළ නෑ.දසුන්ගෙයි මගෙයි ආදරේ මරණාසන්නව පණ ඇද ඇද තිබුණා.පෙරුම්පුරාගෙන, බලාපොරොත්තු පොදි බැදගෙන ,දෛවෝපගත හමුවීමකින් ඇරඹි උත්තරීතර ආදරයක අවසානය මෙතැනද?හීන මල් පොකුරු පිටින් පිපිච්ච ආදරේ වසන්තය මේ තරම් ඉක්මණට අහවර වෙන්නෙ ඇයි?අනේ...හැම පිරිමි හිතක්ම ,ඔරලෝසු කටු වල වේගයට සිතුවිලි වෙනස් කරනවවත්ද?නිරුත්තරව , අසරණ වුනු මට මුළු ලෝකෙම හිස් වෙලා වගේ දැනුණා.

දසුන්... දසුන් කියන්නෙ මම ජිවිතේ ඉස් ඉස්සෙල්ලාම ළං වෙච්ච, මගේ තාත්තා හැරුණුකොට මට මේ මුළු ලෝකෙන්ම  උණුසුමක් දුන්නු, හෙවනක් දුන්නු,වටිනම පිරිමි හිත.මම ඒ හිත යට මේ තරමටම අසරණ වෙන දවසක් ඒවි කියලා හිතුවෙ නෑ.මම කොහොමද එහෙම හිතන්නෙ ,හීනෙකවත් එහෙම නපුරු කතා දසුන්  කියලා නෑ..ඒත්, දැන්.... මට යථාර්තයට මූණ දෙන්න වෙලා."මම ඔයාට පණටත් වඩා ආදරෙයි කෙල්ලෙ." කියපු ඒ රත්තරං කටින්ම තමා ,දසුන් "මට තමුසෙව එපා" කියලා කිව්වෙත්. හීනයක් නොවුනු ඒ ඇත්තට මූණ දෙන්න අද මට සිද්ධ වෙලා.

මොනතරම් රණ්ඩු වුනත්, බැන්නත්, නෝක්කාඩු කිව්වත් අපි ආයෙත් කලින් වගේම ළං වෙලා උන්නා.ඒත් කාලය ගතවෙන්න ගතවෙන්න අපිට එහෙම ඉන්න බැරි වුනා. කොයිතරම් බැනගත්තත් රණ්ඩු වුනත්, දවසක් තරහ වෙලා, කතා නොකර, ඉන්න බැරි වුනු අපි, දවස් ගණන් කතා නොකර හිටියා.මුලදි මටත් එහෙම ඉන්න අමාරු වුනත්, පහු වෙද්දි පහු වෙද්දි, දසුන්ගෙ අසාධාරණ චෝදනා, බැනුම්,නිසාම මටත් නිහඬබව සැනසිල්ලක් එකතු කලා.ඒ නිසාම දසුන් කියන ඕනෙම දෙයක් පිළිගෙන නිහඬවම, ඉන්න මම පුරුදු වුනා.

physics, chemistry, com:maths වලට  ලකුණු 40ක් ගන්න බැරිව අසරණ වෙලා හිටිය මට, අස්වැසිල්ලක් තිබුණේ නෑ. දසුන් ට විභාගෙ කියන්නෙ,හිසරදයක්.හිත හැදෙන්න කතාකරන්න,සනසන්න ඉස්සර ඉඳන්ම මා ළඟින්ම උන්නු දසුන්ට දැන් මාව කරදරයක්.පුංචි කාලෙ ඉඳන් උගන්නපු ගුරුවරුන්ගෙන් හොඳම විතරක් අහපු මට, "මධූ මොකද මේ ලකුණු අඩු??මෙහෙමනම් S එකක්වත් ගන්න බැරිවෙයි." කියලා උගන්වපු මිස් ලාගෙන් අහගන්න සිද්ධ වුනා."මොකද මධූ මේ? උඹ පාඩම් කරන්නෙ නැද්ද?උඹ වැඩ බැරි කෙල්ලෙක් නෙවෙයිනෙ බං.මොකද මේ වෙලා තියෙන්නෙ?" යාළුවොන්ගෙ දාහක් ප්‍රශ්න ඉස්සරහා මට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.."මධූනම් ටිකක් මදි. තව මහන්සි වෙන්න වෙයි හුඟාක්. අඩුමතරමේ විභාගෙ පාස් වෙන්නවත් මහන්සි වෙන්න වෙනවා." මගේ පංතියෙ ගණන් මිස් ගුරුදෙගුරු රැස්වීමෙදි අම්මා ඉස්සරහා කියද්දි අම්මාගෙ මූණෙ තිබුණු අසරණ, දුක්බර පෙනුම මට බලන්න හිතට හයියක් තිබුණෙ නෑ.ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නෙ?මම මගෙන්ම ප්‍රශ්න කළා.

ඉස්කෝලෙ මිස් ලා උගන්වන කිසිම දෙයක් මගේ ඔළුවට ගියේ නෑ.ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න යන හැම මොහොතකම මම මනසින් කඩා වැටුණා.Organic වලට වඩා,සංඛ්‍යානය ,සම්භාවිතාවට වඩා,ස්ථිති විද්‍යුතයට වඩා වැදගත් ප්‍රශ්න ගොඩක් මට තිබුණා.උත්තර පොතකින්වත් උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ගොන්නක් මගේ හිතේ තිබුණා.

"පුතේ ඔයා හොඳට විභාගෙ පාස් වෙන්න. අපිට නෙවෙයි එතකොට .ඔයාටමයි." අම්මාගෙ වචන කන් දෙකෙන් දෝංකාර දුන්නා. සැරෙන් සැරේට මගේ හිත පුදුම විදියට හඬා වැලපුණා.කන්දක් උසට නැතත්, යන්තමින් හරි තිබුණු අම්මාගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ළඟ මම අතරමං වුණා. මගේ තාත්තා මාව එක වේලක්වත් බඩගින්නෙ නොතියා මට කන්න දුන්නෙ, නැහීගෙන හම්බ කරන සතයක් ගානෙ මගේ ඉගනීමට වියදම් කලේ ,තාත්තාගෙ එකම දුව ඉගනගන්නෙ නැතිව පිස්සු නටනවා බලන්නද? දසුන්ට මේවා තේරුණේ නෑ..අම්මා තාත්තා ගැන කියන වචනයක් ගානෙ දසුන් හිතුවෙ , දසුන් කියන්නෙ මට නිකන්ම කිකන් කොල්ලෙක් විතරයි කියලා.මට දසුන්ව වටින්නෙ නෑ කියලා.කොයිතරම් උත්සාහ කලත් දසුන්ට තේරුම්කරවන්න, දසුන් තේරුම් ගත්තෙ නෑ.. අඩුමතරමේ දසුන්ගෙ අම්මා තාත්තා වෙනුවෙන්වත් දසුන් ජීවිතේ ගැන හිතුවෙ නෑ.වෙන දෙයක් වෙන්න දීලා මම මෙච්ච්ර කල් හදන්න හදපු අපේ ලෝකෙ අතෑරලා දැම්මා.

"ඔව් අඩුම තරමේ මම මගේ අනාගතේ වෙනුවෙන් නෙවෙයි, අම්මාගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු වෙනුවෙන්වත් මොනාහරි කරනවා."

කරන දෙයක් නැතිම තැන මම හිතට උපරිම හයිය ගත්තා.

"ජීවිතේ අතෑරලා දන්න බෑ මධූ..ඔව් ඔයාට එහෙම පරාද වෙන්න බෑ.. මධූ පැරදුණොත් මධූ එක්ක වැටෙන්න තවත් අය ඉන්නවා.ඒ අය ගැන හිතලවත් ජීවිතේ හයියෙන් අල්ලාගන්න..අතාරින්න එපා.." මගේ යටි හිත මට හයිය දුන්නා.
------------------------------------------------------------------------------------------------------------
විභාගෙට හරියටම තව මාස 5යි. මම හිත හයිය කරගෙන ඇත්තට මූණ දෙන්න හිත හදාගත්තා. පුංචි කාලෙ ඉඳන් හරි හම්බකරගත්ත මනුස්සකම් වලට පිං සිද්ධ වෙන්න මට උදව් ලැබුණා.

"මධූ..උඹට මම අර Organic Tutes ටික ගෙනත් දෙන්නම්. උඹ ඒ ටික මුල ඉඳන් කරන්න. එතකොට හරි. බැරි ටික මම කියලා දෙන්නම්.."

හසී මගේ Organic ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා.

'ඔව් ඔව්.. බැරි තැන් කියන්න අපි කියලා දෙන්නම්.. අනික අර උඹට මිස් වෙච්ච පාඩම් ටික අපි කරමු. අපේ ගෙදර එන්න මධූ..මටත් තේරෙන්නෙ නෑ. ඒත් අපි  කොහොමහරි කරමු"

නිශා කිව්වෙ මට තවත් හයියක් වෙනගමන්.

"තෑන්ක්ස් නිශා. උඹලාත් නැත්තම් අද මට කිසිම හයියක් නැති වෙනවා."

"අනේ මොනාට තෑන්ක්ස් කරන්නද මධූ.. අපි හැමදාකම උඹත් එක්ක.දසුන්ගෙ ප්‍රශ්න අමතක කරපන්, ටික කාලෙකටවත්. මට තේරෙන්නෙ නෑ මෙච්ච්ර හොඳ කොල්ලාට මක් වෙලාද කියලා.හොඳ දෙයක් වෙයි මධූ.. අපි බලමු."

"හ්ම්ම් ඔව් මධූ.. මාත් මෙ කියන්න ගියේ..ඔය ප්‍රශ්න මේ ටික කලෙට ඩිංගක් අමතක කරන්න.කොහොමහරි උඹ මැරිලා වගේ ඉන්නෙ නැතිව ආයෙමත් වැඩ කරන්න පටන්ගත්ත එකනම් හොදයි කෙල්ලෙ."

'ඔව් දිලූ මම දැන් ඔහේ ඉන්නවා. වෙන දෙයක් වෙයි. මම හැදුවෙ දසුන් එක්කම ජිවිතේ ඉස්සරහටම යන්න. ඒත් දසුන් යන්න හදන්නෙ වෙන පාරකනම්, මාව මග ඇරලානම්, මම මොනාකරන්නද දිලූ.."

"උඹ දුක් වෙන්නෙපා බන්. උඹේ හිත හොඳයි. උඹට වරදින්නෙ නෑ.. දසුන් පිස්සෙක්.මටනම් තරහයි එයා එක්ක."

"දසුන්ට බනින්න එපා හසී.. මොනා කරන්නද?මේක මගේ දෛවය වෙන්න ඇති.එයා වැරදි නෑ.. මිනිහෙක්ට තමන්ගෙ ජීවිතේ ගැන තම්න් කැමති තීරණයක් ගන්න අයිතියක් තියෙනවනෙ."

"ඒත් තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් තීරණ ගන්න එක නෙවෙයිනෙ මධූ වැරැද්ද, ආදරයක් නැතිව අනුන්ගෙ ජීවිත පාලනය කරන්න යන එකයි,තමන්ගෙ ජීවිතවලට ඈද ගත්ත ජීවිත වල හැඟීම් එක්ක සෙල්ලම් කරන එකයි."

"මම දන්නෙ නෑ දිලූ.. අපි බලමු..තවත් මට දුක් වෙන්න හිතක් නෑ...මම් එයාට ආදරෙයි මම දන්නෙ එච්චරයි. එයාට මාව විශ්වාස නැත්තම්, කරදරයක්නම්, මම මෙහෙම පාඩුවෙ ඉන්නවා.මට තියන එකම දුක , එයා දැන් වෙනම යාළුවො සෙට් එකක් හදාගෙන රස්තියාදුවෙ යන එකයි."

"ඔව් ඔව්. මට ධනුෂ්ක කිව්වා එයා අර Game house එකට යනවා කියලා සෙට් එකක් එක්ක Game ගහන්න."

"හ්ම්ම්... ඒකතමා..හැමදාම ඉන්ට්‍ර්වල් එකට පන්තියෙන් පැනලා එයා යනවා. මම කිව්වට අහන්නෙ නෑ.. මම දන්නෙ නෑ දිලූ.. මට පිස්සු හැදෙයි.. ඒ නිසා හිතන්නෙ නෑ වැඩිය."

"ඔව් කෙල්ලෙ.උඹ හිතන්න එපා. ඕනෙ දේකට අපි ඉන්නවනෙ.අපි බලමු."

බිංදුවටත් පල්ලෙහාට වැටිලා උන්නු ,මට චුට්ටක් හරි ඔළුව කෙලින්කරගන්න උදව් කලේ මගේ සහෝදර බැඳිමක් තිබ්බ යාළුවො ටික දෙනයි. ඒ හයියෙන් මම හුඟාක් දුර යන්න පෙරුම් පිරුවා. දසුන් මොනා කලත්, කිව්වත් මම ඉවසගෙන හිටියා. කොයිතරම් උත්සාහ කලත් දසුන් දිගින් දිගටම කලේ දසුන්ට හිතුණු දේ විතරමයි. මොනතරම් කිව්වත් මට වෙනස් කරන්න බැරි තරමට දසුන් මුරණ්ඩු වුනා.


දවසක් දා රෑක අපේ ගෙදර ෆෝන් එකට කෝල් එකක් ආවා.අම්මා කතා කරන හඬ ඇහුනා.

 "දුව.. ඔයාට කෝල් එකක්..." කියලා අම්මා කෑගැහුවා.

"අහ්හ්.. එනවා අම්මා.. කවුද දන්නෙ නෑ..."

මම ෆෝන් එක ළඟට ගියේ එහෙම කියාගෙනමයි.

"අනේ මංදා.. යාළුවෙක්ලු නම කිව්වෙ නෑ.."

"හෙලෝ.."

"හෙලෝ" එහා පැත්තෙන් නුපුරුදු කටහඬක්.

'අහ් මධු නංගිද මේ?? දන්නවද මම මේ කවුද කතා කරන්නෙ කියලා??"

"මම මධූ නම් තමා. ඒත් ඔයාව අඳුරගන්නනම් බෑ.."

"මම මේ දසුන්ගෙ අක්කා කතා කරන්නෙ...තක්ෂිලා..."

---------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූට , තක්ෂිලා කුමක් කියාවිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............

Post Comment

41 comments:

  1. නංගා රුපියල් 800 යයි මම ගෙන්ඩ ඔන කියල දැම්මේ තව වැඩිපුර කියක් හරි ලඟ තියාගත්තට කමක් නෑ හදිස්සියට ගන්ඩ...අපි යන්නේ වැන් එකක...ඒවා ඔක්කොම බුක් කරල තියෙන්නේ කම්ෆර්ම් කරන ඔක්කොටොම මම ජනවාරි 5 වෙනිදට කොල් කරනව..තව විස්තර ඔනේනම් 0773002262 මගේ ෆොර්න් එකට කොල් කරන්ඩ..නංගො 6 වෙනිදට කලින් කන්ෆර්ම් කරනවද..සංවිධාන කටයුත්තට එක ලොකු හයියක්

    ReplyDelete
  2. ම් අඩේ මම එකවෙලා නේ ....ඉස්කොලේ යන කාලේ කරන ආදරේ පට්ට අවුලක් කියල වැඩිහිටියො කිව්වට...අපේ පොඩි හිත් එවා අහන්නැනේ...ආදරේ කරල කට්ට කාල ලවුඑක බ්‍රෙක් වෙලා...විභාහගේ අනාතවෙලා...අනිතිමට පැටලිච්ච නුල් බොලයක් වෙන වෙලාවල් තියෙනව...නමුත් ඉස්කොලේ යන කාලේ කරන ආදරය..හරි පුදුමාකාර ජොලි එකක් නේව..." මෙහෙම කිව්වට විභගේ එහේම අනාත කරගන්නැ ඔං..අන්තිමට ලවු එකත් නෑ ඉගෙනිමත් නෑ..දෙමවුපියො හම්බකරපු දෙවලුත් ඉවරයි...දෙයියො සාක්කි...මම මේ මොනවද කියවන්නේ......"D

    ReplyDelete
  3. දෙයියංට පිං සිද්ද වෙන්න මම නං ලවු පසෙක ලා විභාගෙ කොර ගත්තා..... ගොඩේ ගොඩ!!! උඩිංම ගොඩ...... මොරටුවෙං වත් කෙල්ලෙක් හම්බුනොත් හොඳා

    ReplyDelete
  4. අවු 2 කින් කොරගන්න බැරි වෙච්ච මැතමැටික්ස් මාස 5න් ගොඩ දැම්මොත්නං මේ කෙල්ලව සක්කර පුටුවෙ ඉන්දන්න වටිනවා ඕං... ඔට්ටුයි බැරුවට

    ReplyDelete
  5. දසුන්ගෙ අක්කා මො‍කද හදිස්සියෙන්ම.. :( මොනවා වුණත් හිත හයිය කරන් විභාගෙ ලියන්න හොඳයාළුවන්ගෙන් ලැබෙන උපකාර ඇත්තටම අගෙයි නංගියෝ..
    කතාව තවත් දුක අතටමද.. :(

    ReplyDelete
  6. අපිට මොන දේ උනත් ජීවිතේ අත අරින්න බෑ, අපිට ආදරේ කරන අය වෙනුවෙන් නැගිටින්න වෙනවා... මේ දවස් ටිකේ මට ඒක අමතක වෙලා තිබුනේ.. මමත් ආයිම නැගිටිනවා....ස්තුතියි නංගි මතක් කරාට....

    ReplyDelete
  7. මේක හරි යන්නේ නෑ ඔය කතාව ලියලා ඉවර උනාම මම කතාව කියවනවා.. මට මේක අපේ අයේෂා නංගිගේ කතාවත් එක්ක හැමදාම පැටලෙනවනේ...

    ReplyDelete
  8. අහ්හ්හ්... මොකද්ද මේ වෙන්නේ???
    //අනේ...හැම පිරිමි හිතක්ම ,ඔරලෝසු කටු වල වේගයට සිතුවිලි වෙනස් කරනවවත්ද?//

    ආදරෙන් පැරදුණා ම ජීවිතේ අතරමඟ නතරවෙනවා වගේ දැනෙනවා තමයි. ඒත් තමන් ම තමයි, ආයෙමත් හිත හයිය කරගෙන නැඟිටින්න ඕනේ. මධූ ගන්න උත්සහය ඇත්තට ම ප්‍රශංසනීයයි.......

    ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්න යාළු...............

    ReplyDelete
  9. මේ කොල්ලට මක්ක වෙලාද !!!
    අපිත් ඉන්නේ නුගේගොස්ඩ නේ. බලාගමු හරිය !!!
    නංගි මට මූ නුගේගොඩ ටවුමට එන වෙලාවයි දවසයි දෙන්න. මම අනිවාර්යෙන්ම ගිහින් හම්බුවෙලා දෙකක් ඇනලා එන්නම් !

    කතාව දැන් ගොඩක්ම දුක හරිය යන්නේ. අපි බලමු ඊලඟ කොටස මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  10. මේ පිරිමි ගැන ඇහෙන කොට ඔලුව කැක්කුම හැදෙනවා...මට එක එක දේවල් මතක් වෙනවා..ඔය මධුරංග අයියට දෙමුද කොන්ත්‍රාත් එක අපි දෙන්නම?

    ReplyDelete
  11. ඇති ඔයින් බේරුනා,යන එකාට යන්න කියලා කොහොම හරි විභාගේ ගොඩ දා ගනින් නංගියේ. දැන් අක්කා මොකාටද එන්න හදන්නේ ?

    ReplyDelete
  12. ජීවිතේදි ඔය වගේ තත්වෙකට මුහුණ දුන්න වෙලවක.. ඔයවගේ හිතන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්....ඒ අතින් බැලුවම ඔය ගොඩාක් ධෛර්‍ර්‍යවන්ත කෙනෙක් යාළු.....

    අනිත් කොටසත් ඉක්මනින් දාන්න බලන්න...පරක්කු වෙන්න එපා......

    ReplyDelete
  13. ඔන්න මම නම් පේන බලන්ඩ යන්නේ නැතෝ... අක්කිම ලියන්න ඉතුරු කොටසත්.. ඉක්මනට ලියන්න කිව්වට එක වෙන්නේ නෑ කියල මං දන්නවා.. හි හි..

    @දිනේෂ් අයියා : අනේ අම්මෝ හිතූ අක්කිගෙ කතාවයි,මගේ කතාවයි අතරේ පොඩි සමාන කමක්වත් නෑනේ. එත් පැටලුනාද? හික් හික්..

    ReplyDelete
  14. ඉක්මනට ඉතුරු ටිකත් දාපියෝ....

    @ඒෂියන් - මොරටුවෙන් කෙල්ලො හොයන්නද යන්නෙ.එහෙනම් ගියපු ගමන් ඇම දාන්න වේවි... :D

    ReplyDelete
  15. හපෝ ඔය වින්චැට් කියන ඒවානං කරන්න යන්න එපෝ...

    ReplyDelete
  16. මම නිකන් අත්දැකීමෙන් වගේ කියන්නම් අක්කා මේකට අතදානවා කියන්නේ වැඩේ හබක් වීමේ පලවෙනි වෙඩිමුරය තමා ඒ..

    @ මධුරංග අයියා - අන්න හරි මාත් එනවා අයියගේ සප් එක..අපි ගිහින් හොදට දෙක තුනක් කතාකරලා මේ ප්‍රශ්නේ විසදලා දාමු :D

    ReplyDelete
  17. ඇයි මේ හැම කෙල්ලම අපිව කන්න හදන්නේ..

    ReplyDelete
  18. Madu hodate exam eke karagani kiyala man hithanaewa :\ habay dasun gey akki madute monahary kiyala thiboth balagamu huh ! ikmnate anik post ekath dandooooooo

    ReplyDelete
  19. හ්ම්ම්.... ඉරිසියාව! ගොඩක් ප්‍රශ්න ඇති කරවන සාධකයක්!

    ReplyDelete
  20. නියම කථාවක්..තාම කියවමින් පවතිනවා.. ලියන Style 1ත් නියමයි.. කියවලා ඉවර වුන ගමන් හොද කියන්නම්කේ හිතුවක්කාරී..

    ReplyDelete
  21. Raj අයියා- ස්තූතියි ව්ඉස්තර වලට..
    අයියා කියලා තියෙන්නෙ අමූලික ඇත්ත අයියේ..:D :D



    ඒෂියන් - නියමයිනෙ... ඔන්න මගෙනුත් සුභ පැතුම්!!! ඔව් හැබැයි මොරටුවෙන් කෙල්ලෙක් හොයාගනන් නම් ටිකක් මහන්සි ව්එන්න වෙයි..:D හ්ම්ම්.. බලමුකෝ මේ කෙල්ල ගොඩ දාගනීද කියල..


    නන්දු අක්කි- බලමුකෝ අක්කා මොකාටද එන්න හදන්නෙ කියලා..:) හ්ම්ම්..යාළුවො තමා පිහිට...දුක තමා අක්කි:(

    ReplyDelete
  22. මන්තරකාරි අක්කි- ම්ම්... අක්කිට දෙයක් දැනුනානම්. සංතෝසයි!!! ඔව් නැගිටින්න අක්කි.. නැගිටින්න...ජය වේවා!!!


    Dinesh අයියා- පැටලෙනවා?? දන්න තරමින් අපි දෙන්නාගෙම කතා එක වගේ නෑනෙ.. මටත් Ice නගාගෙ කතාව මිස් වුනා මැදදි.ඉතින් මම ඒක කියවන්නෙ අන්තිමට..


    මහි -ඔව් ප්‍රශංසනීයයි..ඒත් උත්සාහ කරපු පලියට නැගිටින්න අමාරුයි...අපි බලමු මොකද වෙන්නෙ කියලා..

    ReplyDelete
  23. මධුරංග අයියා- හි හි...මොනා වෙලාද මන්දා... හ්ම්ම් ඉස්සරහටත් බලලාම අයියාට කොන්ත්‍රාත්තුව දෙන්නම්කෝ මම ;)


    වින්චැට්කිරිල්ලි. -හ්ම්ම්ම් ඔව් ඔව්..පිරිමි ජාතිය ගැන හිතලත් බෑ.. නොහිතත් බෑනෙ..:D අහ්හ් මධුරංග අයියාට දෙන්න ඕනෙ කොන්ත්‍රාත්තුව...ඒත් මෙයා ගාස්තු අය කරයිද දන්නෙ නෑ...


    රෙප් මහත්තයා- හි හි රෙප් මහත්තයා කියන්නෙ නිකන් මට වගේනෙ..:p හ්ම්ම් අක්කා එන පොට බලමුකෝ අපි..

    ReplyDelete
  24. සිහින මතකයන් -තාම මම කිව්වෙ නෑ මේක ඇත්ත කතාවක්ද, මගේ කතාව්ද මොකක්ද කියලා. මෙයාලා මේක මගේ කතාව බවට හරවගෙනත් ඉවරයිනෙ..:D :D ම්ම්... ඉක්මණට දාන්න බලන්නම්කෝ>>


    Ice නගා- හික්ස්ස්... ඔව් ඔව් පේන බලන්න යනන් එපා..;) ඔව්නෙ ඉක්මණට ලියන්න කිව්වට ඉතින් ලියද්දි තමා අමාරුව තේරෙන්නෙ..


    නිසුපා අක්කි- හිකි හිකි... දාන්නම්කෝ....

    ReplyDelete
  25. ඔබ නොදු‍ටු ලොවක්- හික්ස්ස් :D බලමුකෝ..


    ChammA අයියා- බලමුකෝ අපි අයියාගෙ පේන බැලිල්ල :)


    අසරණයා- කොයි කෙල්ලද බොල අයියේ ඔයාව කන්න හදන්නෙ???

    ReplyDelete
  26. Glimmer Girl- හෆ්ෆා.. මේ චණ්ඩි කෙල්ල ඉන්නකම් මධූ බය වෙන එකක් නෑ.. හික්ස්ස්ස් :D


    විසිතුරු- අත්දැකීමෙන්ම කියන නිසා පිළිගනිමි!!!! :D ඇත්ත...


    Mr.Sithi -
    හරි යාලු ඉතිරි ටිකත් කියවලා විස්තර කියන්නකෝ...

    ReplyDelete
  27. ම්ම්ම්ම... ඔක්කොම කියෙවුවා.. කොහෙන් පටන් ගන්න ද කියලා මට තේරෙන්නේ නම් නැ.. මම ඔය කියන දසුන්ට 60% වගේ සමානයි.. ‍මගේ girl ඔයාට 80% වගේ සමායි.. හිතු අක්කිට වුනු ගොඩාක් දේවල් අපිටත් උනා.. අපේ ආදර කථාවට දැනට අවුරැදු 5ක් වෙනවා.. ම්ම්ම්ම්ම්... මගේ කථාව ඒ ඇති..

    මේ කථාව තාම ඉවර උනේ නැතැත්, දසුන් මධූට ඇත්තටම ආදරේ කරානම් දසුන් මොන දේ කරත් අදටත් මධු‍ගෙන් msg 1ක් එනකං බලන් ඇති.. බොක්කෙන්ම love කරනම් අනිවා එහෙම වෙන්න ඕනි.. නැත්තම් දසුන් මධූට ආදරේ කරලා නෑ..

    බලමුනෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා.. ඉක්මනට ලියන්න.. අපි බලාගෙන ඉන්න‍වා...

    ReplyDelete
  28. හ්ම්ම් දැන් නම් කතාවෙ හොදම හරියට එන්න යන්නේ...ඊලග කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  29. Mr.Sithi -හෆ්ෆා.. මම අක්කි නෙවෙයි මම හිතන්නෙ.මමත් ඔයාගෙ වයසෙ...1990 ඉපදුනෙ...:)

    ම්ම්ම්... ඔයාගෙ කතාවත් පුළූවන් නම් ලියන්නකෝ බලන්න අපිට කියවන්න..

    ඔව් ඉස්සරහටත් බලමුකො අපි..ස්තූතියි දිගටම ඉන්න...


    ද HUMAN -ම්ම්ම්ම්..... ඊලඟ කොටසින් හම්බෙමුකෝ..

    ReplyDelete
  30. අයියෝ එහෙමද.. ගනන් ගනන් එපෝ.. මගේ ඒ කථාව කිවුවොත් ඉවරයක් නැති වෙයි.. මොකද තව 1ක තියන නිසා.. :ඩී

    ReplyDelete
  31. හත් දෙයියනේ මේ ඔයාගෙ කතාව නෙවෙයිද​? මමනම් හිතුවෙ කතාවනම් ඔයාගෙමයි කියල. කතාව ඔයාගෙද, නැද්ද කියල බලන්න අන්තිමේට වගේ දැනගන්න වෙන්නෙ.මගේ අනුමානෙනම් මේ කතාව ඔයාගෙ කතාව කියල.හික්...හික්....

    කොහොම වුනත් ඔයා යාළු කතාව හොඳින් ලියනව.දිගටම ලියන්න....සුභ පතනවා....

    ReplyDelete
    Replies
    1. හිකි හිකි!!! බලමුකෝ අනුමානෙ හරිද වැරදිද කියලා.. අවසානෙ වෙනකම් රැඳීලා ඉන්නකෝ...

      ස්තූතියි යාලු!!! ජය වේවා

      Delete
  32. මේ කොටස මට මිස් උනානේ. අනිත් කොටස කියෙව්වම මට තේරුනා කොටසක් මිස් වෙලා කියලා . හ්ම්ම් දැනුයි මේක කියෙව්වේ.

    කොල්ලෝ ඔහොම්මමයි කතා කරලා වැඩක් නැහැ.
    අනේ එත් හැම කොල්ලම ඔහොම නැහැ.

    ReplyDelete
    Replies
    1. ධ්ම්ම්ම්... මිස් වුනු කොටසත් කියෙව්වනෙ එහෙනම්... වර්ණා කිරි ටොපි හදන්න ගිහින්ද දන්නෙ නෑ මිස් වුනේ..:D හැක හැක.(විහිළු හොදේ)

      ඔව් ඒක ඇත්ත. හැම කොල්ලාම එහ්ම නෑ..

      Delete
  33. man blogs kiyavanna set une aluthen. Me kathava nam niyamai. Mage yaluva thamai matath kivve kiyavanna kiyala. Well done

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ :) දිගටම කියවන්න එකතුවෙන්නකෝ...16වෙනි කොටසත් දාලා තියෙන්නෙ

      Delete
  34. ගොඩක් පරක්කු වෙලා මේක කියවන්න අවට සමාවෙන්න..
    ඉතුරු සේරම කියවන්නම්..
    ."ජීවිතේ අතෑරලා දන්න බෑ මධූ..ඔව් ඔයාට එහෙම පරාද වෙන්න බෑ.. මධූ පැරදුණොත් මධූ එක්ක වැටෙන්න තවත් අය ඉන්නවා.ඒ අය ගැන හිතලවත් ජීවිතේ හයියෙන් අල්ලාගන්න..අතාරින්න එපා.."
    සිරා කතාව..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!! පරක්කු වෙලා හරි ආවට හුඟාක්ම ස්තූතියි!!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....