නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

12 January 2012

තටු සිඳුනු සමනළී -16 වන කොටස

මෙදා සැරේනම් ඉක්මණින් ලිව්වා ඔන්න ඉතුරු කොටස.:D හිතූ හොඳයි නේද??? :) මට චෝදනා කලා, පරක්කුයි කියලා තර්ජන කලා. ඉතින් මම බය වෙලා කලින්ම ලිව්වා..ඔන්න එහෙනම් කියවපු නැති අය මුල කොටස් ටික කියවලා, අමතක අයත් මුල කොටස් කියවලා එන්නකෝ..:)

තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15

අද 16 වන කොටස.........
------------------------------------------------------------------------------------------------------------

"ඒ ගමන මොන හෙණ ගෙඩියක්ද මේ පාත් වෙන්න හදන්නෙ??" මට එකපාරටම උන්හිටි තැනුත් අමතක වෙලා ගියා...අම්මා ළඟම ඉඳන් කට දිහා බලාගෙන ඉන්නවා.. මොනා කරන්නද මන්දා.. කමක් නෑ.. බැන්නත් මොනා කරන්නද, අහගෙන ඉන්නවා...

"හෙලෝ...හෙලෝ"

දසුන්ගෙ අක්කා එහා පැත්තෙන් ආයෙමත් කතා කළා.මගෙන් සද්දයක් නැත්තෙ මොකද බලන්න ඇති.

'අහ්හ් ඔව් අක්කෙ..කියන්න.."

"අහ්හ් මොකක්ද නංගි මේකෙ තේරුම?මොකක්ද මේ විකාරෙ?? දසුන් ඔයා එක්ක රවුම් ගහනවා අපිට ආරංචි වුනා. දැන් විභාගෙ ළඟයි නේද??කිසිම පාඩමක් කරන්නෙ නෑ..අනේ මංදා..."

"ම්ම්.. මේ..මේ නෑ අක්කෙ...මම කියන්නම්කෝ.. මම කියන්නම්කෝ එයාට...."

"ඇයි නංගි ඔයාට කතාකරන්න අමාරුද ඔතන?? මම මොබයිල් එකට ගන්නම්.. ඉන්න."

"හා හා අක්කා...ගන්නකෝ....එහෙනම්  තියන්නම් මම..බායි.."

"ඕකේ... බායි.."

හම්මෝ... හිතට දැනුන සනීපයක්. ඇති යාන්තම්.. තව ටිකක් කතා කළානම් වෙන්නෙ මට ගෙදරිනුත් බැනුම් අහගන්න තමා. මටම හියාගත්ත මම එහෙම්ම කාමරේට දුවන්න ගියේ දැන් තක්ෂිලා අක්කා මොබයිල් එකට කෝල් කරන නිසා.

"කවුද ලමයෝ කතා කලේ??"

"අහ්හ් මේ අපේ ස්කූල් බස් එකේ ගිය අක්කා කෙනෙක් අම්මා.. යාලුවෙක්ට පණිවිඩයක් කියන්න.."

කටට ආපු බොරුවක් අම්මාට කියලා දැම්ම මම ඉක්මණින්ම කාමරේට දිව්වා..එක අතකින් කෙල්ලෙක් වුනාම මොනතරම් දුකක්ද කියලාත් හිතුනා. මගේ කිසිම වැරැද්දක් නැතිවත්, අන්තිමේදි,  දසුන්ගෙ ගෙදරිනුත් බැනුම් අහන්න වෙන්නෙ මටමයි.මේක හරිම අසාධාරණ ලෝකයක්..මිනිස්සු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරයි, තමන්ගෙ අය ගැනම විතරයි.දෙයියනේ හැම දේටම වැරදි දැන් එතකොට මමද?? තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න...

කාමරේට යනකොටත් මගේ මොබයිල් එකට දසුන්ගෙ අක්කාගෙන් කෝල් එකක්..

"හෙලෝ අක්කා.. කියන්න.."

"ම්ම්.. මේකයි නංගි..මම කියන්නෙ නෑ ඔයාට ඔය සම්බන්ධෙ නවත්වන්න කියලා. හැබැයි අපේ අම්මාලා, තාත්තලා කතා කළොත් එයාලනම් කියන්නෙ ඒක තමා. මොකද මල්ලිට කොයිතරම් කිව්වත් එයා ගනන් ගන්නෙ නෑ.. සම්බන්ධෙ තිබුණත් ප්‍රශ්නයක් නෑ.. ඉගනගන්න ටිකවත් හරියට කරනවනම්.. කිසිම දෙයක්  නෑ..."

"ම්ම්.. මම කියන්නම් අක්කි දසුන්ට. අනේ මංදා, එයා මාත් එක්කත් රණ්ඩු කරනවා.මට තේරෙන්නෙ නෑ.."

"එයා ගෙදරත් එක්ක ඉන්නෙත් තරහින්... අපිට තේරෙන්නෙත් නෑ...තාත්තිටත් තරහා ගිහින් තියෙන්නෙ. මට ඔයාලව තේරුණාට එයාල එහෙම නෑනෙ. එයාලා කියන්නෙ ඉතින් සම්බන්ධෙ නවත්වන්න කියලා තමා. අනික තාත්ති ඉන්නෙ එයාව එහ්සෑම් එකෙන් පස්සෙ රට යවන්න. ඉතින් එයා එක සැරෙන් විභාගෙ පාස් වෙන්න ඕනෙ."

"ඔව්.. මට දසුන් කිව්වා. එයාව රට යවන්න හදන්නෙ කියලා."

"ඒක තමා නංගි.. ඔයත් හොඳ ළමයෙක්නෙ. ඉතින් ඔයත් මේ කාලෙ පිස්සු නටන්නෙ නැතිව ඉගනගන්න එක හොඳට කරගන්න. මොකද අපි දන්නෙ නෑනෙ මොනා වෙයිද කියලා. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා."

"හ්ම්ම්......."

"මම කතා කලේ හුඟාක් දවසක් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැනයි... පුළුවන් නම් වෙනසක් කරන්න බලන්න. හැබැයි මල්ලිට කියන්න එපා මම ඔයාට මෙහෙම කතා කලා කියලා හරිද?? එහෙම වුනොත් එයා මාත් එක්ක රණ්ඩු කරන්න ගනී.."

"හරි අක්කෙ.. මම පොරොන්දුවෙන්නම්.. කියන්නෙ නෑ මම."

"තෑන්ක්ස් නංගි...හොදට වැඩ කරලා ගොඩ යන්න බලන්න...මම එහෙනම් තියන්නම්..බුදුසරනයි!!"

"ඕකේ අක්කා.. බුදුසරණයි!!!"

මොනාද මේ මට වෙන්න යන්නෙ?? මම මොන පාපකර්මයක් කලාටද දෙයියනේ මෙහෙම මට වෙන්නෙ?ආයෙමත් ප්‍රශ්නෙක පැටළුනා මම. දසුන්ගෙ අක්කාත් මගේ කර උඩ තිබ්බෙ එසේ මෙසේ බරක්ද ,කරට නෙවෙයි ඇත්තටම හිතට මොන තරම් බරක්ද මේක.

මම ආයෙමත් සැරයක් අසරණ වුනා. දසුන්ගෙ ගෙදර තත්වෙ එච්ච්ර හොඳ මට්ටමක තිබුණේ නෑ.. එයාල කියන්නෙ සම්බන්ධෙ නවත්වන්න කියලා. දසුන් මේ තරම් මුරණ්ඩු වෙන්න, දරදඬුවෙන්න හේතුවත් දිගින් දිගටම ගෙදරින් එල්ල වෙන බලපෑම්ද දන්නෙ නෑ...ඒත් මම කියලා මොනාකරන්නද දෙයියනේ.....දසුන්ට ගෙදර අයගෙ හිත දිනාගන්න විදියට ඉමු කිව්වත්, එහෙම ඉන්න දසුන් අකමැති වුනා.

------------------------------------------------------------------------------------------------------------


විභාගෙට තවත් මාස 4යි.. මම එන්න එන්නම වැටෙනවා. නැගිටින්න හදන මොහොතක් ගානෙ මාව වැටෙනවා.හිත හදාගන්න ධෛර්‍ය ගන්න මොනතරමක් හැදුවත්, මගේ දුර්වල හිත මාව ආයෙමත් වට්ටනවා.අවු 19ක කෙල්ලෙක්ට දරාගන්න බැරිතරම් මගේ පිට චෝදනා, ඇනුම් බැනුම් ගැරහුම් පැටවිලා. කිසිම කෙනෙකුට හිතා මතා වරදක් නොකළ මම කීපදෙනෙක්ගෙ චෝදනාවට ලක් වෙලා. තියෙන ලොකුම දුක ඒ අතරේ දසුනුත් ඉන්න නිසායි.

 අති උතුම් පූජනීය ආදරයක් වන්දනා කරන්න හද බැතියෙන්ම වන්දනාවෙ යන්න පටන් ගත්තු මට, පාර වැරදුණාවත්ද?? ශ්‍රීපාදෙ වඳින්න , ඒ සිරි පතුල සිඹින්න පේවි ගෙන  පියාඹන පුංචි සමනල පැටියෙක්ට පාර වැරදුනා වගේ, මගේ ජීවිතේත් මම හොයාගෙන ආපු ඒ නිර්මල ආදරේට ළං වෙන්න බැරිවෙන්න තරම් මම මේ ජීවිතේ අතරමං වෙලාවත්ද?? දාහක් සිතුවිලි අතරේ මගේ හිත හොල්මන් කලා. පටන්ගන්න, අවසාන කරන්න, ඉමක් කොනක් හොයාගන්න බැරිව මම අසරණ වෙලා. "ජීවීතෙ දුකක් තමා. ඒත් උඹලාට මේ ජීවිතෙන් පැනලා යන්න බෑ.. ඒකට මූණ දෙන එකයි හපන්කම." Physics උගන්නපු අපේ පංතියෙ සර් හැම වෙලේම කිව්වෙ එහෙමයි.. ඒත් සර් කියන තරම් මේ කඩදාසි හිත හයිය කරගන්න ලේසි නෑ..පුංචි වතුර බිංදුවකට, විනාශ කරලා දාන්න පුළුවන්, දුර්වල කරන්න පුළුවන් කඩදාසියක් තරමට මගේ හිත දුර්වලයි.

පහුවදා සඳුදා  දවසක්. විභාගෙ කිට්ටු නිසා අපි ඉස්කෝලෙ ගියේ අඩුවෙන්. ගියේ නැති තරම්. එදා විශේෂ සම්මන්ත්‍රණයක් තිබුණා. ඉතින් හැමෝම එන නිසා මමත් එදා ඉස්කෝලේ යන්න කියලා ලෑස්ති වුනා.අද හවස ඉදන්ම  දසුන් එක්ක කතා කරන්න උත්සාහ කලත් කතා කරන්න බැරි වුනාදසුන් මගේ මැසේජ් වලට රිප්ලයි කලේ නෑ.. අඩුම තරමේ මිස් කෝල් එකක්වත් දුන්නේ නෑ.. කීප සැරයක් මම කෝල් කලත් උත්තරයක් නෑ.. අන්තිම වතාවට මම හුඟාක් රෑ වෙලා කෝල් කරපු වෙලේ දසුන්ගේ ෆෝන් එක call waiting දාලා තිබුනා.

හිත ගැස්සුනා. යාන්තමට ඇස් තෙත් වුනා.

"දසුන්ට ඇයි මට කතා කරනන් බැරි?? එයා කාත් එක්කද මේ මහ රෑ වෙලා කතා කරන්නෙ? "
 මට ඇති වුනේ කුතුහලයක්....

"කමක් නෑ.. යාලූවෙක් එක්ක වෙන්න ඇති. බලමුකෝ.. හෙට උදේටවත් කතා කරලා බලනවා. "

එහෙම හිතාගෙන නින්දට ගියත්, නින්දනම් මගේ අහළකටවත් ආවෙ නෑ.. දසුන්ගෙ අක්කා කියපු දේවලුයි, දසුන්ගෙ මේ වෙනස්වීමයි නිසා මගේ හිත ගිනි ගොඩක් වගේ ඇවිලි ඇවිලි තිබුනෙ..යාන්තම් ඇහැ පිය වෙද්දිත් නපුරු හීනයක් පෙනිලා ඇහැරුනා.ඊටත් පස්සෙ පාන්දර වෙනකම් ඔහේ හිත දුවන දිහා යන්න දීලා මම ඇදේ වැතිරිලා උන්නා.

පහුවදා පාන්දර මම ඇදේ ඉදන්ම දසුන්ට කෝල් එකක් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් නෑ... බැරිම තැන මම ඉස්කෝලෙ යනවා කියලා මැසේජ් එකක් යැව්වා. ඊට පස්සෙ ටික වෙලාවකින් දසුන් මට කෝල් කලා.

"මධූ ඇත්තට ඔහේට පිස්සුද හලෝ??"

"ඇයි දසුන්? මොකක්ද මේ උදේ පාන්දරම??මම මොනාද කලේ??"

"මේ උදේ පාන්දරම මඟුලක් කියවන්නෙ? ඉස්කෝලෙ යනවා කියලා.පිස්සුද?මොන ඉස්කෝලෙද? මේ කාලෙ කවුරුත් ඉස්කෝලෙ යන්නෙ නෑනෙ.."

"ඔව් යන්නෙ නෑ තමා දසුන්. ඒත් අපිට අද special seminar එකක්. ඉතින් හැමෝම එනවා කිව්වා. මාත් යනවා කියන්නයි ඊයෙ ඉදන්ම ඔයාට කෝල් කරන්න ට්‍රයි කලේ...ඒත් ඔයාගෙන් කිසිම රිප්ලයි එකක් නෑනෙ.. රෑත් මම කතා කරද්දි ඔයාගෙ call waiting  දාලා තිබ්බෙ."

"ආ... ඇත්තට?? ඔන්න අල්ලාගත්තා මගේ call waiting එක..දැන් තමුසෙ මඟුලෙ යන එක වහගන්න මගේ කෝල් කෙහෙල්මලක් අල්ලගත්තා නේද?? මේ බොරු කියන්නෙ නැතිව ගෙදර ඉන්නවා හලෝ... මගෙ යකා අවුස්සගන්නෙ නැතිව."

"මඟුලේ?? අනේ දසුන් මොකද මේ?? මම ඉස්කෝලෙයි යන්නෙ.. ඔයාට මොකක් වෙලාද ඇත්තටම ??මට තේරෙන්නෙ නෑ..."

"ඉස්කෝලෙ කියලා කොහෙ යනවද කවුද දන්නෙ?? මම මේ අන්තිම වතාවට කියන්නෙ. ගෙදර ඉන්නවා. කොහෙවත් යන්න ඕනෙ නෑ.."

"මම වෙන කොහෙවත් යන්න හැදුවෙ නෑ.. ඉස්කෝලෙ යන්නයි හැදුවෙ.. ඔයා ඔහොම කතාකරන්නෙපා දසුන්.. ඇයි පැට්ටො මට මෙහෙම කියන්නෙ ඔයා?"

"අනේ මේ නවත්තගන්නවා ඇඬියාව.වෞදේ පාන්දරම මූසලකමට. අද යන්න එපා. එච්චරයි!!!"

"හරි මම නොයා ඉන්නම්.. ප්ලීස්.. එක පාරක් හොඳින් කතාකරන්න දසුන්... ඔයා පල්ලා මම දිවුරලා කියන්නෙ මම ඔයාට හොරෙන් නරක වැඩක් කරලා නෑ.. කරන්නෙත් නෑ.. මට මෙහෙම කතාකරන්නෙපා දසුන්... මම පැලිලා මැරෙයි රත්තරං..."

"මම තියනවා.. අද යන්න එපා.එච්චරයි.. ගෙදරට වෙලා පාඩම් කරනවා."

"හරි දසුන්... ඔයාත් පාඩම් කරන්න..."

මම කියලා ඉවර වෙන්නත් කලින්ම දසුන් ෆෝන් එක තිබ්බා.. හිත රිදුනා නෙවෙයි.. පුපුරු ගැහුවා.මට කෑගහලා අඬන්න හිතුනා. ඒත් මම ගෙදරට ඇහෙයි කියලා බයටම හිමින් හිමින් ඉකිබින්දා.ඒ වෙනකොටත් මගේ කඳුළු වලට කොට්ටෙ තෙත බරියම් වෙලා හමාරයි.ඇස්දෙක පියාගෙන ටික වෙලාවක් ගත කලා. හිතනම් එකලාසියක් කරගන්න බැරි තරම්. ඒත් දසුන් කොයි මොහොතක හරි ආයෙමත් කතා කරයි කියලා හිත හදාගෙන මම නාඬා ඉන්න උත්සාහ කලා.

"දුව..... දුව...."

අම්මා කාමරේ දොර ළඟ ඉදන් කෑ ගැහුවෙ එතකොටමයි....

"අද ඉස්කෝලෙ යනවා කිව්වා නේද?? යන්නෙ නැද්ද? දැන් වෙලාව කීයද?"

මම ඇස් වල තිබුණු කදූළු ඇදන් උන්නු ගවුමෙන්ම පිහදාගෙන ඇඳෙන් බැස්සෙ අම්මාට කතා කරන්නයි.

"නෑ අම්මා..අද යන්නෙ නෑ.. අද බෑ වගේ.. වැඩක් වෙන එකක් නෑ... මම ඉන්නවා අද ගෙදර.."

"අහ්හ්හ් එහෙමද?? ඊයේ යනවා කිව්ව නිසයි කතා කලෙත් මම.. හරි හරි එහෙනම් ආයෙත් පස්ස පැත්තට එළිය වැටෙනකම් ම නිදාගන්නෙ නැතිව දැන්ම මූණ කට හෝදගෙන පාඩම් කරන්න.."

"හා හා.. හරි අම්මා.. තව චුට්ටකින්.."

අම්මා ගියාට පස්සෙ තමයි හිතට සැනසීමක් දැනුනෙ. මෙහෙම අඩ අඬ ඉන්නවා දැක්කානම් අම්මා.... දෙයියනේ... අම්මාට තරහා යාවි.. දුකත් හිතෙයි.. එයත් අම්මෙක්නෙ..එයාගෙ හිත උණු වෙයි.කොහොමටත් අම්මායි මායි අතරේ තිබ්බෙ පුදුම යාළුකමකකේ යාළුකම ඩිංගක් හරි ඈත් වුනා කියලා අම්මාට දැනුනානම් ඒ දසුන් හින්දායි.වෙලාවකට මට හිතුණා අම්මා ලඟට ගිහින්, අම්මාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන හැමදෙයක්ම කියලා හිත නිදහස් කරගන්න. අම්මාගෙ දෝණි ආදරෙන් පැරදෙන්නයි යන්නෙ කියලා අම්මාට කියන්න.ගුටිකන්න හරි අම්මාට කියලා අම්මාව බදාගෙන අඬලා දුක නැති කරගන්න හිතුණා.

ඒත් අම්මා කොහොම දරාගනීද , ඉවසයිද කියලා මට බය හිතුණා. එයාගෙ එකම දූ , එයාගෙ ආදරේ කියලා ළංකරගත්තු ඒ පිරිමි හිත මත්තෙ මෙහෙම නැහෙන්න යනවා කියලා දැනගත්තොත්, මෙහෙම දුක් විඳිනවා, ආදරේ හිඟා කනවා කියලා දැනගත්තොත්, මොනා හිතේවිද?? බෑ මට බෑ අම්මාට තවත් ගින්දර දෙන්න. මගේ ගිනි මම ම උහුලනවා කියලා හිතගත්තෙ ඒ නිසායි.

එදා දවසෙම දසුන්ගෙන් පණිවිඩයක්, කෝල් එකක් එයි කියලා බලන් උන්නත් දසුන් කතා කලේ නෑ.. අඩුමගානෙ මම ඉන්නවද නැද්ද බලන්නවත්, මගේ හිත රිදිලාද කොහොමද කියලා බලන්නවත් දසුන්ට උවමනාවක් තිබ්බෙ නෑ..ආදරේ කියන්නෙ පුදුම විදියෙ දුකක් කියලා දසුන් මට ඔප්පු කරලාම පෙන්නලයි තිබුනෙ. ඉස්සරම මොහොතක් මාව නොදැක ඉන්න බැරි වුනු දසුන්ට, මට කතා නොකර, මගේ ගැන බලන්නෙ නැතිව ඉන්න බැරි වුනු දසුන්ට දැන් මම හිටියත් එකයි නැතත් එකයි වගේ...

තවමත් මට නොතේරෙන මේ වෙනස්වීම ගැන මම මොනවා කියන්නද? මොනා කරන්නද කියලා දන්නෙ නැතිව අසරණ වෙලා බලන් උන්නා.දවස් සති මාස ගෙවෙන ඉක්මණ......මොහොතින් මොහොත දසුන් මගෙන් ඈතට යනවා නේද කියලා මට හිතුණා...ගතවෙන තත්පරයක් තත්පරයක් ගානෙ මම දසුන්ට ළං වෙන්න හිතුවා. ඒත් දසුන් ඒ හැම තත්පරයකම මගෙන් ඈත් වුනා මිස ළං වුනේ නෑ....

අදටත් මට මතක් වෙන්නෙ දිලූ කිව්ව කතාව විතරයි..

"ආදරේ කරපන් හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා."  

ඒත් මම දැන් මගේ ආදරේ ජීවිතේ කරගෙන ඉවරයි..... ඔව්.... මගේ ආදරේ ජිවිතේ වෙලා ඉවරයි....මේ ආදරේ මැරුණු දාකට... මමත්.......... 

------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූට ,දසුන් ඉදිරියේදි කුමක් කරයිද?දහසක් බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න විභාගෙට කුමක් වෙයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්.......... 


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............


ප.ලි- හිතුවක්කාරී පෙනුම පොඩ්ඩක් වෙනස් කොලා...;) ගණන් ගන්නෙපා හොදේ?? කාජල්ගෙ පෙනුමෙන් මිදිලා හිතුවක්කාරි වෙන්න පොඩි ට්‍රයි එකක් දැම්මා.... :D

Post Comment

50 comments:

  1. Replies
    1. හි හි හලී.... වර්ණා එක..:)

      Delete
  2. ජීවීතෙ දුකක් තමා. ඒත් උඹලාට මේ ජීවිතෙන් පැනලා යන්න බෑ.. ඒකට මූණ දෙන එකයි හපන්කම."
    මටත් කියන්න මතක් වෙන්නේ ඔච්චරයි.,,,,,,,,,,,,,,.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ස්තූතියි!!!!

      Delete
  3. අනේ මන්ද.වෙලාවකට මේ කතාව කියවනකොට හිතෙනවා, අක්කි මං ගැන ලියනවා කියලා. :(
    ලඟින් ඉන්න කෙනෙක් වෙනස් වෙනකොට අපිට ඒ වෙනස්කම දරාගෙන ඉන්න බැරි එක තමයි මේ හැමදේටම මුල..
    ආදරේ කියන්නෙත් තණ්හාවක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.... ඔව් ඇත්ත නගෝ.. ලඟින් ඉන්න කෙනෙක් වෙනස් වෙන එකනම් පුදුම දුකක්...:( එකඟයි.. ආදරේ තණ්හාවක් තමා...

      Delete
  4. හ්ම්ම් මට හරියට දුක හිතුනා. ගෑනු අපි හැමදාම පරදිනවා. :((
    මේ කතාවත් හරියට ජිවිතේ වැරැද්ද ගත්ත පුංචි කෙල්ලෙක්ගෙ කතාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. :( ගෑණූ අපිට වරදිනවා හුඟාක් තැන් වලදි... හ්ම්ම්... ඔව් ඉස්සරහටත් බලන්නකෝ පුංචි කෙල්ලට වෙන්නෙ මොකක්ද කියලා.

      Delete
  5. මම කිව්වනේ අක්කා මැද්දට පැන්නා කියන්නේ වැඩේ හබක් වීමේ පළවෙනි මග සලකුණ කියලා...කෝ ඉතින් ඇහුවේ නැහැ නේ :/

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.... මේ මොකෝ අයියට තරහා ගිහින්??? හ්ම්ම්... මමත් දැනගෙන උන්නා. ඒත් කිව්වෙ නෑ...;)

      Delete
  6. ආන් වර්ණා කෙල්ල එක වෙලා..ඇතියන්තං ඔහොමවත් එක උනා...ඒවා මේවා වැඩක් නෑ....ඔය දඟලන්නේ අර පළඟැටියා කරගත්ත දේ කොරගන්ඩ....ලාම්පු එලියට නටලා නටලා...ඒ ගිනිදැල්ලේ පිච්චිලා මැරෙන්ඩ...අනිච්චේ දුක්කේ..හරි හරි ආදරේ වෙලාවකට අන්දයි කියනවනේ...

    ReplyDelete
    Replies
    1. ආව්ව්..... වර්ණා කෙල්ල එක වුනාට අයියාට තියන සංතෝසෙ..:D ;) හ්ම්ම්... පළඟැටියට වුනු දේම මධූටත් වෙයිද දන්නෙ නෑ...:'(

      Delete
  7. හම්බෙද්දෙංකො ඔය දසුන් කියන හිකනලාව මට!!! අත දිග ඇරලා කණෙ පාරක් ගහන්න

    ReplyDelete
    Replies
    1. හි හි!!! ඒත් පවුනෙ ඉතින්...;)

      Delete
  8. අපි කතාව පැත්තකින් තියමු... මොකද මේ හදිස්සියේ වෙනස් වෙන්න කල්පනා කලේ??

    ReplyDelete
    Replies
    1. හා හා... නිකන් හිතුනා මට.. හැමදාම එකම විදියට ඉඳලා බෑනෙ...පොඩ්ඩක් වෙනස් වෙන්නත් එපැයි!!!

      Delete
  9. හප්පා.... දැන් කතාව කියවන්න එනකොට ලේන්සුවක් අරගෙන එන්න වෙන්වනේ. මේ දවස්වල දුක හිතෙන කොටස් යන්නේ.
    මට නම් හිතෙන්නෙම දසුන්ගේ මෙහෙම මුරණ්ඩූ වීම් විභාගේ ඉවර උනාම නතර වෙයි කියලා. කොල්ලා මෙහෙම ඉන්නේ කෙල්ලට පාඩම් කරන්න කියලා බල කරන්නද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙනම් අයියා එද්දි පාට පාට මල් වැටිච්ච ලේන්සුවක් එහෙම අරන් එන්න ඉස්සරහටත්..;)

      ම්... අපි බලමුකෝ මධුරංග අයියාගෙ පේන කිවීම හරිද කියලා...

      Delete
  10. කාජල්ගේ ලෝයර් කෙනෙක් ඉන්නවලු ලංකාවේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒකම තමා මම මේ කාජල්ගෙ මූණෙන් පෙනී සිටීම නැවැතුවෙ..:D බැරි වෙලාවත් නඩු දැම්මොත්..

      Delete
  11. "අනේ මන්ද.වෙලාවකට මේ කතාව කියවනකොට හිතෙනවා, අක්කි මං ගැන ලියනවා කියලා. :(
    ලඟින් ඉන්න කෙනෙක් වෙනස් වෙනකොට අපිට ඒ වෙනස්කම දරාගෙන ඉන්න බැරි එක තමයි මේ හැමදේටම මුල..
    ආදරේ කියන්නෙත් තණ්හාවක්"

    මටත් කියන්න තියෙන්නේ ice
    නංගා කියපු දේම තමයි,.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...ice නංගා කියන විදියට කිව්වොත් මම ඔයාගෙ අක්කි වෙනවනෙ ප්‍රාර්ථනා අක්කියෝ..:D හික්ස්.....

      Delete
  12. ආදරය අන්දයි කියන්නේ එකනේ ....................ආදරේ කරද්දී අපි මර විදිහට බොලද වෙනවා අක්කි එක මට තේරුනේ ඊයේ .....................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් ආදරේදි කවුරුත් බොළදයි තමා... වයස සීමාවකින් තොරව...:) ඒක එහෙම තමා...

      Delete
  13. මට හිතාගන්න බැහැ නංගියෝ.. මේ මොකද වෙන්නෙ කියලා.. :( දසුන් මේ විදිහට වෙනස්වෙන්න මොකද්ද හේතුව..?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... මිනිස්සුන්ට වෙනස් වෙන්න හේතුවක් ඕනෙම නෑ නේද අක්කියෝ??? අපි බලමුකෝ ඉස්සරහට...

      Delete
  14. හරිම ලස්සනයි..දවසින් දවස කතාව වෙනස් වෙනවා..ඔයා දක්ෂයි... සුබ පතනවා හිතූගේ පොතක් ඉක්මනට එලි දක්වන්න ලැබෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ... :) හම්මියෝ... පොතක් ලියන්න තරමට දක්ෂයි කියලනම් මම හිතන්නෙ නෑ....කොහොම වුනත් ස්තූතියි අක්කාට

      Delete
  15. ජීවිතේදි ලැබෙන්නැති දේකට වඩා, ලැබිල නැතිවෙනදේකදි හිත කඩාවැටෙන තරම වචන වලින් කියන්නන බැරි තරම් දුකක්.අහිමි වෙන දේ අහිමි වෙලා යන්නනොදී ඒදේ තමන්ගේම කරගන්න හදද්දි, ඒක ඊටත් වඩා දුකක් නේද​???

    හිතූ හොඳයි.චෝදනා, තර්ජන වලට බයවෙලා හරි අද කතාව ඉක්මනින්ම දාලා....හික්..හික්...

    ඊළඟ කොටසත් ඉක්මනින්ම දාන්න බලන්න යාළු.

    ReplyDelete
    Replies
    1. //ජීවිතේදි ලැබෙන්නැති දේකට වඩා, ලැබිල නැතිවෙන දේකදි හිත කඩාවැටෙන තරම වචන වලින් කියන්නන බැරි තරම් දුකක්//

      සම්පූර්ණ එකඟයි!!!! ඇත්ත සහෝ....

      හිහ්හ් ඒකනෙ මම බය වෙලා ඉක්මණට ලිව්වා...ඊලඟ කොටසින් හමුවෙමු

      Delete
  16. අපි ඇත්තටම ආදරේ කරන බව දැනගත්තාම එයාලටම බැඳිල කියල දැනගත්තාම...අර තලන යකඩෙ උඩ පැන පැන තලනව වගේ තමා වෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. නියමම කතාව කිරිල්ලි!!! එකඟයි!!!!

      Delete
  17. පුන්චිම දේටත් දසුන් තරහා ගන්නේ ඇයි ඩින්ගක්වත් මදු ගැන නොසිතා....

    හිනා වෙන්න වගේම අඩන්නත් පුරුදු කලේ මදුට දසුන් තමා.....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... :D සින්දුවෙ අලුත්ම ව්‍ර්ෂන් එකක්ද??

      Delete
  18. බුදු අම්මෝ!තව කොටස් 15ක් තියෙනව කියවන්න!:O
    එකත් කියවලම එන්න වෙයි!://

    ReplyDelete
    Replies
    1. හිමින් සැරේ කියවන්නකෝ සහෝ!!!

      Delete
  19. Ooopss... :( :(

    අද‍ට මුකුත් කියන්නේ නෑ.. ඊගට කොටස එකනං දත් මිටි කාගෙන බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. :D ම්ම්ම්ම්ම්... වැඩිය දත්මිටි කන්නෙපා..;)

      Delete
  20. අනේ මන්ද කියනවා ඇරෙන්න වෙන මොනා කියන්නද.........

    ReplyDelete
  21. මං කතාව කිවුවේ නැහැ.ඉතින් ඔයා දන්නවනේ මං නව කතා කියවන්න හොරයි කියලා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... දන්නවා දන්නවා..;)

      Delete
  22. ඕව ඔහොම තමයි...ඕව ඔහොම තමයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්....:D

      Delete
  23. මම අර එක්තරා දවසක මොකක්ද එකක් කිවුවා නේද ආදරේ ගැන අන්න එකම තමයි අදත් කියන්න තියෙන්නේ....

    log wenna kammaliyoooo

    ReplyDelete
  24. ම්ම්ම්ම්ම්... හුඟාක් කාලෙකින් මෙහාට ආවෙ නේද??? ස්තූතියි!!! හ්ම්ම් හ්ම්.. මතකයි මතකයි..

    ReplyDelete
  25. apoy maday okkome maduge pite ude watunu hati.. hmmmm kellonte thama okkome

    ReplyDelete
    Replies
    1. හ්ම්... එහෙමතමා.. කෙල්ලෙ... ගෑණූ වෙලා ඉපදුනාම ඔක්කොම කුණූ භාරගන්න ලෑස්තිවෙන්න ඕනෙ..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....