නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 January 2012

තටු සිඳුනු සමනළී -17 වන කොටස

දැන් දැන් කතාව එන්නම එන්නම දුක පැත්තටම හැරෙනවා කියලා තමා කට්ටිය කියන්නෙ..:) ඒ නිසා කියවන්න එද්දි අපේ මධුරංග අයියා වගේ, ලේන්සුවක් එහෙම අරන් කියවන්න ආවට කමක් නෑ..මුල කොටස් අමතක අයයි, කතාව කියවන්න අද ඉඳන් එකතු වෙන අයයි මුල කොටස් කියවලාම එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16

අද 17 වන කොටස මෙතැන් සිට........

-------------------------------------------------------------------------------------------------------------

කාලය ගත වුනා.ඔරලෝසුවෙ කටු කැරකුනේ හිතාගන්න බැරි වේගයෙන්.මම  හැමදාමත් එකම විදියට ප්‍රශ්න ගොඩක් මැද්දෙ මිරිකෙමින් කල් මැරුවා.හැමදාකම නරක කාලෙ එන්නෙ නෑ වගේ, මගේ ජීවිතේටත් හොද කාලයක් එයි කියලා මම මඟ බලගෙන උන්නා.ජීවිතේ සමහර අමාරු කාල වලදි ටිකක් ඉවසීමෙන් බලගෙන ඉන්න වෙන බව මම දැනන් උන්නා. මේ කටුක සමය හමාර වෙලා, වසන්ත කාලෙ උදාවෙනකම් මම ඇඟිලි ගැන්නා.ගහකට වුනත් හැම වාරයකම මල් පිපෙන්නෙ නෑ.කොළ හැලිලා, මල් හැලිලා, කේඩෑරි වෙලා යන අවාරයක්  එනවා.මගේ ජීවිතේත් එහෙම ගහකට සමාන කරපු මම කාලයට ඉඩ දීලා බලන් උන්නා. වෙන කරකියාගන්න දෙයක් නැතිවම.

විභාගෙට තියෙන්නෙ තවත් සති දෙක තුනක වගේ කාලයක් විතරයි.දසුන් මේ දවස් ටිකේ ටිකක් රණ්ඩු කරන්න අමතක කරලා වගේ කියලා දැනුනා.ඒත් ඒ හා සමානවම ආදරේ කරන්නත් දසුන් අමතක කරලා තිබුණා.විභාගෙ ඉවර වුනාම හැමදෙයක්ම හරියාවි කියලා හිතුනත්, තියන ප්‍රශ්න තව තවත් වැඩිවෙයිද කියලා යටි හිතේ පුංචි බයක් නොතිබුණා නෙවෙයි.විභාගෙ කට ළඟටම ඇවිත් නිසාම හිතේ තිබුණේ ලොකු තිගැස්මක්.

අන්තිම වතාවට අපි මුණ ගැහුනෙ, පළවෙනි වතාව අපි හමුවුනු, ගණන් පංතියෙදිමයි. එදා ගණන් පංතියෙ අවසාන දවස නිසා දැනුනෙ ලොකු දුකක්. අපි හමුවුනු, හිනාවුනූ, කතාකරපු, ආපු ගියපු ,අපේ ආදරේ පටන්ගත්තු ,ඒ බිත්ති හතර අතෑරලා යද්දි,යාලූවො එක්ක පිස්සු නටපු ඒ කාලෙ අදින් ඉවරයි නේද කියලා හිතෙද්දි ,හිතට දැනුනු හැඟීම හරිම දුක්බරයි.

ඒත් කාලය නැවතිලා තියෙන්නෙ නෑ..අපි නැවතුනත් කාලය ගත වෙනවා.ඒකයි ඇත්ත.පංතියෙ අන්තිම දවස නිසා ලෑස්ති කරලා තිබුණු අවසාන භෝජන සංග්‍රහය බුක්ති විඳලා, සිංදු කියලා, නටලා, හිනා වෙලා, අඬලා,සමරු පොත් වල අත්සන් අරන් අන්තිමේදි අපිට වෙන්වෙන්න වුනා.රෑ අදූර වැටීගෙන එන හවස් යාමේ, රොටරියෙ ගේට්ටුවෙන් එළියට එද්දි ,මම ආයෙමත් වතාවක් රොටරිය දිහා හැරිලා  බැලුවා.ඒ අබලන් ගොඩනැගිලි ඇතුළේ ලියැවුනු අපේ කතාවල්, ඒ ඩෙස් බංකු,බිත්ති වල විතරක් නෙවෙයි, සදාකාලිකවම අපේ  මතක අතරේත් තැන්පත් වෙලා හමාරයි.

හසී, නිශා, දිලූ, කෞෂී අපි හැමෝම හිටියෙ ඒ ගතවුනු කාලෙ ගැන හිතින් මතක් කරමිනුයි.දසුනු ත් මාත් එක්කම සමාන්තරව ඇවිදගෙන ආවත්, කතාවක් බහක් තිබුනෙ නෑ. සමුද්‍රදේවි පාරෙන් එළියට එනකම් ම අපි අතරේ තිබුණේ ලොකු නිශ්ශබ්ධතාවයක්. අපේ පිටිපස්සෙන් ආව දසුන්ගෙ යාලුවො ටිකත් නුගේගොඩ හංදියෙන් වෙන්වෙලා ගියේ විභාගෙට හැම කෙනෙක්ටම සුභ පතලයි.

"දැන් දසුන් ලෑස්තියි නේද ඔයා විභාගෙට?" මම නිහඬ බව බින්දා.

"ම්ම්ම්ම්ම්......"

"මොකද කතා නැත්තෙ? මාත් එක්ක තරහින් වගේ?"

"එහෙම නෑ.. මට ඇති ලෑස්තියක් නෑ.. ඔන්න ඔහේ ලියලා දානවා."

"හ්ම්.. ඔයාට මට වඩා පුළූවන් නෙ. ඔයා පාස් වෙයි.බය වෙන්නෙපා දසුන්. ඔයාට පුළුවන්."

"පිස්සු හැදෙයි.. මට නෝට්ස් ඇත්තෙත් නෑ සමහර එව්වාගෙ.ෆොටෝකොපි කරගන්නත් බැරිවුනා, මොකෙක්වත් පොත් දෙන්නෙ නෑනෙ. "

"ඉතිං මට කිව්වෙ නැත්තෙ ඇයි?? මම ඕන ටික ෆොටෝ කොපි ගහලා ගෙනත් දෙනවනෙ.."

"හ්ම්.. එච්ච්ර ගොඩක් නෑ... Chemistry අන්තිම පාඩමේ නෝට්ස් මිස් වෙච්ච ටිකක් තියෙන්නෙ.. "

"එහෙනම් හෙට ඇඩ්මිශන් ගන්න යද්දි හම්බෙමු.. මම ෆොටෝකොපි කරලා දෙන්නම් නෝට්ස් ටික."

දසුන් රණ්ඩුවට නැතිව ,සාමයෙන් හොඳින් කතා කරපු නිසා සතුටෙන් ඉපිළෙමින් උන්නු මට දසුන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් හැඟීමකුයි තිබුනෙ.

"හා.බලමුකෝ මම අද රෑ වෙලා කියන්නම්කෝ.එහෙම වුනොත් හෙට ඉස්කෝලෙ ඇරිලා යනගමන් හම්බවෙමුකෝ.."

"හා හා.. අනේ ඔව් දසුන්... එහෙම කරමු.. බලන්න දෙයක් නෑ..."

මට එහෙමම කියැවුනා. සංතෝසෙට උඩ පනින්න තරම් හිතුණා. දෙයියනේ කියලා හිත සතුටින් , නිදහසේ විභාගෙ කරන්න පුළුවන් දසුන් මෙහෙම හොඳින් හිටියොතින් විතරයිනෙ.අතෑරලා දාලා තිබුණූ බලාපොරොත්තු ආයෙමත් අලුත් වුනා. ඒ බලාපොරොත්තු වලට පණ දන්නෙ දසුන්.

මගේ දුකට සැපට ලඟින් උන්නු වගේම  ඉන්න, අතිජාත යාළුවො සෙට් එකත් එක්කත් ඒ අන්තිම දවසේ ,දසුන් හුඟාක් සතුටින් කතා කළා. විහිළු කළා. ඇත්තටම ඒ වෙනස මට ප්‍රශ්නාර්ථයක් ගෙනාවා වුනත් ලොකු සතුටකුත් එකතු කළා.

"කෙල්ලෝ කාළගුනේ වගේ කිව්වට බැලුවාම කොල්ලොත් එහෙමනෙ." මම මටම කියගත්තෙ දසුන්ගෙ වෙනස්වීම් හරිම පුදුමසහගත නිසා.

අන්තිමේදි අපි හුඟාක් ළඟින් ,ඉස්සර තරම්ම බැදීමෙන් නොවුනත්,මොකක්දෝ අමුතු ලෙංගතුකමකින් ළංවෙලා ඉඳලා වෙන්වුනා.ආයෙත් පහුවදාට හම්බවෙන්න බලාපොරොත්තුවෙන් දසුන්ගෙනුත්,මගේ යාළුවොන්ගෙනුත් වෙන්වෙලා ගෙදර ආව මට , හිත පුරා දැනුනේ පුදුම සැනසීමක්.

තමන්ට ළඟින් ඉන්න,මහ මෙරක් ආදරේ කරන කෙනෙක්ගෙන් ,හිතට ලැබෙන ධෛර්‍ය,ශක්තිය තරම් ආත්ම ශක්තියට රුකුලක් වෙන දෙයක් තවත් නැති බව දසුන්ගෙ මේ ලෙංගතුකම මට සහතික කළා.ජීවිතේ අමාරු තැන් වලදි ,බාධක ,අභියෝග  හමුවේ තමන්ගෙ අයගෙන්,තමන්ගෙ කියලා පපුවෙ තියාගෙන ඉන්න අයගෙන් ලැබෙන ධෛර්‍යමත් වචන,අවවාද ,ආදරය විශාල ආශිර්වාදයක් වෙන බව මම අහපු දැකපු සත්‍යක් .ඒ වගේම ජීවිතේ දිනපු හුඟාක් මිනිස්සුන්ගෙ පිටිපස්සෙ ,යෝධ හෙවණැලි වැටිලා තිබිලා තියෙනවා.ඒ හෙවණැලි ආදරේ සංකේත විදියට අදහනවා  මම දැකලා තිබුණා.

මටත් මගේ අම්මා,තාත්තා වගේම දසුන්ගෙන් ලැබෙන එක කාරුණීක බැල්මක වුනත් මහා වටිනාකමක් දැනුනා.එක ආදරණීය වචනයක් වුනත් ලෝකයක් තරම් දැනුනා.මං හිතන්නෙ ආදරේ එහෙමයි..රත්තරං,මුතු මැණුක් නැතත් මනුස්සකම,ආදරේ,ගෞරවේ තියෙනවනම් ජීවිතේ විඳින්න පුළුවන්.දිනන්න පුළුවන් කියලා මම විශ්වාස කළා.දිනාගන්න බැරි හුඟාක් දේවල් දිනාගන්න ශක්තිය ලබාගන්න ආදරේ හොඳ උත්ප්‍රේරකයක් කියලාත් මම තදින්ම  විශ්වාස කළා.

------------------------------------------------------------------------------------------------------------
පහුවදා ඉස්කෝලෙ ගිහින් වුනෙත් වෙන්වීමේ කඳුළු අලුත් වුන එක විතරයි.අවුරුදු හතක් ඉගනගත්තු ඉස්කෝලේ, අවුරුදු දහ තුනක පාසැල් ජීවිතේ, මේ හැමදේකම සමුගැනීම එකම දවසක සිද්ධ වෙනකොට හිනා වෙන්න පුළුවන් කාටද?ඇඩ්මිශන් අරගෙන ඉස්කෝලෙ වටේම ඇවිදලා හැම මිස් කෙනෙක්ටම කතා කරලා වැඳලා ආශිර්වාද ගත්තා.

ඔය අතරේ මගේ හිතට ලොකුම ලොකු හයියක් දැනුනේ O/Lපංතියෙ විද්‍යාව උගන්වපු රණවන මිස්ගෙ වචන ටිකයි.


"පුතේ,A/L කියන්නෙ ජීවිතේ එක කඩඉමක් විතරයි. ඒක දිනන්න, සාර්ථක කරගන්න උපරිම උත්සාහ කරන්න. හැබැයි පුතේ බැරිවෙලාවත් අසාර්ථක වුනොත්,ජීවිතේ එතනින් ඉවර වෙන්නෙ නෑ..තමන් පැරදුනත් කවදාවත් මුළු ජීවිතෙන්ම කඩාවැටෙන්න එපා.මොකද පුතේ හැම පරදින මනුස්සයෙක්ටම දිනන්න මාර්ගයක් මැවෙනවා.ඒ නිසා ජීවිතේ කිසිම දවසක එක පැත්තක් අසාර්ථක වුනු පළීයට ජීවිතෙන්ම කඩා වැටෙන්න එපා."


මිස්ට දණගහලා වඳිද්දි මගේ ඇස් වල කඳුළු පිරුණා.මගේ ජීවිතේ මට හම්බ වුනු හොඳම ගුරුවරුන්ගෙ නම් ලැයිස්තුවෙ උඩින්ම උන්නු රණවන මිස්ට මම හැමදාමත් හුඟාක් ගරු කළා.

අවසානෙදි ඉස්කෝලෙ හැම ගහක් වැලක්,ගොඩනැගිල්ලක්  ගානෙම බඩගාගෙන ,උඩනැගගෙන පින්තූර ගත්ත අපි, හිනා වුනා. ඇඬුවා, කෑගැහුවා.එකට වැළඳගෙන දුක සතුට බෙදාගත්තා. අතීත මතක අතරට එකතු වුනු අපේ සැමරුම් හුඟාක් සංවේදී වුනා.ඉස්කෝලෙන් ඉවරවෙලා මම දසුන් මුණ ගැහෙන්න යන්න තිබුණූ නිසා, හසීටත්, නිශාටත්, හංසිටත්, බස් එකේ අපේ සෙට් එකෙනුත් සමුගත්ත මම ටවුන් හෝල් එකට එන්න පිටත් වුනා.

දසුනුත් මමත්, ඉස්කෝලෙ දවස් වල මුණ ගැහුනේ බොහෝමත්ම අඩුවෙන්. ඉස්කෝලෙ යුනිෆෝර්ම් එක ඇඳගෙන පාරෙ කතා බහ කරන එක ,හිරේ විලංගුවෙ වැටෙනවට වඩා බරපතල දෙයක් වුනු නිසාම , හුඟාක්ම හදිස්සි, වැදගත්ම විශේෂ දෙයකට හැරෙන්න අපි ඉස්කෝලෙ දවසකට මුන ගැහුනෙ නෑ..

අවුරුදු දෙකක් තිස්සෙ ඉස්කෝලෙන් බලපෑමක් නොතිබුණූ මට, මේ අන්තිම මොහොතෙ අන්තිම දවසෙ , චෝදනාවක් දමාගන්න වුනොත් කියලා බයටම මම පරිස්සම් වුනා.කොහොමටත් ඉස්කෝලෙ ඇරුනු වෙලේ වාහන තදබදයත් එක්ක දසුන්ට , තුම්මුල්ලේ ඉඳන් ටවුන් හෝල් එකට එන්න වෙලාවක් ගතවෙන නිසා මම හිමින් හිමින් ඇවිදගෙන බස් හෝල්ට් එක පැත්තට ගියා.

"දෙයියනේ... දසුන් ඇවිත්නෙ..."

ඈත තියාම දසුන්ව දැක්ක මට කියැවුනා.

"මෙයා කොහොමද අද මෙච්චර ඉක්මණට ආවෙ.වෙන්දට පරක්කු වෙනවනෙ.දැන් ඉතින් ඉවරයි.මම පරක්කුයිනම් බැනුම් තමා."

එහෙම හිතමින්ම දසුන් ළඟට කිට්ටු වුනා.

"ඔයා ඇවිත් හුඟාක් වෙලාද?

වටපිට බලලා පරිස්සමට හිමින් සැරේ දසුන්ගෙන් එහෙම ඇහුවෙ බැනුම් අහගන්න වෙයි කියලා බලාපොරොත්තුවෙන්මයි.

"නෑ..නෑ..දැන් චුට්ටකට කළීන් ආවෙ.අද ඩිංගක් වේලාසන පැන්නා."

"හා හා..ඕගොල්ලොන්ගෙ ඉස්කෝල නිසා හොඳා..කොල්ලොන්ට මොන නීතිද ඉතින්.. අපිට තමා ඔක්කොම.."

"ඒකනෙ... අද අන්තිම දවසෙ ඔය නීතී නෑ...අන්න බස් එකක්..යන්ද?නැත්තම් පරක්කුවෙයි මට."

"හා යමු..."

හුඟාක් කාලෙකට පස්සෙ හිතට ලොකු සැනසීමක් දැනුනා. දසුන්ට ඕනෙ කරන නෝට්ස් ඔක්කොම ගෙනත් දුන්නු මම ලොකු සතුටකින් උන්නා. දසුනුත් රණ්ඩු කරන්න, බනින්නෙ නැතිව කරුණාවෙන් කතා කලා.සමහර විට විභාගෙ ළඟ නිසා දසුන් මගේ හිත නොරිදා ඉන්න හිතුවා වෙන්න ඇති. කොහොම වුනත් දසුන් බස් එකෙන් බහින්න යද්දි හිතට මහා දුකක් දැනුනා. දසුන්ට මගේ ඇස් වලින් ඒ බව පෙනිලාද මන්දා මගෙන් ඇහුවා.

"මම එන්නද ඔයාව ටවුමෙන් බස්සන්නම?"

"නෑ දසුන් කමක් නෑ.. ඔයාට පරක්කුවෙනවා. ඔයා යන්න.නැත්තම් ආයෙත් එද්දි පරක්කුවෙයි."

"හ්ම්ම්.. එහෙනම් විභාගෙ දවස් වලදි හම්බවෙමු.. පරිස්සමින්."

"මොහොතකට දුකක් ආවත්,ආයෙත් හම්බෙමු කියන දසුන්ගෙ කටින්ම කියැවුනු ඒ වචන ටික මට ලොකු සතුටක් ගෙනාවා."

"හරි දසුන්. පරිස්සමින්.බුදුසරණයි!!!"

අන්තිම වතාවට මම එදා දසුන් ගෙන් සමුගත්තා.ආයෙත් විභාගෙ ඉවරවෙලා හම්බෙන බලාපොරොත්තුවෙන්.

ඇත්තටම දසුන් මෙහෙම වෙනස් වෙන්න, ආයෙමත් ඉස්සර හොඳ, අහිංසක දසුන්ම වෙන්න හේතුව හිතාගන්න බැරිව කල්පනා කළා. දසුන් වෙනස් වුනේ විභාගෙ ලඟ නිසාවත්ද??

------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ වෙනුවෙන් දසුන් වෙනස් වෙයිද?බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න විභාගෙට කුමක් වෙයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........  


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............ 

Post Comment

56 comments:

  1. මේ වෙනස්වීමත් කුණාටුවකට කලින් ඇතිවෙන ගැඹුරු නිශ්ශබ්දතාවය වගේ වෙයි කියල මට බයයි..... :/

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්... වෙන්න පුළුවන් නගෝ.. බය වෙන්න වෙපා.. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට නගෝ.. අපි බලමුකෝ

      Delete
  2. මම කියන්නේ දසුන විභාගේ ගොඩ දැම්මොත් හොදයි !

    ReplyDelete
    Replies
    1. ඇයි දසුන් විතරක්?? එතකොට මධූ???

      Delete
  3. දසුන් අනිවාර්යෙන්ම විභාගේ ගොඩ දායි.
    එතකොට මධූ ????

    මධූත් විභාගේ ගොඩ දානිත්වා !!!
    (මධූවා පාස් වෙන්න කියලා ගැඨඹේ බෝධියට බාරයක්වත් වෙන්න වෙයිද මන්දා)

    ReplyDelete
    Replies
    1. කොහොමද විශ්වාසයෙන් කියන්නෙ එහෙම?? දසුන් ගැන දන්නවාවත්ද?? ;)

      හික්ස්ස්.. අර මොකටද ගැටඹේ බෝධියට භාරයක්.. බලමුකො ටිකක්..මධූ මොනා කරයිද කියලා??

      Delete
  4. ජිවිතේ ගොඩදාගන්න පුළුවන්නම් එල කොල්ලෙක් වේයි !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බලමු අපි අයියා...

      Delete
  5. ම්ම්..අද කොටසත් ලස්සනයි..ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න..

    ReplyDelete
  6. දැන් මේක මෙගා නාට්යායක් කරන්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... මෙගා කරලා පල් කරන්න බෑනෙ අයියේ.. එච්ච්ර දිග ඇදෙන්නෙ නෑ.. කම්මැළියිනම්, කියවන්න බැරිනම්, හරි නෑ වගේනම්, අඩුපාඩු කියන්න මට..

      Delete
  7. ආ අද ලේන්සු ඕන නැහැ නේ..
    ඒක නෙවෙයි දැන් නම් සැබෑ වෙනසක් මොකද ඒ ?

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔව් ඔව්.. අද ලේන්සු ඕනෙ නෑ...;) බලමුකෝ අයියෙ අපි වෙනස මොකක්ද කියලා..:)

      Delete
  8. mokakde wenasak wela dasunte mokakde nisa ehema unade kiyane man danne na.. madute aye eyage parana ahinsaka dasunme hambunoth hoday ane,, lassanay ade post ekakth ,, anik ekath danne hode ikmnate ;) take care

    ReplyDelete
    Replies
    1. ඔව් නංගො..අපි එහෙම ප්‍රාර්ථනා කරමු නේද?? දසුන් හොද වෙන්න කියලා??ස්තූතියි නගෝ..

      Delete
  9. රණ්ඩු නැති එක හොදා..
    ඒත් අද කතාව නම් කොට වැඩි..

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ රණ්ඩු වෙද්දි රණ්ඩු කියවලාම එපා වෙනවනෙ..:) කොටයි?? :O වෙන්න බෑ...

      Delete
  10. දසුන් මොකෝ හදිස්සියේ වෙනස් උනේ??? සෑහෙන්න කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්... අද තමා මම කතාවට එකතු උනේ. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අද ඉඳන් එකතු වුනාට ශානියෝ..:) හොඳ නරක කියන්නකෝ කියවලා..:) ප්‍රශ්න වලට උත්තර ලැබෙයි ඉස්සරහට...ජය වේවා

      Delete
  11. කතාවේ ඉදිරිය මොන වගේ වෙයිද කියලා හිතනවා.. ඉතුරු ටිකත් ඉක්මනින් දාමු..

    ReplyDelete
    Replies
    1. ඉදිරිය ගැන අපි බලමුකෝ අයියා. ඊළඟ කොටස් වලින් තව තව වෙනස්කම් වෙයිද බලමු..:)

      Delete
  12. හ්ම්ම් අයිස් කියුවා වගේ මහා කුනාටුවකට කලින් එන නිශ්ශබ්දතාවයක් ද දන්නේ නැහැ.
    කොහොමත් මම දන්නා පිරිමි යාළුවො අතෙරේ ඔහොම අය ඉන්නවා, මගේ යාළුවො එක්ක යාලු වෙලා ඉන්නවා සමහරක්. ඔහොම්මමයි , බොරු හේතු වලට රණ්ඩු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඔව්, සමහර එලාවට නිශ්ශබ්ධතාව වුනත් භයානකයි!!!අපි බලමු මොකද වෙන්නෙ කියලා ඉස්සරහට...හ්ම්ම්.. මම දන්න යාළුවොත් ඉන්නවා. හුඟාක් ලව් ස්ටෝරීස් මේ වගේ වෙන්න ඇති..

      Delete
  13. ම්ම්ම්...
    මට නම් හිතෙන්නේ දසුන් AL ඇනගන්නවා.. මධූ AL ගොඩදාගනියි.. ඒ හේතුව නිසා දසුන්ගෙයි මධුගෙයි ආයි ප්‍රශ්න ඇති වෙන්න පටන් ගනියි.. අනේ මංදා..

    බලන් ඉමුකෝ...

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔන්න තවත් ගෙස් කිරීමක්.... බලමුකෝ කවුද හරි, කවුද වැරදි කියලා.. ඒකට ඉතින් කතාව අවසාන වෙනකම් ඉන්න වෙයි..

      Delete
  14. ශිල්ප සොදින් දැනගන්න ගිහින් නුබ යහතින්දෝ කොලම්පුරේ...
    ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුබ නැති හන්දා මන් තනියේ.../
    හැන්දෑ අවරට දැක්කද නන්ගො තුරුලු වෙලා ඉන්නා ජෝඩු
    රන්චු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට නුබ කිරි කෝඩු..
    නාමල් සුවදක් පෙරදා වගේ අද නෑ නොවැ ඇල ඉස්මත්තේ..
    නාමල් සුවදට බබරු ඇදේදෝ මග තොට යනෙනා වාරේ...


    ගායනය: සුනිල් එදිරිසින්හ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  15. එන පොට හොද නැතද????

    ReplyDelete
    Replies
    1. හික් හික්.. බලමුකෝ අක්කියෝ පොට වරදින්නෙ කාටද කියලා..

      Delete
  16. මගේ බ්ලොග් එකේ 1 කොමෙන්ටුව දැම්මට අනේක වාරයක් ස්තූතියි....

    පට්ට කතාව වෙලා අරගෙන කියෙව්ව එක දිගට කියවන්න අමාරුයිනෙ. කිව්ව විදියටම අර 1 පෝස්ට් එක අයින් කරා ඔන්න...

    හැබෑටම මේ කතාවෙන් පොතක් කරානම් නරකෙයි...සුපිරි කතාව...හොඳ විදියකට ඉවර කරන්න...දුක හිතෙන කතා බලල ඇති වෙලා තියෙන්නෙ...එහෙනම් ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. අනේ ස්තූති එපා.. ඒක මටත් සතුටක්..:) ඉස්සරහට යන්න කෙනෙක්ට අතදීම සතුටක්..

      හා හා..තැන්කූ තැන්කූ...හ්ම්ම් ඒක අයින් කල එක හොඳායි. නැත්තම් ඔයාගෙ බ්ලොග් එකත් ගඳ ගහනවනෙ..


      හම්මියෝ..පොතක් කරන්න කියලා හුඟාක් අය කියනවා. ඒත් ඒ තරම් සුපිරි මට්ටමක මෙය නැති බව මගේ අදහසයි..^_^.. ස්තූතියි පිස්සෝ.. ජය වේවා!!!!

      Delete
  17. ඉතුරු ටික බලලා එන්නම් අක්කේ..

    ReplyDelete
    Replies
    1. මෙහාට ආවට ස්තූතියි නගෝ..:) කියවගෙන එන්නකෝ..

      Delete
  18. ඉස්කෝලෙ කාලෙනම් කවමදාවත් අමතක කරන්න බැහැ.මටත් අනන්ත වාර ගනන් වෙලාවට හිතිල තියෙනව​, තව අවුරුදු 2ක් 3ක් ආපස්සට යන්න තිබුනනම් කියල.ඒත් යාළු ඒ ලස්සන කාලෙ අපේ සුන්දරම සුන්දර මතකයක් විතරයි නේද​?....

    අද කතාව ටිකක් වෙනස් වගේ.මොනව වෙන්න යනවද හිතන්න අමාරුයි.හ්ම්ම්...බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල.හොඳක් වෙන්න කියල හිතනව.....

    ReplyDelete
    Replies
    1. ඔව්ව..ඉස්කෝලෙ කාලෙනම් සුන්දර සුන්දර මතක ගොන්නයි..:)

      හ්ම්ම්.. බලමුකෝ අපි මේ වෙනස මොන අතකට හැරෙයිද කියලා...

      Delete
  19. Oyage kathawa harima lassanai..
    Me kathawa mula indalama kiyawan yaddi mage hitha mita avurudu 10 kata withara issara atha athitheta giye matath nodanima... meka hariyata mage kathawa wage... me wagema lassana sundara mathakayak matath thiyenawa mage first love eka gana... e dawas wala mage athin liyawunu kavi maha godak thamath ma langa thiyenawa...

    mata sinhala blog ekek ne thawama ewa danna eth langadima dawasaka e hama ekakma oyalath ekka beda gannawa... e wenakan onna ano comment ekak damma :) Oyata mage suba pathum.. kathawe eelangaa kotas ikmanatama danna.... :)

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි!!!!!
      ම්ම්.... ගොඩාක් දෙනෙක්ගෙ අතීතය මතක් කරපු කතාවක් වුනා මේක. ඒ ගැන පුංචි සතුටක් තියෙනවා.මොකද කෙනෙක්ට තමන්ගෙ මතක අවදිවෙන්න තර ම් මගේ කතාව උද්ව් වුනා කියන්නෙ..මට සතුටක්.

      ඔයා බ්ලොග් එකක් පටන්ගන්න. ඇත්ත නමින් බැරිනම් ආරූඬ නමකින්වත්, කවි, කතා ලියන්න. හැබැයි ඔන්න පටන්ගත්ත ගමන්, හිතූට කියන්න. බලාගෙන ඉන්නව කියවන්න.ස්තූතියි හුඟාක්ම. ඔයා කවුද දන්නෙ නෑ..අක්කෙක් කියලා තමා හිතන්නෙනම්... ස්තූතියි ආයෙමත්...

      Delete
    2. Oya hari Akka thama..:) mama Sandamali. Mama freelance Web / Graphic designer kenek. Mage English blog ekak nam thiyenawa.. eth eke kiyawanna nam deyak ne mage design promote karanna hadapu ekak.

      Idak labuna gaman sinhala blog eka patan gannawa... me dawas wala tikak busy ekai... onna ehenam eka issellama kiyanne hithuta thama :)

      Delete
    3. අනිවාර්‍යෙන්ම.. ඔන්න අක්කා බ්ලොග් එකක් පටන්ගත්තා ගමන් මට කියන්න...

      Delete
  20. ඔයාගෙ ඔය ඉස්කූල් කාලෙ කතාව මට හරිම අමුතුයි...මට ඒ කාලයක් තිබ්බෙ නැහැනෙ ලංකාවෙ...මෙහෙ ඔය කාලෙ ඔයාලට හිතාගන්නවත් බැරි තරම් අමුතුයි....එකක් කියන්නම්,අපේ ක්ලාස් එකේ උන්න බබාල ඉන්න අම්මල මගේම වයසෙ...ආයෙ දෙන්න එකට ජීවත් වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ්.....

    මට දැන් ඒ කාව වත් හමුවෙන්නෙ නැහැ...අපි එක එක රටවල...එක එක ජොබ්ස් වල...එක එක යුනි වල.............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මේක ලංකාවෙ විදියට ලියැවුනු කතාවක්නෙ කිරිල්ලියෙ.. හුඟක් දෙනෙක්ට මෙහෙම අත්දැකීම් තියෙනවා මෙහෙ..

      හම්මෝ හරි පුදුමයි, ඔය රටවල් වල සස්කෘතිය වෙනස් නෙ...:)

      Delete
  21. හරිම ලස්සනයි හිතූ......මම අද තමා මේ ඔක්කොම කොටස් ටික කියෙව්වේ... ඇත්තමයි ඔයාට නවල් එකක් කරන්ට පුළුවනි මේ කතාව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ!!!! දිගටම කියවන්න එකතුවෙන්න කෝ...:) හෙ හෙ.. තාම එහෙම අදහසක් නෑ .. මම ඒ තරම් සාර්ථක නෑ මං හිතන්නෙ..

      Delete
  22. වචන නැත... ඊළඟ කොටස ලියනකල් බලා සිටිමි... :|

    ReplyDelete
  23. අනේ මන්දා... කොල්ලොත් කාලගුණෙ වගේ තමා නංගෝ,.. එක එක කාලෙට එක එක මූණු මතු වෙනවා,..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් අක්කා..මිනිස්සුනම් වෙනස් වෙනවා තමා.. අපි බලමුකෝ

      Delete
  24. හෆ්ෆා කාලෙකින් හිතූගෙ දුක බලන්න එන්න බැරිවුනා...බ්ලොග් එකත් ටිකක් වෙනස් වෙලා නේද...?ඒක හොදයි ! කතාව නම් ඇත්තටම ලස්සනට ලියාගෙන යනවා,ඒත් මේ දසුන් කොල්ලාව නම් තේරුම් ගන්න මහ අමාරුම චරිතයක් වගේ...මම මධූ ගේ අයියා නම්..ඔය දසුන් කියන පොලොස් කොට්ටෝරුවාට මම මගේ නංගිව දෙන්නෑ කවමදාකවත්.හ්ම්ම්... බලමුකො මොකද වෙන්නේ කියලා.ඊලග කොටසත් ඉක්මනටම ලියන්න.ජය වේවා ! :D

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක වෙනස් වෙලා?? අහ්හ්.. පුංචි පුංචි වෙනස්කම් ටිකක් කලා..:) ස්තූථියි!!!
      හි හි.. මධූගෙ අයියා ඔයා වුනානම් මධූට හොඳ අයියෙක් වෙයි නේධ??? බලමුකෝ බලමුකෝ.. හුඟාක් ස්තූතියි සහෝ!!!ජය වේවා!!

      Delete
  25. මේ අවුරුද්දට බ්ලොග්ස් කියවන්න ආවමයි. පෙනුමත් වෙනස් වෙලා..

    මේ මාසෙට කතාවෙ කොටස් 3 දාල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් පෙනුම ඩිංගක් ව්එනස් වුනා..;)

      ඔව්..කොටස් දැම්මා.. කට්ටිය බනින නිසා ඉක්මනට ලියන්න වුනා.

      Delete
    2. කට්ටිය බනින නිසා හරි ඉක්මනට ලියන එකනම් අගය කළ යුතු කාරණා පොඩ්ඩක්..

      Delete
  26. mata nam dasunge venasweema gana sakai, a wagema bayakuth hithanawa. mokada, ahinsaka maduge hithata danichcha a punchi sanseema , aluth wechcha balaporuththuwa thawa sarayak kadila giyoth, eka daraganna madu wage mrudu charithakuta haki weida...???

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව් වෙන්න පුළුවන් යාලු.. බය වීම සාධාරණයි..:) බලාපොරොත්තු සමහර වෙලාවට දුක ළං කරනවා.. අපි බලමු ඊළඟ කොටස් වලින්..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....