නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 January 2012

තටු සිඳුනු සමනළී -18 වන කොටස

කතාව ඩිංග ඩිංග අවසානයට ලං වෙමිනුයි තියෙන්නෙ.. කලින් කොටසට ලේන්සු ඕනෙ වුනේ නෑ කිව්වනෙ .අපි බලමු ඉස්සරහට. කතාවෙ මුල කොටස් අමතක අයයි, කියවපු නැති අයයි කියවලම එමුකෝ.. එහෙනම්...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17

අද 18 වෙනි කොටස....

-------------------------------------------------------------------------------------------------------------


විභාගෙට තව හරියටම දවස් 5යි.කාලෙ ගත වුනානම් දැනුනෙවත් නැති තරම් ඉක්මණට.අවුරුදු දෙකහමාරක පාසැල් ජීවිතේ තුළ ඉගනගත්තු දේවල් වල ප්‍රථිඵලය උරගා බලන ලොකුම කඩ ඉමට තව දින කීපයයි.හිත ඇතුළෙන් තියෙන තෙරපීම,බය,කලබලකරීබව කොයිතරම්ද කියලා විස්තර කරන්න බැරි තරම්ම සංකීර්ණයි.අවුරුදු දහතුනක් තිස්සෙ ඉගනගත්තු හැම දේකම අවසාන ප්‍රථිඵලය තීර්ණය කරන මේ තීරණාත්මක විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ කියන සිතුවිල්ල හිතට නිතරම වද දුන්නා.

ඒ වගේම,දසුන්ගෙ ගෙදරින් තිබ්බ බලපෑම මත,දසුන් හොඳින් විභාගෙ කරගනීද නැද්ද කියලාත් මගේ හිතේ තිබුණෙ ලොකු බයක්.හැම අතින්ම මගේ හිතට එල්ල වෙලා තිබුණූ පීඩනය නිසාම ,විභාගෙ ගැන මගේ හිතේ තිබුණේ  අසාමාන්‍ය බයක්.ටියුෂන් පන්ති වල ගුරුවරු,ඉස්කෝලෙ ගුරුවරු,ටීවී එකේ වැඩසටහන් වලින් කොයිතරම් විභාගෙදි තියෙන්න ඕනෙ මානසිකත්වය ගැන විග්‍රහ කලත්,උපදෙස් දුන්නත්,මට මගේ හිත පාලනය කරගන්න, බය නැති කරගන්න අමාරු වුනා.

අවසාන වශයෙන් පාඩම් කරපු,වැඩ කරපු කොටස් ආයෙමත් බලාගන්නවා හැර,අලුතෙන් ඉගනගන්න, පාඩම් කරන්න වෙලාවක් තිබුණේ නෑ.එන විදිහකට මූණ දෙන්න,අමාරුවෙන් හිත හදාගෙන මම පුළුවන් තරමින් වැඩ කළා. ඔය අතරේ දසුන්ටත් කීපවතාවක්ම කෝල් කලා.

"හෙලෝ දසුන්.. ඔයා පාඩම් කරනවද??මම කරදර කලානම් සොරි පැට්ටො.."

"නෑ නෑ.. මධූ.. මම නිකන් මේ ප්‍රශ්න වගයක් කරන්න ගත්තා.තේරෙන්නෙත් නෑ ..සමහර ඒවා එපා වෙනවනෙ."

"කොහොමහරි පුළුවන් ටික කරගමු දසුන් අපි.. බැරි ඒවා,තේරෙන්නෙ නැති ඒවා ගැන වද වෙලා වැඩක් නෑ දැන් ...මටත් බය වැඩිවෙනවා එහෙම වුනාම."
"බය වෙන්නෙපා.ඔයා පාස් වෙයි.ඔයා මට වඩා වැඩ කළානෙ."

"එහෙම නෑ දසුන්. මටත් combined maths හුඟාක් අමාරුයි. තේරෙන්නෙත් නෑ සමහර ඒවා. අනේ මංදා."

"එහෙනම් දැන් ෆෝන් එක තියලා ගණන් හදන්න ළමයෝ.."

"අනේ ... මොනතරම් හොඳයිද, දසුන් යන්තමින් හරි හොදට කතා කරනවා.. පුදුම සතුටක්නෙ දෙයියනේ,,"
මම හිතින් එහෙම කියගත්තෙ දසුන්ගෙ වෙනස ගැන සතුටින් උදම්වෙලා.


"හරි හරි දසුන් එහෙනම් ඔයත් හොඳ ළමයා වගේ පාඩම් කරන්නකෝ.. අපි විභාගෙ පුළුවන් විදියකට කරමුකෝ.."

"හරි හරි.. එහෙනම් මම තියන්නම්.. බායි!!"

"හ්ම්ම්.. බායි!!!"

හිතේ තිබුණු බර එක මොහොතකට සැහැල්ලු වුනා වගේ දැනුණා දසුන් එක්ක කතා කරලා ඉවර වුනාට පස්සෙයි. දෙයියෝ මේ අහිංසක පුංචි කෙල්ලගෙ දුක දකින්න ඇති.. මම එහෙම හිතුවෙ දෛවය ගැන, මගේ ජීවිතේ ගැන අසීමිත විදියට පුදුම වෙලා.

ජීවිතේ සිද්ධ වෙන හුඟාක් දේවල් ඇත්තටම සිද්ධ වෙන්නෙ හොදට කියලා කතාවට කිව්වට,ඇත්තටම හැමදෙයක්ම වෙන්නෙ හොඳටමද කියන එක මට තිබුණු ලොකුම ලොකු ප්‍රශ්නයක්.දෛවය අපේ ජීවිත වෙනස් කරන්නෙ හරි පුදුම විදියට.සමහර අපි ආස කරන,ආදරේ කරන දේවල් ,දෛවය අපිට අහිමි කරනවා.සමහර වෙලාවට අපිට ඒ අහිමි වුනු දේවලට වඩා වටිනා,හොදම දේවල් ලං කරනවා.ඒකයි දෛවය මහ පුදුමයක් විදියට මට දැනුණේ.සමහරක් වෙලාවට මම මගේ දෛවයට වෛර කලා.තවත් සමහර වෙලාවට මම මගේ දෛවය ගැන පුදුම වුනා.ඇත්තටම කාලය හුඟාක් දේවල් වෙනස් කරනවා.ඒක ඇත්තක්.

විභාගෙට තව  දවස් 3ක් වගේ ඉතිරි වෙලා තිබුණා. Physics , Chemistry නම් මොනා හරි කරගන්න පුළූවන් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් Maths ගැන නම් තිබුණේ ලොකු බයක්. මොනතරම් හැදුවත්, සමහර ගණන් හදාගන්න බැරි  වෙද්දි මගේ ආත්ම විශ්වාසය පළුදු වෙලාම ගියා.ඒත් කොහොමහරි හිත හයිය කරගෙන මේ විභාගෙ වෙනුවෙන් කැපවෙන්න අන්තිම මොහොතෙ හරි හිත හදාගන්න දැඩිවම අධිෂ්ඨාන කරගත්ත මම අමාරුවෙන් වැඩ කලා.

විභාගෙට කලින් දවසේ අම්මාත් එක්ක ගෙවල් ලඟ පන්සලට ගිහින් පැයක් දෙකක් තිස්සෙ,නිස්කලංකව වැඳලා,පුද පූජා කරලා,කැළඹිලා තිබුණූ මගේ හිත ඒ බෝ මළුව යටදි තැන්පත් කරගත්තා.ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් කරපු නූලක් දකුණූ අතේ බැඳගෙන ,ආශිර්වාද ලබාගත්තු මට හිත පුරාම දැනුනේ අමුතුම පහන් හැඟීමක්.

බෝධීන්වහන්සේ ළඟ වැලිමළුවට වෙලා පිරිත් කියලා තැන්පත් කරගත්තු මගේ හිත,මේ අවසාන මොහොතෙත් ප්‍රාර්ථනා කලේ, මට වගේම දසුන්ටත් මේ වැදූ පිදුම් වල, ආශිර්වාදය ලබාදෙන්න කියලායරේ නිසාම හාමුදුරුවන්ගෙන් තවත් වැඩිපුර පිරිත් නූලක් ඉල්ලගත්තු මම,ඒ පිරිත් නූල පරිස්සමට බෝ කොළයක ඔතලා අත මිට මොළවගත්තෙ,ආයෙත් විභාගෙට කලින් දසුන්ව හම්බෙන කොයි මොහොතක හරි, දසුන්ට මේ පිරිත් නූල දෙන්න  තියන අදහසිනුයි.

------------------------------------------------------------------------------------------------------------
අවුරුදු දෙකහාමාරක් තිස්සෙ බලාගෙන උන්නු තීරණාත්මක මොහොත උදා වුනා,ඒ දවස උදා වුනා.ගෙදර තියන බුදු පහන තෙල් වලින් පුරවලා,පිරිසිදු තිරයක් දාලා,මල් වට්ටියක් පිරෙන්න වතුසුද්ද මල් කඩලා, පෙරහන් කඩේකින් පෙරාපු පැන් වීදුරුවකුත් ,සමන්පිච්ච මල් සුවඳ හමන හදූන්කූරුත් මගේ අත් වලින් බුදුන්ට පිදෙන්න මඟ බලන් උන්නා.බුදුන්ට පුදන්න ,මම වෙනුවෙන් සියල්ල සූදානම් කරපු අම්මා,මම ලෑස්තිවෙලා එනකම් බලාගෙන හිටියෙ බුදුන්ට වැඳලා ආශිර්වාද ගන්න කියන්නයි.

ඕනම, සුභ කටයුත්තක්, හොඳ කටයුත්තක්,තීරණාත්මක කටයුත්තක්,ජීවිතේට වැදගත් වෙන යමක් කරන්න සූදානම් වෙද්දි, මුලපුරද්දි ඕනම කෙනෙක් පටන්ගන්නෙ තමන්ගෙ ආගමානුකූලවයි.ඒ තමන් කරන්න යන කටයුත්තට ආගමානුකූලව  මුලපිරුවොත් සාර්ථක වෙයි කියන අරමුණ ඇතිව සහ ඒ ආශිර්වාදය ආත්ම විශ්වාසය, ධෛර්‍ය වඩවන්න හේතුවක් වෙයි කියන විශ්වාසය නිසායි. මගේ අම්මාත්, තාත්තාත්, බුදුන්ට වැඳලා මං වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කලා.

අවසානයෙදි, මම අම්මාටත්, තාත්තාටත් දණ ගහලා වැඳලා ආශිර්වාද ගත්තා.

"තුරුණුවන්ගෙ සරණින් මගේ කෙල්ලට වරදින්නෙ නෑ..."

අම්මා මගේ නළල ඉඹලා ඔළුව අතගාලා කිව්වා.

"මගේ පුතාට දෙවි පිහිටයි.. කලබල නොවී පුළුවන් විදිහට උත්තර ලියලා එන්නකෝ දුව."

තාත්තා මගේ සැලෙන හිත තවත් හයිය කලා.

අවසානෙදි මම කාමරේට ගිහින් පොත් බෑග් එකත් අරගෙන , දසුන්ට කෝල් එකක් ගත්තා.

"හෙලෝ දසුන්... ගුඩ් මෝනින්!!!"

"ගුඩ් මෝනින් මධූ.."

"හොඳට විභාගෙ කරනන් දසුන්.. කලබල නොවී, පුළුවන් විදිහට කරමු අපි.බය වෙන්නෙපා ඔයාට පුළුවන්."

"හ්ම්ම්.. ඔයාටත් එහෙමයි. මට වඩා බය වෙන්නෙ ඔයානෙ. දැන් ලෑස්තිවෙලාද ඉන්නෙ?"

"ඔව්.. ලෑස්තිවෙලා, දැන් තාත්තා එක්ක ටවුමට යනවා. හසී,නිශා, හංසී කට්ටියම ටවුමට එයි.."

"හ්ම්ම්.. මමත් ලෑස්ති වෙන ගමන්. මම තාත්තා එක්ක ඉස්කෝලෙටම යනවා. මෙහෙ ඉඳන් කොල්ලුපිටියට ළඟයිනෙ. ඉතිං හුඟාක් කලින් යන්න ඕනෙ නෑ.."

"අහ්හ්.. ඒක හොදයි.. අපි කට්ටියම එකට බස් එඛෙ යන නිසා තමා කලින් යන්නෙ. "

"විභාගෙ ඉවරවෙලා මම එන්නෙත් බස් එකේ තමා.මම තුම්මුල්ලේ ඉන්නම්.ඔයා එන්නකෝ..එහෙනම් දැන් පරිස්සමින් යන්න. හොඳට විභාගෙ කරන්න.  බුදුසරණයි මධූ.."

"අනේ..ඔයාටත් බුදුසරණයි දසුන්.. හොදට කල්පනාවෙන්  වැඩ කරන්න.  දවල්ට හම්බෙමු..එහෙනම් මම තියන්නම්.. අම්මා කතා කරනවා."

"හරි ගුඩ් ලක්!!"

"සේම් ටු යූ දසුන්!!"

ෆෝන් එක තිබ්බ මම සතුටට වටයක් කැරකුණා.ඊටත් පස්සෙ  පන්සලෙන් අරන්  ආපු පිරිත් නූලත් පරිස්සමට බෑග් එකට දාගත්ත මම ෆෝන් එක සාක්කුවට දාගෙන ,පොත් බෑග් එකත් අරගෙන කාමරෙන් එළියට ආවා.

"මොනාද පුතේ කරන්නෙ? පරක්කු වෙන්න නරකයි.. ඉක්මණින් යන්න තාත්තා අන්න එළියටත් බැහැලා. කෝ කෝ එන්න එළියට. "

"මේ එනවා අම්මා"

"දකුණු කකුල ඉස්සරහට තියලා නමෝ බුද්ධාය !! කියලා හිතාගෙන එළියට බහින්න පුතේ.."

සුදු පාට වතුසුද්ද මල් දාපු වතුර වීදුරුවක් අරගෙන එළියට  වෙලා කෑගහන අම්මා  ගැන මට ඇතිවුනේ මහා ලොකු ආදරයක්.. ඇස් දෙක යාන්තම තෙත් වේගෙන එද්දි මම අම්මා කිව්ව විදියටම එළියට බැස්සා.

වතුර වීදුරුවෙන් උගුරක් බිව්ව මම , තාත්තා එක්ක ටවුමට යන්න පිට වුනේ අම්මාට සමුදීලායි.

-------------------------------------------------------------------------------------------------------------

"හම්මෝ.. මෙන්න රජකුමාරි වඩිනවා..."

ඈත තියාම මම එනවා දැකපු හසී කෑගැහුවා.

"ඇයි ඇයි උඹලා නිකන් නෝන්ඩියට කියවන්නෙ? "

"ඇයි අහන්නෙ? උඹ විනාඩි දෙකක් පරක්කුයි.."

"ආ.. විනාඩි දෙක මොකක්ද බං. කෝ නිශා තාම නෑනෙ.."

"ඒක තමා.. මේකිට අදවත් එන්න බෑනෙ කලින් .. චික්.."

"ආ.. අර එන්නෙ කියනකොටම.."

"මොකෝ බං උඹ අදත් විනාඩි පහක් පරක්කුයි.."

"ආ.. කොහෙද බං, මට එන්න ඕනෙ වෙලාවට නැකැත් නෑනෙ  . අම්මා එන්න දුන්නෙ නෑ නැකැත් වෙලාව හරියනකම්.."

"හප්පටසිරි කිව්වලු.උඹ නැකැතුත් බැලුවද ?"

"නෑ බං, අපේ අම්මාට පත්තරයක තිබිලා අහුවෙලා. ඒ වෙලාවට එළියට බැස්සෙ."

"හරි හරි.. දැන් උඹලා මෙතනින් බස් එහෙක නගින්නෙත් නැකැතකටද??තව කවුද අඩු??ඔක්කොම ඉන්නවා නේද?"

හසී කෑගැහුවා. ඒ වෙද්දි හුඟාක් කට්ටියක් ටවුමට එකතුවෙලා හිටියා. අපේ ඉස්කෝලෙ නොවුනත්, අපි එක්ක එකට පංති ගියපු  අපේ යාළුවො කීපදෙනෙකුත්  එකතු වෙලා හිටියා.

"අහ්හ්..කෝ දසුන් එහෙම එනවද මෙහෙට?"

"නෑ හංසී..එයා තාත්තා එක්ක යනවා කිව්වා.ආපහු මෙහාට ඇවිත් යන එක අපරාදෙනෙ.."

"අහ්හ් ඔව් ඔව්.. එහෙනම් අපි හිස් සීට් තියන බස් එකක් බලලා නගිමු "

"ඒකතමා.. අන්තිම සීට් එක අල්ලගමු "

"ආන් කියනකොටම බස් එකක් එනවා.. නගිමු. නගිමු.."

"හා හා මම අල්ලගන්නම්කෝ පැනපු ගමන් අන්තිම සීට් එක."

නිශා නැගපු ගමන් අන්තිම සීට් එකේ වාඩිවුණා.

"කෝ මේ පෙම් මුල්ල එහෙම පුරුදුකාරයෝ ඉන්නවනම් එන්න. නැත්තම් වෙන තැන් වල වාඩිවෙලා නිකන් නුහුරුයි වගේ වුනොත්.."

"හම්මෝ..නිශෝ.. කෑගහන්න එපා බං. මේක බස් එකක්. යුනිෆෝම් එහෙකුත්  ඇඳගෙන පොඩ්ඩක් කට පරිස්සම්කරගනින්කො.."

"හා හා.. මගේ කට තමා උඹලාට ඉතිං කරදරේ.."

"කෝ කෝ මධු මෙහාට  එන්න..    මුල්ලට."

ඔක්කොමලා එකතුවෙලා මාව අන්තිම සීට් එකේ මුල්ලෙන් ඉන්ඳෙව්වා.මමත් මඩ කතා, නෝන්ඩි කතා , විහිළු තහළු මැද හිනා වෙවී ගිහින් මුල්ලෙන් වාඩිවුනා.

අපි මේ ලියන්න යන්නෙ ඒ ලෙවල් විභාගෙ කියලා හැම කෙනෙක්ටම වගේ අමතක වෙලා තිබුණේ වටපිට සිරි නරඹ නරඹ,කිසිම ගානක් නැතිව තමා බස් එකේ ගියේ.කොහොමටත් පාඩම් කරලා ලියන්න තියන ප්‍රශ්න පත්‍රයක් නොතිබුන නිසා,පාඩම් කර කර යන්න දෙයක් තිබුණෙත් නෑ..ගණිතය පළවෙනි ප්‍රශ්න පත්තරේ ට උත්තර ලියන්න ගෙදරදි තිබුණු බය මට මොහොතකට අමතක වුනේ මේ විහිළු තහළු, හිනා කතා නිසාමයි.

පැයක් විතර බස් එක ඇතුළේ නොයෙකුත් කතා එක්ක ගතකරපු අපි,ටවුන්හෝල් එකෙන් බැහැගෙනත්, පාර දිගට ඇවිදගෙන ගියේ නානාප්‍රකාර කතා කිය කිය විනෝදෙන් හිනා වෙවීයි.ප්‍රශ්න පත්‍ර බෙදන්න, විභාගෙ පටන්ගන්න විනාඩි 45කට කලින් අපි ඉස්කෝලෙ ඇතුලට ආවා.හුඟාක් දෙනෙක් හිනා වෙලා හිටියත්, ඒ මූණූ වල තිබුණු හැංගිච්ච චකිතයක් මට පෙනුණා. මම වගේම ඒ හුඟාක් දෙනත්, හිතේ හැගුණූ පුංචි හරි බයකින්, චකිතයකින් ඇති කියලා හිතුණා.

සියඹලා ගහ යට සිමෙන්ති බැම්මෙ වාඩිවෙලා නිකමට වගේ පොතක් පෙරළ පෙරළ උන්නු මට,ඈත තියාගෙනම හිනා වෙවී එන දීලූ යි, තමාෂියි අත වැනුවා. මමත් හිනා වෙවී අත වැනුවෙ නිරායාසයෙන්මයි.

"ගුඩ් මෝනින් මචෝ.. කොහොමද තත්වෙ?"

"මෝනින් මෝනින්!!! කියලා වැඩක් නෑ බං.. තත්වෙනම් බරපතලයි වගේ දිලූ.."

"අහ්හ්.. සේම් හියර් සේම් හියර් කෙල්ලෙ.."

"ඔන්න ඔය එන විදිහකට ලියපල්ලා ..වැඩිය හිතන්න, බය වෙන්න, දඟලන්න එපා.."

"නොහිතා කොහොමද බං.. මේ පේපර් එක අවුල් ගියොත් ඉතින්, අනිත් පේපර් ලියන්න විභාගෙට එන්න ඕනෙත් නෑ.."

"එහෙම හිතන්න එපා මධූ.. උඹට බැරි වෙන්නෙ නෑ..."

"හ්ම්... බලමුකෝ.."

"දැන් නම් වෙලාව ළඟයි.. උඹ හෝල් එක බලාගත්තද? විභාගෙ අංකේ දාලා තිබ්බා .."

"ඔව් ඔව්.. මට තියෙන්නෙ science section එකේමයි"

"අහ්හ්.. අපිටත් එකේමයි.. එහෙනම් කෙල්ලෙ, හොදට විභාගෙ කරපන්..ගුඩ් ලක්!!"

"හරි දිලූ.. උඹත් හොඳට කරපන්.. ඕල් ද බෙස්ට්!!"

"ඕල් ද බෙස්ට් තමාෂී!!"

"සේම් ටු යූ කෙල්ලෙ!!"

මම තමාෂිටත්, දිලූටත් සුභ පතලා, ෆෝන් එක අරගෙන දසුන්ට ආයෙමත් එස්. එම්.එස් එකක් යවලා ෆෝන් එක ඕෆ් කලා. ඊටත් පස්සෙ ඕන කරන පෑන් පැන්සල්, ඇඩ්මිෂන් එකත් අරන් දිලූයි, තමාෂියි එක්ක අනිත කට්ටිය ඉන්න තැනට ගියා.හැමෝම විභාගෙ පටන් ගන්න හදන මොහොතෙ ටිකක් බය  වෙලා උන්නෙ.හැම කෙනෙක්ටම සුභ පතලා, තම තමන්ගෙ විභාග අංක හොයාගෙන යන්න පිටත් වුනා.

මටත් පන්තියක මුල්ලෙ තිබුණු තැනක විභාගෙ ලියන්න නියමිත වෙලා තිබුණා.පුටුවෙන් වාඩිවෙලා, කැළඹිලා තිබුණූ මගේ හිත සන්සුන් කරගන්න මම 1 ඉඳන් 10ටත්,ආයෙමත් 10 ඉඳන් 1ටත් ගණන් කලා.උත්තර ලියන කඩදාසී බෙදන්න පටන්ගත්තා.තව විනාඩි කීපයකින් ප්‍රශ්න පත්‍රෙත් අතට ලැබෙනවා.

මගේ හද ගැස්ම තව තවත් වැඩි වුනා....ප්‍රශ්න පත්‍රෙ කොහොම වෙයිද?එන්න එන්නම හදවත ගැහෙන වේගෙ වැඩි වුනා....... නළලට හීනියට දාඩියත් දාන්න පටන්ගත්තා.. දෙයියනේ.. අවුරුදු දෙකහාමාරක ඉගනගත්තු දේවල්, වැය කරපු කාලය, වියදම් කරපු සල්ලි, ගඟට කපපු ඉණි වගේ වෙන්න නොදී රැකගන්න වෙනවා. හැම දේටම තියෙන්නෙ තව පැය 3ක් වගේ කාලයක්..... දෛවය මගේ ඉරණම කොහොම විසඳාවිද කියලා මම නොඉවසිල්ලෙන් වගේම තැතිගැන්විලා බලාගෙන උන්නා....

------------------------------------------------------------------------------------------------------------
දසුනුත්,මධූත් විභාගෙට කොහොම මූණ දෙයිද??බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න උසස්පෙළ කඩඉම ජයගන්නට මධූට ,දසුන්ට හැකිවෙයිද??ඉන් පසුව ඔවුන්ගේ ආදර කථාවට හොඳ කලක් යයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........   

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  

Post Comment

50 comments:

  1. හුරේ.. හුරේ.. අද මම එක.. දැන් විභාගෙත් ලියලා ප්‍රථිපල එනකන් ඉන්නේ නැතුව ඉක්මනට අනිත් කොටස දාන්නෝ... :ඪී

    ReplyDelete
    Replies
    1. හුරේ... ඔයා එක.:D හ්ම්ම්.. හා හා..ඉක්මනට දාන්න බලන්නම්කෝ..

      Delete
  2. හ්ම්ම් අවුරුදු ගානක් තිස්සේ දැකපු හීනයක් සැබෑ කර ගන්න ගත්ත වෙහෙස මහන්සියේ අවසාන මොහොත විභාගෙට ඉස්සෙල්ලා අන්තිම පැය. මේ වෙලාවේ වත් ඔය අනම් මනං හිතන්නේ නැතුව විභාගේ හොදින් කරගන්න මගෙත් සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙප් මහත්තයෝ!!!

      Delete
  3. විභාගයකදී ඔය වගේ වෙලාවකට දැනෙන දේනම්....හම්මෝ මතක් වෙද්දිත් පපුව ගැහෙනව....

    විභාගෙට ළං වුන මොහොතෙ හැමෝගෙන්ම හිත සැනසෙන වචන විභාගෙකට මුහුන දෙන්න ලොකූ හයියක් නේද​?ඒ වෙලාවෙ දසුන් මධූගෙ හිත රිද්දුවෙ නැති එකත් මධූට සැනසීමක් වෙන්න ඇති.ආදරේ වටිනාකම ඔය වෙලාවට ගොඩාක් දැනෙනව....

    ඉදිරියෙදි හොඳක් වෙයි කියල හිතනව යාලු...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව, විභාගෙකට යද්දි, යන්න ලෑස්ති වෙද්දි එහෙම සැනසිලිදායක වචන මාර හයියක් තමා..:)

      ස්තූතියි යාලු!! අපි බලමු ඉදිරියට..:)

      Delete
  4. අපේ පන්තියේ කෙල්ලෝ දෙන්නෙක්ට උනා මෙහෙම සීන් එකක්.. විභාගේ ඉවරවෙනකල් යාලුයි වගේ ඉඳලා ඉංග්‍රීසි තියෙන දවසෙ හවස නවත්තමු කියලා..!!!

    ReplyDelete
    Replies
    1. හම්මෝ..මාර අයනෙ..:( ඔහොම දේවල් මමත් අහලා තියෙනවා..අපි බලමුකො දසුන් මොනා කරයිද කියලා..

      Delete
  5. විභාග..... මතක් වෙද්දිත් එපා වෙනෝ අප්ප.......

    ReplyDelete
    Replies
    1. හික් හික්.. හෆ්ෆෝයි ඔව්!!

      Delete
  6. හ්ම්ම් හිතාගන්න බෑ ඉදිරිය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බලමුකෝ ඊළඟ කොටස් වලින්..:)

      Delete
  7. විභාග නැත්නම් හොදයි.... මට නම් එපා කරපුවා

    ReplyDelete
    Replies
    1. විභාග වලට කැමති කෙනෙක් නෑනෙ..:D

      Delete
  8. ගුඩ්ලක් නංගියෝ....හෙම්..ජිවිතේ ආපහු හරවන්ඩ බැරි කඩඉමක් උඩ නුඹ...ජය

    ReplyDelete
    Replies
    1. ධි හි.. තෑන්ක්ස් අයියා.. මම නෙවෙයි විභාගෙට යන්නෙ.."මධූ" :D

      Delete
  9. Combined Maths පේපර් එකේ අවකලනය ගානෙන් හරි ත්‍රිකෝණමිතියෙන් හරිනේද පේපර් එක පටන් ගත්තේ හිතු ;)

    ReplyDelete
    Replies
    1. හිතූ??? :D ඒකනම් දන්නෙ නෑ..මධූගෙන් අහන්න වෙයි..;)

      Delete
  10. මට නම් වෙන දේ හිතාගන්න බෑ,. ඒත් මොකක් හරි ලොකු දෙයක් ඉස්සරහට වෙන්න තියෙනවා කියලා බයක් දැනෙනවා,.

    ReplyDelete
    Replies
    1. අක්කියාට ඉව තියෙනවා නේ?? බලමුකෝ අක්කි අපි.මොකෝ වෙන්නෙ කියලා..

      Delete
  11. dasunge hasireemen, matanam danenne..mey novel eke lagadi turning point ekak athi wei kiyala...:)

    ReplyDelete
    Replies
    1. හි හි.. හ්ම්ම්.. අපි බලමු ටර්නින් පොයින්ට් එකක් තියෙයිද කියලා..:)

      Delete
  12. අයියෝ විභාගෙයි ලව් එකයි 2ම ගොඩ තමා.......!!!!!

    ReplyDelete
    Replies
    1. හම්මා... පිස්සා කොහොමද එහෙම කියන්නෙ දැන්මම??? :D

      Delete
  13. denname yanthamin hari exam gode daganai kiyala hithenewa :) natham loku prashneyak wey kiyala hithenewa .. balamuko moko wene kiyala :) - Glimmer Girl

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්වපි බලමුකෝ කෙල්ලගෙ අනුමාන හරිද කියලා..:D

      Delete
    2. අපි බලමුකෝ කෙල්ලගෙ අනුමානෙ හරිද කියලා

      Delete
  14. බොහොම අපූරුයි ඔයාගේ කතාව. ඔන්න ම්මත් අහම්බෙන් ගොඩවැදිලා කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාලු!!! :) ඉස්සරහටත් එන්න..

      Delete
  15. අම්මෝ...මටත් එක්සෑම් එපෝ....තවත් එපෝ........

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි දන්නවද එක්සෑම් ඕනෙ කියලා කෑගහන කවුරුහරි?? :D

      Delete
  16. why this කරදර,ජරමර,පැටලිලි vi
    mmm hand la pen-ya.. drink glass of water
    dont be aulaa we are with uuuuuu
    ලියනවා arenna no other choiceaaa

    ReplyDelete
    Replies
    1. ධික්ස්ස්... ෆට්ටයිනෙ..:D

      Delete
  17. why this kolaveri hithu version

    danui ithuru tika hithata ave.. :D

    empty life aaa..dasun come aaaa
    lifeaa reverse gearer..
    dasun's whiteaaa .. heart colourer blackka
    get the hand & hit him tokka
    ahh only english aaa
    hithu good ya but dasun bad ya
    wht to do nw aaaaa..only starter aluthing life aa

    ReplyDelete
    Replies
    1. he hee... really nice...

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    2. :) :) :) hithuvata vada prathichara hodai ne...man me hithata apu pada peli kipayak gahuve...

      anyway thanks ~~~**දඟ මල්ල**~~~

      Delete
    3. නියමයි සිහින!!! නියම උත්සාහයක්.. creative හහ්:D

      Delete
    4. ගොඩාක් ස්තූතියි ඔබට..

      Delete
  18. අපොයි... විභාග.. :( :( :( මතක් වෙනකොටත් එපා වෙනවා... :(

    දෙන්න ම යන්තමින් හරි විභාගෙ ගොඩ දාගෙන ඇති නේද???

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..විභාග කියන්නෙ ඉතින් එපා වෙන දෙයක්නෙ..:( හ්ම්ම් ඉස්සරහ කොටස් වලින් අපි බලමු නේද?? ස්තූතියි දඟයෝ..

      Delete
  19. ammooooo ow wibaaganam ona na,, pissu hadila ai hadenawa......ane me adarenam matath thaama therum ganna ba,,, monawa kiwwath kathaawanam lassanai hithu. tharu 5 ***** dan ithin ilaga kotasa kawada kiyawanna weida???


    sudu podda

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..තේරුම්ගන්න අමාරු හුඟාක් දේවල් ලෝකෙ වෙන්නෙ පොඩ්ඩො..:) ඊළඟ කොටස් වලින් බලමු අපි...

      Delete
  20. ඔය නැකැත් කිව්වම තමා මතක් උනේ. මම් විභාගේ කරන දවස්වලත් අපේ අම්මා නැකැත් බලලා. සමහරක් දාට කිරි කිරි පාන්දර බස් හෝල්ට් එකේ ඉන්න සිද්ද වෙච්ච වාර අනන්තයි.

    කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු !!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... හුඟාක් අම්මාලා ඉත්ං ඔහොම කරනව.සමහරු පාන්දරම එළියට බැහැලා පුටුවක් තියන් වාඩිවෙලා ඉන්නව..:)

      Delete
  21. අද ගොඩ දවසකට පසේ අවේ කතාව කියා වන්න.. වෙනද වගේම අදත් කතාව ලස්සනයි.. ලගදි කතාව ඉවර වෙයිද මන්ද ?? :):):)

    ReplyDelete
    Replies
    1. ටික ටික අවසානයට ලං වෙලා තියෙන්නෙ..:) ස්තූතියි!!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....