නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

02 January 2012

ආදරයයි... කරුණාවයි...මනුස්සකමයි....

ඔක්කෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! 2012 ත් ලැබුවා එහෙනම්.හිතුවක්කාරි අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම ලියන  ලිපිය. කවුරුත් අවුරුදු සමරලා සතුටෙන් සමාදානෙන් ඉන්න වෙලාවෙ,මම මේ ලියන්නෙ මට හම්බුනු අත්පත්‍රිකාවක තිබුණු කතාවක් ගැනයි.




ඔන්න අලුතෙන්ම කාර් එකක් මිලදී ගෙදර ගෙනාව තාත්තා කෙනෙක්,කාර් එක අත ගාමින්, එහි හැඩ බලමින්,දූවිලි නොතිබුණත් දූවිලි  පිසදමමින් හිටියා.මේ කාර් එක දැකපු ඔහුගෙ පුංචි පුතා, බොහෝම ආසවෙන්, සතුටින් කාර් එක ලඟට දුවගෙන ආවා.නමුත් තාත්තා, ඔහුගේ පුතාව දැක්කෙ නැහැ.ගල් කැටයක් අහුල ගත්ත මේ පුංචි පුතා , ඒ ගල් කැටයෙන් කාරයේ බඳේ යමක් කුරුටු ගාමින් සිටියා.මේ අවස්ථාවෙ හදිස්සියෙන්ම වාගෙ මේ දරුවාගෙ තාත්තා මේ සිද්ධිය දැක්කා.


දරුවාගෙ අතින් අල්ලා ගත්ත තාත්තා, කෝපයෙන් දැවෙමින් මේ පුංචි දරුවාගෙ අත අරගෙන වේගයෙන් කාරයේ ගැසුවා.මේ පුංචි පුතා "එපා.. එපා.. අනේ එපා.." කිය කිය කෑගැසුවත් ඔහු දිගින් දිගටම දරුවාගෙ අත කාරයෙ ගැසුවා.අවසානයේ ඔහු එය නැවත්තුවෙ ලේ දුටු විටයි.


ඉන්පසුව තාත්තා, බය වීම නිසාම, පුංචි පුතාවත් රැගෙන රෝහලට ගියද, දරුවාගෙ අතේ ඇඟීලි පහ බේරාගන්නට වෛද්‍යවරු අසමත් වුනා.ඇඟිලි නැති අත දැකපු පුංචි දරුවා තාත්තාගෙන මෙහෙම ඇහුවා."තාත්තේ, ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නෙ කවදාද??"  දුක දරාගන්න නොහැකිව, හඬා වැලපෙමින් සිය අලුත් කාරය සොයාගෙන ගිය පියා ඊට වේගයෙන් පහරදෙමින් උන්නා.


මේ අවස්ථාවෙදි ඔහුට අහම්බෙන් මෙන්, පුංචි පුතා කාරයේ කුරුටු ගාන ලද දේ ඇස ගැටුණා.එහි පුංචි පුතා කුරුටු ගා තිබුණේ මෙයයි.


"තාත්තේ...මම ඔයාට ආදරෙයි!!!"


බඩු භාණ්ඩ ඇත්තේ මිනිසාගේ පාවිච්චියටයි.
මිනිසුන් සිටින්නේ, ආදරය හා කරුණාව දැක්වීමටයි...




අලුත් අවුරුද්දෙ ඉඳන් වෙනස් වෙන්න. හැම කෙනෙක්ටම ආදරය කරුණාව, මෛත්‍රිය දක්වන්න.හැමදෙනෙක්ටම සුභම සුභ අවුරුද්දක්, යහපත් කාලයක්, ඉබේම සැලසේවි..
-------------------------------------------------------------------------
ප.ලි- පහු ගිය අවුරුද්දෙ දාපු ලිපි කීපයකම කමෙන්ට්ස් වලට පිළිතුරු ලියන්න බැරි වීම පිළිබඳව කනගාටුව..:( සමාවෙන්න ඕනෙ. ඉඩ ලද විගසම පිළිතුරු ලියන්නම්...

Post Comment

28 comments:

  1. තනි අලියාJanuary 2, 2012 at 9:49 PM

    සම්පූර්ණ අැැත්ත!
    ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා :)

    ReplyDelete
  2. අලුත් අවුරුද්දේ වැදගත් පොස්ට් එකකින් අරඹ කිරීම ගැන සතුටුයි.මට කේන්තියාම හරි අඩුවෙන්.අපි ඉතින් ඉවසීම ප්‍රගුණ කරලනේ ඉන්නේ..

    ReplyDelete
  3. එසේම වේවා!
    මම දුකෙන් උන්නෙ මේක කියවපු පාර කදුලු ආවා . ඔන්න අපි පිස්සො එකේ සෙයා කරා ඇ. තරහ වෙන්න එපා, https://www.facebook.com/apifissoo

    ReplyDelete
  4. මේ ලොකු අක්කේ..නෑ..නෑ..පොඩි නංගියේ අර මගේ පොස්ට් එකට ගිහින් කන්ෆර්ම් කොරනවද ගාලු යන්ඩ එනව කියල...අපේ ලේ කොප කොරන්නැතුව......ඔන්න වර්ණාත් එනව...

    ReplyDelete
  5. කොහොමත් මේ කාලෙ මිනිස්සු භාණ්ඩ පාවිච්චි කරනවට වැඩිය භාණ්ඩ වෙනුවෙන් පාවිච්චි වෙනවා...
    ඔව් මේ අවුරුද්දෙ ඉදල හොද පැත්තට වෙනස් වෙන්න..

    ReplyDelete
  6. ඇත්තම ඇත්ත යාළු....අද ලෝකෙ අඩුවෙන්ම තියෙන.වැඩියෙන්ම ඕන කරන දේත් ඔය කියන මනුස්සකම තමයි නේද​?...

    සුභ අලුත් අවුරුද්දෙ අලුත් පෝස්ටුවතත්...ඔයාටත් අපෙන් සුභ පැතුම්!!!!

    ReplyDelete
  7. අලුත් අවුරුද්ද සුභ වේවා!

    ReplyDelete
  8. ගොඩාක් දුක හිතුනා :((

    ReplyDelete
  9. හිතට දැනුන අපූරු කතාවක්.. මීට වඩා කියන්න දෙයක් මට හිතා ගන්න බෑ..

    ReplyDelete
  10. ගොඩක් දුක හිතෙනවා..මිනිස්සු සමහර වෙලාවට සත්තුන්ටත් අන්තයි නේද

    ReplyDelete
  11. ඔය කථාව ටිකක් වෙනස් විදියකට මාත් අහලා තියෙනවා..දුක හිතෙනවා..
    හිතුටත් මේ අවුරුද්ද සුභම සුභ නව වසරක් වෙන්න ඕන :))

    ReplyDelete
  12. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා හිතූ නංගි...

    ReplyDelete
  13. හිතූ හුගක් හිතලා අලුත් අවුරුද්දේ හදවතටම වදින්න පොස්ටුවක් දාලා. ජයවේවා.

    ReplyDelete
  14. ම්ම්ම්...මනුස්සකම ගැන අපූරු කතාව! සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනම්!

    ReplyDelete
  15. එළකිරි අක්කේ.......ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....!

    ReplyDelete
  16. හ්ම්ම් හරිම දුකයි..

    ReplyDelete
  17. නංගා රුපියල් 800 යයි මම ගෙන්ඩ ඔන කියල දැම්මේ තව වැඩිපුර කියක් හරි ලඟ තියාගත්තට කමක් නෑ හදිස්සියට ගන්ඩ...අපි යන්නේ වැන් එකක...ඒවා ඔක්කොම බුක් කරල තියෙන්නේ කම්ෆර්ම් කරන ඔක්කොටොම මම ජනවාරි 5 වෙනිදට කොල් කරනව..තව විස්තර ඔනේනම් 0773002262 මගේ ෆොර්න් එකට කොල් කරන්ඩ..නංගො 6 වෙනිදට කලින් කන්ෆර්ම් කරනවද..සංවිධාන කටයුත්තට එක ලොකු හයියක්

    ReplyDelete
  18. කතාව සහතික ඇත්ත ය.
    දෙමවුපියන්ට දරුවෝ තරම් වටින දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා මට නම් හිතාගන්න බෑ.

    ReplyDelete
  19. අනේ සංසාරේ මේ පෝස්ටුව මට මග ඇරුනෙ කෝමද? ලස්සන අර්ථවත් කතාවක්.....

    ReplyDelete
  20. තනි අලියා -මල්ලිටත් එසේම වේවා!!!! :D


    අසරණයා -:D එහෙම ප්‍රගුණ කරලානම් තියෙන්නෙ හරිම සංතෝසයි!!!


    සිංහ ලේ දියසේන -අයියෝ තරහ නෑ...:) දුක් වෙන්නෙපා ඉතින් එච්චරම.අදර්ශවත් නිසයි දැම්මෙ.

    ReplyDelete
  21. Raj අයියා- හා හා.. මම පොඩිම පොඩි නංගියෙක් හලිද?? කන්ෆ්‍ර්ම් කරන්න තවම ගෙදරින් කන්ෆ්‍ර්ම් කරේ නෑනෙ..


    ~~තරූගේ ලෝකය~~;- ඒකම තමා අයියේ මම හිතුවෙ මෙහෙම පෝස්ට් එකක් දාන්න..:)


    සිහින මතකයන් -ඔව් මනුස්සකම අඩුවෙන්ම පාවිච්චිවෙන යුගයක්නෙ මේක.. ස්තූතියි!!!

    ReplyDelete
  22. පූසා අයියා- අයියාටත් එසේම වේවා!!


    වර්ණා - ම්ම්ම්ම්ම්ම්....:(


    Dinesh අයියා- ඔව් දැනෙන කතාවක්නම් තමා අයියේ.. ඒකමයි මම දැම්මෙත්..

    ReplyDelete
  23. පුංචි කුමාරිහාමි - ම්ම්... ඔව් නේද?? සමහර වෙලාවට සත්තුන්ටත් වඩා අන්ත වෙනවා තමා


    ChammA අයියා- ඔව් දුකයි..:( ම්ම්.. මටත් මේක අත්පත්‍රිකාවක තිබිලා හම්බුනේ... අයියටත් එසේම වෙන්න ඕනෙ..


    නිසුපා අක්කා- ස්තූතියි අක්කියෝ...

    ReplyDelete
  24. බට්ටි -ඔව් බට්ටියෝ.. අලුත් අවුරුද්දට පොඩ්ඩක් හිතලම දැම්මා ;)


    ලහිරු -ස්තූතියි!!! ඔයටත් ලබපු අවුරුද්ද වාසනාවනතම වෙන්න ඕනෙ..


    කෝඩුකාරයා - හි හි ජය වේවා!!!

    ReplyDelete
  25. Shani -ම්ම්ම්ම්ම්ම්ම්ම් :'(


    Raj අයියා- හරි අයියා..තෑන්ක්ස් :D


    මධුරංග අයියා- හ්ම්ම්.. දෙමව්පියන්ට වටිනාම වස්තුව දරුවො තමා. ඒත් සමහර හරිම දුර්ලභ අවස්ථා නැතුවමත් නෙවෙයි නේද එහෙම නොවන.

    ReplyDelete
  26. වින්චැට්කිරිල්ලි -මඟ ඇරිලා නෑනෙ.. ඔය දැකලා තියෙන්නෙ :D හ්ම්ම්.. ස්තූතියි කිරිල්ලියෙ..

    ReplyDelete
  27. හිතු... සුභම සුභ අලුත් අවුරුද්දක් ආ..!!

    ReplyDelete
  28. සුභ නව වසරක් වේවා :D

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....