නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 January 2012

ඇවිත් යන්න එන්න.....

හිම කැට කැට වැටෙන මේ සීතලේ....
හිරිගඩු පිපෙන ,

හිම වැහි වැටෙන සැඳෑවෙ......
දෑස් පියන් විවර කරන්,
ගැහී ගැහී සීතලට ගුලි වෙවී,
බලාන ඉන්නෙ මං ,ඈත මඟ දෙසම.....
ඒවිදෝ කියා නුඹ ,
මේ සීත සමයේවත්.........
උණුහුමට ළඟ ඉන්න,
නළලත හාදුවක් තියන්න,
දවස තව ඈතයි ද,
නොදනිමි කිසිවක්ම හරි හැටියට....
එනමුත්, 

සැමදාම බලන්නෙමි මඟ දෙසම....
නුඹ අද ඒවි, හෙට ඒවි,
දෑසම අයාගෙන ඉමි.....
අනේ......

නුඹ මේ සීත සමයේ වත් 
ඇවිත් යන්න එන්න.............

Post Comment

60 comments:

  1. මාත් මග බලන් ඉන්නවා නංගි..අලේ කෝ තාම නෑනේ....
    මේ...අද මමද එක.....හුරේයා...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා එක..:D හ්ම්ම්ම්ම්... දාලා ගිය අය එනකම් බලන් ඉදීම හොද නෑල්ල්ලුනෙ...:(

      Delete
  2. යන යකා යන්න අරින්න හලෝ. ගිය යකාට අඳෝනා කියද්දි යකා එ්ව ගනං ගන්නෑ. බාල්දු වෙන්නෙ අපිමයි!

    ReplyDelete
    Replies
    1. ඇයි මේ මොකක් හරි නිර්මාණයක්, කවියක් ලිව්වාම ඒක මගේ අත්දැකීමක්මයි කියලා හිතන්නෙ?? මේ පින්තූරෙටයි මම මේක ලිව්වෙ..කවියක් ලිව්වාම බාල්දු වෙනවද??

      Delete
  3. එපා කියලා ගිය කෙනෙක් ලොවෙත් මට එපා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... ඒක හොඳයි!!!

      Delete
    2. පුහ් කොහොමද හිතුවක්කාරි නගෝ එයාගේ ලයින් එක???:පී

      නෑ නෑ විහිලුවට කිව්වේ හොඳද, එහෙම තමයි වෙන්න ඕන.

      Delete
    3. හිකිස්ස්..... නියම ලයින් එක... වර්ණා වීර කාන්තාවක්නෙ.... :D

      Delete
    4. එහෙම තමයි වීර කාන්තාවෝ නැද්ද හිතු

      Delete
  4. එපා නම් එපාම තමා..ආයේ ඕනෑම නැහැ :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, චම්මා අයියාලා දැන් ලොකු උදවියනෙ...;)

      Delete
  5. ආ..රයිට්.. මං එන්නං..

    ReplyDelete
  6. අනේ නංගි නිවාඩු ගන්න අමාරුයි.මට තව ටික කාලයක් දෙන්න අනිවාර්යෙන්ම එනවා සත්තයි...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... දැන් කවුද කිව්වෙ මම මේක ලිව්වෙ ඔයාට කියලා?? අනික මේක පින්තූරෙට ගොතපු කවියක්..

      Delete
  7. එයාට එකපාරක් එපානම් ඔයාට 100 පාරක් එපා කියන්න පුරුදු වෙන්න හිතූ. ගෑනු අපි එහෙම හිත හයිය කර ගන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා.. මම දැන් මාව දාලා ගිය කෙනා ගැනනම් හිතන්නෙ නෑ...:) මේක ලිව්වෙ පින්තූරෙට...

      Delete
  8. අරුනු ලොවකට -සිනා කැන්දන
    පැතුම් ගොනු කර- හදෙහි පොදි බැද
    සුවද සමගින- අනත කතරක
    ගමන් කෙරුමට - සිතයි නුබ ලද..
    වතක සැගවුනු - නොතිට රුවකට
    මුලාවී සිටිනා - බබර කැළ
    නුබේ පෙර මග - කඩුලු අතුරයි
    නසාලන්නට - නුබේ දිවි මග..
    එහෙත් කිසි දින - එපා සසැලී
    එලෙස වන්නට - සුවද වන මල
    රුවට ඔබ්බෙන් - සුවද වටිතැයි
    කවුරු නොදනිත් අද දනිමි මම..

    To- dear හිතූ

    ReplyDelete
    Replies
    1. //රුවට ඔබ්බෙන් - සුවද වටිතැයි
      කවුරු නොදනිත් අද දනිමි මම..//

      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... මම මොනාද කියන්න ඕනෙ?? ලස්සනයි!!!! හුඟාක්!!! ස්තූතියි ඒවගේම.. කොහොම වුනත් "නාඳූනන සිහින" ඔයා දක්ෂ කවියෙක් :)

      Delete
    2. ඔබගේ කාරුනික අදහසට බොහෝම ස්තුතියි.

      හිරු කිරණ සෑම දිනකම
      වාසනාවක් වේවි..
      හිත් මායිමේ පිපෙන සිහින
      නෙතු මායිමේ සැබෑවක්ම වේවි...
      නොම වේවි ඔය හිතට නපුරක්
      සෙවනැල්ල සේ සතුට
      ඔබ ලග හිදීවි
      සදහටම...

      Delete
  9. නිවාඩුවක් නෑ නේ. නැත්නම් ඇවිත් යන්න එනවා
    ලස්සන කවි සිතුවිල්ලක් !!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හා හා.. උවමනාව ඇත්තෝ, නිවාඩු දමා එති ;)

      Delete
  10. ඈ බොලේ ලංකාවට හිම වැටෙනවද? මෙයා ඉන්නෙ කොහෙද?කෝම උනත් එයා එනකම් ඔහොම ඉන්න එපා දුකෙන් බලාගෙන ..මේ මම වගේ කාල බීල ජොලියෙ නටල සීතලට බ්ලැන්කට් එකක් ඇතුලට වෙලා ෆිල්ම් එකක් බලන්න...''ලව් ස්ටෝරියක්'' හරිද?ආආආආ......අමතක උනා පොප්කෝර්න් බාස්කට් එකකුයි කොකා කෝලා ටින් එකකුයි ත් ලඟින් තියා ගන්න ....!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි කිරිල්ලියේ....... මේක නිකමට පින්තූරෙට ලිව්ව එකක් අනේ.. මෙහෙ හිම වැටෙන්නෙ නෑනෙ...:( :( මම අඅසයි හිම වැටෙනවනම්...:D එතකොට මට හිම බබාලා හදන්න පුළූවන්...:D <3

      හ්ම්ම්... එලම තමා.. පොප් කෝන් කකා, කෝක් බිබී හොදම හොඳ ලව් ස්ටෝරියක් බලන එක තරම්, ජොලි වැඩක් නෑ වෙන..

      Delete
  11. එදා අවනේ මම ඔයා හිට්යේ නැනේ....

    ReplyDelete
  12. බලාපොරොත්තු අපව ජීවත් කරනවා වුනත් ඒ බලාපොරොත්තු වෙනුවෙන්ම ජීවත් නොවී හැබෑ ලෝකය දකින්න..

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ.. ඒක ඇත්ත කතාවක්.. ජීවිතේ යථාර්තයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න අමාරුයි

      Delete
  13. හයියෝ... ගිය අය ආපහු එන්නේ නෑ හිතූ... හිත හදා ගන්න.. ලස්සන පබැඳුමක්... :) ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... හිත හදාගෙන ඉන්නෙ.. :) ස්තූතියි!!! ජය වේවා!!!

      Delete
  14. ලඟ ඉන්න අයගෙ වටිනාකමක් දන්නෙ නැති අය තමා දාලා යන්නෙ...හිත හරියට හදා ගන්නකල් දුකයි තමා..ඒත් හිත හරියට හදාගත්තට පස්සෙ....තිබුනට වඩා හුඟාක් ශක්තිමත් වෙනවා...අත්දැකීමෙන් කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඔව්..හිත හැදෙනව කාලයත් එක්කම..කලින් තිබුනට වඩා සියගුනයක් ශක්තිමත් වෙලා..හොඳ දේවල් ලබාගන්න පිං නැති අය ඒවා දාල ගිහින් පස්සෙ දුක් වෙනවා....

      Delete
    2. @දිල් අක්කි- ඔව් අක්කෙ.. ඒකනම් නියම ඇත්ත කතාවක්.. අක්කා කියනවනම්... අනිවා, ඒක පිළීගන්නම වෙනවා..:)

      @කිරිල්ලි-//හොඳ දේවල් ලබාගන්න පිං නැති අය ඒවා දාල ගිහින් පස්සෙ දුක් වෙනවා...//

      ඇත්ත.මේකනම් කවදාහරි එහෙම අයට වෙනවාමයි..

      Delete
  15. මග බලාගෙන මේ දෑසත්
    නුඹ හොයා එන දිනක් එනතුරාවට
    මේ සීත යාමේ උණුසුම් නැති හිතට
    ආදරෙත් අරගෙන එන්නම්
    ආදරෙන් නුඹ ඉන්න
    ඒ පුරුදු මාවත ලගම...

    ReplyDelete
    Replies
    1. ඈහ්හ්හ්හ්...!!! මෙයා මොකාටද මේ එන්න හදන්නෙ??..:):):)

      Delete
    2. නුඹ ඒවී යැයි කවදා හරි...
      බලන් ඉමි මම දෑසම අයාගෙන,
      නාවත් දිනෙක වෛරනම් නොකරමි...
      ඒත්,
      මහ ගොඩාක් ආදරේ අරන්
      බලන් ඉන්න මේ ඇස් දෙකට
      තවත් දුක් නොදී නුඹ,
      ඇවිත් යන්න විගහටම එන්න.........!!!!

      Delete
    3. @කිරිල්ලී- හික්ස්ස්... එයා මොකාටද එන්නෙ??? :O

      Delete
    4. මොකද මොකද මේ කිරිල්ලියි නපුරු හිතුවක්කාරියි මට මඩ ගහන්නේ??

      Delete
    5. මේ මම?? මඩ ගැහුවා?? අනේ නෑ.....:(

      Delete
  16. ඊලග ශීත සෘතුවත්
    කව්රුන් හෝ මිලට ගෙන ඇති
    දන්නවා නම් ඔබ ඇනා සර්ගයෙව්නා
    කොතරම් වටිනවාද මට
    ලස්සන මම අහස යට ඔබ!

    (රත්න ශ්‍රී විජේසිංහ -ගුරෝෆ් ගේ ලියුම)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්... මම කලින් කියවලා නෑ.. ස්තූතියි සහෝ...

      Delete
  17. අම්මෝ මේක දැක්කම මට මෙහේ සීතල දෙගුන උනා..අනේ දුක් වෙන්න එපා..
    කවිය නම් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හි හි හි...:D දුකක් නෑ අක්කි... ස්තූතියි හුඟාක්

      Delete
  18. මම දවසක් ස්කෝලෙ වෙනපන්තියක හිටිය යාළුවෙක් හමබවෙන්න ගියාම, පොඩිකරල තිබුන පුන්චි කඩදාසි කෑල්ලක පුන්චි සටහනක් ලියල ඩෙස්කෙකක් යට දාල තිබුන.මම ඔය කොලේ දැක්කම අතට අරගෙන කියවලා ආයෙත් එතනම තියල ආව.එදානම් මට තේරුනේ නැහැ ඔය කතාවෙ තේරුම.ඒත් හිතේ ඇඳුන ඒ වචන ටික තාමත් මට මතකයි.

    මිට මොළාවාගෙන රඳවා ගත්තට​
    අත නොරැඳෙන දේ නොරැදේවි.....
    රඳවා ගනු බැරි, රැඳෙනු වරම් නැති
    සියල්ල දවසක හැරයාවී....

    කාලයත් එක්ක ගොඩාක් දේවල් වෙනස් වෙනව.අපි හීනෙකින්වත් හිතන්නෙ නැති විදිහට.අපිට අයිති නැති දේ අයිති නෑම තමයි.අපි කොච්චර ළඟින් තියාගන්න හැදුවත් අපිට අයිති නැති දේ කවදහරි අපෙන් වෙන්වෙලා ඈතට යන්න යනව.

    ඔව් යාළු..... ඒ කොලේ ලියලතිබුන දේනම් ඇත්තම ඇත්ත තමයි නේද​?????

    ReplyDelete
    Replies
    1. //මිට මොළාවාගෙන රඳවා ගත්තට​
      අත නොරැඳෙන දේ නොරැදේවි.....
      රඳවා ගනු බැරි, රැඳෙනු වරම් නැති
      සියල්ල දවසක හැරයාවී....//

      ඇත්තම් ඇත්ත...100% ඇත්ත... ඊට වඩා කියන්න දෙයක් නෑ.. අපිට අයිති නැති දේවල් කවදාහරි අපෙන් ඈත් වෙනවා තමා..

      Delete
  19. අනිවා එනව පොඩ්ඩක් හිටින්...හැබැ ඔය එන්නැති එකා හොයල පොඩි චැටක් දාන්ඩ බලාගෙන හික්..උඹත් වරේන් නගේ....

    ReplyDelete
    Replies
    1. හම්මෝ..මෙන්න අයියා චණ්ඩි පාට් දාන්න හදනවා...;)

      Delete
  20. හප්පේ ඇයි මේ සීත සමයයේම එන්න කියන්නේ......

    ReplyDelete
    Replies
    1. එහෙම තමා.. මේ සීථල කාලෙනෙ..;)

      Delete
  21. හරිම අපූරුයි හිතුවක්කාරියෙ..මේක කියවද්දි මම කොහේදෝ අතරමන් වුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් රූ...:) අතරමං වුනාද?? හි හි.. මෙහාට ආවට ස්තූතියි.. ඒත් අතරමං වෙන්නෙපා ආයෙමත්,

      Delete
  22. මම පරක්කු වෙලා නේ. දැන් ඔය කියන එකා ආවද? :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. පරක්කුයි තමා...;) නෑ.. ආවෙ නෑ...

      Delete
    2. පරක්කු අයව ඇතුලට ගන්නේ නැහැ

      Delete
  23. පින්තුරෙටම ගැලපෙන නිසඳැසක්...හම්මෝ බලන් ඉඳිල්ල තමයි මට කොරන්ට බැරිම දේ :)

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඔව් අක්කි!!! ස්තූතියි..:) බලන් ඉන්න ගියාම එපා වෙනවා නේන්නම්..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....