නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

20 January 2012

- දඬුවම -

ඔන්න අද හිතුවක්කාරී කියන්න යන්නෙ පුංචි කාලෙ සිද්ධියක්. සිද්ධියක් කිව්වෙ මේ හිතුවක්කාර වැඩක් ගැන එහෙම නෙවෙයි.වරදක් නොකර ලැබුනු දඬුවමක් ගැනයි.


පුංචි කාලෙ,ඒ කියන්නෙ 1 වසරේ ඉඳන් 5 වසර වෙනකම් මම ඉස්කෝලේ ගියේ අපේ ගෙවල් වලට කිට්ටු නගරේ තියන ප්‍රාථමික ඉස්කෝලෙකට.අපේ ඉස්කෝලෙ සිරිතක් විදිහට වගේ, හැම අවුරුද්දකම දෙසැරයක් විතර හැම ළමයෙක්ගෙම අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙ මුර සේවයට එන්න ඕනෙ.

දැන් බලයිනෙ මොකක්ද මේ මුර සේවය කියන්නෙ කියලා.මුර සේවය කියන්නෙ ඉස්කෝලේ ගෙට්ටුව ලඟ මුර කරන්න දෙමව්පියො එන්න ඕනෙ.ඉස්කෝලෙට ස්ථීරවම යොදවලා හිටපු ආරක්ෂක නිලධාරියෙක් හිටියා.එයාට අපි කිව්වෙ මුර අංකල් කියලා.එහෙම මුල අංකල් කෙනෙක් හිටියත් ,හැම ඉස්කෝලෙ දවසකම ඉස්කෝලෙ ඉන්න කාගෙ හරි ළමයි දෙන්නෙක්,තුන්දෙනෙක් ගෙ අම්මා හරි තාත්තා හරි ගේට්ටුව ළඟ මුර සේවයේ යෙදෙන්න එන්න ඕනෙ.හැම ළමයෙක්ටම අවුරුද්දට  දෙසැරයක්වත් ඉස්කෝලෙන් කොළයක් දෙනවා,දෙමව්පියො එන්න ඕනෙ දිනය සහ වෙලාව දන්වලා.ගේට්ටුවෙන් ඇතූළට යන එන අය ගැන බලන්න,ඉස්කෝලෙ ඇරුණූ වෙලාවට,පටන්ගන්න වෙලාවට ළමයි එහෙ මෙහෙ යද්දි ඒ ගැන බලන්න තමා මේ දෙමව්පියන්ට තියෙන රාජකාරිය.

සමහර අය ඉතින් මුර සේවයට ආවා කියලා ඔෆිස් එක ළඟ තියෙන පොතේ අත්සන් කරලා,පන්ති භාර මිස් ළඟ තියන පොතෙත් අත්සන් කරලා ගෙදර යනවා.එක එක විදියේ යටිකූට්ටු වැඩ ඔය කාරණාව සම්බන්ධව ඉස්කෝලෙ ඇතුළේ සිද්ධ වුණා.

මම කියන්න යන මේ සිද්ධිය වෙද්දි මම ඉගනගත්තෙ 3 පන්තියෙ.ඒ වෙද්දී අපේ තාත්තාත් කීපසැරයක්ම මුර සේවයට ඇවිල්ලා තිබුණා.ඒ මම 1 සහ 2 පන්තියේ ඉගනගනිද්දියි.ඔන්න ඉතින් සුපුරුදු විදියට  මුර සේවයට එන්න ඕනෙ දිනෙයි,වෙලාවයි දන්වලා ගෙදරින් එන්න කියන්න කියලා,තුනේ පන්තියේ මිසුත් මට කොළයක් දුන්නා.ගෙදරට ගිහින් මමත් අම්මාටයි තාත්තාටයි කොළේ පෙන්නලා,ටීචර් එන්න කිව්වා කියලා කිව්වා.

අම්මාට කොහොමත් එන්න වෙන්නෙ නැති නිසා තාත්තා එන්නම් කියලා කිව්වා වෙනදා වගේම. මල්ලියා චූටි නිසා අම්මාට මල්ලියාව දාල එන්න බැරි නිසාම ඉස්කෝලේ හුඟාක් වැඩ වලට ආවෙ තාත්තා.ඉතින් මේ දිනයටත් තාත්තා එන්නම් කියලා කිව්වා.

කොහොමහරි ඔන්න එදා ඉස්කෝලේ ගියාම,අපේ පන්තියේ මටයි තවත් ළමයෙක්ටයි තමයි මුර සේවයට අම්මාලා තාත්තාලා එක්කන් එන්න තිබිලා තිබුණේ.උදේ 7 ඉඳන් 11 වෙනකනුත්,11 ඉදන් 2.30 වෙනකනුත් වාර දෙකකට තමා මුර සේවය තිබුණේ.තාත්තා එනවා කිව්වෙ  11ටයි. අපේ පන්තියෙ අනික් ළමයගෙ ගෙදරින් කවුරුත් මුර සේවයට ඇවිත් තිබුණේ නෑ. මිස් ඒකට ඒ ළමයට දොස් කිව්වා හොදටම. මමත් ටිකක් බය වෙලායි හිටියෙ.මිස් මාවත් නැගිට්ටවලා ඇහුවා ගෙදරින් එනවා නේද කියලා. මමත් ඔව් ටීචර් කියලා හිටියා.

ඔන්න වෙලාවත් දැන් පහුවෙලා.ඒත් තාත්තා තවමත් ආවෙ නෑ.. ඉන්ටර්වල් එකේදි ගේට්ටුව ළඟට කිට්ටු කරලා තාත්තා එනවද කියලා බලාගෙනත් උන්නා.තාත්තා ආවෙ නෑ.."තාත්තට අමතක වෙලාවත්ද?" මට හිතුණේ එහෙමයි.අන්තිමට පන්තියට ගියාම මිස්ට හොදටම කේන්ති ගිහින්.

"කෝ හිතූගේ තාත්තා ආවෙ නෑනෙ??"

"එයි ටීචර්.තාත්තා එනවා කිව්වා."

"එනවනම් දැන් එන්න එපැයි..කෝ නෑනෙ..රංගිගෙ තාත්තා ආවෙත් නෑ උදේ..මගේ පන්තියෙ අද එන්න ඕනෙ දෙමව්පියෝ කවුරුත්ම නෑ.."

ඔන්න ඉතින් පුංචි හිතූට පංතිභාර මිස්ගෙන් අහගන්න වුනේ ඔහොම කතා ටිකක්. තාත්තා එනවා කියලා නොඑන්න ඇත්තෙ මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඕනෙ, නැත්තම් තාත්තා නෑවිත් ඉන්නෙ නෑනෙ. මගේ පුංචි මොළේට තේරුණූ දේ ඇයි මේ මිස්ට නොතේරෙන්නෙ කියලා මම කල්පනා කළා.

"මේක හරියන්නෙ නෑ..හිතූ..නැගිටිනවා..රංගි ..ඔයත් නැගිටින්න. දෙන්නම යන්න එළීයට.පන්තියෙන් එළීයට යන්න.ගිහින් පන්තිය මුර කරන්නකෝ දෙන්නාම.දෙමව්පියන්ට එන්න බැරිනම් අපිටත් කරන්න දෙයක් නෑ.."

ඔන්න ඉතින් අන්තිමේදි,මිස් මාවයි,රංගිවයි දෙන්නවම පන්තියෙන් එළියට දැම්මා.මටනම් පොඩ්ඩක් සතුටුත් හිතුනා.මොකද එදා ,මිස් උගන්වන්න ගත්තෙ පරිසරය පාඩමක්.මට පරිසරය පොතේ පිටු ගාණක් සටහන් ලියන එක තරම් එපා කරපු වැඩක් ඒ කාලෙ තිබුණේ නෑ.පිටු ගානක් කියන්නෙ ඉතින් පිටු 4ක් ලියයි වැඩිම වුනොත්.පුංචි වයසට ඉතින් ඒකත් ලොකු ගානක්නෙ.;)

කොහොමහරි නොකරපු වරදකට,මිස් දඬුවම් කලේ අහිංසක මටයි, අනිත් ළමයටයි.ගෙදරින් කවුරුත් මුර සේවයට ආවෙ නෑ කියලා අපිව පන්තිය මුර කරන්න එළියට දාපු මිස් ,ඉස්කෝලෙ ඇරෙන වෙලාව වෙනකම් පුංචි අපි දෙන්නාව එළියෙ  තිබ්බා.

කොහොමහරි එදා දවල් මම වෑන් එකේ ගෙදර ගිහින් අම්මා එක්ක සිද්ධිය කිව්වා.ඉස්කෝලෙදි ගාණක් නොතිබ්බත්,ගෙදර ගියාම තාත්තා ආවෙ නැති එකට හිතූට ටිකක් අප්සට් ගියා.අම්මාටත් දුකයි හොඳටම. තාත්තාට එන්න බැරි වුනු නිසා මිස් මාව පන්තියෙන් එළීයට දාපු නිසා අම්මා ගොඩාක් දුක් වුනා.ඊටපස්සෙ තමා අම්මා කිව්වෙ,තාත්තාට හදිස්සියෙම දුර ගමනක් යන්න වෙලා,කියපු වෙලාවට එන්න පුළුවන් වෙලා නෑ කියලා.

හැබැයි අම්මා ඊටපස්සෙ මට කොන්දේසියක් දැම්මා,මාව පන්තියෙන් එළියට දාපු කතාව තාත්තාට කියන්න එපා කියලා.එහෙම කිව්වොත් තාත්තාට හුඟාක් දුක හිතෙයි වගේම,තරහ ආවොත් ඉස්කෝලෙට ගිහින් මිස්ට දොස් කියන්නත් ඉඩ තියෙනවා කියලා.එක දවසක් හදිස්සියකට එන්න බැරි වුනාට ,වෙන දවසක එන්න කියනවා වෙනුවට මාව පන්තියෙන් එළියට දැම්මා කිව්වාම තාත්තාට තරහා යයි කියලායි අම්මා කිව්වෙ.

ඔය සිද්ධියෙන් පස්සෙ මට ඒ මිස්ව ටිකක් එපා වුණා.මොකද හිතුවක්කාරී වුනත් හිතූ එහෙම දඟ වැඩ කරලා නෑ වැඩියම.පොඩි අතපසුවීමකට පැයක් විතර පන්තියෙන් එළීයට දැම්ම නිසා හිතූ හිතාගෙන හිටියෙ ඒ මිස් හරිම නපුරුයි කියලා.කොහොම හරි ඉතින් පස්සෙ කාලෙක තාත්තාත් සිද්ධිය දැනගත්තා.ටිකක් තරහත් ගියා.දුකත් හිතුනා.තාත්තාට කිව්වෙ නැත්තෙ ඇයි කියලාත් දොස් අහගන්න වුනා. 

අන්තිමේදි මගෙ අතින් නොවුනු වරදකට,3 පන්තියේ මිස් මට දඬුවම් කළා.පුංචි කාලෙ ඉස්ඉස්සෙල්ලාම මතක හිටින විදියෙ දඬුවමකට ලක් වුනේත් 3 පන්තියෙ වුනු ඔය සිද්ධිය නිසාම තමා.

පවු නේද පුංචි අහිංසක හිතුවක්කාර මම??? :D

Post Comment

65 comments:

  1. ඔය වගේ නස්පැත්ති වුණාම ඉතින් අප්සට් තමයි..ඒත් ඒකත් හොද මතකයක්නේ

    ReplyDelete
    Replies
    1. අප්සට්දත් අහනවා... චුට්ටි කාලෙ ඉතින් දුකයිනෙ.. ඔව්වේත් අත්දැකීමක්නම් තමා.

      Delete
  2. ඉස්කෝලෙ ගිහින් දඩුවම් විඳල නැති වුනා නම් මොන ලැජ්ජාවක්ද මම අහන්නෙ.. ඔහොම හරි එකක් වෙච්ච එක හොඳයි :)

    ReplyDelete
    Replies
    1. හි හි!!! ඒකනෙ.. ඉස්කෝලෙ ගියානම් දඬුවමුත් තියෙන්න එපැයි..

      Delete
  3. මටත් වුනේ 3 වසරේදී පන්තියේ හුණු ගන්න තව සුද්ද කරන්න වගේ දෙයකට.එත තාත්ත එදා ඇවිල්ල එත් අවේ කවුද කියල දැනගන්න කිසිම සටහනක් තියන්න කියල නැහැ.. මත් නිකන් ගුටිකවා.

    ReplyDelete
    Replies
    1. අනේ පව් මෙයාටත් වෙන වැඩ.

      Delete
    2. හයියෝ අයියට වෙන වැඩ. පුංචි කාලෙ ටීචර්ලගෙන් නම් අයියාට අපලයි නේද??

      Delete
  4. ඕව ඉතින් පොඩි දේවල් වුණාට පුංචි වයසට අපිට ඒ දේවල් හරි ලොකුවට දැනෙනවා... මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩ.. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දැන් අපිට පුංචියි කියලා හිතුනාට ඒ කාලෙ එහෙම දෙයක් වුනාම දැනෙනවා වැඩියිනෙ.

      Delete
  5. හනේ.... කියලවත් කොරගන්න බැරි දෙයක් නෙ... මිස් නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්!!!
    අනේ අපේ ඉස්කෝලෙත් ඔහොම මුර නොකර ඉන්නවට දඬුවම් දෙන ක්‍රමය තිබුන නම්...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි!!! පවනි අක්කා..නෑ නෑ.. සොලි අයියා..ආසයිද දඬුවම් දෙනවනම්??? :O

      Delete
  6. අනේ පව්..ඒ මිස් ට නම් මොළයක් ඇත්තෙම නැහැ..පන්තියෙන් එලියට යන වැඩේට ඉස්සර මාත් හරි කැමතියි..:)

    ReplyDelete
    Replies
    1. හි හි... ඒ කියන්නෙ අක්කත් කට්ටි පනින්න දස්සී..:D

      Delete
  7. මටත් ඉස්කෝලේ යන කාලේ දවසක් පොඩි සිදුවීමකට පන්තියෙන් එලියට දාල තියෙනවා. ඉතින් මෙය කියවනකොට මට මතක උනේ ඒ සිදුවීම. xD

    ReplyDelete
    Replies
    1. හිහි..හැමකෙනෙක්ම ඉස්කෝලේ කාලෙ මොකක්හරි දඬුවමක් ව්ඳලා තියෙනවනෙ...

      Delete
  8. මෝඩ මිස් කෙනෙක්...!! මම නම් අම්මට හොරෙන් තාත්තට කියනවා...!!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...
      මේ වගේ පුංචි දෙයක් උනත් පවුලක් ඇතුලේ හංගන්න හොඳ නැහැ
      තාත්තට කලින් දුක හිතෙන්න ඉඩ තිබ්බට වඩා ප්‍රමාණයක් පහුවෙලා ආරංචි උනාට පස්සේ හිතෙන්න ඇති
      "ඇයි මට කිව්වේ නැත්තේ" කියලා

      Delete
    2. @කිරිල්ලී- හ්ම්.... ඔව්. මිස් අම්මලා, තාත්තලා ආවෙ නැති පළිය ගත්තෙ අපෙන්. හෙ හෙ.. හිතුවක්කාරි වුනාට මොකද මම ටිකක් බයයි නෙ..ඉතිං කිව්වෙ නෑ..:D


      @ලොකු පුතා- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔව් ඉතිං පස්සෙ දවසක අම්මා කියලාම තමා තාත්තා දැනගත්තෙ. සමහර වෙලාවට ඉතින් ඉස්සරහා ගැන බයට එහෙම දේවල් නොකියා ඉන්න පුළුවන්නෙ.

      Delete
  9. හරි ශෝක්... මම නම් කැමතියි පන්තියෙන් එළියට දානවට. එතකොට වට පිටාවෙ ලස්සන බල බලා මගෙම හීන ලෝකෙක ඉන්ට පුළුවනිනේ.... :D :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..අරුන්දතී දවල් හීනත් බලනවා ඒ කියන්නෙ..:D

      Delete
  10. ඒ කාලේ මම නම් පන්තියෙන් එළියට යන්නෙ කොයි වෙලේද කියල බල බල උන්නේ...ෂික්: මට ආවෙ නෑනෙ ඔහොම චාන්ස් එකක්...අපි කලේ මිස් කියන්න කලින්ම එළියට යන එකනේ..ඔහොම අවසර ඇතුව එළියට යන්න බැරි උනා....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... එහෙනම් තරූ අයියත් කට්ටි පනින්න සූරයෙක් හෑ??? මක්කැයි ඉතින් කරන්නෙ එළියට අඑවිත් පන්තියෙන්??ක්‍රිකට් ගහන්නද ආසාව??

      Delete
  11. අපේනම් මුළු පන්තියම පිටින්ම එලියට දාපු අවස්ථා තමයි තියෙන්නේ. ගොඩාක්ම සයිලන්ස් බෙල් එක වෙලාවට කෑ ගහලා :ඩි ඒ වෙලාවට ඉතින් මාරම ජොලි. පන්තියට මිස් ලා එනවා, පන්තිය ගාවම එළියේ දනගහගෙන ඉන්නවා දැකලා ආපහු හිනා වේවි යනවා

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔහොම එව්වා මටත් වෙලා තියෙනවා. ඒ 5වසරෙන් පස්සෙ ඉස්කෝලෙදි..:D

      Delete
  12. අපෙත් ඔය මුර කරන වැඩේ කාලයක් තිබුනා. හැබැයි තාත්තට හොරෙන් කියන්න තිබුනේ....:)

    ReplyDelete
    Replies
    1. හි හි.. හිතුවක්කරි ඒ කාලෙ බයයිනෙ.. කිවෙ නෑ..තාත්තා ටීචර්ට දොස් කියලා ප්‍රශ්නයක් වෙයි කියලා..

      Delete
  13. ඇත්තට ඉස්සර පන්ති කවයට ගෙදරින් එන්න පරක්කු වුනොත් අප්සට් තමා..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාත් එහෙමයි.. පන්ති කවයට එන්න පරක්කු ව්උනත් බෙල්ල කඩාගෙන බලන් ඉන්නෙ.

      Delete
  14. අනේ.. හරි නෝටි මිස් කෙනෙක් අෆ්ෆා.. පුංචි ළමයින්ගේ හිත ඔහොම රිද්දන්න හොඳ නෑ...

    ReplyDelete
  15. අපිටත් පොඩි කාලේ ඉස්කෝලෙදි ඔය වගේ සද්ද දැම්මා.. ඒත් O/L A/L වෙද්දි ඒවා නිකම්ම නැවතුනා...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ආ... ඒකතමා, චණ්ඩි අයියලට මිස් ලා බය වෙන්න ඇති..හික්ස්ස්ස්

      Delete
  16. ටීචර්ලා ළමයින්ගේ හිත් තලන්න හොඳම නැති කාලේදී තලන එකෙන් එයාල කරගන්නේ උගන්වලා කරගන්න පිනට වඩා වැඩි පවක්....:(

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. පුංචි කාලෙ පුංචි අයගෙ හිත් තලන්න නරකයි...

      Delete
  17. ඔය වගේ නපුරු මෝඩ ටීචර්ස්ල හරියට ඉන්නවා . පුංචි ළමයිගේ හිත ගැන නිකන්වත් හිතන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහර ටීචර්ලා එයාලගෙ පවුල් ප්‍රශ්න වල තරහා යවන්නෙත් පුංචි ළ්මයින්ගෙ පිටින් නෙ..

      Delete
  18. ඔය දෙමවුපිය මුර සේවය වැඩේ ටිකක් අසාධාරණයි කියලා තමයි මම නම් හිතන්නෙ. රස්සාවක් කරන කෙනෙක්ට නිවාඩුවක් දාන්න වුණාම වෙන අපහසුතාවය ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. හදිසියකට, සාධාරණ හේතුවකටවත්, සමාවක් නැති වුනාම තවත් අපහසුයිනෙ..

      Delete
  19. සම'හරක් ගුරුවරු ගැනද කතා කොරලා වැඩක් නැත... කට ගලක උලා ගන්නවා ඊට හොඳයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔව්. ඔයිට වඩා නරක විදියට ළම්යින්ට දඬුවම් කරන ගුරුවරු ඉන්නවා..

      Delete
  20. පොඩි කාලෙදි ඔය වගේ දෙයක් වුනාම හරියට හිතට වදිනව...මොන ඉස්කෝලෙත් ඔය වගේ මිස්ල ඉන්නවනෙ.....:(

    ReplyDelete
    Replies
    1. ඔව් පිස්සො.. හැම ඉස්කෝලෙකම ඔහොම නපුරු විදියට සළකන ගුරුවරු ඉන්නවා..

      Delete
  21. අපෝ ඔය මුර කේස් එක නම හෙනම අවුල් වැඩක් තමයි..හැබැයි ඉතින් ඒ කාලේ තිබ්බ දේවල් හැටියට ඔහොම එකක් නැතිවත් බැහැ නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒකාලෙ රටේ තත්වෙ හොඳත් නෑනෙ.. ඉතිං එහෙම නොකර බැරි වුනා තමා..

      Delete
  22. මාව එලියට දැම්මා නම් හැමදාම අපේ ගෙදර අයට එන්න එපා කියනවා. පංතියෙන් එලියට දාන එක කොච්චර නම් සැපතක්ද.
    අපේත් ඔහොම ගෙවල් වලින් මුර දාන කාලයක් තිබ්බා. මට මතක විදිහට අපේ අම්මා එකම එක පාරක් ඉස්කෝලේ මුරට හිටියා.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. සැපයි තමා.ඒත් නිකන් ඔක්කොම ළම්යි ඉස්සරහා නරක ළම්යෙක් වගේ ලේබලයක් ඇලවුනොත් කියලා මට නිකන් බය හිතුනා ඒ කාලෙ. දැන් නම් ගාණක් නෑ..;) කොහොමත් මම දැන් නපුරු හිතුවක්කාරියක්නෙ..;)

      Delete
  23. නපුරු ටීචර් කෙනෙක් ඇත්තටම ඉතින් ඒ වගේ කාරණේකර ළමයෙක්ව පන්තියෙන් එලිටදාපු එක වැරදියි නේද ? දැන් ඉතින් මක්කොරන්නද ? හිනා වෙලා අමතක කරලා දාන්න

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ අයියා.. එකවතාවක් නාවට එළියට දාපු එකයිනෙ අවුල. ඔව්..ගිය දේ ගියා..මට දැන් නම් දුකක්වත්, තරහක්වත් නෑ...ඒත් මතක්යෙ තියෙනවා..

      Delete
  24. සමහර අය නම් මොකට ගුරුවරු උනාද මන්ද!හැගීමක් කියල දෙයක් ඇත්තෙම නෑ!

    ReplyDelete
  25. 1-5 වසර කියන්නෙ දරුවො ගුරුවරුන්ගෙන් ආදරය බලාපොරොත්තුම වෙනකාලෙ.. :( මාර තීන්දුවක්නෙ දීලා තියෙන්නෙ.. :(

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අක්කියෝ..අපූරුම තීන්දුවක්...

      Delete
  26. අනේ...පව් පුංචි හිතූ..:((
    සමහර ටීචර්ල ඉන්නවා..ගෙදර තියෙන ප්‍රශ්නත් ළමයි පිටින් තමයි යවන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්...පවු පුංචි අහිංසක හිතූ!!!!
      හ්ම්ම්... ඔව් ඔව්.. ටීචර්ලගෙ ගෙදර ප්‍රශ්නත් ළම්යි පිටින් යවන අවස්ථා තියෙන්නෙ ඔය ඕනෙ තරම්..

      Delete
  27. අපිව පුන්චි කාලෙ පන්තියෙන් දොට්ට දැම්මම කෙලින්ම දුවන්නෙ පිට්ටනියෙ ළඟ තියෙන මැයි ගහ යටට.අපි ඒ ගහට කියන්නෙ කොකු ගහ කියල.පස්සෙ ඔය කොකු ගහ යටට ගිහින් වටේ පිටේ පොලු මුගුරු අරගෙන කොකු ගහට ගහල කොකු කඩල ඒ මල් පොහොට්ටු වලින් කොකු අදිනව.ටික වෙලාවක් යද්දි පන්තියේ ටීචර් එනව.අපිව එවෙලේම අවසරපිට කෙලින්ම අරගෙන යනව ප්‍රින්සිපල් ගාවට.ප්‍රිසිපල් ගන්නව අඩිරූලක්.ඒක කෙලින් අතට හරවල දෑතෙ වීරිය දාල අපේ අල්ලට ගහනව.අපි අඬන්නෙ නැහැ.ඒත් කඳුළු එනව.ටික වෙලාවක් ඊට පස්සෙ අව්වෙ තියල අපිව පන්තියට යවනව.අපි හැමෝටම වෙච්ච දේට ගොඩාක් දුක හිතෙනව.ඒත් ඉතින් ලැජ්ජාවක් නැහැ ආයෙත් කොරන්නෙ ඒදේමයි.පොඩිකාලෙ හැටිනෙ.....

    ReplyDelete
    Replies
    1. සිහිනට ලස්සන ළමාකාලයක් තිබිලා තියෙනවා. ලස්සන අතීතයක් තියෙනවා කියලා හිතිලා තියෙනවා...හ්ම්ම්... ශෝයි!!!!

      Delete
  28. පොඩි පන්ති වලට උගන්නන අයනං චාටර්!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... ඔව්ව්.. සමහර අය..

      Delete
  29. hithuwakkari paw thamai :) a unata, eda kohoma hari oyata epa karapu parisaraya satahan noliya beruna, ekata oyata sathutu hithuna ne a athi..:) :)....mathaka satahana apuruwata kiyala thiyanawa hithuwakkari :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒකනම් ඇත්ත.. එලීයෙ ඉදන් ජොලියෙ හිටියා...:D

      Delete
  30. පව් වැඩේ නපුරු ටීචර් කෙනෙක්.. අපී ඉස්කෝලෙ යන කාලෙ හිටපු ඇට්ටට කොල්ලෙක්වත් (මම නෙවි ඕන්) දවසක් නොසන්ඩාල වැඩක් කරලා ටීචර් එලියට දාල තිබුනා. ඒකා එදා ටීච්ට්ට හිතින් තැන්ක්යූ කියන ගමන් තාප්පෙනුත් පැනල ගෙදර ගිහින් :D ටීචර්ල හොදටම රත් වෙලා මෙහේ ඉස්කෝලෙ පුරාම හොයනව

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඔයා නේද ඒ?? ඒකත් මලු වැඩේනෙ.. ටීචර්ටමයි දඬුවම..හික්ස්ස්..:D

      Delete
    2. පික්ෂුද? මම ඒකාලෙ හිතූටත් වඩා අහි0සකම අහි0සක බෝ පැළේ වගේ කොල්ලෙක්..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....