නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

24 January 2012

අනේ... මටත් ලැබුණානම්.....

මේ හිතේ තියන දුක කියන්න,                                        
ළගින් ඉඳන් 
මේ මුතු කඳූළු පිසදාන්න,
අනේ...
මටත් තිබුණා නම් එහෙම ජීවිතයක්.......

දරාගන්න බැරි මේ හිත,
සැහැල්ලුවට අරන් 
තියන්න තිබුණා නම් පරිස්සමට,
අනේ... 
තවත් සුවඳැති හිතක් උඩින්.............

වැටුනූ වැටුනු මොහොතට
ආදරෙන් වැලඳගෙන නැගිටින්න,
රිදෙන රිදෙන වරෙකට 
හිමින් හිමින් හිස අතගා සනසවන්න,
අනේ...
මටත් ලැබුණානම් එහෙම හිතක උණුසුමක්......

දරාගන්න බැරි මේ පාළු තනිකම,
හිත ඇතුළෙ හිර කරන්
දුකක් නම් නොවිඳින්න,
රිදෙන හිත සැනසිලා, සතුට උතුරා යන්න
අනේ.....
මටත් ලැබුණා නම් අවංක ආදර හිතක්..........




_________________________________________
ප.ලි- ඔන්න මේක නිකන්ම නිකන්ම සිතුවිල්ලක් විතරයි. නැත්තම් හැමදාම මෙහෙම නිසැඳෙසක් දැම්මාම කට්ටිය මට බනින්න පටන් ගන්නවා..:D ඒ නිසා ඔන්න අද කිව්වා.;)

Post Comment

67 comments:

  1. ලස්සනයි හිතුවක්කාරියේ ඔය දේ ඉක්මනටම වේවි..................

    ReplyDelete
    Replies
    1. ස්තූථියි යාලු!!! අපි බලමුකෝ ...

      Delete
  2. තමන්ට තමන් තරං පිහිටක් නෑ අක්කියො.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි ඒත්, සමහර වෙලාවට තව කෙනෙක්ගෙ පිහිටක් ඕනෙ වෙනවා...

      Delete
  3. හ්ම්ම්... ලස්සනයි කෙල්ලෙ :)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මහී මොකෝ මේ රිමූව් කරලා..;)

      Delete
  5. //මටත් ලැබුණා නම් අවංක ආදර හිතක්//
    හ්ම්ම්... මටත් මෙහෙම හිතිලා තියෙනවා. ඒත් අවංක ආදරේ කියන්නේ සංකල්පයක් විතරක් ද මන්දා!

    මොනවා වුණත් යාළු "තමන් හිස ට තම අතමය සෙවණැල්ල..."

    ~~~**දඟ මල්ල**~~

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. තම්ට තමන් තරම් පිහිටක් නෑ තමා. ඒත් සමහර වෙලාවල් එනවා. අනුන් ඕනෙ ව්එන.

      Delete
  6. අනේ එහෙම හිතක් ඉක්මනටම ලැබේවා!:))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්....:D තැන්කූ ...

      Delete
  7. තව ටික කාලයක් ඉවසලා ඉන්න නංගියෝ.. එහෙම හිතක් ඉක්මනට ලැබේවි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්..... කාලය හැමදේම බලාගනියි!!!

      Delete
  8. මටත් ඔය හැඟීම නම් ගොඩාක් වෙලාවට දැනිලා තියෙනවා නංගියෝ.. ඒ හිත ඔයාට ඉක්මණටම ලැබේවි,. :)))

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්... ඒකනෙ..මම දන්නවනෙ අක්කියා ගැන..තෑන්ක්ස් අක්කි..බලමුකෝ අපි..

      Delete
  9. හරිම ලස්සන පද ගැලපුමක්......නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුන්දතී!!!

      Delete
  10. මාත් හැමදාම පැතුවෙ මේ වගේ සිතක් තමයි

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙම හිතක් ලැබුනාද???

      Delete
  11. මගේ හිත වගේමයි මෙයාගේ හිතත්.. නෑ අපි හැමෝගෙම හිත් ඔය වගේ.. ලස්සනට ලියලා තියෙනවා. ප්‍රර්ථනා කරනවා ඒ හිත ඉක්මනින්න හමුවෙන්න කියලා :))

    ReplyDelete
    Replies
    1. ඔව්..හුඟාක් ගෑණූ ළ්මයින්ගෙ හිත් මෙහෙම ඇති....ස්තූතියි වර්ණෝ!!!

      Delete
  12. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  13. පුළුවන් තරම් ඉක්මනට ලැබේවා......

    ලස්සනයි සිතුවිල්ල....

    ReplyDelete
    Replies
    1. හි හි... තැන්කූ වේවා අයියේ!!!

      Delete
  14. කල වයස හරි ගියාම ඔහොම හිතෙන එකේ අරුමයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... හෆ්ෆොයි!!! මොන කල වයසක් හරිද?? මම තාම චුට්ටි එකී

      Delete
  15. හ්ම්.. මට නම් හිතෙන්නෙ ආත්මාර්ථකාමී සිතුවිල්ලක් කියල... අවංක ආදර හිතක් බලාපොරොත්තු වෙන්නෙ උඩ ලියල තියෙන සහ නැති අවශ්‍යතා ඉටුකරගන්නද?... අවංක ආදරයක් කියන්නෙ අපේ අවශ්‍යතා ඉ‍ෂ්ඨකරගන්න තියෙන මොකක් හරි එකක්ද?...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා මචං. ඔය ආදරය කියෙන එකේදි ගෑණු ළමයි හිතන්නේ අපි හිතන විදිහට නෙමෙයි. ඔය කියලා තියෙන බොහෝම සරල කාරණා කීපය ගැන විතරක් හිතනවානම් ඒක සෑහෙන්න හොඳයි. මොකද සමහරුනම් ඔවා තව හෙනට සංකීරණ කරගන්නවා(කොල්ලට කාර් එකක් තියෙන්න ඕනේ, උපාධියක් තියෙන්න ඕනේ. පොෂ් වෙන්න ඔනේ....ඊටීසී). අර රවා අයියා කියනවා වගේ ගෑණු ළමයි හොයන්නේ ආදරය නෙමෙයි ආරක්ෂාව!

      Delete
    2. පුසා දන්න දේවල්....

      Delete
    3. සාතන් අයියා- මම හිතන්නෙ අයියා තේරුම්ගත්තා වැරදියි!!! හුඟාක් දෙන්ක් ආදරේ හොයන්නෙ, කරන්නෙ, ඔහොම සිම්පල් ,සොච්චම් අරමුණු වෙනුවෙන් නෙවෙයි නේද?? බහුතරයක් අය ආදරේ කියලා හිතන්නෙත් වෙනස්ම දෙයක් නේද??

      මම මෙතන අදහස් කලේ, ඔය කිව්ව හරිම බොළඳ හැඟීම් එක්ක අවංක හිතක් ළඟින් හිටියනම් හොදයි කියන එකයි!!! ඒක ආත්මාර්ථකාමීකමනම්... එහෙම වෙන්න ඇති...:) හැබැයි එහෙම අවංක හිතක් හිතුවක්කාරි ළඟ නැවතුනොත් හිතූ, ඒ හිත බලාගන්නෙත් ඔය කිව්වට වඩා ආදරෙන්ම තමා..;)

      Delete
    4. පූසා අයියා- :D :D සංතෝසයි අයියා හරියට තේරුම්ගත්ත එකට..:) ඕක නිකන්ම නිකන් අහිංසක, දුප්පත් ආසාවක් විතරයි!!!

      Delete
  16. ඇත්තටම සිතුවිල්ලක් විතරමද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ඔව්... ;)මොකෝ අයියේ එහෙම ඇහුව්??

      Delete
    2. නැ නැ මේ නිකමට..

      Delete
  17. මේ වෙනකනුත් ඒ ආදරය ලැබිල නැත්නම් ඉක්මනටම ඒ ආදරය ඔයාගෙ හදවතට ඇතුළු වෙයි.......ලස්සන නිසඳැසක්...දිගටම ලියන්න කෝඩුකාරයාගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ආදරය කියන අකුරු හතරට බයත් හිතෙන්වා..:)
      ස්තූතියි කෝඩුකාරයා..

      Delete
  18. ඔය හැමදේම දවසක ලැබේවි...අනිවාර්යෙන්ම..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ.. කාලය හැමදේම විසඳාවි..

      Delete
  19. ලස්සන අදහසක්..වෙනස් නොවෙන අවංක ආදරයක් ඉක්මනින් ඔයාට ලැබෙන්න කියල කිරිල්ලි ප්‍රර්තනා කරනව........

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි කිරිල්ලියේ!!!

      Delete
  20. මටත් ලැබුණා නම් අවංක ආදර හිතක්..........

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :)

      Delete
  21. සිරා හරි හිතුවක්කාර සිතුවිල්ලක් :)

    ReplyDelete
    Replies
    1. හි හි..ස්තූථියි අයියා..

      Delete
  22. හිතුවක්කාරිගෙ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ඨ ඒවා.....!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ස්තූතියි හුඟාක් පිස්සෝ!!!

      Delete
  23. අනෙ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද

    …මම

    ආතම්මගෙ පෙට්ටගමෙ

    ලොකු ජෝන්

    ReplyDelete
  24. "අනේ... මටත් ලැබුණානම්....."
    නෑ...නෑ මට වැරදුනානෙ....

    "අනේ... මට අයිමත් ලැබුනනම්....."
    අනේ මන්ද මොනව කියන්නද කියල යාළු.

    හිතූ.. ඔයාගෙ හිතේ හැම ප්‍රාර්ථනයක්ම ඉක්මනින්ම ඉශ්ඨ වේවි.එහෙම වෙන්න කියල මේ සිහින මතකයන් එක හිතින් ප්‍රාර්ථනා කරනවා!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූථියි සිහින.. ඔයාගෙ ප්‍රාර්ථනාත් ඉෂ්ඨ වෙන්න කියලා මම සුභ පතනවා!!!

      Delete
  25. හිතූ.. ඔයාගෙ ප්‍රාර්ථනය ඉක්මනට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!!

    Hiru

    ReplyDelete
  26. යාළු ඔයත් මට ගොඩක් අයත් කිව්ව වර්ල්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න කියල.මම බැලුව ඒත් දන්නෙ නැහැ කොහොමද කරන්නෙ කියල.පුලුවන්නම් අයින් කරන විදිහ කියන්න.ලොකු උදව්වක් හිතූ.....

    ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. Design-->> settings-->> Comments-->> Show word verification for comments?(No ) Tick කරන්න. :)

      Delete
  27. මම දැන් බැලුව.ඒත් එහෙම option එකක් දකින්න නැහැ යාළු.මගේ blog එකේ ටිකක් වෙනස් විදිහකට වගේ තියෙන්නෙ.අනේ කමක් නැහැ ඉතින් මොනව කරන්නද...

    ස්තූතියි හිතූ.....

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑනෙ එහෙම ඔප්ශන් එකක් නැතිවෙන්න බෑ,,:O
      ම්ම්.. බලමුකෝ අපි..

      Delete
    2. මගේ බ්ලොග් එක මම අලුත් කරල.ඒකයි මට word verification අයින් කරන්න බැරිවෙලා තියෙන්නෙ.දැන් හරි...

      internet එකේ මේ link එකෙන් හොයා ගත්ත.

      http://www.google.com/support/forum/p/blogger/thread?tid=6c516c88db8545f5&hl=en

      ස්තූතියි යාලු...

      Delete
  28. ඔය කිව්වට සිතිවිල්ලක් පමණයි කියලා...මම නම් එය විශ්වාස නොකරමි !!! ;)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....