නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

11 February 2012

තටු සිඳුනු සමනළී -19 වන කොටස

මේ දවස් වල ටිකක් කතාව ලියන එක පහු වෙනවා.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ඒකට.එකදිගට කතාවෙ කොටස් පළ කරන්න බැරිවෙන එකට කණගාටුයි!! අද ඔන්න සෑහෙන ගේමක් දීලා ඊළඟ කොටස ලිව්වා..

මුල කොටස් කියවපු නැති අයයි, කතාවෙ මුල අමතක අයයි ටක් ගාලා ගිහින් කියවලා එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18

අද 19 වන කොටස....
-------------------------------------------------------------------------------------------------------------


ප්‍රශ්න පත්තරේ අතට ලැබුණා.අදහන දෙයියෝ බුදුන් සේරම සිහි කරලා අතට ගත්ත ප්‍රශ්න පත්තරේ මුල ඉදන් අගට කියවද්දිම ටිකක් විතර සාමාන්‍ය තත්වෙට පත් වුණා.පළවෙනි ප්‍රශ්නෙන් කරන්න පටන්ගන්න හිතුවට ටික දුරක් කරගෙන යද්දි අතරමග හිර වුණා.සන්සුන් වෙලා තිබුණු හිත ටිකක් විතර කලබළ වුනේ එතනදියි.

කරගන්න බැරි කොටස් වලට ඉඩ තිය තිය ප්‍රශ්න පත්තරේ භාගයක් විතර සම්පූර්ණ කරගත්තත්, අසම්පූර්ණ භාගයක්ම තිබුණ නිසා ඒ ගැන මතක් කරද්දි හිත බිඳිලා, මනසින් ඩිංගක් කඩන් වැටිලායි උන්නෙ.හිත හදාගෙන පුළුවන් තරම කරලා උත්තර ලියපූ කොළටික දීලා දාන්න හිතාගත්තු මම වෙලාව ඉවර වෙනකම් හැම ගාණක්ම අවසාන උත්තරේ ගන්න බැරිවුනත් ,තරමක් දුරට හරි ඉවර කරන්න උත්සාහ කළා.

අන්තිමේදි විභාගේ ඉවර වෙලා විභාග ශාලාවෙන් එළියට ආවෙනම් ,ඊළඟ ප්‍රශ්න පත්තරේවත් හොඳට කරලා ගණන් පාස් වෙන්න ලකුණූ ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ඇතිවයි. බලාපොරොත්තු සහගතව පීදිලා තිබුණූ හිනා මූණූ ගොඩාක්, විභාගෙ ඉවර වෙලා විභාග ශාලාවෙන් එළීයට ආවනෙම ටිකක් විතර මැළවුනු මූණූ වලින්.

"හම්මෝ බන්..මොකක්ද ඒ පේපර් එක??"

"ආ..ආයෙත් අහලා නියමෙට ප්‍රින්ට් කරලා තිබුණා..කඩදාසි සුවඳයි..අවුලක් නෑ නේද හසීයෝ??"

"ඒකනෙ.. ප්‍රශ්න විතරයි අප්සට් අනිත් ඔක්කොම හොඳයි.."

අපේ සෙට් එකේ උන්ට විභාගෙ ඉවර වෙලාත් හිනා.එක ප්‍රශ්න පත්තරයක් ඉවරයි කියන්නෙ මුළු විභාගෙම ඉවරයි වගේ සැහැල්ලුවෙන් හිටියේ.

"ඒ මධූ..මමනම් දෙවෙනි පාර කරනවා බං. ආයෙත් ගණන් වලට මහවතුගේ සර් ගෙ ක්ලාස් යන්න පුළුවන්.."

"අනේ මංදා..මටනම් පාස් වුනොත් ඇති.මම මේ බයේ ඉන්නෙ.අනිද්දා පේපර් එකත් අවුල් වුනොත් නම්, අර සර් කියනවා වගේ විභාග ප්‍රතිඵල අනිද්දාටම කියන්න පුළුවන් වෙයි"

"ඒකතමා මධූ..චික්.. බලන්නකෝ මට අවකලනය ගානෙ උත්තරේවත් ආවෙ නෑනෙ.."

"වැඩිය හිතන්නෙපා දිලූ..මටත් හුඟක් ඒවාට අන්තිම උත්තරේ ගන්න අමාරු වුනා. අපි ඊලඟ ඒවා හරියට කරමු."

"ඔව් ඔව්..කෙල්ලනේ..දැන් අමතක කරපල්ලා අද පේපරේ.. අනිත් එව්වා හරියට කරමු...ඔය කෙහෙල්මල් පේපරේ ගැන ආයෙත් මාත් එක්කනම් ඔන්න කවුරුත් කතා කරනන් එන්න එපා හරීද??"

නිශා කෑගැහුවෙ හැමෝටම ඇහෙන්න ඉස්කෝලෙ ගේට්ටුවෙන් අපි එළියට එන්න හදද්දියි. මොනා වුනත් කතාව ඇත්ත. ගිය දේ ගැන කොච්චර කතා කලත් ආයෙත් වෙනස් කරන්න බෑනෙ.මමත් ෆෝන් එක ඔන් කලේ දසුන්ගෙන් පණිවිඩයක් තියෙනවද බලන්න හිතාගෙනයි.

දසුන්ගෙන් පණිවිඩයක් නොතිබුණු නිසාම ටවුන් හෝල් එකට එනවද කියලා අහලා මම දසුන්ට SMS එකක් යැව්වා. ටික වෙලාවකින් දසුන්ගෙන් පනිවිඩයක් ආව.

"ow mama me maga ena gaman.." කියලා තමා පණිවිඩේ තිබුණේ.හිතට දැනුනු පුංචි සැනසීමත් එක්ක මම දසුන්ව හමුවෙන බලාපොරොත්තුවෙන් යාළුවොත් එක්ක ඇවිදගෙන ගියා.

පාරෙ දිගට ඇවිදගෙන යද්දි,ඉස්කෝලෙ නිවාඩු කාලෙ, උසස්පෙළ විභාගෙ කාලෙ, පාසල් ඇඳුමෙන් ඇවිදගෙන යන අපි දිහා මග තොටේ හුඟදෙනෙක්ගෙ ඇහැ යොමු වුණා.

"මේ බස් එකක්නම් පේන්න නෑ.. අපි පයින් යමුද ටවුන් හෝල් එකට?? ජොලියටත් එක්ක ශෝට් කට් වලින් යමු..මොකද කට්ටිය කියන්නෙ?"

ඒ අදහස ආවෙ හසීගෙන්..

"ආ.. පයින් යනවානම් නැළවිලි බෑ..ඉක්මණට යන්න ඕනෙ.. දසුන් බලන් ඉන්නවා.."

"හප්පටසිරි..මේකි බලාපල්ලකෝ.. හරි හරි..බස් එකේ ගියත් වටයක් ගහලා කොට කොට යද්දි හරිනෙ. ඉතිං පයින් යද්දි අපිට යන්න පුළුවන්"

"හා හා ඔන්න ඔහේ එහෙනම් යමුකෝ.."
හැමෝම අදහසට කැමති වුනා..

"මටනම් බඩත්ගිනියි .."

අඩි දෙකක් යන්න වුනේ නෑ හසී නහයෙන් අඬන්න ගත්තා.

"ආ.. මගේ ළඟ බිස්කට් එකක් ඇති.. යන ගමන් කමු.."

අපි හිනා වෙවී,කියව කියව පාර දිගට බිස්කට් කකා හරිම සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා. ඔය අතරේ අපේ අසල්වැසි සහෝදර ඉස්කෝලෙයක් ළඟින් යන්නත් සිද්ධ  වුණා..විභාගෙ ඉවර වෙච්ච වෙලාවෙ ඉස්කෝලේ ළඟ පිරිමි ළමයි පිරිලා හිටියා.

"ආ..නංගිලා..පේපරේ ලේසියි වගේ ආ...අපිට නැද්ද බිස්කට්?"

"අයියෝ..පේපරේ කිරිකජුනෙ.. ඔයාලට දෙන්න බිස්කට් මදි අප්පා..මේ අපිටත් මදී.."

කටකාර දිලූ ඉස්සර වුනා. අපිට හිනා.කොල්ලන්ට ද හිනා.

"ආව් අප්පා මුන්ගෙ ගණන්..හෙන ගණන්කාරියෝ ටිකක් වගේ..මල පෙරේතියෝ..."

තව තව මොන මොනාදෝ කියද්දි අපි ඉක්මන් ගමනින් එතනින් මාරු වුනා.කතාවෙ කතාවෙන් ටවුන් හෝල් එකට පයින් ආපු අපිට ඇවිදගෙන ආපු දුරක් තේරුනේ නෑ.. මග දිගට හිනා වෙවී,කෑගගහා ඇවිත් අපි නැවතුනේ ටවුන් හෝල් එක ළඟ බස් හෝල්ට් එකේ.දසුන් අපි එනකොටත් ඇවිත් හිටියා.

'ආ.. දසුන් අයියා.. කොහොමද ගණන් හැදුවාද??ඔයානම් ගනන්කාරයානෙ හදන්න ඇති නේද එළකිරිවගේ??"

හසී දසුන්ව දැකපු ගමන් ඇහුවා..දසුන්ට හොදටම හිනා.

"ඔව් ඔව් හසී..ආයෙත් අහලා. බලමුකෝ කාගෙ කාගෙත් ගණන් රිසාල්ට් ආවාම.."

දසුන් හිනා වෙවී හසීට කිව්වා..

"බලමු බලමු..ආ.. ඒක නෙවෙයි දසුන්ට බිස්කට් නෑ නේ..කොලේ විතරයි ඉතුරු..සොරි වෙන්න ඕනෙ.."

"ආ..මගේ බිස්කට් දෙකෙන් මම එයාට එකක් ඉතුරුකරන් ආවා.." මම මගේ අතේ තිබුණූ බිස්කට් එක දසුන්ට දෙන ගමන් නිශාට කිව්වා..

"ආව්ව්... අන්න නියම ප්‍රේමවන්තියෝ.. ආදර්ශයට ගනිල්ලා.."

හසී කෑගැහුවා.. දසුන්ටත් මටත් හිනා. හැමෝම හිනා වෙවී බලන් හිටියා.ඊළඟට ආපු බස් එකට නැගගත්තු අපි ඉඩ තිබුණු තැන්වලින් වාඩිවුනා.දසුනුත් මාත් සෙනඟ වැඩිපුර හිටපු නැති බස් එකේ එක ළඟින් වාඩිවුනා.
"කොහොමද පේපර් එක?"

දසුන්ගෙ පළවෙනි ප්‍රශ්නෙ වුනේ පේපර් එක ගැන.

"අනේ මංදා. මට ලොකු බලාපොරොත්තු නෑ..පාස් වුනොත් ඇති..මම ඒ ගැන කතාකරන්නවත් ආස නෑ දසුන්..හුඟාක් ප්‍රශ්න සම්පූර්නයෙන් කරන්න බැරිවුනා.ඔයාට කොහොමද දසුන්?"

"ම්ම්.. මටත් එහෙමයි..අනේ මංදා..මොනා වෙයිද කියලා..බලමුකෝ..."

"ඔයාට දෙන්න බඩ්ඩක් ගෙනාවා..ඉන්නකෝ"
මම බෑග් එකේ දාගෙන ආපු පිරිත් නූල එළියට ගත්තා.

"මොකක්ද මධූ??"

"පිරිත් නූලක්.."

"ආ.. මට එකක් අතේ තියනවනෙ.."

හිත ඩිංගක් රිදුනා. ඒත් මම හිනා වුනා.
"එකක් තිබ්බට මොකද දසුන්..මේක මම දෙන එකනෙ. ඉන්න මම බඳීන්නම් ඔයාගෙ අතේ.."

"එපා එපා. බස් එකේනෙ..මම ගෙදර ගිහින් බැඳගන්නම්.."

මගේ මූණේ ඉරියව් වෙනස් වුන නිසාමද කොහෙද ,දසුන්ට ඒ බව තේරුණා.

"ඕකට මූන ඇද කරගන්න එපා.මම ගෙදරගිහින් බැදගන්නම්..ප්‍රොමිස්."

දසුන්ගෙ පොරොන්දුව මම හිතේ ලියාගත්තා..
------------------------------------------------------------------------------------------------------------
විභාගේ තිබුණු දවස් ගෙවිලා ගියේ හරිම ඉක්මණට. කොහොම වුනත් ගණන් 2වෙනි ප්‍රශ්න පත්තරේ තිබුණූ දවස මහා මූසලම මූසල දවසක් වුනා මට. කිසිම ගාණක් හරියට හදාගන්න බැරිවුනු ඒ ප්‍රශ්න පත්තරේ මගේ හිත කඩාවැට්ටුවා.මගේ නොහැකියාව ප්‍රශ්න පත්තරේ පිට දාපු මම හිත හදාගන්න කොයිතරම් උත්සාහ කලත් මට ඒ දේ කරන්න බැරිවුනා. විභාගෙ යන්තම් හරි පාස් වේවී කියලා තිබුණු බලාපොරොත්තු සුන් වෙලා ගියා.

හුගක් දෙනෙක් ගණන් 2වෙනි ප්‍රශ්න පත්තරෙන් පස්සෙ විභාගෙ ගැන අහස උසට තියාගෙන තිබුණූ බලාපොරොත්තු අතෑරලා තිබූනා.බලාපොරොත්තුවක සේයාවක් තිබුණූ මට තවත් හිතන්න දෙයක් තිබුණේ නෑ.. දසුන්ටත්  එහෙමයි කියලා කිව්වත් දසුන් විභාගෙ කොහොමත් හිතින් අතෑරලා තිබුණු නිසා, එයාට ඒදේ ලොකු දෙයක් වුනේ නෑ..

වැටුණූ මොහොතට නැගිටවන්න කෙනෙක් නැති තැන, තනිවමම ධෙර්‍ය අරන් නැගිටපු මම ඉතිරි විෂයන් දෙකත් පුළුවන් විදියට කළා.විභාගෙ ඉතිරි දවස් කීපයකම දසුන් මට හමුවුණත්, එකම දවසකවත් මම දීපු පිරිත් නූල දසුන්ගෙ අතේ තිබුණේ නෑ..ඒ ගැන අහලා තව තවත් රිදවගන්න ඕනෙ නැති නිසා මමත් දසුන්ගෙන් ඒ ගැන වැඩිදුර ඇහුවෙ නෑ..

විභාගෙ ඉවර වුණූ අන්තිම දවස,ඉංග්‍රීසි තිබුණූ දවස නොවුනත්, පොදු පරීක්ෂනය තියන දවසට තව සතියක්ම තිබුණූ නිසා අපි විභාගෙ ඉවර සංතෝසෙ සමරන්න යොදාගත්තෙ ඉංග්‍රීසි දවසයි. කොළඹ නගරේ බහුතරයක් වුනු කාගෙ කාගෙත් විභාග අන්තිම දවස ගෙවුනේ KFC, McDonald,pizza Hut,එහෙම නැත්තම් ExcellWorld, වගේ තැන් වලයි. අපේ කට්ටියත් කතාවෙලා තිබුණේ අපිත් එදාට කොහෙහරි ගිහින් කාලා බීලා ගෙදර යමු කියලායි.විභාගේ ලේසිම පේපර් එක වුනු ඉංග්‍රීසි පේපරේ දඩිබිඩි ගාලා ලියලා දාපු අපි එදා දවල් එකතුවෙලා විභාගෙ ඉවරවුනු සතුට උපරිමේට සැමරුවා. දසුන් එයාගේ ඉස්කෝලෙ යාලුවොත් එක්ක සතුට සමරන්න එකතුවෙලා හිටපු නිසා එදා දවසෙ අපි හම්බ වුනේ නෑ..

අවසානෙදි පොදු පරීක්ෂනේ ලියන්න කලින් සතියක්ම තිබුණූ නිවාඩුවෙ ,මට ගෙදරට වෙලා කම්මැළීකමේ ගත කරන්න වුණා.ඒ සතියෙම දසුන්ට මාව ඒ තරම් ගාණක් වුනේ නෑ..කෝල් එකක්වත්, මැසේජ් එකක්වත් අඩුමගාණේ මිස්කෝල් එකක්වත් දෙන්න දසුන්ට මාව මතක් වුනේ නෑ....ඒ වගේම දසුන් යාලුවොත් එක්ක ගමන් බිමන්, පාට් ,ට්‍රිප් ගියත් මට කිව්වෙ නෑ..මම කතා කලොත් ඇරෙන්න දසුන් මාත් එක්ක කතා කලේවත් නෑ..

"විභාගෙ ඉවරවුනත් හරි දසුන් ආයෙමත් කලින් වගේ වෙලාද??" මම හුඟාක් හිතින් කරදර වුණා. එක මොහොතකට හරි තිබුණූ සැනසීම ආයෙමත් නැති වෙලා නේද කියලා හිතුණා.

පොදු පරීක්ෂණේත් ඉවර වෙලා කාලය ගත වුණා. හුඟාක් දෙනෙක් ඊළඟට මොකද කරන්නෙ කියලා හිතලා තිබුණා.ජීවිතේ ඊළඟ අඩිය තියන්න ලෑස්තිවෙලා උන්නා. නමුත් පුදුමයක තරම්, මට මගේ අනාගතේ ගැන කිසිම හැඟීමක්, තේරුමක්, බලාපොරොත්තුවක් තිබුණේ නෑ.. දැනුණේ එකම හිස් බවක් විතරයි.ඒ නිසාම මම දසුන්ට කතා කරපු වෙලාවක ,හිමින් සැරේ දසුන්ගෙන් ඒ ගැන ඇහුවා. 

"ඔයා මොකක්ද දසුන් දැන් කරන්න ඉන්නෙ?මටනම් මේ කරන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නෙ.ආයෙත් විභාගෙ කරනවද, නැත්තම් මොනා කරන්නද කියලා"

"මම මොනා කරන්න්ද ඉතින්.. BC යන්න හදන්නෙ.ගෙදරින් යන්න කිව්වා.IELTS කරන්න ඕනෙනෙ."

"අහ්හ්හ්... දැන්ම??"

මම කිව්වා නෙවෙයි මට කියැවුණා.

"දැනම් අහන්නෙ.. රට යන්න කලින් කරන්න ඕනෙනෙ..ඔයා මේ නිකන් බොරුවට දඟලන්නෙ නැතිව ගෙදරට වෙලා රෙස්ට් කරන්න. විභාගෙ ඉවර වෙලා මාසයයි..නිකන් මැරෙන්න හදන්නෙ."

දසුන්ගෙ කතාව එන්න එන්නම රළු වුනා.මම අතීතෙයි, අනාගතෙයි, වර්තමානෙයි අතරේ අතරමං වුණා..මිනිස්සු වෙනස් වෙන්නෙ පුදුම ඉක්මණට, එක මොහොතකින්, කාලය ගතවෙන එක තත්පරයකින්, කෙනෙක්ගෙ සිතුවිලී අරමුණූ බලාපොරොත්තු වගේම ලේ වලින් දුන්නු පොරොන්දුත් වෙනස් වෙනවා.මගේ ජීවිතේ මේ වෙන වෙනස්කමුත් දෛවය මට කරන නපුරුකම් වල ප්‍රතිඵ්ලද කියලා මම කල්පනා කලා.

"දසුන් ඉක්මණට රට යාවිද? මම මොනා කරන්නද? මට මොනා වෙයිද?දසුන්ව මට නැතිවෙයිද?"
දාහක් ප්‍රශ්න මගේ ඔලූවෙ හොල්මන් කළා. අරමුණක් නැති මගේ ජීවිතේ අතරමැද මම අසරණ වෙලා කියලා දැනුනා........
-------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........   


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  

Post Comment

45 comments:

  1. කියන්න මුකුත් තේරෙන්නෙ නැහැ යාලු...තමන් පණටත් වඩා මහ ගොඩක් ආදරේ කරන කෙනා ළඟ නැතිවුන වෙලාවක ඒ අඩුව විස්තරෙ කරන්න වචන ගලපන්න තේරෙන්නෙ නැති වෙනව නේද​????


    මම අද 1ද කොහෙද.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා 1.:) ඔව්.. අනිවා.. හුඟාක් ආදරේ කරලා වෙන් වෙන්න ,ඈත්වෙන්න හදද්දි දැනෙන දුක අනන්තයි!!!

      Delete
  2. //විභාගේ ලේසිම පේපර් එක වුනු ඉංග්‍රීසි පේපරේ//
    හික් හික්...සහතික ඇත්ත , මට තුන පාරම A තුනයි... :) අනිත් එව්ව අහන්නෙපෝ.....

    ReplyDelete
    Replies
    1. ආ... ශානියාත් නියම ඉංගිරීසි කෙල්ලෙක්නෙ බොලේ..

      Delete
  3. වැපුරුව දෙවල් තමා ඉතින් නෙලන්ට වෙන්නේ...හරියට බලාකියා ගත්තනම් වල් නෑ...එහේම නොවුනොත්....? අවුලක් නෑ A\L කියන්නේ එක් කඩ ඉමක් තමා නමුත් A\L වලින් ජිවිතේ තිරනය වෙන්නේ නම් නෑ..ගුඩ් ලක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ...වපුරන තරමට අස්වැන්න කිව්වට මොකද මධූට කොහොම වෙයිද දන්නෙ නෑ..බලමුකෝ..

      Delete
  4. හම්මෝ විභාග.. :D
    දසුන් මොකද මේ චරිත ගොඩක් රඟපාන්නේ.. හිතාගන්න බැහැ නංගියෝ..
    ඉතිරිය දානකල් බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. :D
      දසුන්ට මක් වෙලාද මංදා..අන්තිමට තමා දැනගනන් වෙන්නෙ අක්කියෝ...
      ඉක්මනින් ඉතිරියත් ලියන්නම්..

      Delete
  5. අවසානේ මට ඉවෙන් වගේ දැනෙනවා. එත ඒ අවසානෙට මම කැමති නැහැ. පුලුවන්නම් අවසානේ දුකක් ඉතුරු නොකර ලියන්න.

    ReplyDelete
    Replies
    1. හම්මා.. වර්ණාටත් ඉව තියෙනවද බොලේ...:D භයානකයි...ජීවිතේත් කතාවක්නෙ වර්ණා.දුක සැප සතුට කෝක වුනත් දරාගන්න වෙනවා නේද??

      ඉතිං, මේ කතාව මොකක්ද වර්ණෝ...අපි දරාගමු..දුකක් ලිව්වත්, සතුටක් ලිව්වත්..

      ජය වේවා!!!

      Delete
  6. ම්ම් ලස්සනට කතාව ලියවෙනවා. ඇත්තටම අපි ගොඩක් ආදරය කරන කෙනෙක් ලඟ නැති අඩුව කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමී!!!

      හ්ම්ම්ම්ම්.....
      "ඔබ ළඟ නැතිවිට දැනෙන පාළූව..
      කියාගන්න වචන මදි මට..." නේද???

      Delete
  7. හිතු ගණන් සර් ගේ නම පොඩ්ඩක් වැරදියි නේද :P ආයි චෙක් කරලා බලන්න

    මට මතක විදියට ඔය සර්ම තමයි කිව්වේ " ළමායි , පේපර් එක දෙන්න ඉස්සෙල්ලම පේපර් එකේ 5 වෙනි ඉලක්කම දාගන්න , මොකද ඔයාලා මුලින්ම හදන්න ඕන අවකලනය ගාන .ඒක තමයි ලේසිම එක " නැද්ද මං අහන්නේ ;) ;)

    මේ ගෑනු ළමයිනුත් සෙල්ලම් නෑ , විභාගේ අන්තිම දවස්වල රට වටේ යනවනේ :P

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ නම හරියට හරි..;) ඔයා දන්නෙ නෑනෙ මධූ පංති යන සර්ලා..:p

      හික්ස්ස්...:D එහෙම තමා..පිරිමිළමයින්ට විතරද ඔක්කොම හොද?? ගෑණූ ළමයිත් කොහෙහරි ගියාම මොකද??

      Delete
  8. අද කතාව.... ම් ම් ම් ම් ම් .... සමහර තැන් මගේ ජීවිතේට හරිම සමානයි.. වෙලාවකට මේකත් එක කතාවක් විතරක් වෙනවා නම් කියල මට හිතෙනවා.. කොහොම උනත් කතාව නම් හොදයි ජය ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!!! හුඟාක් ආදර කතා අපිට සමීපයි වගේ දැනෙන වෙලාවල් තියෙනවා..මොකද අපිත් ආදරේ කරලා තියෙන නිසා..

      ජය වේවා!!!

      Delete
  9. //"ආ.. මට එකක් අතේ තියනවනෙ.."//

    මේ කෑල්ලට නම් ගොඩක් දුක හිතුනා.... දසුන් ගැන තාම මම මුකුත් දන්නේ නෑ මුල ඉඳන් කියවන්න වෙයි... වේදනා බර අවසානයක් වගේ මමනම් හිතන්නේ... පුංචි පුංචි දෙයකින්වත් තමන්ගේ කෙල්ලව සතුටු කරන්න අකමැති කොල්ලෙක් අනේ මන්දා..

    ලස්සනට ලියලා තියෙනවා එල ඈ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..... ගැමියා ම්ල්ලියාට දුක හිතෙන්න ඇති,ඒ ඔයා ඔයාගෙ ආදරේව සතුටු කරන්න දන්න නිසා & හිත නොරිදන නිසා... දසුන් ගැන තේරුම්ගන්න කතාවෙ මුල කියවන්න වෙයි..:)

      අවසානෙ බලමු අපි!!! ස්තූතියි මල්ලි

      Delete
  10. මම හිතුවා ඔහොම වෙයි කියලා.. කෙල්ලොන්ගෙ හිත් ජපානේ කාළගුණෙ වගේ කිව්වට කොල්ලොන්ගෙ හිත් ඊටත් වඩා ඉක්මණට වෙනස් වෙනව වගේ.. :(
    එක්කෝ දසුන්ට රට යද්දි කෙල්ලෙගෙන් ඈත් වෙන්න වෙන වේදනාවට මෙහෙම කරනවද මන්දා?? :P

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කියෝ කොල්ලො කෙල්ලන්ට බැන්නාට කොල්ලොත් එහෙම්ම තමා..:(

      ආ.. බලමුකෝ අපි අක්කියාගෙ අනුමානෙ හරිද කියලා...:D

      Delete
  11. පේපර් එක අතට ගත්තා කිව්ව ගමන් මට කියන්න හිතුනේ අවකලනය අනුකලනය ගනන් දෙක කරලා දාන්න කියලා ! ඒත් අනුකලනය ගාන අනාගෙන නේ ! අපූ..... මම් ආසම ගනන් දෙකක් ! මට ඔය ගනන් දෙකටම ගියේ පෑ බාගයයි !

    //විභාගේ ලේසිම පේපර් එක වුනු ඉංග්‍රීසි පේපරේ//
    මටත් ලේසිම පේපර් එක තම ඉංග්‍රිසි ! පෑ කාලෙන් ලියලා අමුණලාත් ඉවරයි ! ඉතුරු ටික නිදා ගත්තත් එක්ක !
    ප්‍රතිඵලේ අහන්න එපා !!! (ඇහුවට කියන්ඩ ප්‍රතිඵලයක් නෑ.)

    නුගේගොඩ ටවුමේ ඉදන් කොහොම ටවුන් හෝල් එකට පයින් ආවද මන්දා. සෑහෙන දුරක් නේ !
    මොකෑ මේ දසුන්ට වෙලා තියෙන්නේ ? ඇයි ඒකා වෙනස් වෙලා තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ආ..මධුරංග අයියා බ්‍රය්ටානෙ..:D ඒ ගණන් දෙකම පෑ භාගෙන් හැදුවා කියන්නෙ නියමයි..පේපර් එකේ ඉතුරුටික කරගන්න වෙලාව ඉතිරියි...

      ඒ මොකෝ ඉංග්‍රීසි ප්‍රථිඵල කියන්න බැරි;)

      හෆ්ෆොයි!!! මධූගෙ ඉස්කෝලෙ මොකක්ද කියලාද දැන් අයියාට ඕනෙ ??;)

      Delete
  12. ඔය කොල්ලො ඉන්නව නේද මුන් නිකං ''බන්ඩාරවෙල දේශගුනය'' වගේ....!!.

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරිදි කිරීමක් කොරාට කමක් නැද්ද මන්දා....

      කොල්ලො කියන වවෙනෙට කලින් "සමහර" කියල දැම්මොත්...හරියට මේ වගේ...

      "ඔය සමහර කොල්ලො ඉන්නව නේද මුන් නිකං ''බන්ඩාරවෙල දේශගුනය'' වගේ....!!.

      ආහ්හ්න් දැන් හරි...දැන්නම් මටත් එකඟවෙන්න වෙනව ඔය කතාවට....හික්...

      -යාළුවෙක්-

      Delete
    2. @වින්චැට්- ආ... ආයෙත් අහලා.. කියලා වැඩක් නෑ...;)

      Delete
    3. @Ano- කවුද මේ ඇනෝ?? මම නිකන් දන්න කෙනෙක් වගේ..;)මේ යාළුවා කිරිල්ලිගෙ පස්සෙන් පන්නනවා වැඩියි වගේ...

      Delete
    4. ඔබ නොදනී මුළු ලොවම දනී.....


      -යාළුවෙක්-

      ඇත්තටම ඔයා මාව බ්ලොග් එකේ දන්න කෙනෙක් තමයි....විහිලුවට කමෙන්ට් කරේ....බ්ලොග් යාළුවො මගේ හැමදාමත් යාළුවො....හිතේ කහටක් නැහැ ඕන්...හ්ම්....ඔයත් කිරිල්ලිත් මම දන්න යාළුවොදෙන්නෙක්...හොඳ යාළුවො දෙන්නෙක්.....

      Delete
  13. ලස්සනට ලියලා තියෙනවා හිතූ.... ඒත් මගෙ හිත කියනවා කතාවෙ අවසානය ලස්සන වෙන එකක් නෑ කියලා.... එහෙම වෙන එකක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුන්දතී!!!! ම්ම්ම්... ඒක බලන්න අවසානෙ වෙනක්ම් අරුන්දතී ඉන්නවා නේ??

      Delete
  14. කොල්ලො එක්ක තරහක් නැහැ නොවැ..

    ReplyDelete
  15. kathawa nam harima lassanai..! a unata... 'හමුවෙමු තවත් දුක්බර කොටසකින්'.. kiyala kiwwahama eelaga kotasedi madu thawa duratath dukata pathwei kiyana eka nisakai..a gana mata nam harima dukai..hithuwakkari..:(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු!!! හ්ම්ම්.... ටිකක් දුක ට බරයි මේ දවස්වල කතාව. ඒකයි එහෙම දැම්මෙ.. අපි බලමුකෝ යාළු...

      Delete
  16. කියවා ඊළග කොටස එනකම් බලාගෙන ඉදිමි...

    ReplyDelete
  17. ආදර අන්දරය අවසානය ළඟයිද ????????????????????

    ප/ලි - මට නම් ඉංග්‍රීසි වලට තමයි අඩුම. අපේ අන්තිම පේපර් එක ඒක නෙවෙයිනේ. තව එකක් ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා ඔන්න ඔහෙ ලියලා දාලා පැයෙන් ආවා.

    ReplyDelete
    Replies
    1. අවසානය ළඟයි වගේ....:)

      ආ.. විසිතුරු කොමස්ද කලේ?? හ්ම්ම්... ඒකට මොකෝ අනිත්වා ගොඩනම්..

      Delete
  18. මම රගපාපු රෝල් එකම දසුනුත් නියමෙට රග පානවා.. දසුන් යාලුෙවාත් 1ක්ක ට්‍රිප් ගියත්, පිස්සු ෙකළියත් මධූ ෙගදරින් පිට ෙකාෙහ්ටවත් යනවට කැමති නෑ..

    අපි බලමුකෝ මොකද වෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. මා... Sithi ත් එහෙමයිද?? හෆ්ෆෝයි!!! දුෂ්ඨයෙක්නෙ..:p

      Delete
  19. මධූ දසුන් කොහොම හරි එක් කරන්න කථාව දුක් බර නං කරන්න එපා....

    ReplyDelete
    Replies
    1. ම්ම්... එකතු කරනන් බලමුකෝ>.ඒත් දසුන් ඒකට අකමැති වුනොත් සොලි තමා..:(

      Delete
  20. කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....

    කෙනක් ඔබ ගැන ඕනවට වඩා
    හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....

    ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්
    නෙමෙයි......

    කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........

    ඔබ ගැන කෙනෙක්
    හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්.....

    ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි......

    දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............

    ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............

    ඒත් අපි ගොඩාක් වෙලාවට කරන්නේ අපට කෙනෙක් ගැන හිතුනාම
    අනෙක් කෙනා ලවා බලෙන් අපි ගැන හිත්තවන එක............

    නැත්නම් කෙනෙක්ට අපි ගැන හිතුනාම එයා අපට එයා
    ගැන හිතන්න කියලා බල කරන එක..............

    ආදරය කියන්නේ බලපෑම් වලට යටත් නොවන අභීත නිර්මල
    හැගීමකට.............

    කොන්දේසි සහිතව උපදින හැගීම් ආදරය නෙමෙයි.ආදරය කියන්නේ කොන්දේසි විරහිත
    සිතුවිල්ලක්................

    ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ
    වේදනාවක්..............

    ඔබ ඉන් පීඩා විදිනවා දුක් විදිනවා......

    ඒත් ඔබේ කදුළු එයා ගානකටවත් ගන්නෑ............

    අනුකම්පාවෙන් ඔබ මිය යනවා...........

    ඔබ ගැන කෙනෙකු හිත හිතා දුක් විදිනව නම් ඒක ඔබට ලොකු හිසරදයක් කරදරයක්.......

    අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද?

    ආදරය කියන්නේ ඉබේ නිදහසේ හදවතින් මතුවන දේකට...........

    ඒක හදවතින් ඉපදුනාට පස්සේ ඔබ....

    ඔබේ

    හදවත.....

    සිතුවිලි.......

    ක්‍රියා කරන්නේ ඔබට නොදැනී...

    එහෙත්....

    හිතාමතා...

    බලෙන් දැඩි වෙහෙසක්
    යොදා ඔබට ආදරයක් පන ගන්වන්නට වෙනවා නම් ඇත්තටම ඒත ආදරයක්ද කියලා හිතන්න වෙනවා.....

    ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි......

    ඒක බැඳීමක් විතරයි.......

    බැදීම් විවිධාකාරයි....

    බැදීමකට ආදරය කියලා කියන්න බෑ...

    එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම්
    කීපයක් තියෙන්න පුළුවන්....

    ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ....

    ඒක බොහෝවිට එකයි
    ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා....

    සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි
    එනවා....

    ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා...

    ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ....

    දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්.....

    ආදරය කියන්නේ ආශාවක් නෙමේ...

    අවශ්‍යතාවයක්......

    ඔබේ හදවතට ආදරය අවශ්‍යයි.....

    ඔබ හොයන්නට ඕනි ඔබේ හදවතට අවශ්‍ය ආදරයක්.....

    ඒත් අපි ගොඩාක් වෙලාවට හොයන්නේ අපේ හදවතට ආශා හිතෙන දෙයක්.......

    ප්‍රෂ්ණය ඇත්තේ එතනයි....

    ආශාවන් පිනවීම අමාරුයි....

    ඒකේ කෙලවරක් නෑ...

    මායිමක් සීමාවක් නෑ.....

    ඒත් අවශ්‍යතාවය එහෙම නෙමේ....

    පැයෙන් පැයට මාසෙන් මාසෙට දවසින් දවසට ඔබේ ජීවිතය ඉදිරියට ගලා යනවා.....

    ඒ සමග ආදරයත් ගලා
    යනවා.....

    ඒත් ඔබ අපිලිවෙලට ආදරය ගැන හිතුවොත් කාලයත් එක්ක ඔබ වයසට යනවා විතරයි.....

    ආදරය මග හැලෙනවා...

    ලස්සනට ආදරය කරන අය වයසට යන්නෑ....

    ඒ අය සදාකාලික යෞවනයන්...

    ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ....

    ආදරය කඩිමුඩියේ ලැබිය යුතු නෑ....

    ඒත් පිළිවෙලකට
    ලැබිය යුතුයි.......

    ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
    ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා....

    එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........

    ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහිනගෙ දිගම දිග කමෙන්ට් එකට..:)

      Delete
  21. දසුන්ට රට යන්නම වෙන නිසා උවමනාවෙන් මධූ මඟ අරිනව වෙන්න බැරිද? ගොඩක් ආදරේ කරල එකපාරටම වෙන්වෙන එක දුකක් නිසා.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙම වෙන්නත් බැරිනෑ.. කොහොම වුනත් අපිට අන්තිමට තමා බලාගන්න වෙන්නෙ..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....