නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 February 2012

තටු සිඳුනු සමනළී -20 වන කොටස

කතාව ලියන්න පටන් අරන් සෑහෙන කාලයක් වෙනවා. ඒත් මම තවමත් ලියනවා..ළඟදිම අවසානයක් දෙන්නයි බලාපොරොත්තුව...ඒ නිසා තව චුට්ටක් ඉවසලා ඉන්නකෝ....

එහෙනම් ඉතිං කතාවෙ මුල අමතක අයයි, කියවපු නැති අයයි කියවලාම එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18

අද 20 වෙනි කොටස.....
-------------------------------------------------------------------------------------------------------------
විභාගෙ ප්‍රථිඵල මට අමුතුවෙන් බලන්න ඕනෙ වෙන්නෙ නෑ.. විභාගෙ ලියලා ඉවරවුනත් එක්කම මම මගේ ප්‍රථිඵලය දැනගෙන උන්නා. ඒත් විභාගෙ මත්තෙම මගේ ජීවිතේ එතනින් නතර කරන්න මම කැමතිවුනේ නෑ..ඒත් අවාසනාවක මහත, මට ජීවිතේ එතනින් එහාට අඩියක් තියන්න ධෛර්‍යක් තිබුණේ නෑ.. මගේ බොළද හිත දිව්වෙ දසුන්ගෙ ආදරේ පස්සෙන්මයි.

"ඈ පුතේ, දැන් විභාගෙ කරලාත් මාස දෙකක් ගියා නේද? මොකක්ද කරන්න හිතන් ඉන්නෙ? ආයෙත් විභාගෙ කරනවද? නැත්තම් මොනා හරි ඉගනගන්නවද තව? තීරණේ කරලා නැද්ද?"

අම්මා මගෙන් ඇහුවාම මට දෙන්න හරි හමන් උත්තරයක් මා ළඟ තිබුණේ නෑ..

"මංදා අම්මා.. තාම හිතුවෙ නෑ..ආයෙත් විභාගෙ ගන්න වෙයිද මංදා.කොහොමත් මට කැම්පස් යන්න රිසාල්ට් එකක් එන්නෙ නෑ අම්මා.. අම්මලා මගේ විභාගෙ ගැන ඒ තරම් බලාපොරොත්තු තියාගන්න එපා අම්මා.මට හුඟාක් දුකයි ...මට සමාවෙන්න.මට ..මට.. අම්මාලට සතුටක් ගේන්න බැරිවෙයි."

මහ විසාල කඳුළු බෝල සට සට ගාලා මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි, මම අම්මාව බදාගෙන එහෙම කිව්වෙ දරාගන්න බැරි දුකකින්.කෑ ගහලා අඬන්න තරම් මගේ හිත ඉකිගැහුවත්, මම අමාරුවෙන් හරි දුක වාවගත්තෙ අම්මා ගැන හිතලායි.ඒ ඇස් වලට කඳුළු දීලා, ඒ අහිංසක හිත දුකින් පුරවලා තවත් මට පවු පුරවගන්න බැරිකමට ,මම මගේ දුක දරාගත්තා.

"නරක කාලෙට පුතේ විෂ්ණූ දෙයියොත් බට කොළ කෑවලු නෙ.දෝණීගෙ හදහන බලපුවාම උඩවත්ත නෝනා කිව්වෙත් මේ ගෙවෙන්නෙ අපල කාලයක් කියලයි..එන විදියකට බලමුකෝ අපි. එක පාරක් වැරදුනා කියලා අතාරින්න හොද නෑ පුතේ.වැරදි හදාගෙන ආයෙත් උත්සාහ කරල බලන්න ඕනෙ."

"ඇත්ත අම්මෙ. මගේ නම් මහා නරක කාලයක් වෙන්න ඇති.මට මේ විභාගෙ එපාම වුනා.මට හිතාගන්න බෑ මොකද මං කරන්නෙ කියලා."

අම්මාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියගත්තු මම, අම්මාගෙ අතින් ඔළුව අතගාගත්තෙ හුඟාක් ආසාවෙනුයි.අම්මා කෙනෙක්ගෙ උණුහුම ළඟ ඕනෙම නොසන්සුන් හිතක් සැනසෙන හැටි මට එදා ඔප්පු වුණා.

"හරි හරි..දැන් ගිය දේ ගියා මැණික. ඊළඟට කරන දෙයක් ගැන හිතන්නකො හිමින් සැරේ..හ්ම්ම්... හැබැයි පුතේ පෙරහැර ගියාට පස්සෙ පේවිලා වැඩක් නෑ.. ඒ නිසා මගේ පුතා කරන දෙයක් ඉක්මණීන්,හොදට හිතලා පරිස්සමට කරන්න.දරුවන්ට හරි යද්දි වගේම වරදිද්දිත් ළඟින් ඉන්නෙ අම්මාලා තමා රත්තරනෙ.මේ අම්මාත් එහෙමයි."

අම්මා ටික වෙලාවක් මගේ ඔළුව අතගාලා, මහ ගොඩාක් ආදරෙන් නළල මැදට හාදුවක් තියලා යන්න ගියා.

කාලෙකින් අස්වද්දපු නැති,පාළුවට පුරන් වෙලා ගිය කුඹූරක් වගේ මගේ ජීවිතේත් කාලෙත් එක්ක වල් වැදිලායි තිබුණේ.අහම්බෙන් වගේ,කලාතුරකින් පුරන් වෙලා ගිය කුඹූරුත් ආයෙත් අස්වද්දන්න පූළුවන් වෙන අවස්ථා තිබ්බත් ,මගේ ජීවිතේ ඒ තරම් වාසනාවන්ත විදියට අස්වද්දන්න පුළුවන් වෙයි කියලා මට හිතුණේ නෑ..

කොහොම ,මොන දේ සිද්ධ වුනත්,මම ජීවිතේ තව දුරක් යන්න ඕනෙ.. මේ ගමනට තේරුමක් තියෙන්න ඕනෙ. හිත හදාගෙන මේ අමාරු ගමන මම යන්න ඕනෙ..ඔව් මම මේ ගමන යනවා. දසුන් මා එක්ක එනවනම් මේ ගමන මට තවත් හයියක් වෙයි.ඒත් දසුන් ට ඕනෙ මගෙන් ඈත් වෙලා වෙනම පාරක වෙනමම් මේ ජීවිත ගමන යන්න නම්, ඔව්.. මම මූණ දෙනවා මේ යථාර්තයට.මම මගේ හිතින් හිතාගත්තා.සමහර වෙලාවට හිතට එන ධෙර්‍ය නිසා එහෙම හිතුවට ආයෙමත් පරණ තැනටම වැටෙන මගේ හිතනම් පුදුම හිතුවක්කාරයි.
------------------------------------------------------------------------------------------------------------
"හෙලෝ මධූ...."

"ආ.. හසී...ඇති යාන්තම් උඹට මතක් වුනා මාව."

"ඔව් ඉතිං උඹලට අපිම කෝල් එකක් දෙන්න ඕනෙ.මොකෝ බං ගෙදරට වෙලා කරන්නෙ?"

"මොනා කරන්නද බං.ඔහේ ඉන්නවා."

"දැන් මොකක්ද උඹ කරන්න හිතන් ඉන්නෙ? ආයෙත් විභාගෙ කරන්නෙ නැද්ද? දසුන් මොනාද කියන්නෙ?"

"අනේ මං දන්නෙ නෑ හසී..මට මැරෙන්න හිතෙනවා වෙලාවකට.."

"ඔන්න ඔන්න ඉතිං. මේ මධූ..නිකන් පිස්සියෙක් වෙන්න එපා බං. උඹ කොහොම හිටපු කෙල්ලෙක්ද? පොඩ්ඩක් හිතපන් උඹ ගැනම. මොකක්ද බං ඕකෙ තේරුම?දසුන් උඹට විසඳුමක් දෙන්නෙ නැත්තම් උබ තීරනයක් ගන්න."

"මංදා හසී.. දසුන්ගෙන් දවස් ගානකින් කිසිම ආරංචියක් නෑ..මම කතා කලාට ෆෝන් එකට ආන්සර් කරන්නෙ නෑ..ඒත් ට්‍රයි කරන ගොඩක් වෙලාවට call waiting .එයා අලුත් ෆෝන් එකක් අරන් මං හිතන්නෙ.සිම් දෙකක් තියාගෙන ඉන්නවා. ඒත් මට අලුත් සිම් එකේ නම්බර් එකවත් දුන්නෙ නෑ.. වැරදිලා එයා අලුත් සිම් එකෙන් එවපු මැසේජ් එහෙකින් තමා මම දැනගත්තෙ නම්බර් එක."

"මේක යකාගෙ වැඩක්නෙ බං. උබ ඇහුවෙ නැද්ද ඇයි කියල? එයාට උඹට කතා කරනන් වෙලා නෑ..ඒත් ෆේස්බුක් වල එහෙම පැය ගණන් කාලෙ ගෙවන්න වෙලා තියෙනවා"

"ඇහුවා ඇහුවා. වැඩක් නෑ බ..එයා කියන්නෙ ඒවා එයාගෙ වැඩලු.එයාට ඕනෙ නිසාලු ඒවා කරන්නෙ.ඇයි හසී?? එයා ෆේස්බුක් ඉන්නවාද හුඟාක් වෙලා?මට ඉනටර්නෙට් නෑනෙ හසී..මගේ එකවුන්ට් එක හැදුවෙත් එයාමයි..ඒකට යන්නෙත් එයාමයි.මම දන්නෙ නෑ ඕවා."

මට දැනුණේ කලකිරීමක් මිශ්‍ර වුනු දුකක්.ගෙදර කොම්පියුටරයක් තිබුණට මට ඉනටර්නෙට් නොතිබුණූ නිසා   මම ෆේස්බුක් එකේ දසුන්ගෙ විස්තර  දැනගෙන උන්නේ නෑ..ඉස්සරම දවසක දසුන් මට හදලා දුන්නු එකවුන්ට් එකෙත් හැමදෙයක්ම කරන්නෙ දසුන්.මම කිසිම දෙයක් දැනගෙන උන්නෙ නෑ.ඒ වගේම  මටත් ෆේස්බුක් ගැන කිසිම උවමනාවක් ඒ වෙනකම් දැනුණේත් නෑ.ඒත් හසීගෙ ආරංචියත් එක්ක මටත් ෆේස්බුක් යන්න තදබල ආසවක් ඇතිවුණා. 

"මම දන්නෙ නෑ බං.. ඇයි හසී දසුන් මෙහෙම දුක් දෙන්න මාවම තෝරගත්තෙ?මෙච්චරකාලෙකට මම එයාව සැක කලේ,අවිශ්වාස කලේ නෑ..ඒත් දැන් දැන් එයාගෙ හැසිරීමත් එක්ක මට නම් තේරෙන්නෙ නෑ හසී.."

"ඌට ඇත්තටම පිස්සු මධූ.. මම කතා කරන්නද මිනිහට?? මට නම් දැන් යකා නගිනවා මධූ.. මේකෙ ඉවරයක් තියෙන්න ඕනෙ.මෙහෙම උඹේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ එයාට. එයා මෙතන බබා වගේ ඉන්නෙ කිසි දෙයක් දන්නෙ නෑ වගේ..උඹ මෙතන විඳෝනවා "

"එපා හසී..එයා ඊටපස්සෙ ඒකටත් මාත් එක්ක රණ්ඩු කරයි..සමහර විට සම්බන්ධෙ නතර කරන්න ඒක හේතුවක් කරගන්නත් බැරි නෑ.."

"ඉතිං බලන්න මධූ..උඹටම තේරෙනවා ඇත්ත. උඹ දන්නවා දසුන්ට ඕනෙ උඹේන් අයින් වෙන්න කියලා.ඒත් උඹ ඒ ඇත්තට මූණ දෙන්න බයයි කෙල්ලෙ.ඒක සාධාරණයි..උඹේ පැත්තෙන් උඹත් වැරදි නෑ..ඒත්..මොකක්ද මේකෙ තේරුම??"

"මංදා හසී..මගේ ඔළුව අවුල් වෙලා. මේ ගෙදර කාමරේ බිත්ති හතරෙන් එහා ලෝකයක් මට දැන් අමතක වෙලා බං.."

"ආ...ඔය ඔක්කොම විකාර පැත්තකට දාමු මධූ. මම කියන්නම් වැඩක්. උඹ හෙට අපේ ගෙදර එන්න.අපි හොද පිස්සුවක් නටලා කාලා බීලා, සිංදුවක් දාලා ඩාන්ස් කරලා එහෙම ජොලියක් දාමු.ඕකේ??? ඔය ප්‍රශ්න ගැන හිත හිත ඉඳලා උඹ පිස්සෙක් වෙනවා බලන්න අපිට ඕනෙ නෑ මධූ.. අපි උඹට ආදරෙයි..ඕල් ඊස් වෙල් ස්වීටී"

"හ්ම්ම්.. බලමුකෝ..මම එනවනම් කෝල් එකක් දෙන්නම් හසී.."

"මේ මේ.. බලමු කතා බෑ හරී..අනිවාර්යෙන්ම උබ එන්න ඕනෙ..මම නිශාටයි, හංසිටයිත් කියන්නම් බලන්න.රිසාල්ට් එන්න කලින් නටන පිස්සුවක් නටන්න ඕනෙ. හෙට අනිද්දාම එන්න පුළූවන් රිසාල්ට්.."

"අම්මෝ.....ඔය රිසාල්ට් නම් මට එපා."

"අපිටත් ඔය කෙහෙල්මල  ඕනෙ නෑ බං.ඒත් කවදා හරි ඕක බලන්න වෙනවානෙ. අනික කොහොමත් උඹ ඉස්සරහට කරන දෙයක් ගැන කතා කරන්නත් ඕනෙනෙ.මේ ෆෝන් එකෙන් මෙව්වා කතා කරලා ඉවරයක් කරගන්න බෑ..හෙට එන්නකෝ..ආවම කතා කරමු."

"ආ..ඔව් හසී..උඹේ බිලත් යනවා...මම එන්නම් හෙට..තෑන්ක්ස් කෙල්ලෙ කතා කලාට."

"හා හා මේ ඔය තෑන්ක්ස් කෑලි එපා හරි?? යාළුවන්ට තෑන්ක්ස් කිව්වාම හදවතට දුරයි වගේ බං.."

"හරි හරි..එහෙනම් නෝ තෑන්ක්ස්.."

හසීත් මාත් දෙන්නාම එකසැරේම හිනා වුනා.

"එහෙනම් කෙල්ලෙ මම තියන්නම්. බායි..බුදුසරණයි!!"

"බුදුසරණයි!!"

හසීත් එක්ක කතා කළාට පස්සෙ මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් වුනා කියලා දැනුණා.කොහොමටත් හිතේ තදකරගෙන ඉන්න දුකක්,ප්‍රශ්නයක් කාටහරි කිව්වාම හිතට සහනයක් දැනෙන බව ඇත්තක්.ඒත් දසුන්  මට කතා කරන්න, අඩුම තරමෙ SMS එකක් එවන්න වෙලාවක් නැති වුණාට.ෆේස්බුක් එකේ කල්ගෙවන්න ඕනෙ තරම් වෙලාව තියන බව දැනගත්තාම හිතට ආවෙ දුකක්.

"කමක් නෑ..හෙට හසීලාගෙ ගෙදර ගිහින්ම ලොග් වෙලා බලනවා.දසුන් එක්ක එහෙමවත් කතා කරන්න පුළුවන් වෙයිද කියලා."

මම එහෙම හිතාගෙන හිත සනසගත්තා.
------------------------------------------------------------------------------------------------------------
පහුවදා හසීලාගෙ ගෙදර යන්න කලින් මම දසුන්ට මැසේජ් එකක් යැව්වා.ඒ මම හසීගෙ ගෙදර යන බව කියලා.කොහේ ගියත් දසුන්ට කියලා යන පුරුද්දක් තිබුණූ මට එදාත් ඒකෙන් මිදෙන්න බැරි වුණා.දසුන්ගෙන් පිළිතුරක් නොලැබුනත් මම මගේ යුතුකමක් විදිහට දසුන්ට කිව්වා.

හසීලාගෙ ගෙදර යන්න බස් එකේ නැග්ග මට හම්බුනා දසුන්ගෙ යාළුවෙක් වුනු හසන්ජිත් ව.මම ළඟින් ආශ්‍රය නොකලත් ,දසුන්ගෙ යාළුවෙක් නිසා මම හසන්ජිත් එක්ක හිනා වෙලා ආවා.හසන්ජිත් අපේ පංති වලට ආවෙ නැති නිසා හසන්ජිත් එක්ක ලොකු බැඳීමක් තිබුණේ නෑ..ඒත් දසුන් එක්කම ඉස්කෝලෙ ගියපු හස්න්ජිත් ගැන මට දසුන් කියලා තිබුණා.ඒ නිසාම පාරෙදි දැක්කොත්, හිනා වෙනවා හැරුනාම කතා බහක් තිබුණේ නෑ..

කොහොමෙන් හරි එදා දවසෙ හසීලාගෙ ගෙදරට කට්ටියම එකතුවෙලා තිබුණා.හසී,නිශා,හංසී,දිලූ ඔක්කොමලා එක්ක මම කාලෙකට පස්සෙ සතුටින් හිනා වුනා.කට්ටියම එකතුවෙලා මගේ හිත හයිය කළා.හැමෝම කිව්වෙ, දසුන් ගැන බල බල ඉන්න එක තේරුමක් නෑ..මට ආයෙත් විභාගෙ කරන්න මුල ඉඳන්ම රිවිශන් පංති එන්න කියලයි.

ඔය අතරේ ටිකක් හවස්වෙලා බඩ පැලෙන්න කාලා බීලා ඉන්න වෙලේ,නිදිමත යන්නත් එක්ක දිලූ සීරියස් කතාවක් පටන්ගත්තා.

"මේකයි මධූ..දැන් පොඩ්ඩක් උඹම හිතපන් ,උඹව දාල යන්න හදන කෙනෙක් බලෙන් ඇදගෙන තියාගන්න හදන මේ බැඳීමෙ තේරුම මොකක්ද??මම දන්නවා කියන තරම් ලේසි නෑ කියලා කරන්න.ඒත් පොඩ්ඩක් නිවිසැනසිල්ලෙ හිතන්න කෙල්ලෙ."

"මං දන්නවා දිලූ...ඒත් මට දසුන්ව අමතක කරන්න බෑ..."

"ඒක ඇත්ත. කොහොමටත් ඒක අමාරුයි තමා.ඒත් මධූ, උඹට ආදරයක් නැතිව උඹේ ජීවිතේ පාලනේ කරන්න එයාට ඉඩ දෙන්න එපා.ආදරයක් නැතිව කරන පාලනය බලහත්කාරකමක් කෙල්ලෙ..උඹට රිද්දලා,උඹව හිරකරලා එයා පෙන්නන්නෙ ඔය ආදරේ නෙවෙයි..නේද?ආදරේ කියන්නෙ ඔහොමද?? කාලෙත් එක්ක මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනස්වීමයි..ඔය වෙනස්වීමයි දෙකක් මධූ.."

"ඕනෙ දුකක් දිලූ..එයා මාත් එක්ක ඉන්නවනම්..ඒත් එයා මාව දාල යයි.මට දැනෙනවා මහා දුකක් අත ළඟ කියලා.."

"අන්න ඒකයි.. එයාගෙ එක වචනයක් නෑ මධූ..එයා වැනෙනවා.කෝ එයා මුලින් කිව්ව සුරංගන කතා??එයා ඔහොම ඉඳලා ටික දවසකින් රට යාවි..ඊටපස්සෙ උඹ?උඹ හැමදාමත් එයා මත්තෙ හැපි හැපි විදවන්නද හදන්නෙ?කෝ උඹට ජීවිතයක්??"

"මගේ ජීවිතේ එයා දිලූ...එයා...එයා."

"අපි හැමෝම ආදරේදි බොළදයි තමා මධූ..ඒත් පොඩ්ඩක් හිතපන්. උඹට දැන් 19ක්. අවුරුදු 14 ,15 කෙල්ලෙක් වගේ ලෝකෙ දිහා බලන්න අපිට බෑ මධූ..මාත් වෙලාවකට ඔහොමයි.අපි හැමෝම එහෙමයි.ඒත් අපි එහෙම වුනු වෙලාවට ,අපිට නොපෙනෙන පැත්තක් අනිත් අයට පේනවා මධූ..මම කියන්නෑ උඹට ආදරේ කරන එක නවත්වන්න, අමතක කරන්න, ඒ කිසිම දෙයක්..මම කියන්නෙ පොඩ්ඩක් උඹේ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්. අම්මා තාත්තා වෙනුවෙන්වත්??"

"හ්ම්ම්.... මම දන්නවා දිලූ..උඹලා මට ආදරෙයි.. ඒක මට හයියක්. මම තීරණයක් ගන්නවා කෙල්ලෙ.මං වෙනුවෙන්"

"ආ..අන්න හොද බබා..අන්න එහෙම ඉන්නැපැයි..අපි ආයෙත් පටන්ගමු..දසුන්ගෙ ප්‍රශ්නෙ කාලෙට භාරදීලා.අපි ආයෙත් උඹේ අනාගතේ වෙනුවෙන් පටන්ගමු.."

"හුරේ...අපේ මධූට ජය වේවා"

කට්ටියම එකට අත් තියලා..එකට එක පොකුරකට බදාගෙන කෑගහද්දි,ඔළුව අතගාලා හැමෝම මට ආශිර්වාද කරද්දි මගේ ඇස්වලට කඳුළූ ආවා. ඒ දුකට නෙවෙයි.සතුටට.දුකේදිත් සැපේදිත් එකම විදියට ළඟින් ඉන්න මෙහෙම යාළුවො ටිකක් ලබන්න මම හුඟාක් පින් කරලා තියෙන්න ඕනෙ.

ඒත් හසීගෙ ගෙදරින් මගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙලා ,දසුන් එක්ක කතා කරන්න තිබ්බ  උවමනාව එහෙම්ම යටපත් වෙලා ගියේ දිලූ ත්,හසීත් එකහෙලාම ඒකට විරුද්ධ වුනු නිසයි.

"මෙච්චර කියලත් උඹට බැරිවුනානෙ අපේ කටවල් ගැනවත් හිතලා ,අනුකම්පා කරලාවත් අපි කියපුව අහන්න...දැන් බලන්න කියලා කටගත්තා විතරයි..ප්ලීස් මධූ...උඹ පිස්සියෙක් වගේ දසුන් පස්සෙන් එලවන එක නවත්වන්න .. ෆේස්බුක් එකෙන් දසුන්ට චැට් කලා කියලා උඹලාගෙ ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ.ඊළඟට දසුන් මොකක්හරි කිව්වොත් උඹ තවත් දුක් වෙයි..අද මේ ජොලි දවස නිකන් දියාරු කරගන්න එපා බං."

"ඒ වුනාට මට බලන්න ඕනෙ හසී..."

"මොනා බලන්නද බං.. බලන්න තරම් දෙයක් නෑ..එහෙම වැදගත් දෙයක්නම් අපි කියනවනෙ උඹට.හැබැයි එක දෙයක් විතරක් කියන්නම් උඹට.මූණ ඇද කරගෙන වැලහින්නියක් වගේ අඬන්න එහෙම ලෑස්තිවෙන්නෙ නැත්තම් විතරක්....."

"අනේ ඒ මොකක්ද හසී??කියන්න ප්ලීස්..."

"නෑ..නෑ..ඒ තරම් දෙයක් නෙවෙයි.....මෙච්ච්ර දේවල් වෙලත් අමාරුවෙන් හරි දරාගත්තු උඹට මේක මේ දරාගන්න බැරි තරම් දෙයක් නෙවෙයි කෙල්ලෙ..අපි මෙච්චර වෙලා හදපු උඹේ හිත ආයෙමත් පාරවන්න උවමනා නෑ..මේක එහෙම දෙයක් නෙවෙයි.."

"හරි හරි කියන්නකෝ හසී පල් හෑලි නවත්තලා.."

-------------------------------------------------------------------------------------------------------------
හසී මධූට කියන්න යන මේ දේ මොකක් වෙයිද?දාඅයෙමත් මධූට ප්‍රශ්නයක්ද??දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  


Post Comment

46 comments:

  1. හම්මෝ.. යන්තන් අද මම එක..
    අනේ මන්දා නංගෝ.. ඔයා මගේ කථාවම ලියනවද මන්දා.. ඒත් මගේ කථාව ඔයිට ටිකක් වෙනස්.. ඒක ඔයා දන්නවනේ ඉතින්.. මට හිතෙන්නේ දසුන්ට වෙන කෙල්ලෙක් ඉන්නවා වගේ.. :( :(

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්... මේක හැම කෙනෙක්ගෙම කතා වල සංකලනයක් වෙන්න පුළුවන් අක්කි. මොකද මෙහෙම දේවල් මේ ලෝකෙ හුඟාක් අයට වෙලා තියෙනවා ඇති.. ම්ම්.. ඊලඟ කොටසින් බලමු අපි අක්කියෝ!!

      Delete
  2. මටත් මතකයි විභාගෙ ඉවරවුන අනිතිම දවසෙ මමයි, මගේ හොඳම යලුවයි කඩේකට ගිහින් බඩපැලෙනකන් කෑව.

    හිතේ තියෙන දුකක්, සතුටක් බෙදාගන්න අවංකවම තමන් ගැන සැලකිල්ලක් ආදරයක් තියෙන යාලුවෙක්ගෙ වටිනාකම විස්තර කරන්න වචන නැහැ යාලු.

    කලින් කමෙන්ටුවකින් කිව්වත් මේ ඇත්තම කතාවක්ද නැද්ද කියල පස්සෙ බලන්න කියල....දැන්නම් හිතෙනව මේක ඇත්තක්මයි කියල.දන්නෙ නැහැ.ඉස්සරහට බලමු.

    ඊළඟ කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්න කතාවක්.සමහර වෙලාවට සමහර තැන් වලදි මගේ ජිවිතේටත් සම්බන්දයි කියල දැනුන තැන් තිබුන.ලස්සන දුක හිතෙන සංවේදි කතාවක්.

    මම 2ක.හික්....

    ReplyDelete
    Replies
    1. //හිතේ තියෙන දුකක්, සතුටක් බෙදාගන්න අවංකවම තමන් ගැන සැලකිල්ලක් ආදරයක් තියෙන යාලුවෙක්ගෙ වටිනාකම විස්තර කරන්න වචන නැහැ යාලු.//

      හරියට හරි...:) එකඟයි.

      ස්තූතියි යාලු!! හැම කෙනෙක්ගෙම ජීවිතේකට කොහෙන්හරි මේ කතාවෙ තැනක් සම්බන්ධ වෙන්න පුළුවන්.. අපි බලමු ඉදිරියටත්..

      ඔව් ඔයා 2:D

      Delete
  3. ඔන්න මමත් ඇවිත් කියවල ගියා....
    ඊළඟ කොටසින් බලමුකෝ මොකක්ද මේ අලුත් නිව්ස් එක කියලා

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි ඊලඟ කොටසින් බලමු අපි!!!

      Delete
  4. ඒ පාර මොකද???
    අනේ මන්දා දසුන් මධුගෙ එකවුන්ට් එක පාවිච්චි කරන එකනම් එච්චර හොද වැඩක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හොද වැඩක් නෙවෙයි නේන්නම්.... අපි බලමුකෝ...

      Delete
  5. මධූට ෆේස්බුක් යන්න දුන්නෙත් නැත්තෙ ඒක තමා... දසුන්ට වෙන කවුරුහරි ඉන්නව ඇති... යාළුවෝ ඒක තමා කියන්න හදන්නේ... :(

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. ශානියෝ... පේන කියන්න පටන්ගත්තද ඔයත්?? :D ඉන්නකෝ පොඩ්ඩක් ඉවසලා..:D

      Delete
  6. අය්යෝ...දසුන්ටවෙන කෙල්ලෙක් ඉන්නවා වගේ නේද?..... ඊලඟ කොටස එනකල් බලන් ඉන්නෙ ආරංචිය දැනගන්න..

    ReplyDelete
    Replies
    1. හරියටම දැනගන්න වෙන්නෙ ඊළඟ කොටසින් තමා අරුන්දතී...:)

      Delete
  7. dasunta vena kellek innawanam, danma madu eka danaganna eka hodai...eka daragatha nohaki dukak unath, a dukata sthira prathipalayak thiyei, madu ge anagthaya suba pathhteta harenna...! kathawa koi paththeta harei da kiyala, paatakiyinta hithaganna baritharam, hithu..:)

    ReplyDelete
    Replies
    1. කතාව ඉක්මණට එකපැත්තකට හැරිලා ළඟදිම ඉවරයක් වෙයි Reeza. :)තව චුට්ටයි...:)

      Delete
  8. අම්මෝ මට පෙන්න බැහැ ඔය වගේ කොල්ලන්ව :/

    ReplyDelete
    Replies
    1. කවුරුත් එහෙම අයට ආසා නෑනෙ වර්ණෝ>>

      Delete
  9. මම කියන්නම් කියන්න යන්නේ මොකක්ද කියලා , ෆේස්බුක් එකේ වෙන කෙල්ලෙක් එකකේ In a relationship කියලා දාල ඇති ? කියක් ඔට්ටුද :P

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් හැමදාම වගේ පේන කියන්න හදනවා අදත්.. කීයක් ඔට්ටුද?? බලමු...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. අනුන්ගේ එකවුන් භාවිතය කැතයි....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... යා යා... කැතයි නේන්නම්..

      Delete
  12. මේක හරි අසාධාරනයි. අපේ කුතුහලය අවුස්සලා මෙහෙම නවත්තන එක......... :-(

    ReplyDelete
    Replies
    1. මනේ සිදූ ඉන්නකෝ... ඉක්මණටම සාධාරණයක් කරන්නම්...

      Delete
  13. මට නම් හිතාගන්න බෑ මොකද වෙන්නේ කියලා..ඉතුරු කොටසත් කියවලාම තමයි හිතාගන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හිතාගන්න බැරිවෙන්න තමයි අක්කි මෙදා සැරේ කොටස ලිව්වෙ..:D

      Delete
  14. මේ කතාව ඉක්මනට ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අයියටත් එපා වෙලා වගේ...;) වෙලා තියෙන හැටියටනෙ අයියෙ ලියන්නෙ.. ඉක්මණින් ලියන්නම්...:)

      Delete
  15. එයත් ඩබල් ගේම් වෙන්න ඇති......

    ReplyDelete
    Replies
    1. එයත් කිව්වෙ?? තව කවුද??? :p

      Delete
    2. දසුනුයි වින්චැට්ගේ කවුරුහරි එක්කෙනෙකුයි ????

      Delete
  16. කෙල්ලව මඟහරින්න කොල්ලා දාන උපක්‍රම!

    ReplyDelete
    Replies
    1. :D විසිතුරුටත් අත්දැකීම් ඇති හැඩයි!!!

      Delete
  17. හිතුවක්කාරී, උපදෙසක් දෙන්නම්. ඔයාගේ බ්ලොගයේ ජනප්‍රියම ලිපි පෙළ වෙන්නෙ මේ කතන්දරය බව ඇත්ත. ගොඩක් අය මේ කතාව කියවනවා.

    නමුත් ඉස්සර තිබුණ ජවය මේ කතන්දරේ නෑ. ඔයා බලෙන් අවසන් කරන්නෙ නැතුව කතාව ගෙනියනවා වගේ. මෙගා ටෙලියක් උනත් ගොඩක් කල් ඇදෙන කොට බලන අයට එපා වෙනවනේ?

    බ්ලොග් අවකාශයේ දැනට ජනප්‍රියම මෙගා සීරීස් කතන්දර ලිව්වේ "බ්ලොග් ගඩොල්". ඒ අඩවියෙත් දිගම කතාව කොටස් 15 විතරයි. (සුදු පූසි).

    - සහෘදයා-

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඇනෝ සහෝදරයා,

      1. මම මේ කතව ලියන්න පටන්ගත්තෙ හුඟාක් කලින් බව ඇත්ත. ඒත් මම මේක ලියන්න ගත්තෙ හිට්ස් බලාගෙන නෙවෙයි..අවංකවම එහෙම බලාපොරොත්තු වුනේ නෑ..

      2.නමුත් ලියාගෙන යද්දි ,මටවත් හිතාගන්න බැරි විදියට මේ කතාවට ප්‍රතිචාර ලැබුනා.මම පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුනු විදියට.ඇත්ත.හුඟාක් අය කියවනවා සහ මට වැඩියෙන්ම හිට්ස් ලැබිලා තියෙන්නෙත් මේ කතාවට.

      3.ම්ම්ම්... ජවය නැති එක වෙන්න පුළුවන්.. ලියන මට වඩා තේරෙන්නෙ කියවන ඔයාලටයි..සමහර විට ඒකට හේතුව මම කොටස් පලකරන්න ගන්න කාලය වැඩි වීම වෙන්නත් පුළුවන්.මොකද මම කාර්‍යබහුල වුනාම ලියන්න අතපසු වෙනවා.එක කොටසකට මහා ගොඩක් ලිව්වාමත් කියවන්න කැම්මැළියි නේ??ඒකයි සාමාන්‍ය ප්‍රමාණේ කොටස් වලට කඩලා ලියන්නෙ.

      4.ඊළඟ කාරණාවටනම් මම එකඟ නෑ සහෝ. මම මේ කතාව බලෙන් ,නොනවත්වා මෙගා කරන්න අරමූණීන්,හෝ හිට්ස් ගන්න අදහසින් ඇදගෙන යන්නෙ නම් නෑ.. මම මේ කතාව ලියන්න පටන්ගද්දි හිතාගෙන හිටිය විදියටම ලියලා ඉවර කරනවා.කොහොමටත් තව කොටස් 4ක් හෝ වැඩිම වුනොත් 5ක් තියෙයි.

      5.මම ලියන්න පටන්ගද්දි මාත් එක්ක කතාව කියවන්න එකතුවෙලා හිටපු අය තාමත් මා එක්ක ඉන්නවා.මම කතාව බෝරින්ග් වෙයි කියලා හිතලාම, අදහස් එහෙම පොඩ්ඩක් අහලා බැලුවාම, සමහරු කිව්වා එහෙම එකපාරම ඉවරකරන්න එපා,හිතපු විදියටම ලියලා ඉවර කරන්න කියලා.හැබැයි ඇනෝගෙ කතාවටත් මම එකඟයි..ඕනාවට වඩා ඇදෙද්දි එපා වෙනවා තමා.මේ කතාවටත් එහෙම වෙලා කියන එක ඇනෝ කියනකම් මට කවුරුත් කිව්වෙ නෑ. මම ඒ ගැන බලන්නම්.

      6.මට වඩා දීර්ඝ කතා ලියපු අය ඉන්නවා.මම තාම කොටස් 20යි නමුත් ඊටවඩා ලියපු කතා තියෙනවා. ඉස්සරහටත් එහෙම ලියවෙන්න පුළුවන් කතා තියෙයි..බ්ලොග් ගඩොල් ලියපු කතාව මමත් කියවලා තියෙනවා.ඒ කතාවයි මගේ කතාවයි හසට පොළොව වගේ.මම කතා ලියන්න එහෙම දක්ෂ කෙනෙක් නෙවෙයි.අනික මට මගේ කතාව ජනප්‍රියම කතාව කරන්න ඕනෙ නෑ.. එහෙම වෙන්නෙත් නෑ.. අනික මම මේ ලියන පළමු සහ අවසාන කතාව මේක වෙන්න පුළුවන්.

      අවසාන වශයෙන් මම මේ කතාව ලියන්න විශේෂ හේතුවක් නැතත්,මේක ලියන්න පාදක වුනු කාරණාව පසු වදනකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.කොහොම වුනත් මට උපදෙස් දෙන්න කරුණික වුනු ඇනෝ සහෘදයාට හුගාක් ස්තූතියි!!!!වැරදි අඩු පාඩු ඉදිරියට යන්න ලොකු හයියක්..:)

      Delete
  18. දැන් දසුන්ට වෙන කෙනෙක් ඉන්න හැඩයි !!!
    මොකෝ දන්නේ නෑ මනුස්සයා එකපාරටම වෙනස් උනේ. ඒක හොයලා බලන්ඩ වටිනවා !
    මම නම් කියන්නේ ඒ කෙල්ලට නැති උනේ අවුරුදු දෙකක තුනක ආදරයක් විතරයි නේ. අම්මලා අප්පච්චිල තාමත් ආදරෙයි නේ. ඒ නිසා අර නැති වෙච්ච ආදර කතාව පස්සේ එලවන්නේ නැතුව ආයෙම වතාවක් විභාගේ කරලා කැම්පස් ආවා නම් හරි !!!

    හොදට විභාගේ ගොඩ දාගෙන එන්ඩකෝ පේරාදෙණි පැත්තේ !! කොල්ලෝ ගමකට හොයලා දෙතෑකි ! ඒ වගේද දේශගුණේ.... සී.....තලට තුරුල් වෙලාම හිටියෑකි !!! :)

    ReplyDelete
    Replies
    1. චිකේයියා...මෙන්න මෙයා පොඩි ලමයි නරක් කරන්න හදනවා....එයාල එනකොට බ්ලැන්කට් අරන් ඒවි ..ශී........තලට....!!

      Delete
    2. ම්ම්ම්.. දසුන් හේතුවක් කියන්නෙත් නෑනෙ..අනික වෙනස් වෙන්න මිනිස්සුන්ට හේතුනම් අනවශ්‍ය බව මම දන්න දෙයක්..මධූ දන්නෙ නෑනෙ..පවු!!!
      බලමුකෝ මධූ මොනා කරයිද දන්නෙ නෑ...

      හික්ස්ස්.. හෆ්ෆොච්චියේ අයියා කියන එව්වා...ඊළඟට මධූ කැම්පස් ඇවිල්ලත් පාඩම් වැඩ අප්සට් කොරගනී..:D

      Delete
  19. ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ නුවරින් සෙට් එකක් බස්සලා දසුන්ට ගේමක් දෙන්න..හික් හික්..:DD

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... දසුන්ට ගේම දෙන්න මධූ ඉඩ දෙන එකක් නෑ...:D

      Delete
  20. දසුන් පව් අප්ප............මං කිව්වෙ දසුන් ගුටි කන එක මතක් වුන නිසා.......

    ReplyDelete
    Replies
    1. ආ... එහෙනම් ඔයා එන්න පිස්සො දසුන් ව බේරගන්න..

      Delete
  21. හලේ දසුන් ඉන් අ රිලේෂන් වත් දාලදෝ.. :(

    ඉතිරිය බලා හිදිමි නගේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්... බලමුකෝ අක්කියෝ..21 වෙනි කොටසින් බලන්නකෝ...

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....