නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

21 February 2012

තටු සිඳුනු සමනළී -21 වන කොටස

කතාව ලියන්න පරක්කුයි,කොටස් දාන්නෙ හුඟාක් කල් ගිහින් ,වගේ නානාප්‍රකාර චෝදනා නිසාම, මෙදා සැරේ මේ කතාවෙ අන්තිමම හරිය ,ඉක්මණින්ම ලියලා ඉවරයක් කරලා දාන්න ඕනෙ කියලා මම හිතුවා.

හැමදාමත් කියනවා වගේම, කතාවෙ හොද නරක, ලියන ශෙලියෙ අඩු පාඩු එහෙම තියෙනවානම් කියන්න, මොකද අවසාන කොටස ලියන්න හරි මට ඒ අදහස් ප්‍රයෝජනවත් වෙයි.ගල් මුල් සියල්ලම භාරගන්නවා..:D

මුල කොටස් කියවපු නැති අයයි, මේ වෙනකොට මුල අමතක වුනු අයයි ගිහින් කියවලාම එන්නකෝ..


තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18
තටු සිඳුනු සමනළී 20


අද 21 වන කොටස.......
------------------------------------------------------------------------------------------------------------

හසී කියන්න තියෙන දේ එකසැරේම කියලා දාන්නෙ නැතිව අනං මනං කියව කියව ඉන්න නිසා මගේ හිතට ඇති වුණේ පුදුම නොසන්සුන්කමක් වගේම තරහක්.

"අනේ හසී කියන දෙයක් කියන්න..ප්ලීස්..."

"හරි ඔන්න එහෙනම් වැඩිය හිතන්නෙ නෑ කියලා ප්‍රොමිස් වෙන්න.."

"හරි. ප්‍රොමිස්.."

"මේකයි..දසුන් එයාගෙ Relationship Status එක වෙනස් කරලා තිබ්බා. එයා මෙච්චර කාලයක් උඹේ නම නොදැම්මාට දාලා තිබුණේ In a Relationship කියලානෙ. අන්න ඒක මේ ළඟකදි වෙනස් කරලා It's Complicated  කියලා."

"ආ..... එහෙමද?? අනේ මංදා...හසී..මොනා වෙන්න යනවද මංදා..."

මට කියාගන්නවත්, හිතාගන්නවත් දෙයක් ඉතුරුවෙලා තිබුණේ නෑ..  ඒ වෙනකොටත් මම සම්පූර්ණයෙන්ම  හිස් වෙච්ච හිතක් එක්ක තනි වෙච්ච කෙල්ලෙක් වෙලා අවසානයි..

"ඔය දැක්කානෙ ඉතිං.ප්ලීස් මධූ.. ...ඔයා ඔය ගැන තවත් වොරි වෙන්නෙපා කෙල්ලෙ.. එයා ගෙ හැට් දැනගන්න. එයාට ඔයාගෙන් ඈත් වෙන්න ඕනෙ ඇති.ඒකයි මේ ඔක්කොම..මටනම් හිතෙන්නෙ එහෙමයි"

"ඔව් මටත් හිතෙන්නෙ එහෙමයි මධූ.. එයාට ඔයාගෙ පිට පටවන්න එහෙම චෝදනාවක් නෑනෙ, ඉතිං එයා ඔයාව මගාරින්නෙ ඒකයි.."

හසී කතවට නිශාත් එකතු වුනා..

"වැදගත්ම දේ මේකයි මධූ..දසුන්ගෙ කවුරුහරි Cousin කෙනෙක් හරි,අදූරන කෙනෙක් හරි ඉන්නවද මනූෂි කියලා??"

හසී එකසැරේම මගෙන් ඇහුවාම මම ගැස්සුනෙ ඇයි කියලා මටවත් හිතාගන්න බැරි වුනා."මේ මොන හෙණ ගෙඩියක්ද??"මට දැනුනේ මට හුස්ම වැටෙන්නෙත් නෑ කියලා.ඒත් මම අමාරුවෙන් වචන එකතු කරගත්තා.

"අ..නේ..කියන්න හසී ඇයි?? මම එහෙම කෙනෙක් ගැන දන්නෙ නෑ.. දසුන් මට මනුෂි කියලා කෙනෙක් ගැන කියලා නෑනෙ.. ඇයි??"

"නෑ..නෑ.. මනුෂී කියලා  අපිට වඩා අවුරුදු 2ක් බාල කෙල්ලෙක් ඉන්නවා.එයා දසුන්ගෙ ප්‍රොෆයිල් එකේ හැම එහෙකටම Likes දානවා, Comment කරනවා. දසුන්ගෙ ෆොටෝස් වලට එහෙමත් නිතරම Comments දානවා ඉවරයක් නැතිව. දසුනුත් එයා එක්ක සෑහෙන ෆිට් වගේ.."

හසී එහෙම කිව්වෙ නිකන් තරකින් වගේ.

"අනේ හසී මට බලන්න ඕනෙ ගිහින් ඒ කවුද කියලා.."

"කලබල වෙන්නෙ නැතිව ඉන්නකෝ...අපි දන්නෙ නෑනෙ හරියටම මොකක්ද වෙන්නෙ කියල.."

"අනේ හසී.. දැන් මට ඔව්වා කිව්වනම් මගේ ඔළුව නරක් කරන්නෙ නැතිව මට බලන්න දෙන්න.ඔයලා බලන්න දුන්නෙ නැතත් මම නෙට් කැෆේ එහෙකට ගිහින් හරි බලනවා.."

කිසිම කෙල්ලෙක් තමන්ගෙ ආදරේ තව කෙනෙක් එක්ක බෙදාගන්න කැමතිවෙන්නෙ නෑ වගේම, මටත් දැනුණේ අසීමිත් බයක්. ඒ මගේ ආදරේ ඩැහැගන්න වෙන කෙනෙක් මාන බලනවා කියලා දැනගත්තාම ඇතිවුනු බයක්.ඇඟේ ලේ වතුර වෙන්න දැනුනු ඒ බයටම, මට මාව පාලනය කරගන්න බැරිවුනා.අවසානෙදි දසුන්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් විස්තර බලාගත්තු මට ඇතිවුණේ මහා ලොකු කළකිරීමක්.

මනුෂි කියන නමවත්, ඒ රූපෙවත් මීට කලින් මමනම් අහලවත්, දැකලවත් නොතිබුණූ නිසා මට ඇතිවුණේ තවත් කුතුහලයක් වගේම බයක්. ගහෙන් වැටුණූ මිනිහාට ගොනා ඇන්නා වගේ මටත් එක පිට එක පිට හිතට දැනෙන කරදර නිසාම හැමදේම එපා වෙලා තිබුණේ.

දසුන්ට මොන තරම් කතා කලත්, පණිවිඩ යැව්වත් දසුන් මගේ කිසිම පණිවිඩයකට උත්තර දුන්නෙ නෑ..මනුෂි කියන්නෙ කවුද කියලා ,දසුන්ගෙන් අහලා දැනගන්න තිබුණානම් හිතට සහනයක් වුනත්, මම දසුන්ගෙන් මනුෂි ගැන අහලා යැව්වෙ නෑ..මොහොතකටවත් දසුන්ව මම සැක කරනවා කියලා දසුන්ට දැනෙනවට මම අකමැති වුනා.

"බැරිවෙලාවත් දසුන් මනූෂී එක්ක යාළුයිනම්? අනේ නෑ..නෑ.. දෙයියනේ එහෙම වෙන්නෙපා.. එහෙම වෙන්නෙ නෑ.."

මම හිතින් එහෙම හිතාගෙන ,හිත හදාගන්න උත්සාහ කළා.අවසානෙදි මම හිත හදාගෙන, මොන දේ වුණත් දරාගෙන බලන් ඉන්න තීරණය කළා.වෙන කරන්න දෙයක් නැතිම තැන මම ගෙදර ඇවිත් හිතේ දුක යනකම් ම ඇඬුවා.ඇස් ඉදිමිලා ,රතුවෙලා යනකම්,හිතේ තෙරපිලා මිරිකිලා තිබුණූ දුක තුනී වෙනකම් ම මම ඇඬුවා.

මම අඬලා අඬලා පෑදුනු මගේ හිතට වහල් නොවී,අනගතේ වෙනුවෙන් ,මගේ දෙමව්පියෝ වෙනුවෙන් ආයෙමත් ජීවිතේ පටන්ගන්න හිතුවා. ඒ නිසාම හැංගිලා තිබූණූ ආත්ම ධෙර්‍යක් හිතේ ගුලි කරන් පොත් මේසෙ කොනකින් පටන්ගෙන ,පිළිවලකට අස් කරගෙන ගියා. පොත්පත්,ටියුට්,ප්‍රශ්න පත්තර පිළිවලකට තියලා ආයෙත් වැඩ පටන්ගන්න හිතුවා.අවුරුද්දෙ අන්තිම මාසෙ වෙච්ච දෙසැම්බර් මාසෙ හෙට අනිද්දාම ලබන නිසා,මුල ඉඳන්ම පන්ති යන්න හිතගත්තු මම හසී,හංසි,නිශා,දිලූ එක්ක ඉතුරු පාඩම් වැඩ ගැන කතා කළා.

හැම මොහොතක් ගානෙම දසුන්ව මතක් වුනත්, මම මගේ හිත හදාගෙන,අමාරුවෙන් පංති ගියා.පාඩම් වැඩ යාන්තමට හරි හොදින් කරන්න උත්සාහ කළා.
------------------------------------------------------------------------------------------------------------
දවසක් Physics Revision පංතියෙදි හදිස්සියෙම ලැබුණු ආරංචියක් නිසා අපි හැමෝම ගල් ගැහුණා.

"අන්න A/L Results දාලාලු.12ට Internet දාලා.සමහරු රිසාල්ට් බලලා."

"හප්පටසිරි.. කෙල්ලනේ...අදහන දෙයියෝ බුදුන් ඔක්කොම සිහිකරගනිල්ලා.."

හසී කෑගැහුවා.

ඉන්ටර්වල් එක ඉවර වෙලා ටික වෙලාවක් ගතවෙද්දි ආව ආරංචියත් එක්ක හැම කෙනෙක්ම බය වෙලා, කලබල වෙලා තමයි හිටියෙ.රොටරියෙ තිබුණු විසාලම හෝල් එක වුනු "වලේ" හෝල් එකේඅන්තිම හරියේ වාඩිවෙලා හිටපු හැම ළමයෙක්ම වගේ ෆෝන් කනේ තියාගෙන, SMS බල බල හුඟාක් කලබල ස්වරූපයකින් හිටියෙ.ඔය  අතරේ ඉස්සරහ පෝලීමේ ළමයෙක් ඩයලොග්  එකට SMS එකක් යවලා රිසාල්ට්ස් බලලා තිබුණා.

"ඒ මේ අපිත් බලමු රිසාල්ට්...මම නම් විභාග අංකෙ ලියපු කොලේ පර්ස් එකේ දාගෙන ඉන්නෙ. මම දැන් SMS එකක් යවලා බලනවා."

"අනේ මට බයයි හංසී.."

"බයයි නම් තමා බං.ඒත් කවදාහරි බලන්න වෙනවානෙ.ඔන්න ඔහේ මාත් බලනවා."

නිශා ත් හංසි එක්ක රිසාල්ට් බලන්න ලෑස්ති වුනා. මේ වෙද්දි මුලූ පංතියම රිසාල්ට් උණුසම නිසා කලබල වෙලා තිබුණා. සර්ටත් මේ වෙද්දි ආරංචිය ඇවිත් තිබුණා.A 3ක් ගත්තු කීපදෙනෙක්ම සර්ට රිසාල්ට් කියන්නත් එවෙලෙම ඇවිත් තිබුණා. ඔය අතරේ මමත් මගේ අවාසනාවන්ත ප්‍රතිඵලේ බලන්න ලෑස්තිවුනත් මගේ විභාග අංකෙ අමතක වීම නිසා පංතියෙ ඇතුලේදි මට ප්‍රතිප්කල බලන්න බැරි වුණා.

තමාෂිත්, නිශාත් ඉහළ ප්‍රථිඵල අරන් විභාගෙ පාස් වෙලා තිබුණා.හංසිත් සාමාන්‍ය මට්ටමින් ප්‍රථිඵල අරන් තිබුණා.ඔය අතරේ දිලූ C 2කුත් F එකකුත් අරන් අවාසනාවන්ත විදියට විභාගෙ ෆේල් වෙලා තිබුණා.කාට කාටත් කරුමයක් වෙලා තිබුණූ combined maths ෆේල් වෙලා තිබුණේ දිලූ විතරක් නම් නෙවෙයි.ඉස්කෝලෙ කීපදෙන්ක්ගෙම ප්‍රථිඵල කියද්දි combined වලට F කියැවුණා.

"මටත් ඉතින් ඕකම තමා වෙන්නෙ." මම හිතින් හිතුවා.

මාත් හසීත් , ප්‍රථිඵල බලන්න ගෙදර යන්න තදබල උවමනාවෙන් හිටියෙ.සමහරු අඬනවා, සමහරු හිනා වෙනවා. පංතියම එකම කලබැගෑනියක්.සර් එදා පංතිය ටිකක් වෙලාසන ඉවර කරා.අපිත් දඩි බිඩි ගාලා නුගේගොඩ පොළෙන් එළියට මතුවුනේ ගෙදර දුවන් න තිබුණු හදිස්සියටයි.මගේ  හිත ඇතුළේ දාහක් සිතුවිලි හොල්මන් කලා.විභාගෙ පාස් වෙලා තිබුණොත් ඇති කියලා හිතන් උන්නු මට ඒ බලාපොරොත්තුවත් නැති වුණා.

මටත් වඩා උනන්දුවෙන් වැඩ කරපු, ඉගනගන්න මහන්සිවුනු හුගාක් දෙනෙක්ගෙ අසාර්ථක ප්‍රථිඵල ඉස්සරහා මාව ගොළු වුනා.

"දෙයියනේ මෙච්ච්ර හොඳට වැඩ කරපු ළමයින්ටත් මෙහෙම රිසාල්ට් එකක් නම් ඇවිත් තියෙන්නෙ,මට කොහොම වෙයිද?"

මම මගෙන්ම ප්‍රශ්න කලා.

නිශාත්, දිලූත්, හංසිත් මගේ හිත හදලා, හිත හයිය වෙන්න දාහක් දේවල් කියලා තමයි මාව ගෙදර එව්වෙ.

------------------------------------------------------------------------------------------------------------
ගෙදර එනකොටත් මම හිතුවෙ අම්මා, විභාගෙ ප්‍රථිඵල ගැන අහයි කියලයි. ත් අම්මගෙ මූණේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ.වෙනදා වගේමයි.

"අම්මා රිසාල්ට් ආපු එක ගැන දන්නෙ නෑ මං හිතන්නෙ..ම්ම්.. මගේ රිසාල්ට් බලලාම කියනවා.." කියලා හිතපු මම දුවලා ගියේ විභාගෙ අංකෙ බලන්න. විභාගෙ අංකෙ දාලා SMS එකක් යවපු මට ටික වෙලාවකින් ප්‍රථිඵල සටහන් කරපු SMS එක ආවා.

"අයියෝ.........."

මට කියැවුනේ එච්චරයි.. සට සට ගාලා වැටුණූ කඳූලූ කැට නිසා ඇස් දෙකම බොඳ වෙලා. වටපිට කිසි දෙයක් පෙනුනෙවත්, ඇහුනෙවත් නෑ..

අවුරුදු 3ක් තිස්සෙ වපුරපු දේට මට ලැබුණූ අස්වැන්න ,මට ජීවිතේ ම එපා කළා. අවුරුදු 13 ක් තිස්සෙ කරපු හැම විභාගයකම සාර්ථක ප්‍රථිඵල ගත්තු මට,කිසිම විභාගයක් අසමත් නොවුනු මට ,A/L විභාගෙන් දිනන්න බැරි වුනා. Combined Maths වලට ලබුණූ F එකෙන් මගේ මුළූ ජීවිතේම අඳුරු වුනා කියලා මට දැනුණා..

අවුරුදු 3ක් තිස්සෙ මං වෙනුවෙන්, තාත්තා හෙලපු දාඩිය මහන්සියෙ  ණය ගෙවන්න, ඒ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න මට බැරි වුනා.මගේ අම්මාගෙ අහිංසක හිතේ තිබුණූ පුංචිම බලාපොරොත්තුවකට හරි පිපෙන්න ඉඩ දෙන්න මට බැරි වුනා. දෛවය මගේ හිතුවක්කාරකමට නියම දඬුවමක් දුන්නා..

"අම්මේ....."

මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි..එහෙම්මම ඇඳ උඩට වැටුණූ මම කොට්ටෙ මූණ ඔබාගෙන කෑගහලා ඇඬුවා.

"මොකද පුතේ මේ??"

මගේ ඇඬිල්ලට දුවගෙන ආපු අම්මාගෙත් ඇස් වල කඳුළු පිරිලා තියෙනවා බොඳ වෙච්ච ඇස් යටින් මම යන්තමට දැක්කා.

"මම විභාගෙ ෆේල් අම්මෙ.. ඔව්..මම ෆේල්. මට අම්මාලේ හීන වලට පණ දෙන්න බැරි වුනා අම්මෙ.මට සමාවෙන්න අම්මෙ මට ස..මා..වෙන්න... අනේ..."

"අයියෝ මැණික.. ඒකටද මේ අඬන්නෙ?? අනේ පුතේ විභාග හැමෝම පාස් වෙන්නෙ නෑනෙනෛතින් ඊළඟපාර ආයෙත් කරමු.හොදට පාඩම් කරලා, හොදට විභාගෙ ලියමු."

ඇස් වලට ආපු කඳුළු කැට මට නොපෙනෙන්න හොරෙන්ම පිහදාගත්තු අම්මා, මවාගත්තු හිනාවක් මූණේ ඇදගෙන මගේ හිත හදන්න ගත්තු උත්සාහය දැකලා,මගේ අඬන හිතට තවත් වේදනාවක් එකතු කළා.අම්මාව බදාගෙන අඬපු මම එහෙම්ම නින්දට වැටුණා.

ආයෙමත් ඇහැරෙද්දි රෑ වෙලා තිබුණා.වැඩ ඇරිලා ගෙදර ඇවිත් හිටපු තාත්තාගෙ මූණ බලන්න තරම් හයියක් මට තිබුණේ නෑ.. අමාරුවෙන් දරාගෙන හිටපු මාව ළඟට අරන් ඔළුව අතගාපු තාත්තා කිව්වෙ හරිම පොඩි දෙයයි.

"විභාගෙ පාස් වෙන්න බැරිවුනා කියලා මගේ පුතා හිත නරක් කරගන්න එපා. ඒවා ඔහොම තමා පුතේ...දැන් ඕක අමතක කරන්න."

තාත්තා ඉස්සරහ කියගන්න කිසිමදෙයක් නැතිව ගොළු වුනු මම ,ඔළුව විතරක් වනලා යන්න ගියා.නානකාමරේට ගිහින් පැයක් විතර වතුර මල යට ගතකරපු මම ආයෙත් කාමරේට ආවෙ, පැත්තකට විසිකරපු ෆෝන් එක හොයාගන්නයි.

ෆෝන් එක අතට ගනිද්දිම දැකපු දෙයින් මාව පුදුමෙනුත් පුදුම වුණා. දසුන්ගෙ ගෙදරින් කෝල් කරලා.

"ගෙදර ෆෝන් එකෙන් කතා කරන්නෙ කවුද? ශුවර් එකටම අක්කා වෙන්නැති...."

ඔය අතරේ SMS එහෙකුත් ඇවිත් තිබුණා.ඒ දසුන්ගෙන්.දසුන්ගෙ රිසාල්ට් කොහොමද කියලා අහලා මම දවල් යවපු SMS එකට දසුන් රිප්ලයි කරලා තිබුණා. ඒත් වචන දෙකක් විතරයි මුළු SMS එකටම තිබුණේ.ඒ "mama fail" කියලා විතරයි.

"අඩුමගානෙ දසුන්වත් විභාගෙ පාස් වුනානම්... "

මට හිතුණෙ එහෙමයි. ඒත් දෛවය අපි දෙන්නාටම කාරුණික වුනේ නෑ.. අපිව අපෙන් ඈත් කලා විතරක් නෙවෙයි..අපිට අපේ අනගතේත් අමාරු කලා. එක අතකට අපේ වැරැද්දට දෛවයට දොස් කියලා පලක් තියේද කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා.

ආයෙමත් ෆෝන් එක රින්ග් වෙනවා.. දසුන්ගෙ ගෙදර නම්බර් එකෙන් තමයි කෝල් එක. ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මම කතා කලා.කතා කලෙ මම හිතුවා වගේම දසුන්ගෙ අක්කා.

"නංගි කොහොමද රිසාල්ට්??"

"ම්ම්.. වැඩක් නෑ.. මම ෆේල්.."

"ඔක්කොම?/"

"නෑ.. maths විතරයි. අනිත් දෙකට S"

"හ්ම්ම්.. අපේ මල්ලිගෙ රිසාල්ට් දන්නවානෙ?"

"ෆේල් කියලා විතරයි කිව්වෙ.බොරුවක්ද දන්නෙ නෑ.."

"බොරු නෙවෙයි. එයා ෆේල්. එකයි පාස්. physics විතරයි. තාත්තායි අම්මායි හුඟාක් දුකෙන් ඉන්නෙ.අපි කොහොමද මූණදෙන්නෙ මිනිස්සුන්ට?"

"ඇයි එයා විතරක්?? මම?"

"ඒකතමා කියන්නෙ.. බලන්න ඉතිං.ඉගනගන්න තිබ්බ කාලෙ ඉගනගන්නෙ නැතිව විකාර කල නිසා වුනු දෙයක්."

"හ්ම්ම්... ගිය නුවණ ආයෙත් ගන්න බෑ.."

මම උත්තර දුන්නෙ ඕනෑවට එපාවට.

"හ්ම්ම්.. දැන්වත් ඒක තේරෙනවනම් ලොකු දෙයක්. ඔයා මොකක්ද දැන් කරන්න ඉන්නෙ?"

"මම ආයෙත් විභාගෙ කරනවා.."

"ඒක හොදයි.. මල්ලිත් ඉක්මණටම ලංකාවෙන් යවන්නයි තාත්තා හදන්නෙ.මෙහෙ තියාගෙන වැඩක් නෑනෙ. ඔයාට එක දෙයක් කියන්නම් නංගි. ඔයා විභාගෙ පාස් වෙලා හොද තැනකට එන්න බලන්න.දසුන් ගැන හිතලා වැඩක් වෙයිද මම දන්නෙ නෑ... එයා රට ගියාම අපි දන්නෙ නෑනෙ ඉස්සරහට මොනා වෙයිද කියලා."

"හ්ම්ම්..."

"හොදින් ඉන්න බලන්න නංගි..මම තියන්නම්.බුදුසරණයි!!"

"බුදුසරණයි අක්කෙ."

දසුන් මට නැති වෙන බව, දැන් නම් ඉර හඳ වගේ විශ්වාසයි... අවුරුදු දෙකක් තිස්සෙ ගලාගෙන ගියපු මගේ ආදර කතාවෙ නැවතීමෙ තිත තියන්න දැන් හුඟාක් ලඟයි..මගේ හිතට ඒ බව ඉවෙන් වගේ දැනූනා.

මීට අවුරුදු දෙකකට කලින් දසුන් වෙනුවෙන් මම දුන්නු පොරොන්දුව, අද වෙනකම් ම මම රැක්කා.අපි අපිට අයිති වුනත්, නැතත්, මේ ආදරේ එහෙම්මයි.. ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ..ජීවිතේ කෙනෙක් වෙනුවෙන් මුළු හදවතින්ම බැදූනාට පස්සෙත්, ඒ බැදීමෙන් දුරස් වෙන්න,ඒ බැදීම බිඳලා දාන්න කෙනෙක් නපුරු වෙන්නෙ කොහොමද කියලා මම කල්පනා කලා.කවුරු එහෙම කලත් මට නම් බෑ..මම දැනගෙන උන්නෙ එච්චරයි.

දිගින් දිගටම දසුන්ට කතා කරන්න උත්සාහ කලත්, වැඩක් වුනේ නෑ.. දසුන් මට කතා කලේ නෑ..දවස් ගණන් ගත වුණා. ඒ මූසල අවුරුද්දෙ අන්තිම දවස් දෙක තුනත් ගෙවිලා ඉවර වුණා.අවුරුද්දක් ගෙවිලා තවත් අලුත් අවුරුද්දක් ලැබුවා.අඩුමගානෙ අලුත් අවුරුද්දෙවත් දසුන් කතා කරයි කියලා හිතුවා.ඒත් දසුන්ගෙ හිත ගලක් වගේ, මගේ දුකට උණුවෙන හිතක් දසුන්ට තිබුණේ නෑ..

ඒත් අහම්බෙන් වගේ එදා ජනවාරි පළවෙන්දා හවස්වරුවෙ දසුන් මගේ කෝල් එක ආන්සර් කලා.

"හෙලෝ දසුන්."

"සුභ අලුත් අවුරුද්දක් ඔයාට. "

"අනේ මධූ.. මේ අලුත් අවුරුද්දක් තමා.ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙන්න."

"ඇයි දසුන්??මම මොකක්ද කරපු වරද? ඔයා මට මෙහෙම කරන්න මට හේතුව කියන්න.මගෙන් ඔයාට වුනු වරද කියන්න.සත්තයි මම ඔයාගෙන් ඈත් වෙලාම යන්නම්..මම ඔයාට කරපු වරද කියන්න.."

"මම දන්නෙ නෑ..මට පාඩුවෙ ඉන්න දෙන්න. එච්චරයි. මම ලංකාවෙ ඉන්න මේ දවස් දෙක තුන මට නිවිසැනසිල්ලෙ ඉන්න දෙන්න."

"ම්ම්...ඔයා කවද්ද දසුන් යන්නෙ?"

"ලඟදිම.. ආයෙත් එන්නෙ නෑ මෙහෙනම්..මට එපා වෙලා.."

"ඔයාට මාව එපානම් කමක් නෑ..යන තැනක හොදින් ඉන්න දසුන්...ඒත් එකපාරක් ඔයාගෙ මූන බලන්න ආසයි.."

"බම්බුවක් කියෝනවා. මට වැඩ තියෙනවා සෑහෙන්න.. මම තියනවා.. සැරෙන් සැරේ මට කතා කරන්න එපා. ඔයා ඊලඟ පාර විභාගෙ කරලා කැම්පස් යන්න.මම තිබ්බා. බායි..take care"

"දසුන් පොඩ්ඩක් ඉන්න... ද..සු..න්..හෙලෝ..හෙ..ලෝ.."

ඒ වෙනකොටත් දසුන් ෆෝන් එක තියලා ඉවරයි..අඬන්න තරම් මගේ ඇස් වලට කඳුළු තිබුණේ නෑ.. රිදිලා රිදිලා පදම් වෙලා තිබුනු හිතට තවත් රිදෙන්න ඉඩක් තිබුණේ නෑ..අඩුම තරමේ දසුන් රට යන්නෙ කවදද කියලවත් මට කිව්වෙ නෑ.. අවුරුදු ගානක් ආදරේ කරපු මට යන්නම් කියන්න තරම්වත් දසුන් කරුණාවන්ත වුනේත් නෑ....ආදරේන් වෙනවීමක් මේ තරම් වේදනාකාරියි කියලා දැනන් උන්නානම් මම කවදාවත්ම ආදරේ කරන්නෙ නෑ..

හිත ඇතුළෙ ඇවිළුනු ගින්න , තව තවත් ඇවිළුනා..දසුන් යන්න කලින් මගේ හිතේ තියන දේවල් ඔක්කොම කියලා දාන්න තිබුණානම්, අඩුමගානෙ මට එකසැරයක් හොදින් කතා කරලා දසුන්ට සමුදෙන්න තිබ්බනම්........ මම හිතින් දිගින් දිගටම තැවුනා.කොහොමහරි එකසැරයක්වත් යන්න කලින් දසුන්ට කතා කරන්න ඕනෙ කියන දැඩි උවමනාවෙන් මම පෙළුනා....ඒ වගේම අන්තිම මොහොතෙ හරි දසුන්ගෙ හිත වෙනස් වෙයි , දසුන් මට ආදරේ කරයි කියන මෝඩ බොළඳ අහිංසක බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා..
------------------------------------------------------------------------------------------------------------
දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??නැත්නම් අන්තිම මොහොතෙවත් දසුන්ගෙ හිත මධූ වෙනුවෙන් වෙනස් වෙයිද?


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,අවසාන පියවරෙන් හමුවෙමු!!!!




Post Comment

38 comments:

  1. පිස්සුද මේකිට.. මටනම් ඔහොම දෙයක් උනොත් මගේ මොකාවත් ඔහොම කෝල් කරලා බාල්දු වෙන්නේ නැහැ. ආදරෙයි තමයි. එත් ඒ ආදරේ වටිනාකම තියාගන්න ඕනා. සත පහකටවත් ඊ ආදරේ ගණන් ගන්නේ නැති මෝඩයෙක්ට ඒ ආදරේ හෑල්ලු නොකර

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඔව් ඇත්ත. ආදරේ වගේම තමා තම්න්ට ආත්ම ගරුත්වයක් තියාගන්න ඕනෙ.. ඒත් මධූ දසුන්ට මහ ගොඩක් අඅදරේ නිසා, ඒ ආදරෙන් අන්ධ වෙලා දසුන් මත්තෙම නැහෙන්න යනවා...

      Delete
  2. මහම මහ නපුංශකයෙක්...!!.
    ඔයා ට දුන්න දුක එයාටත් ලැබේවි..එදාට තේරේවි..

    ReplyDelete
    Replies
    1. මට??? මධූට?? :D

      හ්ම්ම්ම්... කාට වුනත් නරකක් වෙන්න කියලා මට හිතන්න අමාරුයි...:( මධූට වුන දේ කාටවත්ම වෙන්න එපා..

      Delete
  3. අනේ මන්දා... වර්ණා නංගි කියන කථාවත් ඇත්ත.. ඒත් ඒ ආදරේ හංගගෙන ඉන්නත් අමාරුයිනේ නංගෝ.. දසුන් නම් අන්තිම නරකයි.. මෙච්චර ආදරේ කරපු කෙල්ල එපා නම් ඒක හෙතුවවත් කෙලින්ම කියන්න ඕනේ.. ඇත්තමයි මේක ඇත්ත කථාවක් නම් මම ඔය දසුන් කියන කොල්ලට නම් කවදාවත්ම සමාවක් දෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්... දසුන් හේතුවක් නැතිව මධූගෙන් ඈත් ව්එන්න හදනවානෙ අක්කියො.. බලමුකො ඊලඟ කොටසින්.. අපි කොහොම මොනතරම් දේවල් කිව්වත් ආදරේ කරද්දි කරන කෙනා තමා දන්නෙ ඒක අමතක කරන්න පුලුවන්ද බැරිද කියලා..

      Delete
  4. අවසාන කොටසත් බලලම කියන්නම්.........

    ReplyDelete
  5. අපරාදේ විභාගෙත් නෑ කොල්ලත් නෑ !!
    මොනා කරන්නද ඉතින්. ඊලඟ වතාවෙදිවත් ගොඩ දාගන්න බලමු ! රී කරෙක්ෂන් දාලා බලන්න ! සමහර විට හරි යයි !

    ඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... රීකරෙක්ෂන් වලින් තියෙන රිසාල්ට් එකත් නැතිවෙයිද මංදා.... හි හි

      ම්ම්.. ඒකනෙ නටපු නැටුමකුත් නෑ..බෙරෙන් පළුවකුත් නෑ...

      Delete
  6. 21 veni kotasa mechchara ikmanata post karai kiyala hithuwe nahe...thanks hithu! Ms. varna kiyanawa wage adaraya naamen ohomath baldu vena eka vatinne nahe thamai...eth madu wage mrudu charithayakuge swabhawaya ekai...a charithayata api adare karanneth ema nisai..! meelaga kotasedi madu agey demapiyanwa sathutu karanna piyawarak ganivi da..???

    ReplyDelete
    Replies
    1. 21 ඉක්මණට ලිව්වා. අන්තිම කොටස් ටිකනෙ..:) කට්ටිය කෑගහන නිසාම ලිව්වා. ම්ම්.. ඔව් යාලු..ආදරේ කරන්න ඕනෙ.ඒත් බාල්දු කරගන්න නරකයි.ආදරේට වටිනාකම්ක් තියෙන්න ඕනෙ. අපි බලමු ඊළඟ කොටසින්( අවසාන කොටසින්)
      ස්තූතියි!!!

      Delete
  7. අවසානය දුකයි කියලා තමයි හිතට නම් දැනෙන්නේ.... ඒත් අනේ අහම්බෙන් වගේ වත් මධූගෙ ආදරේ අයෙ ලැබුණොත් නම් හොඳයි කියලා හිතුණා....

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඊළඟ අවසාන කොටසින් බලමුකො අපි!!!

      Delete
  8. අද දිනයේ කතාවට සාඩම්බර අනුග්‍රහය ඩයලොග් GSM වෙතින්...

    ReplyDelete
  9. මේ ඉස්සෙල්ලා කමෙන්ට් එක දැම්මේ නිකන් හොදේ :))
    මම කිව්වා ඊළග කොටසින් වෙන්නේ ඕකයි කියලා.. මතකනේ...
    බලමුකො අන්තිම එකත්..ඊට පස්සේ කියන්නම්

    ReplyDelete
    Replies
    1. හා හා...කමක් නෑ.. අයියාගෙ ඇඩ් එකක් දැම්මට..;)

      හ්ම්ම් බලමුකෝ ඔයා කියන විදියටම වෙයිද කියලා..:D

      Delete
  10. සමනලීගේ තටු සිඳින්නම තමා යන්නේ... :(

    ReplyDelete
  11. hitha rawattana balaporoththu anithimata apiwa athraman karanawa. aththa therum aran jiwath wena eka thamai hodama de.

    madhu gana aththatama dukai!

    ithuru kotasath ikmanata liyanna yalu..

    ~~~**daga malla**~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත දඟ මල්ල.. බලාපොරොත්තු සමහර වෙලාවට හිතට මහා දුකක් වෙනවා...

      Delete
  12. කෙනෙක්ගෙ ජීවිතේ මුලින්ම ආදරේ කෙරුව කෙනාව අමතක කරන්න ලේසි නැහැ.සමහරවිට කවමදාවත් බැහැ..දන්නෙ නැහැ..ඒත් දැනිල තියෙනව යාලු.ආදරය කෙරුව හිතකට දුකක් දෙන්න​, රිද්දන්න අවංක ආදරයක් කැමති නැහැ...ළඟ රැඳෙන්නෙ නැති, ඈත්වෙන්න හදන ආදරයක් අපි කොච්චර කැපකිරීම්, ආදරයක් දුන්නත් කවද හරි ඒ හිත අපෙන් වෙන්වෙල යන්න ඈතකට යනව....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...නොලැබෙන්න තියෙන දෙයක්නම් කවදාවතම ලැබෙන්නෙ නෑ තමා...:)

      Delete
  13. "පිස්සු කෙලින්නැතුව ඔන්න ඔය යකාව අතැරල දාන්ඩො...යන්ඩ දඟලන එකාට යන්ඩ නොදි...මොනාද ලබාගන්ඩ හදන්නේ...පිස්සු කෙලින් නැතුව විබාගේ කරගන්නවා ආපහු ඇනගන්ඩද හදන්නේ..කොහේවත් ඉන්න එකේක් හින්දා අම්මටයි තාත්තටයි ආයිමත් ගින්දර දෙන්ඩද හදන්නේ..."

    අප්පේ ඔය ඉතින් සම්ප්‍රදායික වචනටිකක් නොවැ...

    මොනා උනත් අම්මා තාත්තා ගැන ලියල තිබ්බ පේලි ටික කියොපුවහම මගේත් ඇස්වලට කඳුලු ඉනුවා...

    ඔන විදිහටකට ආදරේ කලාට නම් කමක් නෑ..නමුත් තමුන්ට ජිවිතේ දිලා අමාරුවෙන් ඔය තත්වෙට ගෙනාපු අම්මා තාත්තා ගැන ඔයිට වඩා සැලකිලිමත් උනොත් ජීවිතේ දිනන්ඩ පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... සාම්ප්‍රදායික වචන ටික එහෙම්ම තියෙන්නෙ..:)

      ම්ම්.. අම්මා තාත්තා තරම් අපිට මේ ලෝකෙ දැනෙන කවුරුත් නෑනෙ අයියෙ ඒ නිසා වෙන්නැති මේ ව්අචන ඔයාට දැනෙන්න ඇත්තෙ..

      Delete
  14. :( අන්තිම කොටස තෙක් බලා සිටිමි නංගියෝ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.... ඉක්මනට දාන්නම් අන්තිම කොටසත්..:)

      Delete
  15. දසුන් උබ හින්සා කරන්නේ
    වෙන්වී ගිහින් නම්
    මදූගේ අතින් වු
    වරදක් කියන්...

    හැන්ගී වසන්තේ මදූගේ ලොවින්
    කදුලක් නැගෙන්නේ මදූටත් හොරෙන්

    බොද වීලා පැතු සේයා
    රිදවාලා සිත පාරා

    සැගවී ගියාට..රිදවා ගියාට
    සැමදා මදූට ..දසුන් ම ඔනේලු
    සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනලු

    අනේ ඉතින් හිතුවක්කාරි කියන්නේ නිකන්ද...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... සිහින මාර පද රචකයෙක්නෙ...:D

      Delete
  16. මේ ඔයා ලියන්නේ ඇත්තම වෙච්චදේ නම්, ඔයා දසුන්ට බොක්කෙන්ම ආදරේ කරලා තියනවා මධූ.. මම හිතනවා දසුන්ට පසු වෙලා හරි ඇත්ත තේරෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..... පසු වදනින් බලමුකො කතාවට පාදක වුනු කාරනාව..:)

      Delete
  17. ඇත්තටම ගොඩාක් දුක හිතෙනව කවද හරි එයා පසුතැවෙයි ඔයාව නැති වුන එක ගැන සමහර විට එයාට අයි කවදාවත් ඔයාතරම් ආදරය කරන කෙනෙක් හම්බ වෙන්න නැති වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූථියි යාලු!!! අවංක ආදරයක් නැති කරගත්තොත් ජීවිතේම දුක් වෙන්න වෙයි තමා..

      Delete
  18. මේක බලල මගේ අතීතෙ මතක් වුනා බලමුකො මොකද වෙන්නෙ කියල.....

    ReplyDelete
  19. දුකයි මටත් කතාව දැක්කම..අන්තිම කතාවත් කියවලාම තමා හැමදෙම තිරනය කරන්න ඕනෙ..ආදරය කියන්නෙ දුකක විතරමද..?

    ReplyDelete
    Replies
    1. හරි.. අන්තිමත් කියවලම බලන්නකෝ අක්කි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....