නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

03 February 2012

නිදහස!!!!

විරුවනේ..........
නුඹලා දිනූ මව් බිම 
අපිටයි.. අපි වෙනුවෙන්මයි...
හෙළා රුධිරය, හලා දා බිඳූ
නුඹලා රැකූ මේ බිම
අපිටයි..අපි වෙනුවෙන්මයි....
නුඹලා ගෙනා නිදහස,සාමය
අපිටයි..අපි වෙනුවෙන්මයි....
නුඹලා ගෙනා උරුමය,
අපිටයි..රැකගැනීම අප සතුයි....
වීර විකුම් බල තේජස්  පෑ හැම
විරුවනි නුඹලා
අපෙයි.. අපේ ඉතිහාසයයි......
හැම කල් වැජඹෙන සව් සිරි උතුරන
දේශයේ නාමයෙන්
අපි ඔබට ණය ගැතියි!!!!









Post Comment

34 comments:

  1. විරුවනි සැමදා ඔබට අපි ණය ගැති..

    ReplyDelete
  2. //විරුවනි නුඹලා
    අපෙයි.. අපේ ඉතිහාසයයි......//

    සහතික ඇත්ත...ජය වේවා...

    ReplyDelete
  3. දේශය රැක දුන් විරුවන්ගේ නාමය සදා අමරණීයයි...

    ReplyDelete
  4. ඒ විරුවණ්ට අපි හැමදාම ණය ගැතියි...

    ReplyDelete
  5. නිදහස් දිනය කියල මතක් උනෙත් මේක දැක්කාම........

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙනම් මම කිරිල්ලිට මතක් කලා නේ???

      Delete
  6. I LIKE TO SEE A MAN PROUD OF A PLACE WHICH HE LIVES...

    I LIKE TO SEE A MAN LIVE SO THAT HIS PLACE WILL BE PROUD OF HIM..


    මැරෙන්නට බැරි උනත් උපන් රට වෙනුවෙන්

    ඉල්ලූ විටක යම්දා මගේ ප්‍රානය දෙන්නෙමි මව් රට හට දෙවරක් නොසිතාම

    ReplyDelete
    Replies
    1. ම්ම්.. නියම කියමනක් සිහින...:)

      Delete
  7. ඒ වීරවරුන්ට හිස නමා ආචාර කරමු!

    ReplyDelete
  8. වටිනා කවියක් හිතුවක්කාරි...!!!

    ලද නිදහසෙහි අමරස ලැබ දෙන ලෙස ට
    විරුවනි නුඹය පිදුවේ නුඹෙ දිවි දැය ට
    නිවහල් දෙස බසක් ඇති බව දැනෙන විට
    සහසක් කුසුම් පදනෙමු නුඹගේ නම ට

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි ඔයාගෙ කවිය සිදූ!!!! :)

      Delete
  9. // හැම කල් වැජඹෙන සව් සිරි උතුරන
    දේශයේ නාමයෙන්
    අපි ඔබට ණය ගැතියි!!!!

    කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්... :)

      Delete
  10. දැයට නිදහස ලඟා කර දුන් ජාතික විරුවන්හට උත්තමාචාරය!

    ReplyDelete
  11. රට ජාතිය බේරාදුන් රණවිරුවන්ට මගේ උත්තමාචාරය !!

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ!! ජය වේවා!!

      Delete
  12. ඔව් ඔය කොල්ලො ටික නොහිටින්න අපිට කොයින්ද සැබෑ නිදහසක්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... සැබෑ නිදහසක් ලබාදුන්නට පිං දෙන්න ඕනෙ..

      Delete
  13. හැමෝටම අමතකවීගෙන යන කට්ටියක් ගැන ආයිත් මතක් කරල දුන්නට බොහොම පිං නංගි...

    ReplyDelete
  14. ලයික් වෙරි මච්!

    ReplyDelete
  15. උරුමය රැගෙන පෙරට!

    ReplyDelete
  16. නියමයි..

    හිතුවක්කාරි මගේ බ්ලොග් රෝලේ ඉදලා නැහැ නොවැ. ඔන් ඇඩ් කොර ගත්තා.. ;)

    ReplyDelete
    Replies
    1. අහ්හ්...:D ස්තූතියි නැවත එන්න!!!

      Delete
  17. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....