නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

06 February 2012

ආදරේ නාමයෙන් හිර කූඩුවක....!!!!!

හා හා පුරා කියලා මේ ආදර මාසයේ හිතූ කියන්න යන්නෙ "ආදරේ නාමයෙන්" හිර කූඩුවක ලැග්ග යාළුවෙක් ගැනයි.උදාවූ වසන්තේ සදාකල් රැඳේවා!! කියලා මම ලිව්ව කතාවෙ හිටපු "ටැටූ" ව මතකයිද?? අමතක නම් ටක් ගාල දුවලා බලලා එන්න.ඒ කතාව හා  මේ ලියන්න යන සිද්ධිය සම්බන්ධයි.වසන්ත කාලෙ අතරතුර කඩා වැටුණූ අනෝරා වැස්සක් වගේ ටැටූගේ සතුට උතුරන කාලෙ තුළදි ටැටූට මූණ දෙන්න සිද්ධ වුනු අනපේක්ෂිත අත්දැකීමක් තමයි මේ ලියන්නෙ.



මතකනේ කලින් කතාවෙ කිව්වා වගේ ටැටූයි, පින්කියි ,පින්කිගෙ ගෙදරට හොරෙන්ම කසාද බැන්දා??සුදුසු කාලය ආවාම, හොඳ විදියකට පින්කිව ටැටූ ළඟට ගන්න තමයි ටැටූ බලාගෙන උන්නෙ.ඒත් නීතියෙන් ටැටූට පින්කිව අයිති වුනත් හමුවෙන්න,කතා බහ කරන්න, ආදරේ කරන්න ,ඒ දෙන්නාට දෙමව්පියන්ගෙන් ඉඩක් ලැබුනේ නෑ(පින්කිගෙ ගෙදරින්)..කලින් කතාවෙන් කිව්වා වගේම පින්කිගෙ ගෙදරින් තිබුණු විරෝධය නිසා මේ දෙන්නාට නිදහසේ කතා බහ කරන්නවත් අවස්ථාවක් ඒ අයගෙන් ලැබුණේ නෑ..

ටැටූ පින්කිව හම්බෙන්න අවස්ථාවක් එනකම් පෙරුම් පුරාගෙන බලන් හිටිය මොහොතක පින්කිගෙන් ටැටූ ට පණිවිඩයක් හම්බුනා .අම්මාලා තාත්තාලා එහාට මෙහාට වුනු අවස්ථාවක පින්කිගෙ ගෙවල් කිට්ටුවදිම පුංචි වෙලාවකට හරි පින්කිව මුණ ගැහෙන්න ,දකින්න එන්න කියලා තමයි පණිවිඩේ ලැබුණේ.(ආදරේ කරන ඕනෙම කොල්ලෙක් කෙල්ලෙක් කැමතියිනෙ තමන් ආදරේ කරන කෙනා එක්ක කතා බහ කරන්න, ළඟින් ඉන්න බැරිනම් අඩුම ගානෙ දකින්නවත්.)

එදා බ්‍රහස්පතින්දා දවසක්. වෙලාව හවස 3ට විතර ඇති.ටැටූත් පින්කිව මුණ ගැහෙන්න ගිහින් ආපහු එන්න හැදුවා විතරයි.අවාසනාවක මහත.පින්කිගෙ තාත්තා නොහිතපු විදියට මුණ ගැහුනා.

"අහ්හ් ටැටූ.. !!!මෙයා කොහෙද මෙහෙ??"

"අංකල්..නෑ මේ...."

"කාගෙන් අහලාද මෙයාව හම්බෙන්න ආවෙ අහ්හ් පින්කි??"

"අනේ ඔයා යන්න ටැටූ.. ඔයා යන්න යන්න...යන්න"
පින්කි කෑගැහුවා.

පින්කිගෙ තාත්තාට හොඳටම තරහා ගිහින් හිටියෙ.ටැටූටත් කරගනන් දෙයක් නෑ.. පින්කිව දාලා යන්න ටැටූගෙ හිත ඉඩ දුන්නෙම නෑ..ටැටූ ගියාට පස්සෙ පින්කිට තාත්තා ගහයිද, ටැටූගෙන් ඈත් කරලා පින්කිව කොහෙ හරි ඈතක හංගයිද? දාහක් ප්‍රශ්න  ටැටූගෙ ඔළුවෙ වැඩ කළා.

පින්කිව අල්ලගෙන කේන්තියෙන් පුපුරන තාත්තාට හොඳින් පැහැදිලි කරන්න හැදුවට පින්කිගෙ තාත්තා නෙවෙයි ඇහුවෙ.අවසානෙදි ටැටූ ගෙ  ටිකිරි මොළේට පහළ වුනේ එක දෙයයි. ඒ ඇත්තම කියලා දාන එකයි.

"අංකල් මම මෙයාව බැන්දා!!!"

"බැන්දා?? ඒවා වැඩක් නෑ.. දුවව නම් දෙන්නෙ නෑ නෑ මයි.. යන අතක යන්න.."

"එහෙම බෑ අංකල්.. මෙයා දැන් මගේ වයිෆ් නෙ.අංකල් ලා අපිට කවදාක්වත් එකතුවෙන්න දෙන්නෙම නෑනෙ.. මම මෙයාව අරන් යනවා.."

ටැටූ පින්කිගෙ අතින් අල්ලගෙන යන්න ලෑස්ති වුනා.

"ඒවා කොහෙද, එහෙම කරන්න බෑනෙ ඔයාට.. මේ මල්ලී පොඩ්ඩක් එනවද?පොඩි ප්‍රශ්නයක්."

පින්කිගෙ තාත්තා සමාවක් දෙන්නවත්, සමාදානෙන් විසඳගන්නවත් කිසිම බුරුලක් පෙන්නුවෙ නෑ..ටැටූ පින්කිව අරගෙන යයි කියලා,පින්කිගෙ තාත්තා මඟ හරස් කලේ ලඟ ගෙදරක උන්නු හිතවත් අංකල් කෙනෙක්ටත් කතා කරන ගමනුයි.


"ඇයි ඇයි මොකක්ද ප්‍රශ්නෙ?? මොකද මේ කලබලේ??"


අසල්වැසි අංකල් මෙතැනට ආවෙත් එහෙම කියාගෙන.කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් අසල්වැසි අංකල් සීන් එකට එන්ටර් වෙන්නෙ එහෙම කියාගෙනම්යි.:D


"පින්කි අපි යන්. මේගොල්ලො අපිව තේරුම්ගන්නෙ නෑ කවදාකවත්ම.යන් අපි.."


පින්කිත් ටැටූ එක්ක එන්න ඉස්සරහට ආවා.


"යන්න එපා පින්කි.. උඹ ගියොත් මම වහ බොනවා."


එතකොටනම් පින්කිගෙ හිත ඩිංගක් ගැස්සුනා. දෙයියනේ මොන තරම් විරුද්ධකම් කළත් තාත්තානෙ.තාත්තා එහෙම දෙයක් කිව්වාම මොනතරම් හයිය හිතක් තියන දුවෙක් වුනත් ගැස්සෙනවා. ඒක ස්වභාවය.


ඒ යන්න හදපු අවස්ථාවත් වැළකුනේ පිංකි ටිකක් පසු බැහැපු නිසයි.ඔය අතරේ අසල්වැසි අංකල් දිගින් දිගටම ප්‍රශ්නෙට මැදිහත් වුනා.


දැන් පින්කිගෙ තාත්තා මදිවට තවත් අංකල් කෙනෙක් ටැටූටයි පිංකිටයි හරස් වෙලා. කතා බහ කරලා විසඳගන්න හැදුවත්, ප්‍රශ්නේ ඒ තරම් සරල වුනේ නෑ.. අවසානෙදි කතා බහ හුඟාක් දුර දිග ගිහින් පින්කිගෙ තාත්තාගෙන් ටැටූට පාරක් දෙකක් කන්නත් වුනා. ඒත් තමන්ගෙ මාමණ්ඩි නිසා ඉවසීමෙන් කටයුතු කරපු ටැටූගෙ ඉවසීමේ සීමාව අසල්වැසි අංකල්ගෙ සටන් පාඨ නිසා බිධවැටුණා..ගේමටම කතා කරපු අංකල්ට තිබිලා තිබ්බෙ පින්කිගෙ තාත්තාටවත් නොතිබුණු තරම් උවමනාවක්ලු.


අන්තිමේදි අසල්වැසි අංකලුයි ටැටූයි එකම ගුටි කෙළියක. පින්කි අඬ අඬ කෑගහනවා. ඔය අතරේ අහළ පහල කීපදෙනෙකුත් සිද්ධිය බලන්න එකතු වෙලා. හින්දි ෆිල්ම් එහෙක වගේ රණ්ඩුව දිගටම යනවා.පින්කිගෙ තාත්තා පොලීසියට කෝල් කලෙත් ඔය අතරෙම තමයි.


ටැටූගෙ ඇඳන් උන්නු ෂර්ට් එකත් ඉරිලා, බෙල්ලෙ තිබුණූ මාලෙත් කැඩිලා කෑල්ලයි ඉතිරි වෙලා තිබුණේ.. රණ්ඩු වුනු අංකල්ගෙ නහයෙන් ලේ ඇවිත් තිබුණා. අන්තිමේදි පොලීසියට යන්න සිද්ධ වෙන නිසා, ටැටූ ගෙදරට කෝල් කරලා ගෙදර අයට සිද්ධිය කිව්වා.ටැටූගෙ ගෙදරින් එනකනුත් රණ්ඩුව දිගටම වුණා.පින්කිගෙ තාත්තා පැත්තක ඉදන් පොලීසියට ,එහෙට මෙහෙට කෝල් කරද්දි කිසිම හේතුවක් නැති, සම්බන්ධයක් නැති අංකල් ටැටූ එක්ක ගුටි බැට හුවමාරු කරගත්තා.


අවසානෙදි ටැටූට ගෙදර අයත් එක්ක, පින්කිව නැතිව, හිස් අතින්ම ගෙදර යන්න සිද්ධ වුනා.ඒත් ගෙදර ගිහින් ආයෙමත් කෙළින්ම යන්න වුනේ පොලීසියට.ඒ වෙනකොටත් අසල්වැසි අංකල් ටැටූට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාලා.ඒ වගේම නොකරපු වැරදි කීපයක්ටත් චෝදනා කරලා තමා පැමිණිල්ල දාලා තිබුණේ.ටැටූ අංකල්ගෙ ෆෝන් එක හොරකම් කරපු බවත්, සල්ලි හොරකම් කරපු බවත් තමයි පැමිණිල්ලෙ කියැවිලා තිබුණෙ. ඊට අමතරව ඒ අංකල් ටැටූට තව තවත් පීඩනයක් ඇති කරන අදහසින් ඉස්පිරිතාලෙ නැවතිලා තිබුණා .


ටැටූ ගෙදර අයත් එක්ක පොලීසියට ගියා. නමුත් පින්කි ඇවිත් තිබුණෙ නෑ. ඒ වෙනකොටත් පින්කිව ගෙදර අය එකතු වෙලා හංගලයි තිබුණේ.පින්කිව කොහේහරි දුර පළාතක, එහෙමත් නැත්තම් දුර ඉන්න නෑ කෙනෙක්ගෙ ගෙදර හංගගෙන ඇති කියලා තමා අනුමාන කලේ.


පොලීසියට යද්දි, ටැටූ එයාලගෙ නීත්‍යානුකූල කසාද සහතිකයත් අරගෙන ගිහින් තිබුණා. ඒ සහතිකෙන් ටැටූත්, පින්කිත් නීතියට අනුව විවාහකයි කියලා පොලීසියෙදි හැමෝම ඉදිරියෙදි ඔප්පු කරන්න ටැටූට පුළුවන් වුනා. ඒත් ටැටූගේ වාසියට තිබුණු පින්කිගෙ කට උත්තරයක් ගන්න, සාක්ෂියක් දෙන්න පින්කිව පොලීසියට එක්කන් ඇවිත් තිබුණේ නෑ.. ඒ නිසාම ටැටූට විරුද්ධව තිබුණූ අනෙක් බොරු චෝදනා වෙනුවෙන් ටැටූව රිමාන්ඩ් බාරයට පත් වුනා.


එතනින් එහාට තවත් හුඟාක් ප්‍රශ්න වලට මූණ දෙන්න ටැටූට සිද්ධ වුණා.


අවසානෙදි මොකක් වෙන්න ඇත්ද?? පින්කිගෙ ගෙදරින් දෙන්නාට සමාව ලැබෙන්න ඇත්ද??එහෙමත් නැත්තම් ටැටූ තාමත් හිර කූඩුවෙ කූරු ගණන් කරනව වත්ද??


ආදරේ නාමයෙන් හිරේ විලංගුවෙ වැටුන ටැටූගෙ කතාවෙ ඉතුරු ටික ඊළඟ කොටසින්(අවසාන කොටසින්) බලමු......

Post Comment

56 comments:

  1. මේක මෙගා එහෙක කෑල්ලක්ද ?? ඒ වගේ... මුල් ටික හොයන්න ඕනි

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ.. මේක මේ ඔය මම උඩින් දාපු ලින්ක් එකෙන් තියන කතාව කියෙව්වාම තේරෙයි.මේ ඊටපස්සෙ වුනු සිද්ධියක්..:) මෙගා නොවේ!!!

      Delete
  2. මම මේ කතාවේ මුල කොටස කියවලා නෑනේ.
    මට හිතාගන්න බැරි මිනිස්සු සමහර ආදර කතාවලට විරුද්ධ වෙන්නේ මොන පදනමක ඉදලද කියලා.
    උඩ තියෙන ලින්ක් එක වෙන්ටෑ පලවෙනි කොටස !!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒ කොටස ඔයා කියවලා කමෙන්ටුත් කරලා තියෙන්නෙ අයියේ!!!
      හ්ම්ම්..ඔව් සමහර දේවල් වලට විරුද්ධ වෙන්නෙ පදනමක් නැතිව, මාන්නෙ නිසාමයි!!

      Delete
  3. අල්ලපු ගෙදර අංකල් කාරයට ගහපු එකනම් හොදයි.. ඔය බොරුවට එදා පැනගෙන ආවට පස්සේ කතාවක් හැදුවොත් ඒත් ඔය අංකලයම තමයි.. බලන්න බොරුද කියලා..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..අයියත් ඉතිං වලි එහෙම දාගන්න අක්මැති මනුස්සයෙනෙ:D හි හි ඒක ඇත්ත අයියේ.. මිනිස්සු බොරුවට රඟපානවා හුඟාක් වෙලාවට..

      Delete
  4. පිස්සු හැදෙයි!එහා ගෙදර අන්කල්ටත් ඕන නැති බනාන ෆ්ලවර් 1ක් නෑනේ!
    මෙච්චර හොද ආදර කතාවකට උදැල්ල දල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් හෆ්ෆා.. ඒකනෙ ටැටූ අංකල්ට එලොව කොකනට් පේන්නම දීලා තියෙන්නෙ :D

      Delete
  5. ඔය අල්ලපු ගෙදර අංකල්කාරයට ෂුවර් එකට පුතෙක් ඉන්නවද?....ටැටූට පව් වැඩේ හැබැයි....

    ReplyDelete
    Replies
    1. අපේ එකෙකුත් ඔහොම්ම ඇහුවා. ඒත් අංකල්ට පුතාල දෙන්නෙක්ම ඉන්නවා තමා. උන් දෙන්නා තාම චූටියි හැබැයි..:D

      Delete
  6. ඇත්තටම ආදරේ කරන අය හිතන්නේ තමන් ආදරය කරන පුද්ගලයා ගැන විතරයි.(මට හිතෙන හැටි) ඒත් දෙමව්පියෝ බොහොමයක් වෙලාවට හිතන්නේ තමන්ගේ දුව/පුතා ගේ සහකරුවා/සහකාරියගේ ආදයම් තත්වය රැකියාව චරිතවත් බව වගේ දේවල්. ඉතිං තමන් ගේ පෙම්වතා/පෙම්වතියට දෙමාපියක් බලාපොරොත්තුවෙන සුදුසුකම් නොතිබ්බොත් අවුල් තමයි.

    දෙමාපියක් කොච්චර අකමැති වුනත් වෙන කෙනෙක්ව බඳින්නේ නෑමයි කියලා සෑහෙන කාලයක් ඉඳලා තමන්ගේ ආදරේ දිනාගත්තු අක්කා කෙනෙක් මං දන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒ අක්කාට ජය වේවා...:))

      Delete
    2. හ්ම්ම්.. ඇත්ත පූසා අයියේ.. හුඟාක් වෙලාවට ඉතින් එහෙම තමා..ඇත්තට ආදරේ කරද්දි වෙන බාහිර සාධක වැඩක් නෑ කියලානෙ හිතන්නෙ.ආදරේ කරන කෙනා හිටියාම ඇති.ඒත් දෙමව්පියෝ ඉතිං ඊටවඩා දේවල් හොයනවා තමා.

      ශා.. මරුනෙ!!! අක්කා නියම හොඳ කෙල්ලෙක්..:D(මේ මම වගේ :p)

      Delete
  7. උදලු කීයක් වැටුණත් ,සත්‍ය ප්‍රේමය කවදා හෝ ජයගනී....!!!

    ReplyDelete
    Replies
    1. ඔව්ව්.... අනිවා... ජය වේවා!!!

      Delete
  8. ඇත්තටම මේක ඇත්ත කතාවක්ද..මොනා උනත් ඒ දෙන්නා බැඳලා නිසා වෙන් කරන්න නීතියෙන් බැහැ නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ. ඇත්තම කතාවක්. මගේ යාළුවෙක්ට වුනු දෙයක්.. ඔව් අනිවා..එහෙම වෙන්කරන්න බෑ තමා බලෙන්..

      Delete
  9. අපරාදේ.අල්ලපු ගෙදර අංකල්ට තව දෙකක් විතර දෙන්න තිබ්බේ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි!!! කට්ටියම එන්නෙ අංකල්ට ගේම දෙන්න නේ?? :D

      දැන් රිප්ලයි ප්‍ර්මාදයි..අන්න ඉතුරුටික දාලා...

      Delete
  10. අල්ලපු ගෙදර එක්කෙනා චන්ඩියෙක් වගේ...දෙන්න තිබුනෙ කොන්ද කැඩෙන්නම......

    ReplyDelete
    Replies
    1. ඕව තමා දන්නේ.. :පී

      Delete
    2. කිරිල්ලී ගහපු අය දැන් ඉස්පිරිතා‍ලේ ඇදන් යට ඉන්නවලූ නේද?

      Delete
    3. හෆ්ෆොච්චියේ!!!! කිරිල්ලි නිකන් කොච්චිකරල වගේනෙ.. හෙන සැලයි:D හික්ස්ස්.. ඇත්තද මේ බට්ටි අක්කා කියන්නෙ??කීදෙනෙක් ඉස්පිරිතාලෙද???

      Delete
  11. කොහොමත් මේ වගේ දේවලදි වටපිටාවෙ අයගෙ හිත උණු වෙනව වැඩියි තමයි..එයාලට තරුණ වයසක් තිබුනෙ නැතිව එක පාර වයසට ගිහින් වගේ..මටනම් හිතෙන්නෙ ටැටූට පොලීසියෙන් සාධාරණයක් වෙයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්මොව් ඔව්.. කොහොමත් අහල පහල වෙන හැම දෙයක්ම තමන්ගෙ කරගන්න බලන් ඉන්න කට්ටියක් ඉන්නවනෙ.. පවු හෆ්ෆා...ඒකත් ඇත්ත,මෙහෙම දේකදි පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න ඕනෙ.ඔව් ඊළඟ කොටසින් බලන්නකෝ අක්කෙ..:)

      Delete
  12. අර අංකල්ට පුතෙක් එහෙම ඉන්නවද දන්නේ නෑ නේ.... මිනිහගේ හිත් කොනක බලාපොරොත්තුවක් තියනව ඇති සමහර විට එහා ගෙදර එක්ක හා වෙන්න..... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්ස්ස්... අංකල්ට පුත්තු ඉන්නවා..තාම චුට්ටියි :D බීටා හිතන්නෙත් මාර එව්වා..;) :ප්

      Delete
  13. මුල් කොටසත් කියෙව්වා.ඇත්තම කතාවක්ද මේක?? ඉක්මනට ලියන්න ඉතුරු කොටසත්...
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් අරුන්දතී..මේක ඇත්ත කතාවක්..:) ජය වේවා!!

      Delete
  14. ඔය අල්ලපු ගෙවල් වලට අයට තමා වැඩිපුරම ඔය වගේ ප්‍රශ්න වලදි තද වෙන්නෙ . ගෙදර අය පැත්තක අන්තිමට...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අක්කි...ගෙවල්වල අය වෙනකොහෙවත්, රණ්ඩුවෙන්නෙ වෙන කවුරුත්..:D

      Delete
  15. කොහොමත් පොඩි හරි වලියක් ගියාම පටන්ගන්න එකාට වඩා උවමනාව තියෙන්නෙ බලන් ඉන්න ඇවුන්ට. මටනම් තාමත් තරහයි අර අන්කල් එක්ක....

    ReplyDelete
    Replies
    1. හෝව්..හෝව් දැන් තරහා නිවිලා නේද??? :) අංකල් ඉල්ලගෙන කෑවෙ ඒකනෙ..

      Delete
  16. ආදරේ..හප්පේ දැලිපිහියෙන් කිරි කෑමේ නි‍යාය සහ තවත් කතා...

    ආදරේ..ජිවිතේ අනාත සාගරේ...

    ආදරේ...කොහොම හරි ගොඩ දාගන්න එක තමා වැඩේ

    ආදරේ...ඇදුනොත් ලක්ෂ ගනනින් නැත්තං හුරපු ටිකක් එකේ රුපියල් විස්සවත් නෑ....

    මේ ඉතින් එක එක කියමන් හැබැ..ආදරේ කියන්නේ ජීවිතකාලේටම ලබන්ඩ පුලුවන් උතුම් සැපතක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා අයියේ... ඔය ඔක්කොම කතා සහතික ඇත්ත...

      Delete
  17. අපිට තවත් ඔය වගේම අනුවේදනීය කතාවක් නුදුරේදිම අහන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...:O අපේ ප්‍රෝග්‍රැමර් අයියාත් මෙහෙම වීර්ක්‍රියාවක් කරන්නද යන්නෙ??? :O

      Delete
  18. මොනවද නංගියේ.. ඔයත් එතන බලන් හිටියා නේද.. මෙච්චර දෙයක් වෙනකල්.. :D හයියෝ.. ඉතින් ඊට පස්සෙ.. :(

    ReplyDelete
    Replies
    1. මම බලන් හිටියෙ නෑනෙ.. බලන් හිටියා වගේ තමා ලියන්න හැදුවෙ...:D ඉතින් ඊටපස්සෙ අවසාන කොටස බලන්නකෝ...:D

      Delete
  19. 1. ඔච්චර හදිස්සියේ කසාද බැඳීම
    2. හමුවෙන්න පින්කිගෙ ගෙදරට යාම
    3. බැන්දා කියලා තාත්තාට කීම
    3. අන්කල් එක්ක ගහ ගැනීම

    ටැටූ යමු හොඳ පෙම්වතෙක් වෙන්න පුළුවන්. ඒත් ඒත් බුද්ධිමත් කෙනෙක් නම් නෙවෙයි. ආවේගශීලී තරුණයෙක් විතරයි හිතලා වැඩ නොකරන,

    නමුත් හැඟීම් වලට වහල් වුණාම අපි කවුරුත් හරි බොළඳයි. ඒ දෙපළට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. විසිතුරුගෙ තර්කෙ වරදක් නෑ.. ඒත් ආදරේදි බුද්ධියෙන් වැඩ කරන අය හරිම අඩුයි විසිතුරු!!! ආදරේ කරද්දි හැමකෙනෙක්ම තැන දෙන්නෙ හැඟීම් වලට.බුද්ධියට තැන දෙන අය හරිම අඩුයි!!

      Delete
    2. පලවෙනි තර්කයම වැරදි නිසා අනිත් ටික ගැන බලන්නෙ නෑ..බොහෝම ස්තුතියි..1 වෙනි දේම කරන්න උනේ ඇයි කියලා නොදැන කතා කරන එක ගැන පොඩි දුකක් තියෙනවා.

      Delete
  20. නැන්දම්මල හොඳයිලු...මාමන්ඩිලත් හොඳයිලු..ඒත් වැඩිපුරම හොඳ නැන්දම්මලලු....ඒත් අනේ මන්ද?....ඔය මට දැනුන විදිහ....දැන් මට බනිනව එහෙම නෙවෙයි හරිය.....

    ටැටූටයි පින්කිටයි හොඳක් වෙන්න කියල පතනව!!!!

    ReplyDelete
    Replies
    1. :O සිහින ගෙ නැන්දම්මා හොඳයි වගේ...:D හික්ස්...මමනම් දන්නේ නෑ..මට මගේ නැන්දම්මාව හම්බුනුදාට කියන්නම්කෝ..;)

      ස්තූතියි!!!

      Delete
  21. ටැටූටයි පින්කිටයි සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාරිහාමී!!!

      Delete
  22. මන් මේ කියන්න යන්නේ අපි හැමෝටම ගොඩක් වටින කතාවක් ඉතින් මෙන්න මේකයි කතාව.

    ඔන්න එක පුතෙකුට එයාගෙ අම්ම නරක වැඩ වලින් තමන්ගේ ජීවිතයට වෙන හානිය ගැන හරි අපූරුවට පැහදිලි කරලා දුන්නා..

    මේ පුතාගේ වයස අවු: 15 ක් වගේ මෙ වයසෙදිනේ ලමයි ඉතින් නොමගට යන වයස

    ඉතින් මෙ අම්මා පුතාව ලගට කතා කරගෙන පුතාට කිව්වලු පොඩි ලෑලි කෑල්ලකට ඇන ටිකක් එයාටම ගහන්න කියලා. ඉතින් මේ පුතා අම්මා කියපු විදිහටම ඒ වැඩේ කලාලු. ඊට පස්සේ අම්ම පුතාට කිව්වලු.. මගේ පුන්චි පුතේ ඔයා හිතන්න මේ ඇන ගාන තමයි ඔයා කල නරක වැඩ කියලා දැන් ඔහොම හිතාගෙන මගෙ පුතා කරන හැම හොදක් වැඩක් ගානෙම ඔයා ගහපු ඇන එකින් එක ගලවන්න කියලා..ඊට පස්සේ අම්මි ලගට ඇවිත් පෙන්නන්න කියලා..ටික කාලයකට පස්සෙ මේ පුතා ඒ ඇන ගහපු ලෑලි කෑල්ල ගෙනල්ලා අම්මට පෙන්නුවලු....මේක දැකපු අම්ම පුතාට මෙහෙම කිව්වලු මගේ පුතා ගොඩක් හොද වැඩ කරලා තියනවා..හැබැයි පුතේ මේ ලෑලි කෑල්ල දිහා බැලුවම මගේ පුතාට මොනවද පෙන්නෙ? ඉතින් එ පුතා කිව්වලු අම්මේ මේ තියෙන්නෙ මන් ඇන ගහපු නිසා ඇති වෙච්ච සිදුරු ටිකනේ තියෙන්නේ කියලා..ඉතින් ඒ අම්ම කිව්වලු අන්න එක තමයි පුතේ නරක වැඩ කලාම ඔයාගේ ජීවිතේ ඇතිවෙන මේ වගේ සිදුරු ඔයා කොච්චර හොද වැඩ කලත් ඒ සිදුරු මකන්න බෑ කියලා..ඒක නිසා මගේ පුතා කවදාවත් නරක වැඩ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. නියම කතාවක් සිහින..:) හොද ආදර්ශයක් තියෙනවා මේ කතාවෙ..තෑන්ක්ස්!!

      Delete
  23. අයියෝ අපිව පිස්සු වට්ටනවනේ කතාව බාගෙට නවත්තලා. ඉක්මනට ඉතුරු ටික දාන්නෝ.....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඊළඟ කොටසින් බලන්නකෝ ඉතුරුටික...:)

      Delete
  24. මේ කිව්ව කතාවෙ ඇත්තම කතාවත් දන්න හින්ද මම මේ කල්පනා කළේ මොනවද කියන්නේ කියලා...කමක් නෑ බොහෝම හොදයි ඔක්කොම හොදටයි කියනවනේ..

    ReplyDelete
    Replies
    1. හි හි...:) ඒකනෙ...ඔක්ක්ම හොඳටයි!!

      Delete
  25. බලන්න ටැටු, කෙල්ලන්ව පොඩි පොඩි ප්‍රශ්න වලට අත්හරින කොල්ලන්ට ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අනිවා.. මේක දැක්කොත් ටැටූ උඩ යයිද මංදා..:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....