නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

13 February 2012

~හෙට හොඳම දවස~


නැතුවට කම් නෑ මට                                 
රතු රෝස මල් පොකුරු.......
රන් මුතු මාල තෑගිත්
ඕනෙ නෑ හිත සනසන්න.........
පාට පාට විච්චූරණ 
තෑගී බෝග මග සරසන.......
නැතුවට කම් නෑ මට
නුඹ එනකොට අරන් එන්න.....
යාන්තම් රස්නෙකටත්
දියවෙන චොක්ලට් හදවතක්
එපා මට දිව පිනවන්න......
හිතුනෝතින් විතරක්ම නුඹට
මා බලන්න ඇවිත් යන්න......
ආදරේ පිරිලා ඉතිරිලා යන
සින්නකර මටම විතරක් ලියැවුනු 
නුඹේ හිතත් අරගෙන
ඇවිත් යන්න එන්න......
හෙට තමයි හොඳම දවස
නුඹ ඇවිත් යන්න එනවානම්.........෴


Post Comment

64 comments:

  1. මේ නංගි..,බැරිවෙයිද ඕක මේ හැමදාම හෙටට කල් නොදා අදම කරගන්න..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එහෙම පුළුවන් නම් නියමයි තමා අයියේ!!!

      Delete
  2. මොකුත් නොකියමි! ;)

    ReplyDelete
  3. කවිය ලස්සනයි. ප්‍රශ්නයක් තියනවා ඇයි හෙට හොඳම දවස වෙන්නේ. ... හෙටක් කියන එක කවදාවත් එන්නේ නැතිහන්දද?

    ...මට පේන විදිහට කවියේ කතා නායිකාව කවදාවත් ලැබෙන්නේ නැති ආදරයක් ගැන කියන්නේ කියල,

    ReplyDelete
    Replies
    1. :) හ්ම්ම්.. ඔව්..හෙට කියන්නෙ හැමදාමත් හෙට තමා. මේක වැලන්ටයින් දවසට කලින් දවසෙ ලිව්ව නිසා ඒකත් කොටසක්..:)

      Delete
  4. ඔයා ගිය අවුරුද්දේ
    මට දුන්න ඒ නොලියපු කාඩ් එක
    අදත් මං ලග ඒ විදියටම
    අපි ආදරෙන් හිටිය එකම වැලන්ටයින් එක
    මට නම් තවත් එක දවසක් වෙලා දැන් එය
    නුඹ නොයෙන හින්දා
    ඒ සොදුරු දවස අදුරු වෙන්න
    මහ වැහි වැටෙන්න හෙට
    (ආත්මාර්ථකාමි අදහසක් නොව නිකම්ම නිකන් සිතුවිල්ලක් පමණමයි.)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... නියම සිතුවිල්ල බට්ටියෝ!!! :D

      Delete
    2. නියමයි තමයි එදා හවස දාරානිපාතින් ගොරව ගොරව වහිද්දී මම බයේ හිටියේ පැතුම වැඩ කරලා කියලා. :D

      Delete
    3. සිරාවටම එදා වැස්ස නිසා මගේ යාළුවෙක්ටත් එයාගෙ බෝයිව මීට් වෙන්න යන්න බැරි වුනා...:(

      Delete
  5. නුඹ හමුවනු පතා
    මගෙ සිත හඬනවා
    ඒ හැඬුමන් නිසා
    මගෙ ළය රිදෙනවා....

    පෙර දිනවල මෙමා
    හමුවන්නට අයැදුවා
    ඒ දිනවල ඔයා
    මා සිත රිදවුවා....

    මා හමුවනු පතා
    දැන් නුඹ හඬනවා
    ඒ හැඬුමන් නිසා
    මගේ ළය රිදෙනවා

    ඇවිදිනු බැරි නිසා
    සයනේ සිටින මා
    ඔබෙ කඳුලැලි නිසා
    නොමැරී මැරෙනවා....

    අක්කේ මේ මම මීට අවුරුද්දකට කලින් ලියපු එකක් මේක මම පෝස්ට් එකක් විදියට අද දාන්න හිටියේ මේක ලියලා අදට හරියටම අවුරුද්දක් නිසා....ඔයාගේ නිසඳැසට පිළිතුරක් විදියට මේක මට දාන්න හිතුනා ඉතිං පෝස්ට් එකක් විදියට දාන්නේ නෑ මම..... ඔයාගේ නිසඳැස හරිම ලස්සනයි මේ දෙයම තමයි මගේ ආදරීත් මට එන්න කියන්නේ....

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි මල්ලියෝ!! ඔයා මේක පස්සෙ දවසක හරි දාන්න පෝස්ට් එකක් විදියට..හරිම ලස්සනයි!!! ස්තූතියි මල්ලියෝ!!

      Delete
  6. ලස්සන බලාපොරොත්තුවක්......හෙටට විතරක් සීමානොවී හැමදාටම මෙහෙම ඉන්න පුළුවන්නම්........

    ReplyDelete
    Replies
    1. ඇත්ත..හැමදාකටම නොවෙනස්ව පවතින ආදරේකට තමා ඕනෙ කෙල්ලෙක් කැමති..

      Delete
  7. ඕකට ඉතින් හෙටම එන්න කියන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. හැමදාමත් හෙටක් තියෙන නිසා..

      Delete
  8. ඔය එපා කිව්වට හිතූ දුන්නොත් නම් චොකලට් නොකාම ඉඳී.. :)) ලස්සනයි අනේ.... පැතුමක් නොවී ඇත්තක්ම වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ශානි කවුද චොකෝ වලට අකමැති :P

      Delete
    2. @Shnai- ආ...ගෙනාවොත් ඉතිං කනවා තම..:D ඒත් ආදරේ ඊටවඩා වටීනවා..:)

      Delete
    3. @ChammA අයියා- හා හා... ඔයා චොකෝ වලට කැමති නෑ කිව්වෙ.. ;)

      Delete
  9. සිංදුවක් මතක් වුනා!
    "ඔබ එන්න.....
    ඔබ ඇවිත් යන්න්න එන්න"

    ReplyDelete
  10. හෙට නේද? ....... ඒ දවස කවදාවත් සමරලම නැහැ...

    ReplyDelete
    Replies
    1. හෙට?? ඒ මොකෝ?? ආ.. වැලන්ටයින් දවසද???හ්ම්ම්ම්ම්ම්ම්...

      Delete
  11. දන්නවද....
    ඔබ නැතුව මේ ගෙවෙන්නේ.
    සත්වෙනි අවුරුද්ද.....
    ගෙවුන හැම අවුරුද්දකම.
    ආදරණීය දවසට
    මම ඔයා වෙනුවෙන් සුභ පැතුමක් ලිව්වා.
    කවමදාවත් දෙන්න බැරි ඒ සුභ පැතුම්.
    මම හරි ආදරෙන් පරිස්සම් කරනව.....
    හෙටත් එතනට තව සුභපැතුම් පතක් එකතු වේවි.
    ඔයා එන්නේ නෑ කියල දැන දැනම මම මේ එකතු කරන දුක.
    අනේ...කවදම හරි ඔයා තේරුම් ගත්තොතින්.....

    ReplyDelete
    Replies
    1. තේරුම්ගනීවී අක්කෙ!!! ආදරේ නාමයෙන් දවසක හැමදේම තේරෙයි!! ඒත් එදාට පරක්කු වැඩිවෙයිද මංදා..

      Delete
  12. අනේ මන්දා.. කවදාවත්ම එන්නේ නැති කෙනෙක්ට හෙට එන්න කිව්වට වැඩක් වෙයිද නංගෝ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ඔව් ඔව්වේක ඇත්ත අක්කෙ..

      Delete
  13. නෝ කමෙන්ට්ස්..මොනවා කියන්නද කියල හිතාගන්න බෑනේ...ඔයාගේ බලාපොරොත්තු ළඟදීම දවසක ඉටු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගියෝ..

    ReplyDelete
  14. හිතෙනවා හැමදාම
    නුඹ දකින්නට එන්න
    නමුත් නොහැකිය,
    යලි යලිත් වෙන්වෙන්න

    කියුවොතින් යම් දිනෙක
    නවතින්න එන්න නුඹ
    ක්ෂණයකින් දුවන් එමි
    අතැර මේ යක්ෂ වෙස...

    - ඉසුරු -


    ඇයි මේ කෙල්ලො ඇවිත් යන්න කියන්නෙ, නවතින්න කියන්නෙ නැතුව ;)
    -සාතන්-

    ReplyDelete
    Replies
    1. ශා.. හරිම ලස්සනයි!! මගේ නිසැඳෙසට අලුත් වටිනාකමක්..ස්තූතියි !!

      හික්ස්ස්.. ඇවිත් යන්නවත් නොඑන එකේ, නවතින්නම එයිද හෆ්ෆා..

      Delete
  15. කියන්න මන් එකම එක පාරයි ඕක සමරලා තින්නේ... එදත් 1000 කෙළවුනා.... ආයි නම් බෑ..

    ReplyDelete
  16. අනේ ඔව් අනේ. චොකලට් ගැස්රයිටිස් වලට හොඳ නැහැල්ලු...

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ..:D පිම්පල්ස් එනවලු!!

      Delete
  17. සිරා..

    සෑමගේ වැලන්ටයින් මෙන්න http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

    ReplyDelete
  18. ලස්සනයි...ඇත්තමයි...
    ලස්සනම ලස්සනයි...
    ඒත් මේ ලියවෙන්නෙ
    සිතිවිල්ලක්ද​?ප්‍රාර්ථනයක්ද​?...
    මේ සිතිවිල්ලක්නම්...
    ආයිමත් කියනව ලස්සනයි කියල....
    ඒත් ප්‍රාර්ථනයක්නම්...
    එක හිතින් පතනව
    ඉක්මනින් ඉටුවෙන්න කියල....

    සමහර හීනවලට අපි කැමතිවුනත් කවමදාවත්ම සමුදෙන්න ලේසි නැහැ යාලු......ඒ හීන හැමදාම අපේ මතක එක්ක ජීවත් වෙනව...

    ReplyDelete
    Replies
    1. මේක සිතුවිල්ලක් වගේම ප්‍රාර්ථනාවක් යාලු!! ස්තූතියි!!

      Delete
  19. හෙට දවසට විතරක් ඔච්චර ආදරයක් අරන් ඇවිත් යන එකේ මොකද්ද තියෙනෙ ප්‍රයොජනේ.. හැමදාම ඒ වගේ ආදරෙන් ඉන්න බැරිනම්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ!! ඒථ් හැමදාකම උදා වෙන හෙට වත් ඇවිත් යන්න පුළුවන් නම්....

      Delete
  20. ඇයි මේ මිනිස්සු හෙට විශේෂයෙන් ආදරේ ගැන කතා කරන්නෙ? එතකොට අනිත් දවස්?මට නම් ඔය දවස කවදාවත් වැදගත් නැහැ......ආදරේ හැම දවසකටම වැදගත්.....

    ReplyDelete
    Replies
    1. හෙට දවස හැම කෙනෙක්ටම වැදගත් නෙ කිරිල්ලි..;) හෙට කියන්නෙ හෙට..;)

      Delete
  21. හ්ම්ම් ලස්සනයි ඒත් ආදරේ එක දවසකට සීමා කරගන්න එපා යාලු..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... නෑ කවදාවත්ම හිතූගෙ ආදරේ එකදවසකට සීමා වෙන්නෙ නෑ..

      Delete
  22. බාලගිරි දොෂය හේට නොවේ අද.... ලස්සන පැදි පෙලක් නගේ

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් අයියේ බාලගිරි දෝෂේ වගේ තමා මේක..

      Delete
  23. කවි ටික හරිම ලස්සනයි...
    ආදරේ කියන්නෙ එක දවසකට විතරක් සීම වුනු දෙයක් නෙමේ නේද??

    ReplyDelete
    Replies
    1. ස්තූථියි අයියේ!! ඔව් ආදරේ එකදවසකට සීමා වෙන්නෙ නම් නෑ..ආදරේ හැමදාටම ඕනෙ..ඒත් ආදරයක් පටන් ගන්න දවසක් තියෙන්න පුළුවන්..

      Delete
  24. බාලගිරි දෝසෙත් හෙටෙයි කියනවා නේ නේද ?

    ලස්සන කවියක් සහෝදරී

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ බාලගිරිත් අද නෙවෙයි හෙටලු!!!

      ස්තූතියි සඳරු අයියේ!!

      Delete
  25. අපිට නම් වෙනසක් නෑ...

    ReplyDelete
  26. pavithra adare balaporuthuwa sadahatama esemai...eya 'හෙට' kiyana vachanen seema kalae aidooo..!
    kaviya lassanai..!

    ReplyDelete
    Replies
    1. හැමකෙනෙක්ම හිතන්නෙ මට හෙටට විතරක් ආදරේ ඔනෙ වෙලා කියලාද?? එහෙම නෑ.. ආදරේ නාමයෙන් හෙට කියලා දවසක් හැමදාම තියෙන නිසා, හෙටවත් එන්න කියලා කිව්වෙ..

      ස්තූථියි යාලු!!

      Delete
  27. ඇයි අද බ්ලොග් අවකාශයේ සේරෝම ආදරේ ගැනම කතා කරන්නේ ??? හික්ස් :)
    අර ෂැගියට වගේ මටත් වැඩි වෙනසක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මේ දවස්වල කට්ටියම ආදරෙන් මුසපත් ව්එලා..:D

      Delete
  28. "හිතුනෝතින් විතරක්ම නුඹට
    මා බලන්න ඇවිත් යන්න..."

    හෙට නෙමෙයි නංගියෝ.. ආදරය කරන හිතකට..
    අද හොඳම දවස නුඹ එනවානම්.. :)

    කවි සිතිවිල්ල ලස්සනයි නගේ..:)

    ReplyDelete
    Replies
    1. අද අදින් ඉවරයිනෙ අක්කෙ..ඒකයි හෙට කිව්වෙ.. හැමදාම හෙටක් තියෙනවනෙ..:D

      ස්තූතියි අක්කියෝ!!

      Delete
  29. හදවතින්ම පතන මේ ආදරේ ඇර
    වෙන වැලන්ටයින් තෑගි මොකටද . . .

    ReplyDelete
    Replies
    1. අනිවා... ආදරේ විතරක් දෝත පුරවලා ගෙනවොතින් ඇති!!!

      ස්තූතියි අයියේ!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....