නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

25 February 2012

තටු සිඳුනු සමනළී -අවසාන කොටස

ඔන්න මාස ගානකට කලින් ලියන්න පටන්ගත්ත මේ පිස්සු කතාවෙ අවසාන කොටස තමා අද ඔයාලා කියවන්නෙ. මේ මගේ අවසාන සහ පළවෙනි කතාව. මේ ගැන තව හුඟාක් දේවල් කියන්න තිබුණත් මම ඒ හැම දෙයක්ම කතාවට පසුවදනින් කියන්නම්....

මෙතෙක් කතාව නොදන්න අයයි, අමතක අයයි මුල කොටස් කැමතිනම් කියවලා එන්න...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18
තටු සිඳුනු සමනළී 20
තටු සිඳුනු සමනළී 21

අද අවසාන කොටස........
-------------------------------------------------------------------------------------------------------
ජීවීතේ කියන්නෙ මහා පුදුම දෙයක්. සමහර දේවල් මිනිස්සුන්ට ලැබෙන්නෙ හිතන්නෙවත් නැති මොහොතක, පුදුම වාසනාවන්ත විදියට මහ ගොඩාක් සැනසීමයි සතුටයි එක්කයි. ඒත් ඒ වගේම තමයි, ඒ ලැබුනු දේවල්ම, නොහිතනා මොහොතක මහා නපුරු විදියට, හුඟාක් අවාසනාවන්ත විදියට අහිමි වෙන්නෙත්.හිමිවීම් අහිමිවීම් එක්ක ගෙවෙන මේ ජීවිතේ ,දසුන් කියන්නෙ තවත් එක හිමීවීමක්, අහිමි වීමද කියලා මම කල්පනා කලා.

ජීවිතේ මේ අවුරුදු 19ටම මට නොලැබිලා ගිය දේවල් හරිම ටිකයි..ඒත් ඒ අතරට මම මහා ගොඩාක් ආදරේ, මගේ ජීවිතේට මට හුඟාක්ම වටිනවා කියලා සලකන දසුන්ගෙ ආදරේත් ළඟදිම එකතුවෙයිද මංදා..මම හිතින් ඔන තරම් දසුන්ව අමතක කරන්න උත්සාහ කලත් ඒක නිකන් ගගට කපන ඉණි වගේ වුනා.තනි වෙන හැම මොහොතකම,හිතට තනිකමක් දැනෙන හැම තත්පරයකම,කොටින්ම ගතවෙන හැම මොහොතකම මගේ හිත දිව්වෙ අතීතයට.

 ගත වෙලා ගිය මේ අවුරුදු දෙකහමාරට මම රෑ කියක් නොනිදා ඉන්න ඇත්ද? රෑ කීයක් මම අඬ අඬ ඉන්න ඇත්ද? දවස් කීයක්නම් කදූලූ ඇස් වල පුරවගෙන නුගේගොඩ පාරවල් දිගට  ඇවිදගෙන යන්න ඇත්ද?අවුරුදු  19ක් තිස්සෙ මාව රැකබලාගත්තු අම්මා තාත්තාගෙ ඇස් මඟ ඇරලා ,මම මොනතරම් බොරු කන්දක් කියලා ඇත්ද?? ඒ මොනා නිසාද?මොකක් හින්දද? මම මගේ හිතින් ඇහුව ක්ෂ්ණිකයෙන් මට හිත කිව්වෙ එක දෙයයි,ඒ ආදරේ නිසයි.මම දසුන්ට මහා ගොඩාක් ආදරේ කළා.

 රොටරිය ඇතුළේ මුණ ගැහුනු දාහක් ඇස් අස්සෙ, මගේම කියලා දැනුන ඒ ඇස් වලට ආදරේ කලේ, මගේ ඇස් පිය වෙන දවසක විතරක් ඒ ඇස් වලින් මිදෙන්න හිතාගෙනයි. ජීවිතේ පුංචි දුරක් ඇවිත් ඒ අත් අතාරින්න මම කවදාකවත් හිතුවෙ නෑ..හීනෙන්වත් එහෙම නොහිතපු මගේ අත් ගසා දාලා දසුන් දුරකට යන්න හදන්නෙ ඇයි කියලා මම උදේ හවා කල්පනා කළා. මොන තරම් කල්පනා කලත්, මගේ ප්‍රශ්න වලට උත්තර මා ළඟ තිබුණේ නෑ. මම දවසින් දවස අසරණ වුනා.

"මොකක්ද බං උඹට පිස්සුද?? ඔය මිනිහා විතරද මේ ලෝකෙටම කොල්ලෙක්ට ඉන්නෙ?අතෑරලා දාපං බං.නිකන් ඔහොම බාල්දු වෙන්න එපා."

"මොන විකාරයක්ද මධූ, ඌට යන රටකට තොරොංචි වෙලා යන්න දෙන්න, දාලා යන්න හදන එකෙක් එක්ක මොන කතාද බං?"

"මධූ උඹට දසුන් නැති වුනා කියලා මේ ලෝකෙම නැතිවෙන්නෙ නෑනෙ.පිස්සු නටන්න එපා අනික උඹට වෙන කොල්ලෙක් හොයාගන්න බැරිකමක් නෑනෙ..මොකට ඔච්ච්ර මැරෙන්න යනවද?"

"උඹ දුක් වෙන්නෙපා මධූ.. දසුන් උඹට සැර වැඩියි. උඹට හරියන්නෙ ඊට වඩා නිවිච්ච කොල්ලෙක් මධූ. උඹට ජීවිතේ ලස්සනට දකින්න පුළුවන් කෙල්ලෙ. දසුන්ට ජීවිතේ පේන්නෙ නෑ..එයා ඉන්නෙ හීනෙක. එයා හරියන්නෙ නෑ උඹට කෙල්ලෙ. අපි දසුන්ව අමතක කරලා හිමින් හිත හදාගමු."

"දසුන් කියන්නෙ පිස්සෙක්. උඹ නිකන් පිස්සෙක් නිසා උඹේ අම්මාවයි තාත්තාවයි පිස්සු වට්ටන්නෙපා මධූ...උඹට වෙන හොද කොල්ලෙක් හම්බෙයි.."

"ඔන්න ඔහෙ අමතක කරපන් කෙල්ලෙ.මතකනෙ උඹම අනිත් එවුන්ට කියන පණ්ඩිත කතා,ජීවිතේ හොඳම හොඳම අය හම්බෙන්නෙ පහු වෙලා කියලා ,ඉතින් උඹටත් හොදම කෙනෙක් හම්බෙයි"

හසී,දිලූ, තමාෂී,නිශා,හංසි,විභාෂිණී, ශමල්කා,කෞශි මේ හැමෝම කිව්වෙ එක එක කතා.දසුන්ව අමතක කරන්න, හොද කෙනෙක් හම්බෙයි. ඔය වගේ රටේ නැති කතා කියලා මගේ හිත හදන්න පුදුම උත්සාහයක් ගත්තෙ.

ඒත්, "උඹලා දවසකට හරි ආදරේ කරලා තියනවනම් කොහොමද එහෙම කියන්නෙ? අවංකව ආදරේ කරපු හිතක් එහෙම අමතක කරන්න පුළුවන්ද උඹලට? මට නම් බෑ.. ඔව් මට බෑ..බෑ මයි. මගේ ආදරේ වෙනුවෙන් අඬන්න මට ලැජ්ජ නෑ. ඒක බාල්දුවීමක් කියලා උඹලට පේන්නෙ උඹලා මම ගැන නොදන්න නිසා වෙන්නැති..එකට හිටියත් මගේ ආදරේ තේරුම්ගන්න උඹලාට බෑ..මම මේ තරම් දසුන් මත්තෙ නැහෙන්නෙ ඇයි කියලා උඹලා මගේ දිහා වපර ඇහින් බැලුවට මම තරහා නෑ...මට දසුන් නැතිවීම දරාගන්න බැරි එකම එක හේතුවක් නිසා විතරයි.ඒ මම දසුන්ට ආදරේ නිසයි..පපුව පලලා පෙන්නන්න මට පුළුවන් නම් ,උඹලට තේරෙයි. මේ හිත පුරාම ඉන්නෙ දසුන් විතරයි.මට වෙන කොල්ලො ඕනෙ නෑ.. මට ඕනෙ දසුන්ව විතරයි දෙයියනේ..ඔව් මට ඕනෙ මගේ ආදරේ විතරයි...මම බොළද කෙල්ලෙක් කියලා මට හංවඩු ගැහුවට කමක් නෑ..මගේ ආදරේ මට ආපහු ඉස්සර වගේම ලැබෙනවනම්, මම ආදරේ හිඟාකන්න හරි ලෑස්තියි..."

දාහක් දේවල් එක එක්කෙනා කියවගෙන කියවගෙන යද්දි මට කෑගහලා කියන්න හිතුනෙ එච්චරයි. යටිගිරියෙන් කෑගහලා මුළු ලෝකෙටම ඇහෙන්න මට කියන්න ඕනෙ වුනේ එච්චරයි. ඒත් මම මොන තරම් අසරණද කිව්වොත් මගේ හිත ඇතුලෙ තෙරපෙන කිසිම හැඟීමක් එළියට දාගන්න බැරි තරමට මම මනසින් දුර්වල වෙලයි උන්නෙ.
-----------------------------------------------------------------------------------------------------------
දවස් ගෙවුනෙ හුඟාක් ඉක්මණට. කාලෙට තටු ඇවිත් තිබුණේ මගේ තටු සිඳෙන්න යද්දියි. දසුන්ට මගේ හිතේ තෙරපෙන දේවල් කියල දාලා මේ හිත එක මොහොතකටවත් නිදහස් කරගන්න තිබ්බානම් කියලා හිතූනා. 

"ඒත්  මම කොහොමද දසුන්ව මූන ගැහෙන්නෙ? එයා යන එන තැනක් දන්නෙත් නෑ...හම්බවෙන්න ,අඩුම තරමෙ  එක සැරයක් ඒ මූණ බලාගන්න තිබ්බානම්"

හිත හිත ඉඳලා තේරුමක් නැති බව තේරුණූ තැන මම , ධනුෂ්කට කෝල් කරලා බලන්න හිතුවා.ධනුෂ්ක අපි එක්ක එකට පංති ආව ගිය දසුන්ගෙ ගෙවල් කිට්ටුව ඉන්න හොඳම යාලුවෙක්. මාත් එක්ක වුනත් හුඟාක් කිට්ටුවෙන් හරිම යාළුකමින් හිටපු කෙනෙක්.ධනුෂ්කට කෝල්  කලොත් උදව්වක් ගන්න පුළුවන්වෙයි කියලා හිතපු නිසාම මම ධනුෂ්කට කෝල් කලා.

"හෙලෝ ධනුෂ්ක !!මම මධූ.."

"ආ..මධූ කියන්න ඉතිං...කොහොමද??"

"කියන්න හොදක් නෑ ධනුෂ්ක..ඔයා දන්නවනෙ ඉතිං."

"අනේ මංදා මධූ.මටත් හිතාගන්න බෑ..මම සැරයක් දසුන් එක්ක ඔයාල ගැන කතා කරන්න ගිය වෙලාවෙ දසුන් කිව්වෙ එක දෙයයි.ප්ලීස් මචං ඔය ගැන කතා කරනන් එපා කියල.ඉතිං මමත් එදායින් පස්සෙ කතා කලේ නෑ ඔය ගැන. අනිත් එවුනුත් මම අහගෙන බනිනවා ඌට. අනේ මංදා.."

"අනේ මංදා තමා ධනුෂ්ක.මට පිස්සු හැදෙයි..."

"හරි මධූ.දැන් මොකක්ද කෙරෙන්න ඕනෙ මගෙන්.පුළුවන් දෙයක්නම් කරන්නම්. ඒත් දැන් පරක්කු වැඩියි නේද? මොකක්හරි  පණිවිඩයක්නම් කියන්නම් මම.."

"පණිවිඩයක්නම් තමා ධනුෂ්ක.මට දසුන් එක්ක කතා කරන්න ඕනෙ එකම එක සැරයක්වත්. එයාගෙ ෆෝන් වැඩ නෑ. වැඩ කලත් වැඩකුත් නෑ එයා මා එක්ක කතා කරන්නෙ නෑ..මට එයාව හම්බෙන්න, කොහොමහරි චාන්ස් එකක් හදලා දෙන්න.."

මම කියවගෙන කියවගෙන ගියා. ඒත් ධනුෂ්ක සද්දයක් නෑ...

"හෙලෝ ධනුෂ්ක, මොකෝ සද්ද නැත්තෙ?"

"මධූ... I'm very sorry මධූ.. ඒක කරන්න බැරිවෙයි.. දසුන් හෙට පාන්දර UK යනවා.පාන්දර 2යි ගානකට ෆ්ලයිට් එක තියෙන්නෙ.මං හිතුවෙ ඔයා ඒක දන්නවා ඇති කියලා."

"අනේ... මො..මො..මොනාද ධනුෂ්ක කියන්නෙ ඔයා.... විහිළු කරන්නෙපා.. මේ වෙලාවෙ."

"විහිළු නෙවෙයි මධූ.ඇත්ත.බොරුනම් ඔයා අහලා බලන්න අපේ එකෙක්ගෙන්. ඊයෙ මම දසුන්ගෙ ගෙදර ගියා. අපේ එවුන් ඔක්කොම ගියා. ඌ පාටියක් දුන්නානෙ රට යන එකට.මම හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා. ඔය ගැන අන්තිම වතවට එකෙක් ඇහුවාම ඌ කිව්වෙ ඒවා ඔක්කොම හරි මචං ශේප් කියලයි.."

මට ධනුෂ්ක කියපු වචන ඇහුනෙ හුඟාක් ඈතින්. මගේ කන් අඟුල් වැටිලා , කම්මුල්වල නහර දිගට උණු වේගෙන ආවා. කඳුළු බෝල නොනවත්වා එක පෙළට වැටෙද්දි මම ගොළුවෙලා බලන් උන්නා.එහෙම්ම ෆෝන් එක කට් කරපු මම කාමරේ දොර ලොක් කරලා බිම ඉඳගත්තා. 

"මම මොනාද කරන්නෙ දෙයියනේ..මේක ටිකක්වත් කලින් දැනගත්තානම්? අනේ දසුන් සදහටම මගෙන් ඈත්වෙන්න තව පැය කීයද? මේ මහ රෑ මම මොනා කරන්නද දෙයියනේ..."

කරකියාගන්න කිසිම දෙයක් නෑ..."මේ ජීවිතේ මට මෙහෙම දඬුවම් දෙන්නෙ ඇයි දෙයියනේ... මම මැරිලාවත් ගියානම්.. අනෙ මම මැරුණානම්....."

සීතල ටයිල් පොළොවෙ  මූන ඔබා ගත්තු මට , කදූළු ගලන රත්වෙච්ච මගේ කම්මුල් වලට දැනුනෙ සීතලක්.ඒත් එක මොහොතකින් ඒ සීතල නැති වෙලා ගියා. කඳුළු ගලලා ගලලා රත්වෙලා පදම් වුනු ලේ නහර වල රස්නෙ ,සමහරවිට මේ සීතල ටයිල් කැටවලටත් දරාගන්න බැරුව ඇති.ගිනි කන්දක් නිවලා දාන්න වතුර බාල්දියකට බෑ වගේ,මගේ පපුවෙ ඇවිළෙන ගින්න නිවන්නත් කාටවත් බැරිවෙයි.

ටයිල් පොළොව දිගට මහා කදූළු ගඟක් ගලාගෙන ගියා.මට මැරෙන්න බෑ..මම ජීවත් වෙන්න ඕනෙ. පුංචී හීරිමක්වත් වෙන්න නොදී පණ වගේ මාව පරිස්සම් කරපු මගේ සුදු අම්මා මම මැරුණොත් පැලෙයි. මගේ රත්තරං තාත්තාට ඒක දරාගන්න බැරිවෙයි.මම පොළොවෙ මූණ ඔබාගෙන ඇඬුවා. මම නළල ගහ ගහ ඇඬුවා. ආයෙත් වෙනස් කරන්න බැරි මගේ හිත අල්ලාලා මිරිකලා පොඩි කරලා විසික් කරලා දාන්න මට හිතුණා. මගෙම කොණ්ඩෙ හතර අතට ඇද ඇද මම ඇඬුවා.හිතේ තියෙන වේදනාව ඉවරයක් වෙලා යනකන්ම මම ඇඬුවා.බිම පෙරළි පෙරළි ඇඬුවා. අඬන එක හැර මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ..
------------------------------------------------------------------------------------------------------------
පහුවදා ඉර පෑව්වෙ නැත්තම් මොන තරම් හොදද කියලා මට හිතූනා. අඬලා අඬලා ඇස් ඉදිමිලා රතු වෙලා තිබුණා. මූන පුරාම කඳුළු පාරවල් හැම තැනම. කණ්නාඩියෙන් මගේ මූණ දැක්කාම මටම බලන්න බැරි තරම් දුකක් තිබුණා. දසුන්.... මේ වෙනකොට දසුන් සදහටම මගෙන් ඈත් වෙලා ගිහින්.. ලංකාවෙනුත් ඈතට ගිහින්. ආයෙත් කවදාකවත් මට හම්බවෙන්න බැරිවෙයි.ඒත් ගවු ගානක් ඈතකට ගියත් මට ඒ සුවඳ අමතක කරන්න පුළුවන් වුනේ නෑ..

අම්මාගෙන් මූණ හංගගෙන නාන කාම්රේට ගියපු මම පැය ගාණක් නාගත්තා. නාගෙන ආවම මතක් වුණේ දසුන්ට කියවන්න මැසේජ් එකක් යවන්න පුළුවන් හොදම ක්‍රමේ,  ෆේස්බුක් කියලා. ඒත් කරුමක්කාර මට ගෙදර ඉන්ටර්නෙට් නෑ. හසීලාගෙ ගෙදරින් මැසේජ් යවන්න ගියොත් හසීගෙ බණ අහලා ආපහු එන්නයි වෙන්නෙ.අවසානෙදි හංදියේ නෙට් කැෆේ එක මතක් වුනේ වාසනාවකට වගේ. අඬලා හෙම්බත් වුණු මූණේ තෙහෙට්ටු පාට මකන්න පවුඩර් ඩිංගක් උලා ගත්තු මම , ඩෙනිමයි, ටීශර්ට් එකයි ඇදගෙන මවාගත්තු හිනාවක් අම්මාට දාගෙන අම්මා ලඟට ගියා.

"අම්මා මම හසීලාගෙ ගෙදරට දුවලා එන්නම්. මේ නෝට්ස් වගයක් ගන්න."

"අ.. හදිස්ස්යෙම? ඔයාගෙ මූණත් අමුතුයි."

"ආ.. නෑ අම්මා පාඩම් කරන්න නිදි මැරුවානෙ.ඒකයි.. .පොඩ්ඩක් හදිස්සියි..ඕනෙම නෝට් එකක්.."

"හා හා.ගිහින් ඉක්මණටම එන්නකෝ..පරිස්සමින්"

අම්මාට වැඳලා , අහුවෙච්ච රබර් සෙරප්පු කෑලි දෙකක් දාගෙන ගෙදරින් දිව්වෙ තිබුණූ හදිස්සියටයි.

වෙලාවට එදා උදේ 10ට විතර කැෆේ එකේ වැඩිය කට්ටිය හිටියෙ නෑ..හදිස්සියට පාස්වර්ඩ් එක ගහන්න ගිහින් දෙතුන්සැරයක්ම වරදිද්දි මගේ ඇඟ සීතල වුනා.

"දසුන් මගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මාරු කරලාවත්ද?"

අවසානෙදි කොහොමහරි හරියට පාස්වර්ඩ් එක ටයිප් කරලා ලොග් වුණා.

දසුන්ගෙ ප්‍රොෆයිල් එකට ගිය ගමන්ම දැකපු දෙයින් මගේ හුස්ම නැවතුණා.

       Dasun Saminda  In a Relationship with Manushi Athapattu
February 25, 2010


"මම මේ මොනාද දකින්නෙ දෙයියනේ.... මේ මම ආදරේ කරපු මගේ අහිංසකයා නේද? රොටරියෙ කොල ගුලි ගහපු ඒ අහිංසක ඇස් තියන කොල්ලා මට මෙහෙම නපුරු වුණේ කොහොමද?? මම මේ දකින්නෙ හීනයක් වෙන්නැති..ඔව් හීනයක්..මේක හීනයක්.. මේක වෙන්න බෑ.. මගේ දසුන් මට මෙහෙම කරන්නෙ නෑ... එයා එහෙම කරන්නෙ නෑ මට"

මම කඳුළු අස්සෙන් ඇස් පිහදාගෙන ආයෙත් ස්ක්‍රීන් එක දිහා බැලුවා. අදහාගන්න බැරිම තැන මම මාවම කොනිත්තගත්තා....

"මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්.. මම ආදරේ කරපු, මගේ ජීවිතේ මාව දාලා ගිහින් විතරක් නෙවෙයි..සදහටම මගෙන් ගත්තු ඒ ජීවිතේ වෙන කෙනෙක්ට   භාර දීලා..දෙයියනේ දසුන් මාව මැරුවනම් මීටවඩා හොද නැද්ද..... මෙහෙම දඬුවමක් මට දෙන්නෙ මම කරපු වරද මොකක්ද කියලා මේ අද වෙනකම් මම දන්නෙ නෑ...අඩුමගානෙ මට ඒකවත් කිව්වානම්..."

පාරට පැනලා වේගෙන් එන බස් තඩියකට පනින්නත් හිතූනා මට. 

"මහා ගොඩක් ආදරෙයි කියලා, මාව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා පොරොන්දු දීලා, කිසිම දවසක දුකක් දෙන්නෙ නෑ කියලා මේ ඔළුවෙ අත තියලා දිවුරපු ඔයා, පොරොන්දු රැක්කෙ මෙහෙමද දසුන්??? ආදරේ කියන්නෙ මෙහෙම ගින්දරකටද ?? ඒකද දසුන් මේ ඔප්පු කලේ මට? පණටත් වඩා ඔයාට ආදරේ කරපු මාව  අසරණ කරලා දාලා ගියේ , මම ඔයාව මගේ ආදරේ නෙවෙයි ජීවිතේ කරගත්තු නිසාද?එක දෙයක්නම් ඉර හඳ වගේ විශ්වාසයි මට. ලෝකෙ කොහේ ගියත් ඔයාට මම තරම් ආදරේ කෙනෙක් හම්බුවෙන්නෙ නෑ දසුන්.."


ස්ක්‍රීන් එක දිහා බලාගෙන අතරමං වෙලා උන්නු මට මේ වේදනාව දරාගන්න බැරි වුණා. තවත් මැසේජ් යවන්නවත්, දසුන්ට කතා කරන්නවත්, අකුරක් ටයිප් කරන්නවත් මගේ අත් වලට පණ තිබුණේ නෑ.පණ පිටින් මළමිනියක් වුනු මට තවත් හිතන්න බලන්න දකින්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.අවසානෙදි මට ,ආදරේ ජීවිතේම කරගත්තු වරදට සදහටම දඬුවමක් ලැබුණා.



පාට පාට හැඩතල තවරලා,
ඔයා මවලා දුන්නු ලස්සනම ලස්සන
ඒ සමනළ තටු එක්ක
මම ඉගිල්ලුනේ හරිම පරිස්සමට.......
ඔයාගෙයි මගෙයි ඒ පුංචි ලෝකෙ
ඔයාගෙ ඇස් මානෙම, 
ඔයා ඇඳපු ඒ සීමාවෙ විතරක්ම
ඉගිල්ලුනා මම හරි සැහැල්ලුවට.........
කාගෙ ඇස් වහක් වැදිලාද මංදා,
ඒ සැහැල්ලු සමනළ තටු වලට
ටිකෙන් ටික දැනුනෙ මට නම්
දරාගන්න බැරි බරක් හිමි හිමිහිට........
අවාසනාවක තරම මොන තරම්ද,
සැහැල්ලුවෙන් සතුටෙන් ඉගිල්ලුනු 
මගේ අහිංසක සමනළ තටු සිඳුනා 
ඔයාගෙ නෙවෙයි මගේ කරුමක්කාරකමට.......

                                       
                                        ෴ නිමි ෴

---------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,අවසානය එසේ  විය.....
පාට පාට විසිතුරු අරුමෝසම් ලෝකයක,  අහිංසකව ඉගිල්ලුනු සමනළියකගේ තටු එලෙස සිදී ගිය වගයි.......

මෙච්චර කාලයක් මේ කතාව එක්ක එකතු වෙලා හිටිය ඔයාලට හුඟාක් ස්තූතියි. ඒ වගේම කියවන්න ලස්සන කතාවක් විදියට ලියන්න මට අදහස් කියපු, උදව් කරපු හැම කෙනෙක්ටම හුඟාක්ම ස්තූතියි!!! කතාවෙ අවසානෙ වගේම වැදගත්ම "පසු වදනින්" හමුවෙමු....නැවතත් ඔයාලා හැම කෙනෙක්ටම හුගාක්ම ස්තූතියි.

ප.ලි- කතාවට දුක්බර අවසානයක් දුන්නාට කවුරුත් අමනාප වෙන එකක් නෑ නේද මාත් එක්ක?

Post Comment

86 comments:

  1. මම අද එක ! දැන් කියවමු පෝස්ට් එක !

    ReplyDelete
  2. දුක හිතෙන අවසානයක් !
    එක දෙයක් හිතාගන්න බෑ..... දසුන් මේ තරම් වෙනස් වෙන්න බලපාපු හේතුව මොකද්ද කියලා දනගන්න පුලුවන් ද ? අර එයා ඉන් අ රිලේශන්ශිප් කියලා දාපු කෙල්ල කවුද ? එයාව කොහොමද හම්බ උනේ ?
    මට තියෙන මේ ප්‍රශ්න වලට උත්තට පසු වදනින් බලාපොරොත්තු වෙමි !!!

    දුක්බර අවසානයක් උනත් මේ කතාවට මේ අවසානහ හොදයි !

    ජය වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. දසුන් වෙනස් වෙන්න හේතුව හරියටම මධූවත් දන්නෙ නෑ.. අනික මිනිස්සුන්ට වෙනස් වෙන්න හේතුවක් ඕනෙමද අයියේ???රිලේශන්ශිප් දාපු කෙල්ල ගැන කලින් කොටසෙ කිව්වෙ. එයා මූණූ පොතෙන් මුණ ගැහිච්ච කෙල්ලෙක්.

      පසු වදනින් ප්‍රශ්න නිරාකරණය කරන්න බලාපොරොත්තුවෙනවා. හැබැයි කතාව අවසානෙ පාඨකයා දැන්ගන්න ඕනෙ ටිකක් හිතන්න ;)

      ස්තූතියි අයියා!!

      Delete
  3. "ආදරේ ජීවිතේ කරගන්නෙ නැතුව ජීවිතේට ආදරේ කරන්න"

    දසුන් මධූව මග ඇරපු හැටි නම් අන්තිමයි. ආදරේ කරන්න බැරි නම් ඒ වග කෙලින්ම කියන්න ඕන.

    මොනදේ වුණත් "හැම දේම වෙන්නෙ හොඳටයි"! බොරුකාරයෙක්ගෙන් ගැලවෙන්න ලැබුණ එකම මදැයි නේද?

    ReplyDelete
    Replies
    1. //"ආදරේ ජීවිතේ කරගන්නෙ නැතුව ජීවිතේට ආදරේ කරන්න"// මමත් කාට වුනත් කියන්නෙ ඕකම තමා.

      ම්ම්ම්.. දසුන් හේතු දක්වන්න බැරිකමට මධූව අතරම්ං කලා..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හනේ හපොයි... කතාව දුඛාන්තයක්... හුඟක් අය කියනවා වගේ ආදරය සුන්දර නෙමේ අසුන්දරම වරදක්ම වෙලා..

    කතෘගේ මහන්සියට බොහොම ස්තුතියි...

    (පොඩි වචන අවුලක් නිසා කලින් කමෙන්ට් එක ඩිලීට් කලේ)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!! ම්ම්ම්... හුඟාක් කතා වල අවසානෙ ඉතුරු කඳුළු තමා සහෝ!!

      Delete
  6. ඇයි දසුන් මේ තරම් වෙනස් උනේ.... දුක් බර අවසානයක් තමා... තටු ගැලවිලාම ගියා නේද සමනළී ගේ... ? :(( කමක් නෑ සමනළී ජීවිතේ විනාස කරගන්නෙ නැතුව ඔයිං ගියා ඇති... මෙහෙම දේවල් නොවෙනවා නෙවේ...

    ReplyDelete
    Replies
    1. ද්සුන් වෙනස් වුනේ ඇයි කියලා එයාම තමා දන්නෙ.හ්ම්ම්.. තටු ගැලවිලා කුඩුපට්ටම් වෙලා ගියා..:)

      Delete
  7. aiyoooooooooooo..dukai ane :((((((((((((((

    ReplyDelete
    Replies
    1. දුක තමා ඉතින්. ඇනෝ අඬන්නෙපා..:D

      Delete
  8. සැහෙන්න දුක හිතෙන අවසානයක්....මගේ ජීවිතේට හුගාක් සමීප අවසානයක් මම මේකෙන් බලපොරොත්තු උනේ නෑ හැබැයි..මට නම් හිතෙන්නෙ මේක ඇත්ත කතාවක්ද මන්දා...:)
    ඔයාට හොද ලිවිමේ හැකියාවක් තියනවා හිතූ...පසුවදනින් ප්‍රශ්න වලට උත්තර දැනගන්න බලන් ඉන්නවා ඉක්මන්ටම.....:)
    "ආදරේ ජීවිතේ කරගන්නෙ නැතුව ජීවිතේට ආදරේ කරන්න"

    ReplyDelete
    Replies
    1. ම්ම්.. දුක හිතෙන අවසානයක් තමයි හිරූ..ඔයාගෙ ජීවිතේට වගේම තවත් හුඟාක් අයට සමීපයි මේ කතාව.හි හි ඇත්ත කතාවක්ද නැද්ද කියලා මම පසු වදනින් කියන්නම්කෝ..
      ස්තූතියි!! ඉක්මණින් පසු වදන ලියන්නම්...

      Delete
  9. මගේ කාමරේත් එක දොරක් ගලවලා තියෙන්නේ.. දොර වහගෙන පිස්සුවක් කෙලින්න හදපු නිසා..

    ජිවිතේ කවදාවත් වරදින්න එපා කියලා ප්‍රර්ථනා කරනවා මධුට.

    ගොඩාක් දුක්බර අවසානයක්. එත ලස්සනට හිතට දැනෙන්න අකුරු කරලා තියෙනවා..

    පසු වදනත් ඉක්මනට දාන්න. නැත්තම් කුතුහලය නිසා පිස්සු හැදෙයි :D

    ReplyDelete
    Replies
    1. හොද වැඬේ වර්ණෝ.. දොරවල් වහගෙන පිසු කෙලින්න හදන්නෙ..:ප් :/

      ම්ම්.. මධූට වරදින එකක් නෑ..ස්තූතියි වර්ණා.අපි දෙන්නාත් ෆිට් වුනේ මේ කතාව නිසානෙ..:)

      ඉක්මණටම පසුවදන දානවා..

      Delete
    2. nathuwa.. me kathaawa nisaa thamayi oyawa mata muna gahuneth.. haa haa puraa kiyalaa mama kiyawapu palaweni kathaawa :)

      Delete
    3. ඒකනෙ. මේ කතාව නිසා මට හම්බුනු ඔයා,අද වෙද්දි මගේ හොදම යාළුවෙක්.:)

      Delete
  10. කියන්න හිතට මුකුත් එන්නෙ නැහැ යාලු. දැනට මාස දෙකකට කලින් ආයෙ කවදාවත් නොයෙන්න මටත් නොකියම මගෙන් ඈතකට වෙන්වෙලාගිය මම මහ ගොඩක් ආදරය කෙරුව මගේ රත්තරන් කෙල්ල, මගේ නංගි පැටියව මේ අවසානය කියවද්දි ආයිමත් මතක් වුණා :(

    ඒ කතාව ලියන්න හිතුවත් ආයිත් මතක් කරන්න ඕන නැහැ කියල හිතුන.දුක හිතෙන අවසානයක්.....ස්තූතියි අතීතයට අරන්ගිය​ මේ මතකයට.....

    ReplyDelete
    Replies
    1. මුලින්ම අතීතය මතක් කරලා මම ඔයාගෙ හිතට දුකක් එකතු කලානම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා..:(

      මගේ කතව එක්ක හිටියට ඔයාට හුඟාක් ස්තූතියි!!!

      Delete
  11. ඔන්න මේක තමය් කතාව ,ටිකක් මිනිස්සු මෙව්වා ලියනවා නම් (මම කියන්නේ 50%) කොච්චර වටිනවා ද ,,,අපි කතාවකින් බලන්නේ හීන ජීවත් කරවන්න ,එත් සමහර කතා නිසා අපිව ජීවත් කරවන ව ..ඒ කතා අමිහිරිය් තමය් එත් ඒ අත්දැකීම නිසා තවත් කී දෙනෙකුට අත්දැකීම් ලැබෙනවද ,අනතුර පේනවා ද ??
    (මම නොම්බර 17)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...!! මට ඕනෙ වුනේ කාගෙ කාගෙත් පොදු අත්දැකීමක් දැනෙන්න ලියන්න විතරයි අයියේ!!!

      Delete
  12. අයියො..! :( මම හිතුවෙ මධූට දුක් විදලා ලස්සන අවසානයක් තියෙයි කියලා. ඒත් මේක වෙනස් විදියටනේ ඉවර උනේ.. මධුරංග අයියා කිව්වා වගේ මටත් දැන ගන්න ඔනේ දසුන් වෙනස් වෙන්න හේතුව.. පසු වදන ඉක්මන්ට දාන්න... :D

    ReplyDelete
    Replies
    1. ම්ම්... හැමකතාව්ක්ම සතුටින් ඉවර වෙනවානම් කොච්චර හොදද? අපි බලමු පසු වදනින්..:)

      Delete
  13. දුකයි ගොඩක්.....

    ( ලෝකෙ කොහේ ගියත් ඔයාට මම තරම් ආදරේ කෙනෙක් හම්බුවෙන්නෙ නෑ දසුන්.. )
    මේ කියපු දේ ඇත්ත වෙයි කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්නෙපා..ජීවිතේ හැටි මෙහෙමයි!!! :)

      ම්ම්... ඔව් අනිවා.. දසුන්ට මධූ තරම් ආදරේ කෙනෙක් හම්බෙන්නෙ නෑමයි..

      Delete
  14. 1.අර එක පාරටම ආපු කෙල්ල කවුද ?
    දසුන් වෙනස් උනා කිව්වා එක නම් ඉතින් , හරි කමක් නෑ කියමුකෝ...

    ආ ඒක නෙවෙයි , මොකක්ද අර "අන්තිම සහ පලවෙනි කතාව " කියපු එක..මිට පස්සේ ඉතින් කතා ලියන එක නවත්තලා එහෙම තිබ්බොතීන් නේ බලාගමු :/

    ඔයාගේ කතාව ලස්සනට ගියා හිතු , පලවෙනි කොටසේ ඉදන් ආසාවෙන් කියෙව්වා :))

    ReplyDelete
    Replies
    1. කෙල්ල ගැන කලින් කොටසෙ මම හෝඩුවාවක් ලිව්වනෙ. ඉතුරුටික පාඨ්කයා හිතාගන්න ඕනෙ.;)

      හික්ස්ස්.. අම්මෝ.. තවත්නම් කතා ලියන්න බෑ අයියෝ!!! හා හා බලාගමුකෝ මම බයවෙයි ඔයාට..:p

      ස්තූතියි අයියේ!! පළවෙනි කොටසෙ ඉදන්ම ඔයාගෙ කමෙන්ට් එකක් මගේ කතාවට වැර්දුනේ නෑ.. ඒ වගේම මේ ෆිට් එකත් ,මේ කතාවත් එකට සම්බන්ධයි නේද?? තෑන්ක්ස් අයියා..:)

      Delete
  15. කියන්න කිසිම දෙයක් නෑ.. කොල්ලෝ හැමෝම ඔය වගේ කියලා නම් මම කියන්නේ නෑ..ඒත් ගොඩක් අය අපිව පාවිච්චි කරනවා නංගෝ.. හරියටම කිව්වොත් සමහර වෙලාවට backup plan එකක් විදියට.. මම මේ කියන්නේ හැමෝම ගැන නෙවෙයි.. එක කොටසක් ගැන.. අනේ මන්දා.. දසුන් මාරම වැරදියි.. මට කියන්න තියෙන්නෙ එච්චරයි..

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කෙ. අපේ දුර්වලකම ,අපේ බොළදකමනම්, අවංක කමනම්, ඒකෙන් හුඟාක් දෙනෙක් ප්‍රයෝජන ගන්න බලන්නෙ. හැමෝම නෙවෙයි.සමහරු

      මෙච්චර කාලයක් යනකම්, කතාවෙ මුල ඉදන්ම මාත් එක්ක හිටියාට තෑන්ක්ස් අක්කියෝ...

      Delete
  16. Ooooopppsss... මොනවා කියන්නද... කොල්ලෙක් අඩනවා කියන්න බැනේ.. හිතු, මේක ඇත්තම කතාවක් නේද...?

    ReplyDelete
    Replies
    1. OpZZzzzzz..අඬන්නෙපා..:) මේක ජීවිතේ.. ඒ ප්‍රශ්නෙට උත්තරේ පසුවදනින් බලමු..:)

      Delete
  17. සෑහෙන්න දුකයි..... හැබැයි ආදරේ ජීවිතේ කරගෙන ආදරේ කරන කොල්ලොත් නැතුවා නෙමෙයි මේවා මෙහෙම වෙන්නේ වැරදි කෙනාට ආදරේ කරන්න සිදුවෙච්චි නිසයි කියලයි මට හිතෙන්නේ... ..කෙල්ලොන්ගේ ලිස්ට් එකක් හදාගෙන පාළුවට ආදරේ කරන්න කෙල්ලෙක් හොයාගන්න කොල්ලොන්ට අහුවුනාම ඔහොම තමයි... කාලයක් තිස්සේ ආස්සරේ කරලා තේරුම් ගත්ත කෙනෙක්ට ආදරේ කරානම් මෙහෙම නොවෙන්න තිබුණා ලස්සනට ලියපු දුක්බර ආදර කතාවක්...

    සිඳුනු සමනල් තටුව
    වෙන් නොවන සේ පතමි
    යලි වරක් පෙර පරිදි
    ආකාසේ පියඹන්න

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සෙ ආදරේ කරලත් මෙහෙම වෙන අවස්ථා නැතුව නෙවෙයි මල්ලි.. ආදරෙන් අන්ධ වුනාම ජිවිතේ දුර පේන්නෙ නෑ...දසුන්ටයි මධූටයි තැනක් වැරදුනා.එතන හොයාගන්න කාටවත්ම බැරිවෙන්න ඇති..

      ස්තූතියි මල්ලි!!!

      කවිය වැඩි වට්නාකමක් එකතුකලා..ස්තූටියි!!

      Delete
  18. අන්තිමට මම එකතු කරන්න හදපු ප.ලි. කෑල්ල මූ වෙන කෙල්ලෙක් එක්ක සෙට් වුනායින් නැතිවෙලා ගියානෙ...

    මම නම් කියෙව්වෙ අන්තිම කොටස විතරයි... ඒකත් කියන්න එපැයි... නැත්තං හරි නෑනෙ. :)

    ReplyDelete
    Replies
    1. හුඟාක් අය අන්තිම කොටස විතරක් කියවන්න එකතුවෙලා තියෙනවා :) කමක් නෑ..ස්තූතියි!!

      වෙලාවට ප.ලි එක ඕනෙ නැත්තෙ.

      Delete
  19. පොඩි කරලා විසි කරලා
    නුඹෙන් දුර වීසි කල
    ආදරේ සැඟවෙලා තිබු
    තිවුනු එකම එක හිත
    අයිති
    තටු සිඳුනු සමනලී මම


    ලස්සන කතාවක්..තවත් දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ලස්සන කවියක්.. මට දැක්කගමන් හිත ගියා...
      ස්තූතියි රූ :)

      Delete
  20. දුක ෴
    කදුලකටම පෙනි නොපෙනි පේනිද්දි
    හද හිමිහිට යටිසිත කිති කවද්දි
    පෙර මැවුව සිහින එක්කල දැවෙද්දි
    මම තවමත් නුඹ ගැන හොයද්දි

    අළු පාට හීන ගොඩක පටලා
    වෙන්ව යාවිදෝ මගේ ආදරය පෙරලා
    නුඹ තැනට වෙන අයෙක් ඔනේ නැහැ කියලා
    මගෙ වදන් ඒවගෙයි තවමත් රැකිලා

    නුඹ දොඩපු බස් තවත් අඩනින්දෙන් පෙලලා
    මගෙ ලොවම කලකිරි කැඩේනවා හැලිලා
    ඔබේ සතුට මම තියන් ගයනවා හද පෙළලා
    ඒ තනුව හැහුනොතින් නුඹ එයි දුවලා.....


    නංගි ආදරයනම් තේරුම් ගැනිමයි එහි තේරුම් ගන්න හැමවරකම සතුට දුක මුසුවෙලා ඇතේ...

    මගේ හිතට ආපු කවිය මා එක්වර සටහාන් කරමි නිවැරදිකිරිමක් නැතුවම ...
    ඇත්තටම හොදට ලියලා තියනවා හිතට නැතිකරන තරමටම...
    මිට
    හිරු එළිය
    Dangaya :)

    ReplyDelete
    Replies
    1. කතාවට ලස්සනටකුයි,වටිනාකමකුයි දෙකක් එකතු කරලා අයියාගෙ කවි ටික.. හරිම ලස්සනයි..දුක්බර ගතියකුත් තියෙනවා...:)

      ස්තූතියි අයියේ!! ඇත්ත..සතුටයි දුකයි හරි ළඟයි!!

      Delete
  21. නියමයි නංගී... මමනම් මේ අවසානයට කැමතියි.. දුක හිතෙන අවසානයක් උනත් ආදරේ තේරුම් ගන්න මේක හොද පාඩමක්.. අපිට තව කතාවක් ඕන හිතු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා..:) හම්මෝ..තව කතා නම් ලියන්නෙ නැතිවෙයි..:)

      Delete
  22. කතාව කියවන්න මම නම් එකතු වුණේ අතරින් පතර තමයි . ඒත් කතාවේ අවසන් කොටස මේක බව දැනගත්තාම ගිහින් අනෙක් කොටස් ටිකත් හනිකට කියවලා ආවම කතාවම ඇඟට දැනුනා .

    කතාව ගොඩක් ලස්සනයි සංවේදියි . වෙනස් විදිහේ අවසානයකුත් දීලා තියනවා

    සාමාන්‍යයෙන් මම කෙල්ලෙක් කතා නායිකාව වුණාම ඒකතාව කියවන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ ඒත් මගේ ඒ ගතිය මේ කතාව කියෙව්වායින් පස්සේ අතුරුදහන් වුණා .

    ගොඩක් හොඳ කතාවක් .

    ReplyDelete
    Replies
    1. හම්මා... සඳරු අයියාගෙ කමෙන්ට් එකක් බ්ලොග් එකේ දැක්කාම (විශේෂයෙන් මේ කතාවෙ) සතුටක් දැනුනා..:) හුඟාක් ස්තූථියි අයියාට...

      ඒත් අයියෝ එහෙම කරන්නෙපා. කෙල්ලෙක් කතා නායිකාව වුනාම කතා කියවන්නෙ නැති එකටනම් මම අකමෙතියි..අයියාට කෙල්ලො එක්ක තරහයිද ;) හික්ස්ස්...

      ආයෙමත් ස්තූතියි අයියේ!!

      Delete
  23. ''සාමාන්‍යයෙන් මම කෙල්ලෙක් කතා නායිකාව වුණාම ඒකතාව කියවන්න ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ''
    මේක නම් හරිම අසාධාරණ කතාවක්..!!...ලෝකය දරුණුයි..කුරිරුයි හෆ්ෆා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. සඳරු හරි නරකයි.. :P :D

      Delete
    2. අයියෝ කිරිල්ලියේ.... ලෝකෙ කුරිරුයිනම් තමා...දරුණුයි නපුරුයි.. ඒත් මේ අපේ සඳරු අයියා කෙල්ලොන්ගෙ කතා නොකියෙව්වාට හරි හොදයි හෆ්ෆා...;) එහෙම නපුරු නෑ...ටිකක් නරකයි..

      Delete
    3. @ ප්‍රාර්ථනා අක්කි- හික්ස්ස්... ඔව්නේ?? ටිකක් නරකයි..;)

      Delete
  24. අවසානය දුකින් ඉවර වුණත් මධූ තේරුම් ගත්තනෙ ඇත්ත ආදරයක් දක්වන කෙනෙක්ගෙයි දරුණු ආදරයකින් හිත රිදවන කෙනෙක්ගෙයි වෙනස.. නොවිසදුන ප්‍රශ්න කීපයකට පසුවදනින් පිළිතුරු බලාපොරොත්තුවෙනවා නංගියෝ.. :)

    //මේ මගේ අවසාන සහ පළවෙනි කතාව.//
    මේ නංගියාගෙ ලිවීමේ හැකියාව පෙන්වන්න පටන්ගත්ත පළවෙනි කතාවෙ විතරක් අවසාන කොටස.. මේ අවසාන කතාව නෙමෙයි නංගියෝ හලී.. :)

    සුබ පැතුම් නංගියට.. තව තවත් නිර්මාණ කරන්නට..!!!
    අපිට තව කතාවක් ඕ‍නේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. අවසානයට විසදූම් පසුවදනින් කියවන්න අක්කි..;)

      හි හි මම කතා ලියන්න එච්චරම දක්ෂද මංදා..O:) උත්සාහ කරලා බැලුවා විතරයි..බලමුකෝ අක්කියෝ ඉස්සරහට හිතුනොත් ලියන්නම්..:)

      Delete
  25. මදු කිව්වමයි පිරිමි ලමයගේ නම දැක්කමයි මට මගේ හොදම යෙහෙලියක් සිහි උනා.මේ හිතූ එයා නෙමෙයි නේද.? මටත් ඔහොම අත්දැකීමක් තියෙන නිසා ඕකේ දුක අමුතුවෙන් කියන්න ඕනේ නෑ මට..දුක හිතෙන අවසානයක්...ලස්සනට ලියලා...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔය කතාවෙ නම් බොරු නම් කුමාරිහාමි..:)මම එයා වෙන්න බෑ...ස්තූථියි

      Delete
  26. මුලු කතාවම මට කියවන්න වුනේ නෑ නංගො..ඒත් තැන තැන කොටස් කියවල තිබුනා..ඒ නිසා කතාව පැහැදිලියි..
    මට හිතෙනවා ගොඩාක් ගැහැනු ළමයි ජීවිතේම හිතාගෙන ආදරේ අතට ගත්තට පිරිමි ළමයෙක්ට ජීවිතේ එක දෙයක් විතරයි ආදරය කියන්නෙ..ඉතිං ඕනවට වඩා ආදරේ වුනහමත් නොදැනීම එයාලට ඒක කරදරයක් වගේ දැනිලා එපා වෙන්න පුලුවන්..එතකොට තමයි එයාලගෙ නිදහසට වැඩ කටයුතු වලට බාධාවක් වෙද්දි එයාල මගහරින්න උත්සහ ගන්නෙ..

    කොහොම වුනත් දුක සතුට උපරිමයෙන් ලස්සනට කතාව ලියවුනා..අලුත් කතාවක් මුල ඉඳන්ම නොවරදවා කියවන්න එන්න බලාපොරොත්තුවෙන් ඔයාට සුබ පතනවා නංගි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කි..ඕනවට වඩා ඕනෙම දෙයක් ඕනෙම නෑ... ඒක හරි...

      අලුත් කතාවක් ලියන්න පුළුවන්වෙයිද මංදා.. උත්සාහ කරන්නම්.. ස්තූතියි අක්කේ!!!

      Delete
  27. මුළු කතාවම එක හුස්මට කියෙව්ව හිතූ....මධූගෙ ජීවිතෙන් බාගයක් මම ජීවත් වුණාද කියල හිතෙනවා...

    උඹලා දවසකට හරි ආදරේ කරලා තියනවනම් කොහොමද එහෙම කියන්නෙ? අවංකව ආදරේ කරපු හිතක් එහෙම අමතක කරන්න පුළුවන්ද උඹලට? මට නම් බෑ.. ඔව් මට බෑ..බෑ මයි. මගේ ආදරේ වෙනුවෙන් අඬන්න මට ලැජ්ජ නෑ. ඒක බාල්දුවීමක් කියලා උඹලට පේන්නෙ උඹලා මම ගැන නොදන්න නිසා වෙන්නැති..එකට හිටියත් මගේ ආදරේ තේරුම්ගන්න උඹලාට බෑ..මම මේ තරම් දසුන් මත්තෙ නැහෙන්නෙ ඇයි කියලා උඹලා මගේ දිහා වපර ඇහින් බැලුවට මම තරහා නෑ...මට දසුන් නැතිවීම දරාගන්න බැරි එකම එක හේතුවක් නිසා විතරයි.ඒ මම දසුන්ට ආදරේ නිසයි..පපුව පලලා පෙන්නන්න මට පුළුවන් නම් ,උඹලට තේරෙයි. මේ හිත පුරාම ඉන්නෙ දසුන් විතරයි.මට වෙන කොල්ලො ඕනෙ නෑ.. මට ඕනෙ දසුන්ව විතරයි දෙයියනේ..ඔව් මට ඕනෙ මගේ ආදරේ විතරයි...මම බොළද කෙල්ලෙක් කියලා මට හංවඩු ගැහුවට කමක් නෑ..මගේ ආදරේ මට ආපහු ඉස්සර වගේම ලැබෙනවනම්, මම ආදරේ හිඟාකන්න හරි ලෑස්තියි..."

    පුදුම විදිහට හිතට වැදුනෙ මෙන්න මේ ටික..ඇත්ත...මොන තරම් යථාර්තවාදීව ආදරේ කළත් අන්තිමේදි ආදරේ කියන්නෙ බොළද කමක්කේ සංවේදී බව නැතුව එතන ආදරයක් දැනෙන්නෙත් නෑ..අත්දැකීමෙන්මයි කියන්නෙ...

    කොහොම වුණත් මේ වචන ටිකම කෑ ගහල කියපු පෙම්වතියක් වෙලා හිටපු මමම වුණත්..ප්‍රේමයෙන් පැරදුණු යෙහෙළියකට අද වුණත් කියන්නෙ ''හැමදේම හරි යනව බං...උඹට ඊට වඩා හොඳ කෙනෙක් මුණගැහේවි'' කියලයි...ඒ ඒ වචන ටික මම වුණත් විස්වාස කරන නිසාම නෙවෙයි..ඒත් බිඳුණු ආදරය ගැන තව තවත් බලාපොරොත්තු ඒ හිතට ලබා දෙන්න බැරි හින්දයි...

    මධූ මොන තරම් විඳවන්න ඇතිද...ඒත් අන්තිමේදි ආදරේ ඉතුරු එක හදවතක විතරක් නම්..කොච්චර ඇඬුවත් හැපුණත් පලක් නෑ.මොකද අනික් කෙනා කවදාවත් ඒ දුක තේරුම් ගන්නෙ නෑ.එයාට ඒක තේරෙන්නෙ නෑ..(ඒ බව දැන දැන වුණත් අපි හැමෝම ඒ දේම කරන්නෙ ඇයි කියලනම් මම දන්නෙ නෑ)

    කොහොම වුණත්....රොටරියට..නුගේගොඩ බෝගහට...සමුද්‍රදේවී මාවතට...සරසවියට...ඩෙවෝන් එකට කතා කරන්න පුලුවන් වුණානම්....මොන තරම් ආදර කතා අපට කියාවිද නේද...???

    ReplyDelete
    Replies
    1. //.මධූගෙ ජීවිතෙන් බාගයක් මම ජීවත් වුණාද කියල හිතෙනවා... //එහෙම වුනානම් මම සාර්ථකයි අක්කි..:)

      අක්කිට මේක දැනෙන්න ඇත්තෙ අක්කිත් මේ අත්දැකීම් සමීපව විදලා තියෙන නිසාම වෙන්න අඑති..මොනා වුනත් මේක අඅදරේ යාථාර්තය තමා අක්කි..තෑන්ක්ස් ඔයාට

      Delete
    2. ඒක ඇත්ත නගෝ...වින්දඳ විඳෙව්වද කියලත් සැකයි වෙලාවකට... :(

      Delete
  28. ආනේ...අමතක වුණානෙ කියන්න...කතාව හරිම ලස්සනයි හිතූ...මට ඒක කලින් කියන්න අමතක වුණෙ...මට මේ බ්ලොග් පිටු 21 කතාවකට වඩා අත්දැකීමක් වගේ හදවතට දැනුණු නිසා වෙන්න ඕනේ...කතාවක් විදිහට නම් ඒකේ රසයක් තිබුණට..අත්දැකීමක් විදිහට මේකට කොහොම ලස්සනයි කියන්නද නේද..??? :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කියෝ!!! අත්දැකීමක් විදියටනම් මේක රසවත් නෑ තමා අක්කි..:) ආයෙමත් වතාවක් හුඟාක්ම ස්තූතියි අක්කාට..

      Delete
  29. ඇස් දෙක පිහිද ගත්තා ටිශූ එකකින්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....:)

      Delete
  30. ලස්සන සිත්ගන්නා කතාවක්..! ඒ උනාට හිතුවක්කාර කෙල්ලගේ පාඨ්කයෙක් හැටියට අවංකවම කියනවනම්, කතාවේ අචසානය සම්බන්ධව මම නම් සෑහීමට පත් වුනේ නැහැ හිතු...:) නමුත් ඒකට ලේඛිකාවත් ඒක්ක කිසීම අමනාපයක් නෑ..:)) ඔබේ ලේඛන කලාවට මගේ උනුසුම් සුබ පැතුම්..! දිගටම ලියන්න...:)

    ReplyDelete
    Replies
    1. අවසානය ගැන සෑහිමකට පත්වෙන්න බැරි මේ අවසානය අසාධාරණයි වගේ නිසාද?? :) සමාවෙන්න එහෙනම්..:) ස්තූතියි යාලු..

      Delete
  31. ඕව ඔහොම තමයි.....මිනිසුන්ට වෙනස් වෙන්න බොහොම ටික කාලයක් හොඳටම ඇති.

    ReplyDelete
  32. Hmmm..Godak blogs read kalata kawadawath comment kerela nam na..eth mekata nam comment ekak dannam hithuna..e meka balana kota matath mage past eka mathak una nisa..A/L kale ape jeewithe hodama kale godak girls la kapa karane adare wenuwen thama..mamath ehemayi..mekama nathath me wage past ekak matath thiyanewa..eth dan thama therene jeewithe me apita wenne, wenna thiyana hodama deya kiyala... nango...duka daran jeewithe ediriyatama yanna...good luck..!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්... හුඟ දෙනෙක්ව අතීතයට යවන්න පුළුවන් වුනු මගේ කතාව ගැන සතුටුයි!!!හ්ම්ම්.. අනගතේ සතුටින් ඉන්න.ජයම වේවා!!

      Delete
  33. me loke wena tharamak asadaaranakam wenne ahinsaka kellantama da

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.. ඔව් අක්කෙ. ඒක ඇත්ත...

      Delete
  34. feel sry 4 u gl.. f he want 2 go away let him go cz dasun z nt d right person 4 u..Bcz no one cn stop loving & caring for someone in an instant....UNLESS é feelings were fake to start with.... he ddnt love u truely n he wont love u either.. let him goooo

    ReplyDelete
    Replies
    1. he he no worries yaar!! m ok now and m sooo happy nw.so nothing to worry.. past is past. :)

      Delete
  35. පහුගිය ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා..ඒ සිනා අද ආව ගමන්ම අතපහු වුන කොටස් ටික එක හුස්මට කියවාගෙන ගියා... ගොඩක් ආදර කතා වගේම මේ කතාවත් දුකින්ම ඉවර වුනා නේද ? මම ආසාවෙන් කියපු එකම එක කතාව... දැන් ඒකත් නෑ :( . පුලුවන් තරම් ඉක්මනට තව ලස්සන කතාවක් ලියන්න... හැබැයි දුක හිතෙන එකක් නම් ලියන්න එපා.හිතුවක්කාරියක් උනාට ඔයාට, තව කෙනෙක් ගේ හදවතට දැනෙන්න හොදට ලියන්න පුලුවන්...ඒ හැකියාව තියෙන්නේ සීමිත පිරිසකට විතරයි..ඒ නිසා ඒකෙන් තව කෙනෙක් ගේ හිතට සතුටක් දැනෙන දෙයක් කරන්න පුලුවන් නම් ඒක ලොකු පිනක් වේවි... :)
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු.. ආය්ත් කතාවක් ලියන්න බලනවා.. ලිව්වොත් ලියන්න සතුටු කතාවක් තමා..බලමුකෝ....

      Delete
  36. ගොඩක් කාලෙකට පස්සේ මග ඇරුනු සේරම කොටස් ටික ඒක පාරටම කියෙව්වා....කතාව ලියපු විදිය නම් ලස්සනයි නංගෝ..ඒත් කතාව?????
    ඔයා ලියන විදිය අපිව අපේ ආදර කතාවට ඉබේම ගෙනියනවා...
    හිතාගෙන ඉඳපු විදියටමයි ඉවර උනෙත්.. හැමදාම හැමකෙනෙක්ටම දුක් විඳින්නවත් සැප විඳින්නවත් ලැබෙන්නේ නෑ..

    සතුටින් ඉන්න හැමදාම!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයි‍යේ!!!

      ඔව් සැප දුක නිති පෙරළේ කියන්නෙ ඒකනෙ අයියෙ..:Dස්තූතියි මාත් එක්ක හිටියාට..

      Delete
    2. අපිට ආදරේ කරන,අපි ආදරේ කරන අය එක්ක නැතුව වෙන කවුරු එක්ක ඉන්නද අපි?
      නේද නංගියෝ?
      :)

      Delete
  37. හ්ම්ම් මං හිතුවා වගේම කතාව කදුලකින්ම ඉවර කරලා. කමක් නෑ ඉතින් හැම ආදර කතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නෑ නේ....

    ReplyDelete
    Replies
    1. හි හි... ඔව් නෙ..හැම කතාවක්ම සතුටින් ඉවර වෙනවානම් නියමයිනෙ..

      Delete
  38. ey mechchara duka hithena awasanayak

    ReplyDelete
    Replies
    1. :) හැම අවසානයකම සතුට නැහැනෙ??

      Delete
  39. බොරුකියන්න ඕන නැ නේ මෙකතව පලවෙනි පාර කියවද්දිම මේ වගේ අවස්නයක් මගේ හිතේ ඇදුන... කොහොම උනත් කතාව ලස්සනයි...
    ජිවිතේ කියන්නේ එකම එක්කෙනෙක් නෙවෙයි කියල මධු තේරුම් ගන්න ඕන කොහොම උනත් කවුරු උනත් කැමතියි හැමදාම එකම කෙනෙකුට ආදරය කරන්න එත් ගොඩ වෙලාවකට එහෙම වෙන්නේ නැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ප්‍රමාද වෙලා කමෙන්ට් එක දැක්කෙ. අද අඅයෙමත් මෙහාට ආව හින්දා. ස්තූතියි කමෙන්ටුවට. ඇත්ත, මේ කතාවෙ එදා මධූට වඩා අද මධූ ජීවිතේ තේරුම් අරන්ලු.. :)

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....