නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 February 2012

~පෙරවදනක් නැති කතාවකට පසුවදනක්~

කොහොම පටන්ගන්නද මංදා,මම මේ මෙච්චර අමාරුවෙන් ලිපියක් ලියන්න පටන්ගත්තාමයි..:D හ්ම්ම්ම්...... මුලින්ම ටිකක් තටු සිඳුනු සමනළී කතාව ගැන කියන්නම්.පෝස්ට් එක ටිකක් දිග වුනොත් ගණන් ගන්නෙපා.අද විතරයි!!!


ඇත්තටම මම මේ තටු සිඳුණු සමනළී කතාව ලියන්න පටන්ගත්තෙ ගිය අවුරුද්දෙ ජුලි මාසෙ විතර.ඒකත් මම මුල්ම කොටස දැම්මෙ බ්ලොග් එකේ නෙවෙයි, මූණූ පොතේ.කවුරුත් දන්න මූණූ පොතේ හිතුවක්කාර කෙල්ල විදියට මම මේ කතාවෙ මුල්ම කොටස නිකමට වගේ ලියලා, දන්න කියන අඳුරන කීපදෙනෙක්ට ටැග් කලා.(දන්න කියන අඳුරන කිව්වෙ හිතුවක්කාර කෙල්ලගෙ පිස්සු විකාර කියවන අය).ඉතිං මම බලාපොරොත්තු වුනාට වඩා ප්‍රතිචාර ලැබුණා.ඒ නිසාම මුකුත්ම වැඩිදුර නොහිතා මම මේක බ්ලොග් එකෙත් දැම්මා.කිසිම දවසක දෙබස් ගොඩක් දාලා,උපමා විශේෂණ පද,අලංකාර එහෙම එක්ක ලස්සනට විස්තර කරලා කතා ලියලා නැති මට, මෙහෙම කතාවක් ලියන්න පුළුවන්වෙයි කියලා නම් හිතුනේ නෑ.. කතාවෙ මුල සහ අවසානය විතරක් හරියටම දැනගෙන, කොටසින් කොටස ලියාගෙන යන්න තමයි මුලින්ම හිතුවෙ.


මුල්ම කොටස බ්ලොග් එකේ දැම්මාම කතාව ලියන විදියෙ අඩුපාඩු මට හුඟාක් ලෙංගතු විදියට පෙන්වලා දිපු පිරිසක් හිටියා.කතාවෙ මුල කොටසෙ ඉඳන් අන්තිම වෙනකන්ම ,හැම කොටසක්ම කියවමින් මාත් එක්ක හිටිය සහ ඒ ගැන හුඟක් දේවල් අඩුවැඩි වශයෙන් මාත් එක්ක කතා කරපු ,මාව ධෛර්යමත් කරපු විශේෂ අය ගොඩ දෙනෙක් හිටියා.(නම් වශයෙන් ලියන්න ගිහින් එක නමක් හරි අමතක වුනොත් අමනාප වෙන නිසා නම් ලිව්වෙ නෑ). ඒ වගේම කතාව කියවන අයට ලස්සනට   දැනෙන්න,තේරෙන්න,කියවන්න ලේසිවෙන්න ලියන්නෙ කොහොමද කියන එක ගැන පළවෙනි කොටසෙදිම, මට උපදෙස් දුන්නු,මඟ පෙන්නපු,අවවාද දුන්නු හැමෝටම ආයෙමත් වතාවක් ස්තූතියි!!!


මෙහෙම කොටස් කීපයක් ලියාගෙන යද්දි ,ඒ පිරිසට තව තව හුගාක් දෙනෙක් එකතු වුනා.මම කවදාවත්ම නොහිතපු විදියට ,බලාපොරොත්තු නොවුනු විදියට ප්‍රතිචාර ලැබුණා.මූණූ පොතෙන් කතාව ගැන අහලා,කියලා අදහස් යෝජනා වගේම චෝදනා මැසේජ් ආවා.:D චැට් කරන හුඟාක් දෙනෙක් කතාව ගැන විස්තර ඇහුවා.ඊමේල් වලින් කතාවෙ කොටස් එවන්න කිව්වා.අලුත් කොටසක් දැම්මාම ලින්ක් එක මැසේජ් කරන්න කිව්වා.ඔය වගේ මේ කතාවට හුඟාක් ප්‍රතිචාර හම්බුනා.අවංකවම කිව්වොත් මට හිතාගන්න බැරිවුනා මෙහෙම පිස්සු කතාවක් කියවන්න ,ඒ ගැන හොයන්න මෙච්ච්ර කට්ටිය පෙළඹෙන්නෙ ඇයි කියලා.ඒ වගේම කතාව අවසාන කොටසෙ කමෙන්ට්ස් වලින් තමයි දැනගත්තෙ ,කමෙන්ට්ස් නොදැම්මාට දිගින් දිගට අවසානය වෙනකම් කතාව කියවපු කට්ටියකුත් ඉදලා තියෙනවා.ඒ වගේම මගේ බ්ලොග් එකේ මම දැනට  ලියපු ලිපි 82න් වැඩිම හිට්ස් ලැබිලා තියෙන්නෙ මේ කතාව ලියපු ලිපි වලටයි.ඒකත් හරිම පුදුමයි.ඉතින් ඒ හැම කෙනෙක්ටම ,මට දක්වපු සහයෝගයට මම හුඟාක්ම ස්තූතිවන්ත වෙනවා.


මේ තටු සිඳුනු සමනළී කතාව නිසාම මාත් එක්ක හිතවත් වුනු, කොටින්ම කිව්වොත් හොදටම ෆිට් වුනු යාළුවොත් ඉන්නවා.අලුතෙන් යාළුවො ගොඩක් දෙනෙක් මේ කතාව නිසා මට අඳුරගන්න ලැබුණා.ඒ ගැන මට හුඟාක් සතුටුයි.මොකද කිසිම දවසක ඇත්තට මුණ ගැහිලා නැති, කතා බහ කරලා නැති පිරිසක්,මනඃකල්පිත චරිත දෙකක් නිසා අදූරගන්න ලැබීම ඇත්තටම හරි පුදුමයක්.ඒ නිසා මම හිතනවා මම මේ කතාව ලිව්වෙ මගේ වාසනාවට කියලා.


ඔය අතරේ මාව පෞද්ගලිකව දන්න කීපදෙනෙකුත් මේ කතාව කියවලා තිබ්බා.ඒ අතරින් සමහරු අදටත් මම ලියපු සමහර කොටස් වලට මට හිනා වෙනවා.දිගින් දිගටම හිනා වෙනවා.ඒත් ඇත්තටම ඒක මට ප්‍රශ්නයක් නෑ..ඒ අය ගැන තරහකුත් නෑ.තවත් අය සමහරවිට මගේ මූණට ,මේ කතව ගැන හොද කිව්වට, එයාලගෙ හිතින් මට හිනා වෙනවා වෙන්න පුළුවන්.ඒ වගේම "මේකිට පිස්සු" කියලා හිතනවා වෙන්න පුළුවන්. මොකද සමහරු කතා කරන විදිවලින් මට එහෙමත් හිතිලා තියෙනවා.(දැන් කියන්න නම් එපා මේකිට පිස්සුම තමා කියලා).ඒත් මම ලිව්වෙ ,මට ආදරේ දැනිලා තිබුණු විදිය, මම දන්න විදියට.ඒක කෙනෙක්ට හොද වෙන්නත් තව කෙනෙක්ට හොද නැති වෙන්නත් පුළුවන්.ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකන්ද? :p 


ඊලඟට මම මෙහෙම කතාව ලියාගෙන යද්දි ආව ලොකුම ප්‍රශ්නෙ තමා ,එක දිගට කොටස් පළකරන්න බැරිවීම. ඒ නිසා සමහර අයට මගේ කතාව මග ඇරුනා. සමහරුන්ට එපා වෙන්නත් ඇති.සමහර අය ඊළඟ කොටස දාන්නෙ කවදද කියලා අහනකම් මට ඒක ලියාගන්න බැරිවුනා. (මොකද මට බ්ලොග් එකට අමතරව ඉගනගන්න වැඩත් තියෙනවනෙ.සමහර වෙලාවට බිසී ;) :p ) කොහොමහරි කතාව මෙච්චර කල් ඇදිලා ගියේ, ඒ කොටස් පළ කරන්න මගේ සිදුවුනු ප්‍රමාදය නිසා තමයි.කියවන අයව පොඩ්ඩක් අවුස්සන්න කුතුහලය ඉතුරු කරලා කතාවෙ කොටස් නවත්තන්න එහෙම පොඩ්ඩක් උත්සාහ කලා.සමහර අවස්ථා සාර්ථක වුනා.ඒ වගේම සමහර කොටස් අසාර්ථක වුනා.(මම හිතන හැටි)


අනිත් කාරණෙ තමයි මම මේ කතාව කොහොමටවත් හිතාමතා මෙගා එකක් කරේ නම් නෑ.. මේක මෙගා එකක් වුනා කියලා හිතෙනවා නම්  කාටහරි  ඒක එහෙම වෙන්න ඇත්තෙ ඉබේමයි. එක කොටසකට මම ලියන ප්‍රමානෙ අඩු නිසාම සමහරවිට කොටස් ගණන වැඩිවෙන්න ඇති.එහෙම නැතිව මම මේ කතාව ජනප්‍රිය වුනා කියලා දිගින් දිගට ඇදගෙන ගියේ නැහැ.හිතාගෙන හිටිය ප්‍රමාණෙටත් වඩා දෙබස්,සිදුවීම් අඩුකරලයි අන්තිම වෙද්දි ලිව්වෙ.මොකද මටත් මේ කතාව ලියලා ඉවර කරලා දානකම් හිතට මහ බරක් වෙලා තිබුණේ.(ඒකට හේතුව පස්සෙ කියන්නම් ;) )


ඔහොම ලියාගෙන ලියාගෙන යද්දි හුගාක් දෙනෙක් කිව්ව තව දෙයක් තමයි , මේ කතාව එයාලගෙ ජීවිත කතා,ආදර කතාවලට හුඟාක්ම සමීපයි කියලා. ඒක වෙන්න පුළුවන්. මොකද මේ කතාවෙන් කියැවෙන්නෙ, අපි කාටත් පොදු ආදරේ ගැන සහ විරහව ගැන.ඒ වගේම මේ කතාවෙ පසුබිම හුඟක් දෙනෙක්ට හුරුපුරුදු ඇති.අනිත් දේ තමා කොළඹ ඉන්න කෙනෙක් නම් නුගේගොඩ නගරේ ඕනෙතරම් ඇවිදලා ඇති.ඉස්කෝලෙ කාලෙ ස්කූල් බස් එකේ ගිහින් තියෙනවනම්,නුගේගොඩ ටියුෂන් පංති ගියානම් මේ ලියපු දේවල් අමුතු වෙන්න බෑ..නුගේගොඩ රොටරිය කියන්නෙ කාටත් පොදු ,ජනහිතවාදී තැනක්නෙ :p  ;) වැස්සකට හරි රොටරියට ගිය කෙනෙක් ඉන්නවනම් මේ කතාවෙ රොටරිය ගැන ලියපු දේවල් අනිවාර්‍යෙන්ම හොඳට දැනෙනවා ඇති.අනික හැම කෙනෙක්ටම ඉස්කෝලෙ ගිය කාලෙ ඒකපාර්ෂ්වික ආදරයක් හරි තිබිලා ඇති. එතකොට යාළුවො එක්ක ඒ ගැන කතා කරද්දි,  එකට ඉස්කෝලෙ,පංති යද්දි කොහොමද කියලා දැනිලා ඇති.ඉතිං කාටත් පොදු වෙච්ච මාතෘකාවක් ගැන ලියැවිච්ච කතාවක් විදියට මේක හැමෝටම හදවතට දැනෙන්න ලියන්න මම උත්සාහ කලා.එතනදි මම සාර්ථකද ,අසාර්ථකද කියන්න 100%ක්ම හරියට් මම දන්නෙ නෑ.ඒක දන්නෙ කියවපු ඔයාලා.ඒත් මම හිතනවා මම මේක කියවපු දෙතුන්දෙනෙක්ව හරි එයාලගෙ අතීතයට අරන් ගියා කියලා.ඉතිං ඒක මට සතුටක්.


ඒ කතා පැත්තකින් තියමුකෝ.ඔන්න ඊලඟට තිබුණු ලොකුම ප්‍රශ්නෙ වුනේ කට්ටියට, තටු සිඳුනු සමනළී කියන්නෙ ඇත්ත කතාවක්ද කියන එක.ඊටත් වඩා තටු සිඳුනු සමනළි කියන්නෙ "හිතුවක්කාරිගේ" කතාවද කියන එක තමා ලොකුම ප්‍රශ්නෙ වුනේ.සමහරු මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා "මේ ඔයාගෙ කතාවම තමා හිතූ" කියලා. සමහරු කමෙන්ට්ස් දැම්මෙ,කතා කලේ මේ කතාව හිතූගෙ කතාව කියලාමයි.හික්ස්ස්..:D :D තවත් සමහරු මධූ= හිතූ කියලම ප්‍රසිද්ධියේ කිව්වා.;) චැට් කරන්න ගියත්, මූණූ පොතේ මැසේජ් එකක් බැලුවත් ,කතාව ගැන අහලා තිබ්බානම් කවුරුත් අහලා තිබුණු පොදු ප්‍රශ්නයක් වුනේ "මේක ඇත්තම කතාවක් නේද?" කියන එකයි.


ඔන්න වැදගත්ම ටික පටන්ගන්නෙ දැන් මං හිතන්නෙ..හික්ස්ස්.. මගේ හිත නිකන් ගැහෙනවා වගේ..(ඩිග් ඩිග් ඩිග් ඩිග්!!!) ඇහුණද සද්දේ?? ;)




ම්ම්..මුල්ම ප්‍රශ්නෙ,කාගෙත් හිත අතුළෙ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච ඒ ප්‍රශ්නෙ මොකක්ද?


►මේ කතාව ඇත්තම කතාවක්ද?


උත්තරේ නම්, ඔව්!!! මේක  ඇත්ත කතාවක්.


ඊලඟ දැවෙන ප්‍රශ්නෙ.


►ඇත්තටම මේක හිතුවක්කාරිගේ කතාවද?? :O


 ම්ම්... මොකක්ද මම දෙන්න ඕනෙ උත්තරේ?? ඔව්ද? නැද්ද? ;)


ඔව්!!! මේක හිතුවක්කාරිගේ ආදර කතාවෙ සාරංශයක් තමයි.:D


[නම් ගම් සහ සමහර සිදුවීමක් දෙකක් මනඃකල්පිතයි.සමහර චරිත වල පෞද්ගලිකත්වය වෙනුවෙන් එහෙම කලා.සමහරවිට මේ කතාව නිසාම හිතූ ව අදූරගත්ත අය ඉන්නත් ඉඩ තියෙනවා ;) :D ]


සංතෝසයි නේද?:D දැන් ඉතින් ඔය ඔට්ටු අල්ලපු අය,පේන කියපු අය මගේ ඔළුගෙඩිය කන්න එහෙම එනවා නෙවෙයි ඔන්න.:/ කතාව මෙච්චර කාලයක් කියවලා කියවලා කතාවට දුන්නෙ දුක හිතෙන අවසානයක් නිසා,කියවපු අයව සතුටු කරන්න කියලා හිතලා ඔන්න හිතූ පාපෝච්ඡාරණය කලා.


මීට අවුරුදු 5කට කලින් ,ඒ කියන්නෙ 2007දී ,හා හා කියලා පටන්ගත්තු මගේ කුළුඳුල් ආදරේ අවසාන වුනේ ඔහොමයි.අවුරුදු දෙකහමාරක ආදර අන්දරය 2010 දි  ඔන්න ඔහොම කඳුළු ගඟකින් ඉවර වෙන්න සාධාරණ හේතුවක් මම අදටත් හොයනවා.සමහර විට මගේ අවංක ආදරේ දසුන්ට වදයක් වෙන්න ඇති,මම වගේ වැඩිපුර සීරියස් හිතන කෙල්ලෙක් දසුන්ගෙ සෙල්ලක්කාර ජීවිතේට මදි වෙන්න ඇති. සම්බන්ධයක් නවතින්න එකපැත්තකින් විතරක් නෙවෙයි.දෙපැත්තෙන්ම වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි හැම කෙනෙක්ම මිනිස්සු සහ, සර්වසම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැති නිසා වැරදි අඩු පාඩු වෙන්න පුළුවන්. ඉතිං ඒ ජීවිතේ අපිට අපි ගලපගන්න අපිට බැරිවෙන්න ඇති. ඒ නිසා ආදරේ විතරක්ම ඔළුවෙ තියාගෙන මැරෙන්න හදපු මට වැරදෙන්න ඇති.


ඒ වගේම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතියක් තියෙන්න ඕනෙ. හැබැයි ඒ තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් නොවෙන්න කියන එකයි මගේ මතය.මගේ ආදරේ මට නැතිවෙලා දැනට අවුරුදු 2කටත් වැඩියි.ජීවිතේ ඒ හිස්තැන විතරක් පුරවගන්න මට ඕනෙ වුනේ නෑ.දැනටත් එහෙමයි.හිස්තැනක් වුනත් පිරවෙන්න ඕනෙ තේරුමක් ඇතිව කියලයි මම හිතන්නෙ.ඒ ආදරේ මට නැතිවුනා.මගේ පළවෙනි ආදරේ මට අහිමි වුනා.ඒත් මම තවමත් ජීවත් වෙනවා.කාලයක් යනකම් හදාගන්න බැරිව තිබුණූ මේ හිත,පෑරිලා තිබුණූ මේ හිත ,දැන් නම් හැදිලා.හොඳටම හැදිලා.:) මේ කතාව ලියද්දි මම වචනයක් වචනයක් ගානෙ මගේ අතීතෙට ගියා. සමහර දෙබස් ලියද්දි මගේ ඇස් වලට කඳුළු ආවා.ආයෙමත් මම අමතක කරපු අතීතෙ මතක් වුනා.සමහර වෙලාවට හිතුණා මේ කතාව ලියන එක හිතට වදයක් කියලා.ඒත් මම ලිව්වා.හිත රිදි රිදි හරි ලිව්වා.


දැන් කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඔච්චර අමාරුවෙන් මොන මඟුලකටද ඕක ලියන්නෙ නොලියා නිකන් හිටියානම් ඉවරයිනෙ කියලා.:D ඒත් ඇත්තටම ,මේ මීට අවු.5ක් පරණ මගේ කතාව මගේ හිතේ ඇරුණාම කොහෙහරි ලියලා තියන්න තිබ්බානම් හොදයි කියලා මුලදි මට හිතුණා.බ්ලොග් එකකුත් පටන්ගත්තු එකේ,හුඟාක් දෙනෙක් කතා ලියන එකේ ,මගේ කතාවටත් සදහටම නැවතීමෙ තිත තියන්න මට තැනක් ඕනෙ වුණා.ඉතිං මම මගේ ආදර කතාව ලිව්වා.(කඳුළු කතාව)


ඔව්!! අද මේ ලියන පසුවදනින් මම සදහටම මේ කතාවට නැවතීමෙ තිත තියෙනවා. ආයෙත් කවමදාකවත් කොමාවක් තියන්නෙ නැති,තියන්න බැරි,කොමාවක් තියන්න හිතන්නෙවත් නැති මේ ආදර කතාවට මම අද තිත තියනවා.අදින් පස්සෙ මම මේ අතීතෙ ගැන ලියන්නෙ නෑ.විරහව ගැන ලිව්වත් , මගේ ඒ දුක හිතෙන අතීතෙ ගැන ලියන්නෙ නෑ.මේ කතාවෙ මධූගෙ හැම හැඟීමකම තිබුණේ මගේ හැඟීම්, ඒ හැම වචනෙකම ,අකුරක් අකුරක් ගානෙම ,මුළු කතාව පුරාම තිබ්බෙ මගේ ආදරේ. ඒත් හැබැයි මම  මේ කතාව ලිව්වෙ නම් අනුකම්පාව ලබාගන්න අරමුණින් නෙවෙයි. ජීවිතේම ආදරේ කරගෙන,අනිත් හැම අරමුණක්ම අමතක කරලා දාලා,අහිංසක අම්මා තාත්තාගෙ හීන මල් පර කරපු කෙල්ලෙක්ට ජීවිතේ වැරදුන එක තැනක් ගැන කියන්නයි ඕනෙ වුනේ.ආදරය කියන අකුරු හතරට යට වෙලා, ජීවිත දෙක තුනකම බලාපොරොත්තු සුන් කරපු කෙල්ලෙක්ගෙ බොළඳකම ගැන ලියන්නයි ඕනෙ වුණේ.


අද වෙනකොට මේ කතාවෙ කතා නායකයා දසුන්,එයාගෙ සල්ලිකාර තාත්තාට පිං සිද්ධ වෙන්න යුරෝපයේ සීතල රටක උසස් අධ්‍යාපනය හදාරනවා.ඒ වගේම හිතුවක්කාරිගෙන්(මගෙන්) උදුරගත්තු ඒ ජිවිතේ තවත් කෙනෙක්ට බාරදීලා සතුටින් ඉන්නවා.ඒ ගැන අහිතක් නෑ මට.ඒ වගේම කතා නායිකාවට පණ පොවපු හිතුවක්කාරි ,එයාගෙ දුප්පත් තාත්තාට පිං සිද්ධ වෙන්න ලංකාවෙ උසස් අධ්‍යාපනය හදාරනවා.


අතීතය දිහා හැරිලා බැලුවාම වෙනස් කරන්න පුළුවන් නම් ,මම වෙනස් කරන තැන් කීපයක්ම තියෙනවා.ඒත් අතීතය වෙනස් කරන්න බැරි නිසා මම අනාගතේ වෙනුවෙන් සතුටි න් ජීවත් වෙනවා. ජීවත්වෙන්න උත්සාහ කරනවා.මගේ සතුට වෙනුවෙන් මාත් එක්ක ,මගේ අම්මා ,තාත්තා, මගේ එකම මල්ලියා සහ  එදා ඉදන්ම හිටපු හොදම හොද යාළුවො ටිකක් මගේ ශක්තියට ,හයියට ඉන්නවා. ඒ වගේම කාලෙත් එක්ක එකතුවුනු තවත් යාළුවො හුඟාක් ඉන්නවා. ඒ වගේම ඔයාලාත් ඉන්නවා.ඔක්කොමටම වඩා මේ බ්ලොග් එක ඉන්නවා.:D ඉතිං මම හොදින්.මට මොන අඩුවක්ද.:D හැබැයි මොන දේ වුනත්,මම ඒ අතීතයට කවදාවත් වෛර කරන්නෙ නෑ..


අවසාන වශයෙන් මට කියන්න  තියෙන්නෙ මෙච්චරයි.


◄ජීවිතේ කිසිම දවසක, ආදරේ නිසා තමන්ගෙ අරමුණු අභිමථාර්ත වෙනස් කරන්න, අමතක කරන්න හොඳ නෑ.
◄ඒ වගේම කිසිම වෙලාවක තමන්ගෙ ආත්මය ,ආදරේ වෙනුවෙන් පාවා දෙන්න හොඳ නෑ..
ආදරේ කියන්නෙ ජීවිතේ එක කොටසක් විතරක් බව මතක තියා ගත්තොත් ඇඟට ගුණ වෙයි.
◄වැදගත්ම දේ කවදාවත් තමන්ගෙ ආදරේ නිසා, මේ ලෝකෙ කිසිම ආදරේකට සම කරන්න බැරි දෙමව්පියන්ගෙ ආදරේ නොසළකාහරින්න, බාල්දු කරන්න එපා.දෙමව්පියන්ගෙ හිත් වලට දුකක් දෙන්න එපා.
◄තව දෙයක් තමා, කිසිම දවසක තමන් අවංකව ආදරේ කළානම්, ඒ ගැන පසුතැවිලි වෙන්න එපා.දෛවය අපිට සමහර දේවල් අහිමි කරන්නෙ අපේම හොඳට කියලා විතරක් හිතන්න බලන්න.


මගේ ආදර කතාවෙන් මම ඉගනගත්ත දේවල් තමයි ඒ.මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය ඔයාලට හුඟාක් ස්තූතියි!!! ජීවිතේ කියන්නෙ හිමිවීම් අහිමිවීම් එක්ක යන දුෂ්කර ගමනක් බව මම තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා දැන් දුකක් නෑ...මේ හිතුවක්කාරි හරි ඉක්මණට වැටෙනවා තමයි. ඒත් හුස්ම ටික තියෙනකම්, මම නැගිටින්න උත්සාහ කරන එක නතර කරන්නෙ නෑ.මම මේ ජීවිතේ ගෙවනවා.උපරිම හොදට.ඔව් .. මම හොදින්!!මම සතුටින්!!!මම සැපෙන්..!!


එහෙනම් නැවත වතාවක් හැම කෙනෙක්ටම ස්තූතියි!!! කලින් අහපු ප්‍රශ්න වලට උත්තර මේකෙ අන්තර්ගතයි කියලා විශ්වාස කරනවා..

අවසානෙදි මෙහෙම කතාවක් මතක් වුනා-


"සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක් වු කිසිවෙකුත් සැබෑම පෙම්වතුන් ලෙස කිසිදාක ජිවත් නොවේ. වෙන් වී ගිය උන් සැබෑ පෙම්වතුන් ලෙසම සදාකල් ජිවත් වේ..."

                        ජය වේවා!!!!


ප.ලි- හුඟාක් යෝජනා,තර්ජන,ගර්ජන ආවා ආයෙත් කතාවක් ලියන්න කියලා.තවත් අය කිව්වා මේකෙ දෙවෙනි කොටසක් හරි අරන් ආයෙත් ලියන්න එන්න කියලා...හි හි... මොනා ලිව්වත් ආයෙත් දුක කතාවක්නම් ලියන්නෙ නෑ කියලයි හිතන් ඉන්නෙ.. බලමුකෝ......;) 

Post Comment

142 comments:

  1. ඔන්න මම කියන්න දැන් කියන්න ඕනේ දේ...
    කථාවේ මැදක් හරියක් යනකොට මට නිකමට හිතුනා මේ නංගියගෙම කථාවද කියලා.. ඒත් මේකේ අවසානය මේ තරමට වේදනාකාරී වේවි කියලා මම හිතුවේ නෑ.. මම ඔයාටම කිව්වනේ නංගෝ, මේක ඇත්ත කථාවක් වුනොත් මම දසුන්ට නම් කවදාවත් සමාවක් දෙන්නේ නෑ කියලා.. ඒත්.. දසුන්ට මේ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ.. එයා තමන්ට ලැබුන වටිනාම ආදරයක් නැත් කරගත්තා.. මම හැමදාමත් මගේ නංගියට කියනවා වගේ ඒ ගැන හිතලා කවදාවත් දුක් වෙන්න එපා.. ආදරේ ගැන ඔයා මේ යටින් දීල තියෙන උපදෙස් වලට මම 100%ක් එකඟයි.. මම ගොඩාක් වැටිලා ඉන්න වෙලාවක මටත් හිත හදාගන්න ගොඩාක් උදවු කරේ මගේ නංගියා. මම හැමදාමත් ඔයාට කියනව වගේ මගේ නංගියට කවදාවත් වරදින්නේ නෑ.. ඔයාගේ ඔය අහිංසක හිතට දුකක් නොදී ඔයාව බලාගන්න දසුන්ට බැරි වුනාට, ඒ වෙනුවෙන් කවුරුම හරි ඇති මේ ලෝකේ.. ඒ ආදරේ ඔයාට කවදම හරි ලැබෙවි නංගියෝ.. ඉතින් මගේ නංගියට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.. හොඳට ඉගෙන ගන්න.. හැමදාමත් සතුටින් ඉන්න. ඔයාට ආදරේ නොකරන එක්කෙනෙක් දාල ගියාට ඒ වෙනුවට ඔයාට ආදරේ දෙන්න ගොඩාක් අය ඉන්නවා.. :) ඒ වගේම මේ අක්කත් ඔයා ගාව ඕනෙම දේකට ඉන්නවා :) <3

    ReplyDelete
    Replies
    1. මම දන්නවානෙ අක්කියා මාත් එක්ක ඉන්නවා කියලා, ඇත්තටම මට මේ බ්ලොග් එක නිසා හම්බුනු හොදම හොද යාලුවෙක් තමා අක්කා.මම ව්ගේම හිතන,මාව හොදට තේරුම්ගන්න පුළුවන් මම හුඟාක් ඉස්සර ඉඳන් දන්නවා වගේ දැනෙනවා මට අක්කිව..මේ යළූකම, සහෝදරකම හැමදාම තියෙයි.. තැන්කූ අක්කියො...<3

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම මෙතෙක් කාලෙකට කියවපු ලස්සනම හිතට වැදුණු ආදර කතාව තමයි මේක.. මේ කතාව මටත් ගොඩාක් සමීප උනාට එකම එක තැනකින් එක වෙනස් වෙනවා. ඒ මම ආදරේ කරපු කෙනා අදටත් මට පන වගේ ආදරේ කරනවා.අන්න එතනින් ඒ කතාව වෙනස් වෙනවා. එත් හිතු දැන් ඉන්න තත්වෙම තමයි මමත් දැන් ඉන්නේ කියලා මම දන්නවා. ජිවිතේ නැගිටින්න උත්සහාකරන හිතු වගේම කෙල්ලෙක්. ආදරේ නිසා දුක් වින්ද කෙල්ලෙක්. ඔයා මට මගේම සහෝදරියෙක් වගෙයි. කෙල්ලේ එක දෙයක් මතක තියාගන්න, ඔයාගේ ආදර කතාව පරාජය උනත් ඔයා ජීවිතෙන් පැරදිලා නැහැ. ආදරේ කියන්නේ හරි අමුතු දෙයක්. එක වෙලාවකට කටුකයි. අපිට ඒ කටුක දේට අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙනවා. අපිට ආදරේ කරන අය වෙනුවෙ අපි ලස්සනට ජිවත් වෙන්න ඕනි.
    අන්තිමට කියන්නේ කවදාවත් හිතන්න එපා ඔයා තනිවෙලා කියලා. අපි හැමදාමත් ඔයාගේ දුක සතුට බෙදාගන්න ලගින් ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඔයා මට බ්ලොග් ලෝකේ මට හමුවුණු පළමු මිතුරියයි. :)

    ප.ලි.- පුංචි අකුරු දෝෂයක් නිසා ඉස්සෙල්ල කමෙන්ට් එක මකන්න උනා හොදේ

    ReplyDelete
    Replies
    1. //මම මෙතෙක් කාලෙකට කියවපු ලස්සනම හිතට වැදුණු ආදර කතාව තමයි මේක..//

      හම්මෝ වර්ණෝ මාව ඔච්ච්ර උඩ තියන්නෙපා කෙල්ලෙ..:D හික්ස්ස්.. anyway තෑන්ක්ස්!!!
      ම්ම්.. අපි හැමෝගෙම කතා එකකට එකක් වෙනස් වෙන්නෙ පුංචි තැනකින්..මටත් මේ බ්ලොග් ලෝකෙ හම්බුවුනු හොදම යාලුවෙක් ඔයා. වැටිවැටි නැගිටින්න හදන මේ උත්සාහය නතර කරන්න එපා වර්ණෝ.. දිනනකම් නැගිටින්න..ජය වේවා!!!

      Delete
  4. "සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක් වු කිසිවෙකුත් සැබෑම පෙම්වතුන් ලෙස කිසිදාක ජිවත් නොවේ. වෙන් වී ගිය උන් සැබෑ පෙම්වතුන් ලෙසම සදාකල් ජිවත් වේ..."


    එකඟ නෑ......

    ReplyDelete
    Replies
    1. me too.. wachana lassanata thibbata theruma aththa wenne naha. meka kiwa kena kiyala thiyenne ekata iddi prashna* athiwena eka gana wennna one.

      Delete
    2. පොඩි මෑන්ගේ කතාවට එකඟ වෙමි

      Delete
    3. අම්මපා මං එකඟත් නෑ..!

      Delete
    4. දැන් බොලා ඔය එකඟ නෑ කිව්වට දන්නවද කවුද ඕක කියල තියෙන්නේ කියල??? ඔහොම කියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ.:)

      Delete
    5. රත්න ශ්‍රී විජේසිංහ නෙවෙයි අයියා, ලූෂන් බුලත්සිංහල.. :)

      Delete
    6. අලේ ඔව් නේ. මට ටැපලුනා.:(

      Delete
    7. ඔය කතාවට මට කියන්න දෙයක් නෑ...එක එක්කෙනා ඉන්නෙ තම්න්ට සාපේක්ෂ ව බලන මතයකනෙ..:) අවසානයට නිකමට ලිව්වෙ..:)

      Delete
  5. ඔන්න මම නම් කියන්න ඕන ටික ලාවට ලාවට වගේ කලිනුත් කියලා තියෙනවනේ..ඔක්කොම හරි අර අන්තිමට කියපු ඒක ඇරෙන්න අනිත් හැම එකටම එකගයි...

    " මම හොදින්!!මම සතුටින්!!!මම සැපෙන්..!! " Finally That's it !!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්..පුදුමයි..මම ඔයාගෙන් බලාපොරොත්තුවුනේ මෙහෙම අහිංසක කමෙන්ට් එකක් නෙවෙයි..;)

      thanks අයියා..:)

      Delete
    2. ඉතින් මම දාන්නත් හිටියේ මේ වගේ එකක් නෙවෙයි නේ නංගි ;) ;)

      Delete
    3. හෆ්ෆා... එහෙනම් මොකෝ දාන්න හිටිය කමෙන්ට් එක වෙනස් කලෙ???;)

      Delete
  6. මම අක්කගෙ කතාවෙ සමහර කොටස් බැලුව. අැත්තටම ලස්සනයි.

    මම කතා කරන්නෙ කතාව ගැන නෙවෙයි.

    [ඒ වගේම "මේකිට පිස්සු" කියලා හිතනවා වෙන්න පුළුවන්. මොකද සමහරු කතා කරන විදිවලින් මට එහෙමත් හිතිලා තියෙනවා.(දැන් කියන්න නම් එපා මේකිට පිස්සුම තමා කියලා).]
    අපි හැමෝටම වේදනාව දැනෙනව අක්කෙ. එතකොට අපි විවිධ දේවල් කරනව! එ්ක පිස්සුවක් නෙවෙයි!

    එක සෘතුවකට පසුව...
    තව සෘතුවක් පැමිනේ නම්...
    ගහ කොළ මල් .. දළු ලා යායට..
    අලුතෙන් සැරසේ නම්
    මට කුමටද තව පසුවදනක් ඔබගෙන්

    ReplyDelete
    Replies
    1. අලියෝ.... හිතූ අපේ වයසෙම තමා..

      Delete
    2. එහෙමත් සීන් එකක්ද? :O

      Delete
    3. @තනි අලියා-එක දිගටම කියෙව්වෙ නැති වුනාට මොකද හොදම ලිපිය කියෙව්වනෙ.."පසුවදන" :)

      ස්තූතියි මල්ලී!!

      Delete
    4. @Shani- තනි අලියා අපේ වයසෙ බව දන්නවා.. ඒත් මුලින් කිව්වෙ මල්ලි කියලානෙ ඒ නිසා දිගටම මල්ලි..:D

      Delete
  7. wt goes,wl cm bk lune.dasunta widawanna wevi.wedagatma de oya jeevite gena igena gatta eka hitu.hema dema wenne hodatai.
    ko dan math ekka kiyanna "meka godaaak godaaak hodaaaaaaaaai" :D wsh ur all da vry bst dala

    ReplyDelete
    Replies
    1. thanks a lot darling!!! මම එයාට නරකක් වෙන්න කියන්නෙ නෑ..:)හිතන්නෙත් නෑ...මම දැන් හොදින්!!!

      Delete
  8. Heart-"britney spears",sinduva niyameta galapenava ne,mage aasama sinduvak....poddak ahannako

    ReplyDelete
  9. මම ඔයාගේ කථාව නම් කියවලා තිබුනේ නැ. මොකද මම බ්ලොග්ස් කියවන්න ගත්තේ ලඟදි. මේ පොස්ට් එක තමා මුලින්ම කියෙව්වේ. දැන් තමා කථාව කියවන්න යන්නේ. එතකොට මේක මට නම් පෙරවදන. ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. එහෙනම් පසුවදනින් පටන්ගන්න කියවන්න..:) ඒත් මේක ඇත්ත බව දැනගෙන කියවද්දි රසය තියෙයිද දන්නෙ නෑ කතාවෙ..:) කමක් නෑ..හුඟාක් ස්තූථියි ඔයාට

      Delete
  10. බොරු මොකටද ඇත්තම කියන්නම් මම ඔයාගේ කතාවේ එක කොටසක්වත් බැලුවේ නෑ. මොකද කොටස් කඩන කතා කියවන්න මම කැමතිම නෑ. හිතට හුගක්ම අල්ලලා ගියොත් කොටස් 3ක් උපරිම බලයි. ඊට වඩා නම් නෑ.
    ඊළගට මේ ලිපිය. මම බ්ලොග් එකක ලිපියක් කියවන්න කලින් ස්ක්‍රෝල් කරලා බලනවා කතාව කොච්චර දිගද කියලා. ඉතිං මේ පෝස්ට් එකත් එහෙම බැලුවාම පට්ට දිගයි. ඒ හින්දා මේක ලාවට එහෙං මෙහෙං බැලුවා!

    ReplyDelete
    Replies
    1. පූසො....හුඟ කාලකින් මීයෙක් අහු උනේ නැද්ද?...

      Delete
    2. නෑ මං කුරුළු දඩයමේ යන්න කියලා බැලුවේ! :P

      Delete
    3. කුරුළු දඩයමේ යද්දී කුරුළු තෝරන තිබුනොත්.?

      Delete
    4. ඉතින් දඩයම් කරන්නෙ කැලේනෙ.එහෙ කොහෙද අනේ කුරුළු තොරන්.ඔයාටනම් පිස්සු :/

      යාලුවෙක්....

      Delete
    5. නෑ නෑ කැලේට යන්න කලින් තියෙන පාරේ තියෙන්න පුළුවන් නේ.

      මේ ඔයා ප්‍රර්ථනාගෙ එකේ ඉන්න හුරතල් ඇනීද?

      Delete
    6. @පූසා අයියා- ඒකට කමක් නෑ අයියා..:) හැමකෙනාම හැම පෝස්ට් එකම කියවන්නෙ නෑනෙ...කමෙන්ට්ස් නොදැම්මාට,කතාව කියෙව්වෙ නැති වුනාට කිසිම අවුලක් නෑ...:D

      Delete
    7. හෆ්ෆටසිලි මගේ බ්ලොග් එකටත් මේ අසරණයා අයියාගෙ යාළු ඇනෝලා බෝ වෙලානෙ..:O

      Delete
    8. මම ප්‍රාර්ථනාගෙ එකේ විතරක් නෙවෙයි අනේ, ඔයා යන්නෙ කොහෙද මම එතන!!!
      -හුරතල් ඇනී-

      Delete
    9. එතකොට මම ???... මම යනව යන්න...

      යාලුවෙක්...

      Delete
  11. අන්තිමට බුලට් ෆෝම් එකෙන් දාල තියෙන ටික නම් තිතට හරි :)

    ReplyDelete
    Replies
    1. :D මම ඉගනගත්තු පාඩම් ටිකක්..;)

      Delete
  12. මේ කතාවේ අන්තිම කොටස තමා මං ඉස්සලම දැක්කේ. ඒ නිසා මගේ කමෙන්ට් එකක් ඇත්තේ අවසන් කොටසේ විතරයි.

    මාත් බ්ලොග් ලියන්න අරන් එච්චර කාලයක් නෑ. මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ තමා සින්ඩියේ පලවෙන පොස්ට් බැලුවේ. ඒ අතර තමා මේ බ්ලොග් එක දැක්කේ. මාත් කතාවක් ලියන්න අරගන තාම මුල් කොටස් දෙක විතරයි දැම්මේ ඒ අතර තුරදී බ්ලොග් වල වෙන නවකතා තියනවද කියල හොයල බැලුවේ මේවා කියවන්න කැමති කස්ටිය ඉන්නවද කියල දැනගන්නත් එක්ක.

    ඔයාට කතාව කියවපු, කමෙන්ට් දාපු අය ගොඩක් ඉන්නවා. ඒක තමා ලිපු කෙනාගේ සාර්ථකත්වය. සයිබරයේ බ්ලොග් ලියන අය ඒවා ලියන්නේ සල්ලි වලට නෙමේ ස්වයං තෘප්තියටනේ ඒ නිසා බලන අයගේ කමෙන්ට් ඒක ගොඩක් වටිනවා. ඉතින් මගේ දැක්ම අනුව ඔයා සාර්ථකයි. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මම මේ කතාව ලියන්න පටන් ගනිද්දි මම කියවලා තිබුණෙ බ්ලොග් නවකතා 2ක් විතරයි.එහෙන් මෙහෙන් කොටස්. මමනම් කිසිම දෙයක් හොයලා බැලුවෙ නැතිව ඔහේ කොටස් පළ කලා මට හිතුනු වෙලාවට. අහම්බෙන් වගේ කතාව ජනප්‍රිය වුනා.

      හදවතින්ම අවංකවම ලියන්න යාලූ ඔයාට හොද සාර්ථක කතාවක් ලියන්න පුළුවන්වෙයි..:)

      ම්ම්.. මම හිතනවා යම්තාක් දුරට සාර්ථකයි කියලා.ස්තූතියි ඔයාට.ඔයාට්ත් සාර්ථක ගමනකට සුභ පැතුම්!!

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. // වැස්සකට හරි රොටරියට ගිය කෙනෙක් ඉන්නවනම්//

    වැස්ස දවසක රොටරියේ වලට ගිහිල්ලා වෙච්චි සිද්ධියක් මතක් වුනා අක්කේ ඉක්මනටම ඒක මගේ බ්ලොග් එකේ දාන්න ඕනේ හි හි...

    ඔයාගේ පසුවදන කියවද්දි යන්තම් දුකක් දැනුනත් මේ හැමදේම දරාගෙන දැන් හොඳින් ඉන්නවා වගේ දැනෙනවා ඒ නිසා හැමදාම එහෙම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...දසුන් වගේ වැඩ කරන අයට කවදාක හරි හිතෙන් පසු තැවෙන්න වෙනවා...ජය වේවා අක්කේ ඔයා නියම ආදර්ශයක් දුන්නේ බොහෝම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ම්ම්... එහෙනම් මතක් වුන වෙලාවෙ ඉක්මනටම ලියන්න. අපි කියවන්න බලන් ඉන්නවා..

      ස්තූතියි මල්ලි.ඔව් මම දැන් විඳවලා ඉවරයි..හිත හදාගෙන සතුටින් ඉන්නෙ..:D හුඟාක්ම ස්තූතියි ජය වේවා!!

      Delete
  15. මේ කතාව කියවන්න පටන්ගත්තු දා ඉදන් මධු කියන ඒ මෘදු චරිතයට මං ගොඩාක් ආදරය කළා. එ නිසාම මම පොඩ්ඩක්වත් සැහීමට පත් වුනේ නැ කතාවේ අවසානය සම්බන්ධව. අද මේ පසු වදන කියෙව්වට පස්සේ ඒ මධු ගැන ගොධාක් ආධම්බර හිතෙනවා!! ඇය ගැන දුකක් නැ දැන්...ඇය ඒ තිත්ත අතීතය පැත්තකින් තියලා, නිසැකයෙන් ම ජීවිතය ජය ගනියි..! Best of luck..!! :)

    ReplyDelete
    Replies
    1. ම්ම්... හුඟාක්ම ස්තූතියි ඔයා ඔහොම කිව්වාම ආඩම්බරයි මට!!! :D

      thanks a Lot!!

      Delete
  16. මේක අහල අන්තිමට හිතුවක්කාරි මෙහෙම සින්දුවක් කිව්වලු.

    පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට.....
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්//

    ReplyDelete
    Replies
    1. මටත් මේකට මාතෘකාවක් දාද්දි ඕක මතක් වුනා..:)

      Delete
  17. මමත් ඔයාගේ කතාව කියවන්න්න ගත්තේ ලඟදී..ඒත් ඒ කොටස් වල ඔයාගේ හිත මට හොදට දැනුනා..ඔයා දක්ෂයි හිතු. ඒ වගේම ඔයා සංවේදීයි..ගෑනු ලමයි අපි හැමෝම වගේ ආදරය කරන කොට ජීවිතේ පරදුවට තියලා ආදරය කරනවා.ඒත් පිරිමි ලමයි ගොඩක් දෙනාට ආදරේ කියන්නේ ජිවිතේ එක කොටසක් විතරයි..ඔයාට ජය පතනවා..හිතු

    ReplyDelete
    Replies
    1. "ගෑනු ලමයි අපි හැමෝම වගේ ආදරය කරන කොට ජීවිතේ පරදුවට තියලා ආදරය කරනවා.ඒත් පිරිමි ලමයි ගොඩක් දෙනාට ආදරේ කියන්නේ ජිවිතේ එක කොටසක් විතරයි."

      ඒ ඉතින් ඔයා දන්න තරම තමයි පුංචි කුමාරිහාමි.

      Delete
    2. ඕකේ ඇත්තක් නැත්තෙමත් නෑ අයියා... කථාවක් තියෙන්නේ "to a girl love is the whole book, but for a boy it is only a chapter කියලා

      Delete
    3. මමත් කුමාරිහාමිට එකගයි

      Delete
    4. අනේ මන්ද කසුන් මලය.. උඹටත් කට පියන් ඉන්නම බෑනෙ... උඹට හිතෙන්නෙ නැද්ද ඕව ටයිප් නොකර ඇඟිලි ටික ගලක උලාගත්ත නම් හොඳයි කියල :)

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. @ප්‍රාර්ථනා
      ඔයා කියන්නේ ඉතින් ඔය කොහේ හරි තිබුන කතාවක්නේ නගෝ. මම කියන්නේ මගේ අත්දැකීම් වලින්, මගේ අයියලාගේ අත්දැකීම් වලින්, පොඩි කාලේ ඉඳල එකට හිටපු යාළුවොන්ගේ අත්දැකීම් වලින් සහ කැම්පස් එකේ කොල්ලන්ගේ අත්දැකීම් වලින්.

      @වර්ණා
      එක්කෙනෙක් කරපු දේකින් හැම කෙනෙක්ම මනින්න එපා නංගියෝ.

      @පුංචි කුමාරිහාමි, ප්‍රාර්ථනා, වර්ණා
      කොල්ලෝ කෙල්ලෝ වගේ හැම තිස්සෙම බොළඳ වෙන්නේ නැතුව ඇති. ආදරේ කියන එක හැමතිස්සෙම කියන්නේ නැතුව ඇති. ඒ වුනාට ඒකෙන් හිතන්න එපා කොල්ලෝ ආදරේ කියන එක එච්චර ගනන් ගන්නේ නෑ කියලා. වෙනස තියෙන්නේ දෙගොල්ලෝ ආදරේ පෙන්නන විදියේ. ඔයාල වගේ ඒක හැමතිස්සෙම පෙන්නන්නේ නෑ කියලා හිතන්න එපා කොල්ලන්ට ඒකෙ වටින කමක් නෑ කියලා. ගෙදරක අම්මයි තාත්තයි බලන්න. අම්ම වගේ තාත්තගේ ආදරේ අපිට පේන්නේ නෑ. එහෙමයි කියල තාත්තා දරුවන්ට ආදරේ නෑ කියන්න බෑ නේද? මේකත් ඒ වගේ තමයි.

      අනිත් එක හිතන්න එපා ආදරයක් නැති වුනාම දුක් වෙන්නේ ඔයාල විතරයි කියලා. ඔයාල වගේ හැමතිස්සෙම කඳුළු හලාගෙන හිටියේ නැති වුනාට ඒ වගේ වෙලාවක කොල්ලෙක් කොච්චර දුකක් පපුවේ හිර කරගෙන ඉන්නවද කියලා ඔයාල දන්නෙ නෑ. අපිත් එක්ක ඉන්න උන් නිසා ඒ ගැන හොඳට දන්නවා. මම පෞද්ගලිකව ඒ ගැන හොඳටම දන්නවා. මම එකම එක පාරයි ආදරේ නිසා අඬලා තියෙන්නේ. හැබැයි මම කියන්න බැරි තරම් හිතින් විඳවලා තියනවා ඒ නිසා. මගේ අම්මටයි, මාත් එක්ක පොඩි කාලේ ඉඳලම හිටපු යාළුවො ටිකටයි විතරයි මගේ වෙනස තේරුනේ. එහෙම තමයි කොල්ලෝ, හිතින් කොච්චර විඳෙව්වත් පිටට ඒක පේන්නේ නෑ. ඒ නිසා ඒ දිහා පිටින් බලල නිගමන වලට එන්න එපා. මොකද ඔයාලට කවදාවත් කොල්ලෙක්ගේ හිතක් තේරුම් ගන්න බෑ.

      @සාතන්
      ගලක උලාගෙනත් මදි අයියේ. කොච්චියකට වත් තියන්න ඕන, ආයෙත් ලියන්න බැරි වෙන්නම. අනේ මන්ද මේ කෙල්ලෝ හිතාගෙන ඉන්න විදිය නම්.

      Delete
    7. කසුන් අයියා සමගත් එකගයි.
      මම හැමෝම එක්ක එකගයි., ඇයි ඉතින් අපි හැමෝම හිතන විදිය වෙනස්නේ.. ඒ ඒ විදියට ඒ ඒ කෙනාට හිතෙන දේවල්.. හැම කෙනා සමගම මම එකගයි

      Delete
    8. ඔ්ක මෙහෙමයිග , ලවු කරන ස්ටයිල් එක කරන එක්කෙනාගෙ ස්ත්‍රීපුරුශ භාවයෙන් ස්වායත්තයි! කවුරු උනත් උගුලට අහු උනොත් උනාමයි.

      Delete
    9. @තනි අලියා
      අපේ කට්ටියට ඕක තේරෙන්නේ නැති එකනේ බං අවුල.:)

      Delete
    10. @ කුමාරිහාමි අක්කා- ස්තූතියි හුඟාක් අක්කෙ..ඇත්ත මම සංවේදී නම් තමා. වෙලාවකට ඒක මහ වදයක්කේ නිසාම වැඅර්දුනු තැන් තියෙනවා. කොහොම නමුත් මාව තේරුම්ගත්තට ස්තූතියි අක්කෙ..ඔය කතාවෙ ඇත්තක් තියෙනවා,මොකද මගේ සහ තව හුඟාක් දෙනෙක්ගෙ අත්දැකීම් අනුව, ගෑණූ ළම්යි ආදරේ අවංකවම කරනවානම් හුඟාක් වෙලාවට ඒ ආදරේ ගැන හැම මොහොතකම හිත හිත ජීවත්වෙන්නෙ වෙනම ලෝකෙක.හැමදේටම වඩා මුල්තැන දෙන්නෙ ඒකට. නමුත් පිරිමි ළමයි ආදරේ කරද්දි එහෙම නෑ.. එයාලා ආදරේ ජීවිතේ පුරා ඔතාගන්නෙ නෑ... පැත්තකින් ආදරේ තියාගෙන ඉන්නවා විතරයි.. ඒ මගේ මතය.

      එහෙම නොවෙන්නත් පුළූවන්...

      Delete
  18. මම ඔයාගේ බ්ලොග් එකට එනකොට කතාවේ ගොඩක් ගිහින් නගෝ. ඒ නිසා මම කතාව කියවලාම නෑ. හැබැයි පසුවදන කියෙව්වා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ වගේ. ඔයා වැරදුනු තැනින් හැමදෙයක්ම තේරුම් අරගෙන තියෙන්නේ. ඒක තමයි වෙන්න ඕන දේ. එතනින් ඉගෙන ගන්න තියන දේ විතරක් අරගෙන තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න.

    "ඔව්!! අද මේ ලියන පසුවදනින් මම සදහටම මේ කතාවට නැවතීමෙ තිත තියෙනවා. ආයෙත් කවමදාකවත් කොමාවක් තියන්නෙ නැති,තියන්න බැරි,කොමාවක් තියන්න හිතන්නෙවත් නැති මේ ආදර කතාවට මම අද තිත තියනවා."

    දාන්න පහක්! අන්න එහෙම තමයි ඉන්න ඕන. හැබැයි මීට පස්සේ ඕක ගැන ලියල අහුවෙන්න එපා හොඳද.:) වෙලාවක මේ කතාව මුල ඉඳල කියවන්න ඕන.

    ප.ලි.: (සැ.යු.) එක්කෙනෙක් වැරැද්දක් කළ පලියට හැමෝම ගැන එහෙම හිතන්න එපා නගෝ. හැමෝම එහෙම නෑ.:)

    ReplyDelete
    Replies
    1. මම කතාව ලියන්න ගත්තෙ බ්ලොග් එක පටන්ගත්ත කාලෙමනෙ. ඉතිං හුඟාක් අය එකතුවෙද්දි කතාව මැද.:) කමක් නෑ..පසුවදන කියෙව්වනෙ..

      ම්ම්... මේ වෙද්දි හුඟාක් තේරුම් අරන් ඉන්නෙ..:) මෙන්න 5ක්!!!!!හික්ස්ස්.. මේක ගැන ලියන්නෙ නෑ..ඒථ් විරහව ගැන මොනා හරි ලිව්වොත් කට්ටිය හිතන්නෙම මගේ අත්දැකීමක් කියලානෙ.. අන්න ඒකයි වැඩේ...:D

      එක කෙනෙක් නිසා මම කවදාවත් හැම කෙනා දිහාම එකම විදියට බලන්නෙ නෑ..එහෙමනම් මම මේ වෙද්දි කොල්ලො කියන ජාතිය එක්ක කිසිම සම්බන්ධයක් නැතිවෙන්න ඕනෙ.. එහෙම පටු විදියට හිතන්නෙ නෑ.. මම කියන්නෙ හුඟාක් වෙලාවට ඉතින් මෙහෙම කතා ඉවර වෙනවා..

      ස්තූතියි අයියේ!!!

      Delete
  19. මම කතාව බැලුවෙත් මගදී ඉඳං... ඔයා පටන් ගත්තේ 2011 ජූලි කිව්වනේ... මම බ්ලොග් ලියන්න ගත්තෙත් 2011 දෙසැම්බර් වල.. ඉතිං චුට්ටයි කියෙව්වේ.. හැබැයි කියවපු හැම කතාවක්ම හිතට හොඳින්ම දැනුණා...

    කළ වැරදි තේරුණා නම් ජීවිතේ හදා ගත්තා නම් එච්චරයි...

    ආයෙත් දුක් කතා නොලියන එක හොඳයි..
    ඉතිං හිතූට ජයක්ම වේවා කියල තමා අන්තිමට ප්‍රාර්ථනා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මම කතාව කියවන්න ගද්දි තිබුනේ 12 වෙනි කොටස.. මම ඒ කොටස කියවලා ඒ ගමන මුළු ඔක්කොම කොටස් ටික කියෙව්වා.. ඊට පස්සේ දාන හැම කොටසම කියෙව්වා. කෙල්ලේ බාගෙට කියවලා වැඩක් නැහැ. ඔක්කොම කියවලා එන්න.

      Delete
    2. @Shani-ම්ම්ම්..කමක් නෑ...කොහොමහරි කතාවෙ හොදම හරිය කියෙව්වනෙ...;)

      දුක් කතා ලියැවුනොත් ඔන්න මම දන්නෙ නෑ..;) ස්තූතියි කෙල්ලෙ..

      Delete
  20. මම ඔයාගේ බ්ලොග් එක පැත්තේ මුලින්ම එද්දී මේ කතාව අවසනේටත් ලං වෙලා....තවමත් මට ඒක මුල ඉඳල කියවන්න වුනේ නැහැ..ඉක්මනින්ම කියවන්න ඕන.

    මේ ලියල තියන දේවල් වලින් මට නම් හිතෙන්නේ ඔයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක් කියලා...දාලා ගියපු අය ගැන හිත හිත ජීවිතේම නාස්ති කරගන්න අයට මේක හොඳ ආදර්ශයක් නංගෝ...ඒක අනිත් අයටත් කියල දුන්නට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. හුඟක් අය මෙහාට එද්දි කතාවෙ මැද හරිය තමයි අක්කියෝ..:) පුළුවන් වෙලාවක කියවන්නකෝ...:)

      මම ස්හක්තිමත් කෙල්ලෙක්නම් නෙවෙයි අක්කි. ඒත් මම අඅසයි එහෙම වුනානම්..හැබැයි මේ වෙද්දි මම ඔය නැතුවුනු ආදරේ වෙනුවෙන් අඬන්නෙ නැතිව,හිත හදාගෙන ජීවත් වෙන්න තරම් ශක්තිමත්....මට ඕනෙ වුනෙත් අවසානෙට තේරුමක් දෙන්න අක්කෙ. එතනදි මම සාර්ථක නම්, එච්චරයි!!!

      අක්කිටත් හුඟාක් ස්තූතියි!!

      Delete
  21. මොනවා ලියන්නද හිතූ නංගියේ..
    ඔයා ඒ හැම දෙයක්ම අර උපදෙස් ළඟ ලියලා තියෙනවා.. මේ ලෝකෙ "ආදරය" කියලා හඳුන්වන්නෙ එකම හැඟීමකට වුණත් එක එක්කෙනාට හිමි අහිමිවෙන විදිහ වෙනස්..
    සතුටුයි.. ඔයා ජීවිතය ගැන තේරුම් අරන් තියෙන විදිහ ගැන.. :) හැබැයි නංගි මුළු ලෝකෙම එකම මිම්මකින් මනින්නත් බැහැ.. :)
    ප්‍රාර්ථනා කරනවා ලස්සන සුබ අනාගතයකට සුබ පැතුම් නංගියගෙ ජීවිතේට..!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ප්‍රශ්නත් අහලා, ප්‍රශ්න වලට මමම උත්තරත් දීලාද? :D

      මම එහෙම ලෝකෙ දිහා එක කෝණෙකින් බලන්නෙ නෑ අක්කි...:)

      හුඟාක්ම ස්තූතියි අක්කිට!!!

      Delete
  22. බ්ලොග්ස් වලට ඇවිත් වැඩි කාලයක් නැතිනිසා මටනම් මේ කතාවට එකතු වෙන්න පුලුවන් වුනේ මැද කොටස් වලදි.ඒත් කතාවනම් මුල ඉඳලම කියෙව්ව.ලස්සනම ලස්සනයි මේ කතාව.ඇත්තයි යාලු ඔයා මේ කතාව ලියල තියෙන්නෙ අනිත් අයගෙ හදවතට සමීප සංවේදි විදිහකට නිසා හිතට ගොඩාක් දැනුන කතාවක් වුනා.සමහර වෙලාවට හිත දුර්වල වුන ගොඩක් වෙලාවන්වලදි මේ ලිපි හිතට ලොකු හයියක් වුනා.ඒ ගැන ඔයාට ගොඩාක් ස්තූතියි යාලු.

    මොනදේ වුනත් අද ඔයා නිදහස් හිතකින් සතුටින් ඉන්න එක ගැන බ්ලොග් වලින් හම්බවුන හොඳම හොඳ යාලුවෙක් විදිහට ඇත්තටම ගොඩාක් සතුටුයි හිතූ......

    ඔය හිතේ හැම ප්‍රාර්ථනයක්ම , හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න හදවතින්ම සුභ පතනවා!!!!!

    ReplyDelete
    Replies
    1. //සමහර වෙලාවට හිත දුර්වල වුන ගොඩක් වෙලාවන්වලදි මේ ලිපි හිතට ලොකු හයියක් වුනා.//

      මේක ඇත්තනම්, හුඟාක් සංතෝසයි!!! මට පුළුවන් ව්උනානම් කෙනෙක්ගෙ හිතට තට්ටු කරන්න.. ඒක සතුටක්..:Dස්තූතියි යාලු!!!

      ඔහොම මට හොද යාලුවෙක් කියන අය අතරට එකතුවෙලා ඉන්නෙ මේ කට්ටිය දැක්කාම ඔයා හිතනවටත් වඩා මට සතුටුයි!!! මොකද මම මේ බ්ලොග් ලිවිල්ල නිසාසල්ලිවලටත් වඩා වටින සංතෝසෙයි, මනුස්සකමයි, ආදරෙයි නම් මහා ගොඩාක් එකතු කරගත්තා..

      ඔයාත් මගේ හොද යාලුවෙක්නෙ..:) ස්තූතියි!!! ජීවිතේ දිනන්න මගෙන් සුභ පැතුම්!!!

      Delete
    2. ස්තූතියි යාලු.... :)

      Delete
  23. මෙච්චර කල් හොරා වගේ ලිව්වා නේද අනුන්ගේ කථාවක් වගේ.අන්තිමට හරි කියපු නිසා ඇත්තම ඇත්ත කියලා හිතෙනවා නැත්තං බොරු කථාවක් කියලා හිතෙන්න ඉඩ තිබුනා....සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ කියන එක නං ඇත්ත....තව කථාවක් ඉක්මනටම පටන් ගන්න....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්...කලින්ම කිව්වානම් අගයක් නෑනෙ...;)

      තව කතාවක්නම්... අනේ මංදා..බලමුකෝ..
      ස්තූතියි අයියා..

      Delete
  24. මම හිතුගේ බ්ලොග් එකේ මුලින්ම බැලූවේ මේ කතාව.. ඒකත් පළවෙනි කොටසම නෙමෙයි.. අර අන්තිමට කියපු මේ ඔයාගේ ඇත්තම කතාවක් කියපු කාරනාව ගැන නම් මට දැන ගන්න ගොඩක් තියෙනවා.. අපි ඒ ගැන හෙමීට කතා කරමු.. ඇත්තම් කියාවි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... මාව රහස් පොලීසියේ අත් අඩංගුවට වැටුණාවත්ද??? :D

      හිතූ බොරු කියන්නෙ නෑ..මේ ලියපු හැම අකුරකම තියෙන්නෙ මගේ ජීවිතේ,ආදරේ,හැඟීම්.ඇරත් අයියාට බොරු කියයිද මම??:D

      Delete
  25. මොන හේතුවකටද මන්ද මට මුල ඉඳන් හිතුනෙ මේක ඔයාගෙම කතාව කියල..

    ReplyDelete
    Replies
    1. :D කිරිල්ලිට ඉව තියෙනවා ඇති.;)

      Delete
  26. මම දැන ගතිමි. මම සැක කළෙමි. ඔබ කවුදැයි කියා !!!

    මේ කතන්දරය මුල ඉඳන්ම කියවන්න මමත් එකතු වුණා. ඒ වගේම මගේ යාලුවො කිහිප දෙනෙක්ම හිටියා මේ ගැන මගෙන් අහපු. හිතුවක්කාරි ඊළඟ කොටස දාන කල් බලන් හිටපු අයත් ඒ අතර හිටියා.

    ආදරයේ සුන්දරත්වය, විරහව යන මේ දෙකම ඔයා ලස්සනට පද ගැළපුවා. ඔබට ජයෙන් ජය!

    "හැමදේම වෙන්නෙ හොඳටයි" !!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි!!!! :O විසිතුරු දැනගත්තාට කම් නැත... ඔහොමම නිශ්ශබ්ධව ඉන්න..;)

      හෑ?? කවුද ඒ යාළුවො?? මාව දන්න කියන අයද?? ම්ම්.. අපි හිමීට පොඩ්ඩක් කතා කරමුකෝ ඔය ගැන..

      ස්තූතියි විසිතුරු!!! නැතුව,ඕල් ඊස් වෙල්!!!! ;)

      Delete
  27. අර අන්තිමට රතුපාටින් දාල තියෙන එකට නම් මමත් එකඟ නෑ..නංගියො..

    කොහොම උනත් ජිවිතේ ජයගන්ඩ එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්.. හෆ්ෆා.. ඔය කට්ටිය උඩ මරාගෙන තියෙන්නෙ ;) එකඟ නෑලු..එකඟලු...;)

      ස්තූතියි අයියේ!!!

      Delete
  28. ඇත්තටම මටත් කතාව මුල ඉඳන් කියවන්න බැරිඋනා මොකද මං බ්ලොග් ලියන්න වගේම කියවන්න ගත්තෙත් ලඟදි නිසා. මේ දවස් වල තියෙන විභාගය ඉවර උන ගමන්ම මාත් මුලු කතාවම කියවනවා.හැබැයි කතාව කියවන්න කලින්ම මේක අති සාර්ථක කතාවක් කියලා මේ තියෙන කමෙන්ට්ස් ටික දැක්කම කියන්න පුලුවන්.

    "මම හොදින්!!මම සතුටින්!!!මම සැපෙන්..!"

    ජීවිතයේ හැමදාමත් ඔයාට සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා මාත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හිතූ...ජය වේවා!

    ReplyDelete
    Replies
    1. විභාග ඉවර වුනාම කාරිය ,කියවන්නකෝ යාලු..:) හම්මියෝ..අතිසාර්ථකද නැද්ද මංදා..:) ඒත් මම කීපදෙනෙක්ගෙ හරි හදවත්වලට කතා කලා කියලා හිතනවා..:)

      ස්තූතියි ඔයාට හුඟාක්ම..:) ජය වේවා!!

      Delete
  29. ආදරේ නොතේරෙන මිනිස්සුන්ට ආදරේ උගන්නයද්දි හිත් රිදෙන්නෙ අපේමයි හිතූ..

    හිත හඩාගත්තු එක ලොකු දෙයක්..මම ඔයා කියපු එක දේකට ගොඩාක් කැමතියි..

    "මොන දේ වුනත්,මම ඒ අතීතයට කවදාවත් වෛර කරන්නෙ නෑ.."
    ඒක තමයි ඔයාගෙයි දසුන්ගෙයි වෙනස..

    හැමදාම සතුටින් ඉන්න..ඔයාගෙ හිත හදුනන හොඳම කෙනෙක් ඔයාට ලංවෙයි..ඒ වෙනතූ ඔයි ලස්සන හිත පරිස්සම් කරගන්න..

    ReplyDelete
    Replies
    1. //ආදරේ නොතේරෙන මිනිස්සුන්ට ආදරේ උගන්නයද්දි හිත් රිදෙන්නෙ අපේමයි හිතූ..//

      well said!!!

      එකඟයි අක්කි!! ස්තූතියි හුඟාක්. මගේ හිත හුඟාක්ම පරිස්සම්... එදාවගේම, අදත්!!!

      Delete
  30. මම හිතූගේ කතාව කියෙව්වෙම නෑ. වැඩ කරන තැන ඉදන් මේවා කියවන නිසා මම කතා කියවන්නෙම නෑ. ඒකට නම් සමාවෙන්න ඕන. හැම කොටසක්ම මම ගෙදර ඉදන් බ්ලොග් ආපු දවසක අනිවාර් එක හුස්මට කියවනවා.
    ''තව දෙයක් තමා, කිසිම දවසක තමන් අවංකව ආදරේ කළානම්, ඒ ගැන පසුතැවිලි වෙන්න එපා.දෛවය අපිට සමහර දේවල් අහිමි කරන්නෙ අපේම හොඳට කියලා විතරක් හිතන්න බලන්න. ''
    එක මට හුගක් හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. ඒකට නම් කමක් නෑ බට්ටි අක්කෙ..:) පුළුවන් වෙලාවක කියවන්නකෝ...

      හිතට දැනුනානම් සතුටුයි!!! ස්තූතියි!!!

      Delete
  31. හ්ම්.... දුක හිතෙන ආදර කතාවක් මොනවා වුනත් කමක් නෑ නංගා දැන් හොදින් නේද?? එහෙනම් ඇති.

    අන්තිම උපදෙස් ටිකත් හරිම හොදයි...

    ReplyDelete
    Replies
    1. මම හොදින් මම සතුටින් මම සැපෙන් අක්කි!!!! :D

      ස්තූතියි මම ආදරේ නිසා ඉගනග්ත්තු පාඩම් ටික...:D

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. අන්තිම ටිකට නම් ඇඩෙනවා :'(

    ReplyDelete
  34. ඔන්න මම අද ඉඳන් හිතුවක්කාරිගේ කතාව මුල ඉඳන් බලනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මුල ඉඳන් බලලා කියන්නකෝ බලන්න...හොද නරක..

      Delete
  35. මම හිතුවා හරි !
    තමන්ගේ අත්දැකීමක් නොවේ නම් මෙච්චර ලස්සනට ස්ථානත් ගලපලා ලියන්න පුලුව නෑ. මොනා උනත් කතාව ලස්සනයි. මම් අහන්න හිටපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා !!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අයියාත් මුල ඉදන් මන්තරේ වගේ මතුර මතුර හිටියනෙ, මේක ඇත්ත කතාවක් කියලා..;) ඔන්න දැන් හරිනෙ..:p

      ම්ම්.... ප්‍රශ්න විසඳුනානම් එච්චරයි

      Delete
  36. මම කතාව කියවපු මුල්ම වෙලෙ ඉදන් හිතුව මේක ලියන කෙනාගෙම අත්දැකීමක් කියලා.මම හම කොටසම කියෙවත් කොමෙන්ටුවක් දන්න උනෙ අන්තිම කොටසෙදි තමා...අන්තිමට දීපු උපදෙස් ටික නම් 100%ක්ම ඇත්ත වගේම මගේ ජීවිතේට හුගක් වටිනවා.මොකද මට මගේ ආදරේ නැති වෙලා අදට දවස් 28යි..ඒ ආදරය නිස අදටත් හුගක් විදවනවා.කාලය තම හැමදේටම හොදම විසදුම..ඔයා හැමදේකටම මූන දිලා ජීවිතේ ගොඩනගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථන කරනවා....
    දිගටම ලියන්න, අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා...:)

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු...කාලයට ඉඩ දෙන්න....එයා තමයි හොඳම විසඳුම....එයා ටිකෙන් ටික ඔයාගෙ හිත හරිගස්වාවි.....

      යාලුවෙක්....

      Delete
    2. අහිමිවීම නම් හිතට මහා දුකක් තමයි යාලු.කාලය තමයි විසඳුම...මගෙත් හිත ගොඩාක් පෑරිලා තිබුන.ඒත් දැන් ටිකක් ඒ දුක අඩුවෙල.ඒ කාලය කාලය වගේම මේ බ්ලොග් ලියන යාලුවොත් මට ලොකූ හයියක් වුන නිසා.එයාල තාමත් මට ලොකූ හයියක්.ඔයාගෙ හිතේ දුකත් ටිකෙන් ටික අඩුවෙලා යාවි යාලූ.....

      Delete
    3. හම්ම්........ හුගාක් ස්තුතියි අනො යාලුටත්,සිහින මතකයන් යාලුටත්.කාලයෙන් ලැබෙන විසදුම වෙනකන් බලන් ඉන්නවා...ඒත් ඒ මතකයන් හැමදාම තියේවි...:)

      Delete
    4. ම්ම්.. හුඟාක් අය ඔහොම මගේ කතාවක් කියලා ඔට්ටු අල්ලලා තිබුණා. :) මගේ අඅදර කතාවෙන් ඉගනගත්ත දේවල් තමා මම උපදෙසක් ව්ඉදියට ලිව්වෙ.

      ඔයාට අහිමි ව්උනු ආදරේ ගැන දුකයි!! කාලයට ඉඩ දෙන්න කියලයි මාත් කියන්නෙ. කාලය විසධාවි හැමදෙයක්ම. හරියට කාලය මගේ හිත හැදුවා වගේ..

      හුඟාක් ස්තූතියි යාලු..ඔයාගෙ ජීවිතේත් වාසනාවන්ත වෙන්න කියලා සුභ පතනවා..

      Delete
    5. හුඟාක් ස්තූතියි යාලු.... :)

      Delete
  37. මට නම් හරි හමං විදිහට කතාව කියවන්ඩ ලැබුණේ අංතිම කොටසෙදිනෙ..කොහොම වුනත් කතාව කිසානම් නෙවෙයි මේක ඕයාගෙම කතාව කියල මටනම් හිතුනෙ..ඒ ඔයා කෙනෙක්ට දීල තිබ්බ කොමෙන්ට් එකක් නිසා....ආපහු නම් ආදර කතාවක් ලියන්න පුලුවන් වේවිද දන්නෙ නෑ කියලා කිව්ව නේද..???

    කොහොම වුණත් කාලය හැමදේකටම පිළිතුරු සපයනවා...ඒත් හිතූ..ඔයා ලොකු අකුරෙන් ලියපු හැමදේම ඔයාටම කෑගහල කියාගන්න ඒවද කියල මට පොඩ්ඩක් සැකයි...මොකද..අන්තිමේට දාන්න ඔයා තෝරගත්ත පින්තූරෙන් පුංචි සැකයක් දැනුනු නිසා... :o

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔව් ඔව්..මොකද මගේ කතාව ඉවරයි නිසා, ආයෙත් ලියන්න ඉතිං...... :)

      සැක කරන්න දෙයක් නෑ අක්කියෝ.. මම හොදඉන්, සතුටින් ඉන්නෙ. කාලයක් මම මටම කෑගහගත්ත වචන ටික ලිව්වෙ, තව කෙනෙක්ට ගන්න දෙයක් මෙතන තියේවි කියලා හිතලා..:)

      අක්කිට හුඟාක් ස්තූතියි!!!!

      Delete
  38. කතාව කිවේ කිසි කොටසක් කියෙවුවෙ නැහැ.ඒත් දුක හිතෙන කතාවක් නේ.ඉතිං අවංකව ආදරේ කරන හැමෝටම උරුම දෙයක් තම මේ වේදනාව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.... :) ආදරය කරනවනම්, විඳින්න වගේම විඳවන්නත් ශක්තිය තියෙන්න ඕනෙ..:)

      Delete
  39. akki oyage kathawath mage jiwitha kathawama wage thamai habai anthima tika chuttak wenas man adare karapu kena mawa dala gihin masayak withara giyaama mage hodama yaluwath ekka afair eka patan gatta den edenna dakina warayak gane mage duka wadi wenawa akki adare kiyanne me tharam dukak kiyala danunanam man kawadawath adare karanne ne

    ReplyDelete
  40. akki oyage kathawath mage jiwitha kathawama wage thamai habai anthima tika chuttak wenas man adare karapu kena mawa dala gihin masayak withara giyaama mage hodama yaluwath ekka afair eka patan gatta den edenna dakina warayak gane mage duka wadi wenawa akki adare kiyanne me tharam dukak kiyala danunanam man kawadawath adare karanne ne

    ReplyDelete
    Replies
    1. :( දුකයි තමා. මොනා කරන්නද මිනිස්සු ආත්මාර්ථකාමී... ජීවිතේට මූන දෙන්න යාලූ( මං හිතන්නෙ ඔයා නංගියෙක්) ආදරේ ජීවිතේ කරගන්නැපා. කාලයට ඉඩ දෙන්න.කාලය ඔයාගෙ හිත හදයි...:) ඔයාට අයිති හොදම හොද කෙනා ඔයාව හොයාගෙන එයි.. එතකන් ඉවසන්න...

      Delete
  41. බලාගෙන යනකොට ගොඩක් කතා වල සමාන කමක් තියෙනවා කොහෙන් හරි. අසාධාරන අවසානයක් තමයි.ඒත් ඉතින් ඒක නම් තිත්ත ඇත්ත මොනවා කරන්නද.
    තව කතාවක් පටන් ගමු නංගි

    ReplyDelete
    Replies
    1. ම්ම්.. හැම ආදර කතාවකටම ව්අගේ කොහෙන් හරි සමානකමක් තියෙනවා තමා අක්කි..:)

      තව කතාවක් පටන්ගන්න බලමුකෝ...

      Delete
  42. උත්පලාවියන් බාල බොලඳියන්
    මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා නමින්
    මල් වැටින් එහා රඟහලින් මෙහා
    සිනා පා රුවෙන් කොතැනද රංගනේ රැඟුම්...

    බාලිකාවියන් තක්සලා දොරෙන්..............

    :)

    ReplyDelete
  43. ඔය බලහල්ලකෝ ඉතින්..... මේ පැත්තට එන්න බැරි වුන දවස් ටිකට කතාව ඉවරත් වෙලා පසුවදනත් ලියලා... හික් හික්...:D

    හ්ම්....... දුක හිතෙන අවසානයක්..:(

    අක්කි ලියන්නේ මගේ කතාවද කියල වෙලාවකට හිතෙනවා කියල මම කලින් කියල ඇති...
    මමත් මධූවගේ වගේ අඬල තියෙනවා ගොඩාක්... දවස් ගණන් ඇස් ඉදිමෙනකන් අඬල තියෙනවා...
    ඒත් අද ඒ හැමදේම අමතක කරලා මමත් සතුටින්.. :D
    අක්කි සතුටින් කිව්වනේ.. ඉතින් ගොඩක් සතුටුයි.. ඒ සතුට තවත් වැඩිවේවා කියල ප්‍රාර්ථනා කරන්නම්.. ජයවේවා!:))
    තවත් කතාවක් ලියමු.. සතුටු හිතෙන අවසානයක් තියෙන එකක් හොඳේ..:D

    ReplyDelete
    Replies
    1. අයිස් ඉතින් ලෝගුව දාගන්න වැඩ කරන කාලෙ මම ඔක්කොම ටික ලියලා දැම්මා නගෝ...:D

      ම්ම්.. අවසානයනම් දුකයි තමා...:)

      මේක හුඟාක් අයගෙ අඅදර කතා වලට සමාන වෙලා...:) නඟා දැන් ස්අතුටින් නෙ.. මේ මම වගේම.. ඉතිං තව මොනාටද දුක් කතා.. අපි අතීතය දිහා බැලුවට කමක් නෑ,දුක බදාගන්නෙ නැතුව...

      ස්තූතියි නංගාට.. තව කතාවක් ලියන්න බලමු අපි...:)

      Delete
  44. ඔන්න ඉතින් හිතු නංගිගේ අයියා කාලෙකට පස්සේ මුළු කතාවම ඒක පාරට කියවල දැම්ම.. ඒක හුස්මට නම් නෙවෙයි...(ඒක හුස්මට කියවන්න පුළුවන් පේලි 2,ක් විතරයි ;) )

    ඔයා ආදරේ ගැන කියපු හැමදෙයක්ම ඇත්ත කියල මටත් එහෙමම හිතෙනවා නංගියෝ...
    තව දෙයක්... සැබෑ ආදරේ කියන්නේ එකම කෙනෙක්ට මැරීගෙන ආදරේ කරන ඒක නෙවෙයි මුළු ජිවිත කාලෙම..කරන වෙලාවට එකකෙනෙක් ගැන විතරක් හිතල එයාට පන වගේ ආදරේ කරලා බැරි වෙලාවත් එයා අපිව දාල ගියොත් අඬන්නේ නැතුව හෙමින් හෙමින් හිත හදාගන්න උත්සහ කරන ඒක..
    ඔය කිව්වා වගේම අවංකව ආදරේ කරලා ඒ ආදරේ නැතිවුන දවසක දුක් වෙන්න ඕන නෑ.. අපේ පැත්තෙන් අපි වරදක් කරේ නෑනේ..
    ආදරේ ගැන නම් ඉතින් කොච්චර කතා කරන්න පුලුවන්ද?

    මධු කියන්නේ ඔයාමයි කියල මං මුල ඉඳලම කිව්වනේ..එහෙම හිතුනේ ඔයා ලියන විදිය නිසා...
    සමහර හැඟීම් වචන වලට හැරිලා තිබුනේ එහෙමමයි...:)

    ආයෙත් කතාවක් ලියන්න නංගියෝ...
    හැමදාම සතුටින් ඉන්න..!!!
    [ඔයා වගේම මාත් ගොඩක් සංවේදී කෙනෙක්. :)
    කමෙන්ට් ඒක මේ විදියට ලියවුනේ ඒක වෙන්නැති.]

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ආදරේ ගැනනම් කතා කරලා ඉවරයක් කරන්න බෑනෙ අයියෙ.. ඒ තරම් සංකීර්ණයි...

      හුඟාක් දෙනෙක් මාවයි මධූවයි පටලගත්තෙ ඇයි කියන එකට හේතුව කියන්නෙ ඔය දේම තමා අයියේ..අනේ මංදා.. මම හිතුනු දේ එහෙම්ම ලිව්වා..මගේ අවංකකම ඔයාලට හිතට දැනුනා..ඉතිං මේ කතාවත් ජනප්‍රිය වුනා..:)

      හුඟාක් ස්තූතියි අයියාට.. ආයෙත් කතාවක් ලියන්න බලමු... ආයෙමත් ගොඩාක්ම ස්තූතියි!!!

      බ්ලොග් අවකාශෙ ඉන්න හුඟාක් අය එහෙම සංවේදි හැඟිම් ඇති අය අයියෙ.. ඒකයි අපි මේ තරම් ළඟ..:)

      Delete
  45. අතීතය අතාරින්න හිතූ...වර්ථමානයට තදින් බැඳෙන්න. අනාගතය සැළසුම් කරන්න. ඔයාට ජය!

    ReplyDelete
    Replies
    1. මම අතීතය අමතක කරලා ඉවරයි අක්කි... මම දැන් ස්අතුටින්....:)

      Delete
  46. "~පෙරවදනක් නැති කතාවකට පසුවදනක්~"
    බොහොම උසස් මට්ටමේ පසුවදනක්... කවුරුන් හරි තමන් උගත් දෙයකින් හැදිල, තව කෙනෙකුට හරි වැරැද්ද ගැන තේරුමක් ඇති කරන්න මේ වගේ වැඩක් කරපු එක අති විශිෂ්ඨයි. (මේක කථාව හෑල්ලු කිරීමක් නම් නෙවෙයි!) මොකද, අද වෙනකොට "මධූ - දසුන්"‍ පාරෙ ගිහින් මේ සංගෙදිය වෙච්ච අය අනන්තවත් ඉන්නවා. මට හිතෙන විදියට මධූ ආයෙත් ජීවිතය පටන් ගත්ත හැටි ගැනත් පොඩි හරි වචනවකුත් දැම්මනම්, මේ පා‍රෙ ("මධූ - දසුන්"‍) ගිහින් මංමුලා වෙච්ච අයට යහපතක් වෙයි කියලත් හිතෙනවා.
    ජයෙන් ජය..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසාද්!!! මංමුලා නොවෙන්න යහපතක් ව්එන්න කාට වුනත් පෙන්වපු මඟ පෙන්වීමක් ව්එයි මේක..

      Delete
  47. හ්ම්ම්...!! තවත් ආදර කතාවක්..., කතාවෙත් කියල තියෙන විදියට විහාගෙ ඉවර වෙලා යාළුවො කස්ටියත් එක්ක MC එක පැත්තෙ රවුමක් දාලා, හොඳට කාලාබීලා සතුටුවෙලා එක පිම්මේ ගෙදර ආවට පස්සේ ඉවර කරන්න හිතාගෙන හිටපු පලමු වැඩේ විදියට හිතුවක්කාරිගෙ හිතේ ආදර කතාව එක හුස්මට, එක දවසට කියවල ඉවර කලා ඔන්න. දුක්ඛාන්තමය අවසානයක් තිබුණත් කතාව ලියල තිබුණ විදිය නම් ලස්සනයි.කියවන්න පටන්ගන්නකොටත් කතාව මුල සිට අගටම ලියල තිබුණත් කොටසින් කොටස කියවන්න තිබුණ කුතුහලය උපරිමයි. ජීවිතේ ඔක්කොම වෙන්නේ හොඳටයි මමත් ඒක විශ්වාස කරනව. ඒත් ඒක අපිට තේරෙන්නේ ජීවිතේ තවත් දුරක් ගිහින් ආපසු හැරිල බලන වෙලාවකටයි. ජීවිතේ අපි හැමෝටම පුංචිම පුංචි ආදර කතාවක් හරි හදවතේ කොහේ හරි තැනක රැඳිලා තියෙනවා. ඒ කතාව අකුරු වලට ගලපන්න එඩිතර වෙච්ච හිතුවක්කාරිට පින්සර ලමයාගෙන් සුභ අනාගතයකට සුහ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... UCSC එකේ මාව අඳුනන කවුරුහරිද මේ?? ;) මට නිකන් මේ වචන පුරුදු හැඩයි...

      // ජීවිතේ ඔක්කොම වෙන්නේ හොඳටයි මමත් ඒක විශ්වාස කරනව. ඒත් ඒක අපිට තේරෙන්නේ ජීවිතේ තවත් දුරක් ගිහින් ආපසු හැරිල බලන වෙලාවකටයි. ජීවිතේ අපි හැමෝටම පුංචිම පුංචි ආදර කතාවක් හරි හදවතේ කොහේ හරි තැනක රැඳිලා තියෙනවා.//

      ඇත්ත. එකඟයි සහෝ!!! හුඟාක් ස්තූතියි..දවසකින් මගේ කතාව කියවලා ඉවරකරන්න පෙළඹුන එකට...:)

      ජයම වේවා!!!

      Delete
  48. කතාව නම් කියවන්න ගත්ත ගමන්ම හිතට වැදුනා හිතු.ඇත්තටම කතාව ලියලා තිබුන හැටිනම් හුගක් ලස්සනයි ඒ ගැන නම් කියන්න අඩුවක් ඇත්තෙම නෑ. ඒ තරමටම හිතට දැනෙන්න ලියලා තිබුණා. ඔයා අන්තිම‍ට ලියලා තිබුණ වචන ටිකනම් ඇත්තම ඇත්ත හිතු. මොනවා වුනත් ආදරේ කියන්නේ සතුටු හැගිමක් නේ. ඉතින් හැමදාම තිබුණත් නැතත් ආදරේ ගැන දුක් වෙන්න ඔනේ නෑ කියලා නම් ඔයාගේ වචන වලින් තේරුම් ගත්තා.මම හිතන්නේ මම වෙන්න ඇති පරක්කුම වෙලා ඔයාගේ කතාව කියවපු කෙනා නේද? කොහොම වෙතත් දැකපු ගමන් මම කියෙව්වා ඔන්න.හැමදාමත් සතුටින් ඉන්න හිතුගේ හිතට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. ඔයා පරක්කුවෙලා හරි කතාව කියෙව්වානෙ යාලු!! :D ඒකට කමක් නෑ.. මේ කතාව අමරණියයි..මගේ හිතේ!!!:)

      හුඟාක් ස්තූතියි ඔයාට..

      Delete
  49. ආදරය සුන්දර වරදකි..කිසිදා සමාවක් නම් නැති...
    අද තමා පසුවදන කියන්න හම්බු වුනේ.. ඒත් මම කලින්ම හිතලා තිබුනා මේක හිතූගේ කතාව වෙන්නැති කියලා.. කොහොම වුනත් සතුටු වෙන්න පුලුවන් දේ තමා එයා ඔයාට දුකක් දුන්නට ඔයාගේ නිර්මාණාත්මක හැකියාව ඔප්නැඟුවා කියන එක. අද මේකට නැවතීම තිබ්බට කමක් නෑ හිතූ ඒත් දිගටම තව කතා ලියන්න.. ඔයාට ලස්සනට කතා ලියන්න පුලුවන්.. ගොඩාක් ලස්සනට.. මන් හම් කොටසේම කමෙන්ට් කරලා නැතුව ඇති.. ඔයාගේ හැම ලිපියකම කමෙන්ට්ස් දාලා නැතුව ඇති..ඒත් ඒ හැම කොටසක්ම මම කියෙව්වා.. ගොඩාක් ආසාවෙන්.. ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි රෙඩ්!!!! කතාව ලියලා මෙච්චර කාලෙකට පස්සෙත් ඔයාලට මේක මතකයි කියන්නෙ.. ඒක මට සතුටක්!! අදටත් මේ දුක හිතෙන කතාවට ලැබෙන ප්‍රතිචාර මට මහ ලොකු සතුටක්!!! ඇත්ත!! එයා මට දුකක් දුන්නාට... එයා නිසා මම හිතුවක්කාරියක් වුනාට... මම ,මමවත් නොහිතපු තැනකට ගෙනාවෙ එයා.. ඉතින් එයාට තෑන්ක් කරන්න ඕනෙ තමා..:)

      හුඟාක් ස්තූතියි ආයෙමත්.. ආයෙත් කතාවක් ලියන්න ඉන්නෙ.. බලමුකෝ ඉස්සරහට.. ජය වේවා!!

      Delete
  50. mulinma kiyanna one mama kiyewwata comment karana kenenemei mama lagdi meka dakla kiyewwe meka dakda dannethna eath mata kathawa kiyeuwata passe monawa hari liyannama hithuna mamath nolbuna adarayak wenuwen nolabenawa kiyala peni peni gdak kapakirim kala mage aramuna hina hama ekakma maga nathrakala balaporoththu una widihatam adare nathiuna eath ekama math nathiuna dannam ama godak hith hadagena mama apahu mage armunata yanwa mama parakkyu thmai eath pasuthwennena mokada mama aththtama godak adare karapu nisai mage jiwitheta loku pdamak lbunanisai mama dan kohomahari mage armunata ynwa katwwath nawaththannaba.kathwa godak lassanai oyage jiwithetath suba pathum.(mama liyanne nathinisa godak waradi athi eakata samawenna)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් නොදැම්මාත්, කියවන එකත් ලොකු දෙයක්!!! :)

      අහම්බෙන් මම කමෙන්ට් එක දැක්කෙ. හුඟාක් ස්තූතියි!!! දුක කතාවක්, ලස්සනට ලියන්න මම මහන්සිවුනෙ නෑ.. හිතේ තිබ්බ දේවල් ඔහේ ලියලා දැම්මා. එච්චරයි!! :)

      ඔයා ආයෙත් නැවතුන තැනින් පටන් අරන් නෙ දැන්. හුඟක් සතුටුයි!! එකතැන නතර වෙලා ඉදලා පලක් නෑ.. ජිවිතේ තව දිගයි.. ඒක විඳින්න ඔනෙ. ඔයාගෙ අනාගතේටත් සුභම සුභ පැතුම්!!

      ජය වේවා1!

      Delete
  51. අද තමයි කියවල ඉවර. ආදරයයි කදුලයි අතර පුදුම බැදීමක් තමයි තියෙන්නෙ. අපි ආදරය කරන තරමටම අපිට කදුලු හලන්න වෙනව.

    ඔයාගෙ අනාගතේටත් සුභම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ම්ම්.... මෙච්චරකල් ගිහින්?? ස්තූතියි!!! :) දැන් කාලය ගෙවිලා. හැම්දේම වෙනස් වෙලා..

      Delete
  52. ඇයි දසුන් එහෙම කලේ ? අමන කම නිසා විතරද ? නැත්නම් A/L විභාගෙන් ආව අසහනයත් එකට හේතුවක් උනාද දන්නෙ නැ. මම අත්දැකිමෙන් දන්න්වා A/L වලදි ගෙදරින්/ පාසලෙන් එන පිඩනය නිසා පිස්සෙක් වෙනහැටි. සමහරවෙලාවට මෙ කතාව මෙතරම් මගෙ හිතට සමීප උනෙ එනිසා වෙන්න ඇති. මම A/L කලෙදි සම්බන්දයක් තිබුනෙ නැති උනත් එහෙම එකක් තිබ්බා නම් මොනවාගෙ දෙයක් වෙයි ද කියල හිතුනෙ මෙ කතාව කියෙව්වට පස්සෙ. මොකද අවුරුදු 15 පස්සෙ ආපහු හැරිල බලනකොට ඒ අවුරුදු දෙකෙ හිටියෙ මම ද කියලා වෙලවකට හිතෙනවා. අර දෙබිඩි මනසකින් ක්‍රියා කරනවා කියන්නෙ මේවගෙ වෙලවට දන්නෙනැ.

    කොහොම උනත් මට දසුන් සුද්ද කරන්න උවමනවක් නැහැ. එත් මේ කතාවෙ අග හරියෙ දසුන් එක පාරටම වෙනස් උනෙ ඇයි කියලා පැහැදිලි හේතුවක් නැති නිසා මට හිතුන දෙ තමයි මම කිවුවෙ. මේ කතාවට කොමෙන්ට් කරන්න පරක්කු වැඩි ඇති ඒත් කිවපුවහම දැනුන හැගීම් නිසා ලියන්න හිතුනා. ගොඩක් blog කියෙඋවත් කොම්මෙන්ට් කරල නැති මට මෙතරම් ලියන්න හිතෙන තරම් මෙ කතාව මට දනුනෙ ඇයි කියල මම තාම හිතනවා. මෙහෙම ලියුවට හිතු අමනාප නොවෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්...., මෙහෙමයි.., දසුන් අමනයෙක් කියලා මධූ කියන්නෙ නෑ.. කවදාවත්ම.

      දසුන් එහෙම කලේ ඇයි කියලා , මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් හේතුවක් අදටත් මධූ ට නැහැ. අනුමාන සහ, උපකල්පන පමණයි..අඩුමතරමෙ දසුන්වත් පැහැදිලි හේතුවක් මධූට දක්වලා නෑ.. සමහරවිට, දසුන් එයාගෙ පැත්තෙන් කතාව කිව්වානම්..., අපිට උත්තරය්ක් හොයාගන්න තිබ්බා. ඕනෙම දේක දෙපැත්තක් තියෙනවානෙ.

      සමහරවිට මධූ කිව්වාට එයාගෙ ආදරේ අපරිමිතයි කියලා, එයාටත් නොදැනිම එයාගෙ ආදරෙන් අඩුවක් දසුන්ට වුනාද කවුද දන්නෙ??

      මිනිසුන්ට වෙනස් වෙන්න හේතු අනවශ‍යයි කියලායි මම විශ්වාස කරන්නෙ හැබැයි!! අනේ මංදා..

      ඇනෝ, කවුද කියලා දන්නෙ නෑ.. ඒත් මේ කතාව කමෙන්ට් එකක් දාන්න තරමටවත් දැනුනානම්....... මට සතුටක්.. :) ස්තූතියි!!

      ඒත්.., මේ කතාව ලියලා මෙච්චර කල් ගිහිනුත්, තාමත් මේකට කමෙන්ට් වැටෙද්දි.., දුකකුත් දැනෙනවා....:)

      ස්තූතියි!!! අදහස මොකක් වුනත්, අවංකව වටිනවා!!!

      Delete
  53. මම ඔයාගේ බ්ලොග් එක කියවන මුල්ම දවස අද. ඔය කොහොම හරි ලස්සනට කතාව ලියල තියනවා.මන් කතාව කියවද්දී අන්තිමට බලාපොරොතු උනේ ජීවිතේ ජය ලබන ලස්සන කෙල්ලෙක්ව.
    දිගටම ලියන්න
    ඔයාට ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගොඩ වැදුනාට මෙහාට :) බලාපොරොත්තු සුන් වුනෙ නෑ කියලා හිතනවා!!!

      නැවතත් ඇවිත් යන්න එන්නකෝ... ගොඩක් ස්තූතියි සුබ පැතුම් වලට!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....