නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

09 February 2012

ආදරේ නාමයෙන් හිර කූඩුවක-(අවසාන කොටස)

ආදරේ නිසා හිරේ විලංගුවෙ වැටුණූ ටැටූට මොකද වුනේ කියලා බලන් ඉන්න අයට කතාවෙ ඉතිරි ටික කියන්නයි යන්නෙ...

ඊට කලින් මුල කොටස් නොකියවපු අය කියවලා එන්න-->>

අද එතැන් සිට....

-------------------------------------------------------------------------------

ඔන්න ඉතින් එදා බ්‍රහස්පතින්දා රෑ ටැටූට රැය පහන් කරන්න වුනේ පොලිස් කූඩුව ඇතුළෙයි. කවදා කාපු ටකරං ද කියලා හිතුණත්, "ආදරේ" වෙනුවෙන් අපායට හරි යන්න ලෑස්ති පිට උන්නු ටැටූට කූඩුවෙ ඉන්න එක ලොකු දෙයක් වුනේ නෑ..ඒ මොහොතෙත් ටැටූ හිතුවෙ පින්කි ගැනයි. 

"පින්කිට මොනා වෙලා ඇත්ද?,ආයෙත් පින්කිව හොයාගන්න බැරිවෙයිද?,මේකෙන් එළියට ඇවිල්ලා හරි පින්කිව හොයාගන්නෙ, පින්කිව ළඟට ගන්නෙ කොහොමද ?"ඔය වගේ දාහක් ප්‍රශ්න ටැටූගෙ ඔළුවෙ වැඩ කළා.

පොලිස් කූඩුව ඇතුළත් මහ අමුතුම ලෝකයක් කියලා ටැටූට තේරුණේ එදා තමයි.ඇතුළෙ උන්නු සමහර අය  ඇවිත් තිබුණේ,ටැටූගේ වගේ පුංචි පුංචි ප්‍රශ්න වලට වැරදිකාරයෝ වෙලා එහෙම නෙවෙයි.ඒ වගේම හිටපු සමහර උදවිය හොඳ පුරුදුකාරයෝ.


"මල්ලී... මොකක්ද කේස් එක ආ...??"


කූඩුවෙ ඇතුළෙ හිටපු ලොක්කෙක් ටැටූට කතා කරලා විස්තර එහෙම ඇහුවා.ටැටූත් ටිකක් තිගැස්සිලා හිටිය නිසාම වටින් ගොඩින් විස්තරේ කියලා දැම්මා.


පහුවදාට උසාවීයට ඉදිරිපත් කරනකම් ටැටූට පොලීසියේ කූඩුවෙ සැප විඳින්න සිද්ධ වුනා.ටැටූ එක්ක ගුටි බැට හුවමාරු කරගත්තු අංකල් ඉස්පිරිතාලෙ නැවතිලා සැප ගන්න තීරණය කරලා තිබුණා.ලොකු තුවාලයක් අමාරුවක් නොතිබුණත්,නීතියෙන් ටැටූව වැරදිකාරයෙක් කරන්න පුළුවන් පහසුව ගැන හිතලමද කොහෙද අංකල් ඉස්පිරිතාලෙ නැවතිලා තිබුණා.


රෑ වෙනකම්ම පොලීසියට වෙලා ටැටූව නිදහස් කරන්න විදියක් හොයපු ටැටූගෙ අම්මායි තාත්තායිත් ටැටූ කූඩුවෙ ඉන්න එකට හුඟාක් දුක් වුනා.කදූළු පිහද පිහද ටැටූගෙ නිදහස වෙනුවෙන් මහන්සි වුනු ටැටූගෙ අම්මාට එදා රෑ ගෙදර යන්න වුනේ නම් හිස් අතින්මයි.ඒත් පහුවදා උසාවියෙන් නිදහස් කරගන්න බලාපොරොත්තුව ඇතිව,අමාරුවෙන් හරි දරාගෙන ටැටූගෙ අම්මාටයි තාත්තාටයි ගෙදර යන්න සිද්ධ වුණා.


එදා රෑ ටැටූ ළඟට ආපු පොලිස් නිළාධාරීන් කීපදෙනෙක්ම ටැටූගෙන් විස්තර ,වැඩිදුර තොරතුරු අහලා තිබුණා.උසාවියෙන් ඇප මත නිදහස් කරාවි කියලා විශ්වාසයක් තිබුණ නිසා ටැටූ කොහොමහරි දරාගෙන කූඩුවෙ කල් මැරුවා.


සිකුරාදා උදේ ඉර පායනකම් නොඉවසිල්ලෙන් බලාගෙන උන්නු ටැටූ, ඊළඟට බලාගෙන හිටියෙ උසාවියට ගෙනියන වාරය එනතුරුයි.


උසාවියට ගෙනියපු ටැටූ වෙනුවෙන් ටැටූගෙ දෙමව්පියො ඇවිත් තිබුණාත්, පින්කිගෙ ගෙදරින් කිසිම කෙනෙක් ඇවිත් තිබුණේ නෑ..අල්ලපු ගෙදර අංකල් එක්ක ටැටූගෙ ඇති වුනූ රණ්ඩුව නිසා පොලිස් කූඩුවෙ ඉන්න වුනු ටැටූට චෝදනා එල්ල වෙලා තිබුණෙත් අංකල්ගෙන්මයි.ඒත් අංකල් තුවලායි කියලා ඉස්පිරිතාලෙ නිසා, නඩුවට අඩුමගාණෙ අංකල්වත් ඇවිත් තිබුණේ නෑ..


ඔය අතරේ ටැටූ උසාවියෙ තමන්ගෙ නඩු වාරය එනකන් ඉන්න වෙලාවෙ,මත්කුඩු ළඟ තියාගෙන අහුවෙලා ඇවිත් හිටිය ගෑණූ අය කීපදෙනෙකුත් ළඟින් යන්න වෙලා තිබුණා.


"ආයි...අප්පා...මූ කොහෙ ඉඳලාද ඇවිත් තියෙන්නෙ?? පොඩි එකෙක්නෙ"


ඇන්ටිලා ටික ටැටූට නෝන්ඩි දාලා තිබුණෙත් එහෙමයි.මේ සිද්ධි නිසා ටැටූ ටිකක් අන්දුන්කුන්දුන් වෙලා තමයි හිටියෙ.ඔය අතරේ උසාවියෙ හිර කූඩුවෙ ඇතුළෙදි ටැටූට තවත් අමුතු අමුතු අය හම්බුණා.


"අහ්..මල්ලී මොකක්ද තමුසෙගෙ කේස් එක?කොහෙ ඉඳන්ද තමුසෙ ආවෙ?"


ඇතුළෙ හිටිය හිරකාරයන්ගෙ ලොක්කා වගේ කෙනෙක් ටැටූ එක්ක කතාවට වැටුණේ එහෙමයි.


"මල්ලී අද පැනගන්න බැරිවුනොත් ඉන්න වෙයි ආයෙත් සඳූදා වෙනකම්ම මෙහෙ.කියන්න බෑ ඉතින් මෙව්වායෙ රාජකාරි.."


ටැටූ හොදටම බය වුනේ එහෙම කිව්වට පස්සෙයි. මේව ඇතුළේ දවස් දෙක තුනක් ඉන්නවා කියන්නෙ කරුමයක් බව ටැටූට කූඩුවෙ ගත කරපු එක දවසින්ම තේරුණා.


නමුත් ටැටූ ඒ තරම් අවාසනාවන්ත වුනේ නෑ..ටැටූගෙ නඩු වාරේදි රු.50000 ක ශරීර ඇප මත ටැටූව නිදහස් කළා.ඊළඟ නඩු වාරේ ජුනි දක්වා කල් ගියා.


දෙයියනේ කියලා ටැටූට නිදහස් වෙන්න පුළුවන් වුනත්,ඊළඟට තිබුණු ලොකුම ප්‍රශ්නෙ වුනේ පින්කි ගැන හෝඩුවාවක් නැති එකයි.පින්කිලාගෙ ගෙදර වහලා දාලා තිබුණා.පින්කිවත් අරන් ගෙදර අය හැංගිලා හිටියා.ටැටූට පින්කි ගැන දැනගන්නතුරු ඉවසිල්ලක් තිබුණේ නෑ..ඒ නිසාම පහුවදාම පොලීසියට ගිහින් අදාළ උපදෙස් මත පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා.පින්කි කියන්නෙ ඒ වෙනකොට ටැටූගේ නීත්‍යානුකූල බිරිඳ නිසා, පොලීසියෙන් කිව්වෙ පැමිණිල්ලක් දාලා පින්කිව ගෙන්න ගන්න පුළුවන් කියලයි.


ටැටූ ගේ පැමිණිල්ල නිසාම පින්කිගෙ ගෙදර අයට පින්කිව එක්කගෙන පොලීසි එන්න සිද්ධ වුණා.දෙපැත්තෙම කට්ටිය ඉන්න වෙලේ සාමදානෙන් ප්‍රශ්නෙ විසදගන්න ටැටූත්,ගෙදර අයත් උත්සාහ කලත්,පින්කිගෙ ගෙදරින් ඒකට කැමති වුනේ නෑ..


අවසානෙදි පින්කිගෙ තීරණේ ගැන පොලිසීයෙන් ඇහුවා.පින්කි එක හෙලාම කිව්වෙ ටැටූ ගාවට යනවා කියලයි.පින්කිගෙ ගෙදරින් කිව්වෙ එයාලගෙ කැමැත්ත නම් ලැබෙන්නෙ නෑ කියලයි.අන්තිමේදි ටැටූ පින්කිගෙ දෙමව්පියෝ ඉදිරියේ බැගෑපත් වුණා.


"අම්මේ..ප්ලීස් අපිට මෙහෙම කරන්න එපා.දැන්වත් අපිට ආශිර්වාද කරන්න."


"මට අම්මෙ කියන්න එපා."


පින්කිගෙ අම්මාගෙන් ලැබුණේ එහෙම ප්‍රතිචාරයක්.


මොනතරම් කරුණු පැහැදිලි කලත්,පින්කිගෙ ගෙදරින් තදින්ම විරුද්ධ වුණා මිසක් බුරුලක් දුන්නෙ නෑ.අවසානෙදි ටැටූගෙ දෙමව්පියොත්, පින්කිව භාරගන්න කැමති වුනා.පින්කිගෙ අම්මායි තාත්තායි රණ්ඩු කරලා,බැනලා යන්න ගියා.පින්කි ටැටූ ළඟ නතර වුනා.අද වෙනකොට පින්කියි ටැටූයි සතුටින් ඉන්නවා.


ඒත් පින්කිගෙ දෙමව්පියෝ මීට වඩා චුට්ටක් හරි ළම්යින්ගෙ පැත්තෙනුත් බැලුවානම්,මීට වඩා චුට්ටක්වත් නම්‍යශීලී වුනානම්,පින්කිත් ටැටූත් මීට වඩා වෙනස් විදියකට එයාලගෙම වෙන්න තිබුණා.මෙච්චර කරදර,ප්‍රශ්න වැරදි නොවී ලස්සන විදියකට එකතු වෙන්න තිබුණා.මටනම් මේ කතාව ඇහුවාම හිතුනේ එහෙමයි.


හැමදේම වෙන්නෙ හොඳටයි කියලා පෙරළුනු පිට හොඳයි කියලා,දැන් දෙන්නා සංතෝසෙන් ඉන්නවා.ටිකක් ආවේගශීලී කලබලකාර දඩබ්බරයෙක් වුනත්, ටැටූ කියන්නෙ හොඳ පෙම්වතෙක්..අවුරුදු ගාණක් තිස්සෙ ආදරේ කරන්න, එකම හදවතක්, එකම ආදරයක් හිතේ රඳවගෙන ඒ වෙනුවෙන් දුක් වේදනා, නින්දා අපහාස චෝදනා විඳින්න,දරාගන්න පුළුවන් ශක්තිමත් හිතක් ටැටූට තිබුණා.


කොහොමවුනත් අවසානයේදි ටැටූත්,පින්කිත් එකතු වුනා!! ඉස්සරහටත් මොන බාධක ආවත් ඒ හැම බාධකයක්ම ජයගන්න ශක්තිය ධෙර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!


අවසාන වශයෙන් සත්‍ය ප්‍රේමය කවදා හෝ ජය ගනී කියන්නෙ සැබෑවක්මයි!!!! ;) (මේ කතාවට අනුව) :p




ප.ලි- මේ සත්‍ය කතාවක්. ඒ වගේම.මේ කතාව ටැටූගෙ සම්පූර්න අවසරය ඇතිවයි මගේ බ්ලොග් එකේ පළ කලේ.

Post Comment

71 comments:

  1. මටනං හිතෙන්නෙ මෙහෙමයි.

    ඔය ලොකුයි කියල කියාගන්න කට්ටිය ලඟ ලොකු කමක් නෑ.අැත්තටම අනිත් අයට වඩා අමුතු හෝ විශේෂ කිසිම දෙයක් නෑ. ලොකු කියල හිතං ඉන්නව විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ අලියෝ ,ලොකු තැනකින් හැදුනු අය වෙනස් වෙන්න පුළුවන් එත් ලොකු කම හිතේ තියන් ඉන්න අය හදන්න හුඟක් අමාරුය්..

      Delete
    2. ඔවු හැමෝම කියන එකත් වැරදියි! නමුත් පැහිච්ච කෙස් ගාන බුද්ධිය,දැනුම,පරිණතකමට අනුලෝමව සමානුපාතිකයි කියන එකනං හද්ද ගොංකමක්.

      සරළවම කියනවනං මම කියන්නෙ පැහිච්ච කෙස් ප්‍රමාණයයි පරිණත භාවයයි එකිනෙකිං ස්වායත්තයි කියල!

      Delete
    3. හම්මෝ.. අලියා මල්ලි වලියක් පටන්ගන්නවත් හදනවද??

      Delete
  2. පොලිසියේ හිටියට කොල්ලට පාඩු නෑ එහෙනම්,හ හා එත් හුඟක් කතා ඉවර වෙන්නේ මෙහෙම නෙමේ නේ ??

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ..පාඩුවක් වුනේ නෑ.. වාසියක් තමා වුනේ..:D

      Delete
  3. ටැටූටයි පිංකිටයි ජයවේවා!

    ඔයවගේ ආදර කතා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. මම ඇස් දෙකෙන් මේ වගේ කතා 2ක් දැකලා තියෙනවා :)
    සමහර වෙලාවට තමන් කැමති කෙනෙක් එක්ක විවාහවෙනවට දෙමව්පියෝ විරුද්ධ වෙන එක මම නම් කොහොමවත් අනුමත කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූසා අයියා!!
      හ්ම්ම්.. එහෙනම් එහෙම කතා ඇස්දෙකෙන් දැකගන්න අයියා පින් කරලා ;) :D
      ඇත්ත අයියේ පදනමක් නැතිව විරුද්ධ වෙන එකනම් වැරදියි!!!

      Delete
  4. සත්‍ය ප්‍රෙමයනම් හොඳ දෙයක්..කොහොම උනත් මමත් ඒ දෙන්නට සුබ පතනවා..නමුත් ප්‍රෙම කරන කොට හදවතින්ම විතරක් වැඩ නොකර හදිසි තිරන නොගෙන මොලේත් පොඩ්ඩක් පාවිච්චි කොරනව නම් අවුල් අඩුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!! ඔව් ඒක ඇත්ත. හැඟීම් වලට, හිතට විතරක් ඉඩ දීලා වැඩ කලාම පොඩ්ඩක් අවුල් වෙනවා..:)

      Delete
  5. මං හිතුවා හරි...බැඳලා නම් ඉතින් අනිත් අයට මුකුත් කරන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. ඒකතමා සයුරි අක්කාගෙ අනාවැකිය හරි!!!

      Delete
  6. දැන් ඉතින් ඔක්කොම නැතත් ගොඩක් දේවල් හරිනේ...

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ.. හැමදේම හොදින්!!!

      Delete
  7. එ දෙන්නා බැදලා නම් හිටියේ කාටවත් මුකුත් කරන්න බෑ.. ඒත් පිංකි වෙන දෙයක් එවෙලේ කිවුවනම් ප්‍රශ්ණයක් වෙනවා.. ඒත් වාසනාවට එහෙම උනේ නෑ.. අපිත් ඔන්න දෙන්නට ආයෙම සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. නොව් අයියේ, පිංකිත් ටැටූට ආදරේ නිසා ඇත්ත කියලා එයා ලගට ආව..:) ස්තූතියි අයියේ!!

      Delete
  8. ටැටූ ගෙයි පින්කිගෙයි අනාගතය සාර්ථක, වාසනාවත් එකක් වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අරුන්දතී!!!!

      Delete
  9. සත්‍ය ප්‍රේමයට ජයවේවා.. !!!

    ReplyDelete
  10. ඒකනේ මම කිව්වේ.... සත්‍ය ප්‍රේමය කවදා හෝ ජයගනී කියලා!!!

    ReplyDelete
    Replies
    1. ඒක හැම තිස්සෙම එහෙම වෙන්නේ නෑ ශානියෝ...

      Delete
    2. @කසුන් - කිව්වට අහන්නෑ අප්ප :P ;)

      (විහිලුවක් විදියට තමා ලිව්වෙ! නමුත් හිතල බලන්න!)

      Delete
    3. හ්ම්ම්.. ඔව් ඔව්.. හැම වෙලේම එහෙම වෙන්නෙ නෑ ශානියෝ!!! :(

      Delete
    4. @තනි අලියා- අලියා මල්ලිට ප්‍රේමය ගැන තියෙන්නෙ පුදුම තරහක්නෙ හෆ්ෆා

      Delete
  11. සත්‍යය ප්‍රේමය කතාවට අනුව ජය ගෙන ඇත.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ..කතාවට අනුවනම් ජය ගෙන ඇත..:D

      Delete
  12. කොහොම හරි කමක් නෑ වැඩේ හොඳ විදියට ඉවර වුනා නේ. ඔන්න මාත් ජෝඩුවට සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!!!අන්තිමේ සියල්ලෝම සතුටින් විසිර ගියෝය..

      Delete
  13. අලෙ..මම පලවෙනි කොටස කියවලා නැහැනේ...පොඩ්ඩක් ඉන්න ඒක කියවල එන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා..

    ReplyDelete
    Replies
    1. අහ් මේ තියෙන්නෙ පළවෙනි කොටස කියවලාම එන්න අයියා..

      Delete
  14. නිකන් නෙවේනේ ඉතින් සත්‍ය මොකක්ද එක අන්තිමේදී ජය ගන්නවා කියන්නේ... ;) ;)

    ReplyDelete
    Replies
    1. ආ.. කියවලාම ඇවිලා..:P ඔව් ඔව් දැක්කා නේද අයියේ, මෙව්වා ආදර්ශයට ගන්න..;)

      Delete
  15. ඔන්න අපිත් ඔයාගෙ යාළුවට සුභ පැතුව කියන්න..

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම කියන්නම්... ස්තූතියි!!!

      Delete
  16. සත්‍ය ප්‍රේමය දිනේවා...!
    කොහොම හරි ඕනේ දේ උනා නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඕන දේ වුනා..:) සත්‍ය ප්‍රේමය කතාවෙ හැටියට දින්නා

      Delete
  17. සත්‍ය ප්‍රේමය ජය ගන්නවා ප්‍රතිශතයක් ඇතුව.අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්... අත්දැකීමෙන්?? මරුනෙ..:D

      Delete
  18. ටැටූටයි පිංකිටයි සුභ පැතුම්!!!

    ReplyDelete
  19. ටැටූටයි පින්කිටයි ජය වේවා...ඔය දැන් තරහ වුනාට දරුවෙක් එහෙම හම්බ වුනාම හරි යන්නත් ඉඩ තියෙනවා.ලමයින්ට ආදරේ අම්මලා තාත්තලාට තරහ වෙලා ගොඩ කල් ඉන්න බෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය ටෙලිනාට්‍ය චිත්‍රපටි වල වගේ..:D ඒත් කාලයක් යයි..මොක්ද ටැඨුයි පින්කියි දැන්ම බබාලා හදන්නෙ නෑලු..:D

      Delete
  20. අම්මලත් කැමති වෙයි පොඩි එකෙක් දෙන්නෙක් හැදෙනකොට!:P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..පහු වෙන කොට ඒවා හරියයි කියලා හිතන් ඉන්නවා..

      Delete
  21. මගෙනුත් ඒ දෙන්නට සුභ පැතුම්..

    ReplyDelete
  22. කිරිල්ලිත් ඒ දෙන්නට සුභ පැතුව කියන්න හොඳේ?

    ReplyDelete
    Replies
    1. අනිවා කියනවා.. අපේ චණ්ඩි කිරිල්ලි සුභ පැතුවා කියලා..:D

      Delete
  23. ශා.. ඇත්තටම ටැටූ නම් අවංක පෙම්වතෙක්. කලින් කොටස ඉයෙව්වට කමෙන්ට් නොකරේ මොනව වෙයිද කියලා හිතාගන්න බැරි නිසා... ඉතින් ඔන්න ටැටූටයි පිංකිටයි මාත් සුභ පැතුවා කියන්න නංගෝ..

    ප්‍රාර්ථනා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ස්තූතියි අක්කියෝ.. මම කියන්නම්. කියන්න ඕනෙත් නෑ..ටැටූ මේක දකීවී...:)

      Delete
  24. සැබැ ආදරේ ලොව පවති සැමදා..

    අපිත් දෙන්නටම විශ් කලා කියන්කෝ...

    ගොඩාක් වෙලාවට ඔහොම අකමැති වෙන දෙමාපියෝ පස්සේ කාලෙක පවුලට එකතු වෙනවා..

    එහෙම දැනටමත් වෙලාද දන්නේ නැ.. එහෙම නොවුනත් කවදා හරි වෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... දේවා අයියාට කවුද අප්පෙ මෙහාට එන්න පාර කිවෙ?? ;)

      තාමනම් දෙමව්පියෝ ශේප් නෑ.. ඉස්සරහාට එහෙම වෙයි කියලා හිතනවා..ස්තූතියි අයියා..:)

      Delete
  25. ආදරේට අන්ද වෙලා කරපු හිතුවක්කාර කමක්.. උත්තරීතර ප්‍රේමය ජය ගනී සැමදා..

    ReplyDelete
    Replies
    1. හි හි..ඔව් ඔව්... එක්තරා විදියක හිතුවක්කාරයෙක්..:D

      Delete
  26. හරිම ලස්සන ආදර කතාව..මම හිතන්නෙ තවත් ලස්සන වුනේ හිතූගෙ ලස්සන ලියවිල්ල නිසා..මමත් සුබ පතනවා ටැටූටයි පිංකිටයි.. :-)

    ReplyDelete
    Replies
    1. හ්ම්...... ස්තූතියි සිත් රූ!!!! ලස්සනට කෙසේ වෙතත් කතාවෙ හැටියට ලිව්වා..

      Delete
  27. පිංකිටත්,ටැටූටත් සුබ අනාගතයකට නන්ඳුගෙනුත් සුබ පැතුම්..!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තූථියි නන්දු අක්කියෝ!!!! :)

      Delete
  28. කෝමහරි සරීර ඇප මත නිදහස් වෙලා සදාකල් හිරේට වැටුනා !!! ඒ හිරේට නම් ආසාවෙන් යන්ට ඇති !
    ටැටූ + පිංකි සුබ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්. ආයෙත් අහලා, ඒ හිරේට වැටෙන්න නෙ ටැටූ ඒ තරම් දත කෑවෙ..:D ස්තූතියි අයියා!!!

      Delete
  29. ආදරේ කරන හැමෝටම මේ වගේ වෙන්න පුලුවන් නම් කොච්චර හොඳද? පිංකි ගෙදරින් කියන දේට එකඟ වුනා නම් ටැටූට මොනව වේවිද........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනෙ සැබෑ ආදරවන්තයෝ එහෙම තමා.. අවංකයි..

      Delete
  30. jayawewa oyawgw adarayak kellek labenna pin karanna ona.......

    ReplyDelete
    Replies
    1. අනිවා.. :D ඒ දෙන්නා හුඟාක් සතුටින් ඉන්නවා!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....