නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

04 March 2012

සැණකෙළි බිමේ.....



මඟ හැරිය නුඹේ ඇස් හමු වුනා ආයෙමත්,         
දෙනෝදාහක් ඇස් අතර
නැවතුනා මගේ ඇසුත් නුඹේ ඇස් ළඟම,
සත්තමයි නැවතුනා ආයෙමත් 
මේ හිතත්.........


නැටුම් ගැයුම් වැයුම් අතරේ හමුවුනා අපි ආයෙත්,
අතීතය මතක අතර
නැවතුනා මගේ හිතත් නුඹෙ හිත ළඟම,
සත්තමයි සිතුවිලි බරයි ආයෙමත්
මේ හිතටත්........


නොලැබෙනා නොපතනා නුඹව මට ආයෙමත්,
දෛවයේ සරදම් අතර
කුමට  ළං කලාද මොහොතකට නුඹ ළඟම,
සත්තමයි මේ නම් හිත කළඹන අහඹුවක්
මේ ජීවිතයටත්........




ප.ලි-සිතුවිල්ලක් පමණි. [ ප.ලි යක් දැම්මෙ නැත්තම් කට්ටිය මුල ඉඳන්ම එන්නෙ වැරදි පාරේ නෙ;) ]

Post Comment

61 comments:

  1. ප: ලි: කෑල්ල දැම්මෙ නැත්නම් තමයි වටින්නේ.. ගැලවීමක් නැතිවෙයි ප්‍රශ්ණවලින්

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හම්මියෝ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක අමාරු නිසාමයි එහෙම දැම්මෙ...:D

      Delete
  2. හඃ හා! කලින් ආදරේ කරපු කෙනෙක්ව මගදී අහම්බෙන් දැක්කාම එන හැගීම් ප.ලි කෑල්ලෙන් වහන්න බෑ! :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි....!!! ප.ලි වලින් වහන්න බැරි බව තේරෙන්නෙ දැන් තමා...;)

      Delete
  3. ඔන්න ඉතින් ප.ලි කෑල්ල ගැන නම් මම මුකුත්ම කියන්නේ නෑ... හරිම ලස්සනයි නංගෝ කවිය.. ඇත්තටම එහෙම හම්බ වුනාම දැනෙන සතුට වේදනාව දෙකම පුදුම තරමට සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ප.ලි ගැන අක්කියා ඉතිං මොනා කියන්නද?? නේද මගේ අක්කියෝ???:p

      ස්තූතියි අක්කෙ....ම්ම්... ඔව් ඒක හරි.. දුකයි සතුටයි එකට එකතුවුනාම දැනෙන්නෙ අමුතුම හැඟීමක්නෙ...

      Delete
  4. lassnai nangi....alassana adahasak.... :)...

    ReplyDelete
  5. පහුගිය දවසේ මමත් ඔය වගේ එකක් ලිව්වා. ඒත් ප.ලි. සිතුවිල්ලක් පමණයි කියලා දාන්න මට අවස්ථාවක් නැතුව ගියා. ඒ අතින්නම් උඹ දිනුම් නංගෝ.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ප.ලි දැම්මාත් මම දිනලා නෑ අක්කෙ...;)

      Delete
  6. දාන්න හිටපු කමෙන්ට් එක දැම්මේ නැහැ පා.ලි. කෑල්ල නිසා.

    කවියේ වචන ලස්සනයි.... දැනට ඒ ඇති...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... දාන්න හිටපු කමෙන්ට් එක දාන්න බැරිවෙන්න තමයි ප.ලි දැම්මමෙ..:)

      තෑන්ක්ස් අයියෙ..

      Delete
  7. පලියක් දැම්මත් මොකක් හරි කියන්නමනේ මට හිතෙන්නේ අෆ්ෆා :P
    ඒක නෙවයි මෙයයිට මොනවා හරි එකක් තියනවා ෂහිඩ් කපුර් එක්ක...ඔන්න බලාගෙනයි හිතු..හරිද.. ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... අම්මියෝ... කියන්නෙපෝ....:X ෂහීඩ් කපූර් මගේ <3 එකනෙ...;)

      Delete
  8. එහෙම කවදහරි දවසක වුනොත්....වලදැම්ම අතීතය අයිමත් ගොඩ ඒවි...පරණ මතකයන් ආයිමත් අලුත් වේවි...අමතක කරන්න හැදුව, සමුදෙන්න හැදුව ඒ මතක හිත අනේ.....ආයිමත් පෑරේවි.හිත ගොඩාක් බයයි එහෙම දේකට මුහුණ දෙන්න.

    ප.ලි - ප.ලි: කියවන්න යද්දි මට දොයි මතක් වගේ වුනා.ඉතින් කියවන්න බැරිවුනා.නිවාඩුවේ කිඕල බලන්න ඕනි :) :)

    ReplyDelete
    Replies
    1. හානෙ.. නින්ද ගියාද?? එහෙනම් ශෝයි!!!! :p

      ඇත්ත එහෙම හමුවුනොත් නම් පරණ මතක අලුත් වෙනවා....

      Delete
  9. හිතාගෙන ආපු කමෙන්ට් එක දාන්න බැනේ හප්පා මේ ප.ලි කෑල්ල හන්ද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒකමයිනෙ මම ප.ලි දැම්මෙ. මම දන්නවානෙ ඔයාල හිතන එව්වා ;)

      Delete
  10. අපරාදේ ප/ලි දැම්මේ...

    ReplyDelete
    Replies
    1. නොදැම්මානම් ඉදලා හමරයි

      Delete
  11. ෂහීඩ් කපූර්වද දැක්කෙ හිතුවක්කාරියේ??

    "හිත කළඹන අහඹුවක්" මේ ටික බෝල්ඩ් කරල ඉටලික් කළේ හිතලමද?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. එයාව නෙවෙයි..එයා වගේ එක්කෙනෙක්...;)

      හ්ම්ම්.. ඔව් හිතලමයි....;)

      Delete
  12. හිතේ තියෙන දේවල් පලියකින් වහන්ඩ බෑ කියලා මේ නඟා දන්නේ නැති හැටි ! හික්ස් :)
    කවි ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඔයාලා ඉතිං රහස් පොලීසියෙන් වගේනෙ...;) කොහෙ හංගන්නද...:p

      ස්තූතියි අයියේ...

      Delete
  13. මට මේක කියවද්දි නීලා වික්‍රමසිංහගෙ "දවසක් දා වසන්ත සැණකෙලියේ සිංදුව මතක් වුණා.... ලස්සනයි නිර්මානය

    ReplyDelete
    Replies
    1. ආ.. ඔව් ඔව්.. මේකත් දවසක් දා වසන්ත සැණකෙළියක කතාවක් තමා...;)

      ස්තූතියි කාව්‍යා

      Delete
  14. ලස්සන කවියක්! වාසනාවකට තවම මට මෙහෙම වෙලා නෑ! කට්ටියම රට රටවල!

    ReplyDelete
    Replies
    1. හි හි... තැන්කූ මල්ලියෝ.....:) ම්ම්.. අනේ වාසනාවන්...

      Delete
  15. කවිය ලස්සනයි

    ReplyDelete
  16. දැන් අපි මේ ප.ලි කෑල්ල දැකලා නිහඩ වෙයි කියලද හිතන්නේ.. ඒවා කොහේද? දැන් කවුරු ගැනද මේ ලිවුවේ??

    ReplyDelete
    Replies
    1. ආ... මේ ලිව්වෙ ඔය උඩ පින්තූරෙ ඉන්න එක්කෙනා ගැන...;)

      අයියා කෑගැහුවට මම බයවෙයි..හිකි හිකි :D

      Delete
  17. හරීඊඊඊඊ........ඔය එන්නේ......!!!

    ReplyDelete
    Replies
    1. ආඅ....... ඔන්න ඔන්න ඉතිං......!!!

      Delete
  18. කළඹන හිතට සිතුවිලි බරයි....! ඒ සිතට සුදුසු සියුම් කවියක් භිතු....-:)

    ReplyDelete
  19. අපි අහුවෙයි ප.ලි වලට

    ReplyDelete
  20. ප. ලි - අහා! මට හිතාගන්න පුළුවන්!!

    ReplyDelete
    Replies
    1. :O විසිතුරු මොනා හිතනවද මංදා...;) ශුවර් එකට හරිම දේ හිතන්න ඇති..:p

      Delete
  21. දැන් මේ ප.ලි. කියන එක නොදැක්ක ලෙස උපකල්පනය කරමින් අපිට මොකවත් අහන්න බැරි වේවිද දන්නෙ නෑ නේ........

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රමාදයි නේද?? ඔහොම කමෙන්ට් එකක් දාන්න කලින් අහන්නයි තිබ්බෙ...;)

      Delete
  22. hikz ඔය නම් කොලේ වහන්නයි ප.ලි. කැල්ලක් දාල ලියල තියෙන්නේ....අපි අහු වෙඉ ඕවට...මොනවා උනත් ලස්සන නිර්මාණේ...:)

    ReplyDelete
    Replies
    1. කොලේ වැහුවට බෑනෙ ඉතින්...;) කට්ටිය මට කොලේ වහලා ;)

      ස්තූතියි හිරූ!!!

      Delete
  23. ප.ලි එක ලියන්න ඕනිද මන්දා....කමක් නෑ එහෙම හිතාගන්නම්කෝ... ;) ;)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද අයියේ?? දන්නෝ දනිති...;)

      Delete
  24. ප.ලි.ය දැම්මටනම් හරි යන්නෙ නෑ වගේ නංගෝ... :D

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ.. මෙයාලා එක්ක බෑ....

      Delete
  25. කලින් කියන්න බැරිවුනා...හදිස්සියට කියවන්න වුන නිසා...

    //මඟ හැරිය නුඹේ ඇස් හමු වුනා ආයෙමත්,
    දෙනෝදාහක් ඇස් අතර
    නැවතුනා මගේ ඇසුත් නුඹේ ඇස් ළඟම,
    සත්තමයි නැවතුනා ආයෙමත්
    මේ හිතත්.........//

    මේ ටික ගොඩක්ම දැනුන.ලස්සනයි යාලු.

    ReplyDelete
    Replies
    1. ම්ම්... ආයෙ ආයෙ කියවන්න තරම් සිහිනට මේක තදින්ම දැනිලා වගේ...:)

      ස්තූතියි යාලු...

      Delete
  26. පරණ මතකයන් මටනම් එපා කවදාවත්ම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....^_^

      Delete
  27. කට පුරෝලා ලස්සනයි කියන්න හැකි කවියක් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අයියෙ!!!! ඔයා කියනවානම් ඉතිං....එහෙම වෙන්නැති...

      Delete
  28. කවිය නම් හරිම ලස්සනයි. ඒ වගේමයි ඔය දාලා තියෙන පින්තූරෙත් ;)

    ReplyDelete
    Replies
    1. හා හා,,, ෂහීඩ්ට ආසයි වගේ..;) ස්තූතියි චම්ස්...;)

      Delete
  29. දඟ මල්ලMarch 7, 2012 at 11:14 PM

    අම්මේ... ආයෙ නම් ඒ දෑස් හමුවෙන්න එපා.......

    **~~~දඟ මල්ල**~~~

    ReplyDelete
  30. හොඳයි, ජයවේවා!
    (වැඩි වචන ගලපන්නේ නැහැ, සමාවෙන්න)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....