නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 March 2012

කුමාරයෙක්.....

අද මම ලියන්න හිතුවෙ ,මම ඉස්සරම දවසක කොහෙන්හරි කියවපු කතාවක් ගැනයි.හරියටම මතක නෑ මට කියෙව්වෙ කොහෙන්ද කියලා,ඒත් මේ ලඟකදි ඒ වගේම තව කතාවක් අන්තර්ජාලයේ දැක්ක නිසා මතක් වුණා.

මෙන්නෙ මෙහෙමයි කතාව.

--------------------------------------------------------------------------------

ඔන්න එකෝමත් එක රටක රාජ කුමාරිකාවකට,සහකරුවෙක් හොයන්න අණබෙර ගැහුවාලු.ඔන්න ඉතිං මේ ප්‍රචාරණයත් එක්ක සිටුවරුන්ගෙ පුත්තු වැල නොකැඩී,පෝළිමට ,රජ මාළිගාවට ආවලු.මේ කුමාරවරු එක්ක කතාබහ කරලාම කුමාරිටත් එපා වුනාලු.එන එන කුමාරයා එක්ක කතා කරලා හවස් වෙද්දි කුමාරි හොඳටම හෙම්බත් වෙලාලු හිටියෙත්.

ඔන්න ඉතිං හවස් වරුවෙ රජතුමයි,දේවියයි ඇවිල්ලා කුමාරිගෙන් ඇහුවාලු ,කුමාරයෙක්ව තෝරගත්තාද කියලා, අනේ ...කුමාරිකාවී හරිම දුකෙන් ඔළුව දෙපැත්තට වනලා "නැහැ" කිව්වලු. රජතුමාටයි, දේවියටයිත් හරිම කනගාටුයිලු මේ ගැන.

ඔහොම ඉද්දි ,රජමාළිගාවෙ ගේට්ටුව ළඟට ,ඈත පිටිසර ගමකින් ආපු කුමාරයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ආරාංචියක් ආවලු.කුමාරි හිටියෙ හුඟාක් තෙහෙට්ටුවෙන්,කතා කරන්නත් බැරිතරම් විඩාවට පත්වෙලා වුනත්, රජතුමා කුමාරිට බැගෑපත් වෙලා කිව්වලු ,මේ ඇවිල්ලා ඉන්නෙ සමහරවිට හිමිකාරය වෙන්න පුළුවන් ,මෙයා එක්ක විතරක්වත් අන්තිම වතාවට කතා කරලා බලන්න කියලා.කුමාරයෙක්ව රස්තියාදු කරන්න හොද නෑනෙ වචනයක් හරි කතා කරන්න , කියලා දේවියත් කිව්වලු.

අන්තිමට ඒ කුමාරයාට ,කුමාරිගෙ යහන් ගැබේ දොර ලඟට එන්න කියන්න කියල කුමාරි කිව්වාලු. රජතුමත් කුමාරයාට එන්න කියන්න කියලා පණිවිඩයක් යැව්වාලු.මේ පණිවිඩය ලැබූ ගමන්ම කුමාරයත්,කුමාරිගෙ  යහන් ගැබ ළගට ආවලු.

ඔන්න ඉතිං ඊටපස්සෙ,කුමාරයා ඇවිල්ලා පැයක් ගියාලු,දෙකක් ගියාලු, රෑ 12ත් වුනාලු.කුමාරිගෙ තනියට ඉන්න පරිවාර සේවිකාවො ගිහින් රජතුමාට කිව්වලු,"අනේ රජතුමනි බලන්න, අර අන්තිමට ආපු කුමාරයා දිගටම ඉන්නවානෙ ,යන්නෙ නෑ "කියලා. රජතුමාත් පුදුමෙනුත් පුදුමෙට පත්වුනාලු. ඉතිං රජතුමාත් මේ කාරණාව ඇත්තද කියලා බලන්න කුමාරිගෙ යහන් ගබඩාවට ගියාලු.ඒ යද්දිත් ,කුමාරි එයාගෙ ලස්සන ඇඳුම් ආයිත්තම් අල්මාරිය ඇරගෙන,ඒවා කුමාරයාට පෙන්වනවාලු. රජතුමාට තවත් පුදුමයිලු.

ඊටපස්සෙ රජතුමා අර කුමාරයාට පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා කුමාරිගෙන් ඇහුවාලු, "දූ කුමරිය ,කුමාරයෙක්ව තෝරගත්තාද?" කියලා.කුමාරිකාව හරිම සතුටින් හිනා වෙලා කිව්වලු "ඔව් පිය රජතුමනි" කියලා."අර තරම්  පෝසත්,හොද සිටු කුමාරවරු ඇවිල්ලා හැරිලා ගියා.ඒත් කුමාරි ඇයි මේ දුප්පත් සිටු කුමාරයාටම කැමති වුනේ ?" කියලා රජතුමා කුමාරිගෙන් ඇහුවාලු.

එතකොට කුමාරි කිව්වලු "පිය රජතුමනි,අද දවසේ ආපු හැම කුමාරයෙක්ම වගේ කිව්වෙ එයාලගෙ පුරාජේරුව..එයාලා දන්න කඩු ශිල්ප..එයාලා කරන වීර වැඩ ..දඩයමේ ගිය හැටි..ඉගනගත්තු ශිල්ප..තාත්තාගෙ විස්තර..ඔයවගේ ගොඩාක් දේවල්...ඒත් මම කුමාරයෙක් තෝරගන්නේ,එයාව බැන්දාට පස්සෙ ඔය වගේ දේවල් අහන්න..ඒත් අද මං ඒවා අහන්න ආස නෑ...."

"එතකොට මේ කුමාරයා?" පියරජතුමා ප්‍රශ්න කලාලු.

"මේ කුමාරයා තාම එයා ගැන මට මොනවත්ම කියලා නෑ.නම විතරයි මම තවමත් දන්නෙ.ඒත් එයා මේ වෙද්දි මං ගැන හැමදෙයක්ම දන්නවා..එයා මේ ටිකට මගෙන් සේරම විස්තර ඇහුවා.මම ආස මොනාටද කියලා එයා දැන් දන්නවා.මං ආස කරන සංගීතෙ එයා දන්නවා. මං ආසම රතු වයින් වලට කියලා එයා දන්නවා. මේකයි පියරජතුමනි, ඒ කුමාරයාට ඕනෙ මාව තේරුම්ගන්න...ඇත්තටම මට ආදරේ කරන්න,අනිත් එක කුමාරයෙක්ටවත් මාව තේරුම්ගන්න ඕනෙ වුනේ නෑ. ඒ නිසා මං මේ කුමාරයාට ආදරෙයි. මං මේ කුමාරයාව තමා බඳින්නෙ. එයා මට හොද කුමාරයෙක් වෙයි.ඒ වගේම පියරජතුමනි, කවදාහරි රටේ ජනතාවට ඇහුම්කන්දෙන හොදම හොඳ රජතුමෙක් වෙයි..".

"දූ කුමාරී හරී...." රජතුමා දූ කුමාරිගෙ බුද්ධිමත්කම ගැන සතුටු වෙමින් කිව්වාලු..ඒ වගේම කුමාරී ගැන ආඩම්බර වුනාලු..

ආදරය, විවාහය වගේ බැඳීමකට එකිනෙකාව තේරුම් ගැනීම හුඟාක්ම වැදගත් සාධකයක් වගේම, එකිනෙකා වෙනුවෙන් ඉවසීම ,ඇහුම්කන් දීම සහ ගරු කිරීම හුඟාක් ප්‍රශ්න ගැටළුවලට විසඳුමකුත් වෙයි.

ප.ලි- හිතූගේ අවවාදයයි: හිතුවක්කාර කෙල්ල සමඟ කතා බහ කිරීමේදී , ඔය මූණූ පොතේ ඉන්න කුමාරවරු, හිතූගේ සැබෑ නම ගම විස්තර ඇසීමෙන් වළකින්න. එසේ පෞද්ගලික තොරතුරු හාර අවුස්සන කුමාරවරු සමඟ හිතූ වැඩිපුරම මිත්‍ර නොවන අතර, එසේ පෞද්ගලික කාරණා නොවිමසන කුමාරවරු ගැන සළකා බලනු ලැබේ..;) හිකිස්ස්ස්..... :D :D :p

Post Comment

94 comments:

  1. ගොනාට අන්දලම ගන්න යන්නේ. අහුවෙන්න එපා මේ ගැට වලට.

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් හිතෙනවා මාතලන් අයියේ

      Delete
    2. @මාතලන් අයියා- හික්ස්ස්... මම ගොනාට අන්දවන්නෙ නෑ කාවවත්.. ඇන්දුනොත් ඉතිං කොරන්න දෙයක් නෑ...;)

      Delete
    3. දේවා අයියා- මොකෝ අයියාට එහෙම හිතෙන්නෙ?? අත්දැකීමෙන් ගොනාට ඇන්දිලා පුරුදුයි ව්අගේද?? ;)

      Delete
  2. නම විතරක් දන්න එකෙක්ට ඔක්කොම විස්තරත් කියලා... ඒ මදිවට බඳින්නත් හදනවා.... අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... රජ කුමාරිකාවොනෙ...

      Delete
  3. අහ්හ් කුමාරයෝ ගැන නම් බයේ බෑ :D

    ReplyDelete
    Replies
    1. මගේ නමේත් කුමාර කියලා කොටසක් තියනවානේ... මම නම් අංහිසකයි වර්ණා...

      Delete
    2. නංගි මෙන්නෝඕඕඕඕ..... ;)

      Delete
    3. අම්මෝ :D
      අනේ ඔව් එයා අහිංසකයි අයියේ :D

      Delete
    4. @වර්ණා- අම්මියෝ...ඔව් ඔව්.. සමහර වෙලාවට ඔය කුමාරයො වගේ පේන්න ,වෙස් වලාගෙන රාක්ෂයෝ එන්නත් පුළුවන්ලු..;) පරිස්සමින් කෙල්ලෙ..

      Delete
  4. අපි වගේ චැට් කරන්නෙම නැති අය ගැනත් සලකා බලන්න හොඳේ! :P

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්... පූස් අයියා දකින්නවත් නෑනෙ ,චැට් කරන්න තියා ඉන්නවද නැද්ද කියලා හොයාගන්නත් නෑ...:D :p

      Delete
  5. මටත් නම කියලා කුමාරිකාවක් බැඳ ගන්න බැරිවෙයිද දන්නේ නෑ නේ :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් අනේ මංදා.. පොඩි ට්‍රයි එකක් දාලා බලන්නකෝ...;)

      Delete
  6. දැන් මේ හිතු කිවේ හිතු කියන්නේ කුමාරිකාවක් කියලද?
    එහෙමනම් කුමාරිකාවගේ සැබැ තතු නොවිමසා ඉන්නට මාන බලමි
    :D

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ... මම නිකන්ම නිකන් හිතුවක්කාර කෙල්ල..;) ඒත් මේ මූණූ පොතේ "සමහරක්" ඉතිං කතා කරන්න එන්නෙ "කුමාර තාලෙන්" නෙ(රාජ කුමාරවරු කියලා හිතාගෙන) අයියේ..ඒකයි මූණූ පොතේ කුමාරවරු කිව්වෙ :D

      Delete
  7. ෆොටෝ එක දැක්කම මං බැලුවා ස්ලීපින්ග් බියුටි ගැනවත් කියනවද කියලා... ඇත්ත කතාව. ඒත් ඉතින් කුමාරයෝ හිතන්නෙම කුමාරිකාවෝ කියන්නේ අවදානේ ලබා ගන්න ලෝබ කොට්ටාශයක් කියලනේ. ඒකයි කෙස් ඒක.. හික් හික්..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ස්ලීපින් බියුටි පින්තූරයක් දැම්මෙ..;) හික්ස්ස්.. ආයෙත් අහලා නියම කතාව..කුමාරවරු හිතන්නෙ එහෙම නම් මොනා කරන්නද නේද නගෝ??

      Delete
  8. වැදගත් වෙයි වගේ...
    මම මුලින්ම බැලුවෙ උඹත් එක්ක කලින් චැට් කරල තියෙනවද කියල... එකදවසක් චැට් කරල... වෙලාවට කිසි අස්පට් එකක් වෙලා නෑ දුවේ ;)

    ReplyDelete
    Replies
    1. මොකක් දුවේ?
      පිස්සුද හිතු මෙයා පොඩි එකෙක් මෙහෙම හිටියට :D

      Delete
    2. @සාතන් අන්කල්- හික්ස්ස්.. ඔව් නේ?? එකදවසක් චැට් කලා.ඊයේත් එක්ක 2යි..:D කිසි අස්පට් එකක් නෑ නේන්නම්..;) අස්පට් තියෙන අය අදාළ තොප්පි දාගනීවී..:D

      Delete
    3. @වර්ණා- හික්ස්ස්.. එයා මට කිව්වෙ එයා සෑහෙන වයසයි කියලා. ඉතිං අන්කල් කිව්වට ගානක් නෑ කිව්වෙ ;)

      Delete
  9. හැමෝටම ඕනෙ කතා කරන්න මිසක් අනිත් අයට ඇහුම්කන් දෙන්න නෙවෙයි. සමහරුන්ට ප්‍රශ්නයක් කියන්න ගියත් හරියට ප්‍රශ්නෙ කියන්නත් කලින් අවවාද දෙන්න පටන් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි Chams ඇත්ත. එහෙමත් අය තමා අපි කියන ඕනෙ දෙයක් අහගෙන ඉන්නෙ..ඊටපස්සෙ කතා කරන්නෙ...:)

      Delete
  10. දැන් ඔයාට එහෙම අහන්නේ නැති කෙනෙක් අහන් ඉන්න කෙනෙක් හම්බුනාද?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. එහෙම අයත් හම්බෙලා නැතුවම නෙවෙයි... ;) ඇත්ත විස්තර අහන්නෙ නැති, මම කියන පිස්සු අහන් ඉන්න අයත් හම්බෙලා තියෙනවා...:D හික්ස්ස්...:p

      ඉතිං අයියාත් එහෙමනේ... හික්ස්ස්.. ;) :p

      Delete
  11. අය්යෝ හිතූ... ඔයා අන්තිමට කියලා තියන අවවාදෙ තියෙන්නේ අර මුලින් කියපු කතාවෙ අනිත් පැත්තනේ......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කෙ.. එහෙම තම..;) කතාවෙ අනිත් පැත්ත තමා අවවාදෙ.. ඒකයි කතාවයි වෙන්ස්..:)

      Delete
  12. හ්ම්ම්..අන්තිමේදී හොඳ කුමාරයෙක් හම්බවුනා..

    chams යාලු කිව්වා වගේ අද ඇහුම්කන් දෙන අය ඉන්නේ ගොඩක් අඩුවෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් සිහින එහෙම ඇහුම්කන් දෙන,පම්පෝරි නොගහන කුමාරවරු හරිම අඩුයි...:D

      Delete
  13. එහෙනම් ඉතින් මේ අපිත් ඉන්නේ...සලකා බලන්න ඈ?
    :)
    :D

    ReplyDelete
  14. අහන්නම වටින ඉස්ටෝරිය,,හෙහ් මේ අක්කේ පොඩි දෙයක් කිව්වට තරහ වෙන්න එපා ,,ඒ වගේ කුමාරයෝ දැන් ඉස්සර වගේ මෝඩ නෑ ..උනුත් බලන්නේ උන ගැන හිතන කුමාරියෝ ඉන්නවද කියල ..එක නිසා අන්තිමේට එහෙම කුමාරොන්ටය් ,කුමාරියෝන්ටය් දෙගොල්ලොන්ටම වෙන්නේ ගෙදරට නාකි වෙන්නය් ,,අම්බානෙක බුට්‌ කන්නය් තමය් ...එක නිසා හොඳම වැඩේ ඉන්න කොල්ල හරි කෙල්ල හරි තේරුම් අරන් ජීවත් වෙන එක,,එහෙනම් ගිහින් එන්නම් හොඳේ ..

    ReplyDelete
    Replies
    1. අයියෝ තලහා නෑ මෙයා..;) හික්ස්ස්.. අනිවා,ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේන්නම්...:p

      Delete
  15. ආ...ආ....නිකන් චැට්කරන්න එන අයට චූටි ඇඩ්වයිස්පාරක් දීලවගේ....;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඒ අන්තිමට නෙ අග්නිධාරා...:D ඒක නෙවෙයි ඔයාට ශෝර්ට් නේම් එකක් දාගමුකෝ අපි..එතකොට කතා කරන්න ළෙසියි..:D

      Delete
  16. වැඩේ ප්‍රැක්ටිකල් නෑ නේද. ඔය වගේ කෙල්ලො ඉන්නවනං අපේ එවුන් පෝලිමට යයි ප්‍රොපෝසල් අරන්. නම විතරක් කිව්වම ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. සමහර කතා ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්.. ඒත් මෙතන ගන්න තියෙන්නෙ, නම විතරක් කියලා කුමාරියෙක් හොයාගන්න ඕනෙ කියන එක නෙවෙයි මං හිතන්නෙ...:)

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඔයා ආසම පාට මොකක්ද ,මොනවද වැඩියෙන් බොන්න කැමති,ඔයා ආසකරන සංගීතය මොනවද?.ඔයාගේ නම සිරියාවතී වුනත් කමක් නැහැ.මොකද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ අසාර් අය්යේ ඔයා දාන මේ කමෙන්ට් වලට හිනාවෙලා පණයනවා..

      හා..හා..හරි හාවි...

      Delete
    2. එල අයියේ.. මේ හිතුවක්කාරී මෙහෙම හිටියට නපුරුයි අයියේ.. ටිකක් පරිස්සමින්..

      Delete
    3. අසාර් කමෝන් :D

      Delete
    4. මොකෝ අසර් ගෙ බැටරි බැහැලාද?? කෝ මේ අසාර්... තව හිනා යන්න කතාවක් කියන්නකෝ...

      හා..හා..හරි හාවි...

      Delete
    5. හුරතල් ඇනි නැති තැන හා.හා. හරි හාවී.හිනායන කතා දන්නේ නැහැ එහෙම හැම වෙලාවේම..මම මේ හිතුවක්කාරී එනකං බලන් ඉන්නේ.

      Delete
    6. කවුද මේ දෙවෙනියට මගේ නමින් පෙනී ඉන්න කෙනා.ඒ මම නෙවෙයිනේ.ඔය එකට ඉන්නේ මම.හොඳ නැහැ මේ ඇනී...

      හා..හා..හරි හාවි...

      Delete
    7. @අසාර් අයියා- අපෝ.. ඔන්න ඇවිල්ලා කිව්වා ගොන් කතාවක්.. ගෙම්බා..:@ ඔයා කුමාරයෙක් කියලද හිතන් ඉන්නෙ අසාර් අයියේ.. එහෙනම් පොඩ්ඩක් වැරදිලා මං හිතන්නෙ..;)

      අම්මියෝ..මෙයාට ඇනීලා ගෙන් තියෙන ඉල්ලුම බලන්නකෝ.. මගේ මොළේ විකාර වෙලා මේ ඇනීලා නිසා...:O

      ප.ලි- අර 2වෙනි කමෙන්ටුවෙ තියෙන්නෙ මම එනකම් බලන් ඉන්න්වා කියලා..ඒ මොකටද ඈ??? :/

      Delete
    8. @Dinesh අයියා- මම නපුලුයි කියලා ඔයා මට මඩ ගහනවා නේ...ඉහි ඉහි ඉහි :'( :'( මම අඬනවා...

      Delete
    9. @හිතු ඔයා එනකන් බලං හිටියේ ඔයාගේ ඇත්ත නම කියපු නිසා මට මොනවා කියාවිද කියල.

      Delete
  19. මෙහෙම තමා මුලදි.. බුද්ධිමත් කුමාරයෙක් !

    ReplyDelete
  20. හිතූ මේ වගේ නම විතරක් කියලා අපේ ඔක්කොම විස්තර ගන්න දැන් ඉන්න කුමාරයෝ නම් බයානකයි.රජ කුමාරිට නම් බයක් නෑ.එහෙම අයට බොරුවක් කරන්න කොයි කුමාරයත් බයයිනේ..

    ReplyDelete
    Replies
    1. ඒක හරි කුමාරිහාමි අක්කි...:)

      Delete
  21. හ්ම්.. ලස්සන කතාවක්.. :)

    ReplyDelete
  22. ඈ බොලේ කෙල්ල කොල්ලා ගැන මොනවත්ම දන්නෙ නැතුව නේද කැමැති වුණේ? ඔන්න ඕකනෙ කියන්නෙ හොයලා බලන්නෙ නැතුව කරේ එල්ලෙනවා කියලා! නේද?

    ප.ලි - කවුද බොලේ මේ අපේ හිතූගේ වතගොත හොයන්න හදන කුමාර? :P

    ReplyDelete
    Replies
    1. ආඅ... විසිතුරු ඉතිං වැරදි අදහසක්නෙ ගත්තෙ..;) :p කුමාරි කරේ එල්ලුනෙ නෑ.. එයාට හිතුනු කෙනාට කැමතිවුනා...

      හික්ස්ස්.. හිතූගෙ වතගොත හොයන කුමාරවරු වගයක් හිටියා.. ;)

      Delete
  23. හේහෙහේ..
    //එසේ පෞද්ගලික කාරණා නොවිමසන කුමාරවරු ගැන සළකා බලනු ලැබේ..;)//

    රහස ලියලනෙ න‍ඟේ මංගල දැන්වීමේ.. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... මංගල දැන්වීමක් වගේ වෙලාද අක්කියෝ දැන් මේක??? :O හික්ස්ස්... ;) :D නරකම නෑ...

      Delete
  24. හිකිස්.. ඔන්න හිතූ නංගා වහෙන් ඔරෝ කියන්න ඕනේ දේත් කියලා දැම්මලු.. මාත් ආස නෑ තමන්ගේ පුරාජේරුව හැම වෙලේම කියවන කොල්ලෝන්ට නංගෝ.. මම අරමයි, මම මෙහෙමයි, මම අරක කරා, මම මෙහෙම කරා.. එපා.... වෙනවානේ.. ලස්සන කථාව නංගියෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා පාර්.. ඔය ගැනම තමා මම දාපු පොස්ට් එකත් (2012-03-05)

      Delete
    2. @ ප්‍රාර්ථනා අක්කි- ආයෙත් අහලා අක්කියෝ.. කියන්න ඕනෙ එක කියලා දැම්මා..;)අපෝ මටත් පේන්න බෑ, බොරු සෝභනේ දාන, නැති දේවල් මවාපාන, ලොකුකම කියවගෙන එන කොල්ලො එක්ක මට යකා නගිනවා...ඒත් අඩු කළේ නේ අක්කි හෙලවෙන්නෙ..සෝ ශේප් ;)

      තැන්කූ අක්කි <3 :*

      Delete
  25. ඔන්න මේකනම් වැදගත් උපදෙසක් කුමාරයන්ට...:)

    ReplyDelete
  26. ඒ කියන්නේ හිතුට කුමාරයොන්ගෙන් කරදර එහෙම වෙලා තියෙනවා වගේ..
    බලාගෙන නංගි සමහර කළු කුමාරයෝ හරි භායානාකයි !!!

    ReplyDelete
    Replies
    1. ආ... නැතුව අයියේ.. එහෙන් මෙහෙන් "කළු කුමාර දෝෂයක්" වගේ එකක් ආවා.. :D හික්ස්ස්.. ඒකනම් ඇත්ත, සමහර කුමාරයෝ මාර භයානකයි..අපි හිතන තරම් සුන්දර නෑ තමා...

      Delete
  27. අපෝ මම නම් ආස නෑ ඔය ශෝකේස් වල ඉන්න කුමාරියන්ට !

    ReplyDelete
    Replies
    1. ආඅ..... අයියා කැමති කොයිවගේ කුමාරිකාවන්ටද?? ;)

      Delete
  28. කතාවකින් ලස්සනට පැහැදිලි කරලා තියනවා, හිතුගේ මතය! හිතුවක්කාරි හරිම බුද්ධිමත්! :D superb..:).

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... තැන්කූ තැන්කූ කෙල්ලෙ..:D

      Delete
  29. මටත් එක පාර ඔළුවට ආවෙ කවුද මේ හිතූ ගැන අහන කුමාරයා කියලා..
    කොහොම වුනත් ලස්සන කතාව.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හිතූ ගැන අහන කුමාරවරු ගැන ඕනෙ නෑ ඉතිං...;)

      තැන්කූ තැන්කූ :D

      Delete
  30. කුමාරවරුන්ට අැප්ලිකේසන් භාරගන්නවද? (අතිශයින්ම දැනගැනීමට පමණි!) :D

    එසේ පෞද්ගලික කාරණා නොවිමසන කුමාරවරු ගැන සළකා බලනු ලැබේ

    ReplyDelete
    Replies
    1. අපෝ නැතෝ... මට කුමාරයෝ එපා... ;) කුමාරයෝ ඇප්ලිකේෂන් එව්වත් කෙලින්ම රිජෙක්ට් වෙයි ;)

      Delete
  31. නමට වඩා ඇහුම්කන් දීම, අන්‍යොන්‍ය විශ්වාසය හරිම වැදගත්... නම කන්නයැ...

    කුමාරයෝ ගැන මොකුත් නොකියමි... කියන්න තරම් දේකුත් නෑ අෆ්ෆා :)))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒකනෙ නම කන්නයැ ;) හිකිස්ස්..

      Delete
    2. හ්ම්ම්..ඒක තමා නම කන්නයැ....නමක් නම් පස්සෙ උනත් දා ගන්න බැරියැ අපිට ගැළපෙන එකක්..නේද මෙයා?????

      Delete
  32. අපොයි දෙයියනේ... පව් අර කුමාරවරු ටික...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D පවු!!!

      Delete
  33. ඊට පස්සෙ කුමරියි කුමාරයයි සතුටින් ජීවත් වුනාලු..........අනේ හිතුවක්කාරි තව රස කතාවක් කියන්නකො............

    ReplyDelete
    Replies
    1. තව රස කතාවකින් අඅයෙත් හම්බෙමුකෝ...:D

      Delete
  34. නියමයි අප්පා. ඔය වගේ කුමාරයෙක් තමයි බට්ටිත් කවද හරි හොයා ගන්නේ. අම්මා සමහර වෙලාවට කියනවා මට චකචකේ කියලා. ඉතිං එහෙම කියවන මට අහන් ඉන්න කෙනෙක් නොවැ ඕන. නැත්නම් ඉතිං වැඩේ දෙල්.
    ප.ලි.ය නම් මාත් අනුගමනය කරමින් සිටී.නැතිනම් වෙන්නේ ඔළුව නැති කර ගන්න තමයි. ‍නේද හිතූ......

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හම්මියෝ එහෙනම් බට්ටි එහෙම කුමාරයෙක් එනකම් ඉන්න ව්එයි...;)
      අනිවා අනිවා.. ප.ලි ය දැම්මෙම ඒකයි..;) සමහරු කුමාර වෙස් වලාගෙන අමුතු නැටුම් නටන්න එන්නෙ..:/

      Delete
  35. කුමාරවරු ඔක්කෝම මට 'නපුරු කුමාරි' කියල නමක් පටබැඳලා.....දන්නවද ඇයි කියල?..එයාල අපේ මාළිගාව ඉස්සරහට ඇවිත් 'හරඹ පෙන්වනකොට' මම එයාල එක එක්කෙනාව මගෙ යහන් ගැබේ 'ජනේලෙ' ගාවට ගෙන්වල..කණෙන් අල්ලල කරකවල ඔලුවට ටොක්කක් ඇනල ආපහු හරවනවා...... හී.හී..සොරි අනේ.....

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්... අලේ..නපුලු කුමාලි...:D

      මට බඩ අල්ලගෙන හිනා කිරිල්ලි..හිකිස්ස්.. මට මැවිලා පෙනුනා ;) මේ ළඟදීම මම දන්න කියන අය එහෙමත් ඔහොම ප්‍රහාරයට ලක් වෙයිද දන්නෙ නෑනෙ?? ;)

      Delete
    2. නැත..නැත.....සතුරා පසු බසිනු පෙනේ...........

      Delete
  36. හැංගිච්ච මංගල දැන්වීමකුත් තියනවා නේද කතාවේ... ;)

    ReplyDelete
    Replies
    1. මංගල දැන්වීමක් කියලා හිතුවත් ගානක් නෑ.. ඊටත් ව්ඩා මේක අනතුරු ඇඟවීමක් ;)

      Delete
  37. ඒ කතාවත් නරකම නෑ.....
    අන්තිමට කියල තියන එකනම් 100% ඇත්ත

    ***
    ආදරය, විවාහය වගේ බැඳීමකට එකිනෙකාව තේරුම් ගැනීම හුඟාක්ම වැදගත් සාධකයක් වගේම, එකිනෙකා වෙනුවෙන් ඉවසීම ,ඇහුම්කන් දීම සහ ගරු කිරීම හුඟාක් ප්‍රශ්න ගැටළුවලට විසඳුමකුත් වෙයි.
    ***

    ReplyDelete
    Replies
    1. හි හි.. ස්තූතියි යාලු..:D

      Delete
  38. මමත් බලාපොරොත්තු වෙන්නෙ මගේ කුමාරයහෙන් මේ වගේ චරිතයක්..දැනටනම් මේ වගේමයි..:D

    ලස්ස්න කතාවක් හිතූ..ආස හිතුනා.. :)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....