නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 March 2012

-කෙල්ලෙක්ගෙ දුක තේරෙන්නෙ කෙල්ලෙක්ට -

"හායි"

මූණූ පොතේ  එහේ මෙහේ පාවි පාවි ඉද්දි අහම්බෙන් වගේ එයාව දැක්කෙ. 

"මෙන්න හායි කියලා..මොකද දැන් කරන්නෙ.."
මම මගේ හිතින්ම අහගත්තා.

"ඔන්න ඔහෙ හායි කියනවා. ඒ කෙල්ලගෙ වරදක් නෑනෙ.. මගේ කරුමෙ පල දුන්නාට ඒකි මක් කරන්නද?"

"හායි"

මමත් වැඩිය ගනන් ගන්නෙ නැතිව හායි කිව්වා.

"කොහොමද ඔයාට?"

"ම්ම්.. මම හොදින්. ඔයාට කොහොමද?"

"මාත් හොදින්."

ම්ම්... අවුරුදු ගානක් මම ආදරේ කරපු මගේ පෙම්වතාගෙ, වර්තමාන පෙම්වතිය වුනු ගයනි  එක්ක ,මගේ තරහක්නම් තිබුණේ නෑ.. ඒත් මටවත් තේරුම්ගන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතේ තෙරපිලා තිබුණා. ඒත් කවදාවත් කෙනෙක්ගෙ හිතක් ,හිතාමතාම රිදවන්න අකමැති මම කිසිම වෙනසක් නොපෙන්වා ගයනි එක්ක කතා කරන්න උත්සාහ කළා.

"ඔයා මාව දන්නවාද?"

"හ්ම්ම්. මං හිතන්නෙ දන්නව.."

"හ්ම්ම්...."

එයා මා ගැන දන්නවාලුනෙ.. එහෙනම් සහන් කියලා ඇති..

"ඔයා සහන්ගෙ කලින් Girl නෙ?"

"හ්ම්ම්..."
මම හූ මිටි තිබ්බා..

"ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ළඟක් වෙනකම් ඒ විත්තියක්..මම හිතුවෙ ඔයා සහන්ගෙ යාළුවෙක් කියලා."
"ආ.. ඇයි සහන් මං ගැන කියලා තිබ්බෙ නැද්ද?මගේ Profile එකේ එයා දැන් නෑ.. මම එයාව Remove කරලා Block කරලාත් තියෙන්නෙ. ගිය අය මට වැඩක් නෑ..ඔයාව ඇඩ් කරගත්තෙත් ගොඩාක් හිතලා."

"ඔව් මම හිතුවා. ඔයා මගේ Request එක ටික දවසක් යනකම් Confirm නොකල ඉන්නකොට."

"හ්ම්ම්.. ඔව්. මම දැන් සතුටින් ඉන්නෙ. නිකන් කරදර දාගන්න ආස නෑ.."

"මාව කරදරයක්ද ඔයාට? "

"අයියෝ නෑ..ඒත් මම සහන්ගෙ මතක එක්ක තවත් රැඳෙන්න ආස නෑ..එයා මගේ අතීතෙ විතරයි.. මගේ වර්තමානෙ එයා නෑ..ඔයාත් එයා එක්ක බැඳිච්ච මතකයක්නෙ."

මම ඔහේ කියවගෙන ගියා. සහන්ගෙයි මගෙයි මතක අමතක කරන එක ලේසි වුනේ නෑ මට. ඒත් කාලයත් එක්ක මම හිත හදාගත්තා. ජීවිතේ තේරුම්ගත්තා. බැඳිම් කවදාහරි නැතිවෙන්නම ඇතිවෙන දෙයක් කියලා මම මගේ හිතට කෑගගහා කිව්වා. සහන්ව අතීතෙදි අයිති මට වුනත්, දැන් අයිති ගයනි ට කියලා මම මගේ හිතට තරවටු කළා.

"ඇත්තටම ඔයාලට මොකද වුනේ?"

ගයනි ආයෙමත් මගෙන් ඇහුවා. මගේ ඇඟ සීතල වෙලා ගියා.මම මතක් කරන්න අකමැතිම ඒ මතක, ආයෙත් මොකට අවුස්සනවාද මංදා.

"ඇයි ඔයාට සහන් කිව්වෙ නැද්ද?"

"නෑ.. මම නිකන් අහන්නෙ ඔයාගෙන් දැනගන්න.."

"මෙහෙමයි.. කෙනෙක්ට ආදරේ කරද්දි වර්තමානෙ එයා ආදරේ තමන්ටනම්, එයාගෙ අතීතෙ ගැන ,අතීතෙ ආදරේ කරපු කියපුවා ගැන අවුස්සන එක තේරුමක් නෑනෙ?"

"එහෙම නෙවෙයි.. මට අවුස්සන්න ඕනෙ නෑ..ඒත් ඔච්ච්ර ආදරෙන් හිටපු ඔයාල වෙන්වුනේ ඇයි?"

හ්ම්ම්.. මමත් අදටත් උත්තර හොයන ප්‍රශ්නයක්.. මට, මටවත් දෙන්න උත්තර හොයාගන්න බැරිවුනු ප්‍රශ්නයක්..කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරවුනාද කියලා දන්නෙ නැති කතාවක්..

 මම කොහොමද මේ වෙන කෙනෙක්ට කියන්නෙ?ජීවිතේ අපිට අපි ළංවෙලා උන්නු ඒ කාලෙ, අපිට අපිව අඳුරගනන් බැරිවුන නිසා අපි වෙන්වුනා කියන්නද? බෑ බෑ.. මම එහෙම කියන්නෙ කොහොමද? මගේ ආදරේ එච්ච්ර බාල්දු කරන්න බෑ....

"ම්ම්.. හේතුවක් කියන්න දන්නෙ නෑ.. මංවත්..."

"ම්ම්.... ඔයා තාමත් එයාට ආදරෙයිද?"

මගේ හිත නැවතුනා. මොහොතකට හුස්මගන්නත් අමතක වුනා. 

"දෙ..දෙ..යියනේ.. මේකී මොනාද මේ අහන්නෙ?"

අමාරුවෙන් ටයිප් කරගත්තා...

"නෑ.. එයා ආදරේ ඔයාටනෙ..මට නෙවෙයි.. :) "

" ඒක නෙවෙයි නේද මම අහපු ප්‍රශ්නෙට උත්තරේ?"

"ප්‍රශ්නෙ මොකක් වුනත්, උත්තරේ මේකයි.. සහන් මහා ගොඩාක් ආදරේ ඔයාට."

"ම්ම්.. වෙන්නැති.. ඔයාට එයාව තේරුම්ගන්න බැරිවුනා..ඒකයි.."

මේ සැරේනම් මගේ ඇඟේ ලේ රත්වුනා.

මෙයා එනවා සහන් ගැන මට උගන්වන්න. සුපුරුදු ගෑණූකමයි, ඊර්ෂි‍යාවයි, තරහවයි මතුවුනා. අවුරුදු 3ක් මම ආදරේ කරපු මගේ කොල්ලා ගැන මට කියලා දෙන්න එන්න ,මේ කෙල්ල කවුද? 

මම තරහෙන් පිපුරුවා.

"ඔයාට වඩා මම එයා එක්ක කාලෙ ගත කලා. මට එයා ගැන උගන්වන්න ඕනෙ නෑ.. මම එයා ගැන දන්නවා..ගයනී.."

"බලන්න.. ඔයා තාම එයාට ආදරෙයි මල්කි. :) "

මොනවා? නෑ.. ගයනිට පිස්සු.. මම ආදරේ නෑ.. ඉස්සර ආදරෙයි..ඒත් දැන්... නෑ..මට වැඩක් නෑ මාව දාලා ගිය කෙනෙක්ව ආපහු.. මැරිච්ච ආදරේකට පණ ගන්න බෑ..  පණ ගත්තාත් ආයෙත් ඉක්මණටම දාලා යනවා..

"මම ආදරේ නෑ එයාට. මට එයාව දැන් වැඩක් නෑ..."

"ඔය ඇත්තමද? මට නිකන් හිතට හරි නෑ වගේ.. ඔයාට මම අසාධාරණයක් කළා වගේ දැනෙනවා."

"ඔව්.. ඇත්තමයි..මට එයා එපා. ඔයාල සතුටින් ඉන්න. එයා හිත හොද කොල්ලෙක්.."

"ඔයා දන්නෙ නෑ මල්කි මා ගැන. ඔයා එයාට තාමත් ආදරේනම් , මට පුළුවන් ඔයාට උදව් කරන්න."

මොනවද මේ කෙල්ල කියවන්නෙ මේ? මාව අතරමං වුනා කොහේදෝ ලෝකෙක..කෙනෙක්ට පුළුවන්ද තමන්ගෙ ආදරේ තව කෙනෙක්ට ලියලා දෙන්න? කෙල්ලෙක්ට පුළුවන්ද තමන් පණ වගේ ආදරේ කරන කොල්ලාව තව කෙල්ලෙක්ට දෙන්න? බෑ.. දෙයියනේ මටනම් බෑ.. මගේ ආදරේ මාව දාලා ගිය එක ඇත්ත. ඒත්, මම කවදාවත් මගේ ආදරේ තව කෙනෙක්ට පූජා කරන්නෙනම් නෑ..ඔව්.. මට එහෙම කරන්න බෑ.. මම ඒ තරම් පරර්ථකාමී කෙල්ලෙක් නෙවෙයි..

"මොනාද ඔයා කියවන්නෙ? ඔයාට පිස්සු.."

"නෑ..මට පිස්සු නෑ.. මම කියන්නෙ ඇත්ත. මම ඔයා වෙනුවෙන් එයාව අතාරින්නම්.."

"ගයනි!!! විකාරද ඔයාට? මට සහන්ව එපා. මාව දාලා ගිය කෙනෙක්ව ආයෙත් උදුරලා අරන් බදාගන්න තරම් මෝඩියක් නෙවෙයි මම. මගේ ආදරේ ඒ තරම් බාල්දු කරනන් එපා."

"එහෙම නෙවෙයි මල්කි..ඔයා ඉන්නකෝ.. ඔයා මා ගැන දන්නෙ නෑ.. මම ඔයා වෙනුවෙන් මොනා හරි කරනවාමයි.."

"පිස්සු.. මට වැඩක් නෑ..."

"ම්ම්.. ඔයා වෙන කෙනෙක් එක්ක යාළු නොවී ඉන්නෙ ඇයි එහෙනම් තාමත්? මෙච්ච්ර කල් ගිහිල්ලත්? affair එක නවත්තලා අවුරුදු 2ක් ගිහිල්ලත්..?"

"ගයනි.. මට කොල්ලෙක් නැතිව ඉන්න බැරි නෑ.. මට මගේ පාළුවට රූකඩයක් හරි කමක් නෑ කියලා මොකෙක්ව හරි බදාගන්න ඕනෙ නෑ.. මම ඒ තරමට ආදරෙන් දුප්පත් නෑ..මට ආදරේ, මාත් ආදරේ කරන කෙනෙක් හම්බුන දාට මම එයා එක්ක මගේ ලෝකෙ හදනවා.."

"හ්ම්ම්.. මංදා. ඔයාගෙ කැමැත්තක්. ඒත් මම ඔයා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනෙ..ඔයා පවු"

" ඒ මොකට්ද? මම අසරණ වෙලා නෑ.. ආදරයක් නැති වුනා කියලා මම මැරෙන්න වැටිලා නෑ.. මම හොදින් ඉන්නවා.. මගේ ජීවිතේ ඉස්සරටත් වඩා හොදයි.ඔයා ඔයාගෙයි සහන්ගෙයි ලෝකෙ ලස්සන කරගන්න මහන්සිවෙන්න."

"ම්ම්.. OK මල්කි.. ඔයාව මට තේරෙනවා. ඔයා කොහොම කිව්වත් ඔයාගෙ හිත මට දැනෙනවා.. මම මොනා හරි කරන්නම්.. මට දැන් Log out වෙන්න වෙලා.පස්සෙ හම්බෙමු..බුදුසරණයි!! Tc!! Bye!!

"OK. Bye!!TC!!බුදුසරණයි!!"

හරිම පුදුමයක් මේකනම්.. මට අදහගන්න බැරිව මම කල්පනා කලා. සහන්ව මගේ ජීවිතේට ඕනෙ කියලා නොදැනෙන මොහොතක ආයෙමත් මට ලං කරන්න හදන්නෙ ,එයාගෙම පෙම්වතිය වෙන ගයනිමයි. එදා දවස පුරාම මම හිටියෙ මේ අරුම පුදුම සිතුවිල්ලත් එක්කමයි..

පහුවදා මූණූ පොතට ඇවිල්ලා විස්තර බල බල ඉද්දි අහම්බෙන් වගේ දැනගත්තු  දෙයින් මාව පුදුම වුණා.ගයනි මාව Block කරලා තිබුණා. මට හීනී හිනාවක් ගියා. දුකක් දැනුණෙ නම් නෑ.. සතුටකුත් නෑ.. ඒත් මොකක්දෝ මංදා මහ අමුතු හැඟීමක් හිතට දැනූනා..ඊයේ එයාගෙ ආදරේ මට පූජ කරන්න හදපු කෙල්ල, අද මාව Block කරලා...

මොනතරම් කතා කිව්වත්, කොයිතරම් පරාර්ථකාමී වුනත් ආදරේ කරන කෙනෙක්ව තව කෙනෙක්ට භාරදෙන්න, ආදරයක් එහෙම් පිටින්ම  ලියලා දෙන්න,තව කෙනෙක්ට අයිතිවෙනවා සංතෝසෙන් බලන් ඉන්න, බෑ... බෑ..බෑ මයි..ඒක තමා ඇත්ත.අපි ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් නම් එහෙම දෙයක් අමාරුවෙන් හරි දරාගෙන විඳවගන්න තිබුණා. ඒත් ඒකත් හරිම කටුක අත්දැකීමක් බව නම් මම හොදින්ම දැනගෙන උන්නා. අපි හැමෝම මිනිස්සු.. හදවතක් තියන, ආදරේ දැනෙන,විඳින කෙනෙක්ට ඒ ආදරෙන් සංතෝසෙන් වෙන් වෙන්න අමාරුයි...ඒකයි යථාර්තය.



ඔයත් කෙල්ලෙක්.. මමත් කෙල්ලෙක්....
මම එයාගෙ කලින් ආදරේ..
ඔයා එයාගෙ දැන් ආදරේ...
එයාට හිත් දෙකක් තිබ්බට
අපිට තිබ්බෙ, තියෙන්නෙ එක හිතයි නේද??
කොහොම ඔය කටින් කියනවද ඔයා??
"ඔයා වෙනුවෙන් මම එයාව අතාරින්නම්" කියලා...
බෑ.. වෙන්න බෑ...
ඔයා කොහෙද එහෙම වෙන්නෙ?
ඔයා වෙස්සන්තර කුලේ වෙන්න බෑ....
ඔව්.. ආදරේ දෝත පුරෝලා ලෝබ නැතිව
මට පූජ කරන්න,
ඔයාට කොහොම පුළුවන් වෙන්නද??
ඔයත් කෙල්ලෙක්.. මමත් කෙල්ලෙක්...
මම දන්නෙ නැද්ද,
කෙල්ලෙක්ගෙ දුක තේරෙන්නෙ කෙල්ලෙක්ට වුනත්,
දෙයියනේ!!!!!

කාටද පුළුවන් ආදරේ කරපු හිතක්
සින්නකර ලියලා දෙන්න???
මංදා.. මටනම් බෑ........
මම දන්නෙ එච්චරයි......

                                         ෴නිමි෴ 


ප.ලි-සිතිවිල්ලක් පමණි කියලා දැම්මාට වැඩක් නෑනෙ.. ඉතිං , මෙදා සැරේ නොදාම ඉන්නවා..:D :p

ප.ප.ලි- බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න සෑහෙන්න මහන්සි වුනා ..බැනර් එකක් හදාගන්නත් .. අවසානෙදි Background එකේ තිබ්බ පින්තූරෙත් පොඩ්ඩක් එහාට මෙහාට වුනා මගේ පිස්සු වැඩ නිසා. ඔන්න ඊටපස්සෙ දාලා තියෙන පින්තූරෙ කැතයි කියන්න නම් එපා..කැතයි කියන අය ඉන්නවානම් මට අලුතෙන් ලස්සන "හිතුවක්කාර" පින්තූරයක් හොයලා දෙන්න. හොඳේ?? :p :p

Post Comment

95 comments:

  1. *** " මොනතරම් කතා කිව්වත්, කොයිතරම් පරාර්ථකාමී වුනත් ආදරේ කරන කෙනෙක්ව තව කෙනෙක්ට භාරදෙන්න, ආදරයක් එහෙම් පිටින්ම ලියලා දෙන්න,තව කෙනෙක්ට අයිතිවෙනවා සංතෝසෙන් බලන් ඉන්න, බෑ... බෑ..බෑ මයි..ඒක තමා ඇත්ත.අපි ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් නම් එහෙම දෙයක් අමාරුවෙන් හරි දරාගෙන විඳවගන්න තිබුණා. ඒත් ඒකත් හරිම කටුක අත්දැකීමක් බව නම් මම හොදින්ම දැනගෙන උන්නා. අපි හැමෝම මිනිස්සු.. හදවතක් තියන, ආදරේ දැනෙන,විඳින කෙනෙක්ට ඒ ආදරෙන් සංතෝසෙන් වෙන් වෙන්න අමාරුයි...ඒකයි යථාර්තය." *** කතාව නම් සහතික ඇත්ත හිතුවක්කාරියේ... හැබැයි ඕක කෙල්ලොන්ට විතරක් නෙමෙයි අහිංසක කොල්ලොන්ගේ හිත වලටත් ඔය වගේම දැනෙනවා පුංචි හිතුවක්කාරියේ.............

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ආදරේ දුක සතුට කාට වුනත් පොදුවේ දැනෙනවානෙ :) ඒක කෙල්ලනට ව්අගේම කොල්ලන්ටත් එහෙම වෙන්න පුළුවන්...:)

      ස්තූතියි!!!!

      Delete
  2. හ්ම්ම් ඇත්ත......... මොන විදිහක ආදරයක් වුනත් කවුරුත් කැමති නැ, බෙඳා ගන්නවත් පූජා කරන්නවත්, මගේ ම අක්කා නිකන් හරි වෙන කෙනෙකුට නංගි කියන කොට මගේ හිත රිදෙන්නෙ ඒ නිසා වෙන්ඩ ඇති. අක්කා නං කියන්නෙ මං ඊර්ෂ්‍යා වැඩියි කියලා. එයත් මේ පෝස්ට් 1 දැක්කොත් හොඳයි. මොනා වුනත් ඔයාගෙ වැඩේ නං මරු අක්කෙ. වැඩේ කිවුවෙ මේ පෝස්ට් 1.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අම්මෝ,අක්කා නගාගෙ ආදරේ... :D

      තෑන්ක්ස් නගෝ...

      Delete
  3. මම මේ කවිය නම් මීට කලින් කියවලා තියෙනවා නංගාම note එකක් විදියට දාපු වෙලාවක.. ඇත්ත කොච්චර පරාර්ථකාමී වෙන්න හැදුවත් ආදරයක් එහෙම බෙදාගන්න තරමට පරාර්ථකාමී වෙන්න බෑ කාටවත්ම..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි මම කලින් ලියපු එකක්..:) ඇත්තටම, මටනම් කවදාවතම බෑ.. මම හිතන්නෙ නෑ කාටවත් පුළුවන් කියලා එහෙම ලෙසියෙන් ආදරයක් පරිත්‍යාග කරන්න... මම නම් ලෝකෙම ලියලා දෙනවා කිව්වත් මගේ ආදරේ නම් ලියලා දෙන්නෙ නෑ මොකාටවත්ම..:D

      Delete
  4. ඔයා දන්නවනෙ මම හැමදාම කැමති වෙනස් අදහස් කියන්න......මම අහන්නෙ එයා දැන් ඔය දානයක් දෙන්න හැදුවෙ ඔයා හිඟන්නියෙක් කියල හිතලද? නැත් නම් එයා මහා දානපතිනියක් කියල ඔයාට පෙන්වන්නද?..මම නම් හිතන්නෙ එයාට ඕන උනේ ඔයාගෙ හිත බලා ගන්න විතරයි....එයාගෙ හිතේ 'සිකියුරිටි' එක මදි..දුප්පතා පව්.......

    ReplyDelete
    Replies
    1. කිරිල්ලිගේ කථාව නම් සහතික ඇත්ත..

      Delete
    2. මමත් එකඟයි කිරිල්ලිට.එයාට ඕනේ උනේ අලුත්ම අප්ඩේට්ස් තියෙනවද බලන්න.

      Delete
    3. කිරිල්ලිගෙ කතාව හරියටම හරි.

      Delete
    4. වින්චැට්කිරිල්ලි +++++++++++++++++++++++++

      Delete
    5. හෆ්ෆා.. කිරිල්ලිට තියෙන ඦන්ද තොගේ :D :D

      හික්ස්ස්.. සිතුවිල්ලක් පමණි කෙල්ලෙ..:p වැඩක් නෑ ඉතිං මෙයාලට කියලා.. ;)ඔව් ඔව්.. මෙතන එයාට ඕනෙ වුනේ හිත බලාගන්න තමයි කිරිල්ලි :)

      Delete
  5. අපේ හැමෝගෙම හිත්වල විරහව නෑ කියන්න බෑ.
    සදාකාලික නොවූ ලෝකෙක , සදාකාලික ප්‍රේමයක්?????

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. හැම කෙනෙක්ගෙම හිතේ විරහව ඇබින්දක් හරි තියෙන්න ඕනෙ...සදාකාලික ප්‍රේමයක් හම්බුනොත් මටත් කියන්න..:)

      Delete
  6. අමාරුවෙන් ගොඩදාගත්ත ලව් එක වෙන කෙනෙකුට පූජා කරන්න.
    ම්හූ....... හීනෙන් තමයි........

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හීනෙන්වත් බෑ නේද??

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. "මොනතරම් කතා කිව්වත්, කොයිතරම් පරාර්ථකාමී වුනත් ආදරේ කරන කෙනෙක්ව තව කෙනෙක්ට භාරදෙන්න, ආදරයක් එහෙම් පිටින්ම ලියලා දෙන්න,තව කෙනෙක්ට අයිතිවෙනවා සංතෝසෙන් බලන් ඉන්න, බෑ... බෑ..බෑ මයි" ඒ කතාවට නම් මමත් එකගයි හිතුවක්කාරී..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒකනෙ.. ඕනෙ කෙනෙක් හිතට එකඟවම බැලුවොත්, එකඟ වෙන්න වෙනවා..

      Delete
  9. මටත් හිතෙන්නෙ වින්චැට්ට හිතුන දේමයි..එයා ඔයාගෙ හිත බලන්න උත්සහ ගන්න ඇත්තෙ..සහන් හුඟක් ආදරේ හිතක් දාල ගිහින් හොයාගෙන තියෙන්නෙ නම් ඒ තරම් සවිමත් හිතක් නෙමෙයි කියන එක මටත් හිතෙනව..ඔයාට වුන හිත් වේදනාව සහන්ට ඇති වෙන්න තියෙන ඉඩත් හොදටෝම අවස්ථාව තියෙනව වගේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්.... කට්ටිය මේක මට වුනාමයි කියලා නේ කියන්නෙ..:D හික්ස්ස්.. හයියෝ..හයියෝ...

      ඔව් ඔයා කියන එකත් හරි අක්කෙ, මෙහෙම කරන්නෙ කෙල්ලෙක් ,එයාගෙ හිත වැනෙන නිසා වෙන්න ඕනෙ..

      Delete
  10. ලස්සනයි..ඒත් අනේ මන්ද...බුකියේ චැට් එකක් ගාව ගත්ත නිසාද මන්ද පොඩි අවුලක් වගේ දැනෙනවා...
    :)

    ReplyDelete
    Replies
    1. මාත් එකගයි.. බුකියෙන් මට පොත් ලියන්න පුලුවං.. ;)

      Delete
    2. ගිනි කුරුල්ලා-හික්ස්ස්සේ මොකෝ අයියේ?? අවුල්??

      Delete
  11. අනේ මන්දා...... මේ ලෝකේ දරාගන්න අමාරුම දේවල් වලින් එකක් තමයි තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති වෙලා ඉන්නවා බලන එක... :(

    ReplyDelete
    Replies
    1. අනිවා නගෝ... ඒත් කාලයත් එක්ක හැමදේම ආයෙත් පුරුදු වෙනවා..

      Delete
  12. //මොනතරම් කතා කිව්වත්, කොයිතරම් පරාර්ථකාමී වුනත් ආදරේ කරන කෙනෙක්ව තව කෙනෙක්ට භාරදෙන්න, ආදරයක් එහෙම් පිටින්ම ලියලා දෙන්න,තව කෙනෙක්ට අයිතිවෙනවා සංතෝසෙන් බලන් ඉන්න, බෑ... බෑ..බෑ මයි"//

    මේ කතාව බොරු කියන්න බෑ. ඒත් මගේ ජීවිතේ මං මෙහෙම කැප කිරීමක් කළා. ඒත් ඒක ඔයත් සඳහන් කරලා තියෙනවා වගේ හරිම ක‍ටුක අත්දැකීමක් වුණා. අන්තිම ට ඉතුරු වෙන්නේ පසුතැවීමක් විතරයි.......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මං හිතන්නෙ දඟ මල්ල ඔයාගෙ ආදරේ තවත් කෙනෙක්ට අයිතිවෙන්න දීලා බලන් ඉදලා?? එහෙම නැත්තම් ආදරේ ලියලාම දුන්නද?? නෑනෙ..

      කොහොමකල්ත් තමන්ගෙ ආදරේ තව කෙනෙක්ට අයිති වීම දැකීම දුකක්ම තමයි!!! ජීවිතේ කවදාහරි ඔය කැපවීම වෙනුවෙන් සාධාරණය්ක් ඉටුවෙයි!!

      Delete
    2. එයා ඇත්තටම තමන්ගේ ආදරේ වෙන කෙනෙක්ට ලියලා දුන්නා තමා හිතූ... හේතු ගොඩාක් නිසා..

      Delete
    3. ඔහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.... එහෙනම් ඒක හරිම උතුම් පර්ත්‍යාගයක්නෙ..

      Delete
  13. දැන් ආදරේ කියන්නෙ නිකං විහිලුවක් වගේ..

    ඉස්සර අමාරුවෙන් යාලු වෙන එකේ තියෙන ආතල් එක දැන් නැහැ. කෙලින්ම ඇහුවා හා නම් හා බෑ නම් බෑ ඉට පස්සේ කෙල්ලට කොල්ලට කතා කරන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ..දැන් ආදරේ බාල වෙලාද මංදා...

      Delete
  14. සෑමා කිව්ව කතාව නම් ඇත්ත, අපි ඉස්සර ආදරයක් දිනාගන්න කොයිතරම් නම් මහන්සි වෙනවද? එහෙම මහන්සි වෙලත් ඒ ආදරේ වෙන කෙනෙකුට අයිති වෙනවා දක්කම දුක හිතෙන එක සාධාරණයි. ඒත් මම හිතන විදියට මට නම් මගේ ආදරේ පරිත්‍යාග කරන්න පුළුවන් තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන්. පොර ටෝක් නම් නෙවෙයි, ඒක මට ඉස්සර ඉඳලා ම හිතුණ දෙයක්. එහෙම වුණොත් මෙහෙම කරනවා කියලා. ඒත් තාම එහෙම කරන්න නම් වුණේ නෑ! ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ම්ම්.. එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් නම් , ඔයා හරි පුදුම කෙනෙක්.. එහෙම පරාර්ථකාමි වෙන්නෙ කොහොමද කියලා හිතාගන්නත් බෑ..:) ජය වේවා!!!

      තෑන්ක්ස් යාලු!!!

      Delete
  15. එයාට ලොකු සැකයක් තියෙන්වා වගේයි..අවුරුදු 3ක් එයාව ආශ්‍රය කරපු ඔයා තරම් එයාට කොල්ලව අඳුනගන්න බැරිද කියලා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මෙයත් මේක මගේ කතාවක් කරගෙන :p

      වෙන්නැති.. ගයනි එහෙම චෙක් කිරිල්ලක් තමා කරන්නෙ මට පේන්නෙ...:)

      Delete
  16. මට නම් මොනා කියන්නද කියලා හිතාගන්නට නොහැක... Too Serious :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. :D හම්මෝ එච්ච්රටම Serious වෙන්න එපා අයියේ!!!

      Delete
  17. හෙට අදහසක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. බාලගිරි..හෙට නොවේ අද ;)

      Delete
  18. මට කොල්ලෙක් නැතිව ඉන්න බැරි නෑ.. මට මගේ පාළුවට රූකඩයක් හරි කමක් නෑ කියලා මොකෙක්ව හරි බදාගන්න ඕනෙ නෑ.. මම ඒ තරමට ආදරෙන් දුප්පත් නෑ..මට ආදරේ, මාත් ආදරේ කරන කෙනෙක් හම්බුන දාට මම එයා එක්ක මගේ ලෝකෙ හදනවා.."

    මම කැමතිම කොටස..,

    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ.. එක දවසක් හරි ආදරය කරපු කෙනෙක් දාල ගියාට පස්සේ තව දුරටත් ආදරය නොකර සිටිය හැකිද...? මම දැන් එයාට ආදරේ නෑ කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තූතියි!!! :)

      දෙවෙනි කාරණාවට මෙහෙම උත්තරය්ක් දෙන්නම්, ජීවිතේ මහා ගොඩාක් ආදරේ කරපු කෙනෙක්වත් ,ඒ කෙනා වෙනුවෙන් තියෙන ආදරයක්වත් එහෙම හිතින් සදහටම පන්නලා දාන්න නම් බෑ... ඒ වෙන් වෙච්ච ඉඩ(හිස්තැන ) එහෙම්ම තියේවි.. ආයෙත් ආදරයක් ඇතිවුනත් වෙන්නෙ අලුතෙන් ඉඩක් හැදෙන එක මිසක් අර හිස්තැන පිරවෙන එක නෙවෙයි කියලා හිතන්න පුළුවන්..

      හැබැයි තව දෙයක්, අතීතය කියන්නෙ අතීතය, අතීතයට පන දෙන්න ගියොත්, වර්තමානෙ ජවය නැතිවෙයි!!!එතකොට අනාගතේ දුර්වල වෙයි...

      Delete
  19. ආදරේ නම් හරිම පුදුම දෙයක් තමා හිතූ..අපි පස්සෙන් යනකොට පලා යනවා. අපි පලා යනකොට පස්සෙන් එනවා. මටනම් මේවා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ.. ඒකනම් ඇත්ත... ආදරේ නම් අනේ මංදා..

      Delete
  20. ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නිසා දැන් ඕවා ගැන හිතන්න එපා.. ගිය දේ ගියා.. ඊට වඩා යමක් මට කියන්න බෑ..

    නෑ නෑ පින්තූරේ හරි ශෝක්.. නැත්නම් එකක් හොයලා දෙන්න වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්. ඔව් අයියේ..ගිය දේ ගියා.. :)

      හික්ස්ස්.. අපෝ... කැත වුනත් පින්තූරෙ ලස්සනයිලු...:p

      Delete
  21. කටින් වචන පිට වුනාට, ප්‍රායෝගිකව අතිශයින්ම ආමාරුම දෙයක් පොරොන්දු වුනා ගයනි...
    "එයාට හිත් දෙකක් තිබ්බට අපිට තිබ්බෙ,
    තියෙන්නෙ එක හිතයි නේද?? "
    කවුද කිව්වේ එයාට (සහන්ට) හිත් දෙකක් කියලා... එයාට නෑ එකක්වත්!.....
    හිතුවක්කාරිගේ සිතුවිල්ල නම් අපූරුයි..:))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..:) ම්ම්.. එයාට මෙහෙම ගිහින් එක හිතක්වත් නැති වෙනවා...

      Delete
  22. හප්පා පුදුමයි කෙස්වලු පටලෝගත්තේ නැති එකම.....

    ReplyDelete
  23. අනේ මන්දා කියවල ඉවර වෙලා මම මේ දහ අතේ කල්පනා කලේ ඒකි මොකාටද එන්න හැදුවේ කියලා. අනේ මට නම් හිතෙන්නෑ හිතූ.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනේ මංදා.. මොකාට ආවද කියලා...:D

      Delete
  24. වින්චැට්ගේ කතාවට එකගයි. කෙල්ලෝ කොහොමත් අපිට වඩා හොඳට කෙල්ලෝ ගැන දන්නවා ඇතිනේ. මම දන්න තරමින්නම් කෙල්ලෝ කියන්නේ හරි පුදුම කට්ටියක්. එයාලා කොල්ලෝ අපිට වඩා ඉරිසියාව කියන එකෙන් උතුරනවා! ගෑණු ඉස්කෝල වල විභාග වලදී තමන් පන්තියේ දෙවෙනියා උනයි කියලා පළවෙනියා වෙච්චි කෙනත් එක්ක තරහා වෙන කෙල්ලෝ ඉන්නවා. ඒත් කොල්ලෝ අතර එහෙම දේවක් නැති නරම්!
    මේ කතාව ඇත්ත එකක් උනත් බොරු එකක් උනත් මෙතනදි ගයනි එන්නේන්න"ආ මෙන්න ඔයාගේ ආදරේ ආපහු ඔයාට මං අරන් දෙන්නම්" කියන චේතනාවෙන් නෙමෙයි. ඔයා තාමත් ඒ කොල්ලා ගැන හිතනවද නැද්ද කියලා බලන්නයි. ඔය වගේ සිද්ධි අනන්තවත් මං දැකලා තියෙනවා. මිශ්‍ර පාසලට හිටපු එකේ වටිනාකම දැනෙන්නේ ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු කීපයක් ගියාට පස්සෙයි! :D
    (මෙහි "කෙල්ලෝ" යනු සමස්ථය නොව බහුතරයයි!)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... අන්තිමට කෙල්ලො යනු සමහර කෙල්ලන් කියලා තිබ්බ නිසා හොදට ගියා. අවංකවම කිව්වොත් ඒකෙ ඇත්තක් තියෙනවා.. ඔය විභාග සම්බන්ධ දේවල් වලදි ඊර්ෂ්‍යාව නිසා පරශ්න ඇති කරගන්න අය මටත් හම්බෙලා තියෙන්වා. පොතක් ඉල්ලුවත් දෙන්න අකමැති, අනිත් අයග් ලකුණු එකතු කර කර යන, එහෙම ගෑණූ ළමයි හම්බෙලා තියෙනවා. බහුතරයක් අතරේ එහෙම අය ඉන්නවා, මන්දා පිරිමි ළමයි අතරෙ එහෙම නෑ ම කියන්න මම දන්නෙ නෑ.. ඒත් ඔය කාරණාවෙ ඇත්තක් තියෙන බව පිලිගන්නවා..

      ආදරේදි ඊර්ෂ්‍යාව ඇතිවීම සාමාන්‍යයි.. මංදා.. ගයනි ආවෙත් මල්කිගෙ හිත බලන්න තමා..:)

      Delete
  25. සිතිවිල්ලක් පමණි කියලා කිව්වත් මමනම් විශ්වාස කරන්නේ නැහැ..මොකද ඊයේ මම ඔයාගේ "සමනලී: කතාවේ කොටස් ඔක්කොම කියල ඉවර කරානේ(කියවලා අන්තිමට කමෙන්ට් එකක් දාන්න හිතාගෙන හිටියත් මට වචන හොයා ගන්න බැරි උනා නංගා :(). ඉතින් දැන් මාත් දන්නවා.

    අර ගයනිව නම් තේරුම් ගන්න හරි අමාරුයි..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... o_O ම්ම්.. කමෙන්ට් නොදැම්මාට කමක් නෑ..අක්කා කතාව දන්නවානෙ..:)

      ගයනි ආවෙ මල්කිව චෙක් කරන්න...:)

      Delete
  26. //කාටද පුළුවන් ආදරේ කරපු හිතක්
    සින්නකර ලියලා දෙන්න???
    මංදා.. මටනම් බෑ........//

    මටත් බෑ.... හිතකොටත් ඇගෙන් කෑල්ලක් යනවා වගේ දැනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඇඟෙන් කෑල්ලක් ගිහින් ඉතුරු ව්උනොත් මැදැයි :D මගෙනම් හුස්ම යයි!!

      Delete
  27. ආදරේ කියන්නේ පුදුම දෙයක් හිතු.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අරුම පුදුම දෙයක්..:)

      Delete
  28. ෂුවර් එකට ඔය කෙල්ල සහන් එක්ක වලියක් දාගන්න ඇති පහුවෙනිදා ශේප් වෙන්න ඇති...ඕ...යෙස්....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ඔව්... එහෙම එකක් වෙන්නැති..

      Delete
  29. අනේ මන්ද මේ මොකක්ද මේ හරුපේ.... කෙල්ලෙක් තමන්ගේ කොල්ලව පරිත්‍යාග කරන්න හදනවා... මොන හිතකින්ද එහෙම කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හරුපයක් නේන්නම්... පිස්සු... මොන කෙල්ලද හෆ්ෆා එහෙම කරන්නෙ.. මම නම මළත් කරන්නෙ නෑ...:/

      Delete
  30. මට කියන්න තියන ඒවා ඔයා දන්නවනේ.......

    ReplyDelete
  31. මොකුට් නොකියා ඉඬිමි! :D

    ReplyDelete
  32. //කාටද පුළුවන් ආදරේ කරපු හිතක්
    සින්නකර ලියලා දෙන්න???
    මංදා.. මටනම් බෑ........//

    හ්ම්... ඒත් එපා කියලා දාලා ගිහින් වෙන කෙනෙකුට අයිති උනොත් හිතේ දුක දරාගෙන බලාගෙන ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඔව් ඉතිං දාලා ගියොත් මොනා කරන්නද අක්කි..දරාගන්න වෙනවා...

      Delete
  33. මම නම් බනින්නේ ඔයාට. මොන එකකටද ඒ කෙල්ල එක්ක කතාවට ගියේ. ඇඩ් කරගන්නෙත් නැතුව ඉන්න තිබුනේ. ඊළඟට කියන්න තියෙන්නේ අර වින්චැට් කිරිල්ලී කියපු කතාව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මටලු.. :D

      හික්ස්ස්.. ම්ම්ම්මොව් හෆ්ෆා.. කවුරුවුනත් අනුන්ගෙ කුණු තමන්ගෙ ගෙවල් අස්සෙ දාගත්තාම ප්‍රශ්න තමා..:)

      Delete
  34. ආදරේ ඇති හිත් වැඩ කරන විදිහ තේරුම් ගන්න එයාලටම මිසක් වෙන කාටවත් අමාරුයි..

    ReplyDelete
  35. මේක නම් 'හිතු'විල්ලක් නම් වෙන්ඩ බෑ.
    අනිවාර්යෙන්ම හිතූගේ මොකක් නමුත් කතාවක් !!! :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං.. අයියාලා එක්ක බෑනෙ කරන්න.. මගේ කතාමයි ඔක්කොම... අයියෝ මෙයාලානම්..:p

      Delete
  36. කවදාවත් කොල්ලෙක් තමන්ගේ කෙල්ලව වෙනත් කොල්ලෙක්ට පූජා කරත් කෙල්ලෙක්නම් කවදාවත් කරන්නේ නැහැ.සමහර විට මෙහෙම වෙන්න බැරිද?ඒ කොල්ල ගයනිගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඔයාව චෙක් කරාද දන්නේ නැහැ.ඊළඟ දවසේ ඔයා ඇත්තටම ගයනිත් එක්ක චැට් කරවී කියල බ්ලොක් කරලා දැම්මද කියල දන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... වෙන්න පුළුවන් අයියා කියන විදියෙ දෙයක් මේකෙ වෙලා තියෙන්න පුළුවම්..:)

      Delete
  37. දාලා ගිය ආදරයක් කොයි තරම්තරම් ආදරේ උනත් අයේ ලන් කර ගන්නවා කියන්නේ මෝඩ කමක් පමනි...

    සිතුවිල්ලක් නොවේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්.. අයියාට ඉතිං අත්දැකීම් ඇතිනෙ.. ;)

      සිතුවිල්ලක් පමණි.. ඔයාට ඔහොම කියන්න බෑනෙ අයියෙ..මමනෙ කතෲ...:p

      Delete
  38. හදවතක් තියන, ආදරේ දැනෙන,විඳින කෙනෙක්ට ඒ ආදරෙන් සංතෝසෙන් වෙන් වෙන්න අමාරුයි ඒකයි යථාර්තය, ඇත්ත ඒක තව කෙනෙකුට පරිත්‍යාග කරන්න වුනොත් ඊටත් වඩා අමාරුයි.

    ඹුණු පොතේ චැටි කරලා ඊළඟ දවසේ බ්ලොක් කළාම තමයි කේන්තියේ හොඳම එක.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ආයෙත් අහලා.. කේන්තිය උපරිමේට යනවානෙ එහෙම වුනාම කාට වුනත්...:)

      Delete
  39. හ්ම්ම් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙත්,මේ කතාව නම් මටත් ටිකක් සමීපයි. මගේ ආදරේ නීතියෙන්ම සින්නක්කරේට ලියාගත්ත එක්කෙනාත් තාම මගේ එෆ් බි යාලුවෙක්.

    ReplyDelete
    Replies
    1. :O :O මාරයිනෙ.. අපි නොහිතන කතාන්දර සිද්ධ වෙනවා මේ අහස යට..

      Delete
  40. ඒකත් මරු සිද්දිය.... ආදරේ පරිත්‍යාග කරන්න නම් බෑ තමයි!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒකනෙ විසිතුරු.. මරු සිද්ධිය..:D

      Delete
  41. එත් එහෙම කරන්න පුලුවන් අයත් මේ ලෝකෙ ඉන්නවා...... එ අය තමයි නියම ශ්‍රේෂ්ඨ පුද්ගලයන්.... තමන් පනටත් වඩා ආදරය කරපු තමන්ගේ පෙම්වතිය/පෙම්වතා වෙනත් කෙනකුගෙ සතුට වෙනුවෙන් පරිත්‍යාග කරල මුලු ජිවිත කාලයම හුදෙකලාවම ඉන්න අය ඔනේ තරම් ඉන්නව.....නියම ලිපියක් .... ඔබට ජය....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. එහෙම අයත් ඇති..හරිම අතළොස්සක්...:) ස්තූතියි ඔයාට

      Delete
  42. සෑහෙන්න වෙනස් අදහසක්....ඔයාට ලස්සනට ලියන්න පුලුවන් අක්කේ.......

    ReplyDelete
  43. ම්ම්ම්..... ජීවිතේ නම් පුදුමාකාර දෙයකි.. එහි මැද ඇති ආදරය ඊටත් වඩා අරුමය.. ඔයිට වඩා කියන්න දෙයක් හිතාගන්නම බැ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.. ඒක ඇත්ත... :)

      රෙඩ් ට පරණ පෝස්ට් කියවන්න වෙලාව හම්බෙලා වගේ!!! :)

      Delete
  44. oya lassanata liyala thiynawa yalu

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....