නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

22 March 2012

ආසයි මං......



ලස්සනම ලස්සන හැන්දෑවරුවක
ඔයාගේ අතේ එල්ලිලා 
පුංචි එකියක් වගේ උඩ පැන පැන
සතුටින් රවුමක් යන්න එන්න
සත්තමයි...මට හරිම ආසයි.....
හුරතල්ම හුරතල් පුංචි එකියක්
අයිස්ක්‍රීම් ඉල්ලලා අඬනකොට
ආදරේට තරවටු කරන තාත්තෙක් වගේ
ඔයාගෙන් අහිංසක තරවටු ලබන්න
සත්තමයි...මට හරිම ආසයි.....
ආදර සුළං සීරුවට හමා එන
සුන්දරම සුන්දර වෙරළ කොනක
ඔයාගෙ උරතලේ හිසම හොවාගෙන
මහා හුඟාක් කතානදර කියවන්න
අනේ ඇත්තටම... මට ලෝභයි......
ඔය අහිංසක ඇස් දිහාම බලාගෙන
කප්පරක් හීන බල බල සැනසෙන්න
තව තවත් ළඟටම ළං වෙලා තුරුළු වෙන්න
ආදරේ උණුසුමටම ගුලිවෙන්න
සත්තයි...අනේ මට දුකයි ,
මේ හීනෙන් ඇහැරෙන්න.......




ප.ලි- කාලෙකට කලින් මම ලියපු කවියක් මේ.. ප්‍රර්ථනා අක්කා එක්ක බුකියේ චැට් එකක් දාගෙන ඉන්නකොට අක්කා මට එවපු කවියක් නිසයි අපි දෙන්නටම මේ කවිය දාන්න හිතුනේ... ප්‍රර්ථනා අක්කාගෙ කවියට මෙතනින් යන්න පුළුවන්.. කියවලාම බලන්නකෝ මේ දෙක කොයි තරම් එක සමානද කියලා ... :p

ප.ප.ලි-සමානද බලන්න කිව්වට ,ප්‍රර්ථනා අක්කා තරම් මම කවි ලියන්න ශූරියක් නෙවෙයිනෙ.. හික්ස්ස්.. මේක දැම්මෙ ජොලියට. ප්‍රර්ථනා අක්කාගෙ කවිය සුපිරියි!!! ඔන්න මම තමා මුලින්ම එහෙම කිව්වෙ :D

Post Comment

72 comments:

  1. ඩබලටම පිස්සු !!!
    ප.ලි - කමෙන්ටුවක් පමණි

    ReplyDelete
    Replies
    1. හා.. හා..ඔව් අපිට පිස්සු..මෙයාට පිස්සු නෑ..:p

      Delete
  2. තනි අලියාMar 22, 2012 10:18 AM

    කවියත් ලස්සනයි අදහසත් ලස්සනයි! හැබැයි හැම ලස්සනක් පිටිපස්සෙම.......................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.. :D තෑන්ක්ස් මල්ලි!!! ම්ම්ම්.. ලස්සන හුඟාක් දේවල් ඇතුළේ හැංගිලා තියෙනවා දුක ත්..:)

      Delete
  3. මොකෑ මේ ලොකු නංගිටයි පොඩි නංගිටයි ආ තියෙන්නේ ?
    ලොකු නංගිගේ කවියත් කියෝලම එමු !
    පොඩි නංගිගේ කවියත් ලස්සනයි.
    මොකෝ ආයෙම නුගේගොඩ පැත්තේ එන්ඩ ද යන්නේ ?

    ReplyDelete
    Replies
    1. ආ.. අපිට පිස්සුලු... දැක්කෙ නැද්ද මේ කට්ටිය කියලා තියෙනවා අයියේ..:D
      තැන්කූ අයියේ!!! හෑ?? නුගේගොඩ කතාවක් මෙතනට අදාල නැත.. නුගේගොඩ මුහුදක් නෑනෙ..:p

      Delete
  4. හොරා... ප.ලියට යටින් තව කෑල්ලක් එකතු කරන්න කියලා කවුද කිව්වේ කියලා කියමු බලන්න.. අනේ.. ඔයාගේ එකත් හරිම ලස්සනයි මගේ නංගියෝ.. මාරම ලස්සනයි...

    @chamma - ඔයා මොකෝ එකම කමෙන්ට එක දෙන්නටම කොපි පේස්ට් කරේ.. ඒ කියන්නේ ඔයාටත් පිස්සු.. හී හී

    ReplyDelete
    Replies
    1. Mama vitharak newei ne Copy Paste karala tiyenne :P :P

      Delete
    2. හික්ස්ස්.. එහෙම තමා තව පලි යක් දාන්න වෙනවානෙ... අක්කිගෙ එක තමා ලස්සනම...:*

      Delete
  5. කෙල්ලො ඔහොම කතා කියනව තමා කාපු බීපු වෙලාවට...:P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. කාපු බීපු වෙලාවට?? ;)

      Delete
  6. ඇත්තට්ම ලස්සනයි හිතු...:)
    දෙන්නගෙම කවි එක වගේනේ.එක වගේ අදහස් තියෙන අය එක වගේ දේවල් කරනවා කියලා අහලා තිබුනට පිස්සියො දෙන්නෙක් එක වගේ දේවල් කරන බව දැක්කෙ පළවෙනි වතාවට. ;) :P :P

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කුබූ අයියා..:)

      හික්ස්ස්... :D එහෙම තමා අපි දෙන්නා පොඩි ජොලියක් ගන්න මෙහෙම දැම්මෙ...:D ඔයාලා අපිට පිස්සු කිව්වට අපිට වඩා පිස්සු ඔයාලට..

      Delete
  7. අනේ මෙහෙමත් කෙල්ලො දෙන්නෙක්... ( එහෙම කිවුවට අපිටත් ඔය වගේ දේවල් කොච්චර නම් හිතෙනවද)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඒකනෙ.. හැම කෙල්ලෙක්ටම හිතෙන දේවල් තමා අපිටත් හිතුනාම මෙහෙම ලියලා දාන්නෙ.. ඉතිං කට්ටිය අපිට පිස්සුලු..:D බලන්න කොයිතරම් අසාධාරණද??

      Delete
  8. දෙන්නම ගොඩාක් හොදයිනේ.... හිතු ආදරයෙන් පිරිලා ඉතිරිලා ගිය වෙලාවක ලියපු කවියක් වගේ..... හොදා හොදා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ආදරේ උතුරලා පිටාර ගලන වෙලාවක ලිව්වෙ :D

      Delete
  9. ඔයාටත් ඉතින් මට කියන්න තියෙන්නේ ප්‍රාර්ථනාට කිවුව දේම තමයි..

    අයිස්ක්‍රීම් ඔයා ඉල්ලලා ඇඩුවට
    කොහොම අරන් දෙන්නද මම
    හදිස්සියේ වත් සෙම ඇවිස්සුනොත් එහෙම
    ඒකත් බැනුම් අහන්න වෙන්නේ මටම...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.....

      අයිස්ක්‍රීම් කන්න මට හිතුනාට
      පෙරේතකමක් නෑ කන්නට
      ඔයාගෙ ළඟින් ඉද හුරතලයට
      කන්නයි ඕනෙ වුනේ මට ආසාවට...

      දෙන්නාට අයිස්ක්‍රීම් දෙකක් මොකටද
      එක අයිස්ක්‍රීමක් ඇති නේදෝ හොදටම
      ආදරේ වැඩිවෙන්නෙ බෙදාහදාගෙන කෑවාම
      චුට්ටක් කන්නම්කො නෑ ලෙඩවෙන්නෙ එතකොට.... :P :P :P

      හිකිස්ස්.... නියමයි අයියේ කවිය..:D

      Delete
  10. වෙනසට තියන්නෙ කව් පදය විතරයි. හබයි, දෙන්නගේම ආසාව බලාපොරුත්තුව එක හා සමානයි නෙ.....:P ඉතිං ඒ ආසාව බලාපොරුත්තුව ඉටුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යාලුවනි...:D :D කවිය ලස්සනයි හිතු..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..;:D

      හි හි.. :D

      Delete
  11. දෙදෙනාගේම සිහින සැබෑ වේවා කියල කිරිල්ලිත් ප්‍රාර්තනා කරනවා.......

    ReplyDelete
    Replies
    1. හි හි...ස්තූතියි කිරිල්ලියෙ...:D

      Delete
  12. බොහොම ලස්සනයි සහෝදරී..මම නිසඳැස් දෙකම කියෙව්වා..දෙකම අනන්‍ය ලක්ෂණ වලින් අලංකාර වෙලා තියනවා..ජීවිතේ ආසාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා දෙදෙනෙක් එකම මාතෘකාව ගැන ලිව්වට කවදාවත් සමාන වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!!! ඒක ඇත්ත..දෙන්නෙක් එකම දේ ගැන ලිව්වත් අදහස එක වුනත් එක එක්කෙනාගෙ ශෛලිය වෙනස්නෙ..:)

      Delete
  13. සිත් අහස - හිතුවක්කාරිගේ හිත දෙකම එකද කියල හිතුනා.. එකම ටොපික් එකෙන් පෝස්ටු වැටෙන්කොට..

    ජය !

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හිතුවක්කාරිගේ හිතයි, සිත් අහසයි එකක් නෙවෙයි..ඒත් සමහර තැන් සමානයි වගේ...;)

      කවි දෙකේ ටොපික් එක එකමයි තමා.. :D

      Delete
  14. ලස්සනයි. මම මේ මාරුවෙන් මාරුවට දෙකම කියෙව්වා. මැෂින් දෙකින් ලොග් වෙලා එකම වෙලාවේ කමෙන්ට් එක දාන්න බුදු ගේමක් දුන්නා. කෝ වැඩේ හරි යන්නෑ. ඒකට දාලම මේකට දැම්මේ.ඔන්න හිතූ තා බෑ හොදද?
    දෙන්නගෙම ආදරණීය පැතුම් එලෙසින්ම ඉටුවේවා.

    ReplyDelete
    Replies
    1. අයියෝ...මොකට තා වෙන්නද බට්ටි අක්කෙ..:D

      තෑන්ක්ස් අක්කේ!!!

      Delete
  15. හික් හික්...අනේ මන්දා මේ දෙන්න නම්...:D
    ලස්සනයි නංගියෝ...
    ලස්සන නැත්නම් තමයි පුදුම..හිතේ තියෙන දේවල් එහෙමමනේ ලියවෙන්නේ..
    :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ!!!! :D අපි දෙන්නාට පිස්සුනෙ..;)

      හ්ම්ම් හ්ම්... ^_^ හිතේ තියෙන ඒවා ලියන්න ලේසියිනෙ..

      Delete
  16. මේ කවිය ලිව්වේ කාට උණත් එයා මෙහෙම කියනවලු
    "හිතුවක්කාරිට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම්" ;):D

    ReplyDelete
    Replies
    1. හා.. හා.. එයා එහෙම කියන්නෙ ආදරේටලු....<3

      Delete
  17. කවි දෙකම නැගල යනවා.
    අර අහිංසකයන්ගෙ පර්ස් වලට තට්ටු වෙනවා

    ReplyDelete
    Replies
    1. දවසේ කථාව.. :D

      Delete
    2. @කිරිපුතා- ග්‍ර්ර්ර්ර්ර්ර්ර්... අයිස්ක්‍රීම් එච්ච්ර ගනන් නෑ අනෙ..:p :p

      @ChammA අයියා- හා හා..හලිම සතුටුයි වගේ..:/ :p

      Delete
  18. උපරිමයි මේ කවිය. මම ගොඩක් ආසයි මම අතිනුත් මේ වග කවි ගොඩාක් ලියවිලා තියෙනවා අනේ බලන් යනකොට අපි හැමෝටම තියෙන්නේ එකම ආසාවල්නෙ.මේ තියෙන්නෙ කාලෙකට කලින් මම ලියපු මේ වගෙ අදහසක් තියෙන කවියක්.

    මන්දාරම් අඳුර මැදින් වැටෙන අනෝරා වැස්සේ
    ආසයි මට ඇවිද යන්න ඔයා එක්ක කුඩේ යටින්


    හුළං කෝඩ දඟ කරාවි කුඩේ වාරු නැතුව යාවි
    මොර ගෙඩි වගේ ලොකු වැහි බිඳු අපි දෙන්නව තෙමා දාවී

    වැස්ස එක්ක දඟ කරන්න මගේ හිතත් ලෝබ වේවි
    පුංචි එවුන් වාගේ අපි මහ වැස්සේ සිනා සේවි

    මඟ දිග මිනිසුන් බලාවී මුන්ට පිස්සුයැයි කියාවි
    උණු උණු කිරි කෝපි එකක් බොන්න යමුද සිත අසාවී

    දඩිං බිඩිං මහා හඩින් කණ ළඟ අකුණක් ගසාවී
    අනේ ඉතින් මගේ හීනය මෙතනින් කුඩ පට්ට වේවි

    මම ඔයාගේ පිහිටෙන් සිත් අහස කියවන්නත් ගියා ඒ කවියත් උපරිමයි

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්නකෝ..අපි හැමෝගෙම අඅසවල් එකයි..:) ස්තූතියි කාව්‍යා...

      ඔයාගෙ කවි ටිකත් හරිම ලස්සනයි.. මේ හැම එකකම තියෙන්නෙ එකම ව්අගේ සිතුම් පැතුම් ටිකක්...<3

      Delete
  19. ලස්සනයි නංගා...අනේ ඉතින් අපේ හිත්වල මැවෙන හීනනේ ඔවා...කියෙන් කීයද සැබෑවෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්... ඔව් අක්කෙ... හීන හැබෑවෙන්නෙ කලාතුරකින්...:)

      Delete
  20. අක්කල නංගිලාට අහිංසක ආසාවල් නේ තියෙන්නේ.:) දැන් ඔහොම කිව්වට පස්සේ තමයි මාල ඕන, රත්තරං ඕන, අරක ඕන, මේක ඕන කියන්නේ.:D :P

    ඇත්තටම ලස්සනයි නගෝ.

    ReplyDelete
    Replies
    1. ආ... එහෙම තමා අයියෙ..අපිට කවදත් තියෙන්නෙ අහිංසක ආසාවල් ;)

      හි හි.... හම්මියෝ අයියා නිකන් අත්දැකීමෙන් කියන්වා වගේ...:p

      ස්තූතියි අයියේ!!

      Delete
  21. හා හරි කලින් එක්කෙනයි දැන් දෙන්නෙක්ම.හඳ දැකලා දෙන්නම එක දවසේ.

    ඇත්තටම කවිය ගොඩාක් ලස්සනයි ආදරනියයි.

    ReplyDelete
    Replies
    1. හඳ දැක්කාම කවි ලියවෙන්නෙ හද ගැනනෙ..;) මේ හද ගැන නෙවෙයිනෙ..:p

      තෑන්ක්ස් අසර් අයියේ!!!

      Delete
    2. හඳ දැක්කම වෙන්නේ පිස්සු ඇවිස්සෙන එකනේ.කවි සිතුවිලි ගැන නෙවෙයි මම කිවුවේ හූ හූ...

      Delete
    3. එයාගේ experience ගැන නංගෝ ඔය අසර් අයියා කියන්නේ.. :P

      Delete
    4. :p හික්ස්ස්....ඒක තමා

      Delete
  22. අනේ හරිම ලස්සනයි :)
    මම කවි දෙකම බලලා එන ගමන මේ :)

    ReplyDelete
  23. harima lassanay kaviya :) comment nokarate thareha wenne epa hode,, hamedama blog eke balenewa aith comment karane une na busy nisa :) aluth kathawak liyane nadde?? man asawen inne akki liyana thawe kathawak kiyawanne :) take care

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙල්ලෙ.. අයියෝ කමෙන්ට් නොකලාට තරහා වෙන්නෙ මොකටද,:)

      කතාවක් ලියන්න ඕනෙ..ඒත් මේ වෙලාව නැති එකයි.. පොඩි පොඩි අවුල් වගයකුයි තියෙන්වා.. ලියන්න ත් ඕනෙ.. බලමුකෝ..ඉස්සරහට ලියන්නම් මම..චුට්ටක් කල් දෙන්නකෝ...

      take care drling!!! :*

      Delete
  24. පුංචි එකියක් වගේ දඟලන
    නුඹේ මුහුනේ මැවෙන සිනහව
    හදවතේ මස සිදුරු කරගෙන
    කිඳා බසිනව පිහි තුඩක් ලෙස

    හුර‍තලේ පෙන්නා පුරුදු ලෙස
    ඉල්ලනා විට හිමකිරම නුඹ
    අරන් දෙන්නෙ කෙසේදැයි මම
    දුප්පත්ය පෙම්වතා නුඹ ලද

    හොවාගෙන උරතලේ නුඹ හිස
    හීන ලෝකෙක ඇවිදිනා විට
    සැබෑ ලෝකයෙ පය ගසන් මම
    ඉන්නෙ කොහොමද කෙලින් හිටගෙන

    රකින්නට නුඹෙ සිනා සැමදා
    ඉටුකරන්නට නුඹේ ආශා
    නුඹේ හීනයෙ ඉන්න කුමරා
    වෙන්ට බැහැ මම යමී හැරදා

    ReplyDelete
    Replies
    1. පුංචි එකියක් තමා මම නම්
      නුඹට නොපෙනෙන හිතින් තවම
      මේ හිනා පොදින් නුඹේ ලොව,
      එළිකරන්නම් දිවිතුරාවටම.....

      හුරතලේ නුඹට මිස වෙන කාටද මේ,
      හිමකිරම කන්නට කැමති නුබ ළග
      එකම එකක් ගමු අපි දෙන්නාටම
      දෙන්නම් මගේ බස් වියදම නුඹට....

      හොවාගෙන නුඹේ උරතලේ හිස
      පාවෙමී මම සුරඟන ලෝක වල
      සැබෑ ලෝකයක් නැතුවට කමක් නෑ
      අපිට අපි හිමි ලොවක් වේනම් කොහේහරි.....

      රකින්නට බෑ සිනා සැමදා ජීවිතේ
      දුකයි සතුටයි දෙකම සමවන ලෝකයේ
      හැරදා ගියාට කම් නෑ හීනයෙන්,
      සැබෑ ලොව මා ළඟින් ඉඳින් නුඹ ආදරෙන්.....

      අසාර්ථක පිළිතුරු කවියක් අංකල්... සාතන් අංකල් තරම් මට කවි ලියන්න හැකියාවක් නෑනෙ...:( :p

      Delete
    2. මෙව්ව මේ ඇට්ටර පොඩි උන් ආස්සරේ හින්ද ලියවෙන ඒව ;)

      Delete
    3. හා හා..ඇට්ටර පොඩි උන් නිසා හලි අංකල් කවි ලියනවානෙ...;)

      Delete
  25. කවි දෙකම දෙතුන් සැරයකට වඩා කියවල බැලුව.ප්‍රාර්ථනා අක්කගේ කවිය වගේම ඔයාගේ කවියත් ගොඩාක් ලස්සනයි යාලු.කවි දෙකේ සිතිවිලි සමානයි වගේ කියල හිතුන...ලස්සනම ලස්සනයි යාලු...

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි යාලු!!! :D ඒකනෙ අපිටත් පුදුම දෙන්නාගෙම අදහස එක ව්අගේ...

      Delete
  26. ගොඩාක්ම ලස්සනයි කවිය හිතූ...

    ReplyDelete
  27. ගොඩක් ලස්සනයි පුංචි හිතුවක්කාරියේ ..මේ ඇත්තමයි නංගා :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ!! "පුංචි හිතුවක්කාරියේ" කිව්වාම හලිම සතුටුයි හෆ්ෆා..:D

      Delete
    2. හනේ හනේ... ඇයි මේ පුංචි කෙල්ලට මතක නැද්ද මම මීට කලින් දවසකත් "පුංචි හිතුවක්කාරියේ " කියල කමෙන්ට් කලා ම්.....? එකනේ මම දන්නවනේ එහෙම කියද්දී සතුටු හිතේවි කියල.. මම "පුංචි හිතුවක්කාරියේ " කියල තමා ඔයාට හැමදාම කියන්නේ ok :) කැමතිද? හා ද?
      :D

      Delete
    3. කැමතියි එක පයින්ම.. කොච්චර ශෝයිද? මම පුංචියි තමා ඉතිං කොහොමත්.. එහෙම කියද්දි තවත් ආසයි..:D

      කලින් කිවා කියල අමතක වුනානෙ..:)සමාවෙන්න..

      Delete
  28. ඒකත් මරුය මේකත් මරුය ඇත්තම කියනවා නම් 2ම එළකිරිය. එම නිසා 2ම එකම කොමොන්ටුවක් පළකිරීමට තීරණය කෙරෙමි......

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. තැන්කූ පිස්සෝ!!! :D

      Delete
  29. හරිම ලස්සනයි හිතූ..ඒ හීනෙන් ඇහැරෙන්නෙපා..ඒ හීනෙ ඒ තරමටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔව් අක්කෙ..ඒ හීනෙන් ඇහැරෙන්න ලෝභයි!!! :)

      Delete
  30. උත්කෘශ්ඨයි! විචිත්‍රයි! සමාන කවි සිතුම් දෙසිතක පහළ වීම කවර නම් අරුමයක්දැ!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... තැන්කූ තැන්කූ සහෝදරයා..:D අරුමයක්ම තමා..

      Delete
  31. දෙකම ලස්සනයි මට නම්...!!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....