නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 March 2012

සඳ නුඹ වඩින තුරා......

හැන්දෑ අහස් කුස
අඳුරුයි..පාළුයි...
නුඹ නැතිව තවම
මේ සිත් අහසම හිස් වෙලා......

අඳුරු වැහි වළාකුළු
වසාගෙන..මුළු අහසම...
නුඹ නැතිව තවම
මේ සිත් අහසම අඳුරු වෙලා......

පුංචි පුංචි තරු කැට
දිළිසෙයි..තැන තැන...
ඒත්, නුඹ නැතිව
මේ සිත් අහසට එළිය මදිවෙලා.....

සඳේ නුඹ එනතුරාවට
මඟ බලමි.. දෑස් අයාගෙන...
නුඹ නෑවිදින් ඉන්නැතිව
හනිකට පායන්න මේ සිත් අහස පුරා......




Post Comment

79 comments:

  1. Replies
    1. හ්ම්ම්... සිත් අහසේ පාළුව මකන්න සඳ කුමාරයා අනිවාර්යෙන්ම ඉක්මනටම ඒවි මගේ නංගෝ... හැමදාම අමාවක නෑනේ.. පුර හඳ පායන දවසක් එනවාමයි..
      ලස්සනයි මගේ නංගියෝ..

      Delete
    2. සිත් අහස කිව්වේ ප්‍රර්ථනා අක්කගේ බ්ලොගෙටද??o_O

      Delete
    3. ප්‍රාර්ථනා අක්කි-හි හි...:D අක්කි එක!! ම්ම්.. පින්තූරයට ලිව්ව කවියක් අක්කි.. බලමුකෝ...;)

      Delete
    4. නුවන්- හික්ස්ස්.. ඔව් නේ? ප්‍රර්ථනා අක්කිගෙ බ්ලොග් එක සිත් අහසනෙ..;) එහාටත් හඳ පායලා , මෙහාටත් පායාවි..:D

      Delete
  2. පායන්න හිරු සේ :)

    ReplyDelete
  3. බලං ඉන්න එපා හලෝ! :(

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නෙ නෑ අලෝ..පින්තූරෙ එක්කෙනාට කියන්න..

      Delete
  4. එහෙනං නංගි ඔයාගේ සිත් අහසට පුංචිම පුංචි ඉටිපන්දමක් පත්තු කරන්න ...එක මොහොතකින් ... හිස් වෙලා.....අඳුරු වෙලා......එළිය මදිවෙලා..... තිබුන ඔය සිත් අහස සතුටින් පිරිලා යාවි ............ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඉටිපන්දමකට බෑ අයියේ එච්චර දෙයක් කරන්න.. ඉටිපන්දම නිකන්ම දිය වෙලා යාවි.. එහෙම දියවෙලා යන ආලෝක ප්‍රභව වැඩක් නෑ...;)

      තැන්කූ අයියේ

      Delete
  5. ගොඩක් ලස්සනයි.. අමාවකට හඳ නැතුව පාලුයි.. හිතට පුංචි දුකකුත් නැතුවම නෙවෙයි. එත් හැම අමාවකක්ම පුර හඳක් අපි වෙනුවෙන් පායන්න මග බලාගෙන ඉන්න බවට පුංචි පණිවිඩයක් අපිට දෙනවා... ගොඩක් ලස්සන කවියක් ....

    ReplyDelete
    Replies
    1. :) හුඟාක්ම ස්තූතියි යාලු!!!

      Delete
  6. ඝණ වළාවක් අහසේ පායලා
    සදුගේ සද රැස් සැගවිලා
    සදු පායා එන තුරා බලා ඉන්නා
    පුංචි කුමාරිය සිහිවෙලා
    සදු ඒවි හනික වළාවන් බිදලා
    ඒතෙක් හිදින් නුඹ හිනෑහීලා..

    ReplyDelete
    Replies
    1. සදූ ආවෙ නෑ
      වළාකුළු බිඳ දමා...
      දෑසම රිදෙනතුරු
      මා උන්නා මඟ බලා...

      ලස්සනයි අයියේ...

      Delete
  7. සඳ මොකටද තරු මොකටද පායයි හිරු හෙට....

    ReplyDelete
    Replies
    1. තරු වල නැති එළිය, හිරුගේ නැති සිසිල, දෙන්නෙ වෙන කවුද,
      ඒ සඳ ම මිස.... ;)

      Delete
  8. දෙපාරක් නෙමෙයි තුන් හතරවතාවක්ම කියෙව්වා ඒත් මොකක්වත්ම කියන්න හිතට එන්නෙ නෑ ලස්සනයි කියලානම් කට පුරෝලා කියන්න පුලුවන්



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු ජෝන්!!!

      Delete
  9. ඔය සද කවුද කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇයි බං පෝයට අර ලොකුවට තියෙන්නේ උඩ බැලුවහම.

      Delete
    2. Ano-හික්ස්ස්.. ඔය අසරණයා අයියා දීලා තියෙන්නෙ උත්තරයක්..;)

      Delete
  10. මෙයා මේ කවි ලියන්නේ මටද මන්දා :)

    ReplyDelete
    Replies
    1. අනේ මම හිතුව මට කීලා.. :(

      Delete
    2. අනේ මන්දා සදරුවෝ.. දැන් දවස් කීපයක්ම මේ හිත්/හිස් අහස ගැන ලිවුවනේ.. උඹට ඇබෑර්තු නැත කියලා දැම්මම කියපං..

      Delete
    3. හරියටම කාටද කියල එයාගෙම්ම අහමුකෝ.. මොනා වුනත් ලෝකෙ තැන තැන එකම ගැටලුව එක එක අයට එකම විදියට බලපානව නේද.. ලස්සනයි කවිය..

      Delete
    4. සඳරු අයියා- හික්ස්ස්..කවුද කිව්වෙ අයියේ ඔයා හඳක් කියලා..;) මම මේක ලිව්වෙ හඳකට..;)

      Delete
    5. සෑම්- හික්ස්ස්.. ඔයත් හිතන් හිටියෙ හඳක් කියලාද ඔයා?? :D

      Delete
    6. සිඳු සහ ඩයිනමයික්- හික්ස්ස්.. ස්තූතියි හුගාක්!! මේක ලිව්වෙ හඳකට..;)

      Delete
    7. ඔව් අෆ්පා.. මම හිතුවෙ මම හද කියලා.. ඇගේ ලප නිසා.. :පී

      Delete
  11. අමාවක හන්දා හද නැතිවෙන්නේ එක දවසකට විතරයිනේ මාසෙ ... හිතුගේ පැතුම ඉටුවේවි පසළොස්වක දාට පුන්සඳ සේ හිත පිරෙන්න.....:)) මනස්කාන්ත සිතුවිල්ලකි හිතු!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. පසළොස්වක එනෙකම් ඉන්න බෑ අනේ!! ;) :D ස්තූතියි ෆතිමා..

      Delete
  12. සිත් අහස...හිස් අහස....ටැපලෙනවා අප්පා..........ගොඩාක් කල් බලන් ඉන්න වෙන්නෙ නැහැ ඉක්මනින් සඳ පායනවා..ඔන්න බලන්නකො එහෙනම්.......

    ReplyDelete
    Replies
    1. හික්ස් :D සිත් අහස-ප්‍රාර්ථනා අක්කිගෙ හිස් අහස- සඳරු අයියාගෙ :D

      ම්ම්.. පායනකම් තමා බලන් ඉන්නෙ.. බලමුකෝ!!!

      Delete
  13. සඳ නේද.එක්කෝ අදත් ඕනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ආ.. මොනාද ගිලින්නෙ.. ඔන්න ඔහෙ කියලා දාන්න අසර් අයියෙ..

      Delete
  14. ආවොත් කරූ පායයි හිරූ.....

    ReplyDelete
  15. ලස්සන කවිය..ඉක්මණට ඒ පැතුම ඉටු වේවා අක්කියෝ.

    ReplyDelete
  16. ඔහොම යද්දී පායාවි!
    1 හඳට දෙකක්ම!:P

    ReplyDelete
    Replies
    1. 2ක් එපා.. එකක් තිබාම ඇති..;)

      Delete
  17. ලස්සන කවියක් හිතූ...ඔය බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..... :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කියෝ!!!:)

      Delete
  18. පුරා හඳ නැතිවුනත්
    හිස් අහසේ තාරුකා
    ඇත තවම නුඹෙ නමින්
    දිලිසිලා පෙරසේම

    හිස් වෙච්චි සිත් අහස
    පාළු අදුර මකාලන්ට
    කළා පුරණ සඳ මඬල
    පායාවි ළඟදීම...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවි දෙකක් රස්තියාදුකාර අයියෙ!!! :)

      Delete
  19. ඉක්මනටම පායාවි

    ReplyDelete
  20. "සැඳෑ කලුවර කුරගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වන සඳ මගෙ සරා සඳ
    තනිවෙලා මා තනිවෙලා".......

    ඔය කවියෙන් කියන්නෙ නන්නදා මාලිනිය ගීයෙන් කියු දේමයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒ ගීතයට හුඟාක්ම සමීපයි තමා..:)

      Delete
  21. ලස්සනට ලියලා තියනව... මේක කියවනකොට මට මතක් උනා මේකට ටිකක් විතර විරුද්ධ සින්දුවක පද කීපයක්.....

    සදේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතුවද ඔබ දන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අපි බලාපොරොත්තු වෙන වෙලාවට හඳ නැතිවුනාට, බලාපොරොත්තු නොවෙන වෙලාවට හඳ පායනවා...

      Delete
    2. "බලාපොරොත්තු නොවෙන වෙලාවට හඳ පායනවා." :-සිරාවටම පායයිද අප්පා??
      ඒක ඇහුවම හිතට පොඩි ෆිට් එකක් ආවද මන්ද. ලොල්ස්

      Delete
    3. හික්ස්ස්.. සිරාවටම පායයිද දන්නෙ නෑ...:)නිකන් ඉතිං කිව්වෙ..;)

      Delete
  22. //නුඹ නෑවිදින් ඉන්නැතිව
    හනිකට පායන්න මේ සිත් අහස පුරා..//

    ම‍ගේ ලොවට ඔබ වඩින තුරා.. නීලා වික්‍රමසිංහ මහත්මියගෙ මේ ගීතය මතක් වුණා...
    අපෙත් ප්‍රාර්ථනාව ඉක්මනටම ඒ ප්‍රාර්ථනා ඉටුවෙන්න නංගියගෙ හිත් අහස පුරාවටම..!!!

    ලස්සන කවි පෙල නංගියෝ.. :)

    ReplyDelete
    Replies
    1. සඳ ගැන ලියැවුනු, කියැවුනු සිංදු මොන තරම් තියෙනවාද? :)

      ස්තූතියි අක්කි!!

      Delete
  23. මේ හිතුවක්කරිගෙ අහසට ඉක්මනින්ම පුන්සඳක්ම පායන්න පතනවා..හරිම ලස්සනයි නංගි..

    ReplyDelete
    Replies
    1. හි හි හි ..:D ස්තූතියි අක්කෙ!!!

      Delete
  24. කවිය කියවද්දි මේ ගැන තිවුනු කවි ගොඩක් මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. සඳට ලියැවිලා තියෙන කවි තොගේ අපිට ගණන් කරන්නත් බැරිවෙයි!!!

      Delete
  25. අදුරු ඔය හිත් අහස
    ළඟදීම දිලිසේවා
    ඔය හිතට එලිය දෙන කුමරු
    ඉක්මනින් පැමිණේවා!

    ලස්සනම ලස්සන පද ගැලපුමක් යාලු.ඔය හිතේ බලාපොරොත්තු ඉක්මනින් ඉටුවෙන්න ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. :D ස්තූථියි ඇනෝ!!! ලස්සන කවි සුභ පැතුමට...

      හුඟාක්ම ස්තූතියි!!

      Delete
  26. පුංචි දඟකාරියේ ,පුංචි හිතුවක්කාරියේ...
    නෑවිදින් නොම ඉන් නැතිව..
    නුඹේ නෙතු නොරිදවා..
    සඳ නොවී," හිරුම වී" පායන්න අවසරද?

    ReplyDelete
    Replies
    1. හිරු නැත්නම් ,සඳ පැයුවත් ඒ සඳෙන් ආලෝකයක් එන්නේ නැනේ පුංචි හිතුවක්කාරියේ... සඳ එලිය වෙන්නත් හිරු ඕනමයි පුංචි කෙල්ලේ..... :)

      Delete
    2. හිරු නොවී නුඹට
      සඳුම වී පායන්න
      බැරිද හෙට? :D :D

      හික්ස්ස්.. සඳට එළිය දෙන්නෙ හිරු බව ඇත්ත. ඒත් හිරු සදූ වගේ සෞම්‍ය නෑ..සිසිල් නෑ... ලස්සන නෑ.. බලන් ඉන්න බෑ..විදීන්න බෑ.. ඒ නිසා හිරු මොනතරම් ප්‍රබල වුනත්, උසස් වුනත්, මට ඕනෙ සඳ... සඳ අහිංසකයි!!! හිකිස්ස්...:D

      Delete
    3. හිරු නොවී නුඹේ, නුඹ ගැබට .....
      පැතූ ලෙස සිසිලස බෙදන .....
      නුඹට රිසි වූ සඳ මඬල වී...
      හැකිය පායන්න හෙටම මට .....

      Delete
  27. සඳු ඉක්මනින් පායන්න ඔබේ ඔය හිත් මඩලට

    ලස්සන කවි සිතිවිලි යාලු.

    ReplyDelete
  28. පාලුවට ගිය අහසෙ
    පුන් පුරා හඳ වෙලා
    පායන්න සීරුවට
    මගෙ ලොවම එලිවෙලා....

    ලස්සනයි හිතූ

    ReplyDelete
  29. සෑහෙන දවසකින් ආවෙ අද.....
    දැන් නම් හෙමින් හෙමින් පායගෙනද මංදා එන්නේ සද......

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔව් ඔව්.. මාත් මේ පායනකම් ඉන්නෙ

      Delete
  30. ලස්සන පදවැල් ටිකක් හිතූ....
    සඳේ නුඹ එනතුරාවට
    මඟ බලමි.. දෑස් අයාගෙන...
    නුඹ නෑවිදින් ඉන්නැතිව
    හනිකට පායන්න මේ සිත් අහස පුරා......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..:) ලස්සනයි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....