නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 April 2012

~ සිත් ගත් බොලිවුඩ්පුරය ~

ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනානෙ.ඔන්න අද නම් මම මේ ලියන්න යන්නෙ බැනුම් අහගන්න වෙන ලිපියක්ද මංදා. මොකක් වුනත් කමක් නෑ, මට සෑහෙන කාලෙක ඉදන් ආසවක් තිබ්බා මේ හින්දි චිත්‍රපටි, නළු නිළියො ගැන මොකක් හරි ලියන්න.:D


ඔය හින්දි ෆිල්ම් බලන පිස්සුව මට හැදුනෙ මම ඉස්කෝලේ 6,7 ඉන්න කාලෙදි වගේ තමයි.ඉස්සර ඉතිං ටීවී එකේ ඉරිදාට පෙන්නන හින්දි ෆිල්ම් එක බලන්න ඉන්නෙ පුදුම ආසාවෙන් තමයි. ඉරිදාට මුකුත් ටියුෂන් පන්ති එහෙම වැටිලා තිබ්බෙත් නැති කාලෙ පුරුද්දක් විදියට හැම ඉරිදාම අඬ, අඬ හොටු පෙර පෙර ඔය  හින්දි ෆිල්ම් බැලුවා.(හුඟාක් ෆිල්ම් අවසානෙදි සතුටින් ඉවරවුනත්, දුකින් ඉවරවුනත් හැඟීම්බර තැන් වලදි මම අඬලා තිබුණා. :( )[ඒ තරමට හින්දි උන්මාදය ;) ]


ඒකත් ලේසි වුනේ නෑ. 12ට 12.30ට විතර නාලා එහෙම, බත් පිඟානත් අරන් ටීවි එක ඉස්සරහා වාඩි වුනාම ඉතිං බත් කෑම කෙසේ වෙතත් බැනුම් අහන එකනම් උපරිමෙන් අහගත්තා. පැයක් විතර බත් එක අතේ තියාගෙන ටීවි එක කනවා කියල අම්මායි ,තාත්තයි නොසෑහෙන්න දොස් කිව්වා. ඒත් ඉතිං මම නෙවෙයි කනකට ගත්තෙ.(හිතුවක්කාරීනෙ :p ).


ඉස්සර ඉඳන්ම මට කොච්චර බැලුවත් එපා වෙලා නැති, අදටත් මම බලන්න තිබ්බොත් නොබලා ඉන්නෙ නැති ආසම කරපු ෆිල්ම් එකක් තමයි "දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ" කියන්නෙ. බොලිවුඩයේ "King Khan" එහෙම නැත්තම් ශාරුක් ඛාන් සහ මම ආසම කරන "හිතුවක්කාර"  නිළිය කාජල් රඟපාපු ඒ ෆිල්ම් එක, මම 7,8 සැරයක් විතර බලලා ඇති. ඒ වගේම ඒ සින්දු වලටත් මම අදටත් හුඟාක් ආසයි.ශාරුක් ඛාන්ගෙ සුපිරි තාත්වික රඟපෑම නිසා ඒ ෆිල්ම් එකට හොදම නළුවාගෙ සම්මානයත්, කාජල්ගේ අපූරු රඟපෑම නිසා හොඳම නිළිය සම්මානයත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි ලැබිලා තිබුණා.


මම ආස කරපු තවත් ඒ හා සමානම ෆිල්ම් කීපයක්ම තිබ්බා .කුච් කුච් හෝතා හේ,දිල් තෝ පාගල් හේ,අසෝක්, පර්දේශ්,දිල් සේ ,දේව්දාස් ,වීර්-සාරා වගේ ශාරුක් ඛාන් රඟපාපු ෆිල්ම් ගොඩාක් මම පුදුම ආසවෙන් බැලුවා වගේම ඒ සිංදු වලට තාමත් ආසයි. කොහොමත් මෑත කාලීන ආපු හින්දි ෆිල්ම් වල සිංදු වලට වඩා, ටිකක් පරණ ෆිල්ම් වල සිංදු අහන්න මම පුදුම විදියට ආසයි.

ඊළඟට "දිල්වාලේ දුල්හනියා ලේ ජයේන්ගේ" ෆිල්ම් එකට සමානවම තව හුඟාක් මම ආස කරපු ෆිල්ම් එකක් තමයි "කහෝනා පෙයාර් හේ" කියන්නෙ. රිතික් රෝෂන්, අමීෂා පටෙල් රඟපාපු ඒ ෆිල්ම් එකත් මගේ හිත ගියපු ෆිල්ම් එකක් වුනා ඒ දවස් වල. ඒ ෆිල්ම් එකෙත් හුඟාක් සින්දු වලට මම ආස කළා.රිතික් රෝෂන්ගෙ නැටුම් වලට වශී වෙලා හිටියා කාලයක් ම ඒ ෆිල්ම් එක බලලා.;)[පිස්සු තද වෙලා]

ඒ වගේම රිතික් රෝෂන් රඟපාපු "මුජ් සේ දෝස්ති කරෝගේ","කබි කුෂී කබි ගම්","කොයි මිල් ගයා",වගේ ෆිල්ම් වලටත් පිස්සු වැටිලා තමයි හිටියෙ.:D

ඊළඟ මම ආසම ෆිල්ම් ලිස්ට් එකට වැටුණු ෆිල්ම් එක තමා "ජීනා සිර්ෆ් මේරේ ලියේ" කියන්නෙ.ඒකට ආසවෙන්න ලොකුම හේතුව වුනේ ,ඒ ෆිල්ම් එකේ නමේ තේරුම මගේ හිත ගත්තා වගේම ඒකෙ ප්‍රධාන නළුවා තුෂාර් කපූර් ට හිත ගියා.;)"ජීවත් වෙන්න මං වෙනුවෙන් විතරක්" කියලා වගේ නම අදහස් වෙන ඒ ෆිල්ම් එක හරිම ලස්සනයි..ඒ වගේම නළුවත් ;) [හින්දි සිනමාවෙ වෙනස්ම විදියෙ ලස්සනක් තිබ්බ නළුවෙක් කියලා හිතුනා]
ලිස්ට් එකේ ඊළඟට වැටුණු ෆිල්ම් එක "සාතියා" .ඒ ෆිල්ම් එකට ආසම වෙන්න හේතු වුනෙත් නළුවා සහ නිළියම තමා. විවේක් ඔබරෝයි සහ රාණි මුඛර්ජි කියන්නෙ මම හුඟාක්ම ආස වුනු දෙන්නෙක්. ඒ නිසාම ඒ ෆිල්ම් එක මගේ හිත ගත්තා. ඒ වගේම ඒ ෆිල්ම් එකේ තිබුණු සිංදුව "සාතියා" සිංදුවත් මම ආසම සිංදුවක් වුනා ඒ කාලෙ.[ළඟකදිනම් අහන්නත් බැරි වුනා ඒ සිංදුව:( ]


ඊටපස්සෙ මගේ ලිස්ට් එකට වැටුණූ, ෆිල්ම් එකක් තමා "ෆිඩා" . ඒ ෆිල්ම් එක මගේ හින්දි පිස්සුව හොඳටම වැඩි කළා. ඒකට හේතුව තමා ,ඒ ෆිල්ම් එකේ රඟපාපු හුරතල් නළුවෙක් වෙච්ච "ශාහිඩ් කපූර්" .මම ආස කරපු අනිත් හැම නළුවෙක්ම පරද්දලා, ශාහිඩ් කපූර් සෑහෙන්න ඉදිරියට ආවා මේ ෆිල්ම් එක නිසා. ඊටපස්සෙ දිගින් දිගටම මම ශාහිඩ් කපූර් රඟපාපු ෆිල්ම් බලන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. අදටත් මගේ ප්‍රියතම ,ආසම හින්දි සිනමා නළුවා වෙලා තියෙන්නෙ "ශාහිඩ් කපූර්".[ඒක හුඟාක් අය දන්නවා මං හිතන්නෙ. මොකද බ්ලොග් ලිවිල්ලෙදිත් මම පින්තූර වලට වැඩුපුරම ශාහිඩ් කපූර්ගෙ පින්තූර යොදාගන්නවා වැඩියිනෙ   ;) ]

බලන්න ඉතින් මෙයාගේ ලස්සන ;)

විවාහ්, ඉශ්ක් විශ්ක්,ජබ් වී මෙට්,කිස්මත් කනෙක්ෂන් වගේ ශාහිඩ් කපූර් රඟපාපු ෆිල්ම් හැම එකක්ම වගේ පුදුම ආසාවෙන් බැලුවා.ෆිඩා ෆිල්ම් එකේ මම හුඟාක්ම ආස සින්දුවක් තමා මේ තියෙන්නෙ..<3


 


ඔය මම ආසම කරපු නළු නිළියො ඉන්න ෆිල්ම් වලට අමතරව, මගේ ආසම ෆිල්ම් ලිස්ට් එකේ තව ලස්සන ෆිල්ම් හුඟාක් තිබුණා. සමහර ෆිල්ම් වල නම් කියන්න මතකත් නැති තරම්. ධර්කන් ෆිල්ම් එක ඔය ෆිල්ම් අතරේ මම හරිම ආස කරපු ෆිල්ම් එකක්. ඒ ෆිල්ම් එකේ සින්දු හැම එකක්ම වගේ පුදුම ලස්සනයි. ඒ වගේම දිල් කා රිෂ්ඨා,ලගාන්, ගජිනි,ජොශ්,තේරේ නාම්,ෆනා,ක්‍රිශ්, කුච් නා කහෝ,ඕම් ශාන්ති ඕම් වගේ ෆිල්ම් වල සින්දු අදටත් අහන්න ආස කරනවා.

තව ඉතිං එකී මෙකී නොකී ෆිල්ම් තොගයයි.. නම් කියන්නවත් මතක නැති තරම්. හුඟාක් මෑත කාලෙකදි ආපු ලස්සනම සින්දුවක් වුන "තේරී මේරි " සින්දුව තියෙන ෆිල්ම් එක කොහොම අමතක කරන්නද? :D "බොඩිගාර්ඩ්" ;) ඒ වගේම "I hate Love stories",අග්නිපත්, රා වන් වගේ ෆිල්ම් ටිකත් මතක් කලේ නැත්තම් හරි නෑනෙ..

මේ දවස්වල ටිකක් කතාබහට ලක් වෙච්ච හින්දි සිනමාවෙ ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙන කසවසම්, දක්ෂ නළුවෙකුත් ඉන්නවා(ලු) නෙ. ;) හැබැයි මටනම් ශාහිඩ් කපූර් තරම් එයාව විශේෂ වුනේ නෑ. හැබැයි හුඟාක් දෙනෙක් මේ දවස්වල කතා කරන කෙනෙක් තමා මෙයා. ඒ තමා "රන්බීර් කපූර්".

සාවරියා ,බච් නා ඒ හසීනෝ,Luck by Chance,Rock Star වගේ ෆිල්ම් වල රඟපෑම නිසා රන්බීර් කපූර් හරිම ඉක්මණින් ජනප්‍රිය නළුවෙක් බවට පත් වෙලා තියෙනවා.මට තාම රොක් ස්ටාර් ෆිල්ම් එක බලන්න හම්බුනේ නෑ..:( හැබැයි රන්බීර් ගෙ "බච් නා ඒ හසීනෝ " ෆිල්ම් එකේ රඟපෑමට හරිම ආස හිතුනා.:D බලමුකෝ ඉස්සරහට රන්බීර්ගෙත් දක්ෂකම්.


ඔන්න ඔහොම තමා මගේ හින්දි පිස්සුවෙ පරිණාමනය සිද්ධ වුනේ.. දැන් දැන් නම් ටීවී නොබලන නිසා වැඩිය ටීවී එකේ යන හින්දි ෆිල්ම් බැලෙන්නෙම නෑ..:( කොහෙන්හරි හම්බුනොත් ගෙනල්ලා බලනවා හැරෙන්න දැන් දැන් පොඩ්ඩක් විතර හින්දි ෆිල්ම් බලන එක මගෑරිලා ගිහින්. ඒත් හින්දි සින්දු අහන එකනම් අඩුවක් නෑ..:D

කොහොමටත් ඔය සමහර පිරිමි ළමයින්ටනම්(හුඟාක් අයට :p ) හින්දි ඇලජික්!! බ්ලොග් කියවන, ලියන අය අතරෙත් ඇති හුඟාක් එහෙම අය. 100%ක් ශුවර් ඒකනම්. ඔන්න එහෙම කට්ටියගෙන් තමා ඉතිං මේ පිස්සු පෝස්ට් එකට බැනුම් අහගන්න වුනොත් අහගන්න වෙන්නෙ. ;) කමක් නෑ බලමුකෝ...

කොහොම වුනත් මමනම් අදටත් ආස ටිකක් පරණ හින්දි ෆිල්ම් වල සින්දු අහන්න තමයි.කලින් කිව්වා වගේ ඉස්සර ආපු ෆිල්ම් වල තාක්ෂණික දියුණුව කෙසේ වෙතත් හැම සින්දුවක්ම වගේ හරිම ලස්සනයි. දැන් සින්දු කැතයි කියනවා නෙවෙයි. ඒත් ඒ ෆිල්ම් වල එක දිගට රසවිඳින්න පුළුවන්, විඳින්න පුළුවන් හිතට දැනෙන ලස්සන සින්දු හුඟාක් තිබුණා. මංදා, මට හිතුනෙ එහෙමයි.. අනිත් අය කොහොම හිතයිද දන්නෙ නෑ..:)

අද මේ ලිව්වෙ මම ආසකරන ෆිල්ම් ටිකක් සහ නළු නිළියො, සින්දු වගේ කොටස් කීපයක් ගැන විතරයි. ඉස්සරහට තව තව ෆිල්ම් ගැන, ලංකාවෙ ෆිල්ම් ගැන එහෙමත් ලියන්න හිතාගෙන ඉන්නෙ. ඒවා පසුවට බලමුකෝ.. එහෙනම් ජය වේවා!!!

ප.ලි- ෆිල්ම් වල නම් එහෙම ලිව්වා හරිද මංදා, මොන හරි වැරැද්දක් තියෙනවානම් නිවැරදි කරන්නකෝ...;)

Post Comment

118 comments:

  1. නියමයි...!!! මටත් හින්දි ෆිල්ම් පිස්සුව තිනවා හිතු :P

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔයාට්ත් තියෙනවද? නියමයි!!! (Y)

      Delete
  2. හෆ්ෆා....හිංදි ෆිල්ම් පිස්සියෙක්නේ :D :D

    ReplyDelete
  3. හම්මෝ මාත් ඔයා වගේම පිස්සෙක් තමයි..දැනටත් වඩා ඉස්සර. මම ඒ කාලේ හැමදාම සිරසේ දවල්ට ගියපු ෆිල්ම් එක බැලුවා. චාටර් එකක් උනත් ඔහේ බැලුවා :) දැන්නම් හින්දි ෆිල්ම් වැඩිය බැලෙන්නේ නැහැ. ඉංග්‍රීසි තමයි දැන්නම්.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මාත් එහෙමයි අක්කෙ.. චාටර් එකක් වුනත් මොකක් වුනත් බැලුවා..:D

      Delete
  4. ආව් ආව්.....බලන්ගියාම ඔයයි මායි ඩෙන්නම එකයි හලේ......^_^
    මටත් ටියෙන්නෙ මාල පිත්තුවක්.....

    ReplyDelete
    Replies
    1. අලෙ!!! ඇත්තඩ අලේ?? මලුනෙ.. දාන්න නංගා බබෝ 5ක්!!!!! :D :*

      Delete
  5. මම නම් හින්දි චිත්‍රපටි රසිකයෙක් , හින්දි චිත්‍රපටි ඇලජික්ම නැති ගොඩක් කොල්ලො තෝරගත්ත චිත්‍රපටි විතරක් බලනවා කියලයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. සංගීතය නම් කලු සුදු සිනමාව කාලෙ ඉඳලම සුපිරියි , දැන් සංගීත නිර්මාන වලදි නොයෙකුත් බටහිර සංගීත සම්ප්‍රදායන් භාවිතා කරන නිසා පැරණි හින්දි ගීත රසිකයින් සමහරක් දෙනෙක් අකමැති බව මම දැකල තියනවා , මම නම් කිසිම වෙනසක් නැතුව තවමත් අහනවා . මගේ මුලු සංගීත රසවින්දනය ගත්තොත් 50%ක් හින්දි , 40% ඉංග්‍රිසි/ලතින් ඇමරිකන් සහ 10% සිංහල සහ අනෙකුත් වගේ තත්වයක් තමයි අදටත් තියෙන්නේ

      Delete
    2. හ්ම්ම්ම්... ඔව් ඒකත් ඇත්ත .සමහර අය තෝරගත්තු ඒවා විතරක් බලනවා..හින්දි සිංදු කොහොමත් ලස්සනයි තමා. අපේ සිංහල පරණ චිත්‍රපටි හුඟක් ඒවාට හින්දි තනු අරන් තියනවානෙ? අලුත් බටහිර සංගීත සම්ප්‍රදාය සම්බන්ධ කරපු සමහර සිංදු වලට මාත් අඅසයි!! :) :)ස්තූතියි අදහසට!!

      Delete
  6. ෂා ඔයා මාරයිනේ මමත් එහෙම තමයි. කොටින්ම කිව්වොත් දැන් නම් හොඳටම හින්දි කතා කරන්නත් පුළුවන්. ඒ විතරක්ද මගේ පඩියෙන් හැම මාසෙම DVD පහක් ගන්නවා ඉතින් හිතන්නකෝ පිස්සුවෙ හැටි

    ReplyDelete
    Replies
    1. ශා.. මරුනෙ අක්කෙ!! මටනම් එච්චර කතා කරන්න බෑ...:( :( හැබැයි කියන ඒවා තේරෙනවා..:D අම්මියෝ අක්කාට තියෙන්නෙ මාලම පිස්සුවක්නෙ...(Y)

      Delete
    2. දෙයි හමුදුරුවනේ... ඔයා වගේ 10 දෙනෙක් ඉන්නව නම් මාත් දානවා DVD Shop එකක්..

      Delete
    3. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....:D :D

      Delete
  7. මාත් ඒවගේ තමයි.ඉස්සර සතියකට හින්දි ෆිල්ම් දහයක් වත් බලනවා. සිරසෙ හවසට ගිය 5යි, සෙනසුරාදා ඉරිදා හවස - රෑ 4යි, ටී එන් එල් එකේ සිකුරාදා රෑ ගිය එකයි. මේ වෙනකොට හින්දි ෆිල්ම් දාහකට වඩා බලල තියෙනවා. මෑත කාලෙ තමයි බැලෙනවා අඩු.

    ReplyDelete
    Replies
    1. ආ...අලේ!!! මේ ඉන්නෙ තව හින්දි කිරිපුතෙක් :D මරේ මරු!!

      Delete
  8. I hate Shahrukh Khan & Amitabh Bachchan. Because of fear their market in South Indian Cinema both of them refused participate to IIFA in Sri Lanka as they promised. India Sucks!

    ReplyDelete
    Replies
    1. hmm... what should i say? ^_^ don't hate them yaar!

      Delete
  9. මම නම් වැඩිය බලන්නෙ කඩ්ඩ ෆිල්ම් තමා... ඒත් ඉතින් හොද හින්දියක් නම් බලනවා.. හින්දි ෆිල්ම් ගොඩක් ඒකාකාරිනෙ... ටිකක් බලනකොට එපා වෙනවා... මටත් හිතාගන්න බෑ මෙ කෙල්ලො පැය ගානක් ඔක කොහොම බලනවද කියලා... හැබැයි ලගදි මම දොන්2 බැලුවා එක හුස්මටම. මැක්සා ෆිල්ම් එක...

    ReplyDelete
    Replies
    1. හා හා..හුඟක් පිරිමි ළ්මයි කඩ්ඩ ෆිල්ම් වලට කැමතියිනෙ..:)හික්ස්ස්.. ගෑණූ ළ්මයි හුඟාක් ආස ඉතිං, එක එක හේතු තියෙනවානෙ...Don2 ආ.. මරුනෙ..

      Delete
  10. නියමයි...!!! මමත් ආසම ලස්සන ෆිල්ම් ටිකක්.ඔයාගේ හිතුවක්කාර අදහස් ටිකත් ලස්සනයි හිතුවක්කාරි.

    ReplyDelete
  11. දිල්වාලේ දුල්හනියා ලේජායෙන්ගේ මමත් ගොඩාක් වතාවක් බැලුවා... හලේ.. ශාරුක් තමා මම කැමතිම නළුවා... :D ඒ ‍ෆිල්ම් එකේ අන්තිමේ දැනගෙන හිටියත් ආයේ බලද්දි ආයෙමත් පළවෙනි සැරේ බලපු හැඟීමම එනවා.. තාත්තා කාජල්ට යන්න දේවිද? මොකක් වේවිද.. හී හී..
    මොහොබ්බතීන් ඒ වගේම තව ලස්සන ‍ෆිල්ම් එකක්.. නංගා කියපු ගොඩාක්ම ‍ෆිල්ම් වලට මමත් ගොඩාක්ම ආසයි.. මෑතකදි නම් ආපු ලස්සන ‍ෆිල්ම් එකක් තමා I Hate Love Stories පිස්සුවෙන් වගේ බලපු ‍ෆිල්ම් එකක් ඒකත්..
    හින්දි නම් ආයේ කියන්න දෙයක් නෑ අනේ.. ලස්සනයි හැ‍ඟෙම්බරයි.. මම දැනටත් වෙලාවක් ලැබුනම බලන්න ආසා හින්දි ‍ෆිල්ම් තමා..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අක්කි.. ඒකනම් ඇත්ත. පුදුම කුතුහලයක් ඇතිවෙන්නෙ අන්තිම ටිකඒදි, කලින් බලලා තිබ්බත් ආයෙ ආයෙ බලද්දි එන්නෙත් පලවෙනි සැරේ බලද්දි එන හැඟීමමයි...

      අක්කියි මායි ඉතින් දෙන්නාම පිස්සියොනෙ..(කට්ටිය කියන්නෙ එහෙමනෙ.) හික්ස්ස්.. මරු!!! :*

      Delete
  12. අයි හේට් ලව් ස්ටෝරීස්,3 ඉඩියට්ස් වගේ ෆිල්ම් වලට කැමතියි!
    වැඩියෙන්ම බලන්නේ නම් ඉන්ග්ලිෂ් ඒවා තමයි!:)

    ReplyDelete
    Replies
    1. ආ... ඒ ෆිල්ම් දෙක සුපිරියි!!!

      Delete
  13. මම නම් හින්දි ෆිල්ම්ස් බලන්නෙ නැහැ...අර ශාරුක් ඛාන් ව නම් අහම්බෙන් වත් දකින්න කැමති නැහැ...ලතා මන්ගෙශ්කාර්ගෙ ලස්සන සින්දු වලට නම් ගොඩාක් ආශයි.....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්....:D කිරිල්ලි ශාරුක් එක්ක තරහයිද? :D
      ආහ්හ් ලතා මංගෙශ්කාට් ගෙ සිංදුවලට හැමෝම ආසයිනෙ..

      Delete
  14. ෆිල්ම් වල කතාවට වඩ නළුවට හිත ඇදි ඇති බව හොදින් පෙනී යයි.. :)

    මමත් ඉතින් හින්දි බලනවා මගේ කැමතිම ඒව තමයි thare zameen par, 3idiots, black, veer zara, guzarish, kites, සහ තව ඒවා තියෙනවා.. මේවයේ කතා තේමාවන්ට තමයි මම ගොඩක් කැමති..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... නැතුව නැතුව.. එහෙම පොඩි ගතියකුත් තිබේ!!! ;)

      අහ්හ්හ් 3idiots මට අමතක වුනානෙ...:( අයියා කිව්ව අනිත් ෆිල්මුත් මම බලලා තියෙනවා..:D නියමයි!!!

      Delete
  15. මගෙ ආසාම නළුවා නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. රිතික් ට නම් එදා වගෙම අදත් කැමතියි, අමීර් ඛාන් ට ඊටත් වඩා කැමතියි. වෙනස් වෙන සෙට් එකේ මේ දවස් වල කැමතිම නළුවා ඉම්රාන් ඛාන්.
    ලඟදි බැලුව ‍ෆිල්ම්ස් වලින් ‍ෆිට් වුණ ‍ෆිල්ම් එකක් තමයි zinde gi na milegi dobara

    ReplyDelete
    Replies
    1. ඉම්රාන් ඛාන් මගෙත් ෆෙවරිට් :)

      Delete
    2. සිදූ- හික්ස්ස්.. මගෙත් ඉස්සර වෙනස් වුන ආසම නළුවා, ඒත් ශාහිඩ්ව හම්බුනාට පස්සෙ ඉදන් එයාම තමා..;)
      අහ්.. මට ඔය ෆිල්ම් එක බලන්න වුනේ නෑනෙ..:( බලන්න ඕනෙ..තෑන්ක්ස් මතක් කලාට..

      Delete
  16. මම නම් 2 වසර ඉඳන් හින්දි ‍ෆිල්ම් බැලුවාද කොහෙද! සිරසෙ හවස 1ට විතර පටන් ගන්න ‍ෆිල්ම් ටික හැමදාම බැලුවා. උපසි‍රැසි නැති කාලෙත් බැලුවා. කොහොමෙන් හරි දැන් මට හින්දි තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම ටිකක් කතා කරන්න පුලුවන්.

    මෑත කාලයේ නම් මගෙ හිතට අල්ලපු එකම හින්දි චිත්‍රපටයක් වත් ආවෙ නෑ. දැන් නම් ආස හොලිවුඩ්, ප්‍රංශ සහ චීන චිත්‍රපට වලට.

    මොනවා වුණත් හින්දි සින්දු නම් නියමයි!

    ReplyDelete
    Replies
    1. හම්මියෝ..චුට්ටි කාලෙ ඉදන්ම හින්දි පිස්සෙක්!!! :D ආඅ.. වෙලාවක හම්බුනොත් අපි හින්දියෙන් දොඩමුකො විසිතුරු!!! ;)

      අනිවා, හින්දි සින්දු නියමයි!!!

      Delete
  17. කෝ මේකේ මගේ ගැන විස්තරේ නැහැ නේ.

    පොඩි කාලේ හින්දි ෆිල්ම් බැලුවේ ෆයිට් බලන්න.ෆයිට් වැඩිපුර තියෙන ඒවාට තමා අපි ගොඩක් ආස.පස්සේ පස්සේ කතාවේ ලස්සන ඒත් එක්කම ලස්සන සින්දු තියෙන ඒවා බැලුවා.දැන්නම් බලන්නෙම නැහැ.වෙලාවක් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. අසාර් ඛාන්... හක..හක... ;)

      Delete
    2. ඉන්දියාවෙ නෙවෙයි මෙයා අප්‍රිකාවෙ ඉන්න හරිම කඩවසම් නළුවෙක්...;)

      Delete
    3. අප්‍රිකාවේ ඉන්න හැමෝම කියනවා මම හැන්සම් කියල. මම ඉතිං පැත්තකට ගිහින් තනියෙන් හිනා වෙනවා.

      Delete
    4. හිකිස්‌ :පි

      Delete
    5. අසර් අයියා- හික්ස්ස්...:D ඔයා ගැන විස්තරේ දාන්න පින්තූරයක් හම්බුනේ නෑනෙ..:p

      අහ්හ්.. මම ඉස්සරනම් ෆයිට් තියන කෑලි යද්දි ඇස් වහගන්නවා..බයට..:D දැන් බලන්නෙ අප්‍රිකාවෙ ෆිල්ම්ද? :D :p

      Delete
    6. ඇනෝ-මෙයා කඩවසම් කියලා කොහොමද දන්නෙ? :O

      Delete
  18. මටත් කාලයක් හිංදි ෆිල්ම් පිස්සුව හොඳටම තිබ්බා.ශාරුක් ඉන්න හැම ෆිල්ම් එකක්ම වගෙ බැලුවෙ ඒ මගේ ප්‍රියතම නලුවා නිසා.ඔයාගෙ ලිස්ට් එකේ තිබ්බ හැම ෆිල්ම් එකකටම වගේම කල් හෝ නා හෝ ෆිල්ම් එකටත් මං මාරම ආසයි.හැබැයි ඊට පස්සෙ ශාරුක්ගෙ තැන ගත්තෙ ෂාහිඩ් කපූර්. අදටත් මගේ ප්‍රියතම නලුවා ෂාහිඩ්.
    දැන් නම් වැඩිය හින්දි ෆිල්ම්ස් බලන්නෙ නෑ.ෂාහිඩ් හරි ශාරුක් හරි ඉන්නවනම් විතරයි බලන්න හිතෙන්නෙ.පරණ හින්දි සිංදු වලට නම් ගොඩක් ආසයි :)

    ReplyDelete
    Replies
    1. අලේ.. මෙන්න ශාහිඩ් ට ආස තව එක්කෙනෙක්..:D <3 එයා ශෝයි නේ?? නියමයි!! අපි දෙන්නාම එකවගේ!!

      Delete
  19. මෙයාට නං සුපිරි හින්දි ෆිල්ම් මේනියාවක් තියෙනවා වගේ..
    ඔය කිව්වට මාත් එහෙම තමා :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..සුපිරිම මේනියාවක්..;)

      Delete
  20. මම නං අාසම නෑ හින්දි ෆිල්ම් වලට!

    ReplyDelete
    Replies
    1. ආ.. මේ ඉන්නෙ එක්කෙනෙක්..:D

      Delete
  21. මමත් ඉස්කෝලේ කාලෙදී නොවැරදීම හින්දි චිත්‍රපට බැලුවා. දැන් නම් ඉංග්‍රීසි බලලා පුරුදු වෙලා හින්දි ෆිල්ම් බලනකොට කම්මැලියි. තෝරා ගත් ඒවා නම් බලනවා.... අන්තිමට බැලුවේ Ra.One

    හින්දි සිංදු ගැන නම් කියන්න දෙයක් නෑ... පට්ටම තමා... ලෝකේ තියෙන හැම සංගීත සම්ප්‍රදායක්ම අභිබවලා හිතේ ගැඹූරටම වදින්න හැඟීම් දැනෙන විදියට music කරන්න දන්නේ හින්දි කම්පෝසර් ලා තමා... ඔයා කියපු පරණ සිංදු ඔක්කොම වගේ මගෙත් ආසම ඒවා. ඒ වගේම මෑත ඒවාගෙන්, ගැන්ග්ස්ටර් එකේ බෙගි බෙගි එකයි, තුහි මෙරි ෂබ් හේ එකයි නියමයි... තේරී මේරී සිංදුවත් ලස්සනයි...

    ඉස්සර නම් මටත් හින්දියෙන් තරමක් දොඩන්න පුළුවන් කම තිබ්බා... දැන් නම් භාවිතයක් නෑ. ඒක නිසා ඒක අඩු වෙලා ගිහින්...

    බෙහෙන්, තුමාර් යේ පෝස්ට් බොහොත් අච්චා ලගා. මෙරේ පසන්ද් හෝතී...
    (හින්දි දන්න උන් බනින්න එපෝ !!!)

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකකුත් දාපන්කෝ...

      Delete
    2. ඉස්කෝලෙ කාලෙ හුඟාක් අයට ඔය පිස්සුව තියෙනවනෙ අයියෙ!! මටත් හැදුනෙ ඒ කාලෙමනෙ..:D

      ආ..මගෙත් ආසම සින්දු 2ක් ඒක.. පුදුම ලස්සනයි මියුසික්.. ආයෙත් කතා දෙකක් නෑ හින්දි සිංදු මරුම තමා..

      බොහත් ශුක්‍රියා බායි!!!( මම හින්දි දන්නෙ නැතෝ) ;)

      Delete
  22. මම පුංචි කාලේ ඉඳලම හින්දි ෆිල්ම්ස් බැලුවා. අම්මි කියනවා ඉරිදට කොහේ හිටියත් දුවගෙන එනවා කියලා 12 ට :පි
    ඒ පිස්සුව තාමත් තියෙනවා. :) ඒ කාලේ නම් වැරදිලාවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් බැලුවේ නැහැ. මම උන් කතා කරන විදියට බය වෙලයි උන්නේ :(
    දැන් නම් ගොඩාක් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි. හින්දි ඒවලට වඩා ආදර්ශමත් කතා තියෙනවා. හින්දි එවලත් නැතුවා නෙමෙයි :)

    අම්මෝ ඔය අඬන එකනම් චිත්‍රපටි විතරක් නෙමෙයි නාට්‍යක දුක හිතෙන සීන් එකක් තිබ්බොත් මම අඬනවා හොරෙන් නැත්තම් නොන්ඩි නේ :)

    ඔය කියපු හැම හින්දි ෆිල්ම් එකක්ම මමත් පුදුම ආසාවකින් බැලුවේ.. දැනටත් අලුතෙන් ආවේ මොකක්ද ඒ වෙලේම බාගෙන බලනවා :)

    ReplyDelete
    Replies
    1. ආ.. මෙන්න තවත් චූටි කාලෙ හින්දි පිස්සියෙක්..:D
      ඉංග්‍රීසි ෆිල්ම් මාත් බලනවා සමහර එව්වා..Twilight ෆිල්ම් ටිකනම් බැලුවා හෙන ආසාවෙන්..;)

      ආ..මම නම් නෝන්ඩි වුනත් ඇඬෙනවානම් අඬනවා හෆ්ෆා..:D

      Delete
  23. බඳින්න කලින් හින්දි ෆිල්ම් 2 යි බලල තිබුනේ. අභිමාන් සහ දිල්වාලේ දුල්හානියා. ඊට පස්සේ නම් ගොඩක් හින්දි ෆිල්ම් බැලුවා. මම ආසම Black චිත්‍රපටියයි කාජල්ට අමතක වෙන ලෙඩක් හැදෙන ෆිල්ම් එකයි.
    ඔයා නම් හින්දි ෆිල්ම් මරුවෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ආ... ඒ කියන්නෙ බැන්දාට පස්සෙ හින්දි ලෙඩේ බෝ වුනාද? ;) මමත් අඅසම නිළිය කාජල්..:D

      මරුවෙක් තමා අක්කෙ..:)

      Delete
  24. මතකද සිරසෙ 'හිට් ටීවි'..

    මෙච්චරයි සෑමා කියන්නේ.. හිකිස් !

    ReplyDelete
    Replies
    1. හිට් ටීවී අමතක මොකෝ.. හිට් ම තමා..;)

      Delete
  25. හින්දි සිත්තම්වල සුරංගනා ලෝක වල තනිවෙන්න අපි තාමත් කැමතියි..ඒ අතින් බලනකොට ඒව හරිම සාර්ථකයි..
    ලස්සන සින්දුවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි.. ඒවා සුරංගනා කතාම තමා...:)

      Delete
  26. මගේ විශේෂ කැමැත්තක් නැති උනත් බලන්න දෙයක් නැති උනොත් දෙමල පත්තරෙත් බලන පුරුද්ද නිසා මේ වෙනකොට ආපු ගොඩක් හින්දි ෆිල්ම් බලල තියෙනවා
    ඒ අතරීම් මගේ හිත ගත්තු ෆිල්ම් කීපයක් තමයි "හම් දිල් දේ චුකේ සනම්"(සල්මන් අයිශ්), ශක්තී(ශාරුක්,නානා පටේකාර්, නිළිය මතක නැත), රේස්, බඩ්මාෂ් කම්පැණි,,, තව නම් මතක නැති ගොඩක් තියෙනවා...
    පරණ ෆිල්ම් වලින් "මාද්", "සත්‍යම් ශිවම් සුන්දරම්"....

    ඒ ඇරෙන්න හින්දි ෆිල්ම් බලනවා වගේ දහ ගුණයක රේට් එකකින් ඉංග්‍රීසි ෆිල්ම් බලනවා..... :)

    ReplyDelete
    Replies
    1. ආ.. හික්ස්ස්.. නිකන් දෙන ඕනෙ එකක් ගන්නවානෙ කට්ටිය..:D මරු!!හම් දිල් දේ චුකේ සනම් ලස්සන ෆිල්ම් එකක්.. සල්මන්ට අඅස නැති වුනාට ෆිල්ම් එක ලස්සනයි..

      Delete
  27. ඔයාගේ පෝසට් 1න් මටත් මතක් උනා ඒ දවස්වල ඉරිදා 1.30ට තියන CLASS CUT කරනවා ලස්සන HINDI FILM 1K යනදාට.

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. ක්ලාස් කට් කරලා ෆිම් බැලුවාද? මරුනෙ ඇනෝ!!! නියමයි!!! :D

      Delete
  28. අයියෝ ඔයාල පටන් ගත්තේ ඉරිදා ෆිල්ම් එකෙන්ද? මම නම් පටන් ගත්තේ බදාදා රෑ ITN එකේ ගිය ෆිල්ම් වලින්.:) එතකොට ඔයාල පොඩියි.:P

    මම නම් හින්දි ෆිල්ම් ගැන මුකුත් කියන්න යන්නේ නෑ, එහෙම වුනොත් මට මෙතන පෝස්ට් එකක් විතර දිගට ලියන්න වෙනවා.:) මාත් හොඳම ෆිල්ම් පිස්සෙක් කියලා විතරක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අයියා තරුණ කාලෙ බදාදා රෑද බැලුවෙ? අම්මියෝ..අපි ඉපදිලත් නැතුවැතිනෙ? ;)

      නියමයි.. මෙන්න තව පිස්සෙක්!!

      Delete
  29. ෆිල්ම් වල නම් වල නම් වැරදි කුච් නහී....
    ලිපිය නම් බොහොත් අච්චාහේ ....
    හැමදාම මේ බ්ලොග් එක එක්ක මේ හූනා. .......:P :P :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටතිලි..මට ඇඬෙනවා :( බට්ටි අක්කා හින්දියෙන් මට බැනලා..:D

      Delete
  30. ‍Films ටික භාගන්න නියම චාන්ස් එක.. පරණ film වල නම් හොය හොය හිටියේ..

    හින්දියේ ජලක් ජලක්.. :පී

    ReplyDelete
    Replies
    1. ගුලල් බායි ගුලු බායි..!! :P

      Delete
    2. Mr.Sithi- ආ.. ෆිල්ම් ටික හම්බුනානෙ? මට පගාවක් ඕනෙ..;) :O ජලක් ජලක්??

      කිරිල්ලි- :O

      Delete
  31. මම නම් ආසම ෆිම්ල් එක "ලාම්පුරේ පෙයාර් කෙරේ"


    Rab Ne Bana Di jodi එකත් මරු

    ReplyDelete
  32. මම දන්නෙ නෑ ඉන්දියාවෙ උන්ටවත් මෙහෙම මේනියාවක් තියෙනවාද කියලා :P :P
    ඔහොම කිව්වට මමත් ලස්සන ෆිල්ම් එකක් හම්බුනොත් නොබල නම් ඉන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ආ.. ඉන්දියාවෙ අයට ගානක් නෑනෙ අයියෙ.. ;) සිය රට දේ සිරි සැප දේ වුනාට මොකෝ එහෙම නෑලුනෙ..:D

      ආ..අයියාත් හොරාට හොරාට රස්තියාදුවෙ යනගම්න් හින්දි බලනවා නෙ??

      Delete
  33. ඔට්ටු නෑ හොදේ.. අර කොල්ලො හින්දි ෆිලිම් වලට කැමති නෑ ද ඇලජික් ද මොකද්ද කිවුව එක හොදේ.. වට්එවර් ද ෆැක්ට් ඊස් දිස්.. අක්කා ඔක්කොම කියලා ‍3 Idiot ගැන කිවුවෙ නැති එක නම් පට්ට අඩුවක් ඈ.. :දිව තව අර ස්ලම්ඩෝග් මිලියනය(ර්).. හරි හරි..
    මොකක් හරි අපිත් ඕවට කැමතියි ඈ.. ඔය තියෙන්නෙ "තේරේලියේ.." වගේ සින්දු.. අම්බෝ.. ඇඩෙනෝ... අර "බෙහෙතී හවා සා තා ‍වෝත්" කියන මෙවුවා එකට ඇගේ මයිල් කෙලිං වෙනවා.. කොහොම හරි ඉතිං මං ඕවා ගැන කියන්න ගියොත් ඉතිං.. හි හි..

    मैं वास्तव में हिंदी फिल्मों प्यार करता हूँ

    ReplyDelete
    Replies
    1. අයියෝ මල්ලි..මට 3Idiots අමතකම වෙලා ගියානෙ..:( සොලි!!!

      තේරෙ ලියේ නම් ඇඬෙනවා..:'(

      मैं भी हिंदी से प्यार है.महान

      Delete
    2. ඒකනෙ කියන්නෙ...
      මේ කභී නහී සෝචා තූ ත්‍රී ඉඩියට්ස් බූල්ජායේංගේ. ටීක් හේ.
      යේ දිලි කෙහෙතාහේ වෝ තූ බොහොත් අච්චාතෙරේ හින්දි සමජ්තා හේ..

      Delete
    3. අලේ..ඔහොම හින්දි කියන්නෙපා..මට බය හිතෙනවා..

      Delete
  34. great please come to our site

    ReplyDelete
  35. මමත් ඉස්සර ඉරිදට අයි ටි එන් එකේ ගිය ෆිල්ම් ටික නම් වරද්දන්නෙ නැතුව බැලුවා. ඒත් දැන් ටි වී බැලිල්ලත් අඩු නිසා හින්දි ෆිල්ම් එකක් නම් බලපු කාලයක් මතක නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කාලෙත් එක්ක වෙනස් වෙනවා නෙ??

      Delete
  36. බලන්න Thank You (2011) හින්දි මූවි එක, හිතූත් හින්දි බජායේ නේ... හි හි හි හී.....

    ReplyDelete
  37. ලන්කාවෙදිනම් හුඟාක් වෙලාවට හින්දි ෆිල්ම් බැලුව.මගේ හොඳම යාලුවා එක්ක ගිහින් ෆිල්ම් දෙක තුනක්ම ගේනවා.අපි දෙන්න ඒවා අරන් ඇවිත් අපේ ගෙදට තමයි බලන්නේ.ටික වෙලාවක් බලද්දී පාඩම් කර කර ඉන්න අක්කත් එවිත් පැත්තකින් වැඩි වෙනව මට බැන බැන.මම පාඩම් කරන්න දෙන්නෙ නැතිලු.ඒ වරදත් මගේ පිට. :( -මගේ අයියත් වෙලාවකට ඇවිත් බලනවා, හැබැයි ඉතින් ඒත් එකේ ෆයිට් එකක් තිබුනොත් තමයි.ආසම නළුවෙක් කියලනම නැහැ.හොඳයි කියල හිතුනොත් බලනවා.අක්ෂේ කුමාරගේ ෆිල්ම් වලටත් ටිකක් ආසයි.."හේරා පෙරී 1,2 ආසයි බලන්න."බච් නා ඒ හසීනෝ " මම අදටත් බලන්න ආස ෆිල්ම් එකක්.ඒත් මෙහෙට අයින් පස්සෙ හින්දි ෆිල්ම් නැහැනේ බලන්න.ලඟකදී නෙට් ඒකෙන ඩවුන්කරලනම් බැලුව එකක්.

    මේ කියන ෆිල්ම් වලින් හුඟාක් ඒවා බලල තියෙනවා.ලස්සන ලිපියක් යාලු.මටත් ටිකක් හින්දි පිස්සු.:O

    ReplyDelete
    Replies
    1. ආ..අක්කාත් එහෙනම් හින්දි පිස්සියක්..:D

      ."බච් නා ඒ හසීනෝ මරු ෆිල්ම් එක..:D නියමයි සිහින ඔයත් එහෙනම් හින්දි පිස්සෙක්නෙ..:D

      Delete
    2. බචනා හේ හසීනෝ.. තූ මේ ආගයා.. හෙ බචනා හේ හසීනෝ..

      "ඕං මං එනෝ හිනා වෙලා හිටපල්ලා කෙල්ලනේ" කියලානෙ කියන්නෙ..

      හොද වැඩේ අන්තිමට අරූට වෙන්නෙ.. අනේ සාදු..!!!

      Delete
  38. හිනා වෙන්ඩ හැකි ෆිල්ම් එකක් නම් මමත් මාර ආසාවෙන් බලනවා .. ඔය සල්මන්කාන්ගේ අංඟ ප්‍රදශනය තියන එවුවා නම් මම පොඩ්ඩක්වත් බලන්ඩ කැමති නෑ .. කාජල් ඉන්න ෆිල්ම් නම් මම ඉස්සර මාර ආසාවෙන් බැලුවේ . අප්පා එකිගේ ඇක්ටිං ..

    ReplyDelete
    Replies
    1. අප්පා.. සල්මන් ඛාන්ට මමත් අඅස නෑ..ඒත් බොඩිගාර්ඩ් බැලුවා. සිංදුවට ආස නිසාම..:D ආව්.. කාජල් නියම හිතුවක්කාර නිළියක්නෙ අයියෙ!!!

      Delete
    2. "තේරී මේරී.." ප්‍රේමණීයයි...

      Delete
    3. අනිවා.. ප්‍රේමණියයි නේන්නම්...

      Delete
  39. ඊයා..මට නම් හින්දි ෆිල්ම් පෙන්නන්න බැහැ.ගීත්,3 ඉඩියට්ස්,ස්ලම්ඩෝග් මිලියනර් වගේ දෙකක් තුනක් විතරයි ආසාවෙන් බැලුවෙ.

    එහෙම තමයි ඉතිං එකඑක්කෙනාගෙ අදහස් වෙනස්නෙ නේද අක්කියො..

    ReplyDelete
    Replies
    1. :O :O හෆ්ෆොච්චියේ!!!!

      ඔව් ඔව් නංගෝ.. සමහලු ඉන්න්වානෙ ආස නැති..:D මිනිස්සු විවිධාකරයි කියන්නෙ නිකන්ද අලේ...

      Delete
  40. ශාරුක් ඇරෙන්න අනිත් නලුවො හැමෝටම ආසයි..ශාරුක්ගෙ ෆිල්ම්ස් නම් මම බලන්නෙ නෑ..හිතූට වගේ අර ෆිල්ම් බලද්දි හොටු පෙර පෙර අඬන ලෙඩේ නම් මටත් තියෙනවා තාමත්.. :D

    ReplyDelete
    Replies
    1. :O අප්පටතිලි අක්කිත් ශාරුක් එක්ක අප්සට් ද? :D හි හි!! පවු හෆ්ෆා...;)
      හා හා.. දාන්න 5ක්!! අපි දෙන්නාටම එකම ලෙඩේ...

      Delete
    2. ඇත්තටම මට ශාරුක් පේන්න බෑනෙ නගෝ..:D

      Delete
  41. මමත් ඔයා ඔය කියපු හැම ෆිල්ම් එකම වගේ බලල තියෙනවා.රගපෑමෙන් නම් මගෙත් සිත් ගත් හොදම නළුවා ශාරුක් තමා.එයාගේ ඇක්ටිං වලට මම පුදුම ආසයි එයාගෙ ෆිල්ම්නම් මිස් නොකර බලනවා. හැබැයි අර ඔයාට ශහීඩ් වගේ මටත් හිටියා ඉස්සර සිහින කුමාරයෙක් දමිළ සිනමාවේ. මන් ලගදි පෝස්ට් එකක් දාන්න ඉන්නේ ඒ ගැන

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. නියමයි කාව්‍යා.. දාන්න පෝස්ට් එකක්..:* මලේ මලු.. ශාරුක් ඉන්න ෆිල්ම් ඉතින් අඅයෙත් අහන්න දෙයක් නෑනෙ...:D

      Delete
  42. Hithuwakkari वास्तव में सच में पागल लड़की है

    ReplyDelete
    Replies
    1. ChammA අයියා इतना मीठा और कन्या के समान :D Hikzzz..:p

      Delete
  43. ම් හින්දි හොඳ ෆිල්ම් තියෙනව මෙලොරහක් නැති එව්වත් තියෙනව..අඩේ ගිය ඉරිද වොන්ටඩ් බැලුව නොවැ..

    ReplyDelete
    Replies
    1. ආ.. වෝන්ටඩ් මාත් දැක්කා.ඒත් බැලුවෙ නෑ..:D

      Delete
    2. වෝන්ටඩ් ‍ෆිල්ම් එක මම බැලුවා. එක හදලා තිබුනේ ජොස්ප් විජයා රගපාන දෙමල ‍ෆිල්ම් එකෙන්. දෙමල එකේ කථාව ඔකම වුනාට එකේ පට්ට ගතියක් තිබුනා. මට ‍ෆිල්ම් එක බලාගෙන යද්දි හිතුනේ සල්මන්ට වඩා ශාරුක් ඒ චරිතය ට නියම ගෙමක් දෙයි කියලා
      මේ තියන්නේ දෙමල එක
      http://en.wikipedia.org/wiki/Pokkiri

      Delete
    3. ඒත් සල්මන් ඛාන් ඒ ව්අගේ චරිත වලට ගැලපෙනව නේද ශාරුක්ට වඩා??දෙමළ එකනම් බලලා නෑ..හින්දි එකෙත් ටිකක් අන්තිමට දැක්කා..

      Delete
  44. මම ආසම ෆිල්ම් ටිකක් හිතු හරිම ලස්සනයි.

    ReplyDelete
  45. දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ 7,8 පාරක් බැලුවද? අය්යෝ මම හිතුවෙ වැඩිම පාරක් බලලා තියෙන්නේ මං කියල :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... මම ඔය ෆිල්ම් එක බලපු වාරාගාන මටවත් මතක නෑ.... හැබැයි ෆිල්ම් එකේ මුල ඉදන් අගට කතාව කියන්න පුලුවන් කාජලුයි ෂාරුකුයි ඇඳන් හිටපු ඇඳුනුත් එක්කම...

      ඒකේ ආසම දෙබසක් තමා.. "කොයි බාත්නහී සනොරීටා බඩේ බඩේ දේසෝමේ චෝටී චෝටී බාත් හෝතී රෙහෙතී හේ"

      හැබැයි දන්නම් හින්දි ඇලජික්... හබැයි කාජල්ටනම් තාම ලයික් (ලව් ද මන්දා )

      Delete
    2. හෆ්ෆටතිලි!! මෙයාට දෙබසුත් පාඩම්.. මටත් මතකයි!! ශාරුක් ඕක කියාගෙන කියාගෙන යන ලස්සන.. :D කාජල්ට මාත් හරිම අඅසයි..හිතුවක්කර කෙල්ල මගේ ප්‍රොෆයිල් එකේ ඉස්සර ඉදන්ම ප්‍රොෆයිල් පික් එක වුනෙත් කාජල් ගෙ පින්තූර.පස්සෙ මම අනන්‍යතාවක් හදාගන්න ඒක වෙනස් කලා.. මොනා වුනත් ඒ ෆිල්ම් එක මාරම ලස්සනයි!!

      Delete
  46. මමත් හින්දි පික්සෙක් තමයි නමුත් මම ආසම නළුවා නම් ඔයාගෙ ලිස්ට් එකේ නෑ
    සල්මන් ඛාන්
    හොද මනුස්සකම් තියෙන පුද්ගලයෙක්
    there naam, sajan, mujse shadi karogi, wanted, maine pyar kiya, tumko na bhool payenge, kyon ki වගේ films ගොඩාක් ලස්සනයි සල්මන් තමයි මම දැකපු ලස්සනම නළුවා ඉස්සරහටත් හොද film ටිකක් එනවා සාලුගෙ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටතිලි!! මම පෞද්ගලික සල්මන් ඛාන්ගෙ පෙනුමට කැමති නෑ.. එයාගෙ දේහ ලක්ෂණ ප්‍රදර්ශනය වැඩියි!! මම ඒ පෙනුම ට අඅස නැතිවුනත් සල්මන්ගෙ සමහර ෆිල්ම්ස් ආසාවෙන් බැලුවා.. බොඩිගාර්ඩ් , ලකී,සාජන්,තේරෙ නාම් වගේ සමහර ෆිල්ම්ස් වලට මම ආස කලා..:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....