නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

12 April 2012

ඇවිල්ලා...ඇවිල්ලා.....සිංහල අවුරුද්ද ඇවිල්ලා........!!!!

2012 ලැබුවා විතරයි,දන්නෙම නැතුව සිංහල අවුරුද්දත් ඇවිල්ලා. කාලය ගතවෙන ඉක්මණ බලන්නකෝ ඉතිං..දැන් කට්ටියම කඩි මුඩියෙ අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති නේද? හැමෝම වගේ මේ වෙද්දි සාප්පු සවාරි ගිහින්, තෑගි බෝග අරන්, කෑම බීම හදන්න ඔක්කොම ජාති ලෑස්ති කරන් අවුරුදු ලබනකම් බලාගෙන ඇති.(මම දන්න බ්ලොග් ලියන අක්කා කෙනෙක්නම් දැනටම කේක් එහෙම හදලාත් ඉවරයිලු :p කන්න තමයි ලු බලන් ඉන්නෙ :p) ඉවසලා ඉන්න තව පොඩ්ඩක්...අවුරුදු ලබන්න තව මහ කාලයක් නෑ.. ළඟ ළඟම අවුරුදු එනවාලු...


ලඟ ලඟම සුනාමියක් එනවා කියලා, ඊයේ ආපු ආරංචිය නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ අවුරුදු සිහින බොඳ වෙන්නයි ගියේ, ඒත් වාසනාවකට, දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන්, රැකවරණෙන් අපේ රටේ මිනිස්සුන්ට සුනාමියෙන් ආපදාවක් වුනේ නෑ. ඒකනම් ලොකු සතුටක්..




කොහොමහරි ඉතින් මේ බක් මාසෙ, එහෙම නැත්තම් අප්‍රේල් මාසෙ කියන්නෙ වසන්තය උදා වෙන මාසයක්නෙ. ගස් වල මල් පිපිලා, ඵල බර වෙලා, මුලු පරිසරයම ලස්සන කරන කාලයක්. සෞභාග්‍ය ,සශ්‍රීකත්වය උදා වෙන කාලයක් තමායිලු මේ කාලෙ.(ඒ වගේම තමයි, මේ ලස්සන මාසෙ තමයිලු හුඟාක් ශ්‍රේෂ්ඨ, හොඳ ,ගුණ යහපත් උත්තමයෝ,උත්තමාවියෝ උපත ලබලා තියෙන්නෙ :p :p :p ). බක් මාසෙ මට නම් නරකකට කියලා තියෙන්නෙ එක දෙයයි. ඒ තමා බක්මහ අකුණූ. මේ කාලෙ හැන්දෑවට, පාන්දරට අකුණු ගගහා වහින්න පටන් ගන්න එක තමා ටිකක් හරි නැත්තෙ..:(( ඔයාලත් බ්ලොග් කියවන්න එන්නෙ එහෙම පරිස්සමින් හොඳේ?? )ඒ හැරුණාම අප්‍රේල් මාසෙ, නැත්තම් බක් මාසෙ කියන්නෙ ලස්සන මාසයක්.


ගෙවල් දොරවල් අස් කරන්න, කලඑළි කරන්න, ජනෙල් දොර රෙදි දාන්න, පාට ගාන්න කාගෙ කාගෙත් තියෙන්නෙ හරිම උනන්දුවක්.ලොකු පොඩි කිසිම බේදයක් නැතිව ,අවුරුද්දට හරි හරියට ලෑස්තිවෙන්නෙ ඒ නිසාමනෙ. මේ දවස් ටිකේ පාරට බැහැලා බැලුවානම්, කාටවුනත් තේරෙන්න ඇති අවුරුදු ප්‍රබෝධය කොයිතරම්ද කියලා ;) ඇඳුම් සාප්පු වල පොදිකන සෙනඟ දැක්කාම ඇස් උඩ යනවා. ඒ විතරක්ද, සුපර් මාකට් එකේ, බැංකුවෙ,ATM ළඟ, රත්තරං බඩු උගස් කරන තැන් වල, පෙට්‍රල් ශෙඩ් වල, ඒ විතරක් නෙවෙයි ගෙවල් ලඟ සිල්ලර කඩෙත් තියෙන්නෙ පුදුම පෝළිමක්..:D 


පේමන්ට් එක දිගට සේල්!!! සේල්!!! සේල්!!! එක පොකුරට මිනිස්සු පොදිකනවා.සපත්තු, සෙරප්පු, ඇඳුම්, හට්ටි ,මුට්ටි ,වළං,රතිඤ්ඤා හැමතැනම දකින්න තියෙන්නෙ අවුරුදු... අවුරුදු... අවුරුදු ප්‍රබෝධය. මේ දවස්වල පාරෙ වාහන තදබදය ඊට වඩා බරපතලයි. අතේ තියෙන සල්ලි ටික මදිනම් ණය තුරුස් වෙලා හරි අවුරුදු සමරන්න තමයි අපේ රටේ බහුතරයක් දෙනා පෙළඹිලා තියෙන්නෙ. (ඒක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ..ඒක එක එක්කෙනාගෙ කැමැත්ත) කොහොම වුනත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්, අවුරුදු සමරන්න, අපේ රටේ මිනිස්සු හුඟාක්ම උනන්දුයි.


හැම ගෙදරකම වගේ තෙල් තාච්චියක් ලිප තියලා කැවුමක්, කොකිසක් හදන, ඒ නැත්තම් කඩෙන් හරි ගෙනැල්ලා අවුරුදු කෑම මේසයක් ලෑස්ති කරන සිරිත අපේ රටේ මිනිස්සු අදටත් අකුරට සිද්ධ කරනවා. අවුරුද්දෙ හුඟාක් අය ආසම කරන අංගයක් තමයි "ගණූදෙණු" කරන එක. :p ( ගොඩක් අය ඉතිං ආස, "දෙනු" නෙවෙයි "ගණු" වලට විතරයිනෙ::p )අහල පහල ගෙවල් වලට කෑම පිඟන් බෙදන්න, තෑගී බෝග අරගෙන නෑගම් යන්න ,මේ හැමදේකටම තියෙන්නෙ තව බොහොම ටික කාලයයි. අවුරුදු ළඟටම ඇවිල්ලා...:D

අවුරුදු කාලේ ඊළඟ ලස්සනම වැඩේ තමා අවුරුදු උත්සව . අවුරුදු උත්සව අඩියෙන් අඩිය..:D අවුරුදු උත්සව වලට ගිහින් තෑගි දිනන්නම ලෑස්ති වෙන අයත් ඕනෙ තරම් ඇති. මේ වෙද්දි එහෙම අවුරුදු උත්සව සංවිධානය කරන් යන අයත් ඇති. ඉතිං ඒ හැමෝටම සුභ පතනවා ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා.ඔන්න දැන් අපේ බ්ලොග් අවකාශෙ කට්ටියත් එකතුවෙලා අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියෙනවානෙ. අප්‍රේල් 22 වෙනිදා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ.මේ වෙද්දි හැමෝම වගේ ඒ ගැන දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් බ්ලොග් එකේ දකුණු පැත්තෙ තියෙන සිහින බක් මහ උළෙල 2012  පින්තූරෙ ක්ලික් කරලා වැඩි විස්තර දැනගන්න.දැනට ආරංචියෙ හැටියටනම් 200ක් විතර එනවා කියලයි දන්නෙ. ඔන්න කට්ටියම එන්න හොඳේ!!!![මේ මමත් හිතුවක්කාර නොවී අවුරුදු උත්සවේ පැත්තෙ ඇවිල්ල යන්න කියලා බැලුවෙ ;) :D ඒ ගැන පසුවට බලමුකෝ..]

ඔන්න එහෙනම් හැමකෙනෙක්ම අවුරුදු නිසා බිසී වෙලා ඉන්න කාලෙ, අවුරුද්දට සුභ පතන්න පෝස්ට් එකක් දාන්න මමත් අමතක කලේ නෑ.. මේ ලබන අලුත් අවුරුද්දෙදි හැම කෙනෙක්ගෙම හිත් වල සතුට ඉතිරිලා, හැම බලාපොරොත්තුවක්ම, හැම ප්‍රාර්ථනාවක්ම, කරන කියන හැම හොද කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මමත් සුභ පතනවා!!!

මේ ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැම කෙනෙක්ටම සාමය සතුට සෞභාග්‍ය උදා කරන වාසනාවන්ත අවුරුද්දක්ම වේවා!!!!!!


Post Comment

35 comments:

  1. [බක් මාසෙ මට නම් නරකකට කියලා තියෙන්නෙ එක දෙයයි. ඒ තමා බක්මහ අකුණූ.] මම හිතන්නෙ මේ තමා බක් මාසෙ ලස්සනම කොටස. ප්‍රවේසම් වෙන්න දන්න අයට පමණක්.

    එසේ මෙසේ කෙසේඋවත් හිතූ අක්කටත් සුභම සභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. සුභම සභ අලුත් අවුරුද්දක් වේවා!
    ජය වේවා!!!

    ReplyDelete
  3. උත්සවේදි සෙට් වෙමු..

    ජය.. සතුට.. සාමය.. පිරි අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. ඔයාටත් සුබ ම සුබ අළුත් අවුරුද්දක් වේවා හිතූ...!!!

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  5. හිතුවක්කාරකම් අඩුවෙන,
    නපුරුකම් අඩුවෙන,
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  6. හිතූ ඇතුළු පවුලේ සැමට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ‍ජයෙන් ජය!

    ReplyDelete
  7. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ,ඔයාටත්!

    ReplyDelete
  8. ඔයාටත් සුබම සුබ අළුත් අවුලුඩ්ඩක් වේවා මගෙ අක්කෝ....!

    ReplyDelete
  9. // (ඒ වගේම තමයි,මේ ලස්සන මාසෙ තමයිලු හුඟාක් ශ්‍රේෂ්ඨ, හොඳ ,ගුණ යහපත් උත්තමයෝ,උත්තමාවියෝ උපත ලබලා තියෙන්නෙ :p :p :p ) //
    මේ කතාවට නම් මාත් එකඟයි ;)

    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!

    ReplyDelete
  10. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා!
    වැඩි වැඩියෙන් බ්ලොගේට පොස්ට් දමේවා!
    කමෙන්ට් වැටෙවා!:)

    ReplyDelete
  11. මට නං ඉතින් අකුණුවලටත් වඩා නරක අප්‍රේල් නිවාඩුවට කලින් ඉස්කෝලෙ වාර විභාගෙ ලකුණු දෙන 1 තමයි. මුලු නිවාඩුව ම ෆජාතයි.

    අක්කාටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවෝ

    ReplyDelete
  12. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා......!!!

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා !! හිතුවක්කාරි ..

    ReplyDelete
  14. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා හිතු..

    ReplyDelete
  15. අක්කාටත් කිරි පැණි ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
    අකුණු ගහන තැන් වල නම් ඉන්න එපා ඕන්...!

    ReplyDelete
  16. සුභ අළුත් අවුරුදක් වේවා දරුවෝ ...

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු පැතුම් ඉටු වේවා..!!

    ReplyDelete
  18. යාලු ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් හා වාසනාවන්ත නව වසරක් වේවා!!!

    ReplyDelete
  19. ඔබටත් ඔබ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!
    http://nohimlokaya.blogspot.com/

    ReplyDelete
  20. wfka b;ska fmdätjqkag fkdje wjqreÿ fkao''''''''''''''''

    ReplyDelete
  21. එසේම වේවා.. එසේම වේවා.. එසේම වේවා..

    පට්ට අලුත් අවුරුද්දක් වේවා..

    ලෝක විනාසය නොවේවා..

    හම්බානක කිරි ඉතිරේවා..

    ReplyDelete
  22. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා!....

    ReplyDelete
  23. // (ඒ වගේම තමයි,මේ ලස්සන මාසෙ තමයිලු හුඟාක් ශ්‍රේෂ්ඨ, හොඳ ,ගුණ යහපත් උත්තමයෝ,උත්තමාවියෝ උපත ලබලා තියෙන්නෙ :p :p :p ) //

    හිතු ඉපදුනෙ මේ මාසේ නම් නෙවෙයි කියල නෙවෙයි නේද මේ කියන්න හදන්නේ.... :P :P :P

    සියලු සිතුම් පැතුම් ඉටු වෙන දුකින් තොර සැපෙන් බර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!

    ReplyDelete
  24. බලන් ගියාම මේ අවුරුද්ද කියන්නෙ බිස්නස් කරන අයටයි. හම්බ කරගන්න හදපු මගඩියක්. බක්මහේ අකුණු සැරවලනි ප්‍රවේශම් වෙන එක නම් ගුණදායකයි.

    සබු අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  25. ඔයාටත් එසේම වේවා නංගියෝ...

    ReplyDelete
  26. ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා පුංචි හිතුවක්කාරියේ ......!!! :)

    ReplyDelete
  27. සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත්.

    ReplyDelete
  28. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  29. එසේම වේවා හිතුවක්කාරී ටත්

    ReplyDelete
  30. ඔන්න අදයි අවුරුද්දට නෑගම් ගිහින් මේ පැත්තෙ ආවේ.අවුරුදු පහු උනත් තාම අවුරුදු අසිරිය තියෙන නිසා ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් පතනවා මමත්

    ReplyDelete
  31. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  32. සුභ පැතුම් ගෙනාපු හැමෝටම හුඟාක්ම ස්තූතියි !!! මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි!! වෙන වෙනම උත්තර නොදුන්නාට සමාවෙන්න යාළුවනෙ!!!

    ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  33. අවුරුද්ද උදා වෙලා අපේ සිහින උළෙලත් ඉවර උනාට පස්සේ නේ මම මේ පැත්තේ ආවේ.. සුබ අලුත් අවුරද්දක් වේවා හිතු..

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....