නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

25 April 2012

෴වෙස් මුහුණ අහිමි කළ සයිබර් සිහින උළෙල ෴

ඔන්න ඉතිං කට්ටියම ඇඟිලි ගැන ගැන බලාගෙන උන්නු සයිබර් සිහින උළෙල කිට්ටු වෙද්දි , හරි හරියට පෝස්ට් වැටුණා.. මූණූ පොතේ කතා වුනා..හැමෝම හිටියෙ මේ ගැන ලොකු අවධානෙකින්. 22 වෙනිදා ලං වෙද්දි මටත් තිබුණු එකම ප්‍රශ්නෙ තමා "සයිබර් සිහින උළෙලට යනවාද? නැද්ද?" කියන එක. ඔන්ලයින් ආවමත් හුඟක් දෙනක් ඇහුවෙ ඉතිං "22 එනවාද?" කියලාමයි. මාත් ඉතිං අන්තිමට දහ අතේ කල්පනා කරලා කරලා,"ඔන්න ඔහෙ යනව " කියලා හිත හදාගත්තා. ඒත් දැන් දන්න අඳුරන අය එනවද කියලා හොයාගන්න ඕනෙනෙ. ඊළඟ මෙහෙයුම වුනේ ඒක. මගේ අක්කියානම් කොහොමත් එනවා. ඒත් ඉතිං එදාට එයාට සෑහෙන්න වැඩ තියෙනවානෙ. "මලා එතකොට හැම වෙලේම මා එක්ක ඉන්න වෙන්නෙ නෑ.." .ඔන්න ඉතිං මම ඊටපස්සෙ දන්න කියන හැමෝටම වගේ මැසේජ් දාලා තර්ජනය කලා 22 එන්න කියලා. :D 


වර්ණා එන්නම් කියලා පොරොන්දු වුනා.ඒත් ඉතිං ඉවර වුනාම එයිද කියලා ශුවර් නෑනෙ.. ;) අග්නි ධාරා, අනූ, අයිස් නගා, මන්තරකාරී අක්කා ,වගේ කට්ටියගෙන්ම එනවද කියලා අහලා බැලුවත් එන්න වෙන්නෙ නෑ කියලා තමා කිව්වෙ. :( හයියෝ!! මොනා කරන්නද ඉතිං,  සිහින මධාරයි, දඟ මල්ලයි නම් එනවා කියලා කිව්වා.ඊටපස්සෙ මම ඉතිං අපේ අයියලා ටිකට තර්ජනේ කලා, කොහොමහරි  22 එන්න කියලා ;) එහෙම කරලා එන්න කට්ටියක් හොයාගත්තා. ඊටපස්සෙ බලන් හිටියෙ 22 එනකම්. :D


බලන් හිටපු දවස ආවා. 9ට පටන්ගන්න උත්සවේට 10ට එමු කියලා මායි, තරූ අයියයි, වෙලාවට වැඩ (නො)කරන ChammA අයියායි කතා වුනා. කොහොමහරි මායි තරූ අයියායි 10 වෙද්දිම ග්‍රවුන්ඩ් එක කිට්ටුවට ආවත් ,ChammA අයියා සුපුරුදු විදියටම පරක්කුයි!! ;) පරක්කු වෙලා ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකට යන පාර කියලා වැරදි පාරක් තමා පෙන්නුවෙ. අන්තිමට මගේ උනන්දුවෙන් අපි හරි පාර හොයාගත්තා :p ;)


කොහොමහරි ග්‍රවුන්ඩ් එකට ආපු හැටියෙම දන්න කියන කෙනෙක් ටිකක් පොඩි පහේ ලොකු මෑන් කෙනෙක් අපි දිහාට ආවා. "මචං උඹලා මොකෝ පැත්තකට වෙලා"  කියාගෙන අයියලා එක්ක කතාවට වැටුනු පොඩි මෑන්, කට්ටිය අඳුරගෙන ඊළඟට ආවෙ මා ළඟට. ආව ගමන්ම මම හිතුවක්කාරි කියලා කියන්න බයකමට මම මුකුත් නොකියා හිනා වුනා. ඊටපස්සෙ පොඩි මෑනුත් පස්සෙ අඳුරගමු කියලා ගියා.:D


ඊටපස්සෙ අඳුරගත්තෙ වල්පල් ලියන පිස්සු පූසා අයියාව. ඊළඟට අපිට තිබ්බෙ රෙජිස්ටර් වෙන්න යන්න. සුපුරුදු විදියට බැංකුවෙ පුරුද්දටද කොහෙද අවුරුදු උත්සවේත් සල්ලි එකතු කරන්න, රෙජිස්ටර් කරන්න වැඩකටයුතු භාර අරන් තිබ්බෙ දේවා අයියා.:p පොලීසියෙන් වගේ ප්‍රශ්න අහලා කොළයක් දුන්නා නම ලියලා අලවගන්න කියලා.


මෙච්චර කාලයක් කතා කරලා , පින්තූරවලින් දැකලා තිබ්බ මගෙම අක්කිව ඇත්තටම හැබැහින් හම්බුනේ එදා. කාර්‍යබහුල වෙලා, එහෙ මෙහෙ දුවල පනින වෙලාවක මාත් එක්ක කතා කරන්නත් ප්‍රාර්ථනා අක්කි අමතක කලේ නෑ..:* <3


ම්ටර්100 දුවන තරඟ, කණාමුට්ටි වගේ තරඟ නරඹමින් විතරක් හිටපු මට එකසෙරේම "හිතූ" කියලා කෑගහන සද්දයක් ඇහුණා. මලා..බැලින්නම් පොඩි මෑන් :D දේවා අයියගෙ ඔත්තුව මතද කොහෙද පොඩි මෑන් මාව අදුරගෙන කතා කලා.මෙච්චරකල් අමුතු අමුතු කතා කියෙව්වට ලියන කෙනාව හැබැහින් දැකලා තිබ්බෙ නෑනෙ. ඉතිං පොඩි මෑන්වත් අඳුරගත්තා.ඊටපස්සෙ දඟමල්ලයි, නෙත්පානි අක්කිවයි කතාවට හම්බුනා. සිහින මදාරා පරක්කුවෙලා එනවා කිව්ව නිසා දඟමල්ලත් හිටියෙ පාලූවෙන්. දඟ මල්ල වුනත් ඒ හැටි දඟ පාටක් නෑ.. ශෝයි කෙලි පොඩ්ඩ.:D හිම හංසි නංගි, සඳ කිඳුරා මල්ලි, බිම්සර මල්ලි වගේ තවත් කීපදෙනෙක්වත් ඔය අතරේ ප්‍රාර්ථනා අක්කි අඳුන්වලා දුන්නා.


ඊලඟට හම්බුනේ මධුරංග අයියාව. මගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ටුව දාපු, පලවෙනි Follower වෙච්ච මධුරංග අයියාව අමතක කරලා කොහොමද, ඒ නිසාම මම කතා කලා,"අයියෙ මම හිතූ".. "හෆ්ෆටසිලි හිතූද?" මධුරංග අයියාත් නිකන් ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා කතා කලා. :D ඊටපස්සෙ හිරු එළිය ලියන දඟ අයියාව දැක්කා. දඟ අයියා කණාමුට්ටිය බින්ද වේගෙට කණාමුට්ට්යෙ කෑල්ලක් , මගේ කන ළඟින් ගිහින් බේරුණේ අනූනවයෙන්."හලෝ අයියේ!" කියලා කතා කරපු මගෙන් දඟ අයියා  "ආ..කවුද නංගී?" කියලා ඇහුවාම , මම අලවන් හිටිය ටැග් එක පෙන්නුවා."ආ..හිතූ..මම හිතුවෙ නෑ එයි කියල.." ඔන්න ඔහොම ඉතිං දඟ අයියාවත් අදුරගත්තා.


ඊටපස්සෙ ඔන්න මගේ තර්ජන වලට බය වෙලා එනවා කිව්ව කුබූ අයියා ව මම ඈත තියාම අඳුනගත්තා. මම කට ඇරගෙන බලන් හිටපු නිසාමද මංදා, කුබූ අයියාත් ආපු ගමන්ම,"හිතූ නේද?" කියලා ඇහුවා. "ආ..ඔව් ඔව්.. මම තමා කොහොමද දන්නෙ?" බය වුනු සැරේට මට එහෙම ඇහුණා."මම දන්නවානෙ..අර ඉන්නෙ සැමා.." කියපු කුබූ අයියා ,අත දික් කරලා මට පෙන්නුවෙ ටිකක් නාකි පහේ අයියා කෙනෙක්ව ;) :p "හෆ්ෆටතිලි මෙයාද බොලේ සැමා :O " මම කටට ආපු වචන ගිලගෙන එහෙම්ම සැමා අයියාටත් හායි කිව්වා.


ඊලඟට ඉතිං අනිත් අයියලාටත් එක එක්කෙනාව අඳුන්වලා දීපු මට වුනේ,වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුනා වගේ වැඩක්..:/ කට්ටිය අන්තිමට මට කතන්දර කිව්වෙ එකපැත්තකට ගිහින්..:/ ඔය අතරේ අර වෙනස්ම ඇඳුමකින් සැරසිලා ආපු සැමා අයියා නම් ලියපු ටැග් එක අලවගන්න ගමන් මට කුජීත කතාවක් කිව්වා..:/ ආයෙත් දවසක හම්බෙයිනෙ ඔය සැමා :p :/


ඊළඟට ඔන්න උදේම එනවා කිව්ව වර්ණා ග්‍රවුන්ඩ් එකට සැපත් වුනා දවල් 12ට විතර. ආවගමන් තරඟ කීපෙකටත් ගිහිල්ලා පැරදිලා හිතේ දුකින් ඉන්න ගමන් මම ඉතිං කතා කලා..ඔන්න  එතකොටම වගේ අයියලා සෙට් එක බලෙන්ම වගේ වර්ණාව තියලා ෆොටෝ ගත්තා. ;) සංතෝසෙ වැඩිකමට වර්ණා Alpenliebe ටොෆී පැකට් එකක්ම ගෙනල්ලා බෙදන්න ගත්තා. නාකියා අයියා තමා වර්ණාට ටොෆී බෙදන්න සපෝට් කලේ.:D වර්ණා හීන්සැරේ මගේ කනට කරලා කිව්වෙ "හිතූ මම අද මේ ටොෆී ගෙනාවෙ ඇයි දන්නවාද? මට ඕනෙ අර ඇඩ් එකේ කාජල් දෙන ටොෆිය කාලා කිඹුලා පස්සෙන් එනව වගේ, මෙ ටොෆී කාලා හොදටම රහවැටිලා කට්ටිය මගෙ පස්සෙන් ගෙන්නගන්න" කියලා. මම ඉතිං කාටවත්ම කිව්වෙ නෑ වර්නා කිව්ව රහස :p 


ඒ එක්කම වගේ කොහෙන්දෝ ඉදලා ආපු හුරුබුහුටි ගෑණූ ළමයෙක් මගේ ළඟට ඇවිල්ලා,"ඔයා නේද හිතූ?" කියලා ඇහුවා.මම ඔව් කිව්වා."ආ..මම සිහින මදාරා." ඔන්න ඔහොමයි මදාරව අදුරගත්තෙ.ඊලඟට ස්කූබී ඩූත් කතා කරලා අඳුරගත්තා.ඊටපස්සෙ මගේ ටැග් එක හොරෙන්ම බලාගෙන ඇවිල්ලා කතා කලේ රෙප් මහත්තයා..:D "හිතූ හැංගිලා ඉන්නවා කිව්වට ඔය ඉන්නෙ." කියලා රෙප් මහත්තයත් කිව්වා.ඒ වෙනකොටත් තිබ්බ කිසිම තරඟෙකට යන්න බැරිව සෑහෙන දුකින් තමා කට්ටිය හිටියෙ.;) කට්ටිය කිව්වෙ මම නෙවෙයි අයියලා ටික.:p ඔහොම ඉද්දිම හිත හොද පිස්සාත් ඇවිල්ලා කතා කලා. කට්ටිය ඉස්සරහා උජාරුවට කිව්වෙ නැතැයි," හිතූ තමා මගේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක" කියලා. හෆ්ෆේ..ඔතන හිටපු සමහර අයියලා ඉතිං මට ඒකටත් මඩ ගැහුවා ඊරිසියාවට :/
කිරි පුතා ත් ඇවිල්ලා කතා කරලා අඳුරගත්තෙ ඔය අතරෙයි.


දන්නෙම නැතුව කන වෙලාවත් ඇවිල්ලා. දවල්ට කන්න කෑම ගන්න යන්න තිබ්බෙ පෝළිමේ, කන්න කෑම අරන් එද්දිම තමා දැක්කෙ පෝළීමේ හිටිය සුදුම සුදු කිරි සුදු තඩි පූස් අයියා ;) ,"හෙලෝ අයියේ!" හරිම අහිංසක විදියට හිනා වුනු සුදු පූසා අයියා "කවුද මේ.." කිව්වා."මම හිතුවක්කාරී.." ආ..හිතූද?" ඔන්න ඉතිං ආ ගිය තොරතුරු ටිකක් කතා කරලා මම කෑම එකත් අරන් මාරු වුනා.අත හෝදන්න ටැප් එක ළඟට යද්දි මගේ ටැග් එක දැකලා ,හරිම නිහතමානී කමින් මගේ ළඟට ඇවිත් කතා කලේ සුදු හංසි අක්කියා.සුදු අක්කි එක්කත් "කේතකී "ගැන එහෙම කතා කරපු මම ආයෙත් ඉක්මනට කතාව ලියන්න පොරොන්දු කරවගෙන තමයි ආවෙ.:)


කන්න ආපු තැනට එද්දිම දැක්කෙ මම ,පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි කොල්ලෙක් (එහෙම තමා එයා කියලා තියෙන්නෙ එයා ගැන :p ) ට්‍රැක්ටරයක් උඩ නැගගෙන බත් කනවා."හායි" කියාගෙන මාත් ළඟට ගියා. ටිකක් වෙලා බලන් ඉදලා,ආගිය තොරතුරු කතා කරලා සිතිර වත් අඳුරගත්තා. :D


ඊලඟට කන්න ගිය තැනදි දුකා අයියාව අදූරගත්තා. ජේෂ්ඨ බ්ලොග් ලියන කෙනෙක් වෙච්චි ඒ අයියත් හරිම නිහතමානීව කතාබහ කලා.දවල් කෑමෙන් පස්සෙ තමයි හොදම හරිය. මුලින් කට්ටිය අලියාට ඇහැ තිබ්බා, දෙහි ගෙඩිය හැන්දෙ තියාගෙන ගියා, බනිස් කෑවා, තුන් පා දිව්වා,මිටර් සීය දිව්වා. ඊළඟට තව තරඟ ගොඩක් ඉතුරුවෙලා තිබ්බා කරන්න. වර්ණා පොඩි මෑන් එක්ක යෝගට් කන්න ගිය නිසා, නාකියා අයියා ගෙ හිත වාවගන්න බැරුව යෝගට් කන්න යන්න කෙනෙක් හොය හොය ඇවිද්දා..:D


කට්ටිය කඹ අදින්න යන්න ලෑස්තිවෙද්දි තමා පිණිබිඳු අක්කාව අඳුරගත්තෙ.හරිම අහිංසක, නිවිච්ච සෝයි අක්ක කෙනෙක් තමා පිණිබිඳු අක්කත්.:D කොහොමහරි කඹ ඇදලා දින්න්නෙත් අක්කාගෙ කණ්ඩායම.(Y)


"ඔයා නේද හිතූ?ඔය දෙන්නා නේද අර එකම වගේ කවියක් දාලා තිබ්බෙ?" ඔහොම කියාගෙන මායි ප්‍රාර්ථනා අක්කියි මැද්දට ආපු පිටසක්වළයාත් හම්බෙලා කතා කලා.


ඊලඟට ජනරඟ අයියා ඇවිල්ලා කතා කලා.එයානම් ඇහුවෙම මම ගාල්ලෙද කියලමයි. මම ගාල්ලෙ නෙවෙයි කොළඹ කිව්වට පිළිගත්තෙම නෑ නෙ..:/ උසාවියෙ විත්තිකාරයගෙන් ප්‍රශ්න අහන නඩුකාර උන්නාන්සෙ කෙනෙක් වගේ මගෙනුත් ඇහුවෙ නැතෑ හරස් ප්‍රශ්න ගොඩාරියක්.:O 


කිසිම තරඟෙකට නොගිය නිසා යන්නම ඕනෙ කියලා බලාගෙන උන්නු සංගීත තොප්පි තරඟෙට ඉක්මණටම දුවලා ගියා.:D එතනදි නීනු අක්කා එක්කත් වචනයක් කතා කලා.  ඒත් ඉතිං අපිට ඔය තොප්පි දාගෙන පුරුද්දක් නැති නිසා,තොප්පිය වෙන එක්කෙනෙක්ට දාලා ශේප් එකේ මාරු වෙලා ආවා.දන්නෙම නැතුව කාලෙ ගතවෙලා හවස් වේගෙනත් ආවා.අවුරුදු කුමාරයා,කුමාරී තෝරන්න තමා තිබුණේ. ඒ වෙනකොටත් දුර බැහැර ඉන්න අය එහෙම හුඟාක් යන්න පිටත් වෙලා තිබුණා.අන්තිම මොහොතේ Dush අක්කිවත් හම්බෙලා කතාවක් දැම්මා.:D


අවුරුදු කුමාරයවයි, කුමාරිවයිත් බලාගෙනම අපි එන්න ලෑස්ති වුනා. දන්න කියන අය අතරේ, රාජ් අයියා, රත්ගමයා එක්ක එහෙම කතා කරන්න බැරි වුනා.(රත්ගමයානම් හිටියෙ ටිකක් ලොකු ලයින් එකෙන්:P )තවත් කීපදෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කලා වගේ මතකයි.ඒත් ඒ අයගෙ නම් පොඩ්ඩක් මට ටැපලිලා.. සමාවෙන්න ඒකට.කතා කරපු අයටවත් මතකනම් කමෙන්ට් එකක් දාන්නකෝ..:)


අවාසනේදි ඉතිං ලස්සනට සිද්ද වුනූ වැඩක් සාර්ථකව අවසාන වුනා. අන්තිමම වෙනක්ම් හිටිය කට්ටියනම් හොදට නටලා කෑගහලා උපරිම ජොලියක් අරන් තිබ්බා..කොහෙද ඉතිං අපිට මිස් වුනානෙ චාන්ස් එක.
:( අයියලට කළුවර වැටෙන්න කලින් ගෙවල් වලට යන්න තිබ්බ නිසා අපිට කලින්ම එන්න වුනා.:D :p එන්න කලින් සඳ කිඳුරන් පිළිබදව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා සඳ කිඳුරො ඉන්නෙ කොහෙද කියලා කිඳුරාගෙන්ම දැනගෙන තමා ගෙදර ආවෙ.(මොකද කට්ටියක් එකතු වෙලා මාව බයිට් කලා කිඳුරො ඉන්නෙ මුහුදෙ නෙවෙයි කියලා) :/


බ්ලොග් කියවලා, මූණූ පොතෙන් චැට් කරලා කතා කරලා විතරක් තිබුණු හුඟාක් දෙනෙක්ව ඇත්තට හම්බුනා.දැකගත්තා.සතුටු වුනා. ඒ ගැන හුඟාක් සංතෝසයි. මේක සංවිධානය කරපු සංවිධායක කමිටුවට මම හැමෝම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.


ලංකාවෙන් පිට ඉන්න බ්ලොග් ලියන අපේ අනිත් අයියලා අක්කාලා යාලුවෝ නැති අඩුවත් නොදැනුනා නෙවෙයි.අසරණයා අයියා, වින්චැට් කිරිල්ලි, දිනේශ් අයියා ,නන්දු අක්කා ,කුමාරිහාමි අක්කා ඇතුළු අනිත් විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරියො හැමෝමවත් මේ වෙලාවෙ මතක් කරනවා ආදරෙන්. :)


අවසානෙදි ඉතිං මෙච්චරකල් හැංගිලා උන්නු හිතුවක්කරිට එළියට එන්න වුනා.. වෙස් මූණ ගලවන්න වුනා. කමක් නෑ.. ඒ ලෙංගතුකම වෙනුවෙන් මම හැමෝම බලන්න ආවා. ඊළඟ අවුරුද්දෙත් එනවා.. මේ සැරේ එන්න බැරි වුනු අය ලබන සැරේ අනිවාර්‍යෙන්ම එන්න කියලා ආරාධනා කරනවා..කසුන් අයියා, ගිනිකුරුල්ලා අයියා,ඇතුලු මෙදා සැරේ එන්න බැරිවුනු හැමෝම අනිවාර්‍යෙන්ම ලබන සැරේ හම්බෙමු අපි.කොහොමෙන් හරි කී බෝඩ් එකෙනුයි, මොනිටරෙනුයි බැඳිච්ච ඒ බැදීම් වලට මම නම් හැමදාම ආදරෙයි!! 


ආයෙමත් වතාවක්, සයිබර් සිහින උළෙලට ආපු හැමෝටමයි, සංවිධානය කරපු ඒ ශක්තියටයි හුඟාක්ම ස්තූතියි!!!




සදාතනික බැදීම් වලට එහා ගිය,
අපේ සයිබර් අවකාශයේ බැඳීමට
ආදරෙයි මහා ගොඩාක්
සදාකල් එකලෙසම.....
බැදීම් අලුත් කළ,තව තවත් ළං කල,
අපේ සයිබර් සිහින උලෙළට
ආදරෙයි මහා ගොඩාක්
වෙස් මුහුණ අහිමි කළත්.... <3

Post Comment

137 comments:

  1. Replies
    1. කොහොම වුනත් ඔන්න මම මගේ නංගියාව අඳුරගත්තනේ එදා... හරිම සතුටු දවසක්.. ආයේම ගෙට් එකක් තිබ්බොත් අපි ආයෙමත් සෙට් වෙමු හොඳේ...

      Delete
    2. හික්ස්ස්.. ඒකනෙ..අපි දෙන්නා එකට ඇලිලා ඉදලා කියෝලා,කට්ටිය දැන් අපි ඕප දූප කියෙව්වා කියලා මඩ ගහනවනෙ..:(

      කමක් නෑ අක්කියාව හම්බුනානෙ එදා..ආයෙත් දවසක හම්බෙමුකෝ අපි.. :*

      Delete
  2. මම එහෙම එකක් කියුවේ නැතෝ. මේ කෙල්ල බොරු කියනෝ .. මගුල :./ :/ :/ :පි

    ReplyDelete
    Replies
    1. නාකිස්‌ මේ අහිංසක මට බැන්නා :(

      Delete
    2. පල පල බොරු නොකියා..

      Delete
    3. හික්ස්ස්.. ඔයා අර දුවගෙන ඇවිල්ලා මට විතරක් කිව්වා කිව්වෙ රහසක්.ඒක තමා මේ..

      Delete
  3. අළුත් මවු පුවරුවක් තියෙන කොම්පීතරෙන් දාන පලවෙනිම කමෙන්ටුව !!!

    ජය වේවා !!!
    මාත් හිතුවේ නෑ නංගි ඒවි ය කියලා. මොනා උනත් ඔය කට්ටියව දැක්කට ගොඩක් සතුටුයි !!

    ReplyDelete
    Replies
    1. ආව්... අයියා පටන් ගත්ත බ්ලොගේ වාසනාවන්තයි..;) බය ව්එන්නෙපා...
      ජය වේවා!!!

      ඒකනෙ..හුඟාක් අය හිතුවෙ නෑ.. ඒත් මම ආවනෙ..

      Delete
  4. මම දෙකො...මේ බක් කනකොට මම කරේ විහිළුවක් ඈ..තරහා වෙන්න එපා...ඇත්තම කිවුවොත් ඔයා හිටිය විදිහට මම කතා කරන්න බය වුනා..ඔයා කතා කරත් කතා කරේ නෑනේ..මම හිතුවේ ලොකු ලයින් කියලා..පැත්තකට වුනා..කොහොම හරි ප්‍රාර්ථනා අක්කි මගේ බොක්ක වුනා..:D

    ReplyDelete
    Replies
    1. :O කොහෙ කතාකරන්නද අලේ ඔයා ආවගමන් දඩෝං ගාලා බැලූන් එකක් කන ගාව පුපුරෝලා මාව බය කලානෙ.. ඊටපස්සෙ අතුරුදහන්..:O අපේ ලොකු ලයින් නෑ අලි..හුඟක් අය ළඟට ගිහිල්ලා කතා කලේ මමයි :p

      Delete
    2. මගුල.. මම නම් හිතූව හොයාගෙන ආවේ වර්ණගේන් අහගෙන..
      හැබැයි අපිටත් දැම්මේ ලොකු සයිස් තමා

      Delete
    3. ඉතිං නාකියා අයියාව මම කලින් දැනගෙන උන්නෙ නෑනෙ අලේ...:( ඔහොම කියන්නෙපා...:/ මම දන්න අය එක්ක ගිහින් කතා කලා..බොලු නම් අහන්නකෝ...

      Delete
    4. මම හිතූව දැනගෙන උන්නට කතා කරලා තිබ්බද?
      ඒත් අපි ගාව ඔය වගේ ගණන් ඉස්සිලි නෑ.. අරී...



      අනික මගේ ඩෙසට් එක නැති කළ එකට මට ඔයත් එක්ක මාරම තරහක් තියෙන්නේ...
      ;)

      Delete
    5. මේ පෝස්ටුව කියවීමේන් පසුව එම තරහා දස දහස් ගුණයකින් වැඩි වී ඇත.. අහුවෙයන් ලබන අවුරුද්දේ නංගා.. බලාගමු එදාට අරී..

      Delete
    6. ඉක්කූබියෝ, මෙයා කවුද බන්. උඹ මට කට්ටියව අඳුන්වල දුන්නෙත් නෑනේ එදා :(

      Delete
    7. නාකිය අඅයියා- අනේ..තලහා වෙන්න එපා ඉතිං අනේ.. අර වර්නානෙ ඔයාව දාලා පොඩි මෑන් එක්ක යෝගට් කන්න ගියේ.. ;)

      Delete
  5. හයියූ ඇට්ටටම ඇඩෙනව අප්ප....:(

    දැන් හොඩටම ඇති අප්ප ඇඩෙනවෝ...............:(

    ReplyDelete
    Replies
    1. දැන් අඬලා පලක් නෑ... එන්න කියලා මැසේජ් එවලත් ආවෙ නෑනෙ..:/

      Delete
  6. අයියියෝ මට හම්බුනෙ නෑනේ.. :O

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. ඔයාව හෙව්වා මම..:p ඔයාට අසනීපයි කිව්වා කවුද.;)

      Delete
  7. හානේ! ඔයත් ආවද? සික්.... කතා කරන්න බැරි උනානේ!

    ReplyDelete
    Replies
    1. ආ.. ඇයි හෆ්ෆා..මම කතා කලේ..:O අයියා පොඩ්ඩක් සැරට වැදිලාද හිටියෙ එවෙලේ?? ;) දැන් මුකුත් අමතක..

      Delete
  8. ඔක්කොම හලි කියමුකො..මම මේ කල්පනා කලේ (:( අයියලට කළුවර වැටෙන්න කලින් ගෙවල් වලට යන්න තිබ්බ නිසා අපිට කලින්ම එන්න වුනා.:) ගැන...මම ඉතින් ඔය කාටවත් කියන්නෙ නෑ තනියම බස් එකේ යන්න බැරුව, බහින හෝල්ට් එක දන්නැතුව නාහෙන් අඩ අඩ හිටපු කෙනා ගැන..ඒක ඉතින් හැමෝම දන්නවනේ..
    අනිත් එක අපේ වෙලාවට වැඩ කරන හිතූ නංගි හින්දා මාත් උදේ පැයක් විතර ඇදුම් ඇදගෙන බලා හිටියා...ඒ ආනුභාවයෙන් තමයි 10ට එන්න හිටිය අපි එනකොට 10කෑලිත් නැති උනේ....

    ReplyDelete
    Replies
    1. දාන්න මල්ලි පහක් !!!

      Delete
    2. හික්ස්ස්...මටත් මතකයි...අය්යලා හිටියෙ නැත්නම් මෙයා තවම බස් හොයනවා :P :P

      Delete
    3. තරූ අයියා- ආ... ඇයි අනේ ඔයයි චම්මා අයියයිනෙ යන්න හදිස්සි කලේ..:/ මම බස් එකේ නැගලා යනන් දන්නවානෙ ලස්සනට..:p :p එදා කොච්චර ශෝයි එකට ආවද...;)

      10 ට එන්න හිටියෙ ඉතිං මොනා කරන්නද බස් පරක්කුයිනෙ..;)

      ChammA අයියා & කුබූ අයියා- අපෝ..ඔය දෙන්නාටත් ඉතිං මට මඩක් වදිනවානම් ඊටවඩා සතුටක් නෑ..:( :/

      Delete
  9. මේ පෝස්ටුවේ ව්‍යාංග වලට මගේ බලවත් මේව්වා එක... මේවා මඩ කිව්වට මේ කරලා තියෙන්නේ මඩ කරපු කුඹුරු උස්සලා ඇගේ ගැහිල්ලක්... :)

    කැතයි හොදේ...

    යෝගට් කන්න යන්න එන්න බෑ කියපු එකේ රහසත් මට කියන්න හිතයි ඕන්...

    ReplyDelete
    Replies
    1. එච්චර මඩ නෑ අයියෙ!!! :( මම අහිංසකයි!!! :(

      හෑ...:O මොකක්ද හෆ්ෆා රහස?

      Delete
    2. ප්‍රසිද්ධියේම කියන්නද???

      එක්කෝ ඕනේ නෑ...
      මොකටද අහිංසක අයව චා කරන්නේ ;)
      නේඒඒඒඒඒද්ද්ද???????????

      Delete
    3. හෑ?? :O යෝගට් කන්න ආවෙ නැතිවෙන්න රහසක් නම් නෑ..:O

      Delete
    4. නාකියාගේ පච :/

      Delete
  10. ane shoy ane ... math blog ekak liwwanam hoday kiyala hithenwa,, sorry godak dawesak comment ekak danne uneth na,, suba aluth awuruddak wewa kiyala prarthana karanewa hithu akkita. tc. <3

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නොලිව්වත් කියවන අයට උනත් එන්න තිබ්බා ඒකට..ඔයාත් එන්න ඊළඟ සැරේ!!! එසේම වේවා කෙල්ලෙ..:)

      Delete
  11. ඔන්න මාත් ආවා මේ පැත්තට. අපි ඉතිං එදා කතාකරානේ. ගොඩක්ම සතු‍ටුයි නංගිවත් අදුනගන්න ලැබුනට...
    :)

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ..අක්කිව අදුරගත්ත එකටත් සතුටුයි!!! ආයෙත් හම්බෙමු දවසක..

      Delete
  12. මම ආවෙ නෑ අනේ... :(((((
    අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ආ.. ඉහිරුනු කිරට දැන් අඩලා පලක් නැත.. එන්නයි තිබ්බෙ..:/

      Delete
  13. කට්ටිය එක පාරටම කිඳුරව වට කරන් අහපි "මේ...... කිඳුරො ඉන්නෙ කොහෙද????" කියල.කිඳුරත් නිහතමානීව අහිංසක විදිහට හෙමින් බිමට නැමුනු ඔලුව උස්සල "මුහුද යටනෙ අනේ......" යයි කීමි.හප්පේ බැලුවම හරියටම මේ හිතුවක්කාර කෙල්ලව නොදැනහරි බේරලනෙ මම හික් හික් හික්.ඕන් එන පාර මට හිතූගෙන් චොකෝ එකක් වත් ඕනි ;p.............. අර බයිට් කොරපු උන්දැල මගේ වරිගෙ එවුන් කොහේ හිටිය කියලයි කිව්වෙ සුදු අක්කණ්ඩි :p

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මම කිව්වා සඳ කිඳුරො ඉන්නෙ මූදේ කියලා. ඒත් අර අයියලා මට හිනා වුනා..මූදේ ඉන්නෙ දිය කිඳුරෝ කියලා..:/පිත්තු එයාලට..

      චොකෝ එකක් දෙන්න ආයෙත් හම්බුනොත් බලමුකෝ..;) අදුනගන්න ලැබීම සතුටක් මල්ලී!!

      Delete
  14. පිනිබිඳුගේ කන්ඩායම කඹ ඇදලා දින්නේ මම හින්දා.. හරි ය! කොහෙද අර ගිනි කුරුල්ලා රෑ 1.30 වෙනකම් කැම්පස් එකේ අවුරුදු උත්සවේ වැඩ කරලා නේ.. ප්‍රර්ථනා අක්කා ඔයාගෙම විතරක් නෙවෙයි.. හරි ය! මයින් ටූ...
    මාත් එක්ක ඔයා කතා කළා නේ..ඒ උනාට මේකේ මගේ නම නෑ නේ..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටතිලි.. අක්කියා ඔයාගෙත්ද? :O :( හ්ම්ම්....ගිනි කුරුල්ලා අයියාට එන්න වෙන්නෙ නෑ කිව්වනෙ..අයියෝ.. ඔයා මාත් එක්ක කතා කලා කියලා මට මතක නැතිවුනානෙ..:( සොලි!!! අදුනගන්න ලැබීම සතුටක්..

      Delete
    2. අක්ක කිව්වට ඉතින් නැන්දා කෙනෙක් වෙන්නේ.. දුර නෑ කමක් එහෙම නෙවෙයි.. ලඟින් ම නැන්දා වෙනවා! අහලා බලන්නකෝ..

      Delete
    3. ඔව් ඔව්.. ප්‍රර්ථනා නැන්දා.. කඩ්ඩෙන් කොටනවා නම් Prarthana Aunt!

      ඒ උනාට හිතු නැන්දා අපේ පැත්තේ එන්නේ නෑ නේ..

      Delete
  15. හික් හික්...මම අවුරුදු කුමාරයානේ බොල...ඉතින් ලයින් දෙන්න එපැය.. ;)
    වෙස්වලාගෙන ආවේ බොලේ ඕකට මරනීය තර්ජන තියෙන නිසා!!!

    ReplyDelete
    Replies
    1. අනේ පල..:/ මල සමයන්!! හෙන ලොකු ලයින් එකෙන් හිටියෙ.. අපි ගනන් ගනී..පුහ්හ්හ්!!

      Delete
    2. අනිවා...ඌ හිතාගෙන ඉන්නේ හෙන ජ්‍යේෂ්ඨ බ්ලොග් කාරයෙක් කියලා..
      හැල ගෙම්බෝ.., අනිත් උන් ඇවිත් උඹත් එක්ක කතා කරන්නේ මනුස්ස කමට..බලපිය උඹ ලොකු ලයින් දීපු එකෙක්වත් ආයේ උඹේ ලගට ඇවිත් කතා කරාවිද කියලා.
      දුකා අයියා වගේ මිනිස්සු දිහා බලල ඉගෙන ගනින්.පිම්බිලා නහින්නෙ නැතිව

      Delete
    3. ඇනොනිමස් ආතල්.... :ඩී

      Delete
  16. මම හිතාගෙන හිටියෙ හිතූත් බෝලයක් වගේ මහත ඇති කියලා. බලද්දි නිකන් ඉදිකටු පැංචගෙ නංගි වගේනෙ. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හිතූ බෝලයක් කියලා කොහෙවත් ලියලා තිබුනේ නෑනෙ මගේ බ්ලොගේ..;) අනික හිතුවක්කාර කෙල්ලො බෝල වගේ වෙන්න ඕනෙ කියලත් නෑනෙ අලෙ!! හික්ස්ස්.. හිකිස්ස්.. ඉදිකටු පැංචාගෙ නංගි තමා :D :D :p

      Delete
  17. හැංගි හැංගි බදින මුණු කවදම හරි ගැලවිලා බිමට වැටෙනවා... :P:P:P

    ReplyDelete
    Replies
    1. හා.. හා.. වැටෙන්න කලින් මමම ගැලෙව්වා ;)

      Delete
    2. මං කිව්වේ ඉතුරු එව්වා ගැන :P :P

      Delete
  18. අනෙ මෙයාගෙ බය..... :P අදුනගන්න ලැබීම සතුටක් හිතූ.... :)

    ReplyDelete
    Replies
    1. බය හිතෙන්නෙ නැද්ද අනේ...;) පොඩ්ඩාව දැක්කාම බය හිතුනා..හික්ස්ස්...

      අදුනාගන්න ලැබීම මටත් සතුටක් පොඩි මෑන්..

      Delete
  19. නඟෝ ඒ කියන්නෙ තවත් දඟමල්ලක් ඉන්නවද????????

    ReplyDelete
    Replies
    1. haaaaaaa,apoi......... mamai daga malla......

      Delete
    2. හමුවීම සතුටක් සහෝදරී.................

      Delete
    3. ආ..නිවුන් සහෝදරියෝ හම්බෙලා වගෙ!!

      Delete
  20. සෑමාගේ කථාව කියද්දි මමත් හිටිය.. මතක නම් නැතුව ඇති..

    ReplyDelete
    Replies
    1. ආ.. රස්තියාදුකාරයා කියලා කෙනෙක්ව මතකයි.. මම දන්නෙ නෑ මේක ලියන්නෙ ඔයා කියලා..:D අපෝ..මතකනෙ සැමාගෙ කුජීත කතාව..:/

      අදුනගන්න ලැබීම සතුටක් අයියෙ.

      Delete
  21. හුටා මට මෙයාවත් මඟ ඇරිලා

    ReplyDelete
  22. මේවා දකිනකොට තමයි ඇත්තටම දුක හිතෙන්නෙ. ඕන එකක් කියලා එන්නයි තිබුණෙ මටත්. මගෙ බ්ලොග් එකෙත් පළවෙනි කමෙන්ට්ස් වලින් එකක් නංගිගෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං අක්කියාත් එන්න එපැයි!! මැසේජ් එකක් දාන්න තිබ්බානෙ මටවත්...:( ආව්ව්.. ආඩමබරයි!! මම ඉතිං ලස්සනට ලියන බ්ලොග් පැත්තෙ කරක්ගහනවනෙ..:D

      Delete
  23. කවුද බොලේ පරක්කු වෙලා ආවේ... මෙයා ඇවිල්ලා වල්මත් වෙලා ඉන්නකොට මමයි , තරුයි තමයි හරිමගට ගත්තේ.. :P

    ReplyDelete
    Replies
    1. ආඅ.. පිස්සු තමා.. පරක්කුවෙලා ඇවිත් මෙතන බොලු කියනවා:p වෙලාවට වැඩ නොකරන්නෙ කවුද කියලා බ්ලොග් බැලුවාමම හොයාගන්න පුලුවන් නෙ ;)

      Delete
    2. :O දෙකයි :O මොනාද වර්ණෝ??

      Delete
  24. මට නම් දුකයි

    ReplyDelete
    Replies
    1. දුක් ව්එන්න එපා..:) ඊළඟ සැරේ එන්න..

      Delete
  25. ඒ ඔක්කොමත් හරි.
    ඇයි බන් මේ බ්ලොග් එකේ කුඩු හැලෙන්නෙ?
    :)

    ReplyDelete
    Replies
    1. සමීර-එහෙම තමා අනේ...:p කුඩු හැලෙනවා..;)

      අසරණයා- මොකෝ ඔයාට J ද?

      Delete
  26. කොහොම කොහොම හරි මෙයාගේ වෙස් මූණ ගැල උනානේ අන්න ඒකට තමයි මම කැමතිම..

    මේ අපිවත් මතක් වෙලා තියෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. :O හෆ්ෆා.. අයියාලත් බලන් ඉන්නෙ අපිට කේස් එකක් වෙනකම් නේ:p :p හික්ස්ස්... වෙස් මූන ගැලවුනේ නෑ.. මමම ගැලෙව්වා..:D

      ඔයාලව අමතක වෙන්නෙ නෑ අයියේ :)

      Delete
  27. මතක් උනාට ගොඩාක් ස්තූතියි...අපිත් දැන් වෙස්මූණු නෑ හරී??

    ReplyDelete
    Replies
    1. ආ.. ඕක මොකක්ද අලේ.. ඔව් නේ?? අපි අඳුරනවානෙ..;)

      Delete
  28. Replies
    1. ඇයි ඇයි ආඅ..;) මගේ මූණ වෙස් මූණට වඩා හොදයිනෙ මෙයා? නැද්ද ? ;) :P

      Delete
  29. නියමයි නංගි.. එදා කතාකරන්න බැරිඋන්නාට සමාවෙන්ඩ ඔන..ඉලඟ සැරේ සිහින උළේල ඉස්සරහට අරං යන්න ඔන ඔයාලවගේ කට්ටිය..හරි..ලස්සන පිංතුරයක්..ඔක්කොම එක මිටට අරගෙන..

    ReplyDelete
    Replies
    1. :D අනේ සමාවගන්න මොකටද? අයියා එදා බිසීනෙ.. මමත් කතා කරන්න ආවෙ නැත්තෙ ඒකයි..:D පින්තූරෙනම් වෙනී මාගෙන්ද කොහෙද ඉස්සුවෙ..:D

      Delete
  30. ඔන්න එහෙනම් අපිත් දැක ගත්තා හිතු ගේ ඇත්ත මුණ. ඒක කලින් තිබ්බ මුණටත් වඩා ලස්සනයිනේ :)

    අයියෝ මටත් මේ විදියට හැමෝම හම්බ වෙන්න තිබුනා නම් :(

    ReplyDelete
    Replies
    1. :O හෆ්ෆා..අක්කිලාත් දැක්කද? ලැජ්ජයි වගේ මට ;) :P හික්ස්... <3

      ඉතිං ඔයාලත් ලංකාවට එන්නකෝ ඊළඟසැරේ :(

      Delete
  31. අපි පිටත් වෙලා යද්දී තමයි දන්නෙ මෙයා තමයි හිතුවක්කාරී කියල!
    නැත්තම් අනිවා කතා කරනව!
    ඊලග පාර සෙට් වෙමුකෝ.

    ReplyDelete
    Replies
    1. ආ..ඔයත් ආවද? අයියෝ මම දන්නෙ නෑනෙ...ඔව් ඔව් ඊළඟ පාරවත් හම්බෙමුකෝ

      Delete
  32. He heee...... :D Namata witharai daga. Naththam mama harima niwunu lamayek,hariya :P
    Harima sathutui aduraganna labuata. Aye hamuwemu.... :D

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..ඔයා දඟ පාට නෑ..:D ;)
      මටත් සතුට්යි!! ආයෙත් හම්බෙමු!!

      Delete
  33. අප‍රාදේ මෙව්ව දකිද්දී මට නම් දුකේ බෑ. ඕන එකක් කියලා එන්නයි තිබුනේ. ලබන සැරේ නම් එනවමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ අක්කේ... ආවනම් ඉවරය්නෙ.. පස්සෙ පසුතැවිලි වෙන්න වෙන්නෙ නෑනෙ එහෙනම්..

      Delete
  34. එන්ඩ බැරි වුනානේන්නම්.....:((((((((((((((
    ඊළග පාරවත් බලමු...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ.. එන්නයි තිබ්බෙ අක්කටත්.. ලබනසැරේ එන්න අනිවාර්‍යෙන්ම..:)

      Delete
  35. අඩේ දැන්නේ මේක හම්බුනේ.. කවුද බොලේ කිවුවේ "පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි කොල්ලෙක්" කියලා.. ර්ර්ර්ර්ර්ර්...

    ReplyDelete
    Replies
    1. මල්සරා :O ඔයානෙ අලේ කිව්වෙ..;)

      Delete
  36. මට ඔයාට කතා කරන එක මිස් උනේ කොහොමද???

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතිං ඔයාගෙ අක්කිලා එක්ක හුරතල් වෙවී ඉන්න ඇති;)

      Delete
  37. මොනවා කරන්නද නංගියෝ, එන්නමයි හිටියේ.:( ප්‍රශ්න කියන ඒවා කලින් කියලා එන්නේ නෑ නේ. ලබන පාර වත් කොහොමහරි එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අයියා.. මොනා කරන්නද.. ලබනපාර හම්බෙමු!!

      Delete
  38. i just got used to Sinhala blogs by accidently installing Firefox in sinhala and i failed to change the language even after one month then i notice in the RSS feed there are few Sinhala blogs running and then i got used to this blogs.

    And it is sweet how you guz get to gather this time and enjoyed that’s really cool... KEEP UP Blogers.. Keep Posting..

    ReplyDelete
    Replies
    1. aww... SL-Memes :D welcome!!!

      Thank you very much for your comment!! its glad to see u r using blogs.

      yes of course it was great cyber festival !!! enjoyed a lot!!

      Delete
  39. අනේ මමත් ආසාවෙන් හිට්යා එන්න. ඒත් මාවවත් මගේ බ්ලොග් එකවත් ගොඩාක් අය දන්නෙ නැතින් නිස මට එන්න බය හිතුනා. ඒත් මම එදා බස් රේඩියෝ එකෙන් සේරම අහගෙනනම් හිටියා. බලමු ඊලඟ පාරවත් එන්න පෙරුම් පුරනවා

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයත් එන්නැපැයි.. ඇවිල්ලා කට්ටිය අදුරගන්න තිබ්බා..:) ඊලඟ සැරේ එන්න.

      Delete
  40. සා.. ඔයාව අඳුරගන්න බැරි වුනානේ.. මම හිතුවේ Prarthanaගෙ නගෙක් කියලා :P
    ඇපල ඇටේ වගෙ ඇලිලමනෙ හිටියේ :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. :D හැමෝම හිතලා තියෙන්නෙ එහෙමද මන්දා..;) ඉතිං මගෙ අක්කි තමා එයා..<3

      Delete
  41. ලබන සැරේ අපි දෙනවා බැටේ. !!!

    ReplyDelete
    Replies
    1. හා හා..අපිත් ඇවිල්ලා බලන්නම් බැටේ දෙන හැටි :p

      Delete
  42. දුකයි නංගියෝ එන්න වුණේ නැති එක ගැනනම්.. බලමු ඉදිරියටවත්..!
    එතකල් ස්තූතියි ඔයාට ගොඩක්.. ‍අපි හැමෝවම මතක් වුණාට නංගියෝ..!!! මේ තොරතුරු වලට වගේම එදා දවස ලස්සන කරන්නට දුන්න අතහිතටත් ගොඩක්ම ස්තූතියි...!!! :)

    හිහිහී.. හිතූ නංගියව මෙහෙම හරි දකින්න ලැබුණනේ... :D

    ReplyDelete
    Replies
    1. හයියෝ..ඔයත් දැක්කාද මාව :D හික්ස්ස්...

      අලේ අක්කි එන්න බලන්නකෝ ඉස්සරහටවත්..:)

      Delete
  43. ඈ බොල කෙල්ලේ සෑම් අයියව දැකලා මොනවද ගිලගත්තේ ??

    අහුවෙමු ආයෙත්.. :)

    ReplyDelete
    Replies
    1. ආ.. අපෝ මෙයාද මේ නාකි සැමා කියලා ;)

      Delete
    2. :O හෆොයි ඒක කියල තියෙන කැත

      Delete
    3. හික්ස්ස්... හුරතලේටනෙ එහෙම කිව්වෙ..;)

      Delete
  44. අක්කලාට ඉතිං රජ ෆන් නෙහ්.. මම ගෙදරට වෙලා වෛරස් උණ රෝග කාරකයේ ගුණ සිහි කර කර හිටියේ..

    මොනා උනත් ඉතිං හොදා හොදා.. ගාල්ල පැත්තෙ ගෙට් එකක් අවුරුද්දට කලිං සංවිධානය කරොත් එන්ඩකො එහෙනම්..

    කවදා හරි හම්බෙමු.. ලබන පාර නම් සුවර් එනවා..

    ReplyDelete
    Replies
    1. හයියෝ..ඔයාට උණද?

      ආයෙත් එකක් තිබ්බොත් හම්බෙමුකෝ..මොන කරන්නද..:(

      අනිවාර්යෙන්ම ලබනසැරේ හම්බෙමු!! :D

      Delete
  45. අපිවත් මතක් වෙලා තියෙන්නේ.සිහින බක්මහ උළෙල අගෝස්තුවගේ දාගන්න බැරිවෙයි ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මතක් වුනා..ආවනම් ඔයානෙ අවුරුදු කුමාරයා...;)

      අගෝස්තූ?? එහෙම වුනොත් ඒක සිහින බක්මහ උළෙල නෙවෙයි, "සිහින නිකිණී මහ උළෙල " කරන්න වෙයි :P

      Delete
  46. මට මරණීය තර්ජනය කරලා එන්න ආරාධනා කරනකොට මම හිතුවා හෙන ඩයල් එකියක් කියලා.ගිහින් බලද්දි චූටි කෙල්ලෙක්නෙ හිතූ කියන්නෙ..හික්ස්ස්ස්...( හැබයි ඉතින් කන්න ගියාම නම් පොඩි කියලා බැලුවෙ නෑ,එයාගෙ එකත් කාලා තව චම්මගේයි , තරුගෙයි කෑම වලිනුත් කෑවා.) :D
    :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඔව් ඉතිං ඔයා හිතන් හිටියෙ මම නපුරු, නරක, දුෂ්ඨ , කෲර etc..කෙල්ලෙක් කියලානෙ..:p :p දැක්කානෙ "කතාවෙන් හෝ සිනාවෙන් හෝ මනින්නට බෑ මිනිසා" ;)

      මම චුට්ටි අහිංසක ලමයෙක් නේන්නම්..:p

      දෙයියනේපච කියන්නෙපා.. මම ලියන්නත් හැදුවෙ ඔයාලා මගේ කෑම එකත් එක්ක කෑවා කියලා ඒත් පස්සෙ පවු නිසා ලිව්වෙ නෑ..:/ ඕගොල්ලොතමා මගේ එකත් එක්ක කෑවෙ..

      Delete
  47. අෆ්ෆා... ඔන්න කවුරුවත් කියනවා එහෙම නෙමේ හිතු ලොකු ලයින් කියලා.... :ඩි

    අදුනගන්න ලැබිම සතුටක්..... වැඩිය කතා කරන්න නම් ලැබුනේ නැ බිසිනේ හිතුලා....

    කොහොම උනත් ඉතින් සයිබරයේ යහලු යෙහෙලියන්ව හදුනා ගැනිමට ලැබිම සතුටක්

    ReplyDelete
    Replies
    1. මම ලොකු ලයින් නෑ තමා..:p හැබැයි මට ලොකු ලයින් නම් මාත් එහෙමයි..;) මම ආස නෑනෙ ඔය ලොකු කතා අහන්න..:D හික්ස්ස්

      අයියානෙ බිසී.. මමනම් බිසී නෑ...

      Delete
  48. හීතූ මගේ බ්ලොග් එකෙත් මුලින්ම කමෙන්ට් දාපු අයගෙන් කෙනෙක් තමා.. මමත් ආසාවෙන් තමා එන්න හිටියෙ. ඒත් ඉතින් මේ තොටුපළ දාලා කොහේ එන්ඩද අප්පා.. අසරන මගියො පව්නෙ. හැබැයි ඉතින් වෙස්මූණ ගලවන්න නම් මටත් බයයි තමා.

    ReplyDelete
    Replies
    1. ආනෙ.. මෙන්න තවත් එක්කෙනෙක්..:ඬ් සතුටුයි!!! අයියෝ..එකදවසකට තොටුපොළ දාලා එන්න බැරිවුනානෙ..:( වෙස්මූණ ගැලෙව්වාම ටිකක් අමාරුයි තමා.. ඒත් වැඩියම නරකක් නෑ..

      Delete
  49. ඇයි හත්තිලව්වෙ මගේ බ්ලොගේ මුල්ම කොමෙන්ටුව දාපු එකී මතක් කරේ නැත්නම් හරි නෑනෙ.....මාත් හිතුවෙ හෙන දඩ ඩයල් එකියක් වෙන්න ඇති කියල කොහෙද හයියෙන් හුළඟක් ආවොත් බඩුම තමයි මෙයාට...........:D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. තැන්කූ මතක තිබ්බාට..:D හෆ්ෆා..:O හිතුවක්කාර කෙල්ලො දඩයි ද? :O හික්ස්ස්.. මම චුට්ටි ළ්මයෙක් අනේ...

      Delete
  50. දැන් ඉතින් වෙසක් එකට වෙස් මූණු නැතුව තමයි ඉන්න වෙන්නේ.....ගැලවුණු මූණ බලන්න ඊළඟ අවුරුද්දෙවත් එන්නම්කෝ.....

    ReplyDelete
    Replies
    1. අනිවා එන්න ඊළඟ අවුරුද්දෙ :)

      Delete
  51. අනේ දුකේ බෑ හිතූ..... ඇඩෙනවා..... :((

    ReplyDelete
    Replies
    1. ආවෙ නැතුව දැන් ඉතින් අඬලා වැඩක් නෑ.. තලහයි මම :(

      Delete
  52. මේ පාර අදුන ගන්න බැරි උනානේ ලබන පාරවත් බලමු අදුනගන්න .....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම..ඊළඟ පාර අදුනගමුකෝ!!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....