නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 April 2012

මගේ පුංචි රෝස මලේ......


ළමයි දාහකටත් වඩා  ඉගනගන්න එන ,මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු හුරතල්ම පුංචි කෙල්ල එයා. ගෑණූ ළමයි මහ ගොඩාක් මැද , මගේ හිත අහම්බෙන් හරි නැවතුනේ පුංචි ,අහිංසක,හුරතල් ගෑණූ ළමයෙක් ළඟ. ඒ ගෑණූ ළමයා දැක්කාම මට හිතුනෙ එකම එක දෙයයි.."අනේ මට මේ පුංචි කෙල්ල මගේම කරගන්න තිබ්බානම්" කියලායි. ඒත් එක මොහොතකින් මම ගැන මතක් වුනාම, මගේ වයස ගැන හිතුණාම,මෙහෙම ආදරයක් අසම්මතයක් ද කියලා හිතුණා. ඒ නිසාම මම දස දහස් වාරයක් හිත ඇතුළෙන් තැවුණා.හඬා වැටුණා. තව අවුරුදු 10ක් වත් වයසින් බාල වෙන්න තිබ්බානම් කියලා හිතුනා. එහෙනම් පන්තියේ කෙළවරේම බංකුවකට වෙලා මේ පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්න තිබ්බා නේද කියලා හිතුණා. පුංචි කොළ කෑල්ලක් අරන් කවියක් ලියලා යවලා, ඒ සුදු මූණේ හැඟීම් දිහා හොරෙන් බලන් ඉන්න තිබුණානම් කියලා හිතුණා.ඒ හිතට සර් කෙනෙක් නොවී, යාළුවෙක් වෙලා ළං වෙන්න තිබුණා නම් කියලා හිතුණා.ඒත් හැමදේම වෙනස් කරන්න බැරි තරමට කාලෙ ගෙවිලා හමාරයි..

තවත් ගෑණූ ළමයි රොත්තක් එක්ක, හුරතලේට දඟ කර කර පන්තියට දුවන් එන ඒ පුංචි කෙල්ල, මගේ ඇස් මානෙම මලක් වගේ පිපිලා තියෙද්දි , ඒ මල නෙළා ගන්න බැරිව ලතැවුනූ මගේ හිත විඳෙව්ව තරම දන්නෙ මම විතරමයි.ආදරේට වයස ප්‍රශ්නයක් නෑ..ඒත් තරුණකම යාන්තමට ගෙවීගෙන යන මගේ හිතින්, ඒ පුංචි කෙල්ල ගැන තියෙන හැඟීම පහ කරන්න බැරි තරමට මම අසරණ වෙලා.

පන්තියෙ උගන්නන වෙලාවෙදිත් එහෙ මෙහෙ දුවන මගේ ඇස් එකසැරේම නවතින්නෙ ඒ ඇස් ලඟමයි. "කියාගන්න බැරි මේ හැඟීම මගේ ඇස් වලින්වත් කියවලා තේරුම්ගන්නවනම් මේ පුංචි එකී??" මගේ වියපත් හිත බොළඳකමින් පිරිලා ගියා.බෝනික්කියක් වගේ ඇස් නටව නටව ළඟ ඉන්න යාළුවොත් එක්ක කියවන කතා අහන් ඉන්න මගේ හිත ලෝබකමින් ඉතිරිලා ගියා.


ඇත්තටම ඔයා රෝසමලක්. සුවඳ උතුරන ලස්සනම ලස්සන රෝස මලක්.  මට හුඟාක් දුරින් පිපුණූ පුංචි මලක්. මම ඒ මල ට ළං වෙන්න හිතාගන්නවත් බැරි වියපත් බඹරෙක්.ඔයාගෙ හීනෙකටවත් ලං වෙන්න බැරි මම අසරණයෙක්. ආදරේ නාමයෙන් ඔයාගෙ හීන ලෝකෙ සැරිසරන්නවත් පිනක් නැති මම අවාසනාවන්තයෙක්.


රසායන විද්‍යාව උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ රසායන විද්‍යාව මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ඒත් මුරණ්ඩු මගේ හිතට දැනෙන නොඉවසිල්ල, අහිමි කරපු සැනසිල්ල, ආපහු මටම ලබාගන්න විදිය මට උගන්වන්න පුළුවන් එයාට.ඔව්.. එයාට විතරමයි. පන්තියෙ ඉගනගන්න කොල්ලෝ, මේ පුංචි කෙල්ල දිහා බලද්දි, කතා කරද්දි, මේ රෝස මලට ළං වෙන්න හදද්දි, මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා යනවා. ඒ කොල්ලන්ට  ගහන්න තරම් තරහක් එනවා. මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ. එයා ගැන කියලා ඉස්සරහට එන සමහර චිට් කියවලා මගේ මූණ අඳුරු වෙන හැටි, මගේ හිත ගැහෙන හැටි මටම නොදැනෙනවා නෙවෙයි.ඒත් මටවත් නොතේරෙන මේ හැඟීමෙන් මාව මුලා වෙලා වගේ..


දවසක් දා පන්ති ඉවර වෙලා ළමයි ඔක්කොම යද්දිත්, එයා යාළුවත් එක්ක නතර වුනා .මගේ හිත ඩිංගක් ගැස්සුනා. හිමින් හිමින් පොතකුත් අරන් මගේ ළඟට ආපු පුංචි කෙල්ල, "සර්" කියලා හරිම හිමින් , ගෞරවයෙන් කතා කළා.උගන්වපු පාඩමේ සටහන් අතරේ ,සුදුම සුදු පුංචි ඇඟිලි එහෙ මෙහෙ යව යව , ඒ දුඹුරු පාට බෝල ඇස් මගේ ඇස් වටේ යව යව  මගෙන් ප්‍රශ්න ඇහුවා.මගේ හිත ඇතුළෙන් සතුට විද්දෙ වතුර මලකින් වතුර විදිනවා වගේ. මම ඒ සුන්දර මූණේ හැම සියුමැලි රේඛාවක්ම හීන් සීරුවෙ විඳගත්තා. මගේ ඇස් නැවතුනේ එයා ඇඟිලි තියලා පෙන්නපු වචන පේළී වල නෙවෙයි,  ඒ හීන් සුදු ඇඟිලී ළඟ. සුදුපාට පුංචි ගලක් අල්ලපු චාම් මුද්දකින් ඒ දකුණතේ ඇඟිල්ල හැඩ වෙලා තිබුණා."මටත් තිබ්බානම් ලස්සන චාම් රත්තරං මුද්දක් දාලා ඒ වමත හැඩ කරන්න.." මගේ හිත දිව්වා..තදින් අල්ලගන්න අල්ලගන්න හදන හැම මොහොතකම මගේ හිත දිව්වා.එදා දවසම මගේ හිත පුරා සැරිසැරුවෙ ,ඒ පුංචි හුරතල් ගෑණූ ළමයා විතරයි.


මේ හිත පුරා ඇවිලෙන එකම එක සිතුවිල්ල ඔයාට කියාගන්න බැරිව මම අසරණ වෙලා.ඔයා හඳක් වගේ මගේ ජීවිතේට පායලා එනවනම් මම හුඟාක් ආසයි.නොතේරුණූ පාඩමක් කියලා දෙනවා වගේ, ඔයා ළඟට ලං වෙලා , මේ ආදරේ කියලා දෙන්නත් වෙලාවකට නොහිතෙනවා නෙවෙයි... ඒත් ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තොත්? මට දුක හිතේවී හුඟාක්ම. ඒත් මම තරහක් නෑ.. ඔව්. ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තාට මම තරහා නෑ.


එයාගේ හිනාව , ඒ කතාව,  ඒ දඟකාරකම, හුරතල් ගතිය , මේ හැම දෙයක්ම මාව තව තවත් තරුණ කලා වගේ. කවදාකවත් නැතිව මම මගේ පෙනුම ගැන හිතුවා. පාට පාට ශර්ට් ඇඳලා වෙනදාට වඩා පිළිවලට පන්තියට ආවා.මවාගත්ත දඟකාරකමකින්, උද්යෝගයකින් ,උනන්දුවකින් මම ඉගැන්නුවා. කොලුකමට කොල්ලො එවපු චිට් දෙක තුනකත් මගේ වෙනස ගැන අහලා තිබ්බෙ නැතුව නෙවෙයි. ඒත් මම මේ වෙනසට ආස කළා.මාව අවුරුදු ගාණක් ආපස්සට ඇදගෙන යන්න තරම් මේ ආදරේ ප්‍රබල වුනා.


අහම්බෙන් දවසක මම දැක්ක දෙයින් හිත කීරි ගැහුණා. පන්තිය පටන්ගන්න කලින්, පඩිපෙළක් ළඟ එයා හිටියෙ හුරුබුහුටි කොල්ලෙක් එක්ක කතා කර කර. මගේ හිත පතුරු පතුරු ගැලවිලා ගියා.ඒ හුරුබුහුටි කොල්ලා මගේ පුංචි කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙනයි හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ බොළඳ පෙම්වතෙක් වගේ මගේ හිත අප්‍රමාණව බොළද වුනා. දරාගන්න බැරි තරම් දුකක් ආවා. තවත් බලාගෙන ඉන්න බැරි තැන මම එතනින් ඈතකට ගියා. ඔව් මම එයාගෙන් ඈතටම ගියා.


ඔයාව මට අයිති නෑ තමා. ඔව් ඒක එහෙමම වෙයි.ඒත් ඔයා කවමදාක හරි මගේ ජීවිතේට එනවනම් මම කැමතියි. මගේ පුංචි ලෝකෙ පුරාවට , මේ ජීවිතේ පුරාවට ඇවිත් සැරිසරන්න ඔයාට පුළුවන් නම්, මම මේ ජීවිතේ ඔය වෙනුවෙන් දිගහැරලා ඉවරයි. ඔයාව මලක් වගේ බලාගන්න මට පුළුවන්. ඔව් මම ඔයාව මලක් වගේ බලාගන්නවා.හරිම පරිස්සමට.. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් මේ ජීවිතේට ළං වෙන්න.. හැබැයි නෑවිත් හිට්යත් මම තරහා නෑ.. දුක දැනෙයි හුඟාක්, ඒත්..මම තරහ නෑ..අවසානෙදි මම දන්නෙ එකම එක දෙයයි.. ඒ, ආදරේට වයසක් නෑ කියලා විතරයි..


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න... 


ගායනය- අමරසිරි පීරිස්

Post Comment

127 comments:

  1. //ආදරේට වයසක් නෑ කියලා විතරයි..//
    අන්න ඇත්ත කතාව.

    ගීත වලට කතා ලියන එක හරිම ලස්සන වැඩක්. නියමයි හිතූ!

    ReplyDelete
    Replies
    1. හි හි.. විසිතුරුත් වයසට ගිහින් පොඩි කෙල්ලොන්ට ලව් කරන්නද කල්පනාව? :p

      ස්තූතියි විසිතුරු!!!

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකෝ කෙල්ලෙ හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ??????

      Delete
  3. නියමයි!!!
    ඒත් දුකයි :(

    ReplyDelete
    Replies
    1. තැන්කූ!! දුක ඉතිං හුඟාක් නිර්මාන වලට පොදුයි!!

      Delete
  4. මුල්ම ටික කියවගෙන යනකොට මේ සින්දුව මතක් වුණා. ටික ටික පහලට යනකොට නම් තේරුණා මේ ලියල තියෙන්නේ ඒ සින්දුවේ කතාවමයි කියල. ගොඩක් ලස්සනයි. ආදරණීයයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තැන්ක් යූ පැතුම්!! හැමදාම ලියන සිංදු කතා වලට වඩා වෙනසක් කරන්න හිතුවා..:)

      Delete
  5. වයධම්මා සංකාරා!

    ReplyDelete
    Replies
    1. කියන්න ගියා විතරයි!

      Delete
    2. සුදු කොඩි දාන්නද?

      Delete
  6. මේ සිංදුවට මං කොහොමත් ආසයි. ලස්සන කතාවක් ඔයා ඒ එක්කම ලියලා තියෙනවා.
    :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මම කලින් ඉදන්ම සිංදු වලට මගේ හිතේ ඇඳෙන කතා ලිව්වා.. ස්තූතියි අක්කෙ!!

      Delete
  7. //මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ.//

    ප්‍රාර්ථනා අක්කා ලිව්වා වගේ ම හිතට දැනෙන්න ලියලා තියෙනවා. පද රචනය ධම්මික බණ්ඩාර. ගායකයාට වඩා ගීතයක විචාරයක දී පද රචකයා පිලිබඳව සඳහන් කිරීම වැදගත්. ඒත් අවාසනාවකට වගේ අන්තර්ජාලයේ කිසි ම තැනක ඒ පිළිබඳව සඳහනක් මම දැක්කේ නෑ..

    ReplyDelete
    Replies
    1. +++++++++++
      අනිවාර්යෙන් මල්ලි.... ගීතයක් කිරීම නැමති කර්තව්‍යය මුළින් ම ඇරඹෙන්නේ පද රචකයාගෙන්. ඒත් අද පද රචකයා ට ලැබෙන්නේ අවම තැනක්.......

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    2. තැන්කූ!!!පද රචකයා ගැන දාන්න තිබ්බා තමා.. ඒක අඩුවක් බව ඇත්ත.. ඊළඟ සැරේ දාන්නම්..:)

      Delete
  8. මම හිතන්නේ ඇත්ත සිද්ධිය හිතේ තියාගෙන වෙන්න ඕන මේක ලියන්න ඇත්තේ...ගොඩක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ එහෙම කියන්නෙ? ඇත්ත සිද්ධියක් හිතේ තියෙන්නම ඕනෙ නෑනෙ ලියන්න.. මොනා වුනත් තෑන්න්ක්ස්!!!

      Delete
    2. එහෙම කිවුවේ සින්දුව ලියැවිච්ච ඇත්ත හේතුවයි, ඔයා ලියල තියෙන කතාවයි එකම වගේ නිසා...

      Delete
    3. ම්ම්... ඔව්.. ඒකනම් හරි!!!

      Delete
  9. ඕක ඇත්ත කතාවක්.
    ඒ උනාට ඕක නෙමේ හරි කතාව

    ReplyDelete
    Replies
    1. ඔව්..මේක ඇත්තටම ගායකයෙක්ට වුනු දෙයක්.. ඇත්ත කතාව මේක නෙවෙයි.. මම මේ මගේ සිතුවිල්ලක් සින්දුවට ගැලපුවා විතරයි!

      Delete
  10. ආදරේට නම් වයස් සිමාවක් නෑ තමා, හැබැයි ඒ 100%ක් පිරිසිදු ආදරේට ඒ කියන්නෙ ආදරේ කරන කෙනා අයිති කර ගන්න නෙවෙයි, ඉන්න තැනක සතුටින් ඉන්නව දකින්න තියන අසාව. ආදරේ කරන කෙනා අයිතිකර ගන්න තමන්ගෙ කර ගන්න හිතෙන ආදරේට නම් වයස් සිමා තියනව. එහෙම නොවුනොත් ඒක අසාමාන්‍ය හැඟීමක්, අසහනයක් වෙන්නත් පුලුවන්.
    නිර්මානය නම් හරිම අපූරැයි! දිගටම ලියන්න. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔයා හරි..එකඟයි!!! අයිති කරගන්නනම් වයසක් තියෙන්නත් ඔනෙ.. ඒත් අඅදරේ කරන්න සීමවක් නෑ... ස්තූතියි!!!:)

      Delete
  11. විෂුවල් එකට ගැළපෙන්නෙ නැති වුණාට ඔයා ඒ අදහස ලස්සනට ලියල තියෙනව හිතූ අක්කි.
    කියවගෙන යන කොට මට මැවිලා පෙනුන.

    ReplyDelete
    Replies
    1. මම සිතුවිල්ල ගැලපුවෙ සින්දුවෙ පද වලට නංගො..:) තැන්කූ!!!

      Delete
  12. Replies
    1. ආදරේ ඇතුලෙ තියෙන්නෙ හැංගිලා ආසවද?

      Delete
    2. ආදරේ කියන්නේ පිටින් පේන්න ලස්සනට ඔතලා තියෙන කොලේ නම... සමහර වෙලාවට ඇතුල පිට තරම් ලස්සන නෑ!

      Delete
    3. මගේ යටි හිත කියනවා ඇත්ත ඇත්ත කියලත්..;) ඒත් උඩු හිත පිළිගන්න අඅස නෑ..

      Delete
  13. වැරදි කාල පරතරයක ඉපදුනොත් ඔකතමා වෙන්නේ, මොනව කරන්නද?.... ආදරයට වයස පරතරයක් නැහැ, එත් වටේ එවුන්ගෙ අපහාස උපහාස තමයි කාලා ඉන්න බැරි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්... ඒකනම් ඇත්ත.. වැරදිලා හරි වැරදි වයස් පරතරයක කෙනෙක්ට හිත ගියොත්, දුකම තමා..

      Delete
  14. ඇත්තටම ඒ වියපත් බඹරා ඔයාද කියලත් හිතුනා ;) :P

    ගොඩක් ලස්සනයි හිතු...:) :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මම වියපත් නෑනෙ..;) හික්ස්ස්.. එහෙම හිතුනානම් ඉතිං මම සාර්ථකයි..:p

      තැන්කූ අයියා..:D

      Delete
  15. හිතු එන පොට හොද නෑ වගේ.. ඔයා ඔය පන්තියට යන එක නවත්තන්න..

    ReplyDelete
    Replies
    1. හප්පේ........ දිනේශ් අයිය ට කොහොමද එච්චර හයියක් ආවේ??? :P

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    2. @දිනේශ් අයියා- හික්ස්.. ඔන්න ඕකනෙ බැරි.. කොහොම ලිව්වාත් අයියල හිතන්නෙ වැරදියටනෙ..:)


      @දඟමල්ල- හික්ස්ස්... ඒකනෙ බලන්න්කෝ... :p

      Delete
  16. හොඳ පබැඳුමක් හිතූ ! ඇයි ඔය හැකියාවෙන් හොඳ ප්‍රබන්ධයක් කරන්න හිතන්නේ නැත්තේ ! ලස්සනට තියේවි... ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ, කථා සෙට් එකක් ලියලා තියෙනවා පස්සෙයි දැක්කේ... මේ පැත්තේ වැඩිය එවෙන්නේ නෑ නොවැ...

      Delete
    2. ස්තූතියි අයියා..:) මම ලිව්වා නව කතාවක් "තටු සිඳුණු සමනළී" කියලා... :) හි හි.. ඔයා වැඩිය එන්නෙ නෑනෙ.. ඒකතමා..:D

      Delete
  17. හරිම ලස්සනයි නංගියෝ.. ඇත්ත ආදරේට වයස ප්‍රශ්නයක් නෑ.. ඔය වගේ කියාගන්න බැරි ආදර කතා කීයක් නම් මේ අහස යට ලියවෙනවා ඇත්ද..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගෙ අක්කියෝ..:* ඇත්තට හුඟාක් ආදර කථා ඇති!!මේ අහසෙත්.. සිත් අහසෙත්.. ;) :p

      Delete
  18. ලස්සනට ලියල...මෙහෙ වයසක මිනිස්සු පොඩි කෙල්ලෙන්ව මැරි කරල පාරෙ එකට යනව දකින කොට මට ඔය සිංදුව මතක් වෙන්නෙ.......

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රටවලනම් ඒක සුලභ දර්ශනයක් නේද වින්චැට්?? ස්තූතියි ඔයාටත්..

      Delete
  19. ලස්සනයි ..

    මටනම් මේක තහනම් ගහේ ගෙඩි කෑමක් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු අයියා..:)

      හික්ස්ස්.. ඔව් නේ?? අයියා එහෙම ඔන්න තහනම් ගහේ ගෙඩි කන්න යනවා නෙවෙයි..

      Delete
  20. මොනව උනත් ඒ ගුරුවරය උතුම් මනුස්සයෙක්..හැගීම් පෘතග්ජන කාටත් එන්න පුලුවන්. වැදගත් වෙන්නෙ තමන්ගෙ හිතට ආපු දේ වැරදි බව දැනගෙන ඒ වැරැද්ද වීමට ඉඩ නොදී තමා විසින් තමන්ව පාලනය කරගත්න එකයි. ඒත් ඉතින් අද කාලෙ ඇතැම් පාසල් ගුරුවරු ගැන ඇසෙන දේවල් එක්ක බලනකොට මෙතුමා ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේක සිතුවිල්ලක්..:) ඔව් අද කාලෙ මොනතරම් කතා ඇහෙනවද. ඒ අතින් බලද්දි ආදරේ වුනත් මෙහෙම දරාගෙන ඉන්න පුලුවන් කම ලොකු දෙයක්..

      Delete
  21. ගොඩක් ලස්සනට ලියල තියෙනව අක්ක හැමදාමත් වගේ මේකත්..බාගයක් කියවනකොටම මතකෙට ආවෙ මේ සින්දුව.
    මිනිස්සුන්ගෙ හිත්වල කියාගන්න බැරිව ගොළුවෙලා ගිය මේ වගේ ආදර කතා තව කොච්චර ඇත්ද...දුකයි තමයි...ඒත් මොනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. -----මිනිස්සුන්ගෙ හිත්වල කියාගන්න බැරිව ගොළුවෙලා ගිය මේ වගේ ආදර කතා තව කොච්චර ඇත්ද...දුකයි තමයි...ඒත් මොනවා කරන්නද------

      ඇත්ත තමයි......

      Delete
    2. @උන්මාදිනි- තැන්කූ නංගා..:) අනිවාර්‍යෙන්ම ඕනෙ තරම් අඅදර කතා ඇති හිත් ඇතුලෙම ඉපදිලා මැරිලා ගියපු..

      Delete
    3. Saliya Jayasanka Pathmabandu- හ්ම්ම්ම්.. උන්මාදිනී හරි!!

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ආදරේට ජාතිය,කුලය,ආගම බාධාවක් නොවෙනවා වගේම වයසත් බාධාවක් නෙවි..
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්.. කිසිම දෙයක් බාධාවක් නෙවෙයි.. අපි බාධාවක් කරගත්තොත් තමා..
      ස්තූතියි!!

      Delete
  24. [රසායන විද්‍යාව උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ රසායන විද්‍යාව මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ] :( :( :( :(

    කතාව ලස්සනයි ! :)

    ReplyDelete
    Replies
    1. මොකො අලියෝ :( :( ?????????

      තැන්කූ මල්ලි!!

      Delete
  25. ඔය වගේ අත්දැකීම් ගොඩක් අයට තියෙනව...
    හිත කියන්නෙ සොඳුරු දේට ඇදිල යන දෙයක්නෙ...
    (සමාවෙන්න කලින් පොඩි අතපසුවීමක් උනේ තාම අලුත්නෙ.. ඒකයි..)

    ReplyDelete
    Replies
    1. අහ්හ් කලින් එක ඩිලීට් කලාම මම බැලුවා ඇයි කියලා.. :)
      ඔව් ඇත්ත. අත්දැකීමක් ඇසුරින් තමා මේ සිංදුව ලියලා තියෙන්නෙ..:)අලුත් වුනාට කමක් නෑ,,හිමීට ඉගනගමු!!

      Delete
  26. හරිම ලස්සනට ලියලා තියනවා නංගා...ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  27. වයසක අයට ආදරේ කරන්න බැරිද ? පුලූවන් !!!! ඒත් ඒක සමාජය දකින්නෙ, "චිප් නාකියා වයසට නෙවෙයි වැඩ"
    තරුණ කෙනෙක් වයසක කෙනෙක් බැන්දොත්, "අර සල්ලි තන්හාවටනෙ බැන්දේ"
    ආදරය ස්වාභාවික හැඟීමක්. ඒකට වයස, සමාජ මට්ටම ,කුලය, ආගම සංස්කෘතිය වගේ මිනිසා ගොඩනගපු කෘතිම දේවල් වලට යටත් කරන්න බෑ . මේවට බයේ කී දෙනෙක් තමන්ගෙ ආදරය ලෝකෙන් හංඟන් ඇතිද..........?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම.. ඔයාගෙ කතාව හරි!! එකඟයි..:)

      Delete
  28. ආදරේට වයසක් නෑ කියන එකනම් හරියටම හරි හිතු. ඔයා සින්දුවට හරියන්න ලස්සනට කතාව ලියලා තිබුනා. හරිම ලස්සනයි හිතු. හැමදාමත් මේ විදිහට ආදරෙන් ආදරේ ගැන කතාවක් ලියන්න හිතුගේ හිතට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි!!! ඔයාටත් දිගටම ලියන්න ලැබෙන්න ඕනෙ..:)

      Delete
  29. ගීතය හොඳට විග්‍රහ කරල තියෙනව.....

    ReplyDelete
  30. ම්ම්ම්ම්ම්....කාලෙකින් ඔයාගෙන් වෙනස් දෙයක්..
    හැබැයි ඒ වෙනස බොහොම ලස්සනට කරල තියනවා..හරියට ඒ වියපත් බඹරා ඔයාම වගේ...
    මේ වෙනස ගොඩක් ලස්සනයි නංගි..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ හැමදාම ලියන්නෙ ගෑණූ ළ්මයා හිතන විදියටනෙ.. අද පැත්ත මාරු කලා.. තෑන්ක්ස් අයියා..:)

      Delete
  31. මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරි සරනවනම්...
    ආසයි මං කවුළු පියන්
    ඇරලා තියන්න...
    තරහක් නැහැ නෑවිත් ඉන්න...

    ReplyDelete
    Replies
    1. තරහක් නැහැ නෑවිත් ඉන්න...

      Delete
  32. එක හුස්මට කියවගෙන ගියා මේක කියවගෙන යද්දී මට මතක් වුනෙත් මේ ගීතයමයි. හරිම සුන්දරයි හිතූ මම කැමති මේ කතාවට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා.. :)

      Delete
  33. ඇත්තටම මට නම් මෙහෙම දෙයක් ගැන කල්පනා උනේම නෑ.. ඒත් මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියලා දැනුයි තේරුනේ.. සර් ලා කියන්නෙ හැගීම් දැනීම් නැති අය නෙමෙයි නෙ.

    ඕකෙ පළවෙනි පේලි ටික කියවද්දි මට ඔය සින්දුව මතක් උනා. (කිවුවත් එක්ක. ඇහුනෙ නෑ නෙ.. හෙහ්..)

    පස්සෙ බැලින්නං සින්දුව අන්තිමට තියනවා..

    ReplyDelete
    Replies
    1. අක්කෙ, ඕකෙ මුලට තව ටිකක් පොඩි පාට කෙලි පැටික්කියෙක් දාන්නකො..

      Delete
    2. හික්ස්ස්.. ඔව්නෙ සර්ල කියන්නෙත් මනුස්සයොනෙ..:)

      ඇහුනෙ නෑ නම් තමා මල්ලි..කමක් නෑ..ඊළඟ සැරේ හයියෙන් කියන්න.

      හෆ්ෆටසිලි!! මට හම්බුනෙ නෑනෙ චුට්ටි කෙලි පැටික්කියෙක්ගෙ පින්තූරයක්..:(

      Delete
    3. අර ගූගල් දෙවියා ඉන්නෙ.. කියුට් ග(ර්)ල් කියලා ගැහුවා නම් ඒවි පෝලිමට..

      නෑ නෑ ආයෙ සින්දු කියන්නෙ නෑ..
      (එකක් කියන්න ඉන්නෙ.. ඒක දාන්නම්..)

      Delete
    4. :D මෙයාත් කියුට් වගේනෙ..;) හික්ස්ස්.. හලි මල්ලි දාන්නකෝ..අපි බලන්නම්..

      Delete
    5. ඒත් ඒ ලෙවල් පාට නෑ නෙ අප්පා..!!!
      සින්දු කියන්න බෑ කැස්ස..!!!

      Delete
  34. ආදරේට වයසක්නම් කොහෙත්ම බලපාන්නෙ නෑ නෙතූ... සින්දුව ලස්සනටම විග්‍රහ කරල තිබුණා හරිම ලස්සනට...

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි යාලු!!!

      Delete
  35. අපිටත් වයසට ගියාම ඔහොම වෙයිද දන්නේ නැහැ .......

    ReplyDelete
    Replies
    1. දැන්ම හිත පාලනය කරගන්න :D එහෙම වෙන්නෙ නෑ මම කියලා..

      Delete
  36. කියාගන්න බැරි ආදරය :(

    ReplyDelete
  37. අපොයි ඔව් ආදරෙට කොහේද වයසක්....

    ReplyDelete
    Replies
    1. :D ඒකනෙ ඒකනෙ රාජ් අයියා :D

      Delete
  38. තමන් ආදරේ කරන කෙනෙක් තව කෙනෙකුට අයිති වෙනවා කියන එක හිතට දුකක් දැනෙන දෙයක් තමයි. ආදරේ කියන්නේ හිතේ ඇතිවෙන හැගීමක්. ඒකට වයසක් අදාළ නෑ. දේශසීමා නෑ. මම හිතන්නේ අනිත් කෙනා සතුටින් ඉන්නවා දැකලා තමන්ටත් සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඇත්ත ආදරේ කියන්නේ කියලා.

    //කළුවර රෑ සඳක් වගේ
    අහසේ නුඹ ඉන්නවනම්...
    ආසයි මම නොකී කවිය
    නුඹට කියන්න...
    තරහක් නැහැ නුඹ බැස යන්න...//

    මට හිතෙන විදියට මේ කියන්නෙත් ඒ වගේ දෙයක් ගැන තමා........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි රෙප් මහත්තයා..එහෙම දෙයක් තමා අදහස් වෙන්නෙ..:)

      Delete
  39. ලස්සනට අදහස් ගලපලා අක්කෝ....:)

    ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදූ!! හුඟාක් කාලෙකින්.. ඔයාට මොකද වුනේ??

      Delete
  40. හ්ම්ම් ඒක නම් ලොකුවට ම හිතට වැදුනා අක්කෙ. ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  41. කතාව කියවනකොට මටත් මතක් වුණේ මේ ගීතයමයි.
    ලස්සන විග්‍රහ කිරීමක් හිතූ. ඇත්ත කතාව මේක නෙවෙයි තමයි,ඒත් ඔයා ලස්සනට සිදුවීම් ගලපලා තියෙනවා. නියමයි.......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන් මෙහෙම සිදුවීමක් කියවද්දි මතක් වෙන්න ඕනෙ ඒ සින්දුවම තමා..:) ස්තූතියි දඟයෝ..

      Delete
  42. මේ සිංදුව ආපු මුල් කාලේ ඉඳලම තවමත් මම ආසයි.ඒත් මම වියපත් නැහැ හරිය.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. තව කල් ගියොත්නම් ඔයාටත් ;) :p

      Delete
  43. ලොකු කතාවක් සරලව ලියල...:)

    ReplyDelete
    Replies
    1. :) සින්දුවකට කතාවක් මැව්වා.. සිතුවිල්ලක් ගැළපුවා..:)

      Delete
  44. හරිම ලස්සනට ලියල තියනව නංගෝ. ආදරේට වයස බලපාන්නේ නැ තමයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ..හුඟකාලෙකින් ඔයා.

      Delete
  45. මේ සින්දුව ලියල තියෙන්න ධම්මික බණ්ඩාර කියන රචකයා,හන්තානට පායන හඳ සින්දුව ලියල තියෙන්නෙත් ධම්මික බණ්ඩාරයන්.මේකත් එක්තරා ගායකයෙකුට උණ සත්‍ය සිදුවීමක් කියල තමයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ස්තූතියි විස්තරයට.. සහෝ!!:)

      Delete
  46. මට මේ සිංදුවේ රචකයා ගැන ගොඩක් ආඩම්බරයි... මොකද මේ සිංදුව ලියන කාලේ ධම්මික බණ්ඩාර සර් අපේ ඉස්කෝලේ සිංහල ගුරුතුමෙක්...
    හරවත් ගීතයක්...
    ලස්සන විචාරයක්...

    ඔක්කොම සුපිරියි...

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද? එහෙනම් ඔයාට අඅඩම්බර වෙන්න පුලුවන් නෙ..:D

      ස්තූතියි ශානියෝ!! ආ..නෑ.. අනුවෝ..

      Delete
  47. ඇත්තටම මගෙ මනාපයක් නැහැ හැබැයි ඔය ගීත කතා වලට..

    ජය !

    ReplyDelete
    Replies
    1. හෆ්ෆටසිලි.. සැමා අයියාගෙ මනාපෙ වෙන කතා වලට..;)

      Delete
  48. හොද වෙලාවට බඹරා නොවි කුඹල උනේ ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. කුඹලාටත් බඹරා වෙන්න වෙයි ද දන්නෙ නෑ මෙහෙම ගියොත්..;)

      Delete
  49. සින්දුවට ගැලපෙන්න නියමෙට ලියලා තියෙනවා නංගෝ....

    ReplyDelete
  50. Mage Punchi Bambara patiyo ,, Mamay Obe Wiyapath Male :(

    ReplyDelete
    Replies
    1. නෑ මේ චුට්ටි කෙල්ලට මක් වුනාද බැලුවා එකසැරේම :O

      Delete
    2. hmmm wenne thiyene dey wela iweray akki.. :(

      Delete
  51. සිංදුවකට නවකතාවක් වුනත් පද කීපයක් කරන්න පුළුවන් නේද? ලස්සනයි අක්කියා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඔව් නංගෝ.. ස්තූතියි!!

      Delete
  52. සීමා මායිම් නැති ආදරේ අපිට විදින්න පුලුවන් අපේම හීන ලෝකවල විතරයි කියලයි මට නම් හිතෙන්නේ....
    ලස්සනයි...හිතට වැදුනා..හී හී හරියට මට දවසක් ජාති ආගම් බේද නොතිබ්බා නම් කියලා හිතුනා වගේ.....ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතෙන එකත් සාධාරණයි.. :)

    ReplyDelete
    Replies
    1. // හරියට මට දවසක් ජාති ආගම් බේද නොතිබ්බා නම් කියලා හිතුනා වගේ....//

      මෙහෙම හිතෙන්න විශේෂ හේතුවක් තියෙනවමද මංදා..;)

      ස්තූතියි කවිකරි.. ඇත්ත තමා අපේ හිත්වලටනම් ආදරේදි සීමාවක් නැතුව හිතන්න පුලුවන්..

      Delete
  53. ලස්සනයි ඒ වගේම හැඩයි.......

    ReplyDelete
  54. හිතුවක්කාරී මේක අපි දන්නා රසායන විද්‍යා පන්තියේ උන එකක්දෝ?????????????? ;)

    ReplyDelete
    Replies
    1. :O මඩයා අයියා දන්න රසානය විඳ්‍යා පන්තිය මොකක්ද? මම දන්නෙ නැතෝ... ;) මේක නිකන් සිතුවිල්ලක්..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....