නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 May 2012

ලෝකෙ මවපු විදිය මේක මිස.........



වෙසක් එකට කලින්ම                   
බට කපාගෙන එන්න,
එකින් එක එකතු කරලා
කූඩු හුඟාක් හදන්න,
කාටවත් කරදර නොකර
කූඩු අලවලා එල්ලන්න,
ලයිට් වැල් ගෙනත් 
මම ආස විදියට අමුනන්න,
අපරාදෙ මටත් තිබ්බෙ
කොල්ලෙක් වෙන්න.........
කාටවත් එක්කන් යන්න නොකියා
ආසම පන්සලකට තනියමම යන්න,
චට පටාස් ගාලා ඇහෙන
රතිඤ්ඤා  සද්දෙට දන්සැලකට දුවන්න,
ලැජ්ජාවෙ ඇඹරෙන්නෙ නැතිව
දන්සැල් පෝලිම් වල කල්මරන්න,
කොල්ලො සෙට් එකට එකතුවෙලා
මහ රෑ වෙසක් බලන්න යන්න,
අපරාදෙ මටත් තිබ්බෙ
කොල්ලෙක් වෙන්න.........
කෙල්ලෙක්ට නැති, 
කොල්ලෙක්ට වැඩිපුරත් ඇති
නිදහස...
කොල්ලෙක්ට නැති,
කෙල්ලෙක්ට වැඩිපුරත් ඇති
සීමා මායිම්...
මොනා කරන්නද දැන් ඉතිං,
ලෝකෙ මවපු විදිය මේක මිස.........




ප.ලි- හුඟකාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලිව්වෙ නෑ.මේ වෙසක් දවස් වල අත්දැකීම් නිසාම මට නිකමට වගේ හිතුණු දෙයක් . ;) :D මූණු පොතෙත් මම දැක්කා මීට සමාන අදහස් තිබුණූ ස්ටේටස් එහෙමත් තිබුණා.ඒ ඔක්කොම කාරණා නිසා මෙහෙම ලියන්න හිතුවා.

Post Comment

109 comments:

  1. කෙල්ලෙක්ට නැති,
    කොල්ලෙක්ට වැඩිපුරත් ඇති
    නිදහස...
    කොල්ලෙක්ට නැති,
    කෙල්ලෙක්ට වැඩිපුරත් ඇති
    සීමා මායිම්...
    මොනා කරන්නද දැන් ඉතිං,
    ලෝකෙ මවපු විදිය මේක මිස.........

    ලස්සනම ලස්සනයි හැබැයි හිතූ ඇත්තම ඇත්ත මටත් මෙහෙම හිතුන ඇත්තමයි...කියන්න වචන නැති තරමට ගොඩක් ලස්සනයි අදහස් ටිකනම්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිහින සිත්තම්!!! :D

      Delete
  2. ඇත්තම තමයි හිතු කතාව.මොනවා කරන්නද ඒත් ඔයා කියන්නා වගේ ලෝකේ මවලා තියන හැටිනේ කියලා තමයි හිතන්න වෙන්නේ.

    පෝස්ට් එක ගොඩක් ලස්සනයි හිතු.අදහස් නම් මරු.ඉදිරියටත් ‍ලස්සන වැඩ කරන්න හිතුගේ හිතට ලැබෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි!!! අනේද කියන්නෙ ඉතිං.. අපිට නිදහසක් නෑනෙ..:(

      Delete
  3. මුකුත් නොකියමි..... :)

    ReplyDelete
  4. තනි අලියාMay 7, 2012 at 5:44 PM

    අපිට නිදහස නෑනෙ කියකිය හූල්ල හූල්ල හිටියම හැමදාාම ඔහොම තමා. නිදහස කියන්නෙ බන්දේසියේ තියල දෙන එකක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. හි හි. ඔව් ඔව් ඒත් ඉතිං මේ සිමා මායිම් බිදලා දාලා යන්නත් ඕනෙ නෑ වගේ..:)

      Delete
  5. කෙල්ලෝ උනත් කොල්ලන් වගේ වැඩ කරනා අයද සිතිති.....!!! (කෙල්ලන්ට 100% කොල්ලන් මෙන් "ටැලන්ටඩ්" වීමට බැරිය.. හික්ස්...) ඒ උනත් පොඩි ට්‍රයි එකක් දාල බැලුවොත් නරකද???

    ReplyDelete
    Replies
    1. අපෝයි.. මට කොල්ලො කරන වැඩ කරන්නම ඕනෙ නෑ.. ඒත් මම මෙතන අදහස් කලේ කොල්ලෙක් වෙන්න තිබ්බානම් කියලා.. එහෙනම් ඒ නිදහස විදින්න තිබ්බා කියලා

      Delete
  6. //ලෝකෙ මවපු විදිය මේක මිස//

    මේ කතාවට මාගේ තදබල විරෝධය!

    මවපු හැටි නෙවෙයි. අපි අපිම කාලාන්තරයක් තිස්සෙ හදාගත්ත නීතී රීතී සම්ප්‍රදායන් නිසානෙ මේ කෙල්ලන්න්ට නිදහසක් නැත්තේ!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. ඔව් ඒකත් ඇත්ත වෙන්න ඕනෙනෙ.. මොකද ලංකාවෙ මෙහෙම වුනාට සමහර රටවල එහෙම ගැහැණු පිරිමි බේදයක් නෑනෙ..

      Delete
  7. කොල්ලෙක් වගේ වෙස් වලාගෙන හෝ ගේමට බසිනා ලෙස මමද යෝජනා කරමි

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හම්මේ... හොදට තියෙයි..:p

      Delete
  8. දුක තමා පූසෝ...ඔය භේදය හදාගෙන තියෙන්නෙ ඔයාලමයි..අපි නම් එහෙම නැහැ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ලංකාවෙ ඉස්සර ඉදන්ම ක්‍රමය මේකනෙ..

      Delete
  9. රටේ වැරැද්ද අක්කේ, කාලීන මාතෘකාවක් ලස්සනෙට ලියල තියෙනව :)
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ස්තූතියි මල්ලි!!! :D

      Delete
  10. මම මේවට මුකුත් කියන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අහ්හ්..ලොකු අයියා.. මොකෝ බයේද මුකුත් කියන්නෙ නැත්තේ ආ??? ;) :p :p

      Delete
  11. ලද දෙයින් සතුටු නොවීම කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යය ගතියක්. සාමාන්‍යයෙන් කොල්ලෙක්ට ලැබෙන නිදහස කෙල්ලෙක්ට නොලැබීම මේ අපේ රටේ සිස්ටම් එක අනූව වෙලා තියෙන දෙයක්. ඒ වගේම ඒ සිස්ටම් එක ගැහැණු පිරිමි කියන අයට වෙන වෙනම වගකීම් කොටස් පවරලා තියෙනවා
    "පුතේ රෑට ගෑල්ලමයිව කඩේ යවන්න බෑනේ ඒ හන්දා ඔයා යන්න" කියන තැනේ ඉදං පිරිමි ළමයාටත් වෙනමම වගකීම් කොටසක් පැවරිලා තියෙනවා.
    සිස්ටම් එකෙං පිට පනින්න ඕනෙද? ඒකට ලොකු ධෛර්යයක් ඔනේ!

    ReplyDelete
    Replies
    1. පූසා අයියා-හික්ස්ස්.. මම කෙල්ලෙක් වුන එක ගැන සමහර දේවල් නිසා ආඩම්බරයි අයියෙ!! මගේ හිතේ එහෙම "කොල්ලෙක්ම වෙන්න තිබ්බෙ" කියලා නිතර දෙවේලෙ දැවෙන සිතුවිල්ලක් නෑ...
      ඇත්ත තමා. මෙහෙම සිතුවිල්ලක් ලිව්වට, මේ සිස්ටම් එකෙන් පිට පනින්න තරමට මම හිතුවක්කාරම නැද්ද මංදා.. සමාජෙ පුරුදුවෙලා තියෙන, වගකීම් පවරගෙන තියෙන විදිය තමයි..:)

      ඔය කියන ධෛර්‍ය මට තියෙනවාද මංදා.. ^_^ මං හිතන්නෙ නෑ.. හික්ස්ස්..වෙසක් කාලෙ වෙසක් බලන්න යන්න බැරිවුනු දුකට ලිව්වෙ..;)

      Delete
  12. ඒකනම් පිස්සු කතාවක් නගා!!

    ReplyDelete
    Replies
    1. මට කෝමත් පිස්සුනෙ අලෙ!!

      Delete
  13. okata oyata thiyenne eka wisadumai

    sithum..pathum

    hina..

    asavan

    oyage me hama deyakatama galapena hoda kollek hoyala kasadayak banda nam oyavath balagena oyata yanna hithena welavata.....yanna asa than valata..kanna kamathima kama jathi..eya oya hithuvatath wada hodata labala dei..eka tamai ekama option eka..guranteed

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ඔව්.. නරකම නෑ අදහස සිහින..:D ඒත් එහෙම කෙනෙක් හම්බුනොත් තමා ;) ලබන වෙසක් එකටවත් යන්න පුලුවන්..නියම අයිඩියා එක..හික්ස්ස්..

      Delete
  14. හිතුවක්කාරි කිව්වට ඒ හැටි හිතුවක්කාර නැද්ද මන්ද ...
    මම නං හැම වෙසක් එකටම ඔය සේරම කරනවා. මෙදා පාර නං කූඩු 5 යි හදන්න පුළුවන් උනේ. පන්සල් ගියා, දන්සල් ගියා. සිරිපාදේ ගියා යාළුවොත් එක්ක. ඔය කියන නිදහස ලැබෙන්න නං නිදහස්ව හිතන දෙමවුපියෝ වගේම නිදහස හරියට බුක්ති විදින දුවලත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. මම එච්චරම හිතුවක්කාර නෑ අලෙ!!හිතුමතේ ගෑණූ ළමයෙක්ද? :) අහ්හ් හරිම ශෝයිනෙ.. මාත් සිරිපාදේ ගිහින් තියෙනවා එක සැරයක්.. ආයෙත් යන්න ආසයි ඒත්..:)

      // ඔය කියන නිදහස ලැබෙන්න නං නිදහස්ව හිතන දෙමවුපියෝ වගේම නිදහස හරියට බුක්ති විදින දුවලත් ඕනේ.//

      හොද කතාවක්!!!

      Delete
  15. මටත් හැමදාම හිතෙන දෙයක් තමයි ඕක.... මමත් හරි ආසයි කිසි බාධාවක් නැතිව මට හිතෙන හැම තැනම තනියම ඇවිදින්න... මොනා කරන්නද සහෝදරී. ඊලඟ ආත්මෙදි වත් කොල්ලෙක් වෙලා ඉපදෙන්න වැඩිපුර පින් කරමු.

    අර සිහින කියපු අදහසත් නරක නෑ...

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ කියන්නේ තාරා oyata theruna..hithu oya tika therum gatta nam melahakata oya eya hithapu hamadema labila ne

      Delete
    2. තාරා- හික්ස්ස්..ඔව් අනේ..අපි මේ ආත්මෙ පින් කරමු හුඟාක්..:D සිහිනගෙ අදහසත් හොදා තමා..;)

      Delete
    3. සිහින- මම තේරුම් අරන් අනේ ඉන්නෙ..:p

      Delete
  16. අනේ හිතු ඔයා දුකට කරුණු හොය හොයා දුක් වෙනවා නෙ.....:P හැබැයි ඒක ලස්සනට විස්තර කරලා තියනවා ..:)

    ReplyDelete
    Replies
    1. අනේ මම එහෙමටම දුක් වෙන්නෙ නෑ යාලු!! :) නිකන් ලිව්වෙ..ස්තූතියි!!

      Delete
  17. අයියෝඕ මටත් කොච්චරනම් ඔහොම හිතිලා තියද

    ReplyDelete
  18. අපොයි මම නම් දන්නෑ ඕවා

    ReplyDelete
    Replies
    1. :p :p හ හා.. ඔයා චූටියිනෙ තාම ;)

      Delete
  19. අෆොයි! ඉපදුන දවසෙ ඉඳන් අද වෙනකොට 67999 පාරකට වඩා මට ඕක හිතිලා තියනවා අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. 67999 පාරක්?? :O හික්ස්... මරු!!

      Delete
  20. //ලෝකෙ මවපු විදිය මේක මිස//

    nemey needa akke! Api anugatha wechcha vidiha! :) Aththatama lamay hadannay, lamay nalawannay ee ayava balaakiyaagannay ne ithin gaanu aya ipadunaa kiyala iiiiissarama minissu hithuwe... Dan samaaje ee vidihata anugatha wela! Monava karannada :)

    Ee monava wethath kuudu hadanna nam ithin puluwan oon...!!!

    {Anee akke unicode nuth nae mukuth nae.. mage pc eka kadila :( Eekai mee}
    - Aaganthukaya

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔව් ..ඇත්ත මල්ලි..සමාජෙ ඒ විදිහට අනුගත වෙලා තමා.. මොකද වෙන රටවල්වල එහෙම නෑනෙ...අපේ රටේ සමාජෙ එහෙම හැඩගැහිලා..:)

      කූඩු හදන්න ඉතිං පුලුවන් තමා.. ^_^

      Delete
  21. කවියෙන් කියා ඇති කතාව ඇත්ත, නමුත් බටහිර කාන්තාවට වඩා ආසියාතික කාන්තාවගේ නිදහස එන්තරා සීමාවකදී සිමාවෙනවා. ඒ සමාජ සංස්කෘතික ලක්ෂනයක්. ඓතිහාසිකව පැවත ආ ඒ කාරණයෙන් මිදෙන්න අපහසුයි.

    ඒ අතින් බලන විට ආසියාතික කාන්තාව හොඳයි බටහිරට වඩා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම..ඒකනම් ඇත්ත!! බටහිර රටවල් එක්ක බලද්දි සමහර වෙලවට හිතෙනවා මේ සීමාවල් තිබුන එක අපෙ රටේ සංස්කෘතිය ඇතුළේ වාසනාවක් කියලාත්..:)

      Delete
  22. ඩුක ටමයි අක්කියෝ...:(

    ReplyDelete
  23. දවසක් එයි ඔයාටත් නිදහසේ අවිදින්න පුලුවන්..

    ReplyDelete
  24. මේ වෙසක් දවස්වල ගෙදරට වෙලා කම්මැලි කමේ ඉද්දි මටත් ඕකම හිතුනා..
    එක් කොහොමහරි වෙසක් කූඩු ටිකක් හදාගත්ත නිසා කමක් නෑ කියලත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. අහ්හ්..මටත් වෙසක් කූඩු අලවන්න පුලුවන්.. හදන්න හොදටම බෑ..:(

      Delete
  25. මේක පැහැදිලි ඉරිසියාව....:D :P

    ලස්සන නිර්මාණයක්...!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ඔව්... ඉරිසියාව නේන්නම්..:p

      ස්තූතියි අයියා..:)

      Delete
  26. මට කවුරු හරි ඔය වගේ කථාවක් කිව්වා නම් මටත් තද වෙනවා. ඔය කොල්ලෝ වුනත් පොඩි කාලේ වෙසක් බලන්න ගියේ තනියම නෙවෙයිනේ, අම්මගේ අතේ එල්ලිලා, එක්කෝ අම්මා එයාව වඩාගෙන. ටිකක් ලොකු වෙලා කරදඬු උස් මහත් වෙලා තනියම යන්න පුළුවන් වුනාම කෙල්ලොන්ට වෙසක් බලන්න යන්න බෑ කියලා නීතියක් දාන්නෙත් එයාලමයි. එතකොට එහෙනම් එයාලා පොඩි කාලේ අම්මලා එයාලව එක්කන් යන එකත් වැරදියි.:P :P
    නැද්ද මම අහන්නේ..

    ReplyDelete
    Replies
    1. podi kale kisima kollek eyava vadagena yanavata kamathi na ..eyala kamati pain ..thaniyama hare mehe duwa duwa ful pissuvak natagena thaniyama inna..onna okata baya nisai ammala podi kollonva vadagena ekka yanne... :)

      Delete
    2. ප්‍රා අක්කි- හික්ස්ස්..ඇත්ත මගේ අක්කි... සමහර කොල්ලො ඉන්නවා ඉතිං "කෙල්ලො වෙසක් බලන්න යන්න ඕනෙ නෑ" කියන :p හික්ස්ස්.. අලේ මංදා ඉතින්...එහෙම කියන්නෙ නැති එක්කෙනෙක් හොයාගන්න අක්කි ,;) නැත්තම් වෙසක් බලලා හමාරයි..

      Delete
    3. සිහින- හා හ..මෙයා කොල්ලොන්ව සුද්ද කරන්න ඇව්ල්ලා.

      Delete
  27. අපෝ ඔය ඕනතරම්‍ කෙල්ලො වෙසක් බලන්න ඇවිත් හිටියෙ... කියල තියෙන එකක්වත් උවමනාව තියෙනව නම් බැරි දේවල් නෙමෙයි.. ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ඔව්.. මම කිව්වෙ කොල්ලෙක්ට වගේ නිදහසක් කෙල්ලෙක්ට නෑ කියලායි..:)

      Delete
  28. අනේ මන්දා මොනවා කරන්න්ද නගේ.තනියම යන්න තරම් දැන් සමාජය හොදත් නෑ.කට කතාත් ඇති තරම්...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ... අම්මෝ... කට කතා..ඇහෙද්දිත් වචනෙ බයයි..;)

      Delete
  29. අනේ සමහර වෙලාවට මටත් ඔහොම හිතිලා තියෙනවා.කොල්ලන්ට තියෙන නිදහස අපිට තිබුනනම් කියල.අපිට ඉතින් ඒ නිදහස නොතිබුනාට පිරිමි ලමයි වගේම හරි හරියට නිදහස බිදින ගෑණු ළමයිත් ඕන තරම් ඇති නේද

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ..අම්මෝ..ඕනෙතරම් එහෙම ගෑනු ළ්මයි ඉන්නෙ.. සීමාවක්, මායිම් හැමදෙයක්ම බිදගෙන යන..

      Delete
  30. මම හිතන්නෙ අපිට පුළුවන් වෙන්න ඕන ඒ සංස්කෘතික මායිම් තුළ ඉදගෙනම වුණත් කෙල්ලො විදියට අපේ අනන්‍යතාවය ගොඩ නගා ගන්න.කොල්ලොන්ට වඩා සාර්ථක කෙල්ලො ඕනැ තරම් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක නියමයි අක්කියෝ.. මාත් දුක හිතුණම අඩන්නෙ ඕම තමයි...:DDD

      Delete
    2. කොල්ලොන්ට වඩා සාර්ථක කෙල්ලො ඕනැ තරම් ඉන්නවනේ.

      අනිවාර්යෙන්..සාර්ථකත්වය මනින මිමි අනුව එහෙම වෙන්න පුලුවන්...:)

      හික්ස්ස්..අනේ..ඔයාත් අඩන්නෙ මෙහෙමද? ශෝයිනෙ..:*

      Delete
  31. ආං හොඳා ලබන ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්ථනා පාරක් දාපං නංගියේ..කොහොමත් මේ ආත්මේ නිවන් යන්න ලැබෙන්නැති බව සහතිකයි නොවැ...

    වෙලාවක බ්ලොග් මිතුරො සෙට්වෙලා දෙමුද දන්සැලක් සිසිල් බිම එකක්...

    ReplyDelete
    Replies
    1. අන්න නියම අදහසක් මචං. අපි එනවා (Y)

      Delete
    2. දන්සැල් කියන්න කලින් රෙපා මැද්දට පැනලා.. අපේ උබ !

      Delete
    3. රාජ් අයියා- හික්ස්ස්.. ඔව් ඔව්.. මේ අඅත්මෙ ඇතිවෙන්න පිං කරන්න ඕනෙ..

      අන්න ගුඩ් අයිඩියා රාජ් අයියා.. ඔයා ප්‍රධාන සංවිධායක වෙලා පටන්ගන්න.. අපි සප් එක දෙන්නම්..

      Delete
  32. සමාජ සංස්කෘතික කාරණා නිසා ගෑනු ළමයෙකුට එහෙම තනියම වෙසක් බලන්න යන්න දෙන්නේ නැති පරිසරයක් තියෙනවා තමයි. ඔයාට ඔය කියන නිදහස ඕනම නම් ඉතින් තනියම ගිහින් බලන්න මොකද වෙන්නේ කියලා අපි නම් එපා කියන්නේ නෑ. :P
    ඒත් ඉතින් වෙසක් බලන්න ඔය තරමටම ආස නම් උවමනාවක් තියෙනවා නම් ඔය ආසාව ඉෂ්ට කර ගන්න බැරි වෙන එකකුත් නෑ. තනියම යන්නේ නැතුව තව කවුරු හරි එක්ක ගියාට මොකද වෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔයා එපා කිව්වට කවුද ගනන් ගන්නෙ අලේ?? තනියම ගිහින් බලන්න ඌමනවක් නෑ.. මම කිව්වෙ කොල්ලෙක් වුනානම් යන්න තිබ්බ විදිය ගැනනෙ..:p

      අනිවා..ඉලඟපාර යනවා අරයත් එක්ක..;)

      Delete
  33. කොල්ලෙක් වෙලා උපදින්න ගොඩක් පින් කරන්න ඕනෙලු. ඉතින් ඔයත් පමා නොවී කුසල් රැස් කරන්න. කවිය ලස්සනයි. මට නම් චිත්ත රුප මැවුණා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හ්ම්ම් හ්ම්ම්.. පිං කරන්න ඉන්නෙ...ස්තූතියි පැතුම්!!!

      Delete
  34. අද ඉඳල කොල්ලොන්ට රවන එක ඔරවන එක නවත්වන්න.ඊට පස්සේ මල් පුජා කරන්න ඊළඟ ආත්මයේ ඔයා කොල්ලෙක් වෙලා උපදිවී මොකද කොල්ලෙක් වෙන්න හොඳට පිං කරන්න ඕනේ.

    නිර්මාණය නම් ලස්සනයි වෙසස් අදහසක්.

    ReplyDelete
    Replies
    1. ආ.. පුහ්හ්.. මම රවන එකනම් නවත්තන්නෙ නෑ..:p මල් පූජා කරන්න කොල්ලොන්ට?? පිස්සු හැදෙයි...

      ස්තූථියි අසාර් ඛාන්...:D

      Delete
  35. ලෝකය මවපු හැටි මේක වුනාට අපිට පුළුවන් මේදේ වෙනස් කරන්න. ඒත් එහෙම කරන්නේ නෑ... ඇයි ඒ...

    පොඩ්ඩක් හිතුවක්කාර වුනොත් නම් වෙනස් කරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. කරන්නෙ නෑ.. ඇයි එ?? අපි බය හින්දාද?

      හික්ස්ස්.. නම හිතුවක්කාරි වුනාට මමත්... නිකන් එහෙම නෑ වගේනෙ..???

      Delete
  36. මේ ක්‍රමයට මාත් අකැමැති !

    ReplyDelete
  37. අසාධාරණයි තමා... ඒත් සාධාරණය අපේ පැත්තට හරව ගන්නත් පුළුවන් පොඩ්ඩක් මහන්සි වුණොත්....

    ReplyDelete
  38. යකෝ...බොලා කොල්ලෝ උනාම අපි ලව් කරන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බං උඹ ලව් කරන්නේ කෙල්ලොන්ට නෙවෙයි නේ!!

      Delete
    2. රත්ගමයා- හික්ස්ස්...:D කොල්ලොන්ට :p

      Delete
  39. ලොකේ මවපු විදියට වඩා මේක අපි හදාගනිපු විදිය කියල මට නම් හිතෙන්නේ.. ලස්සනට ලියල තියනව

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම වෙන්නැති!! ස්තූතියි පබලු!!

      Delete
  40. නම හිතුවක්කාරී නේ.. ඉතින් හිතුවක්කාර වෙන්න.. එතකොට හරි නේ!!

    ReplyDelete
    Replies
    1. නම එහෙම වුනාට මම එහෙමම නෑ අලෙ!! :D

      Delete
  41. හරිම ලස්සනයි....!
    ...............................
    ඕක අපේ සංස්කූර්තියත් එක්ක ආපු දෙයක් කියලයි මට හිතෙන්නෙ.
    මොකද..? ගැහැණු ලමයි කියන්නෙ සුරකින්න ඕන වස්තුවක් විදියටනෙ සලකන්නෙ...
    ඇයි.. අම්මල.. කියන්නෙ.."පුතේ අක්ක වැඩ ඇරිල එන වෙලාව..ටිකක් පාර දිහාවෙ බලපන්.." කියල.
    එක අතකින් ඒකෙත් පොඩි සුන්දර..ද ..මොකක්ද...? එක කුත් තියෙනව නේද.....?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්තමයි වී .. මාත් කෙල්ලෙක් වෙලා ඉපදුන නිසා, සමහර තැන් වලදි ආසයි..ඒත් ඔය සම්හර කොටු වුන වෙලාවට තමා හිතෙන්නෙ කොල්ලෙක් වුනානම් කියලා..

      සුන්දරකමකුත් නැත්තෙ නෑ...:)

      ස්තූතියි ඔයාට!!

      Delete
  42. බැරිවෙලා හරි කොල්ලන්ට වගේ නිදහසක් එහෙම තිබ්බනම්....හනේ හපොයි අපි වගේ , මල් වගේ කොලු පැටව් ටික.....හයියෝ මට නම් දුකේ....බැරුවා...

    ReplyDelete
    Replies
    1. :O මල් වගෙ?? පුහ්හ්... ඇයි මොකෝ වෙන්නෙ පැටවුන්ට?

      Delete
  43. හිතුවක්කාරකම් කරන්ට අනේ :පි

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඒක තමා අනේ..;)

      Delete
  44. වර්ණා අක්කට එකගයි මාත්.
    …කාටවත් කරදරයක් නැත්තම් වරදක් වෙන්නෙත් නැත්තම් ඉතින් එහෙම කලාට කමක් නෑනෙ?

    …ඔන්න ඔයාගෙ කොමෙන්ට් එක දිගේ පාර හොයාගෙන මාත් ආවා :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් මම පුංචි පුංචි හිතුවක්කාරකම් කරනවා...:D ලොකු ඒවා නෑ...

      අහ්හ්හ් තැන්කූ නංගා.. මාත් එහාට එනවානෙ..:D

      Delete
  45. ඔව් අනේ....වෙලාවකට මටත් ඔහොම හිතෙනව :(((

    ReplyDelete
    Replies
    1. :) :D හික්ස්ස්සේකනෙ..හැමෝටම මොහොතකට හරි එහෙම හිතෙන්න පුලුවන්..

      Delete
  46. මේක පාට පාට ලෝකයක් පාට අතර තනි වුනාම ඔහොම හිතෙනවා ........... කළු සුදු අළු ......

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....