නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 May 2012

~ අසම්මත පෙම ~

අපිට අපි හිමි නැති මේ ආදරෙන්,             
වෙන් වෙන්න කල් දැන් ඕනෑ තරම්....
නුඹ අයිති ඇයටයි...
මා අයිති ඔහුටයි....
අපිට අපි අහිමියි....
හිත දන්න මුත් අපි නොදනියි.......


ලෝකෙනුත් ගැරහුම් පමණ නම්,
ඇයි ඉන්නෙ අපි ළං වෙලා මේ තරම්....
ආදරෙත් අසම්මතයිලු...
බැදීමත් තාවකාලිකයිලු...
ජීවිතෙත් අසම්පූර්ණයිලු...
හිත දන්න මුත් අපි නොදනියිලු.........


ලෝකෙ මොනතරම් අසාධාරණද,
ආදරේට මොකට සම්මතයක්ද....
නුඹ මට ආදරෙයි...
මම නුඹට ආදරෙයි....
කොන්දේසිත් විරහිතයි....
අපි දන්න මුත් ලෝකය නොහඳුනයි......

Post Comment

90 comments:

  1. කොහෙන් ආවද මේ අදහස් අප්පේ..? ලස්සනම ලස්සනයි...!

    ReplyDelete
    Replies
    1. කුරුල්ලා වෙනස් කරලා අඳුරගන්න බෑ එක සැරේම.

      Delete
    2. හි හි... කොහෙන් ආවද මංදා කිරිල්ලි!! ඔහේ ලිව්වා..:) තැන්කූ!!!!

      Delete
    3. අසාර් අයියා- හික්ස්ස්.. ඔයාට අඳුරගන්න බැරිද?? අපිටනම් පුලුවන්..:p

      Delete
    4. කුරුල්ල??? මම කිරිල්ලි දැන් ඉස්සරට වඩා ලොකුයි ටිකක්..ඒකයි අලුත් පොටෝ එකක් දැම්මෙ....:):)

      Delete
    5. බැලු බැල්මටම කියන්න දාන්නේ නෑ ඌ කුරෙල්ලෙක්ද කිරිල්ලියෙක්ද කියල.

      Delete
  2. හරිම ලස්සනයි මගේ නංගියෝ.. මම දෙක වෙලානේ...
    ආදරේට සීමා මායිම් නෑ මගේ නංගෝ.. හිත් දෙකක් එකට බැ‍ඳෙන්න ඕනේ වෙන්නේ ආදරයම විතරයි.. ඊට එහා දෙයක් ගැන කිසිම දෙයක් ආදරයක් පටන් ගනිද්දි ගොඩාක් දෙනෙක් හිතන්නේ නෑ.. ඒත් ඒ ආදරේ සම්මත අසම්මත බව කියන දේ තීරණය කරන්නේ සමාජය. ඒක ආදරේ කරන දෙන්නට කිසිම ප්‍රශ්නයක් නොවුනත් සමාජය ඒක ප්‍රශ්නයක් කරගන්නවා.. ඒක තමා මිනිස්සුන්ගේ හැටි..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගෙ අක්කි!! ඔව් අනේ..ඔයා දෙක වෙලා..

      අනිවාර්‍යෙන් අක්කි!! හිත් දෙකක් එකට බැදෙද්දී ආදරේ විතරක්ම සලකලා එකට බැඳුනාට පස්සෙ සමාජෙ විසින් ඔය එක එක සීමා දාන්න පුලුවන්.. එහෙම නැතුව ආදරේට එහෙම දේවල් නෑ මං හිතන්නෙ..:)

      Delete
  3. නියම අදහසක්. ඔය එක එක නීති කොන්දේසි අනම් මනං කතන්දර ඔක්කොම අපි අපිටම දාගනිපු ඒවා මිසක් දෙයියෝ දීපුවා නෙවෙයි. ඒත් හදවතට ඔය නීති කොන්දේසි කිසිම දෙයක් අදාළ වෙන්නේ නෑ. කොන්දේසි විරහිතව ආදරේ කරන්න අපට පුළුවන්. ඒත් ඒ ආදරේ ලග තියා ගන්න බැරි කම තමයි අවුල. මං නම් මෙතන කිව්වේ ආදරේ ගැන මිසක් කෑදරේ ගැන නෙවෙයි ..:P

    ReplyDelete
    Replies
    1. // ඔය එක එක නීති කොන්දේසි අනම් මනං කතන්දර ඔක්කොම අපි අපිටම දාගනිපු ඒවා මිසක් දෙයියෝ දීපුවා නෙවෙයි.//

      සහතික ඇත්ත!!! ඇත්ත.. ආදරේට නම් ඔය කිව්ව සියල්ල අදාළයි.. ඒත් කෑදරේට එහෙම වෙන්න බෑ..;)

      Delete
  4. අනුන් හදපු රාමුවක අනුන්ට ඕන විදියට
    අපි ගෙවන අපේ ජීවිත
    සම්මතයට පිටින් ගොයොත්
    කියාවි ලෝකයම
    කයි කතන්දර

    උපන් දා සිට අප හදාගත් ලෙස
    පුදුමාකාර කැක්කුමකින්

    ReplyDelete
    Replies
    1. //අනුන් හදපු රාමුවක අනුන්ට ඕන විදියට
      අපි ගෙවන අපේ ජීවිත//

      හරියටම හරි!!!!

      Delete
  5. නමක් නැති ආදරණීය බැදීම....
    ඔව් ඇත්ත..මම නුඹට ආදරෙයි සක්තයි ඔයා හිතනවටත් වැඩිය..
    මම දන්නවා..නුඹත් මට ඒ තරමටම ආදරෙයි කියලා...
    අපි දෙන්නට ජීවත්වෙන්න සමහරවිට ඒ ආදරේ විතරක්ම ඇතිවෙයිලු....
    බට්..ප්‍රැක්ටිකලි.....................................................................?????????????????

    ReplyDelete
    Replies
    1. බට්..ප්‍රැක්ටිකලි.....................................................................?????????????????

      ප්‍රශ්නෙට උත්තරෙත් තියෙන්නෙ ඔයා ළඟමයි..:)

      Delete
  6. //ලෝකෙ මොනතරම් අසාධාරණද,
    ආදරේට මොකට සම්මතයක්ද....
    නුඹ මට ආදරෙයි...
    මම නුඹට ආදරෙයි....
    කොන්දේසිත් විරහිතයි....
    අපි දන්න මුත් ලෝකය නොහඳුනයි......

    කොච්චර හයියෙන් කෑ ගහලා කීවත් ලෝකයට ඒ දේ දැනෙන්නේ නෑ.

    ලස්සනයි නංගී.
    :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ලෝකෙට කොහොමත් දැනෙන්නෙ නෑ..:)

      ස්තූතියි අක්කෙ!!

      Delete
  7. ආදරය ඇති වෙන්නේ හිත් දෙකක නම්, සම්මත බව හෝ අසම්මත බව තීරණය කිරීම ද කළ යුත්තේ ඒ හිත් දෙක ම තමයි..
    සමාජයේ අනේකවිධ බෙදීම් නිසා ආදරය කරන හිත් දෙකක් එකතු නොවුනත් ආදරය කිරීම නවත්තන්න බෑ.. ඒ හින්දා ම කවදාවත් වෙන් වෙන්නේ නෑ.. සදහට ම ආදරය කරනවා.. එහෙම උනාම ඒ ආදරය අසම්මතයි ලු.. වැරැද්ද කාගේද?
    මට හිතෙන්නේ සමාජයේ!

    ReplyDelete
  8. සම්මතේට බය වෙලා හිටියම බය වෙලාම හිටියෑකි!

    කවිය ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඒත් කවුරුත් සම්මතේ පනින්න බයයි...

      ස්තූතියි!!

      Delete
  9. එකත් නියම අදහසක් නේ.අසම්මත ආදරේ???... එත් ඇයි ඔයා සිතුවිල්ලක් පමණයි කියල දැම්මේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. අන්න අසාර් අයියේ වැදගත් ප්‍රශ්ණේ..

      Delete
    2. හ්ම්ම්ම්.. අසම්මත වුනාමත් පොඩි ගතියක් තියෙනවා නේ ආසර් අයියේ?? ;) අත්දැකීමෙන් දන්නවාද?

      සිතුවිල්ලක් පමණි කියලා මම ආයෙත් දාන්නෙ නෑ මොකක් ව්උනත්..වැඩක් නෑනෙ..:p :/

      Delete
    3. දිනේෂ් අයියා- ඒ ප්‍රශ්නෙ ඇති වැදගත්කම මොකක්ද අනේ?? :p අසාර් අයියා ඉදලා ඉදලා ඇහුවොත් අහන්නෙ ඉතින් ඔය වගේ විකාර ප්‍රශ්නයක්ම තමා..:p

      Delete
  10. සම්මතයට කොහෙන්ද මනින්න මිම්මක් ලැබුනේ... ආදරේට සිමා මායිම නම් නැ....

    මගේ ජිවිතේට මෙක ගොඩක් සමිපයි වගේ දැනුනා හිතු...

    ලස්සනයි..

    ___සිහින මදාරා____

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සම්මතය හැදිලා තියෙන විදියනම් ප්‍රශ්නයක්!! ආදරේට සීමා මායිම් නැති බව ඇත්ත..:)

      හ්ම්ම්.. හුඟාක් අයගෙ ජීවිත වලට මේක සමීප ඇති!! ස්තූතියි!!!

      Delete
  11. ඔව් මේක මටත් සමීපයි ... නියමයි :D

    ReplyDelete
    Replies
    1. මගේ එඩ්වඩ් :) 

      __සිහින මදාරා__

      Delete
    2. මදාරා හොදටම ශුවර් නේ මේ එයාමයි කියලා.... ;)

      Delete
    3. Ano-ආහ්හ්හ්හ් ස්තූතියි මදාරාගෙ එඩව්‍ඩ්!!!! :D

      Delete
    4. මදාරා- හික්ස්ස්.. ශුවර් ද මේ එයා කියලා..;)

      Delete
  12. 100% යි...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ.. 100%ක්ම?? වැඩි නැද්ද?? :D

      එසේම වේවා!!

      Delete
  13. හ්ම්..................... මොකක් කියන්නද මන්දා...???

    ශුවර්ද ඒ ආදරේ කියලා.නැත්නම් රාගය විතරද දන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්...............

      ආදරෙයි රාගයයි අතරේත් ලොකු පරතරයක් නෑනෙ?? මම මෙතන කිව්වෙනම් ආදරේ ගැන..:) හැබැයි අර පූසා අයියා කියනවා වගේ ඔතන , ආදරේ නැතුව ආසාව විතරක්ම තියෙන අවස්ථාත් තියෙන්න පුළුවන් ඉතිං.. පුද්ගලයා අනුව වෙනස් වෙනවා..

      Delete
  14. අනිත් අතට ගත්තාම ඇය හා විවාහ වූ ඔහුත් ඔහු හා විවාහ වුනු ඇයත් අසරණයි නේද මේ පෙම හමුවේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! අසම්මත ආදරයක් ජීවිත 4ක් විනාශ කරගෙන කෙලවර වෙන්න පිලුවන්.

      Delete
    2. රූ අක්කා-හ්ම්ම්.. ඔව්.. විවාහ වුනොත්, හරි ප්‍රේම සම්බන්ධයක් වුනත් හරි එතනදි දෙන්නෙක්ට අසාධාරනයක් වෙන්න පුළුවන්.. ඒත්, එහෙම වෙන්නත් සාධාරණ හේතු තියෙන්නත් පුළුවන්.. නේද??

      Delete
    3. ~HèáléR~ - ම්ම්ම්ම්... අසම්මත ආදරෙන් අන්ධ වුනොත්....... වෙන්නත් බැරි නෑ..

      Delete
  15. ලව් මල ඉලව් මටනම් :පි

    ReplyDelete
  16. අපි අපිම හදපු
    රාමුවක
    හිරවෙලා
    දුක් විඳින

    ReplyDelete
  17. "විසඳුමක් නැත ලෝකයෙන්
    සමාවක් නැත ලෝකයෙන්
    අසම්මතයේ පෙම්වතුන් අපි
    දෛවයට ඉඩදී බලා සිටිමූ"

    ෴නන්දා මාලනී සහ එඩිවඩි ජයකොඩි"
    කවියේ මේ අදහස ගැන ගියකින් එහෙම කිව්වා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මම අහලා තියෙනවා.. ඔය වගේ අසම්මත ආදර කතා වෙනුවෙන් ලියැවුනු ගීත තව හුඟාක් තියෙනවා නේද??

      ස්තූතියි!!

      Delete
    2. අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු උනේ
      ලං නොවන්නට රහසි බැම් ඇත නුඹ නොදන්නා මගෙ ලොවේ......

      Delete
    3. "තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
      මා බැලුවෙ කම්පා වී කුමක් කරම්දෝ කියා
      උපදින සංසාරේ ඔබ මගේ කීව නිසා
      තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා"

      "ආදම් එන්න ඉතින්
      හාදකම් අරන්...
      ලෝකෙන් ගැරහුම් ආවත්
      අපට කොයිතරම්..."

      හුඟාක් සින්දු තියෙනවා මං හිතන්නෙ..

      Delete
  18. අනේ අම්මප අක්කේ අපිට අපේ එව්වා හොඳනම් අනිත් එඋන්ට මක්කටද කියල හිතෙනවා :ප්
    අපිට එහෙම හිතුනට සමාජය බලන කොණේ වෙනස් නේ එකය් ප්‍රශ්නේ :/
    කවිය එල !!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔව්නෙ.. සමාජෙ එහෙම වුනාම බලන විදියක් තියෙනවානෙ..

      තැන්කූ!!

      Delete
  19. ආදරේ මෙච්චරටම අන්ධයිද ?

    ReplyDelete
    Replies
    1. ආදරේ අන්ධයි තමා අයියේ!!! අයියාත් අන්ධ වෙලා ඇති!! ;)

      Delete
  20. මාත් මෙහෙම හිතපු කාලයක් තිබුණා හිතූ... ඒත් අනේ මන්දා.........ඒක ප්‍රායෝගික නෑ....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්... මාත් මේ දවස්වල එහෙම හිතනවා..;0

      Delete
  21. ඇය-
    ප්‍රේමය පුදදී අවසානයි
    ඔහු සතුවී කාලය බොහොමයි
    අන්සතු මා නොපතන්න
    තහනම් සෙවනෙන් යන්න........

    ඔහු-
    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුඹවාගෙම ඈතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    ReplyDelete
  22. ආදරේ අසම්මතයි.. ඇත්තටම එහෙම දෙයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා අයියෙ!! සමාජෙ එහෙම දෙයක් තියෙනවාලුනෙ..

      Delete
  23. ලස්සනයි හිතූ.... ඒත් අවසානය දුකක් මයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනූ... හ්ම්ම්.. අඅදරේ කොහෙද එතන දුක නම් ඇත!!

      Delete
  24. නුඹ මට ආදරෙයි...
    මම නුඹට ආදරෙයි....
    කොන්දේසිත් විරහිතයි....

    ලස්සනයි කවිටික හිතූ...

    ReplyDelete
  25. //..ආදරේට මොකට සම්මතයක්ද....
    නුඹ මට ආදරෙයි...
    මම නුඹට ආදරෙයි....//

    ආදරේ කරන හිත් වෙන්කරන්න මේ ලෝකේ මෙච්චර නපුරුවුනේ කොහොමද?

    ලස්සන කවිකමක් හිතු.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ එහෙම තමා..අපි හිතන තරමට සුන්දර නෑ..:) ස්තූතියි යාලු!!

      Delete
  26. ලෝකෙ මොනතරම් අසාධාරණද,
    ආදරේට මොකට සම්මතයක්ද..............ඇත්ත තමයි ..... එත් ඉතින් අපි මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... අපි මොනා කරන්නද?? :(

      Delete
  27. සිතිවිල්ල ලස්සනයි......
    ආදරය.... ම්ම්...??
    විවිධ අයට විවිධාකාරය...........

    ReplyDelete
    Replies
    1. //විවිධ අයට විවිධාකාරය...........//

      ඇත්ත!!!

      Delete
  28. ප්‍රේමනීය වූ හැගීමක
    වින්දනීය වූ චමත්කාරය

    ReplyDelete
  29. ආදරේ කියන්නේ මොකක්ද බන්?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්.. තාමත් පර්යේෂණ මට්ටමේ!!

      Delete
  30. දැන් සම්මත ඒවා නැහැ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අසම්මතේ නොවැ නේ??

      Delete
  31. අනේ මන්දා මම නම් ගොළුවෙලා මේක දැකලා....
    මම ආස සිංදුවක් තියෙනවා ටිකක් මේක ලගින් යනවා අදහස
    ඔය එක ඉවුරකි
    ඔහු තව ඉවුරකි
    කදුළු ගගකි මා
    දෙගෙඩ තලා ගිය
    කදුළු ගගකි මා

    දෙව්රේ හැපි හැපි
    දෙව්රේ ගැටි ගැටි
    තව දුර යන්නට බෑ
    තව දුර යන්නට බෑ

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් ඔව්.. ඔය සින්දුවට මාත් අඅසයි!!! :)

      Delete
  32. කොන්දේසි විරහිත ආදරයක් නම් අසම්මතය බාධාවක් නෙමෙයිනේ. අසම්මතයි කියන ලේබලේ දෙන්නේ ලෝකයා. ඉතින් ආදරේ කරලා ජීවත් වෙන්නේ ලෝකයාත් එක්ක නෙමෙයිනේ. ආදරේ කරන දෙන්නනේ. ඉතින් ඒක ඒ දෙන්නට විතරක් සම්මත උනාම ඇති.

    ReplyDelete
    Replies
    1. නියම කතාවක්!! ඇත්ත තමා.. ඔය ලේබලෙ දෙන්නෙ ලෝකයා නිසා, ආදරේ කරන දෙන්නාට සම්මත වුනාම ඇති බව ඇත්ත.. ඒත් තව අතුරු ප්‍රශ්න හුඟයි නේද??

      Delete
  33. හ්ම්ම් ආදරේට සීමා දාගෙන තියෙන්නේ මිනිස්සු විතරයි නේද? අනේ මන්දා ඒක හොඳද නරකද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ.. මිනිස්සුම තම හැම සීමාවක්ම මායිමක්ම දාගෙන තියෙන්නෙ..

      Delete
  34. ආදරේට සීමාවක් තියන එකත් හොදයි, නැති එකත් හොදයි..අනේ මන්දා දෙපැත්තෙනම හොදක් තියනවා ඉතින්...එත්..ඒවා එකෙකෙනාගේ හිතීමේ ශක්තිය අනුව තියන සම්මතයන් කියලයි මට හිතෙන්නේ..අනේ මන්දා අප්පා..සැහෙන්න හිතෙනවනේ..
    හිතු නංගෝ..මේක සිතුවිල්ලක්ද නැත්නම්...?;):P
    ලස්සනයි නංගෝ..:)

    ReplyDelete
    Replies
    1. දෙපැත්තෙනම හොදක් තියනවා ඉතින්.

      ම්ම්.. ඔව් අක්කේ.. හැම දේකම දෙපැත්තක් තියෙනවානෙ..:)

      හික්ස්ස්.. මේක සිතුවිල්ලක් විතරයි නම් තමා..:D ස්තූතියි!!!

      Delete
  35. ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
    අපමණ සිතුවිලි දයාබරයි..
    හමුනොවනා බව දැන සිටිනා මුත්
    ඔබම පතා සිත පෙරම් පුරයි..!!
    බුලේගොඩ මහත්මයාගෙ මේ සිංදුව මතක් වුණා..
    සම්මත අසම්මත එක එක්කෙනා දකින විදිහ වෙනස්නෙ.. ඒ සීමාවල් දාගෙන තියෙන්නෙ මිනිසුන්ම තමයි..
    ලස්සනයි පොඩ්ඩියේ කවි ටික..!!

    ReplyDelete
    Replies
    1. ඔහොම කතා ගැන මොනතරම් සින්දු තියෙනවාද අක්කි...:) නැතුව, මිනිස්සුම හදාගත්ත සීමාවල් නිසා මිනිස්සුම දුක් වෙනවා..:)

      ස්තූතියි අක්කෙ!!

      Delete
  36. ලෝකය කියයි එකක්
    අපිට හිතෙයි තව දෙයක්...
    කුමක්ද නිවැරදි..
    කව්රු නම් දනීද.....
    සමහර විටෙක නම්
    බොළඳ වන ආදරය....
    තවත් විටක
    නුග රුකක් සේ දැඩිව..
    තීරණය ඔබ අතේ...
    ලොව ගැන සිතනවාද....
    ඔබ ගැන සිතනවාද .....?

    ReplyDelete
    Replies
    1. //තීරණය ඔබ අතේ...
      ලොව ගැන සිතනවාද....
      ඔබ ගැන සිතනවාද .....?//

      ඇත්ත!!! එකඟයි!!!

      හුඟාක් ලස්සනයි!!! ස්තූතියි සහෝ!!

      Delete
  37. WoW
    ලස්සනයි.... ලස්සනම ලස්සනයි.....

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....