නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

24 May 2012

ආදරේ කරලා බඳිනවාද? බැඳලා ආදරේ කරනවාද?


ආදරේ.... මම හැමදාම කියනවා වගේ ආදරේ කියන වචනෙට හරිම අර්ථකථනයක් දෙන්න කාටවත්ම බැරිව ඇති. ඔව් එහෙම වෙන්න ඕනෙ..නැත්තම් ඔයාට පුළුවන්ද හරියටම කියන්න, ආදරේ කියන්නෙ මෙන්න මේකයි කියලා? අමාරුයි නේද? මොහොතකට හිතාගෙන කියාගෙන කියාගෙන ගියත් , "ඇත්තටම ආදරේ ඒකද?" කියලා ආයෙමත් හිත ඔයාගෙන්ම ප්‍රශ්න කරනවා නේද? 


කොහොම මොන විදියකින් කිව්වාත්, ආදරේ කරන අපේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ බහුතරයකගේ අවසානයේ හීනය වෙන්නෙ ඒ ආදරේ විවාහයකින් කෙළවර වෙනවා දැකීමයි. ඇත්තටම මම හරිද? විවාහයෙන් ආදරේ කෙළවර වෙනවා කියන්න පුළුවන්ද? විවාහ වුනාම ආදරේ කරන්නෙ නැද්ද එතකොට? (ඔන්න බැඳපු අයට දෙන්න පුළුවන් හොද උත්තරයක්)


සමාජෙ බොහෝ දෙනෙක් කියන විදිය තමයි, ආදරේ විවාහයෙන් කෙළවර වෙන එක සතුටක් කියන කාරණාව. ඔව්.. "කෙළවර වීම" ,"අවසාන වීම" කියන වචන කෙසේවෙතත්, ඇත්තටම අවංකව ආදරේ කරපු කෙනෙක්ට, තමන් ආදරේ කරපු කෙනත් එක්ක මැරෙනකම් ජීවත් වෙන්න,  සදාකාලිකවම එකට ඉදගෙන, ජීවිතේ බෙදාගන්න තියෙන නෛතික වටිනාකමක් එක්කම ලැබෙන අවස්ථාව තමා විවාහය කියන්නෙ.


විවාහය අපේ රටේ  එක එක විදියට සිද්ධ වෙනවානෙ.. බහුලවම සිද්ධ වෙන ආකර දෙකක් තමයි, යෝජිත විවාහ සහ ආදර සම්බන්ධතා පදනම් කරගත් විවාහ.පෞද්ගලිකව මම නම් යෝජිත විවාහයකට අකමැතියි. ;) ඒත් මේ ක්‍රම දෙකේදිම මම හිතන්නෙ සැලකිය යුතු පැති කීපයක්ම තියෙනවා.හැම දේකදිම දෙපැත්තක් තියෙනවා වගේ, මෙතනදිත් පැතිකඩ දෙකක් තියෙනවා කියන එකයි මගේ අදහස.


ආදරේ කරලා බැඳලා සතුටින් ජීවත්වෙන අය ලෝකෙ කොච්චරනම් ඇත්ද? ඒ වගේම කසාද බැඳලා ආදරේ කරන අයත් ලෝකෙ මොනතරම් ඇත්ද? ඒත් කවුද සාර්ථක , කවුද අසාර්ථක කියලා අපිට නිශ්චිතවම කියන්න පුළුවන්ද?


මම හිතන  විදියටනම්, ආදරේ කරලා කාලයක් තිස්සෙ ආශ්‍රය කරලා, දෙන්නාට දෙන්නා අඳුනගෙන කසාද බඳින එක හොඳයි.එතකොට  එකිනෙකාගෙ රුචි අරුචිකම්, ගතිපැවතුම්, පුරුදු, හැකියාවන්, දක්ෂතාවයන්, දුර්වලකම් මේ හැම දෙයක්ම කාලයක් තිස්සෙ අධ්‍යනය කරන්න පුළුවන්.


එයාට තරහා ගියාම කොහොමද, එයා රණ්ඩු වෙන්නෙ කොහොමද,  එයා කන්න කැමති මොනාද, අඳින්න කැමති කොහොමද, යාලුවන්ට, නෑදෑයන්ට ,වැඩිහිටියන්ට ,දෙමව්පියන්ට සළකන්නෙ කතා බහ කරන්නෙ ගරු කරන්නෙ කොහොමද, එයා  ජීවිතේ තේරුම්ගන්නෙ කොහොමද, එයා එක්ක මට ජීවත් වෙන්න පුළුවන්ද? ජීවිතේ කෙළවර වෙනකම්, මැරෙන මොහොත වෙනකම් එකට ජීවත් වෙන්න තරම්  එයා මාව තේරුම් අරන්ද ඉන්නෙ, මම එයාව තේරුම් අරන්ද ඉන්නෙ,  එයාට මම වෙනුවෙන් ඉවසන්න කැපවෙන්න පුළුවන්ද, මට එයා වෙනුවෙන් ඉවසන්න කැපවෙන්න පුළුවන්ද, ...... වගේ හුඟාක් දේවල් ගැන තේරුම්ගන්න ආදරේ කරන කාලෙකදි කෙනෙක්ට පුළුවන්.(දිනපතාම වගේ රණ්ඩු වෙන්න ,වලි දාගන්න ආස අයට ඕන්නම් ඒකත් පුළුවන් :p)


සමහර සම්බන්ධතා මොන විදියකින් හරි,(හේතුවක් ඇතිව/නැතිව )බිදිලා යන්නෙත් කොතනක හරි තියෙන නොගැළපීමක් නිසා වෙන්න පුළුවන්.ඉතිං විවාහයක් දක්වාම දුර දිග යන්න තරම් කාලයක් තිස්සේ සම්බන්ධයක් පවතිනවානම් මම හිතන්නෙ ඔවුන් සාර්ථකයි. 


ඒත් මට එහෙම කියන්න පුළුවන්ද? 


පැලෙන්න ආදරේ කරලා...තේරුම් අරන්...අවුරුදු 7ක් 8ක් නැත්තම් 10ක් තිස්සෙ ආදරේ කරලා..සමහරවිට ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම පටන්ගත්ත කුළුඳුල්ම ආදරේ  විවාහය වෙනතෙක් දුර ගිහිල්ලාත්, රටටම පේන්න ලොකුම ලොකු තරු පහේ හෝටලේක...හොදම විදියට ...සුපිරිම විදියට මඟුල් කාලා...,අවසානෙදි උසාවියේ විත්ති කූඩුවෙ, පැමිණිලි කූඩුවෙ ඉදන් ,දෙන්නාට දෙන්නා ඇඟිල්ල දික් කරගන්න වෙන අවස්ථා නැද්ද? නෑ....එහෙම අවස්ථා නැත්තෙ නෑ.. ඕනෙ තරම් තියෙනවා. මේ ලියන මම, කියවන ඔයා ,  ඔයාගේ යාළුවෝ ඕනෙ තරම් අහලා තියෙනවා, දැකලා තියෙනවා ඇති එහෙම කතා.ඉතින් එහෙනම් ආදරේ කරලා කසාද බඳින  එක තමා හොඳම කියන්න පුළුවන්ද??


එහෙනම් යෝජිත විවාහයක් තමා හොඳම. ඒ කියන්නෙ කසාද බැදලා ආදරේ කරන්න පටන්ගන්නවා. නැත්තම් ආශ්‍රය කරලා කෙටි කාලෙකින් විවාහ වෙනවා.ඒක තමා එහෙනම් හොඳම.එහෙමද?


ටික කාලයක් කතා බහ කරලා, එයා කොහොම කෙනෙක්ද , එයාගෙ කතාබහ ,පෙනුම , හැසිරීම ප්‍රසන්නයි නම් කසාද බඳිනවා. කසාද බැඳලා පටන්ගන්නවා ,ආදරේ කරන්න. එයා මං ගැන හොයනවා බලනවා...මට ආරක්ෂාව දෙනවා.. ලෙඩකදි දුකකදි බලනවා..ළූණු ගෙඩියක් සුද්ද කරලා, පොල් බෑයක් ගාලා දීලා, ගෙදර වැඩ වලට උදව් කරනවා...තව, රාජකාරි මට්ටමේ වැඩ වලට පුළුවන් විදියට උදව් කරනවා..එයාගෙ විදියට මම හැඩගැහෙන්න උත්සාහ කරනව..මගේ විදියට එයා හැඩගැහෙන්න උත්සාහ කරනවා.. අපිට අපි ගළපගන්න මහන්සි වෙනවා. ජීවිතේ හිමින් හිමින් කල් ගත වෙද්දි අපි අපිව තේරුම් ගන්නවා.පුංචි පුංචි රණ්ඩු සරුවල් ඇති වුනත් අපි අපේ ජීවිත කොහොම හරි ගෙනියනවා..අවුරුදු 4ක් 5ක් තිස්සෙ රණ්ඩු වෙවී, යාලු වෙවී ජීවිතේට ජීවිතේ ගළපගෙන ,ගෙවන්න යන ජීවිත වලට වඩා මෙහෙම පටන්ගන්න ජීවිතේ නැවුම් ගතියක් තියේවී.. පහු පහු වෙද්දි හැම දේම කොහු කොහු වෙන න්‍යාය සලකද්දිනම්, ආදරේ කරලා බැන්ද අයට වඩා වැඩි කාලයක් , බැඳලා ආදරේ කරන අයට සතුටින් ඉන්න පුළුවන් වෙයි....


ඒත්, ඇත්තටම යෝජිත විවාහයකට මුල පුරන විදිය හොදයිද? එතන තියෙන්නෙ වෙන්දේසියෙ දැම්මා වගේ වැඩක් නෙවෙයිද? පත්තරේ දැන්වීමක් දානවා." මුදලින් ලක්ෂ 5යි, ගොඩින් අක්කර 5යි, මඩින් අක්කර මෙච්චරයි. උගත් රූමත් ගැහැණු  දරුවට, සුදුසු සහකරුවෙක් මව්පියෝ සොයයි"ලු.. දැන්වීම දැකලා ලිපි හුඟාක් එනවා. මනමාලයෝ ඇවිල්ලා බලලා යනවා. ගෑනු ළමයාගෙ පෙනුමත් හොදයි , දෑවැද්දත් හොදයි, උගත්කම, රස්සාව, දේපළ, පවුල, කුල මල ඔක්කොම හරි.. කසාදේ තීන්දුයි..ඊටපස්සෙ "ටික කාලයක් ආශ්‍රය කරන්න" කියලා සත්තු වගේ නිදහස් කරනවා.. 


කසාදේ තීන්දු වුනේ මොනා පදනම් කරගෙනද? රූපය බලය නිලය තත්වය ,සල්ලි මූලික කරගෙන නෙවෙයිද? හුඟාක්ම යෝජිත විවාහ වල සිද්ද වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිද?භෞතික සාධක මූලික කරගත්ත විවාහයකට හොදම උදාහරණයක් යෝජිත විවාහයක් කියලායි මම හිතන්නෙ.


එතකොට කොහොමද එතන සැබෑ ආදරයක් ඇතිවෙන්නෙ? තත්වය බලය නිලය සල්ලි දේපළ ගැන බලලා විවාහයට කෙනෙක් තෝරගන්න එක වරදක් නෑ.. ඒත් එතනදි ඇතිවෙන බැඳිම හරි ව්‍යාජයි වගේ නැද්ද?


ටික කාලයක් තිස්සෙ හොරෙන් හොරෙන් ,ගෙවල් වල අයට , නෑදෑයන්ට අඳුනන අයට වහන් වෙලා බයෙන් බයෙන්  ආදරේ කරලා, නානාවිධ ප්‍රශ්න වලට මූණ දීලා , ඒ බාධක අභියෝග වලට කොහොමහරි මූණ දීලා, ඒවායින් දිනලා සදාකාලිකවම හිමි වෙන ආදරේ අමුතු සුන්දරකමකුත් තියෙනවා නේද?රණ්ඩු වෙවී හරි දත කාගෙන එකට ඉදලා, දාලා යන්නෙ නැතිව හයියෙන් බදලා අල්ලගෙනම ඉදලා, අන්තිමේදි පෝරුවට නැග්ගාම දැනෙන සතුට යෝජිත  විවාහයකදි දැනෙනවා ඇත්ද? 


මුලින්ම මඟ තොටදි, ඉස්කෝලෙදි, ටියුෂන් පන්තියේදි  දැකලා ඇති වුනු ආසාව, පස්සෙ කැමැත්තක්, ඊටත් පස්සෙ ආදරයක් වෙලා, ගරු නම්බු නාම, පවුල් පසුබිම් , කුල මල ,වයස මුකුත්ම නොදැන පටන්ගත්තු සම්බන්ධයක් පත්තරේ වෙන්දේසි වෙන බැදීමකට වඩා හොද නැද්ද?


එතකොට කොහොමද කියන්නෙ යෝජිත විවාහයක් හොදයි කියලා? බැඳලා ආදරේ කරන එක හොදයි කියන්නෙ කොහොමද?


ආදරේ කරලා බඳින එක නේද හොඳම??


කාලාන්තරයක් තිස්සෙ ආදරය කරලා, දැන අඳූනගෙන , සීමා මායිම් හැම දෙයක්ම කඩා ඉහිරවාගෙන,ගොඩාක් දුර ගිහින් ඊටත්පස්සෙ එකිනෙකාට තියෙන ආකර්ෂණය,  ගෞරවය, බැඳීම  හැමදෙයක්ම දුරස් වෙලා ගියාටපස්සෙ, ඊළඟට කලයුත්ත විවාහය නිසාම පමනක් විවාහ වෙන්න වුනොත් කොහොම දැනෙයිද? එහෙම සිදු වෙන විවාහයකට වඩා ගෙදරින් ගේන යෝජනාවකින් හම්බෙන කෙනෙක්ව කසාද බැදලා ජීවිතේ ඉතුරුටිකත් ගෙවලා දාන එක හොඳ නැද්ද?


එහෙම බැලුවොත් බැඳලා ආදරේ කරන එක නේද හොඳම?


ඇත්තටම මොකක්ද හොඳම?


ආදරේ කරලා කසාද බඳින එකද? කසාද බැඳලා ආදරේ කරන එකද?


ඔයාලාගේ තීරණේ මොකක්ද?


ප.ලි- නිකමට හිතුනු දෙයක්.. මේ ගැන බ්ලොග් අවකාශේ හුඟාක් ලිපි ලියැවුනා මම හිතන්නෙ.. මගේ අදහස අනුව දෙපැත්ත ගැනම හිතෙන  හැටි නිකමට ලිව්වෙ ;)



Post Comment

132 comments:

  1. මගේ තීරණේ නොබැඳ ඉන්න එක!

    ReplyDelete
    Replies
    1. @පූසා: දාපන් මචන් 10ක්ම...

      Delete
    2. එකනම් බොරු වැඩක්

      Delete
    3. අපි දන්නැද්ද... පූසන්ගෙ හැටි...

      Delete
    4. @පූසා @සාතන් ............ me 2! :)

      Delete
    5. නරියත් මිදි තිත්තයි කිව්වලු!!

      Delete
  2. පුළුවන්නම් නොබැඩ ඉන්ඩෝ....ඒක ටමයි හොඩම ඩේ......

    ReplyDelete
  3. අදරේ කරල බැඳල දිගටම ආදරෙන් ඉන්න, ගමන් අර නොබැඳ ඉන්න කට්ටිය ගැන හොයා බලන එක තමා වඩා හොඳ....... (මම හොයා බලන්නේ ගෑනු කට්ටිය ගැන විතරයි )

    (කොමාවෙන් පස්සෙ ටික විහිළු )

    ReplyDelete
    Replies
    1. //අදරේ කරල බැඳල දිගටම ආදරෙන් ඉන්න,//

      ඔව් මෙහෙමනම් හොදයි!!!

      Delete
  4. ඔය දෙවිදියටම බැඳලා සතුටෙන් ඉන්න අයත් ඉන්නවා දුක් විඳින අයත් ඉන්නවා.. මන් හිතන්නේ ඒක ලැබීම..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... අනිවා... :)

      Delete
  5. හිතු අහල තියෙන්නේ අර ජිවත් වෙන්නේ කන්නද කන්නේ ජිවත් වෙන්නද වගේ ප්‍රශ්නයක් නේ :))

    මමනම් යෝජිත විවාහයකට කැමතිම නෑ...ඒ ඉතින් මමනේ.

    ඔයා කිව්වා වගේ...ටියුෂන් යන කාලේ දැකලා, රණ්ඩු වෙලා හින්ට් එහෙමත් පාස් කරගෙන පස්සේ ආකර්ෂණයක් ඇති වෙලා, අන්තිමේ ආදරයකුත් ඇති වෙලා කටු කාගෙන එකට ඉඳලා කවදාහරි පෝරුවට නැග්ගම මාරම සිරා. දන්නා හින්දයි කියන්නේ..හිහි

    ආදරේ එතනින් කෙලවර කරනවද කියන එක ඉතින් දෙන්නගේ කැමැත්තක්...ඒත් මම හිතන්නේ එහෙම වෙනවා අඩුයි. අච්චර කල් එකට ආදරෙන් ඉඳලා එක පාරට එහෙම වෙන්න බැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්.. මේ තියෙන්නේ සාක්ෂි!!! :D අපිට තාම අත්දැකීම් නෑනෙ..

      Delete
  6. kohma bandath, ganu nam "Anayak" thamai

    ReplyDelete
    Replies
    1. උඹ ගෙදර ගෑණි දකී කියලා නේද ඇනෝ ආවෙ?

      Delete
  7. මේ ප්‍රශ්ණෙන් මම පැනලා යන්න හදද්දි මෙයා අහනවා මොකක්ද හොද කියලා..

    ReplyDelete
    Replies
    1. හා හා. හැමදාම ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ...:p

      Delete
  8. අනේ මන්ද මොනා කියන්නද කියල..මගෙ පොඩි අත්දැකීමක් කියන්නම්..මට කෙනෙක් ආදරෙයි කිව්වා..මාව විවාහ කර ගන්න ඕනෙමයි කිව්ව..යම් යම් හේතු ගොඩාක් නිසා මම බැහැ කිව්වා..පස්සෙ මෙයා බොහෝම කලකිරිල උන්න මාස කීපයක්..පස්සෙ එයාගෙ අම්ම සිළුමින පත්තරේ මගුල් දැන්වීමක උන්න ගෑනුලමයෙක්ව මෙයාට කතා කලා..මෙයා ඒ ගෑනු ලමයව බලන්න ගියෙ එකම දවසයි එදාම කිව්ව ''හරි මම ඔයාව බඳින්න කැමති'' කියල...පස්සෙ දෙන්න විවාහ උනා..දැන් කියනව එයා එයාගෙ වයිෆ් ට ආදරේලු....ඇත්තෙන්ම හිතූ අවංකවම මට නම් මේවා තේරෙන්නෙ නැහැ.....:(:(

    ReplyDelete
    Replies
    1. Sillunu oru khdal කියන දමිල චිත්‍රපටය බැලුවනම් ඔයාට තේරේවි ඒ ගැන කිරිල්ලියේ

      Delete
    2. කිරිල්ලී- ම්ම්ම්ම්ම්ම්..... මිනිස්සුන්ගෙ හිත් නම් හරි ඉක්මණට වෙනස් වෙනවා.. සමහර විට එයා ඔයාව අමතක කරන්න එයාට කැමතියි කියන්න ඇති.. ඒත් කසාදබැන්දාට පස්සෙ , එයා එයාගෙ වයිෆ්ට අඅදරේ වෙන්න ඇති, එකට ජීවත් වෙද්දි, ජීවිතේ බෙදාගනිද්දි එහෙම වෙන්නැති.... එක අතකින් ඒකත් හොදයිනෙ?? එයා කසාද බැදලාත් ඔයාට ආදරේ කර කර හිටියානම්, ...... එයාව බැදපු අර ගෑණූ ළමයාට වෙන්නෙ ලොකු ආසාධාරනයක්...

      මිනිස්සුන්ගෙ හිත් තේරුම්ගන්න හරි අමාරුයිනෙ.. බලන්නකෝ ඔය වර්ණාගෙ ෆිල්ම් එකත්....

      Delete
  9. හිතූ ඔය ප්‍රශ්නේදි මට ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි..

    සුලන් හමන දිශාව අපට වෙනස් කල නොහෑකියි...

    හෑබයි සුලන් හමන දිශාවට අනුව රුවල සකස් කරගත හෑකියි.

    ඉතින් එහෙම කලොත් ඔය කොයි විදිහට ආදරේ කරත් මන් හිතන්නේ නම් නෑ රත්තරනේ ප්‍රශ්න ඈතිවේයි කියලා..


    හුදෙක් රත්තරනේ යන වචනය භාවිතා කලේ ඔබට තියෙන ලෙන්ගතුකම නිසා බැව් සලකන්න.

    ReplyDelete
    Replies
    1. //සුලන් හමන දිශාව අපට වෙනස් කල නොහෑකියි...

      හෑබයි සුලන් හමන දිශාවට අනුව රුවල සකස් කරගත හෑකියි.//

      ම්ම්ම්ම්... හරියට හරි!!! ඒකට දෙන්නාගෙන් එක්කෙනෙක්වත් අනිත් කෙනා වෙනුවෙන් කැපවෙන්න වෙනවා...:)

      හික්ස්ස්.. අනේ කමක් නෑ රත්තරනේ!! ;)

      Delete
  10. මමත් අහන්නෙ මොකක්ද හොඳ කියල......

    ReplyDelete
  11. මගේ මනාපය ආදරේ කරලා කසාද බඳින එකට.. යෝජිත විවාහ ගැන ම‍ගේ මෙහෙම අදහසකුත් තියේ.. හිතන්නකො ගෙදරක ඉන්නවා ලස්සන, වයසත් හරි ගෑනු ලමයෙක්.. එයාව යාලුකරගන්න බැරි එකා බලන්නේ දන්න කවුරු හරි මාර්ගයෙන් යෝජනාවක් ගෙනත් කසාද බැඳගන්න‍... :D

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඒකෙත් හැටි :D

      Delete
    2. Kanishka | කණියා- හික්ස්ස්... අතදැකීමෙන්ද මන්දා මේ කිව්වෙ??? ;) ඒකත් වෙන්න පුළුවන් ඉතිං.....

      Delete
    3. Confiuzd ප්‍රෝග්‍රැමර්- දී කිරට බළල්ලුත් සාක්කිලූ!!!

      Delete
  12. ඔය මොනවිදියට කිව්වත් කිසිම කෙනෙකුට බෑ තවත් කෙනෙක් හරියටම අදුරගන්න.. ඒ පුද්ගලයා මෙන්න මෙහෙමයි කියන්න.. ඒක ඇසුරු කරන කාලයෙන් මැනල කියන්න බෑ.. මගේ අදහස නම් මොන විදියක් උනත් විවාහය කියන්නේ අලුත් ආරම්භයක්... අවුරුදු ගානක් ආදරේ කරපු අයට ආයෙමක් මුළ ඉදන් ප‍ටන් ගන්න.. වැරදි හදාගන්න.. යෝජිත විවාහයකදී නම් ඒ දෙන්නට දෙන්න දැන ගන්න..
    කොහොම වුනත් විවාහයේ සාර්ථකත්වය කියල මම නම් දකින්නේ එයා‍ල එක් එක් කෙනාගේ මොන අඩුපාඩු තිබුණත් ඒ දෙන්න එක් කෙනෙක් විදිහට ඉදල ඒ අඩුපාඩු මගහරවාගෙන සාර්ථකව ජීවිතේට මූණ දෙන එකට..

    ReplyDelete
    Replies
    1. //ඔය මොනවිදියට කිව්වත් කිසිම කෙනෙකුට බෑ තවත් කෙනෙක් හරියටම අදුරගන්න..//

      හරියටම අඳුරගන්න බෑ තමයි.. එකඟයි!! කෙනෙක් අනිකා වෙනුවෙන් කැපවීම මත රඳාපවතිනවා ඒක බොහෝ දුරට මම හිතන්නෙ...

      නියම කමෙන්ට් එක... (Y) හොද අදහසක්!!!

      Delete
  13. අම්මෝ.. මේක දැවෙන ප්‍රශ්නයක්. මා ගාව නම් දෙන්නට හරි පිළිතුරක් නෑ ඒ මොකද කිව්වොත් මමත් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටින නිසා.මම හිතන්නෙ යෝජිත උනත් ප්‍රේම සම්බන්ධයක් වුනත් දෙදෙනා දැන හදුනාගෙන කරන විවාහය සාර්ථක වෙයි කියල.යෝජිත එකකික් උනත් එක්වර විවාහ නොවී යම් යම් කිසි කාලයක් දැන හඳුනගන්න තියෙන්න ඕන කියන එකයි මම හිතන්නෙ. කෙනෙක්ගෙ රැකියාවට හෝ සමාජ තත්වය විතරක් බලල ඒකට කැමතිවෙන කෙනෙක් නම් මම අනුමත කරන්නෑ. රැකියාවට ,සමාජ තත්වය,පවුල් පසුබිම බලන්න ඕන තමා. ඒත් වඩා වැදගත් වෙන්නෙ ඒකෙනා එක්ක වසන්න පුළුවන්ද කියන එකයි

    ReplyDelete
    Replies
    1. // ඒත් වඩා වැදගත් වෙන්නෙ ඒකෙනා එක්ක වසන්න පුළුවන්ද කියන එකයි//

      මෙන්න මේක හරි!! අපිට අනිත් කෙනත් එක්ක මැරෙනකම්ම එකට ජීවත්වෙන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න ඕනෙ...

      Delete
  14. ආදරේ එක සංදිස්ථානයක් මම හිතන්නේ විවාහය කියන්නෙත්.මොන විදිහකට සිද්ධවෙන විවාහයක් වුනත් ඒක හොද අවබෝධයක් ඇතිව සිද්ධවෙනවනම් ජිවිතේ පසුතැවිල්ලක් නොවෙන්න ජිවත් වෙන්න පුළුවන් වෙයි....තවනම් එතනින් එහාට දෙයක් හිතාගන්න බෑ හිතු....

    ReplyDelete
    Replies
    1. //ආදරේ එක සංදිස්ථානයක් මම හිතන්නේ විවාහය කියන්නෙත්.// ඔව් ඒක ඇත්ත!!! :)

      පසුතැවිලි නොවෙන්න හොද තීරන ගනන් එක හොදයි!!!

      Delete
  15. ඔයා කියන්න වගේ පැති දෙකම නරකම නෑ ආදරේ කරල බැන්දත් බැදල ආදරේ කලත් හැබැයි මමත් ඔයා වගේම බැදල ැාදරේ කරන එකට නම් එච්චර කැමැත්තක් නෑ..

    රණ්ඩු වෙවී හරි දත කාගෙන එකට ඉදලා, දාලා යන්නෙ නැතිව හයියෙන් බදලා අල්ලගෙනම ඉදලා, අන්තිමේදි පෝරුවට නැග්ගාම දැනෙන සතුට යෝජිත විවාහයකදි දැනෙනවා ඇත්ද?

    කොහෙත්ම නෑ යෝජිත විවාහයකදි මෙහෙම දෙයක් දැනෙන්න විදියක් නෑ යාළුවො ඉස්සරහ නෑදෑයන් ඉදිරිපිට පෝරුවට නගින්නෙ මම හොදතැනකින් විවාහයක් කරනවා කියන අදහසින් දේපල නිලතල මේවයේ ආසාවට.නමුත් ඒ විවාහය අසාර්ථක වුන දාකට රණ්ඩු වෙන්නෙ උඹට වැඩිය මම සල්ලිකාරය/කාරිය මට හොද තැන් කීයක් බලලද මේ බැන්දෙ කියලා.

    නමුත් හිතූ ආදරේ කල දෙන්නෙක්ට තමන්ගෙ උස් මිටිකම් වලින් බැනගන්න බැහැ.ඒ හැමදේටම කැමතිවෙලා අපු නිසා (එහෙම කරන අය නැතුවම නොමෙයි)ආදරේ කරන කාලෙත් රණ්ඩුවෙලා තියෙන නිසා දෙන්නට දෙන්නා රණ්ඩුවෙන හැටි පවා දන්න නිසා පුළුවන් තරම් ජීවිතේ දෙදෙනා ලගම නතරකර ගන්න උත්සහ කරනවා.

    කොහොම නමුත් ජීවිතේ වරදින්නෙ ආදරේ නිසා නෙමෙයි කියලයි මගේ අදහසනම්.ජීවිතේ ලස්සන අවලස්සන පවතින්නෙ කර්මය අනුව ඉපදෙනකොටම ජීවිතේ ලියවිලා ඉවරයි.අපි ඇඩුවත් වැලපුනත් අපි කල කීදෑ අනුව හැමදේම ලැබෙන්නෙ..ආදරේ එක්ක සෙල්ලම් කරන හැමෝටම මේ ආත්මයේ නැතත් කවදාක හෝ විදවන්න වෙයි.

    ලස්සන පෝස්ට් එක ගොඩක් ආසාවෙන් කියෙවුවෙ...ජය වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. //නමුත් ඒ විවාහය අසාර්ථක වුන දාකට රණ්ඩු වෙන්නෙ උඹට වැඩිය මම සල්ලිකාරය/කාරිය මට හොද තැන් කීයක් බලලද මේ බැන්දෙ කියලා.//

      ඔව් මෙහෙම කියන්නත් ඉඩක් නැතුවම නෙවෙයි නේද?? ඒකත් හරි!!!

      //ආදරේ එක්ක සෙල්ලම් කරන හැමෝටම මේ ආත්මයේ නැතත් කවදාක හෝ විදවන්න වෙයි.// හ්ම්ම්ම්ම්ම්ම්... දෛවයම ඒකට දඬුවම් දෙයි!!!

      ස්තූතියි!!!

      Delete
  16. යෝජිත විවාහය හොඳයි කියල තමයි මට දැනෙන්නෙ.... හැබැයි මම නම් බදින්නෙ නෑ.... :)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටික කියෙව්වහම තව ටිකක් එකතු කරන්න හිතුනා... මම යෝජිත විවාහයක් කිව්වෙ හිතූ කියල තියෙනව වගේ /*පත්තරේ දැන්වීමක් දානවා." මුදලින් ලක්ෂ 5යි, ගොඩින් අක්කර 5යි, මඩින් අක්කර මෙච්චරයි.*/ කියන එකකට නෙමෙයි....

      යෝජිත විවාහ කියල ගොඩක් තැන්වල පේන්න තියෙන්නෙ බිස්නස් එකක් වුනාට ඒක බිස්නස් එකක් නෙමෙයි... :)

      Delete
    2. මේ කමෙන්ට් එකට මමත් එකෙන්ම ලයික්

      Delete
    3. පොඩි කේස් එකක් තියෙනවා මචං. හිතූ යෝජිත විවාහයයි ආදර සම්බන්ධෙකින් වෙන විවාහෙයි වෙනස, ඔය පත්තරේ වැටෙන ඉඩකඩං යානවාහන උගත්කමේ ප්‍රමාණය වාගේ දේවල් වලින් වෙනස් වෙනවයි කිව්වට(දැන් උඹත් ඔය කියලා තියෙන්නේ) ඔය විවාහ දෙකේදිම ඔය කාරණාවල වෙනසක් වෙන්නේ නෑ.

      හේතුව මේකයි. ආදර සම්බන්ධතා පටං ගන්න කලින් කෙල්ල කොල්ලා ගැනත් කොල්ලා කෙල්ල ගැනත් හොයනවා. එතනදී ගොඩක් වෙලාවට ඔය ඉඩ කඩං යානවාහන උගත්කම වගේ දේවල් සැලකිල්ලට ගන්නෑ කියලා කවුරුහරි කියනවනං ඒක අමූලික බොරුවක්!
      එහෙම බැලුවාම ඔය විවාහ 2කේම කිසිම වෙනසක් නෑ!

      (අවංකවම මිල මුදලට උගත්කමට යට නොවී විවාපත් වෙච්චි ජෝඩු 2කගේ වෙඩිං වලට මං සහභාගී වෙලා තියෙනවා. ඒ වගේ අයත් තාම අපේ රටේ ජීවත් වෙනවා. මං උඩින් කිව්වේ බහුතරය ගැන!)

      Delete
    4. මේක ඇත්තම ඇත්ත! පුසා උනත් ඉඳ හිටලා ඤාව් ඤාව් ඇරෙන ඇත්ත ත් කියනවා වගේ!
      කොහොම නමුත් ගොඩක් කොල්ලෝ අහන්න කලින් ඔක්කොම හොයනවනේ. කෙල්ලොත් එහෙමයි. කැමැත්ත දෙන්න කලින් හොයනවා. (එහෙම නැති අය ඉන්නවා. නමුත් සමස්තය එහෙමයි)
      අනිත් එක, ඇත්ත කතාව නම් ලංකාවේ ගොඩක් වෙලාවට යාලු වෙන්නේ හිතුම් පැතුම් අඳුන ගෙන නෙවෙයි නේ. ගොඩක් වෙලාවට, දකිනවා, කැමැත්තක් ඇතිවෙනවා, අහනව. ඊට පස්සේ යාලු උනාට පස්සේ ගැලපුනත් නැතත් ඉතින් ඒකම කරන්න බලනවා.
      ඊයේ පෙරේද කසාද බැඳපු කෙනෙක් හැටියට, මට නම් හිතෙන්නේ කොහොම බැන්දත් ආදරේ තියෙනවා නම් එච්චරයි... :)

      Delete
    5. මමත් හොයා ගත්තෙ පූස කිවුව විදියට ඔන්න..පස්සෙ තමයි දන්නෙ අම්මල තාත්තල මොනාද කරන්නෙ කියල..බැන්දෙ නම් නෑ..කල වයස හරි නෑ නේ 18- :p

      Delete
    6. @සාතන් :
      උබව අල්ලන් ඉබින්ට ඕනා. ඔන්න පට්ට කොල්ලෝ. උම්මා උම්මාආආආආ

      Delete
    7. @සාතන් අයියා- //යෝජිත විවාහ කියල ගොඩක් තැන්වල පේන්න තියෙන්නෙ බිස්නස් එකක් වුනාට ඒක බිස්නස් එකක් නෙමෙයි... :)//

      ඒ වුනාට හුඟාක් තැන්වල වෙන්නෙ එහෙමනෙ.. අතරින් පතර ඉතින් එහෙම නොවෙන විවාහත් සිද්ධ වෙනවානෙ.. ඒක පිළිගන්නවා.. මොකද මම එහෙම විවාහයක් ගැන දන්නවා.... ඔය දෑවැදි එහෙම බලාපොරොත්තු නොවී සිද්ධ වුනු යෝජිත විවාහයක් ගැන..

      Delete
    8. අම්මියෝ..සාතන් අයියාට තියෙන මනාප තොගෙ!! ;)

      @ පූසා අයියා- ඒත් ඉස්කෝලෙ කාලෙ මම දැකලා, අහලා තිබ්බ සමහර සම්බන්ධ වලදිනම් ඔය කාරණා බැලුවෙ නෑ.. කොහොමත් ඒ වයසැදි ඔය ගැන එච්චර හොයන්නෙ නෑනෙ..(පෞද්ගලිකව මම හෙව්වෙත් නෑ.. :D )

      ඒත්, අයියා කියන කතාවටත් එකඟ වෙන්න වෙනවා.. මොකද මෑතකාලෙ මම දැකපු සම්බන්ධතා වලදි ඔය ගැන හෙව්වා බැලුවා ඒ අය. ඒත් යෝජිත විවාහයකදි තරම්, දෙමව්පියොත් මැදිහත් කරගෙන, දෑවැදි ගැන කතා කරගෙන එහෙමනම් නෑ...:D

      Delete
    9. @ ටිකිරි- ඇත්ත කොහොම බැන්දාත් ආදරේ සදාකාලිකව , මැරෙනකම්ම එක විදියට තියෙනවානම්, මාත් කැමති එහෙමයි!!!

      Delete
  17. අනේ මන්ද මොනා කියන්නද කියලා !!! :O

    ReplyDelete
  18. ආදරේ කියන්නේ මේ වගේ අච්චු වල දාලා තීරණය කරන්න බැරි දෙයක් හිතූ..
    හිත ගිය තැන මාලිගාවනේ..

    ReplyDelete
    Replies
    1. //ආදරේ කියන්නේ මේ වගේ අච්චු වල දාලා තීරණය කරන්න බැරි දෙයක් හිතූ..//

      ඒකත් ඇත්ත!!! ආදරේට කොහෙද අච්චු!!

      Delete
  19. Prashne nm barapathalai wage :D Eth eka iri, kotu gahala meka hondai, meka narakai kynna puluwn deyak neme. Oya qwa wage meke depaththak tynawa.

    Mamath yojitha wiwahawala ta akamathiyi. Ea wunath dennata denna terum aran, adaren digata ma inna puluwn nm, adare karala bandath, bandala adare karath wenasak na. Awashyama de tamai dedenaa ta eka wahalak yata hondin jeewath wenna tiyena hakiyaawa.....

    ~~~***Daga Malla***~~~

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත!! හැමදේකම දෙපැත්තක් තියෙනවා... වෙන්න ඕනෙ කොහොමහරි , දෙන්නාට දෙන්නා සතුටින් හැමදාම ඉන්න එකයි!!!

      Delete
  20. හම්මේ....උත්තර දෙන්න අමාරුම පුරස්නයක්නෙ මේක.ආදරේ කරලා බැන්දත් බඳලා ආදරේ කරන්න පටන් ගත්තත් ඔය දෙකේම පැවැත්ත්ම රදා පවතීනේ එකිනෙකාව තේරුම් ගන්න විදියෙන් අවබොධ කරගන්න විදියෙන් ඒ වගේම් එකිනෙකා වෙනුවෙන් කැප වෙන එක වෙනුවෙන් නම්‍යශීලි වෙන විදියෙන් සහ විශ්වාසය මත කියලා තමා මමනම් හිතන්නෙත් දන්නෙත්.කොච්චර ආදරේ කරලා බැන්දත් දෙදෙනා තුලම මේ දෙවල් නැත්තං එතන පැවැත්මක් නෑ.විවාහ වෙලා ආදරේ කරන්න පටන් ගත්තත් එහෙමම තමා.
    මම මේ කියන්නේ වසර තුනක ප්‍රේමයෙන් සහ වසරක විවාහ අත්දැකීම් මත.විවාහ උනා කියලා මේ වෙනකන් අපේ ප්‍රේමය අඩු වෙලානම් නෑ වැඩි උනා මිස.ඉස්සරහටත් එසේම වේවා කියන එක තමා මගේ පැතුම.මේ වෙනකන් ගැටුමක් නැතුව අපේ ආදරේ ගලා ගෙන යෑමේ රහස තමා එයා මාවත් මම එයාවත් අපි අපිව මුලින්ම දකිද්දී මුලින්ම ආදරේ කරද්දී අපි හිටපු අපි හිතපු පතපු විදියටම අපි අපිව බාර ගැනීම.බැන්දට පස්සෙ ඔයා අරම වෙන්න ඕනෙ ඔයා මෙහෙම වෙන්න ඕනෙ කියලා අපි අපිව කිසිම රාමුවක් හිර කලේ නෑ.අන්න ඒ නිදහස තුල අපි අපිව අසීමිතව තේරුම් අරන් අසීමිතව ආදරේ කරනන්වා.

    ReplyDelete
    Replies
    1. Kavya oya menna me vidihata kiyapu de tamai mama venath vidihakin kiyala thibune....

      oya eka kiyala thibune me vidihata

      අපේ ආදරේ ගලා ගෙන යෑමේ රහස තමා එයා මාවත් මම එයාවත් අපි අපිව මුලින්ම දකිද්දී මුලින්ම ආදරේ කරද්දී අපි හිටපු අපි හිතපු පතපු විදියටම අපි අපිව බාර ගැනීම.බැන්දට පස්සෙ ඔයා අරම වෙන්න ඕනෙ ඔයා මෙහෙම වෙන්න ඕනෙ කියලා අපි අපිව කිසිම රාමුවක් හිර කලේ නෑ.අන්න ඒ නිදහස තුල අපි අපිව අසීමිතව තේරුම් අරන් අසීමිතව ආදරේ කරනන්වා.


      mama eka kiwwe me vidihata


      සුලන් හමන දිශාව අපට වෙනස් කල නොහෑකියි...

      හෑබයි සුලන් හමන දිශාවට අනුව රුවල සකස් කරගත හෑකියි.

      Delete
    2. ම්ම් ඔව්නේ මම දැන් තමා කමෙන්ට් කියෙව්වේ

      Delete
    3. //මේ වෙනකන් ගැටුමක් නැතුව අපේ ආදරේ ගලා ගෙන යෑමේ රහස තමා එයා මාවත් මම එයාවත් අපි අපිව මුලින්ම දකිද්දී මුලින්ම ආදරේ කරද්දී අපි හිටපු අපි හිතපු පතපු විදියටම අපි අපිව බාර ගැනීම.බැන්දට පස්සෙ ඔයා අරම වෙන්න ඕනෙ ඔයා මෙහෙම වෙන්න ඕනෙ කියලා අපි අපිව කිසිම රාමුවක් හිර කලේ නෑ.අන්න ඒ නිදහස තුල අපි අපිව අසීමිතව තේරුම් අරන් අසීමිතව ආදරේ කරනන්වා.//

      නියමයි අක්කෙ!! මෙහෙම තමා වෙන්න ඕනෙ... අනිවාර්‍යෙන්ම ඔහොම වුනාම ප්‍රශ්න ඇතිවෙන්නෙ නැතිවෙයි කියලා මටත් හිතෙනවා.. අක්කාගෙ අත්දැකීමෙන් අක්කා කියන නිසා තවත් විස්වාශයිනෙ...

      හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!

      Delete
  21. උඩින් පල්ලෙන් කියෙව්වා. බෝඕඕඕඕඕඕඕරිං

    ReplyDelete
  22. බැලු බැල්මට ආදරේ කරල බඳින එක හොඳයි කියල හිතුනට මේ දෙවිදිහටම ඒක සමානව වගේ සාර්ථක විවාහ ජීවිත ගත කරන්න අවස්ථාව තියෙනව. යෝජිත විවාහයකදි දෙන්නාගෙම පවුල් වලින් සම්පූර්ණ සහයෝගය ආශීර්වාදය ලැබෙනව. ආදර විවාහයකදි එය සර්ව සම්පූරණව ලැබෙන්න තියන ඉඩ අඩුයි. ඉතිං ගැටළුවකදි දෙන්න විතරක් තනි වෙන්න පුළුවන්. එතකොට දෙන්න අතරෙ තිබ්බෙ බොළඳ ආදරයක් විවාහය අසාර්ථක වෙන්න තියන ඉඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. නොහිතන පැත්තක්.. මෙතන කමෙන්ට්ස් වල නොකියවුනු දෙයක්!! බලන්න මොනතරම් පැතිකඩ තියෙනවාද, නේද? ඒ කාරණාවත් ඇත්ත තමා.. ඒත් අඅදරේ කොහොමත් බොලඳයිනම් තමා..

      Delete
  23. පෞද්ගලිකව යෝජිත විවාහයකට අකමැති උනාට..හැමදාම කියනවා වගේ හැමදේකම දෙපැත්තක් තියනවා..වඩා වැදගත් වෙන්නෙ අනෙකාව තේරුම් ගැනීමට අපට තියන හැකියාව. දෙදෙනාටම විවෘතව කතා කරන්න පුළුවන්නම්..හැගීම් වලට වහල් නොවී තීරණ ගන්න පුළුවන්නම්..පුංචි පුංචි නොගැලපීම් ඉවසා වදාරන්න පුළුවන්නම්..මේ දෙවිදිහෙන්ම එකතු වුන අයට සතුටින් ඉන්න පුළුවන්..
    හැබැයි මොන දේත් බොහොම පරෙස්සමෙන් තීරණය කල යුතුයි. කරන්නන් වාලෙ කරන්න ගියොත්..කවුරු හරි වෙනුවෙන්..,කාගෙ හරි බලපෑමකට කරන්න ගියොත්නම් අමාරුවෙ වැටෙයි..
    මොකද කවුරු කොහොම කිව්වත් බැන්දට පස්සෙ ඒ දෙන්නට ඉතුරු වෙන්නෙ ඒ දෙන්න විතරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියෙ!! තමන් ගැන තීරන ගන්න ඕනෙ තමන් හොදට හිතලයි!! උදව්වට වැඩිහිටියන්ගෙ උපදෙස්, අවවාද වගේම අඅශිර්වාදය තිබ්බාම හරි!!

      Delete
  24. මේ කොහොම විවාහ වුණත් දෙදෙනාගේ දෙදෙනාතුළ දෙදෙනො පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි.ආදරේ කරන්න වගේම ආදරේ ලබන්නත් දෙදෙනාටම වාසනාව තිබිය යුතුයි.දෙදෙනාගේ අභ්‍යන්තර සිතුවිලි පිළිබඳව අවබෝධයක් ලබා ගන්න නම් ආරය කරලා විවාහ වෙන එක තමයි හොඳම, විවාහ වුණාටත් පස්සේ ඒආදරේ එලෙසම තිබිය යුතුයි ජීවිතාන්තය දක්වා. අපේ බොහොම දෙනෙක් තමන්ගෙ ජීවිත වරද්දාගන්නෙ ඔන්න ඔතැනදීයි.

    බොහොම දෙනෙක් කල්පනා කරන්නේ "දැන් අපි බැඳලනෙ" දැන් ආදරේ ඕනෙ නැහැ. පවුලෙ ඉදිරි කටයුතු සැලසුම් කරගන්න එක තමයි හොඳම දේ කියලා කල්පනා කරනවා.ඊට පස්සෙ අදහස් හුවමාරුව, නොගැලපීම්, අඬදබර , ආරවුල් වගේ හිත නොහොඳ නෝක්කඩුකම් ඇතිවෙනවා.ඉන්පස්සේ ටිකෙන් ටික ඒ ආදරේ ඈත්වෙනවා. දික්කසාදයකින් කෙළවර වෙන අවස්ථාත් තියෙනවා

    ඒ නිසා ආදරේ සදාකාලික බවත්, උත්තරීතර බවත් දෙදෙනාම සමසමව සාමූහිකව විඳගත යුතුයි එවිට එික ජීවිත කාලය පුරාම පවතීවි.

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා ආදරේ සදාකාලික බවත්, උත්තරීතර බවත් දෙදෙනාම සමසමව සාමූහිකව විඳගත යුතුයි එවිට එික ජීවිත කාලය පුරාම පවතීවි.//

      අනිවාර්‍යෙන්ම!!! එකඟයි!!! හුඟාක් ස්තූතියි ඔබේ වටිනා අදහසට!!!

      Delete
  25. ආදරේ විවාහයෙන් කෙලවර වෙනවා කියල හිතන එක තමයි කරන ලොකුම මෝඩ කම කියලා මට හිතෙන්නේ. පොතේ ලියල එකතු උනාට පස්සේ හිතෙනවා හැමදේම හරි ගියා කියලා. බදින්න කලින් අනිත් එක්කෙනා ගැන තියෙන හැගීම කැපවීම බැන්දට පස්සේ ටික ටික අඩු වෙලා යනවා. මොකද දැන් ආදරේ ජය අරගෙන ඉවරයිනේ. තව මොනවද ඕක ගැන හොයන්න තියෙන්නේ.
    මගේ අදහස නම් ආදරේ කරලා බැන්දත් යෝජනා කරලා බැන්දත් දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් හැමදාමත් ආදරෙන් ඉන්න පුළුවන් නම් හැමදාමත් සන්තෝෂෙන් ජිවත් වෙන්න පුළුවන් කියලා ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම රෙප් අයියේ... ඕකතමා වැරැද්ද.. දෙයක් අයිති කරගන්නකම් ඒ දේ ගැන තියෙන උනන්දුව, අයිති කරගත්තාට පස්සෙ නැතිවෙනවා...

      Delete
  26. කියන්නට බොහෝ දේ ඇත. එහෙත් කිසිවක් නොකියාම යමි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... කියන්න තියෙන දේවල් කිව්වානම්.... සමහරවිට, හොදක් වෙන්න තිබ්බා තවකාටහරි!!!:)

      Delete
  27. මම නම් යෝජිත විවාහයට කැමතිම නැහැ, මමත් කසාද බඳින්නෙ නැහැ කියන අධිෂ්ඨානයෙන් තමයි ජිවත් වෙන්නේ..... තනිකම දැනුනත් නිදහස වත් තියෙනවානේ..... නියම පොස්ට් එකක් ..ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. තනිකමයි, නිදහසයි තරාදියක දාල කිරුවොත් නිදහසේ පැත්ත හැමදාම බර වැඩී... :)

      Delete
    2. එකඟයි! කතා දෙකක් නෑ!

      Delete
    3. @Kushi-ම්ම්ම්ම්.... තනියෙන් ජීවත්වෙන්න ආතම ධෛර්‍යයි, ශක්තියයි, හරි පරිසරයකුයි තියෙනවානම්..... ම්ම්ම්.. කෙල්ලෙක් විදියට තීරණේ ඔයාගෙ..:)

      Delete
  28. Replies
    1. අපේ අම්මයි තාත්තයි යෝජිත විවාහයකින් කසාද බැඳලා අවරුදු 24 ක් එකට පවුල් කෑවා.. කවදාවත් අම්මි තාත්තිටවත් තාත්ති අම්මිටවත් අතක් උස්සනවා තියා නරක වචනවලින් බැනගෙන තියෙනවා මම අහලම නැහැ. එයාලා ආදරේ කලේ යෝජනා කලාට පස්සෙයි.

      දැන් කාලේ ඉන්න ප්‍රේමවන්තයෝ වන්තියෝ ගැන හිතුවම යෝජිත විවාහයක් හොඳයි වගේ :පි
      බලමුකෝ :))))))))))

      Delete
    2. මොකක්ද අර ෆිල්ම් එක? මට ඒක හොයාගන්න බැහැනෙ..එවන්නකො ටොරන්ට් එක.....

      Delete
    3. http://torcache.net/torrent/2AA1D671A7A52ACC557F35CFC0539E3B7DD76CE1.torrent?title=[kat.ph]dvdrip.sillunu.oru.kadhal.2007.tamil.ayn.x264.1cdrip.e.su

      Delete
    4. @වර්ණා- ම්ම්ම්ම්.. අනිවා..එහෙම ඔයාගෙ අම්මියි තාත්තියි වගේ අය ඕනෙ තරම් ඉන්නවා ඇති මේ අහස යට..නැතුවම නෙවෙයි....:) හැමදේම ඉතින් රඳාපව්තින්නෙ ඒ ඒ අයගෙ ආකල්ප, සිතුවිලි සහ චර්‍යාවන් මතනෙ..

      Delete
  29. ආදරේ කරලා විවාහයකින් කෙලවර වෙන එකට වඩා එතනට හරියන්නේ ආදරේ කරන දෙදෙනෙකුගේ එක් දිනුමක් විදියට.

    මොන විදියෙන් බැන්දත් ඒ දෙනාට දෙන්නගේ අදහස් හා ආකල්ප සමනනම් කිසි ප්‍රශ්නයක් නැතුව ජිවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ...:D ආදරේ කරලා දිනනවා..:D

      Delete
  30. ආදරණිය හිතූ, ජිවිතේ ලැබිමත් සමග අතීතයේ සිට කාන්තාව මුහුන පාන ප්‍රධානම කාරණාව තමා ඔයාගේ මාතෘකාව වෙලා තියෙන්නේ.. යාලු වෙලා බැන්දත් බැඳල යාලු උනත් තේරුම් ගැනීම මත ජිවිත වෙනස් වෙනවා... තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්න එක්ක... ජිවත් වන වටපිටාව සමග ජිවිත වෙනස් වෙනවා... මොකද අපි කවුරුත් රහත් වෙලා නෑ.. ඒ වගේමයි කෑමක් කාලා රස කියන්න පුලුවන් උනත් මනුස්සයන්ව තෙරුම් ගන්න බෑ කියලයි මගෙ අදහස...

    ReplyDelete
    Replies
    1. //යාලු වෙලා බැන්දත් බැඳල යාලු උනත් තේරුම් ගැනීම මත ජිවිත වෙනස් වෙනවා..//

      ඇත්ත සදූ!!! ස්තූතියි ඔයාගෙ අදහසට!!!

      Delete
  31. බැඳලා ආදරේ කලත් ආදරේ කරලා බැන්දත් දෙන්න සතුටින් ජීවත් වෙනවා නම් එතන ප්‍රශ්නයක් නෑ.
    දෙදෙනාට දෙනෙනා තේරුම් ගැනීම සහ දෙදෙනාගේ සිත් තුල දෙදෙනා පිළිබද අවබෝධය තමයි මම හිතන විදිහටත් සාර්ථක විවාහයකට පාර කියන්නේ. ඉතින් මේ විදිහ බැඳලා තේරුම් ගත්තත් එකයි තේරුම් අරන් බැන්දත් එකයි, මොකද හැමෝම බලාපොරොත්තු වෙන්නේ සාර්ථක විවාහයක් නිසා.

    ReplyDelete
    Replies
    1. අපි හැමදේම කරන්නෙ සතුටින් ජීවත් වෙන්න නෙ?? නේද? ඔව් ඒක හරි!! සතුටින් ඉන්න පුලුවන් නම් කොහොම බැන්දත් එකයි!!

      Delete
  32. //"ඇත්තටම යෝජිත විවාහයකට මුල පුරන විදිය හොදයිද? එතන තියෙන්නෙ වෙන්දේසියෙ දැම්මා වගේ වැඩක් නෙවෙයිද? පත්තරේ දැන්වීමක් දානවා." මුදලින් ලක්ෂ 5යි, ගොඩින් අක්කර 5යි, මඩින් අක්කර මෙච්චරයි. උගත් රූමත් ගැහැණු දරුවට, සුදුසු සහකරුවෙක් මව්පියෝ සොයයි"//
    එහෙම එකකුත් තියෙනවා නම් තමයි...හැබැයි "යෝජිත විවාහයකට" ඔය එක් විදියක් විතරයි.. ඔයිට වඩා ශිෂ්ඨ විදි තියෙනවා. හැබැයි යෝජිත විවාහයකට මූලික වෙලා තියෙන කේන්දරය නම් ඒක බලන නක්ෂත්‍ර කරුවා මත තීරනය වෙන එකනම් වැරදියි කියලයි මම හිතන්නෙ..
    ආදරය කරල විවාහ වෙන එක හොදයි කියලත් හිතෙනව..ඒත්..
    දැන් ආදරවන්තයෝ අතර එහෙම එකක් තියෙනවද..?
    ආදරය කරන අයත් කොයිතරම් දේවල් (ආදරවන්තයෝ)එකිනෙකාට හංගනවාද..?,පස්සෙ ප්‍රශ්ණ ඇතිඋනාම වෙන් වෙන්න පුලුවන්ද...?
    මට නම් හිතෙන්නෙ මේක මේ කාලයේ ඇති ප්‍රශ්ණයක් කියලයි..
    මීට ඉහත අතීතයේ මෙහෙම ප්‍රශ්ණ අඩුයි..මොකද...? ඒකාලෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතා අඩුයිනෙ..එතකොට ප්‍රශ්ණ අඩුයි..
    ඒත්දැන්..නොගැලපෙන තැන් වැඩියි..ගැලපෙන ටික හරිහදාගෙන ඉන්න කැමති නැහැ ඒකයි...
    (සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්...හි...හි..)

    ReplyDelete
    Replies
    1. ඒකත් එක පැත්තක් තමා.. පොරොන්දම් ගැලපෙන්න, කුජ 7, රාහු 7, සෙනසුරු 7 අරකයි මේකයි කියලා හදහනට අනුව බදින්න අය හොයන අයත් ඕනෙතරම් ඉන්නවානෙ.. අනේ මංදා එතන ගලපන්නෙ හදහන නෙ? මට ඒක පෝස්ට් එකේ ලියන්න අමතක වුනා... ස්තූතියි මතක් කලාට..

      ඔව් යාලු!! දැන් දැන් හැමදෙයක්ම සංකීර්න වෙනවා...

      Delete
  33. මම කිසිත් නොකියමි :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... මොකුත් නොකියා ඉන්නෙ වාසියටද??

      Delete
  34. ඔය හොඳම කියන වචනෙ මහ ගොංපාට් එකක්. හොඳම කියල දෙයක් නෑ! කෙනෙක්ගෙන කෙනෙක්ට වෙලාවෙන් වෙලාවට අාදී වහයෙන් සුදුසු එක වෙනස් වෙන්න පුලවන්!

    මොන විදියෙං කරත් වෙන්නෙ නිදහස සීමා වෙන එකයි ජනගහනය වැඩි වෙන එකයි විතරයි!

    ReplyDelete
    Replies
    1. හොදම කියලා එකක් තියෙනවා.. ඒත් හොදම කියන එක සාපේක්ෂයි!!!

      අලියාගෙ වචන වල ආදරය, විවාහය , සම්බන්ධතා ගැන තියෙන්නෙ දැඩි වෛරී ,කලකිරුනු, තරහා හැඟීමක් කියලා දැනෙනවා සමහර වෙලාවට...

      Delete
  35. හිතුවක්කාරී යාළුවේ ඔය දෙකේ ම හොඳ සහ නරක පැති තියෙනවා.
    ඒත්...හිතන්න... අපි හැමෝම වගේ සිහින මවන්නේ ෆිල්ම් එකක දකිනවා වගේ ලස්සන ආදර කතාවක ප්‍රධාන චරිත රඟ පාල කසාද බඳිනවා. අපිට හිතෙන්නේ ඉතින් යෝජිත විවාහය කියන්නේ එහෙම මිහිරි අත්දැකීමක් නොවන යාන්ත්‍රික දෙයක් කියල. ඒත් හැමදේම මිහිරි කරගන්නේ හෝ යාන්ත්‍රික කරගන්නේ අපේ හිත නේද?
    හරියටම බැලුවොත් මම කසාද බැන්දෙත් යෝජිත ව. ඒත් බඳින්න කලින් අපිට ගොඩක් නිදහසක් තිබුන හම්බෙන්න කතාකරන්න. හරියටම මම එයාට කැමතියි කිව්වේ එහෙම මාස ගානක් තිස්සේ කතා කරලා, ට්‍රිප් ගිහින්, ඇවිදලා, එහෙම. ඊට පස්සෙත් සැහෙන කල් ගිහින් බැන්දේ. ඉතින් බඳින දවස එන කොට ඇත්තටම අපි ආදරේ කරන්න පටන් අරන්... ඉතින් මට එහෙම යාන්ත්‍රික හැගීමක් තිබුනේ නැහැ...
    නමුත් ඇත්ත...අර ඔයා කියන්න වගේ පෝරුවට නගිද්දී යුද්ධෙකින් දිනුව වගේ හැගීමක් නම් ආවේ නැහැ. නමුත් ලොකු සැහැල්ලුවක්, සතුටක් නම් දැනුන. එක එක අත්දැකීම් එකිනෙකාට වෙනස් නේ. ඒවා සන්සන්දනේ කරන්න අමාරුයි.
    ඒත් හැබෑ යුද්ධෙ පටන් ගන්නේ බැන්දට පස්සේ දෙන්න එකට ජීවත් වෙන්න ගත්තම නේද?!

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ම කතා කරන කෙනෙක් නිසා, එකඟ වෙන්නත් වෙනවා නේද? ඔව් මමත් මේ ලිපියෙ කිව්වෙ සමහර ( බහුලවම) සිද්ද වෙන යෝජිත විවාහ ගැන. ඔයා වාසනාවන්තයි එහෙම යාන්ත්‍රික නොවෙන විවාහයකට මුලපුරපු එක.. :)

      කොහොමහරි කසාද බැදලා දෙන්නා සතුටෙන් ඉන්නවානම්, එතන ගැටළුවක් නෑ.. දෙන්නාට දෙන්නා එක එක්කෙනාගෙ දේපල යාන වාහන නිල තල බල වලට ආදරේ නොකර මනුස්සකම් වලට අඅදරෙන් ඉන්න පුලුවන් නම් ඔයා කිව්වා වගේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුලුවන් මන් හිතන්නෙ..

      අන්තිමටම, අර කිව්වත් වගේ, හැමදේකටම මූලික වෙන්නෙ හිත තමා..:)

      ස්තූතියි!!!

      Delete
  36. කියන්න නම් ගොඩක් දේවල් තියෙනව..ඒත් ඉතින් ඕන නෑ...

    මම කැමති ආදර සම්බන්ධතා වලින් ඇතිවන විවාහ වලට කියල නම් කියන්නම්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්... ඔය ඉන්නෙ තවත් එක්කෙනෙක්..:D

      Delete
  37. //ආදරේ කරලා බඳින එක නේද හොඳම??//

    ඔව්... ඇත්තෙන්ම....

    ReplyDelete
  38. ආදරේ කරලා හරි, නොකර හරි දෙන්නා තේරුම් අරන් බඳින එකයි වැදගත්... ආදරේ කරන්න මැරෙන කල්ම කාලය තියෙනවා... කසාද බඳින එක තීරණය වැරදුනොත් ජීවිතයක්ම අපරාදේ වෙන්නත් පුලුවන්...

    විශ්වාසය හා අවබෝධය සමග ඉවසීමත් චුට්ටක් තියේ නම් කසාදයත් ප්‍රශ්ණයක් නෙවෙයි ! ඔව්ව හරියට තිබේනම් ආදරේ නිකන්ම වෙයි...!!!

    ReplyDelete
    Replies
    1. // කසාද බඳින එක තීරණය වැරදුනොත් ජීවිතයක්ම අපරාදේ වෙන්නත් පුලුවන්...//

      ඔව්. ගන්න තීරනයක් හොදට හිතලා මතලා ගනන් ඕනෙ.. නැත්තම් අපරාදේ!!

      Delete
  39. බැඳලා ආද්‍රරේ කරන එක.....

    ReplyDelete
  40. මම්ත් හිතන්නේ කොහොම විවාහ වෙනවද කියන එක නෙමේ වැදගත්ම දේ, වැදගත් වෙන්නේ බැන්දට පස්සේ දෙන්නා එකිනෙකාව කොයිතරම් දුරට තේරුම් අරගෙන ජීවත් වෙනවද කියන එක.
    දැන් ඉතින් අපි බැඳලනේ කියලා හිතලා ඉන්නන් වාලේ ඉන්න ගියොත් ඔක්කොම හබක් තමා,
    දෙන්නම එකිනෙකා තේරුම් ගැනීමත් ගෞරව කිරීමත් ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා,

    (අපි ඉතින් මේ ටෝක්ස් දෙන්නෙ ගොඩ ඉඳගෙනනේ, වතුරට බැහැලා පීනපූ නාපු අයගෙන් මේකට උත්තර ගන්න එක තමා ගොඩක් වටින්නෙ :P :ප්)

    ReplyDelete
    Replies
    1. ආව්... මෙයත් ඉදලා ඉදලා කියනවා හෙන වැදගත් කතා නේ?? :p හික්ස්ස්ස් ඇත්ත අයියෙ!! හෞරවයක් නැති තැන ආදරයක් තියෙන්න අමාරුයි නේද?

      අන්න ඒකත් ඇත්ත.. අපිට කලින් අයියා ගඟට බහීවිනෙ.. ;)

      Delete
  41. හිතුවක්කාරී ලිපිය පටන් අරන් තියෙන්නේම ආදරේට නිර්වචනයක් දෙන්න බෑ කියලා. ආදරේ යනු කුමක්දැයි හරියටම නොදත් නමුත් විවාහයකදී එය ඇතිවිය යුත්තේ කොතනකදීදැයි සියලු දෙනා තර්ක කරයි. ආදරය යනු හටගෙන විනාශවී යන දෙයක් නොව හැමදා අලුත්වෙමින් පවතින්නක් වියයුතුය. හැමදා වෙනස් මුහුණුවරක් ගන්නා යමකට සරල නිර්වචනයක් දෙන්නේ කෙසේද?

    -අම්බි

    ReplyDelete
    Replies
    1. ආදරේට, විවාහෙට එහෙම හරිම අර්ථකතනයක් දෙන්න බෑ තමා.. ඒත් එක එක්කෙනාට දැනෙන තේරෙන විදියට, පොදුවේ අපිට යම් මතයක් ඉදිරිපත් කරන්න පුලුවන් නේද?

      අන්න එහෙම දෙයකුයි මෙතනත් තියෙන්නෙ.. කිසිම කෙනෙක්, කිසිම දෙයක් හරියටම, නිශ්චිතවම කියලා නෑ.. එක එක්කෙනාට දැනෙන සහ ඒ අයගෙ හිතන විදිය තමා අදහස් දක්වලා තියෙන්නෙ( මමත් ඇතුලුව.) හරිවෙන්නත් පුලුවන්.. වැරදිවෙන්නත් පුලුවන්..:)

      ස්තූතියි අම්බී!!

      Delete
  42. නියම ලිපියක්... මෙහෙම දේවල් ගැන කතා කරන්න ඕනෙ...

    ReplyDelete
  43. දෙපැත්තටම කරුණු තියනවා. එත් ඉතින් වැඩි දෙනෙක් තෝරාගන්නේ මොකක්ද කියල දන්නවනේ? ගෙවල් වලට , ඉස්කෝලේ මිස්ලට සර්ලට හොරෙන් ආදරේ කරනකොට මාරම ගති. :D

    ReplyDelete
    Replies
    1. අනිවා.. මෙතන කමෙන්ට්ස් වලින්ම පැහැදිලියි වැඩි දෙනාගේ තේරීම!!

      Delete
  44. මම නම් හිතන්නේ හිතූ කොහොම බැන්දත් වැදගත් වෙන්නේ දෙන්නාගේ තේරුම් ගැනීම සහ බැඳිම. මොක්ද අවුරුදු 5ක් 10ක් ආදරේ කරලා බැඳලත් අවුරුද්දෙන් දෙකෙන් වෙන් වෙන අය ඉන්නවා. සමහරු මාසෙන් දෙකෙන් යෝජනා වලින් බැඳලා ආදරෙන් හැමදාම ඉන්නවා. මෙතනදි ඉවසීම,තේරුම් ගැනීම, අනික් කෙනාට ගරු කිරිම, අවංක කම හැමදේම දෙපැත්තෙන්ම අඩු නැතිව ලැබෙනවනම් කිසිම අවුලක් නැතිව එකට ඉන්න පුළුවන්.. මගේ අදහසේ හැටියට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කෙ!!! යාන්තම් මාසෙන් දෙකෙන් යෝජනා වලින් බැදලා මැරෙනකම් සතුටින් ඉන්න අය ඉන්නව..:)

      දෙන්නාට දෙන්නා හිතන පතන විදිය අනුව ඒ දේවල් රදාපවතින්නෙ..:)

      Delete
  45. "පෞද්ගලිකව මම නම් යෝජිත විවාහයකට අකමැතියි. ;)"

    දැන් මොකෑ කරන්නේ. ඉන්න එකීට යන්ඩ කියන්ඩ වෙයිද මන්දා..... අපොයි :(

    මෙහෙමයි ඕකේ දෙපැත්තක් තියෙනවා. අවුරුදු ගානක් ආදරේ කරලා වෙන් වෙන ජෝඩුත් ඉන්නවා ඒ වගේම ප්‍රොපෝසල් එක්කින් කසාද බැඳලා සතුටින් ඉන්න අයත් ඉන්නවා. ප්‍රොපෝසල් එකක් ආව පලියට එයාව කසාද බඳින්න ඕන කියලා නියමයක් නෑ නංගි. කතා බහ කරලා අදුන ගත්තට පස්සේ තමා කසාදයට උනත් කරන්ඩ ඕන. කැමැත්තක් ඇති නොවෙනවා නම් හොදම දේ වෙන් වෙන එක.


    ආදරේ කියන දේ කොහොම ඇති උනත් එකයි දරුවෝ.ඒක ප්‍රොපෝසල් එකකින් හරි එහෙමත් නැත්නම් ආදර සම්බන්ධයකින් හරි!

    මේවට කමෙන්ට් කරලා අපේ එක්කෙනා මට කච කචේ දායිද මන්දා..... අපේ එක්කෙනාට මේ කමෙන්ට් එක නොපෙනේවා..... ඒස්වාඃ පුඃ !!

    ReplyDelete
    Replies
    1. //දැන් මොකෑ කරන්නේ. ඉන්න එකීට යන්ඩ කියන්ඩ වෙයිද මන්දා..... අපොයි:(//

      ආව්ව්ව්ව්ව්ව්... අයියා අපිට විස්තර කිව්වෙත් නෑ ආ??

      අපේ එක්කෙනා බ්ලොග් කියවනවාද අයියෙ??? :O කවුද එයා??

      Delete
  46. තු නොදකිං යෝජිත විවාහයකින් බඳිනවට වඩා හොඳයි නොබැඳ ඉන්න එක... මම නම් පුද්ගලිකවම යෝජිත විවාහ වලට අකමැතියි එහෙම එකක් කරද්දි වදේ නිසා කැමතිවෙන තත්වය වැඩියි...

    අනික ගොඩක් ප්‍රේම සම්බන්ධතා මේ කේන්දර මගුල් නිසා කැඩෙනවා මම නම් කියන්නේ ඕවා බලලා තේරුමක් නෑ මම අපේ අම්මලට කියලා තියෙන්නේ ඕවා බලන්න එන්න එපා කියලා.... මෙච්චර කාලයක් ආදරේ කරලා අන්තිමට කොහෙවත් යන එකෙක් හදපු කේන්දරයක් නිසා ඒ ආදරේ නැති කරගන්න මට ඕනේ නෑ...

    අනික තව දෙයක් තමා මගේ වෙන්ඩ බිරිඳ ඒ කියන්නේ මගෙ කෙල්ල වගේම මාත් ඔය බැඳපු ගමන් බබාලා එහෙම හදාගන්න කැමතිම නෑ අනේ අම්මෝ අවුරුදු 10ක්වත් ඉමු කියලා තියෙන්නේ.... මම ඕකත් අම්මලට කිව්වා අම්මා කියනවා කෙල්ල පව්ලු මොන පව්ද කෙල්ල ෆුල් හැපි... මට පොඩි එව්වො දැක්කම හිතෙන්නේ මොකාක් හරි කොරලා අඬවන්න මිසක් හුරතල් කරන්නත් නෙමේ ඒ නිසා ඕන්නැ

    යෝජිත විවාහයකින් බඳින කෙල්ලට ඔහොම බෑ කියලා ඉන්න බෑනේ මිනිහා හදන තරමක් හදන්න එපැයි මොන දස වදයක්ද...

    බැන්දට පස්සේ ආදරේ නෑ කියන්නේ බිරිඳ ලමයි නලවන්නයි සැමියා ලමයින්ට කවන්නයි මහන්සි වෙන හන්දා වෙන්නැති... අනික ඉතින් sex නැති විවාහය පරිප්පු නැති හොද්දක් වගේ කියනවනේ ඉතිං ලමයි රොත්තක් ඉද්දි මොන පරිප්පුද....

    මේ සියළුම කාරණා සලකා බලන කල්හි යාළුවෙලා බැඳීම අති විශිෂ්ටය.යෝජිත විවාහ වනාහි බිරිඳ හෝ සැමියාගේ දෑත් සුක්කානමට බැඳ තබා එකී සැමියාගේ හෝ බිරිඳගේ සහකරු හෝ සහකාරිය තනියෙන්ම එලවන නැවක් වැනිය....

    ෆිල්ම් වල ඇති සුරංගනා කතා වලට නොරැවටෙන්න.නොදන්නා යකා කොයිතරම් කළුදැයි කෙසේ සොයන්නද?? දන්නා යකෙක් බැඳගන්න

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගැමියා මලයාගෙ කමෙන්ටුවට මම ෆට්ට ලයික්ය!!! :D

      මට කියන්න කිසිවක්ම නැත!!!

      //මේ සියළුම කාරණා සලකා බලන කල්හි යාළුවෙලා බැඳීම අති විශිෂ්ටය.යෝජිත විවාහ වනාහි බිරිඳ හෝ සැමියාගේ දෑත් සුක්කානමට බැඳ තබා එකී සැමියාගේ හෝ බිරිඳගේ සහකරු හෝ සහකාරිය තනියෙන්ම එලවන නැවක් වැනිය....
      //

      සමහර ව්එලාවට මේක ඇත්ත බව කියන්න පුලුවන්.. ඒත් සමහර අවස්ථා තියෙනවා, දෙන්නාට දෙන්නා හොද අවබෝධයෙන් ගෙවන පවුල් ජීවිත ඇති අවස්ථා..:)

      ස්තූතියි මලයාගෙ කමෙන්ටුවට!!

      Delete
    2. //සමහර ව්එලාවට මේක ඇත්ත බව කියන්න පුලුවන්.. ඒත් සමහර අවස්ථා තියෙනවා, දෙන්නාට දෙන්නා හොද අවබෝධයෙන් ගෙවන පවුල් ජීවිත ඇති අවස්ථා..:)//

      ඇත්ත ඇත්ත අක්කෝ එහෙම ඒවා නැතිවා නෙමෙයි ඉතින්... මම හිතුවේ බනියි කියලා බැලින්නම් ලයික්නේ ටැංකිව් ඈ..

      Delete
    3. හෆ්ෆෝයි නෑ ඉතිං.. බනින්නෙ මොකටද? :p

      Delete
  47. හොඳම වැඩේ තමයි හැමදාම ආදරේ කර කර නොබැඳ ඉන්න එක. :P
    විහිලුවට කිව්වත් ඇත්ත ඒක නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්.. හා ඉදලා බලන්න.. ඔට්ටුයි බෑ...;)

      Delete
  48. මටත් ඕක ගොඩ කාලෙක ඉඳල තියෙන ප්‍රශ්නයක් තමයි....ඒත් මට දැන් හිතෙනව,ආදරේ කරලා බැන්දත්,බැඳලා ආදරේ කලත් නරක කාලෙ එනකොට වෙන්න තියෙන දේවල් කොච්චර නවත්තන්න උත්සහ කලත් සිද්ද වෙනව කියල....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. සමහර දේවල් තියෙනවා තමා වෙන්න තියෙන දේවල්!! අනේමංදා....

      Delete
  49. මම නම් කියන්නේ ඕන ටීක්... ප්‍රීති වෙසක්...

    හික් හික්... අපි දැන්ම බදින් නෑනේ...

    ReplyDelete
    Replies
    1. :O හෑ???

      තව කල් තියෙනවා නේ නේ?? මේ පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි කොල්ලො කොහෙ බදින්නද? ;) නැද්ද මං අහන්නෙ??

      Delete
  50. ආදරය කරලා අවුරුදු 10 15ක් එකට ජිවත් වෙලා වෙන් වෙන අය අපි අතර කොච්චර නම් ඉන්නවද..?ඒ වගේමයි යෝජිත විවාහයකදිත්...බැඳලා අවුරුදු ගණන් එකට ඉඳලා වෙන් වෙනවා...
    මේ මොන එකකින් විවාහ වුනත් විවාහයක් පැවතෙන්නෙ විශ්වාසයයි එකිනෙකා තේරුම් ගැනිමයි එකිනෙකාට ඇහුම්කන් දිමයි මත..ඒ දේ බිරිඳගේ අතේ වගේම ස්වාමි පුරුෂයගෙ අතෙත් තියෙන්න ඕනෙ...
    (මොන දේ උනත් මන් නම් කැමති ආදරය කරලා බඳින එකට මොකද නොදන්න කෙනෙක් එක්ක විවාහ වෙනවට වඩා දන්න කෙනෙක්ව බැඳගන්න එක හොදයි..එතකොට එකිනෙකාගේ අදහස් හරි දන්නවනේ(කැමති අකමැති දේවල්.)...)

    ReplyDelete
    Replies
    1. //මේ මොන එකකින් විවාහ වුනත් විවාහයක් පැවතෙන්නෙ විශ්වාසයයි එකිනෙකා තේරුම් ගැනිමයි එකිනෙකාට ඇහුම්කන් දිමයි මත..ඒ දේ බිරිඳගේ අතේ වගේම ස්වාමි පුරුෂයගෙ අතෙත් තියෙන්න ඕනෙ...//

      අනිවාර්‍යෙන්ම.. එහෙම නැතුව බෑනෙ..:)

      හික්ස්ස්.. මමත් එහෙමයි කැමති ආදරේ කරල බඳින්න..

      Delete
  51. යෝජිත විවාහ නම් මට ලොවෙත් එපා....තූ නොදකින්.මම දැකපු යෝජිත විවාහා ඔක්කොම වගේ අසාර්ථකයි.පිටතට නොපෙන්නුවාට ඇතුලෙන් කිසිම ආදරයක් නෑ.හරියට රොබෝ වරු වගේ ගෑනු කෙනා එයාගේ ලෝකේ පිරිමි කෙනා එයාගේ ලෝකේ.අපෝ යෝජනාවකින් බදිනවාට වඩා හොදයි කසාද නොබැද මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... මාත් එකඟයි ඉතින්.. අනේමංදා.. ඕකෙ අනිත් පැත්තත් තියෙනවා..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....