නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 May 2012

-TEEN Books , Autographs සහ මම -

මේක මම කාලෙක ඉදන් ලියන්න හිටපු මාතෘකාවක්.ඒත් ආයෙමත් ලියන්නම ඕනෙ කියල මතක් වුනේ ළඟදි දවසක පොත් කබඩ් එක ඇතුළෙ තිබිලා හම්බ වුනු මගේ පරණ Autographs කීපයක් සහ TEEN BOOK එකක් කියෙව්වාමයි.

ඇත්තටම ඒ සටහන් මට හුඟාක් දේවල් මතක් කලා.සමහර ඒවා කියවද්දි මට හොදටම හිනා..:D :Dසමහර දේවල් කියවද්දි දුකත් හිතුණා.ඒ හුඟාක් ලියැවුනූ දේවල් එක්ක අතීතෙට ඇදිලා යන ගතියක් තිබුණා.කොහොමටත් එහෙම ලියැවිච්ච සටහන් වල වටිනාකමක් දැනෙන්නෙ දැන් තමයි.. අතීතෙ කරපු කියපු දේවල්, ඒ කාලෙ අපේ සිතුවිලි, යාළුවෝ.. මේ හැම දෙයක්ම මතක් කරගන්න පුලුවන් දේවල් ඔය Autographs වල තියෙනවානෙ.

ඔය Autograph වල ලියන එක, Teen Book වල ලියන එක ,පුරුද්දක් විදියට අපි අතරට ඉස්සෙල්ලාම ආවෙ මම හතේ පන්තියෙ විතර ඉද්දියි.හතේ පන්තියෙ ගත කරන අන්තිම දවස ළඟ එද්දි, ඒ කියන්නෙ හත වසරෙන් අට වසරට පාස් වෙද්දි පන්තියේ ළමයී හෝ ගාලා සමරු පොත් දෙන්න පටන්ගත්තා "අනේ මේකෙ ලියලා දෙන්නකෝ" කියලා.ඔන්න ඔහොම මුලින්ම එකක් ලියන්න දුන්නාමනම් හරිම අමුතුයි.බයෙන් බයෙන් අනිත් අය ලියපුවා ඔක්කොම කියවලා,කොහොමද ලියන්නෙ කියලා අවබෝධයක් එහෙම අරන්,පාට පාට පෑන් වලින් ලස්සනම පිටුවක් තෝරගෙන ලියපු හැටි මට තාමත් මතකයි.ඊටපස්සෙ අම්මාට කියලා මටත් එකක් ගෙන්නගත්තා.උජාරුවට අරන් ගිහින් හතේ පන්තියේ යාලුවන්ට කියලා ලියවගත්තා..

හැම අවුරුද්දකම අන්තිමට ඔය විදිහට Autograph එකක ලියවගන්න එක පුරුද්දකට ගිහිල්ලයි තිබ්බෙ. ඉතිං ඉස්කෝලෙ එක අවුරුද්දක් ඉවරවෙන්න  අන්තිම කාලෙ වෙද්දි කරන්න තිබ්බ ලොකුම වැඩේ වුනෙත් ඔය සමරු සටහන් තියෙන එක තමයි.
ඉස්සර ඉදන් මගෙ ළඟ තිබ්බ Autograph 3ක් 

TEEN Books කියන අලුත් ජාතියක් ගැන මට දැනගන්න ලැබුණෙත් ඔන්න අපි 7 පන්තියේ ඉද්දියි. පන්තියේ හිටපු ටිකක් ලොකු ලොකු වැඩ කරන්න උත්සාහ කරපු ගෑනු ළමයෙක් දවසක් දා , මායි මගෙ හොදම යාළුවයි පොඩි චැටක් දාගෙන ඉද්දි උස්සගෙන ආවා ලොකු පොතක්. පිටු 400 විතර ඇති ලස්සන කවරයක් දාපු ,කවරෙ ඉස්සරහා මල් මල් අලවපු ලස්සනට හදපු පොතක්. මාත් ඉතින් ඇස් දෙක උඩ තියාගෙන බලන් හිටියෙ මොකක්ද මෙයා මේ කියන්න යන්නෙ කියලා..

"මේ හලෝ.. ඔය දෙන්නා මේකෙ ලියලා දෙනවාද?"

ඔන්න ඉතින් අපි දෙන්නාට ලියලා දෙන්න කියලා මෙයා පොත දික් කරා..

"මොකක්ද මේ?"

පොත අතටවත් නොගෙන පැනපු ගමන් මම ඇහුව ප්‍රශ්නෙ ඒක..

"ඕක මේ TEEN BOOK එකක් අනේ..කියවලා බලලා ලියලා දෙන්නකෝ..ඔය දෙන්නා free වෙලාවක ලියලා හෙට ගෙනත් දෙන්නකෝ ඕක මට."

කියපු ළමයා එතනින් යන්න ගියා.

උඩ බිම බලගත්තු මායි මගෙ යාළුවයි පොත පෙරලලා බලන්න ගත්තා.ඒක නිකන් ප්‍රශ්න උත්තර පොතක් වගේ.. මුලින්ම ප්‍රශ්න 50ක් විතර එක එක කොටස් විදියට අහලා තියෙනවා. ඊටපස්සෙ ඒවාට උත්තර වෙන වෙන අය ලියලා තියෙනවා. ලස්සන පින්තූර අලවලා, පාට පාට පෑන් වලින් හරිම ලස්සනට පොත පුරාම ලියලා තිබ්බා.

මායි මගේ හොදම යාලුවයි ඉතිං ප්‍රශ්න ටික කියවගෙන කියවගෙන ගියා. නම, ගම , අම්මා තාත්තාගෙ සහෝදරයන්ගෙ නම්, කැමතිම කෑම, පාට, බීම, නම, අකුර, වචනෙ, කැමතිම කෙනා, සිංදුව, ගායකයා ..ඔය විදියේ නානාප්‍රකාර ප්‍රශ්න ඔය අතරේ තිබුණා.අන්තිමම ප්‍රශ්න 10 වෙන්වෙලා තිබ්බෙ අමුතුම මාතෘකාවකට. ඒ තමා "ආදරේ" හෆ්ෆටසිලි!!! ඒ ප්‍රශ්න ටික දැක්ක ගමන්ම නම් අපි දෙන්නාව උඩ ගියා.:D හතේ පන්තියේ හිටපු අපි දෙන්නා ලැජජවෙන්  ඇඹරුනා. ;) ඇස් දෙක උඩ ගිහින් නිකන් බයත් හිතුනා."ඔයා කාට හරි ආදරේ කරනවාද? ඒ කෙනාගෙ නම, එයාගෙ හැඩ රුව, ඔයාගෙ ආදරේ එයා දන්නවාද?, නැත්තම් ඒකපාර්ෂවික ආදරයක්ද? ඔයාට හම්බුන මුල්ම තෑග්ග, ඉස්සෙල්ලාම ආදරෙයි කිව්වෙ කවුද?, එයාගෙ කැමතිම ගතුගුණය," ඔය ආදි වශයෙන් ප්‍රශ්න ගොඩාක් අන්තිමට අහලා තිබ්බා. 


අනේ ඉතිං ඒ කාලෙ, 7 පන්තියේ ඉද්දි අපිට මොන ආදර හුටපටද? :D කාටූන්, හපන් පැදුර, කතාන්දර පොත්, සෙල්ලම් ගෙදර, එක්ක ගොඩ නැගිලා තිබ්බ අපේ ලෝකෙ වෙනස් වුනේ, සංකීර්ණ වුනේ ඊට ටික කාලයක් ගියාට පස්සෙයි.ඒ වෙන තුරු,උඹ  බං කියලවත් යාළුවෙක් එක්ක කතා නොකරපු, ඔයා මෙයා හලෝ කියාගත්තු ගමන් හිටපු, මිස් ල නැති වුනාම සින්දු කිය කිය නටපු, ගැහැණු පිරිමි මල් පළතුරු කරපු ,අපි හිටියෙ හෙනම අමුතු ලෝකෙක. (සමහරු හිටියා ,ඊට වෙනස් විදියේ).


ඉතිං මේ පොතේ අන්තිම ප්‍රශ්න ටික කියවලා අපි දෙන්නාට හිනා.පස්සෙ මගේ යාළුවා බය වෙලා වගේ ," ඒ මටනම් බෑ හලෝ මේක ගෙදර ගෙනියන්න. ගෙදර ගෙනිහින් ලියන්න ගියොත් අපේ අම්මා දැකලා මට ඉන්න හම්බෙන්නෙ නෑ.." මලා. එතකොට මටත් මතක් වුනේ ඒකමයි. 


"අපේ අම්මාත් එහෙම තමා. අපි ඕක මෙහෙදි ලියලා දෙමු. අන්තිම ප්‍රශ්න වලට ඉරි ගහමු.."


මගේ ටිකිරි මොලේට පහළ වුනේ එහෙම අදහසක්.


"අහ්හ්.. ඔව් එහෙම කරමු. " 


මගේ යාළුවත් අනුමත කරපු නිසා දෙන්නත් එක්ක එකතු වෙලා මිස්ලා ආවෙ නැති වෙලාවල් වලදි ප්‍රශ්න වලට පාට පාටින් උත්තර ලියලා සම්පුර්ණ කරලා අදාල ළමයාට පොත භාර දුන්නා. :D කොහොමහරි අපේ පළවෙනි TEEN BOOK ලිවිල්ල අවසාන වුනේ එහෙමයි.


ඒත් ඊටපස්සෙ කාලෙත් එක්ක, කාලෙ ගත වෙලා යද්දි හැමදේම වෙනස් වුනා. ඉස්සර ට වඩා අපේ ලෝක ටික ටික වෙනස් වුනා.හින්දි චිත්‍රපටි,  සින්දු, නළු නිළියෝ, ගායකයෝ, Autographs, TEEN BOOKS එක්ක අපි වෙනස් වුනා.ඉස්සරට වඩා සංකීර්න වුනා. ඊටපස්සෙ TEEN BOOKS වල ප්‍රශ්න දැකලා අපි බය වුනේ නෑ.. මොනා හරි කතාවක් ලියලා ප්‍රශ්න ශේප් කරගන්න අපි දක්ෂ වුනා. ;) 


9,10,11 වසර වෙද්දිනම් හැමෝම වගේ TEEN BOOK හදාගෙන හිටියා. ඉස්සර සිංහලෙන් හදපු TEEN BOOK ඒ වෙද්දි English වලින් හදන එක තමා Trend එක වුනේ. :D කොටින්ම කියනවානම් Trend එකට වගේ මාත් හැදුවා එකක්. අපේ සෙට් එකේ ලස්සනම TEEN BOOK එක තිබ්බෙ මට.:D ඕක ඉතිං හැමෝටම දීලා ලියවගෙන, පින්තූර අලවලා හෙනට පරිස්සම් කරලා තමයි තියාගත්තෙ. ( අම්මාගෙ ඇස නොගැටෙන්න තියාගන්නත් වග බලාගත්තා.) :p


ඊටපස්සෙ O/L කාලෙ ළං වෙද්දිනම් ආයෙමත් ඒ TEEN BOOK පිස්සුව නැතිවෙලා ගියා. ඒකට තව හේතුවකුත් තිබ්බා.ඒ තමයි, අපේ ඉස්කෝලෙ නීතියක් ගෙනාවා TEEN BOOK බෑග් වල තිබිලා අහුවුනොත් අල්ලන. ඒවා ඉස්කෝලෙ ගේන එක තහනම් කලා. ඔක්කොමත් හරි, ඕවායෙ ලියලා තියෙන ඒවා කියෙව්වොත් වස ලැජ්ජාවක්නෙ වෙන්නෙ. රටේ නැති පිස්සු කතා ඔක්කොම ලියලානෙ. :D


ඒත් O/L ඉවර වෙලා, A/L වෙනකම්ම Autographs ලියන එකනම් නැවතුනේ නෑ.. ඉස්සරම කවියක් ලියලා, මොනා හරි සිංදු කෑල්ලක් ලියලා  ඉවර කරන ලිවිල්ල. පස්සෙ කාලෙ වෙද්දි දිගම දිග මඩ කතාන්දර ලියන තැනට පත් වුනා.. ඇත්තටම දැන් කියවද්දිනම් ඒ කතා හරිම සුන්දරයි. එක එක්කෙනා ගැන, ඒ ඒ අවුරුදු වල අපි කරපු ජොලි වැඩ, පිස්සු නටපු හැරි, ට්‍රිප් ගිය හැටි ඔය ආදී වශයෙන් සුන්දර මතකයන් එකතු කරලා ලියපු මඩ කතා හුඟාක් පස්සෙ කාලෙදි Autographs වල ලියැවුනා. අදටත් මගේ O/L , A/L කාලෙ ලියැවිච්ච කතා එහෙම සුන්දර කතා තමයි.


ඒත් A/L කාලෙ ලියැවිච්ච සමහර දේවල් කියවද්දිනම් මොකක්දෝ මන්දා මහා කළකිරීමක්, දුකක් වගේ දෙයකුත් දැනෙනවා. ඒත් මොනවා වුනත් ඒ අතීතෙ හරි සුන්දරයි, වගේම අසුන්දර තැනුත් තියෙනවා. එක මොහොතකට , ක්ෂණිකවම හිත අතීතෙට ගෙනියන්න පුළුවන් දෙයක් විදියට ඔය සමරු සටහන් හැදින්වූවාට වැරැද්දක් නෑ මං හිතන්නෙ. ඒ තරමටම අපි කවුරුත් ඔය සමරු සටහන් වලට කැමතියි...එහෙම නේද?ජීවිතේ දැන් නෙවෙයි. තව ඉස්සරහට ගිහිල්ලා , ආපස්සට හැරිලා බලන්න, රසමුසු තැන් විඳගන්න පුළුවන් හොද මාධ්‍යක් විදියට සමරු සටහන් ලිවීම ගන්න පුළුවන්..


මම කියනවට දිග ඇරලා කියවලා බලන්නකෝ පරණ Autograph එකක්.. මොහොතකට ඇඳේවී ලොකුම ලොකු හිනාවක් මූණ පුරාම..:D


අතීතය කවියක්නම්,
එය ලියා තබනු හැකි
හොඳම හොඳ තැනක්
එය නම්,
නුඹේ සමරු පොත.......
මතු  දිනෙක පෙරළා
කියවා බලනු විට
සත්තයි නැගෙයි එකම එක
හසරැල්ලක්
ඔය මුවග පුරාවටම.........


_____________________________________________________________

සමරු සටහන් වගේම, අපි හැම කෙනෙක්ගෙම හිත් තුළ, දස දහස් ගණනින් සිතුවිලි අතුරපු, ආදරණීය මනුස්ස හදවතක් සදහටම නතර වෙලා.බ්ලොග් අවකාශයම ආදරේ කරන, මුළු සයිබරයම වැළඳගත්ත සදාදරණීය හිතවතෙක්, ජීවිත කාලය තුළ සෙනෙහෙබර පියෙක් වූ, දයාබර සැමියෙක් වූ, කාටත් මිතුරෙක් වූ. ගතින් , මෙන්ම සිතිනුත් සැබෑවටම තාරුණ්‍ය හඹා යන්නෙක් වූ ඔහු.... අපේ ආදරණීය ඔබා මාමා, කාගේත් හිතවතා වූ ඔබා අයියා, දහසකුත් දෙනාගේ සිත්දිනාගත් ඔහු "Observer" , සදහටම මෙලොව අතැර යන්න ගොසින් හමාරයි. ඔහු වෙනුවෙන් මගේ පැතුම, ආදරණීය ඔබා මාමේ, ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!!!!!

Post Comment

91 comments:

  1. Replies
    1. ඔයා කියවලා නෙවෙයි නේද 1 උනේ.ඉහි ඉහි මමනම් කියවලා කමෙන්ට් කලේ

      Delete
    2. අපේ මෙන්න මෙයාට ඉලිසියාව...

      Delete
    3. @ මල්සරා- හික්ස්ස්.. එක වුනේ හොර කරලානෙ..:p කියවලා නැතුව..නිකන්ම එක..:D

      Delete
    4. @කාව්‍යා අක්කි- අක්කි තමා එක :*

      Delete
  2. ම්ම් මේක කියවලා මමත් මගේ අතීතයට ගියා අපිටත් තිබුනනේ ඔය පිස්සුව මගේ ලගත් තවම Teen Book එකක් තියෙනවා ඒවායේ තියෙන දෙවල් ඉදලා හිටලා කියවලත් බලනවා.... ඒ කාලෙට ආපහු හිතින් යනවා පාසල් කාලය තරම් සුන්දර කාලයක් අයෙ කවදාවත්ම එන්නෙ නෑ ඒ අතීතෙ ඒ තරමටම ලස්සනයි. ආපහු එ කාලෙ මතක් කලාට ස්තූති හිතූ

    ReplyDelete
    Replies
    1. ම්ම්.. අපි හැමෝගෙම අතීතෙ එහෙම පිස්සු වැඩ තියෙනවා නේද අක්කේ?? ඒවා දැන් මතක් කරලා බලද්දි හරිම සුන්දරයි...:)

      Delete
  3. හප්පේ.....................
    කොත්තල මලාගට්ට මාට්ලුකාවක්ඩ ඕක ඉක්කෝලෙ යන කාලෙ.....^_^

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ ඔව්.. අපිත් හෙනට ගේමට බැහැලා හිටියෙ prefects ලාගෙන් TEEN BOOKS පරිස්සම් කරගන්න..:D

      Delete
  4. ඔයා මාව අයේත් ඉස්කෝලෙට ගෙනිච්චා.. තෑන්ක්ස්..

    හැබැයි මටනං ඔය ඔටෝවල ලියන එක මහ වදයක් වෙල තිබ්බෙ... ඒත් ඉතින් ලිව්වා.. දැන් කෙල්ලන්ගෙ ගෙවල්වල හියහම උන් ඔක තමයි ඉස්සෙල්ලම පෙන්නන්නේ....

    අපිට මොටො අනුන්ගෙ ඔටෝ

    ReplyDelete
    Replies
    1. :) සතුටුයි ඔයාව ආයෙත් සුන්දර මතක ගොඩට ගෙනියන්න ලැබුන එකට.. ආඩම්බරයි..;)

      හික්ස්ස්.. අන්න දැක්කානෙ.. වදෙන් හරි ලිව්ව ඒවායෙ ප්‍රථිඵල...;) කොහොමද කෙල්ලො ඉස්සර ලියපුවා ගෙනෙල්ලා කියවද්දි?? :p :D ආසයි නේ?? හික්ස්ස්ස්

      Delete
  5. ගෑල්ලමයිගේ පිස්සු වැඩ! ඉස්සට අපිටත් ගෙනත් දික් කරනවා ලියලා දෙන්න කියලා. සමහර එව්වානං මං බෑ කියලා හරවලත් යවලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. අපෝ.. මං හිතුවා.. :p ආඩම්බරකාර පූසා..:/ ඔය ඔටෝ එහෙක ලිව්වාම ගෙවෙනවාද අනේ.. ලියලා දුන්නාම මක් වෙනවාද? :/ :/

      අපෙත් හිටියා ටියුෂන් පන්ති වල කොල්ලො ඕවා ලියලා පුරුදු නෑ කියලා ආපහු දෙන..:/ පිස්සු පූසෝ :/ :p

      Delete
    2. තත්වේ තියාන ඉන්න එපැයි. එහෙම දෙන්නං වාලේ ලියන්නේ නෑ අපි! :D

      Delete
    3. පුහ්හ්හ්.. පූසෙක් ගිය උඩ..:p

      Delete
  6. යෙස්‌ යෙස්‌.. මම නම් අම්බානක් autograph සහ teen books ලියලා ඇති එක එක්කෙනාගේ.. ඒ වගේ ම මාත් a/l වලට ආවට පස්සේ ඔන්න ඔහේ auto එකක් ලියවන්න ගත්තා.. අන්තිමට එකක් මදි වෙලා 3 ක් ම ලියෙව්වා.. ඒ කාලේ සිද්ධ වුණු දේවල් ගැන කියවද්දී ඇත්තට ම දැනටත් හිනා යනවා! ඒ වගේ ම මතකයක් අවදි වෙද්දී සාංකාවක් වගේ හැගීමක් දැනෙන හින්දා මම වැඩිය ඒවා බලන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඒවා කියෙව්වාම සාංකාවක් දැනෙනවා තමයි..:(

      Delete
  7. හප්පේ අපිටත් තිබුනා ඔය වගේ පිස්සු :පි

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තවත් පිස්සු කේස් එකක්..දාන්න පහක්..:D

      Delete
  8. අප්පේ මාත් ඔටෝ වලනම් මඩ ගහලා ඇති නැති වෙන්න. ඒත් Teen book සෙල්ලමනම් වැඩිය කලේ නෑ.ඒත් ඒ කාලෙ ලියපු එක Teen book එකක් ආයෙත් මට හම්බ වුනා ලියලා දෙන්න කියලා.එතකොට teen කාලෙ පහු වෙලා.Teen කාලෙ ලියපුවා දැකලා හිනාත් ගියා. :)))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔටෝ කියන්නෙ ඉතිං මඩනෙ අක්කේ!!! :D අයියෝ... TEEN කාලෙ පනින්න කලින්ම ලියන්නයි තිබ්බෙ..:D බඩ අල්ලගෙන හිනා යනවානෙ ආපහු කියවද්දි ඒ කතා..:)

      Delete
  9. කෙල්ලන්ට පිස්සුඌඌඌඌඌඌඌඌඌඌ..................

    හැබැයි මමත් ඕවගේ එක එක විකාර ලියලා තියෙනවා :-)

    ReplyDelete
    Replies
    1. ආ...:O එහෙනම් රජෝ ඔයාටත් පිස්සු වෙන්න ඕනෙ..:p ඔයත් ලියලානෙ...;)

      Delete
  10. //මායි මගෙ හොදම යාළුවයි පොඩි චැටක් දාගෙන ඉද්දි // කාගේ හරි ඕපා දුපයක්‌ වෙන්න ඇති කතා කරන්න ඇත්තේ..අපි නොදන්නා මොණර පිහාට්ට.

    මගේ සමරු පොතේ කොළ 10 ක් වත්තිබ්බේ නැහැ අවුරුද්ද ඉවර වෙද්දී. මාත් එක්ක හිටපු නරක කොල්ලෝන්ට ලියන්න පොත දුන්නාම එකේ කොළ කඩාගෙන උන්ගේ කෙල්ලොන්ට ලිවුම් ලියනවා.

    ReplyDelete
    Replies
    1. හා හා..ඕනෙ පිහාට්ටක් අලේ...:p ඕගොල්ලො මොනා දන්නවාද මගේ චුට්ටි කාලෙ ගැන..:p

      අපෝ..දැක්කානෙ කොල්ලොන්ගෙ හැටි.. පරිස්සමට බලාගන්න තියාගන්න දෙයක් දුන්නාම විනාස කරලාමයි නවතින්නෙ..:p ආදරේ වුනත්, හිතක් වුනත් ඔච්චරයි..කල් යද්දි........

      Delete
  11. මමත් කෙල්ලන්ගේ ඔටෝ වල ලියලා නම් තියෙනවා (කවදාවත් කොල්ලෙක්ගේ ඔටෝ එකක ලියලා නෑ හැබැයි මට කියලා කෙල්ලන්ට දෙන්න ඔටෝ ලියා ගත්ත උන් නම් ඉන්නවා) ..ඒත් මම ආසා නෑ ඔය බෝනික්කෝ ඉන්න මල් තියෙන ඔටෝ වලට. A/L ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා කට්ටියම ඔව්වා ලියන එකේ මාත් කල්පනා කලා එකක් ලියන්න...දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ ලියන්නත් ඕන හැබැයි ඔටෝ වල පිටකවර,මල්, පාට පාට කොල, ඇත්තම කිව්වොත් ඔටෝ කියන වචනටෙවත් මම ආස නෑ..කඩේ ගන්න තියෙන හැම එකකම ඔව්වනෙ තියෙන්නේ..මම කරපු වැඩේ ගත්තා ඩයරි එකක්..එව්වල ඔය මොකුත් නෑනෙ තියෙන්නෙ රූල් ටිකයි දින ටිකයි විතරනේ අනික ලියන දේත් හොදට පැහැදිලියි. ක්ලාස් එකේ ඉන්න කෙල්ලෝ ටිකටයි කොල්ලෝ ටිකටයි දුන්නා...ඕන කුනුහරපයක් ලියපල්ලා කියලා...කෙල්ලෝ ටික නම් යස අගේට ලියලා දුන්නා..ඔය අස්සේ හිටපු කෙලි කොල්ලෙක් කියපි මට ඔව්වලා ලියන්න බෑ මට ඔටෝ එකක්ම ඕන කියලා..අනේ උබ නොලියන තරමටම හොදයි කියලා මාත් ගත්තා මගේ ඩයරි රාජයා..තාමත් තියෙනවා භාණ්ඩේ මගේ ලාච්චුවේ..

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. ඔය ඩයරි පාවිච්චි කරපු අය අපෙත් හිටියා.. ලියන්න දේවල් හුඟාක් තියෙනවානෙ කල් ගත වෙද්දි,එතකොට කඩේ තියෙන ඔටෝ මදිනෙ..

      හික්ස්ස්... කෙලි කොල්ලෙක්..මරු..:D ලාච්චුවෙ තියාගන්න පරිස්සමට... ජීවිතේ ඉස්සරහට වටීවි..

      Delete
  12. ආපෝ ටීන් බුක් නම් මතක් කරන්න එපා... කෙල්ලෙක් ඕකක් ලියන්න දීල මං විඳපු දුකක්... ප්‍රශ්න තිබුන 40ක් විතර...

    පස්සෙ දවසක කොල්ලෙක් කෙල්ලන්ගෙ විස්තර සෑහෙන්න එකතු කරගත්තු ටීන් බුක් එකක් දුන්න ලියපන් කියල... ඒක අවුරුදු ගානක් මගේ කබඩ් එකේ තිබිල අන්තිමට මම විසික් කලා ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ප්‍රශ්න 40යිද?? හොදයිනෙ...:D අපේ පොත් වල තිබ්බා 100ක් විතරත්...

      අපෝ..කම්මැලියා..පවු අර ල්මයාගෙ ටීන් එකත්..

      Delete
  13. ඇත්තටම මමත් කැමතිම වැඩක් තමයි...ඉස්සර මගේ ඔටෝවල වැඩියෙන්ම ලියලා තිබ්බේ කෙල්ලෝ...මට ඉතින් 7 වසරෙදි අර ප්‍රශ්නටික ලැබුණනම් ලියන්න ගොඩාක් දේවල් තිබ්බා...හිකිස්

    ReplyDelete
    Replies
    1. ආව්ව්... ආව්ව්... කොල්ලො ඉතිං ආස කෙල්ලොන්ට කියලා ලියෝගෙනනෙ...

      හම්මෝ අයියාට 7 වසරේ ඉදන් එහෙම ප්‍රශ්න වලට උත්තර තිබ්බාද?? :O

      Delete
  14. ආපහු හැරිලා බලන්ඩ තරම් මහ ලොකු අතීතයක් නම් තාම අපිට නැත්තේ අපි තාමත් autographs ලියන වයසෙ ඉන්න නිසා. Teen books පිස්සුව නං ආවෙ O/L කරන කාලෙ තමයි. ඒක වැඩි කල් තිබුණෙ නැත්තෙ අක්කලාට වගේ ම අපේ ඉස්කෝලෙත් නීති තද නිසා. බලමුකො තව අවුරුදු ගාණකට පස්සෙ අපටත් දැන් මේ නටන පිස්සු විකාර මතක් කර ගන්න autographs, teen books උදවු වෙයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. එහෙනම් නංගෝ තව අවුරුදු 4කින් විතර ආපහු හැරිලා බලන්න.. අනිවා ඔයාලටත් මේ සාංකාව දැනෙයි.. මේ කාලෙ කරගන්න පිස්සුවක් තමා අනාගතේදි හිනා වෙන්න තියෙන්නෙ.. ඒ ව්අගේමයි ඉගනීමත්..:)

      Delete
  15. හපොයි ඔයින් teen book එකක් ගෙදර ගෙනිහින් අපේ අම්මට අහු වෙලා මම ලෝකේ නැති බැනුම් ඇහුවා.. අන්තිමේ හොරෙන් හොරෙන් ලියලා යාළුවට ගෙනිහිනුත් දුන්නා.. අම්ම නම් කිව්වේ ලියන්නම එපා කියලා.. හී හී...
    මමත් අදටත් මගේ යාළුවන්ව නොදැක පාළු දැනුනම අතට ගන්නේ මගේ autographs ටික නංගියෝ. යාළුවොන්ගේ පිස්සු කථා ඔක්කොම ඒකේ ඇතුලේ තියෙනවා.. මටත් සමහර සමරු සටහන් නම් ගේන්නේ පුදුම දුකක්.. :)))
    අපි A/L class එකේ අන්තිම දවසේ නම් අන්තිමට කරපු පේපර් එකෙත් සමරු සටහන් ලියාගත්තා.. ඒ පේපර් එකත් තාම මා ගාව autograph එක්ක තියෙනවා,.

    ReplyDelete
    Replies
    1. හයියෝ.. අක්කි අම්මාට අහු කරගත්තාද? ටිචර් එක්ක බෑනෙ නෙ?? :D

      ම්ම් සමහර සමරු සටහන් සතුටක් වගේම දුකකුත් ගේනවානෙ..:)

      හික්ස්ස්.. අන්න එහෙම එව්වා පරිස්සම් කරලා තියාගන්න අක්කි.. අනාගතේට වටිනවා..:*

      Delete
  16. තනි අලියාMay 15, 2012 at 6:02 PM

    පහ වසරෙ මගෙ යෙහෙලියක් ලඟදි එයාගෙ autograph එකේ මම ලියපු එකක් මට සිහිගන්වල දුන්න! :)

    dayabara * souriya, api dedena pura wasarak eka panthiye ekata igena gath mithuru mithuriyo wemu.apa dedenata den samugannata kalaya pemina etha, obata devi pihitai.meyata hithawath dipun

    ReplyDelete
    Replies
    1. :O හෆ්ෆා 5 වසරෙ ලිව්ව එකත් කටපාඩම්ද?? :D

      Delete
  17. ඉස්සර මගේ කවියෙක් පොතේ ලියා ගත්ත නැති කෙල්ලෙක් ඉස්කෝලේ හිටියෙම නැද්ද කොහේද.. ඒ තරමට ලිවුවා.. :)

    පස්සේ නිකමට වගේ මාත් එකක් අර ගත්තා.. කිවුවට විස්වාස කරයිද මන්දා ඕකේ අපේ ඉස්කෝලේ ලොක්කත් ලිවුවා.. ඒක මරු කතාව.. මම පස්සේ වෙලාවක ලියන්න.. :)

    ඉතින් කොහොම හරි ඕක අන්තිමේ මම පොඩි ට්‍රයි එකක් දා ගෙන හිටපු ගෑල්ලමයෙක්ට දුන්නා.. අන්තිමේ කෙල්ලත් නෑ මගේ පොතත් නෑ... :(

    ReplyDelete
    Replies
    1. ශා... අයියාට පුදුම ඉල්ලුමක් නේ තියෙන්න ඇත්තෙ??? ;)

      ඉස්කෝලෙ ලොක්කා කිව්වෙ "විදුහල්පති" ??? ;) හෆ්ෆටතිලි!!!මරු..එහෙනම් ලියන්න අනිවර්යෙන්ම ඒක..

      අයියෝ... දැන් පොතත් නැද්ද? :( අපරාදෙ..

      Delete
  18. මට මතක හැටියට එක කාලෙක Autograph වල අන්තිම පිටුවෙ මොකක් හරි ලියන්න හරි උනන්දුවක් තිබුණා. මට හිතෙන හැටියට දැන්නම් Autograph භාවිතා වෙනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්.. ඔව්.. එහෙම පුරුදු තිබ්බා සමහරුන්ගෙ.. අන්තිම පිටුවෙ විතරයි ලියන්නෙ.. ඒකත් කලාවක්..:)

      Delete
  19. හ්ම්ම්...මට තියනවා ඔටෝ ග්‍රාෆ් 3 ක්. එකක ඉස්කෝලේ පන්තියේ යාළුවො ලිව්වා...තව එකක ටීචර්ස්ලා ලිව්වා (යාළුවො ලියපු එක ටිචර්ස්ලට දුන්නොත් එහෙම බඩු තමයි). අනිත් එකේ හොස්ටල් යාළුවො ටික ලිව්වා...හැබැයි ඒක අර සොඳුරු ගවේශකයා කිව්වා වගේ ඩයරියක්. ඒ කතා ලියන්න ඉතින් කඩේ තියන ඔටෝ ග්‍රාෆ් මදි. ඩයරිය තමයි ඒ වැඩේට නියමෙට හරි ගියේ. ඒ දවස්වල කා ලඟත් තිබුනේ ඩයරි තමයි....එක්කෙනෙක්ට ඩයරිය දුන්නම අඩු ගානේ සතියක්වත් යනවා ඒක ලියලා ආපහු දෙන්න. එව්වා දවසින් දෙකෙන් ලියන්න බැහැ නේ :)

    අදටත් ඒවා බලද්දී ඔයා කිව්වා වගේ ලොකු හිනාවක්‌ යනවා....ඒ පොත් ටික තනිකරම පිස්සු ලෝකයක්...ස්තුතියි නංගා ඒවා ආපහු මතක් කරාට...

    ReplyDelete
    Replies
    1. ඉතින් බලන්න අක්කියො, අපි හැමෝටම ඒ ලස්සන මතක , ආයෙමත් මතක් කරන්න ඔටෝ එහෙකට පුලුවන් නෙ? හම්මෝ අපි ලියන එව්වා ටීචර්ස්ලාට දුන්නොත් හොදට තියෙයි..හික්ස්.... :D

      ස්තූතියි අක්කෙ අදහස් බෙදාගත්තට..

      Delete
  20. ආපහු සමරු පොත් ලෝකෙට ගියා..මගේ සමරු පොත් ටිකත් සෑහෙන කාලයක් යනකන්ම මා ළඟ තිවුනා දැන් නම් ඒක හොයාගන්නත් බෑ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙනෙ.. හොයාගන්න බලන්න.. වටිනවා..

      Delete
  21. අනේ මමත් දවස් 2, 3ක් ම හිතුවා මේ ගැන ලියන්න. නියමයි නංගි.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඉතින් ලිව්වෙ නෑනෙ?? මම ඉස්සර වුනාද? ආයෙත් දවසක ඔයත් ලියන්න...

      Delete
  22. සෑහෙන ලස්සන මතකයක් ඇවිස්සුනා. ඒකාලේ ගෑනු ළමයි දෙන සමරු පොත් වල ලියන්න වෙච්ච මහන්සියක්! ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ආ... දැන් නෙ මට මතක් වුනේ, මගේ autograph එකක හවුලේ ලියපු සටහනක විසිතුරුගෙ නමත් තියෙනවා..:D

      Delete
  23. මම සැහෙන කාලෙකින් මේ පැත්තේ ආවා...අම්මෝ අපිටත් 10,11 කාලේදී ඔය ටීන් බූක් පිස්සුව තිබ්බා හොදටම...:) උ/පෙ කරන කාලේදී යාලුවෙක්(කොල්ලෙක්) ටීන් බූක් එකක් ගෙනත් දීලා මට මතකයි ඒක අපි වනසලා දුන්නේ..;) මන් ලගත් තියනවා ඔය ඔටෝ ග්‍රාෆ්යි, ටීන් බුක් ටික පරිසම් තැනක අරන් තියලා තියනවා දැන් උනත් කියවලා හිනා වෙන්න පුළුවන්...:) ආපහු පාසල් කාලෙට එක්ක ගියා නංගෝ..

    ReplyDelete
    Replies
    1. අහ්හ් හුඟ කාලෙකින් නේ?? ආව එකට සතුටුයි ආයෙමත්..:)

      හික්ස්ස්.. අපිත් වනසනවා කොල්ලෙක් දුන්නොත්නම් ලියන්න කියලා..;)

      Delete
  24. අපේ පන්තියේ ගෑල්ලමයින්ට තමා ඔය ඔටෝ පිස්සුව ගොඩක්ම තිබුනේ.. තොටියටත් ගෑල්ලමයින්ගෙන් සෑහෙන කරදරයක් වෙලා තිබුනේ ඔටො වල ලියන්න කියල. එක පාරට ඔටෝ 4-5 හම්බවෙන්නෙ ඉතින් හික්ස්ස්.. අන්තිමට තොටිය මහන්සිවෙලා ෆෝමැට් එකක් හදාගත්තා. නිකන් ඇඩෙන විදියෙ හැගීම්බර පදපෙලක්.. ඔක්කොම ඔටෝවල ඕක තමා ලිව්වෙ.. (exceptions කීපෙකුත් නොතිබුනා නොවේ)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අම්මෝ..තොටියාට ඒ තරම් කරදරද? හික්ස්ස්... නියමයි!! කට්ටියව ඇඬෙව්වාද?

      මොනාද හෆ්ෆා exceptions??

      Delete
  25. මට පෙන්නන්න බැරිම දේ තමයි ඔය ටීන් බුක් ලිවිල්ල යකෝ මගේ ගෑල්ලමයවත් අහන්නැති ප්‍රශ්ණනේ ඕවගේ තියෙන්නේ
    මට දිපු එක පොතක තිබුනා ඔයා රෑට නිදියන කොට අඳින ඇදුම මොකද්ද කියලා
    මුන්ටත් ඕන්නැති මඟුලක් නෑ ලියලා දැමිමා මම නිදියන කොට ඇදුමි අඳින්නැ කියලා
    හැබැයි ඔටෝ කියන්නේ හරිම සුන්දර දෙයක්

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හම්මෝ ඔව්.. ටීන් බුක්ස් වල ලියන්න තියෙන ප්‍රශ්න නම් හෙනම භයානකයි...

      හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D මරු.. එහෙම ප්‍රශ්න නම් අපේ ටීන් වල තිබ්බෙ නෑ..:D

      Delete
  26. දුකෙන් උනත් කියන්න ඕනේ මටනම් ලියන පොත්, අච්චු පොත් ඇරෙන්න ඔය කියන ජාතියේ පොත් දෙවර්ගෙම තිබ්බේ නෑ කියලා.සමහරවිට අපේ ඉස්කෝලේ හිටියේ කොල්ලෝ නිසා වෙන්න ඇති ඔවුව ගැන එච්චර ගානක් උනේ නෑ.එත් හැම ට්‍රිප් එකකදීම වගේ අපි ගත්ත ෆොටෝ එහෙම නම් තාමත් තියෙනවා.එවුව බල බලත් දුක් වෙන්නේ ඒ කාලේ ආයේ කවදාවත් නොලැබෙන නිසා..

    ReplyDelete
    Replies
    1. අහ්හ්... මොනා හරි මතකයට ඉතුරු වෙලා තියෙනවානෙ..:)

      Delete
  27. හ්ම්ම්, ගොඩක් දුර අතීතයකට ඔයගේ පොස්ට් එක දීගේ ගීයා මම...ඒ වගේ කාලයක් නම් අයෙමත් එන්නේ නෑ නේ.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔයාලව අතීතයට ඇදන් යන්න තරම් මම දක්ෂ වුන එක ගැන සතුටුයි..:)

      Delete
  28. ඔයාට ඒකාලේ ආදරය ගැන අහද්දී ,ලියන්න තිබුනේ " ආදරය සමග හැලිබොරේන්ජ් දෙන්න " කියල

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...

      Delete
  29. ආදරණීය ලස්සන මතකයන් මොනව උනත් ඒවයේ හැංගිලා තියෙනවා..අපිටත් තිබුණ පිස්සුවක් නමුත් Teen book වලටනම් මම කැමති නෑ.අකමැති උනත් ඕනිතරම් ලියලනම් තියනවා.බේරෙන්න බැරි කමට.‍Auto එකනම් හොදයි.විකාර නැති කෙටි මතක සටහනක් නිසා.ලස්සනයි පෝස්ට් එකනම් හිතූ.ඉස්කෝලෙට දුවල ගියා වගේ දැනුනා‍...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔව්නෙ,, ටීන් බුක් වලින් ගැලවෙන්න අමාරුයිනෙ..:D ප්‍රශ්න තොගයයිනෙ..:D

      ස්තූතියි ඔයාට..:)

      Delete
  30. අපෙත් ඉතිං පිස්සුවක් තිබුනා... ඒ දවස්වල කඩවල විකිණන්න තියෙන auto වලට මං ආස නැති නිසා... මන්ම එකක් හදාගත්තා. පාට පාට කොළ දාලා.... ලස්සන ස්ටිකර් අලවලා...ඒක තාම තියෙනවා මංගාව.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් අපිම එකක් හදාගත්තාම අගේ වැඩියිනෙ.. ඒක හොදයි!!!

      Delete
  31. හ‍‍ෆොයි.. ටීන් බුක්.. ඔ‍ටෝ.. අපිනම් ඒකාලේම අන්තිම පිටුටික වෙන්කලා කෙලින්ම ජෝක් පේජ් කියල.. මුලින්ම බලන්න පටන් ගන්නේ ඒ ටික බලලා..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. කොල්ලො ඉතිං ඕවායෙ ලියන්නෙ ජෝක්මනෙ...:D

      Delete
  32. බෝඩිමේ නොහිටියනම් මාත් දැන් මගේ Teen Book එක බලනවා..අපේ අම්මට අහුනොවෙන්න හන්ගලනෙ තියෙන්නෙ..මීට අවුරුදු හය හතකට කලින් කරපු ගොඩක් පිස්සු වැඩ,කෙල්ලො පස්සෙ ගිය හැටි ,බූට් කාපු හැටි..හැම දේම...ආයි යන්න බැරි උනත් ගොඩක් සුන්දර අතීතයක්...

    ReplyDelete
    Replies
    1. ආ... අයියට ටීන් බුක් එක බලන්න ආස හිතිලා :D හික්ස්ස්.. අම්මෝ, හංගලා තියෙන එක හොදයි.. නැත්තම් අම්මා දැන්ගන්නවා පුතාගෙ තරම ඕක කියෙව්වදාට..;)

      Delete
  33. අපී මටත් ඕ ලෙවල් කරපු කාලෙ මතක් උනා. ඒ කාලෙ බරටම තිබුනා නෙ ඔය පිස්සුව. ටීන් බුක් එකක් නම් තිබුනෙ නෑ මට. මොකද අපෙ ගෙදර මුරකාවල් මැද්දෙ ඒක හදනවා කියන්නෙ ඉතින් සෑහෙන්න අමාරු වැඩක්. ඒ නිසා ඖටෝ ග්‍රාෆ් එකක් විතරයි මට තිබුනෙ. අනිත් උන්ගෙ ටීන් බුක් වල ලිව්වෙත් ඉස්කෝලෙදිමයි ගෙදර
    …ගෙනත් අහු උනොත් ඉන්න වෙන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. ගෙදරින් බර බරේ වැඩියිද? හික්ස්ස්.. අපිනම් හංගලා තියාගත්තා.. දැන් නම් ඒවා ඔහේ දාලා. ගෙදරින් බැලුවත් ගානක් නෑ වගේ..හික්ස්ස්..:D

      Delete
  34. මට නම් ඔහොම එකක් තිබ්බෙ නෑ අනේ.....ඒත් යාලුවොන්ගෙ ඒව වල නම් පිස්සු විකාර ලිව්ව........

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. අපරාදෙ.. ඔයාටත් ඔටෝ එකක්වත් තියෙන්න තිබ්බෙ විහිළුවට හරි!

      Delete
  35. හම්බෝ අපිටත් ඔය පිස්සුව තිබ්බ,. ඔච්චරටම තිබුනේ නෑ හැබැයි. යාලොවොන්ට තිබ්බ..මගේ සන්තකේට ඕවගේ එකක් තිබිල නෑ. මේ ලඟදි ඉඳන් දින පොතක් ලියන්න කියල ගත්ත. එකත් අතර මග කොට උඩ හිට්ටා.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... එහෙමද?? හික්ස්ස්..කමක් නෑ..යාළුවන්ගෙ ඒවාල හරි ලියලා තියෙනවානෙ.. ඒ මතක හරි සුන්දරයිනෙ මෙහෙම පහු වෙලා මතක් කරද්දි..:)

      අපෝ ඔය දිනපොත් ලියන එක මමත් ඉස්සර ඉදන් සැරෙන් සැරේ පටන්ගන්නවා.. ඒත් කවදාවත් පිලිවෙලකට කෙරෙන්නෙ නෑ...

      Delete
  36. ආයෙත් ඉස්කෝලේ කාලෙට ගියා හිතූ..හරිම ලස්සනයි ඒ මතකය. ඉස්සර අපේ පන්තිවලට prefects ලා පනිනවා බෑග් චෙක් කරන්න.. එදාට තමයි අපි පන බයේ ගැහෙන්නේ...
    අපි කරපු දඟ වැඩ මතක් වෙනකොට දැන් නම් පුදුමත් හිතෙන්වා.. :D

    ReplyDelete
    Replies
    1. අපෝ.. ඔව් අක්කේ,prefects ලා පනින එක තරම් මහා එපා කරපු වැඩක් තිබ්බෙම නෑ ඒ කාලෙ.. අපිත් ඕනෙ තරම් බයේ ගැහිලා තියෙනවා..:D දැන් නම් හිනා..

      Delete
  37. මාත් ඕවල එක එක දේවල් ලියල දීල තියනව ලංකාවට ගියාම...මෙහෙ නම් නැහැ..අපි මෙහෙ වෙන සෙල්ලමක් කලා..එක්කෙනෙක් කැමති අකමැති දේවල් 30 ක් ලියල අපි අනෙක් අයගෙ ඒවත් එක්ක සංසන්දනය කරල බලනවා..සමාන ඒවා ගොඩාක් තියන අය යාලුවො වෙනවා...

    ReplyDelete
    Replies
    1. ආ.. කිරිල්ලී පෙනුම වෙනස් කරලා..:D

      ශා.. ඒකත් මරු සෙල්ලමක් නෙ.. ඉතිං එහෙම සමාන කම් හුඟාක් තියෙන අය හිටියාද??

      Delete
  38. අපේ ජීවිත වල සුන්දරම අවදියක් හිතු පාසල් කාලය කියන්නෙනම්.ඇත්ත‍ටම ඒ මතකයට නම් මමත් හුඟක් ආදරෙයි.ඒ ලස්සන මතකය අවදි කර ගන්න නම් හොදම තැන තමයි සමරු පොත.ඒ වගේම Teen Book එකත්.‍මේ පෝස්ට් එකෙන් මාවත් ලස්සන අතීතෙකට අරන් ගියා හිතු.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කවදාහරි දවසක ජීවිතේ ඉස්කෝලෙ කාලෙ මතක අවදි කරන්න ඉතුරු ව්එන්නෙ ඔය වගේ ඒවා තමයි..:) ඒවා හරි සුන්දර මතක..:)

      Delete
  39. මමත් ඔය ගැන පෝස්ට් එකක් ලියුවනේ:) ඉස්කෝලෙ කාලේ කොයි තරම් සුන්දරයිද..සැහැල්ලුද...autographs කියවද්දි ආයෙත් ඒ සැහැල්ලුව මොහොතකට හරි ජීවිතයට එනව වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. :D අහ්හ් ඔව් මට මතකයි වගේ... ඔව්වේ කාලෙ හරිම සුන්දරයි නේන්නම්..

      Delete
  40. හලේ අපි...ගාවට කෙල්ලො ඕව අරගෙන ආවෙ නෑ..ආයි බොවං...
    අපි ඉතිං සූටිම සූටි..පොරවල් ඒ කාලෙ..
    කෙල්ලොත් ඉතිං හැන්ඩි..පොරවල් හොයාගෙන ගොහිං තමයි ඔව්යෙ ලියා ගන්නෙ..හි..හි..

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. අපිනම් එහෙම නෑ.. ෆිට් එකේ ඉන්න හැමෝටම කියලා ලියව ගත්තා..:D

      Delete
  41. අපේ කාලෙත් teen book පිස්සුව තිබුනට අපේ යාලුවෙක් අලුත්ම නිර්මාණයක් කළා crazy book කියලා..ඒක ගොඩක් අය එකතු වෙලා ලියපු දිනපොතක් වගෙ එකක්..ඒ නිසා අපිට තිබුනේ crazy book පිස්සුවක්:D
    එවා කියවනකොට තාමත් ආසා හිතෙනවා..සුන්දර මතකයන් ගැන මතක් කළාට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. woww... crazy book :D නියමයිනෙ.. වෙලාවක ලියන්න ඒවා ගැනත්..:) අපිට කියවන්න.. ඒ කාලෙ පිස්සු වැඩ හරිම සුන්දරයි තමා..

      Delete
    2. crazy book නිර්මාණය කළ කෙනාට ස්තූති කරන්න අපි ක්‍රේසියක් පටන් ගන්නේ, >>පුබුදුගේ මාතෘත්වයෙන් හා පීතෘත්වයෙන් උපන් crazy book කලාව<< කියන වචන වලින්:D

      Delete
  42. මොකෝ නැතුව? මතකයි මතකයි :)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....