නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

09 June 2012

හිතුවක්කාරකම් 100 ට , අවුරුද්දයි!!!!

අද හරිම ලස්සන දවසක්.. එදා ට වඩා හුඟාක්ම ලස්සන දවසක්. එදා කියන්නෙ කවද්ද දන්නවාද? 2011-06-09 වෙනිදා. හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක්. ඒත් එදා ඒ දවසට වඩා, මේ අද දවස හරිම ලස්සනයි. ඇයි මම එහෙම කියන්නෙ කියලා දන්නවාද? නැහැනෙ? එහෙනම් අහගන්නකෝ..

ඔන්න අදට හරියටම අවුරුද්දකට කලින්, අද වගේ දවසක තමා හිතුවක්කාරී ගෙ මේ බ්ලොග් එක හැදුනෙ. :D ඒත් හැබැයි බ්ලොග් එකේ නම වුනේ "෴කතා කරන කදූළු෴" . 'දුක තුළම නුඹව දකිමී 'කියන හැදින්වීමත් එක්ක පටන් ගත්තු මේ බ්ලොග් කලාවට අඩිතාලම වැටුණෙ නම් මූණූ පොත තමයි.


මූණූ පොතේ "හිතුවක්කාර කෙල්ල" වුනු මම නානාවිධ විකාර ,පිස්සු කතා ලිය ලිය ඔහේ කාලෙ ගෙව්වා.ඒවාට ප්‍රතිචාරත් ලැබුණා. ඔය අතරේ තමා බ්ලොග් කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තෙ.එක එක්කෙනා බ්ලොග් ලියනවාද කියලා අහද්දි, ඒ ගැන හොයලා බලලා,කියවලා, ආස හිතිලා , අන්තිමේදිම මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියලා. ඒත් මම මේ බ්ලොග් කලාව ගැන කිසිම දෙයක් දැනගෙන උන්නෙ නම් නෑ.. අන්තිමේදි ඉතිං කොහොමෙන් කොහොමෙන් හරි ,තනියමම එහෙට මෙහෙට කැරකිලා,දේවල් ඉගනගෙන,ඊටපස්සෙ බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. 



දුක විතරක් හිත පුරා ඇතිරිලා තිබුණු නිසාමද මන්දා, මට දුක කියන දැනෙන්න ලියාගන්න පුළුවන් වුනා කියලා මම හිතනවා..  කොහොම කොහොමහරි, දුක හිතෙන නමක් දාගෙන, දුක ගැනම ලියන්න ගත්ත මගේ බ්ලොග් එකට අහම්බෙන් හරි ආපු මධුරංග අයියා නිසා, අද වෙද්දි මම මේ තරම්වත් දුරක් ආවා. ඒ වගේම කතා කරන කඳුළු නමින් ලියපු මගේ බ්ලොග් එකේ දුක්බර නමින් මිදෙන්න කියලා මට යෝජනා කරපු පිස්සු පූසා අයියා නිසා, මම මගේ බ්ලොග් එකේ නම, හිතුවක්කාරිගේ හිත කළා. බ්ලොග් ලිවීමෙ කාලය තුළ වැදගත් අවස්ථා දෙකක් තමයි ඒ.


එදා පටන්ගත්තු දා ඉදන්, සහ මුල් කාලෙ ඉදන්ම, මේ හිතුවක්කාරිගේ හිත කියවන්න ආපු පිරිසක් ඉන්නවා.. මේ අද වෙනකම්ම ඒ අය මාත් එක්ක ඉන්නවා..  නම් වශයෙන් කියන්න බැරි වුනත්, ඒ හැමෝටම හුඟාක් ස්තූතියි!!  හුඟාක් ම ගෞවරවයෙන් මතක් කරනවා ඒ හැමෝමවම..


මේක මහ ලොකු ගමනක් නෙවෙයි. ඒත් අවුරුද්දක් තිස්සෙ ලියපු මේ බ්ලොග් එක නිසා, ජීවිතේට මම හම්බ කරගත්තු වටිනා කියන දේවල් හුඟාක් තියෙනවා.  පලවෙනිම දේ , මේ බ්ලොග් ලිවිල්ල නිසා මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. මම මේ ලියන්නෙත් ඒ නිසාමයි. මම සතුට හම්බ කලා මේ බ්ලොග් එකෙන්. ඒ වගේම හරිම වටින,  සුන්දර මනුස්සකම් ගොඩාරියක් හම්බකරගත්තා. මේ බ්ලොග් එක නිසා හරිම වටින බැදීම් ගොඩාක් ඇති වුණා.  බොහොම සමීප සහෝදරයෝ, සහෝදරියෝ මුණ ගැහුනා. හුඟාක් හොද යාළුවො ගොඩාක් මුණ ගැහුනා .මේ බ්ලොග් එක නිසා ලැබුණු ඒ ටික මටනම් ඉහටත් උඩින්...:D.(හැමෝගෙම නම් මතක් කරන්න ගිහින් එකක් හරි මිස් වුනොත් ලෝක ප්‍රශ්නයක් වෙන්නෙ. ඒ නිසා නම් ලිව්වෙ නැතෝ..) 


අද වෙද්දි මම බලාපොරොත්තු නොවුනු තැනක මම ඉන්නවා. මහා ලොකු හීන, බලාපොරොත්තු, හිට්ස් ලක්ෂ ගනන්, ජනප්‍රියත්වය පස්සෙ මම එලවන්නෙ නෑ.. එලෙව්වෙත් නෑ.. මේ ලද දෙයින් මට සතුටුයි!! මම ලියන එක අකුරක් ගානෙ කියවන්න, ගොඩක් කට්ටිය එකතුවෙලා ඉන්න  එක මට මහා ලොකු සතුටක්!!!සමහර වෙලාවට ආපහු හැරිලා බලද්දි පුංචි, අහිංසක ආඩම්බරයකුත් දැනෙනවා. මම ලියපු නවකතාව එක්ක, ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක සහ මූණු පොත ඇතුළේ ලැබෙන  ප්‍රසංශා, පැසසුම් නිසා ඒ සතුට තවත් වැඩිවෙනවා.ඒ වගේම කවදාවත් නොදන්න, දැකලා නැති, අඳුරන්නෙවත් නැති අයගෙන් ලැබෙන ඒ ආදරේ, ඒ වචන, ප්‍රතිචාර මට හුඟාක් වටිනවා.ඉතිං මම ලද දෙයින් සතුටුයි... කවදාහරි මට මේ ලිවිල්ල ඇතිවෙනකම්ම, මම ලියනවා...දවසක හිතුනොත්  දැන් ඇති කියලා, එදාට බොහොම සතුටින් නවත්තනවා..:)


 ඉතිං මේ බ්ලොග් අවකාශෙ ඇතුළෙ ඇබිත්තන් චරිතයක් වන මට, උදව් උපකාර කරපු, මාව දිරිමත් කරපු, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම හුඟාක් පින්... ඒ වගේම අඩුපාඩු , වැරදි, පෙන්නලා දීපූ අයටත් හුඟාක්ම ස්තූතියි.. ඒ හැම කෙනෙක්ම නිසා, අද මේ හිතුවක්කාරිට හුස්ම වැටෙනවා...


අවසානම වශයෙන් මට කියන්න තියෙන්නෙ, මම ලියන දේවල් කියවන්න ඇවිත්, මෙච්චර කාලෙකට හොද හෝ නරක කියපු ඔයාල හැමෝටම ස්තූතියි!!!! මගේ හිතේ සතුට වෙනුවෙන් ලියන මේ බ්ලොග් එකට ආව ගිය ඔයාලා හැමෝටම ආයෙමත් වතාවක් ස්තූතියි!!!


ජය වේවා!!!




ඔන්න එහෙනම් මං ගානෙ කට්ටියට පාටියක්.. කේක් කෑල්ලක් කාලම යන්නකෝ....:D


චොක්ලට් කැමති අයට චොක්ලට්...;)


ඔන්න කේක් කන්න ගිහින් රණ්ඩු වෙනවා එහෙම නෙවෙයි කට්ටිය...:D

Post Comment

138 comments:

  1. onna rhawa diga gamanakata magen suba pethum
    liyanna epa unath digatama liyanna mokada apita kiya wanna epa wenne
    good luck......

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි ජිංජි!!!!

      Delete
  2. අම්මෝ මේ ටිකේම කේක් කැවා .
    එහෙනම් ඔයාගෙනුත් සුභ පතල කේක් කැල්ලක් කාලම යනවා.
    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අක්කා මහත් වෙයිද දන්නෙ නෑ...;)

      ස්තූතියි අක්කෙ!!

      Delete
  3. Replies
    1. අහ්හ්හ් මෙන්න මෙයා.. :p ස්තූථියි අයියේ!!

      Delete
  4. සුබ පැතුම් !!!

    ReplyDelete
  5. මමත් ඔයාට සුභ පතනවා..තවත් ලස්සන දේවල් දිගටම ලියන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හුඟාක් සිහින සිත්තම්!!!

      Delete
  6. අනේ අම්මෝ වෙඩිං එකට ගහන තට්ටු කේක් එකකුත් හදලනේ පිස්සු හැදෙනවා... හැබැයි කටට කෙල ඉනුවේ අන්තිමට තිබුනු කේක් එක දැකලා...

    මගේ උණුසුම් සුභ පැතුම් අක්කේ... තව චිරාත් කාලයක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේ අගෝස්තු පහුවෙනකන් මම කලාතුරකින් තමා බ්ලොග් කියවන්න එන්නේ ගනන් ගගන්න එපෝ... ජය වේවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. එහෙම තමා මේකත් වෙඩිමක්නෙ..;)

      මල්ලිට විභාගෙ නේ?? ආ...බ්ලොග් කියැවිල්ල පැත්තක තියලා විභාගෙ කරලා ඉන්නකෝ... ස්තූතියි මල්ලියාට

      Delete
  7. අම්මෝ දැන්නං කේක් උස්මුරුත්තාවට එනවා..... දෙන්නකෝ අපිට සැර බීමක්.. :-)
    දිගටම ලියමු අක්කෝ.......

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... ස්මුරුත්තාව හැදෙනකම් කන්න කිව්වෙ කවුද? ;)

      සැර බීම දෙන්න ගියොත් හොදට හිටී..:p

      ස්තූතියි මල්ලි!!

      Delete
  8. තව තවත් හිතුවක්කාරකම් කරන්න මගෙනුත් සුබ පැතුම්...!

    ReplyDelete
  9. සුභම සුභ උපන්දිනක් හිතු..!!තවත් ලස්සන හිතුවක්කාර වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ඔන්න මම නම් චොක්ලට් කේක් කෑල්ලකුත් කාලමයි යන්නේ...රසම රසයි....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... චොක්ලට් කේක් එක ඉක්මනට ඉවර වුනානෙ..;)

      ස්තූතියි සිතූ!!

      Delete
  10. 100ට මගෙනුත් සුබ පැතුම්! හැබැයි වැඩිය සීනී කෑම නම් හොඳ නැත!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! ඒ මොකෝ දියවැඩියාවද ඔයාට??

      Delete
  11. ඔන්න මාත් සුබ පැතුවා එහෙනම් !!!
    මම නම් ආස චොකලට් කේක් වලට. ඒ නිසා ඒකෙන් කෑල්ලක් කපාගෙන කන්නම්.

    "පොඩ්ඩේ මල්ලි !!! ඕං ඔය කඩුව ගෙනෙන් ! මේං මේ කේක් කෑල්ලක් කපන්ඩ තියෙනවා."

    තව තවත් ලියන්ඩ වරම් ලැබෙන්න කියලා එක හිතින්ම පතන්නම් හිතූ ට !!!

    ReplyDelete
    Replies
    1. යෙශ්.... !!! අද මම එක වෙලා. :)

      Delete
    2. කොයි කොනෙන්ද අනේ ඔයා දැන් එක...

      Delete
    3. මධුරංගයා බීලද මන්දා.. හිතුගේ බර්ත්ඩේ නිසා..

      Delete
    4. අඩේ.... මම එක නෙමෙයි නේ ! :(

      Delete
    5. හික්ස්ස්.. ස්තූතියි හුඟාක් අයියෙ!! පටන්ගත් දා ඉදන්ම මා එක්ක හිටියාට.

      චොකෝ කේක් එක කපන්න කඩුවක් මක්කැටයි??? :O

      හික්ස්ස්...:D :D :D ඔයා එක වුනේ කොහොමද? අර සැමා අයියා කිව්වා වගේ බීලාවත්ද?

      Delete
  12. හිතුවක්කාරිට මගෙනුත් සුබ පෑතුම්
    එත් දුක එයාට මුල මතක නෑ.......

    කමක් නෑ මට සතුටුයි...... :)

    ReplyDelete
    Replies
    1. මම මතක විදියට මුල මතක් කලා ඇනෝ.. නම් වශයෙන් හැමෝම ගැන ලියන්න බැරිවුනත්, මට උදව් කරපු හැමෝටම මම ස්තූති කලා.

      මට අම්තක වුනු දෙයක් තියෙනවානම් මතක් කරන්න.

      Delete
  13. සුභ පැතුම් මගෙනුත් !!

    ReplyDelete
  14. මේ දවස් ටිකේ ගොඩාක් අය සංවත්සර සමරනවා නේද..
    සුභ පැතුම් හිතූ..මට බ්ලොග් එකක් ලියන්න කියලා කියුවෙත් ඔයානේ. එ ‍ෙගෟරවයත් ඔයාට...
    මම හැමදාම කියවන මේ බ්ලොග් එක නැති වුනොත් බලාගමු හරිය... :p
    කේක් කාලා මට දිරවයිද මන්දා . කවදා කාපුවද.. ඔන්න ඔහේ මට පාන් රාත්තලක් ගෙනත් තියන්ට

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... අපි සමකාලීන උද්වියනෙ... ;) නැත්තම් මේ දවස් අර කසාද බඳින අයට මැයි මාසෙ වගේ, බ්ලොග් ලියන අයට ජුනි මාසෙ සුභ ඇති..:D

      ස්තූතියි වර්ණෝ.... හික්ස්ස්.. කේක් කෑවාට දිරවන්නෙ නැත්තෙ නෑ අනේ.. කන්න කන්න

      Delete
  15. හෆ්ෆෝ කේක් කාල බුරිය ඉක්ක ගහනව වගේ....

    සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හෑ.... :O බුරිය ඉක්කා ගහනවා?? හික්ස්ස්..

      ස්තූතියි

      Delete
  16. අපේ උණුසුම් සුබ පැතුම් ...!!!!

    ReplyDelete
  17. සුභ පැතුම් අපෙනුත්.

    උඩම තියන කේක් එකේ ඇතුලෙ තිබුනෙ කේකේ නෙමේ අක්කේ. හැබැයි ඔන්න අයිසින් නම් කෑවා. :p

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හුඟාක්!!

      ආ... කේක් නෙවෙයි...:O කේක් තමයි අනෙ!!!

      Delete
  18. හප්පේ මේ දවස්වල උපන්දින කේක් කාලම මට සීනි වැඩිවෙලා හි හී ඒත් ඉතින් චොකලට් කේක්නේ කොහොම නොකා ඉන්නද ඔන්න ඔහෙ කමුකො කෑල්ලක්.ඉතින් ඔයාගේ ඉදිරි ගමනට සුබ පැතුම් නගෝ ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... සීනි වැඩිවෙලානම් පරිස්සමින් අක්කෙ..

      ස්තූතියි අක්කාට..

      Delete
  19. සුභ පැතුම්! දිගටම හිතුවක්කාර වෙන්න! ඒ තරම්ම දිගටම ලියන්න! අපි හැමදාම හිතුවක්කාර වෙන්න ආසයි! සුභ පැතුම් සහෝදරී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!!! හුඟාක්ම ස්තූතියි!!!

      Delete
  20. jayawewa jayawewa! Rajata wage apitath denna barida ...... Beemak.hiks

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අවතාර්!! හික්ස්ස්.. බීමක් නේ?? ෆලූඩා?? සරුවත්?? කෝඩියල් ව්අගේ ඒවාද නැත්තම්..... ;)

      Delete
  21. මම මේ කමෙන්ට් එක ලියන්නේ මට හිතෙන විදියට කිසිම පෝස්ට් එකක් බලන්නේ නැතුව. ඒත් දිගටම කියවන්න හිතුනා. ඉඩ තියෙන වෙලාවට කිය්වන්නම්. ඔයාගේ ශතකයට හා පළමු සංවත්සරයට මගේ උණුසුම් සුබ් පැතුම්!!!.

    ReplyDelete
  22. සුභම සුභපැතුම් මගෙ අක්කියෝ......................^_^

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගේ නංගියෝ...

      Delete
  23. සීයයි.... සුබපැතුම්.. හදවතින්ම.... තවත් ලියන්න නැවුම් සිතුවිලි පහළ වේවා..

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි ඔබට!!!

      Delete
  24. දැන් ඉතින් හිතුවක්කාර කම් කලා ඇති... පොඩ්ඩක් සංවර වෙන්න.... :-p

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්... හිතුවක්කාරකම් කලා කියන්නෙ අසංවරයි කියන එක නෙවෙයි..

      Delete
  25. නියමයි මගේ බ්ලොග් එකක් පෝස්ට් 150 පසු කළේ අද ඇවිත් බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙනම් ඔයාටත් සුභ පැතුම්!!!

      Delete
  26. සුබ පැතුම් අක්කියා..දිගටම ලියන්න ... නවත්තන්න එපා.. මොන දේ අපිව රිද්දුවත් අපේ වචන දුක සතුට උනත් එ හැම එකක්ම සතුටින් බාර්ගන්නේ මේ බ්ලොග් එකම නේ..ඉතින් ලියන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා නංගියෝ.. දිගටම ලියනවා මම.. පුලුවන් කාලයක්... ඇත්ත තමයි..මේ බ්ලොග් එක ඕනෙ දෙයක් දරාගන්නවා...

      ස්තූතියි ඔයාට හුඟාක්..

      Delete
  27. තවත් චිරාත් කාලයක් අක්කට බ්ලොග් පවුලේ රැඳෙන්න වාසනාව ලැබේවා කියල කෝඩුකාරය එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි කෝඩු!!

      Delete
  28. සැන්චොරියට තොටුපළෙනුත් සුභ පැතුම්...!!!! තව තවත් හිතුවක්කාරකම් කරන්න ලැබේවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූථියි තොටියා අයියේ!!

      Delete
  29. ජය ජය ...!
    දිගටම හොදට හිතුවක්කාරකම් කරන්න හිතට ධෛර්ය ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මතං මඩයෝ.....තැන්කූ වෙලි මත්!!!

      Delete
  30. සුභ පැතුම් නංගියෝ. ඔයා ලියන හිතුවක්කාර පොස්ට් වල මම හුගක් ආසයි. දිගටම ලියන්න.

    ReplyDelete
  31. මම මුලින්ම කියවපු බ්ලොග් 10 ට" හිතුවක්කාරිගෙ හිත"ත් ඇතුලත්..එත්,
    දුක ගැනම කතා කරන එකට නම් මම කැමති නැහැ..අපිකාටත් ජීවිත ගමනෙදි..හිතට මහා දුකක්...දැනුනු අවස්තා බොහොමයි..!!!ඒත්....බොහොම අමාරුවෙන් උනත්..ඒදුක තුනීකරගන්න ඕන..නැත්නම් ජීවිතය ජයගන්න අමාරුයි..,ඒ වගේ ජීවිතයට ධෛර්යයෙන් මුහුන දුන්නා, ජය ගත්තා කියල....කවද හරි ඔයාටත් දැනේවි....

    හිතූ.....ට සුභපතන්නත් අමතක කරන්නෑ...ඕං...!

    ReplyDelete
    Replies
    1. හුගාක් සතුටුයි!!ඉස් ඉස්සෙල්ලාම මාව බලන්න ඇවිත් තියෙන එකට...හ්ම්ම්ම්... දුක සැප දෙකම ජීවිතේ අනිවාර්‍ය අංගනෙ...

      ස්තූතියි සහෝ!!!

      Delete
  32. Replies
    1. ඔන්න මං තූතියි කිව්වා..

      Delete
  33. අම්මෝ, තව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා. මගේ සුභ පැතුම් නංගියේ. ඔයාට ලියන්න හොඳ හැකියාවක් තියනවා කියන එක ඔයාගේ පෝස්ට් කියවන ඕන කෙනෙක් දන්නවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මට කියන්න තියෙන්නේ තවත් පුළුවන් තරම් කාලයක් මේ විදියට ලියන්න කියලා. මගේ උණුසුම් සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූථියි අයියේ!!!! :)

      පුලුවන් කාලයක්, පුලුවන් විදියට ලියනවා... ඔයාලාගෙ වචන හයියක්!! ආයෙමත් ඔන්න හුඟාක් ස්තූතියි හොදේ...:)

      Delete
  34. ලඟකදී දුටු නමුත් හිතුවක්කාර හිත
    සීයෙක් බව දන්නේ අද නොවැ පුදුම වෙත
    අව්රුද්දකුත් උන ඔබ ගේ බ්ලොගය වෙත
    පතනෙමි දිගාසිරි මාගේ තුටින් සිත

    ReplyDelete
    Replies
    1. ළඟකදි දුටුව ඔබ මගෙ බ්ලොග් කටුව..
      තුති පුද කරමි ආවට ඔබ මේ වෙතට...
      අවුරුද්දකුත් ගත වී ඇත නොදැනීම....
      නැවතත් පුදන්නෙමි ඔබ හට තුති කුසුම...:)

      Delete
  35. උණුසුම් සුභපැතුම් අක්කිය! :)

    ReplyDelete
  36. මගෙනුත් සුබ පැතුම් අක්කි ........

    ReplyDelete
  37. ආහ්.. මම මෙක දැක්කේ දැනුයි නංඟි ඔයාට ඉතින් මේ අයියා කවදත් ආදරයෙන් ශුභ පතනවානේ..!

    සිනහා සතුට මුව අද්දර විකසිත වෙන මලක් වගෙයි
    දැනුම සතුට දුක් සොම්නස් මැවෙයි පිටුව බලන දොහේ
    අවුරුද්ක කාලයකදි මෙවගේ සිත් මල් පිපුනේ...
    හොඳ ආදර උණුස්ම් මැද තනිවෙයි ලඟ දවස නඟේ.... :)

    මම..
    හිරු
    ඔරිජිනල් හිරු අයියා හොදේ :)

    ReplyDelete
    Replies
    1. අැයි ඩුප්ලිකේට් උනුත් ඉන්නවද? .......... $#@$@#$%$#@

      Delete
    2. හිරු එළිය අයියා- හුඟාක් ස්තූථියි අයියේ!!! ඔව්. ඔයා කවදත් ඉන්නවානෙ..:D

      Delete
  38. සිය දෙසිය තුන් සිය වෙලා දහසින් බැදී පොස්ට් දාන්න ඔන්න හිතුට මගෙත් සුභ පැතුම්. කේක් නම් මේ දවස් ටිකේම ලැබුනා චොකලට් නම් නියමයි ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි රෙප් අයියේ!!! :D

      Delete
  39. ටිකෙන් ටික විවිද පොස්ට් එක්ක හොඳ නව කතාවකුත් ලියල මේ ආපු ගමනට මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හුගාක්ම ස්තූතියි අයියේ!!

      Delete
  40. 500 ඉක්මනින් පසු කිරීමට හැකිවේවා. ජය ජය වේ :D

    ReplyDelete
    Replies
    1. තවත් අවුරුදු 5කින්?? ;) හික්ස්ස්.. ස්තූථියි සහෝ!!

      Delete
  41. wish you all the best akki :) keep writing :D

    ReplyDelete
  42. Replies
    1. ස්තූථියි කිරිල්ලියෙ!!!

      Delete
  43. සුභපැතුම් හිතූ නංගියේ.. ඔයා හිතුවක්කාර හිත ලියද්දි තමයි මම ආවේ.. ඊට පස්සේ ඉතින් රණ්ඩු වෙවී හරි අපි හැමදාම කතා කලානේ.. දිගු ගමනකට සුභ පැතුම් නංගියේ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් අපි රණ්ඩු වෙවී හරි සහෝදරක්මින් හිටියානෙ.. ඒක හුඟාක්ම වටිනවා... ස්තූතියි ලොකු අයියෙ!!

      Delete
  44. ළඟ දි ආවට ඔක්කොම පෝස්ට්ස් කියෙව්වා ඉතිං. ඔන්න එහෙනං මගෙනුත් උණුසුම් සුබ පැතුම් තව සියවස් ගාණක් ම ලියන්ඩ ලැබේවා.

    උඩින් ම තිබුන කිරි සුදු පාට කේක් 1කෙන් ලොකු ම කෑල්ලක් කෑවා ඔන්න. එලිෆාස් නංගිගෙ ආමාශය සාපේක්ෂව ලොකු නිසා කට්ටිය ම සමා වෙන්ඩ ඕනෙ හොඳේ? :)

    ReplyDelete
    Replies
    1. සියවස් ගණනක්?? :O බුදු අම්මියෝ.... :D

      තැන්කූ නංගෝ!!

      Delete
  45. උණුසුම් සුබ පැතුම්! ජයෙන් ජය හිතූ !!!

    ReplyDelete
    Replies
    1. ස්තූථියි විසිතුරු!!!!

      Delete
  46. මගෙනුත් හදපිරි සුබ පැතුම් හිතු....කට්ටිය කතා වෙලා එක පාර බ්ලොග් පටන් අරගෙනද මන්දා හැමෝම මේ දවස්වල සංවත්සර සමරන්නේ...

    තවත් චිරාත් කාලයක් මේ බ්ලොග් ලෝකේ ලස්සන කරන්න ඔයාට පුළුවන් වේවා කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. සංවත්සර තොගයයි!!!

      හුඟාක්ම ස්තූථියි අක්කෙ!!!! :)

      Delete
  47. හිතූ නංගිට මගෙනුත් සුබ පෑතුම් :)

    ReplyDelete
  48. //මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. මම මේ ලියන්නෙත් ඒ නිසාමයි. මම සතුට හම්බ කලා මේ බ්ලොග් එකෙන්. ඒ වගේම හරිම වටින, සුන්දර මනුස්සකම් ගොඩාරියක් හම්බකරගත්තා.//

    මේ ටික තමා සුපිරි..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සැමා අයියේ!!!

      Delete
  49. ජය වේවා... දිගටම ලියන්න.....

    ReplyDelete
  50. ඕං කිව්වා මේකට මේ කේක් එකක පිංතූරෙකින්නම් බේරෙන්න බෑ...වහාම ඇත්ත කේක් ගෙඩියක් ඕනි..... :පී...
    මේ හම්බකරගත්තා වගේම තව ගොඩාක් සතුට හම්බකරගන්න නංගිට හැකියාව ලැබේවා කියලා පතනවා....

    ReplyDelete
    Replies
    1. ආ... ඇත්ත කේක් තමයි මේ... හොදට බලන්නකෝ...;)

      හුඟාක්ම ස්තූථියි තරූ අයියේ!!

      Delete
  51. සුභම සුභ පැතුම් !!!.. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. කේක් මාර රහයි ඈ....!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. එහෙම තමා අපේ කේක්..:p

      ස්තූථියි පැතුම්!!

      Delete
  52. සුබපැතුම් අක්කේ!!!
    කේක් රසාය් හොඳේ :ඩ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී!!! ආ.. මම හැදුවෙ කේක්...;)

      Delete
  53. කේක් කාලා බඩේ අමාරුව හැදූනෝ,.,., සුබ පැතුම් අක්කේ

    ReplyDelete
    Replies
    1. බඩේ අමාරුව?? :O

      ස්තූථියි මල්ලි!!

      Delete
  54. 100ට මගෙනුත් උණුසුම් සුබ පැතුම්. හැමදාම නොසැලී ධෛර්යයෙන් ඉදිරියට යන්න වාසනාව හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූථියි අක්කෙ!!!

      Delete
  55. මම හොඳටම පරක්කුයිනේ අනේ... මගේ නංගියාව මට මුණ ගැහුනෙත් මේ බ්ලොග් එක නිසා. ඒ නිසා මම මගේ බ්ලොග් එක තරමටම නංගියගේ බ්ලොග් එකටත් ආදරෙයි. උණුසුම් සුභ පැතුම් ඔයාට නංගියෝ...

    ReplyDelete
    Replies
    1. එච්චරම පරක්කු නෑ අක්කියෝ..:*

      ඔව් අනිවාර්‍යෙන්ම..ආක්කිව මුණ ගැහුනෙ මේ බ්ලොග් එක නිසායි. අක්කිගෙ බ්ලොග් එක නිසායිනෙ.. ඉතිං මමත් මේ හිතටයි..ඔය අහසටයි දෙකටම ආදරෙයි...

      ස්තූතියි අක්කෙ!!

      Delete
  56. රස්තියාදුකාරයාගෙනුත් උණූසුම් සුභ පැතුම්!!
    ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූථියි අයියේ!!

      Delete
  57. සුභ පැතුම් හිතූ.... තව තව ලිවීමට ලැබේවා....

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අක්කෙ!!

      Delete
  58. අදයි මේ පැත්තට ගොඩ වුනේ සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා.... බොහොම ස්තූථියි!!

      Delete
  59. මගෙනුත් උණුසුම් සුභපැතුම්...

    ReplyDelete
  60. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිල්ල තිබුනත් හරියටම හිතුවක්කාරිගෙ ID එක දැන ගත්තෙ අදනෙ. ඉතින් පරක්කුවෙලා හරි හිතුවක්කාරකම් 100ට සුබපතන්න හිතුව. ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්...:D ID එක හම්බුන නිසා... වෙච්චි දෙයක්...

      හුඟාක් ස්තූතියි!!!

      Delete
  61. හලේ.. නංගියගෙ 100 වෙනි උපන්දිනෙත් පහුවෙලානෙ.. :( පරක්කු වුණාට කේක් පුස්ට එහෙම කන්න දුන්නෙ නෑනෙ.. :D
    බාධක පිරුණු ගමනේ දිරිමත්ව තව ගොඩක් දුර ගමනකට.. හදවතින්ම සුබ පැතුම් නංගියෝ...!!!
    ඕන් මමත් කේක් කෑල්ලක් කාලම විශ්කොලේ හො‍ඳේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. පූස්ට දුන්නා..:P

      අනේ නෑ.. පරක්කු වුනත් මොකද අක්කියෝ.. ඔයා ආවනෙ.. මම තව රසම රස කේක් කෑල්ලක් මේල් කරන්නම්කෝ ඔයාට..:*

      හුඟාක් ස්තූතියි!!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....