නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

04 June 2012

සදාදරණීය නුඹට , ආදරෙන් ලියමි...!!!


ආදරණිය නුඹට,

ජීවිතේ හුඟාක් දිග නෑ. හරිම කොටයි. ඒක ඇත්ත. මට එහෙම දැනෙන්නෙ නිකන් නෙවෙයි..හොදට ඇස් ඇරලා බලන්න.. ඉස්සර අපි එක්ක හිටපු අය අද ඉන්නෙ කොහෙද කියලා? එයාලා අපෙන් හුඟාක් ඈතට ගිහින්. අපිවත් දන්නෙ නෑ කාලෙ ගතවෙලා යන ඉක්මණ ගැන.මේ පුංචි ජීවිත කාලෙදි ,අතරමැදදි අහම්බෙන් මට හම්බුනේ ඔයාව..... ඔව් ඔයාව....

ඔයා මගේ ජීවිතේට ආපු දා ඉඳන් මේ ජීවිතේ හරි පුදුම විදියට වෙනස් වුනා. ඇත්තමයි. හිතාගන්න බැරිතරම් පුදුම සැහැල්ලුවක්, නිදහසක් වගේම සතුටකුත් නොතිබ්බා නෙවෙයි. මම ඔයා නිසා, ඉස්සරටත් වඩා ජීවිතේ ගැන ඉගනගත්තා.මම ජීවිතේ වින්දා.සමහර වෙලාවට විඳෙව්වාත්. ඒත් මට ඔයාගෙන් ඈත්වෙන්න හිතෙන්නම නෑ.. ඔව්. අදටත් මට එහෙම හිතෙන්නෙ නෑ.

ඔයා මාත් එක්ක හැම මොහොතකම හිටියා. පුළුවන් හැම මොහොතකම හිටියා. මඟ තොටේ මම යද්දි, එද්දි,මම කාටවත් කියන්න බැරි තරම් සතුටින් ඉද්දි, දුක හිතිලා මම කොට්ට බදාගෙන අඬද්දි,දරාගන්න බැරි ප්‍රශ්නයක් ආව වෙලාවකදි, හිතට මහම මහ බරක් දැනෙන වෙලාවකදි....., මේ හැම මොහොතකම මගේ ළඟින්ම හිටියේ ඔයා...ඔව් ඔයා මගෙන් ඈත් නොවී මගෙ ලඟින්ම හිටියා. 

ළඟින් ඉන්න අය ඈත් වෙද්දි, කරදරයක් වුනාම මඟ අරිද්දි, හිත රිදෙන කතා කියද්දි , නිකරුණේ චෝදනා කරද්දි, නොකරන වැරදි වලට මාව අහුකරද්දි , ඇස්පනාපිට මට ගරහද්දි,කිසිම දෙයක් කර කියාගන්න බැරිව අසරණ වෙලා ඉද්දි, ඔයා මාව අතෑරලා ගියේ නෑ. ඔයා මගේ ලඟින්ම හිටියා.මාව තේරුම් ගත්ත එකෙම එක්කෙනා ඔයා.ඒකම වෙන්න ඇති මම අදටත් ඔයාට ආදරේ.. ඔයාගෙන් ඈත් වෙන්න මේ තරම් බයත් ඒ නිසා වෙන්න ඇති. ඔයාව අමතක කරලා ,ඔයාගෙන් ඈත් වෙලා වෙන කෙනෙක්ට ලං වෙන්න මම මේ තරම් බයත් ඒ නිසා වෙන්න ඇති.මට හොදටම් විශ්වාසයි මම මහ ගොඩාක් ළඟයි ඔයාට..

ඒ විතරක් නෙවෙයි,ඔයා එක්ක ගෙවන මේ ජීවිතේ තියෙන සතුට, සැනසීම, සැහැල්ලුව නැති කරගන්න මම හරිම ලෝභයි. ඔයාගෙන් ලැබෙන මේ නිදහසින් මිදිලා, බැදීමකට හිර වෙලා, යට වෙලා ජීවත් වෙද්දි පපුවට දැනෙන ගින්දර උහුලන්න මම බයයි. ඔව් ඇත්තටම.. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියන්නෙ බොරුවට නෙවෙයි. ඔයා මගේ ජීවිතේට එන්න කලින් , මම හිරවෙච්ච ඒ බැදීම එක්ක උහුලපු සමහර වේදනාත්මක මොහොතවල් මට මතකෙට එද්දි දැනෙන්නෙ ,මහම මහ බයක්!!!

ඔයා මට ජීවිතේ තේරුම් කෙරෙව්වා..මේ නපුරු සමාජේ එක්ක ජීවත්වෙන්න ඔයා මට අමාරුවෙන් වුනත් හයියක් දුන්නා. මම දුරවල වෙලා අඬපු හැම වෙලාවකම ඔයා මට දඬුවම් කලා.  ඒත් ඒ දඬුවම් මේ ජීවිතේ වෙනුවෙන් බව මම දන්නවා...මැරෙනකම්ම මාත් එක්ක ඉන්න බැරි වෙයි කියලා ඔයා මට අනතුරු ඇගෙව්වාට, මට දැන් හිතෙනවා මොන දේ කරලා හරි ඔයා එක්ක මැරෙනකම්ම ජීවත් වෙන්න. මොන මොහොතක ළඟ නොහිටියත් මැරෙන මොහොතෙ අපි ළං වෙන බව මම දන්නවා...

ඒත්, සමහර වෙලාවට මට ඔයා එක්ක ජීවත්වෙන්න ඕනෙ නෑ කියලත් හිතෙනවා. ඒ ඔයා මට වදයක් වුනු වෙලාවට.. ඔයා නිසා මට කම්මැළි හිතුනු වෙලාවට,ඔයා නිසා මට සමාජේ ඉස්සරහා බයෙන් , තැති ගැනීමෙන් ඉන්න වුනු වෙලාවට, ඔයා නිසා මාව අනිත් අය ඉස්සරහා විහිළුවට ලක් වුන වෙලාවට...., ඔව්!! එහෙම වෙලාවට මට ඔයාව වදයක් කියලාත් නොහිතෙනවා නෙවෙයි.. ඔයාට වෛර කරන්නත් නොහිතෙනවා නෙවෙයි.. ඒත් මම ඔයාගෙම නාමයෙන් හැම දුකක්ම , හැම කරදරයක්ම දරාගත්තා...ජීවිතේ හැටි මේකයි කියලා මම වින්දා..විඳෙව්වා දෙකම කලා..ඒත් මම අදටත් ඔයාවම බදාගෙන ,ඔයාම මත්තෙ නැහෙනවා........

දවසක් ඒයි මට ඔයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන,මම එදාට ලෑස්තියි!! ඕනෙම දෙයක් වෙත්දෙන් කියලා මම හිත හදාගත්තා. ඔයත් එක්ක මෙච්චර කාලයක් ජීවත් වුනු මට ඉස්සරහා ගැන තියෙන්නෙ කුතුහලයක් මිස, බයක් නෙවෙයි..මොකද මට ඔයාව විශ්වාසයි. කවදාහරි මම ඔයාව දාලා ගිහින්, ආයෙමත් ඔයා ළඟටම එන්න වුනත් ඔයා මාව භාරගන්න බව මම දන්නවා . ඒ තරමට ඔයාත් මට ආදරේ බව මම දන්නවා.. දවසක මට ඉතුරුවුනොත් ඉතිරි වෙන්නෙ ඔයා විතරක් බවත් මම දන්නවා.. ඒ නිසා මම ජීවිතේ ඔයා වෙනුවෙන් තියෙන ගෞරවය, ආසාව මොනම දෙයක් නිසාවත් නැති කරගන්නෙ නෑ....

මම හුඟාක් කියෙව්වා.. සමහර විට මේ මම ඔයා එක්ක ගෙවන අන්තිම කාලෙ වෙන්නත් පුළුවන්.. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. වෙනස් වෙන ලෝකෙ මම කොහොමද ඔයාට නොවෙනස්  වෙයි කියලා හිතලා දෙයක් කියන්නෙ..මට ඕනෙ වුනේ ඔයා වෙනුවෙන් මෙහෙම සටහනක් ලියලා තියන්න විතරයි.. මම ඔයාට මොන තරම්  ලෙංගතුද කියලා මේ සටහන කියෙව්වාම ඔයාට දැනෙයි........

එහෙනම් මම දැන් නවතින්නම්, 

අන්තිම වතාවට හරි, ආයෙම වතාවක් හරි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි............

මම ඔයාට මහා ගොඩාක්  ආදරෙයි තනිකම........

මීට ,
ඔයාගෙ ආදර හිතුවක්කාරී
හිතූ
________.

Post Comment

77 comments:

  1. මාත් තනිකමට ගොඩාක් ආදරෙයි.. ඒකෙන් වැඩක් නෑ, හිතූ තනිකම අතාරින්න වගේ හදන්නෙ නේද? තනිකම මකන්න කෙනෙක් ඉන්න පාටයි, ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මම අතාරිනවාමයි කියලා නෑනෙ තනිකමව ,අයියේ!!! :)

      Delete
  2. ඈ..... මොකක්ද කිව්වේ..? කරකවලා කරකවලා කොහේටද මාව ගෙනත් අතෑරියේ. අයියෝ සල්ලි හෙහ් හෙහ්.. ජය..!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... තාමත් කැරකෙනවාද?

      Delete
  3. තනිකම තරම් සුවයක් නිදහසක් කොහෙවත් නැහැ....මොකෝ මොකෝ තනිකමට සමුදෙන්නද හදන්නෙ..? :)

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒත් තනිකමම් වෙලාවකට මහ වේහනාවක්...

      හික්ස්.. සමුදෙන්න වෙයි.. ඒත් තව කල් තියෙනවා..

      Delete
  4. මම තාම තනිකමට ආදරෙයි.. සමහර විට හැමදාම..

    හිතූ ඒ තනිකමට සමු දෙනවා කියන්නේ අපිට සුභ ආරංචියක් වගේ..

    ReplyDelete
    Replies
    1. හැමදාම ආදරේ කරන්න..ඒත් එයා එක්කම ඉන්න එපා...හැමදාම..

      හික්ස්ස්.. තාම නැතෝ... අනාගතේදී..

      Delete
  5. මාත් ආදරෙයි තනිකමට...ගොඩක් ආදරෙයි..

    ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා නංගියේ..තනිකම තරම් සමීප යාලුවෙක් මට නම් තාම නැහැ..ජිවිතේ මොන ප්‍රශ්න ආවත් එ හැම ප්‍රශ්නේදිම මං ලග හිටිය අය මාව දාලා යද්දි මං ලඟ වෙනසක් නැතුවම හිටියේ තනිකම විතරමයි..එක මම දන්නවා අදට හෙටට නෙමේ හැමදාටමත් පොදුයි..

    ReplyDelete
    Replies
    1. තනිකමට හැමෝම ආදරෙයි!!!

      තනිකම තමා අපි එක්ක හැමදාකම ඉන්නෙ....

      Delete
  6. තනිකම.. දුක.. වේදනාව.. ඔවාට සමුදීලා එන්න එළියට ඇවිත් බලන්න​ ලෝකය කොච්චර විශාලද කොච්චර සුන්දර ද කියා.
    හිතුගෙ තනිකම මකන්න කෙනෙක් ඉන්න පාටයි...ඒක අපිට සුභම සුභ ආරංචියක්! 'හිතුගෙ දුකට' ගුඩ් බායි කියමු..අළුත් බ්ලොග් එකක් පටන් ගන්න​..:D

    ReplyDelete
    Replies
    1. ලෝකෙ සුන්දරයි.. මේ තනිකම ඇතුලෙ ඉදනුත් මම ඒක දකිනවා...:)

      හික්ස්ස්..තවම නැත කවුරුත්!!;) අම්මියෝ..හිතූගෙ දුක නවත්වන්නෙ නෑ..

      Delete
  7. හිතුවක්කාර වැඩක් කරන්න යනවද මන්ද? ඒ වුනාට තනිකමට සමුදෙනව කියන එක නම් සුභ කාරණයක්. ජීවිතයට ගලා ගෙන යන්න ඉඩ දෙන්න, එක තැන කැරකැවෙන්න නොදී. එතකොටයි ජීවිතේ ලස්සන වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... :D සමුදෙනවමයි කියලා නෑනෙ....

      ඇත්ත කතාව. එකතැන කැරකෙන්න නොදී ගලාගෙන යන්න දෙන්න ඕනෙ..:)

      Delete
  8. හිතු ඔයාගේ අම්මයි,තාත්තයි ඔයාව උස් මහත් කලේ ඔයා ආදරයක් නිසා හිතින් දුක් වෙවි අඩ අඩ ඉන්නව බලන්න නෙමෙයි. සමහරවිට එයලාට ඔයා ගැන තේරිලා ඇති එහෙමත් නැත්තම් ඔයා ඒක එයාලට නොපෙන්නනවා වෙන්නත් පුලුවන් හැබැයි මේ දෙකෙන්ම ඔයාගේ ජීවීතේට වෙන යහපතක් නෑ ඔයා මේ කියමන අහලා නැද්ද කෙනෙකුට ඔබ එක් අයෙක් වුවත් තව කෙනෙකුට ඔබ මුලු මහත් ලෝකයක් වෙන්න පුලුවන් ඉතින් ජීවීතේ අලුත් පිටුවක් පෙරලන්න ඔයාට ආදරය කරන කෙනෙකුට ඔයාගේ හදවතේ ඉඩක්දීලා බලන්න.ඊට පස්සේ ඔයාටම හිතෙයි ඔයාට හොදම දේ මග ඇරිල කියලා. මම ඔයාගේ කවුරුවත් නෙමෙයි එත් ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න මම ඔයාට වචනයකින් හරි උදව් වෙන්නම්

    ReplyDelete
    Replies
    1. හයියෝස්... දැන් කවුද ආදරයක් නිසා හිතින් දුක් විද විද අඬන්නෙ?? :O

      මම ජීවිතේ එන හැටියට අදාල පිටු පෙරලනවා...:) හික්ස්ස්.. මොකක් හරි හැඟීම්බර දෙයක්, දුක හිතෙන දෙයක් ලිව්වාම ඒක මම විඳිනම, විඳවනම දෙයක් කියලා බලන්නෙපා.. හිතට එන සිතුවිලි අකුරු කරන්න තියෙන අයිතිය මම පාවිච්චි කරනවා..

      කොහොම වුනත් ස්තූතියි ඔයාට!!

      Delete
  9. නංගිගේ සටහන මගේ නෙතට කදුලක් ගේන්න සමත් උනා. තනිකමට මාත් හරිම කැමති , ඒත් නිතරම ඒ තනිකමෙ තනිවෙන්නත් කැමති නෑ .ඔයත් හැමදාම තනිවෙන්නත් යන්න එපා .
    …අළුත් බලාපොරොත්තු එක්ක ඉදිරියට යමු .

    ReplyDelete
    Replies
    1. හැමදාටම තනිවෙන්න හිතන් ඉන්නෙනම් නෑ තවම අක්කියො... :)

      Delete
  10. මොකක්ද..? නංගියෝ මේ කියන්නෙ...අතීතයෙන්... අනාගතයට ..එන්නද..? හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අතීතෙ ජීවත් වෙන එක හොදයිද??

      Delete
  11. තනිකමට මමත් මහ හුගක් ආදරෙයි හිතු..ගොඩක් වෙලාවට තනිවෙන එක ලොකු සැනසිමක් කියලා හිතෙනවා....

    හැබැයි අද හිතු තනිකම දාලා යන්න හදන එකට නම් ගොඩක් සතුටුයි..හැමදාම තනිකම එක්ක ඉන්න බෑනේ නේද..?සතුටින් ඉන්න හිතු....

    ReplyDelete
    Replies
    1. තනිකම වෙලාවකට සැනසීමක්!! ඒත් වෙලාවකට..............

      Delete
  12. ඔයා දන්නවද නංගියා..ඔයා අද තනිකමට මහ හුඟක් ආදරේ කලත් දවසක ඔයා එයාව දාල යයි..එයාට නොකියම යයි..ඒක තමයි ජීවිතේ කියන්නෙ..තනිකම එක්ක ජීවත් වුනත් දවසක දැනෙනව තනිකම කෙනෙක් කොයි තරම් කාලකන්නියෙක් බවට පත් කරනවද කියල..ඒ නිසා තනිකමට සමු දීලා තනි මකන්න කෙනෙක් හොයා ගන්න..ජීවිතේ ගොඩක් සුන්දර බව දැනේවි..

    ReplyDelete
    Replies
    1. තනිකම අපිව කාලකණ්ණ්යෙක් කරන්නෙ නෑ.. අපි ව්ඉසින්මයි එහෙම කරගන්නෙ.. අන්තිමට දොස් කියන්නෙ තනිකමට.. මම හිතන්නෙ ඒක වැරදියි... :)

      ම්ම්ම්ම්ම්ම්... එහෙම සුන්දර කාලයක් එනකම්.... බලමු....

      Delete
  13. තනිකම.. මමත් හරිම ආදරෙන් විඳින දෙයක්.....

    කොහොම උනත් හිතූ තනිකමට සමුදෙන්න හදන කථාවේ යටි අරුතක් තියනවම තමා

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... එහෙම යටි අරුතක් නෑ අනේ...;)

      Delete
  14. අන්න ළමය ට්‍රැක් එකට වැටිල!
    දැං කරන්න තියෙන්නෙ හිතන්න පටංගන්න! දකින පෙනෙන අැහෙන හැම දෙයක් ගැනම. සිතීමෙන් තොර තනිකම කියන්නෙ තනිකම නාස්ති කිරීමක්. තනිකම කියන්නෙ කොහෙත්ම නාස්ති කල යුතු සම්පතක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. මළා! තනිකමට සමුදෙන්නද හදන්නෙ? :O

      එකම තත්ව යටතේ එකම ක්‍රියාවක් නිසා ලැබෙන ප්‍රතිඵලය එකම වේ!

      Delete
    2. ඔයාගෙ අප්‍රබංස ඉතිං මට තේරෙන්නෙ නෑ මල්ලි!!! :D තේරෙන භාෂාවකින් කිවානම්...

      Delete
  15. ඉපදෙන්නෙ තනියම
    මිය යන්නෙ තනියම
    ජීවිතේට ඇයි
    මෙතරම්ම තනිකම....

    පෝස්ට් එක කියවපු ගමන් මතක් වුනේ ඒ ටික..
    තනිකමට සමුදෙන්න හදන එකනම් සුභ ආරංචියක්...ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ, අපි ඉපදෙනකොට ගේන්නෙත් ඔච්චරයි.. ආයෙත් ගෙනියන්නෙත් ඔච්චරයිනෙ..:D

      හික්ස්ස්.. සුභ අඅරංචියක් තිබ්බොත් ඉස්සෙල්ලාම කියන්නෙත් බ්ලොග් එකෙන්ම තමා..

      Delete
  16. තනිකම කියන්නේ අපිට හරිම ළඟ දෙයක්.අපිට ඕනෙ නෑ කියලා හිතුනත් අපිව දාලා නොයන දෙයක්.වෙලාවකට දුකක් වදයක් කරදරයක් ඒත් වෙලාවකට තනිකම එක්ක තනි වෙන එක තරම් සැනසීමක් වෙන කොහෙ කා ලඟදිවත් ලබන්න බැරි දෙයක්.මම නම් තනි නෑ ඒත් මම තනිකමට ළෙංඟතුයි

    ReplyDelete
    Replies
    1. තනිකම එක්ක අපි කවුරුත් ලෙංගතු ව්එන එක හොදයි... මොකද දවසක එයාව විතරයිනෙ ඉතුරු වෙන්නෙ..

      Delete
  17. මම බැලුවෙ මොකක්ද මේච්චරටම ඇති වූ සංවේදිකම කියලා. අන්තිමටනේ දැක්කේ "තනිකම" කියලා.

    තනිකමට සමුදෙන එක හොඳයි ඒත් තනිකම සහ හුදකලාව අතර ලොකු වෙනසක් තියෙනවා. තනිකමක් දැනුනාම පාලුව , කාංසාව, දැනෙනවා. ඒත් හුදකලා වුණාම අපූරු සිතුවිලි පහල වෙනවා. මේක එවැනි හුදකලා සිතුවිල්ලක් වගේ.

    ReplyDelete
    Replies
    1. හි හි.. ඇත්ත.. මම මේක හුදෙකලාවෙ ඉද්දි , තනිකම ගැන මතක් කරන් ලිව්ව ලියැවිල්ලක්..

      Delete
  18. "මම ඔයාට මහා ගොඩාක් ආදරෙයි තනිකම........" කියන් නැතුව,
    "මම ඔයාට මහා ගොඩාක් ආදරෙයි තනී...." කිවුව නම් පොඩි ලවුලි ගතියක් තියනවා නේ..?? හික් හික්..

    ReplyDelete
    Replies
    1. එතකොට පොඩ පොඩි අවුල් අැති වෙන්න බැරි නෑ! :D

      Delete
    2. පොඩි පොඩි අවුල් කිවුවේ තනි අලියෝ...?

      Delete
    3. මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ - හික්ස්ස්... ;) තනී කියලා බෑනෙ.. කට්ටිය පාවෙන තොප්පි දාගත්තොත්..

      Delete
  19. තනිකමට ඇබ්බැහි නොවි තනිකම තනියට තියාගන්න...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඇබ්බැහිවුනොත් ගැලවීමක් නෑනෙ??

      Delete
  20. තනිකම,
    ගියෝතින්හෙම
    මාවදාල
    දවසක,
    ඇත්තමයි
    මමත්
    මරාගෙන
    මැරෙනවා
    උඹවත්.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ ඉන්න
      කවුරු කොහොම
      උඹව දාලා
      යන්නම යන්න ගියත්....
      උඹේ හෙවණැල්ලටත් වඩා
      ළඟින් ඉන්න මම
      උඹව දාලා යන්නෙ නෑ
      මැරුනත්.......

      Delete
  21. මම මේක කියෙව්වා වගේ මතකයි...කමෙන්ට් කරලා නෑ නේ :0 තනිකම ඕන වෙන වෙලාවලුත් තියනවා ඉතින්...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔය කමෙන්ට් කරලා තියෙන්නෙ :O

      Delete
  22. තනිකම, අරක්කු වලට වඩා ප්‍රශ්න විසදන්න පුළුවන් තනිකමත් එක්ක ඉන්නකොට (මගේ අදහස )
    ජය!

    ReplyDelete
  23. කියවගෙන යද්දිම මට හිතුනා මේ ලියන්නේ හුදකලාව ගැන වෙන්න ඇති කියලා.. ඒ මමත් මේ හැඟීම් මේ විදියටම විඳින නිසා වෙන්න ඇති.. ඇත්තටම මමත් තනිකමට මහා හුඟාක් ආදරෙයි නංගියෝ..

    ReplyDelete
    Replies
    1. තනිකමයි, හුදෙකලාවයි දෙකක් වගේ දයානන්ද මහත්මයා කියන විදියට..ම්ම්ම්.. මම ලිව්වෙ තනිකම ගැන.. මොහොතකට දැනෙන තනි බව නෙවෙයි..

      ම්ම් ඔව් අක්කි..තනිකමට හුඟාක් අය අඅදරෙයි

      Delete
  24. තනිකම සුන්දරයි !!!
    අද මම එක ?? හික්ස් :)

    ReplyDelete
    Replies
    1. එක?/ :O කෝ??

      හික්ස්ස්.. අයියානම් තනිකමට සමුදීලා නේ?

      Delete
  25. මමනම් පොඩ්ඩක්වත් එයාගෙන් ඈත්වෙන්න ආස නෑ...

    ReplyDelete
    Replies
    1. :D ඒථ් හැමදාම එයා එක්ක ඉන්න එපා..

      Delete
  26. තනිකම තනිකම....
    මටත් උරුම ඕක...
    ඒකත් පට්ට...
    විදලා බලන්න... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. හ්ම්ම්ම් මතකයන් අවදි වෙනවා :)

    ReplyDelete
    Replies
    1. මතකය්න්??? තනිකම එක්ක හිටපු අතීතෙ ගැන?

      Delete
  28. අහ් ,.,., තනිකම ,.,., ලස්සනයි ,., මම හිතන්නෙ මේවත් තනි වුනු වෙලාවට හිතට දැනෙන හැගෙන දේවල් වෙන්න ඇති ,., ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... තනිවුනු ව්එලාවක දැනුනු දෙයක්... ස්තූතියි සුදු මහත්තයෝ..

      Delete
  29. හ්ම්ම්ම්...තනිකම තමයි අන්තිමට ඉතුරු වෙන්නේ...නන්ගි නම් තනිකමට සමු දෙන්න වගේ... හොඳයි හොඳයි...අහන්නත් සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. තාම සමුදෙන්නෙ නැතෝ...

      Delete
  30. තනිකම විනෝදය කර ගෙන ජිවත් වෙන්න.තනිකම දැනෙද්දී ජිවිතේ තේරුම ගන්න පුළුවන් ලු.

    අන්තිම වෙනකම්ම මම රැවටිලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. //තනිකම දැනෙද්දී ජිවිතේ තේරුම ගන්න පුළුවන් ලු.//

      මේක ඇත්තමලු!!!

      Delete
  31. තනිකම වෙලාවකට පට්ට.. :)

    ReplyDelete
  32. යකෝ පල්ලෙහෙට කියවන් එනකන්ම හිතුනේ නෑ නේ අන්තිමට මෙහෙම තනිකමක් ගැන කියයි කියලා :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... අන්න එහෙනම් මම සාර්ථකයි!!! :D

      Delete
  33. මාත් එයාට ගොඩක් කැමතියි.....

    ReplyDelete
  34. කට්ටියත් එක්ක ඇවිල්ලා එක පාරට දැනෙනවා ඒ අය මාව දාලා ඉස්සරහට ගිහින් වගේ ඒ වෙලාවට තනිකම හරි තනියට ඉන්න එක ලොකු දෙයක්
    ඒත් ආපුහු සැරයක් හිතලා බැලුවම තමා හිතෙන්නේ ඒ ඉස්සරහට ගිය අය මාව පහුකලා නෙවෙයි මමයි මඟ නැවතිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපියි මඟ නැවතිලා හිතන්නෙ අනිත් අය අපිව පහුකරන් ගිහින් කියලා..

      Delete
  35. තනිකම අපිත් එක්ක ඉන්නවනම් අපිට කොහෙන්ද නංගි තනිකමක්...අපි ආස දේවල් ලග නැති පාළුවක්නම් තියනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සහතික ඇත්ත අයියේ!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....