නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

14 June 2012

~ ආයෙමත් ආදරෙන් ~



"හෙලෝ..."

"හෙලෝ..."

ආත්ම ගානක ඉඳන්  පුරුදුයි කියලා දැනෙන කට හඬ. ජීවිතේ පලවෙනි වතාවට මුලින්ම ඇහුණු සුන්දරම පිරිමි කටහඬ. හදවතේ හැම ලේ නහරෙකටම දැනෙන ගැඹුරු හඬ. 

"දෙයියනේ.... එයා....මේ... එයා නේද?"

ආයෙමත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කල්පනා කලේ නම්බර් එක ගැන. 

"ම්ම්ම්..නම්බර් එකනම් වෙනස්. කලින් එක නෙවෙයි.ඒත් country code එක අනුවනම් මේ එයාම වෙන්න ඕනෙ. වෙන කවුද ඉතිං..."

මම අවාසන නිගමනයට ආවා. ඔව්.. සෑහෙන කාලෙකට පස්සෙ ඇහුනත්, අඳුරගන්න පුළුවන් ඒ කටහඬ ගැන, මම අවසාන නිගමනයට ආවා.

"හෙලෝ..හෙලෝ... හෙලෝ.....ඕඕඕඕඕඕ..."

මම පරීක්ෂණ , නිරීක්ෂණ , නිගමන කරන අතරතුර..  එහා පැත්තෙන් අරයා බෙරිහන් දෙනවා...

"ආ.. හෙලෝ... හෙලෝ.."

"මොනාද ගෙම්බියෙ කතා නොකර කරන්නෙ..කන් බීරිද? නැත්තම් ගොළුද?"

"හෑ... අහන හැටි විතරක් මෙයා..."

"මෙලෝ ගාණක් නැතුව.. කිසිම දෙයක් අපි අතරෙ වෙලා නෑ වගේ.. මගේ බුදු ෆිට් යාළුවෙක් වගේ.. නිකන් බොක්කෙන්ම කතා කරන්න එන්නෙ...හිතන් ඉන්නෙ මම මැරිලා ඉපදිලා කියලාද දන්නෙ නෑ.."

මොහොතකට මට ආවෙ තරහක්. අතීතය එක ක්ෂ්ණීකයෙන් විදුලියක් වගේ හිත පුරා ඇඳිලා ගියා. අහස ඉරි තලාගෙන ඇඳිලා යන අකුණක් වගේ, මගේ හිත පුරාවට ඇදූනු අතීත මතකය හිත රිදෙව්වා. මට ආයෙමත් වතාවක් මම ගැනම දුක හිතුණා.කියාගන්න බැරි ආත්මානුකම්පාවකින් හිත පිරුණා.

ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්, මම ඒ පරතරය හැමදාම රැකගත්තා..මහ ගොඩාක් ආදරේ කරපු හිතින් වෛරයක් ගැන හිතාගන්නවත් බැරි නිසා ,හැමදේම වෙනස් වුනාටත් පස්සෙත් මම ආදරේම කළා. අවසානෙදි හති වැටිලා වැටිලා මොහොතකට නැවතුණා. මෙච්චර කාලයක් දිව්වෙ මිරිඟුවක් පස්සෙ කියලා තේරුම්ගත්තාට පස්සෙ, මට වැරදුණා කියලා තේරුම්ගත්තාට පස්සෙ, මම හිත හදාගත්තා.අන්තිමේදි  ජීවිතේට මූණ දෙන්න ධෛර්‍ය ගත්තා. එහෙම හදාගත්තු හිත ආයෙමත් දෙදරවලා ගියපු මේ කෝල් එක ගැන මට ඇතිවුනේ නොරිස්සුමක්.

අමාරුවෙන් හරි සැලෙන කටහඬ දැඩි කරගත්තා. කෙල ටිකක් ගිලලා, හුස්මක් අරගෙන මම වෙර ගත්තා.

"නෑ.. මම ගොළුත් නෑ..බීරිත් නෑ.. මම අන්ධ වෙලා හිටියෙ..ඒත් දැන් තමා තේරෙන්නෙ අපරාදෙක තරම..ම්ම්ම්ම්...ඔයා කවුද?"

මගේ නපුරුකමටද, තරහවටද, දුකටද මංදා.. මට කටින් පිටවුනේ මමවත් නොහිතපු වචන ටිකක්.එක මොහොතකට හිතුණා මම වචන වලින් පළිගත්තාවත්ද කියලා..

ආයෙත් ඒ ක්ෂණිකයෙන් මට හිතුණේ , මම මටම රිදවගත්තාද මංදා කියලා.මොකද ආදරේ කරන, ආදරේ කරපු කෙනෙක්ට රිදවන එක තරම්, තමන්ට රිදවගන්න තවත් ලේසි ක්‍රමයක් නැති තරම් නිසා.

"ම්ම්.. මාව අඳුරන්න බැරිද ඇයි?"

ජවය අහිමි වුනු කටහඬින් කතා කරපු එයා නිසා, මම ගල් කරගෙන ඉන්න හිත ඉටිපන්දමක් වෙන්න එනවා වගේ දැනුණා.ඒත් මම , අතීතයේ රළු මතකයන්, දුක්ඛිත දෙබස් මතක් කරගෙන තව තවත්  හිත හයිය කරගත්තා.

"බෑ.. අඳුරන්න බෑනෙ.. "

"කාලය ඒ තරමටම ඔයාව වෙනස් කරලාද?"

"කාලය මාව වෙනස් කලේ හුඟාක් පහුවෙලා.. ඒත් සමහරුන්ව  මොහොතින් මොහොත වෙනස් කරන්නෙ..."

"හ්ම්ම්... මගේ කටහඬවත් මතක නෑ...මම කවීන්..මතකද මාව? නමත් මතක නෑ කියන්නෙපා..මට ඔයාව මතක් වුනා. ඉතිං නිකන් කතා කලේ.."

වටපිටාවෙ තියෙන දේවල් දිළිසුණා. බොඳ වුණා. නෑ.. ඇත්තටම වටපිටාවෙ වෙනසක් නෑ.. මගේ ඇස් වල කඳුළු පිරිලා..  හයිය කරගත්ත හිතට තවත් වාරුවක් තිබ්බෙ නෑ.. ඉටිපන්දමක් වගේ වැක්කෙරිලා දියාරු වෙලාම ගියා..

"හ්ම්ම්ම්....."

කෑලි කෑලි කැඩිලා , බිඳිලා කුඩු වෙලා ගිය හිත අමාරුවෙන් එකළාසියක් කරගෙන මම කතා කළා.

"මොකද හ්ම්ම්ම් ගාන්නෙ.. බස්සෙක්ද?"

"නෑ.. බස්සියක්.."

"හා.. ශෝක්!!! කොහොමද ඉතිං?  මොනාද කරන්නෙ මේ දව්ස් වල?"

"හුඟාක් හොඳින් ඉන්නවා.."

මම හිතාමතාම "හුඟාක් හොඳින් " කියන වචනෙ බර කරලා කිව්වා.

"ඔයාට කොහොමද ඉතින්.."

"වරදක් නෑ.. ඔහේ ඉන්නවා ඉතිං.. "

දිග හුස්මක් පල්ලෙහාට හෙලන ගමන් එයා කියපු හැටි මට කුතුහලයක් ගෙනාවා. එදා ඉඳන්ම ඒ හිතේ හැංගිච්ච හැම හැඟීමකම රහස ඉවෙන් වගේ මට දැනුණාත්, අවසානෙදි මට වැරදුණු නිසාම, මම ඒ වචන ඇතුළෙ තියෙන්නෙ හොදක්ද නරකක්ද කියලා මනින්න ගියේ නෑ..

"කොහොමද ඔයාගෙ studies එහෙම?"

"ම්ම් වරදක් නෑ කවීන්.. හොදින් කරගෙන යනවා..ඔයාගෙ වැඩ කොහොමද?"

"කරන් යනවා ඉතිං.."

"මොකද නිකන් එපා වෙලා වගේ?"

මම හිතාමතාම නෝන්ඩි හිනාවක් දාලා කවීන්ගෙන් එහෙම ඇහුවා..

"මට හැමදේම එපා වෙලා ශානි.."

ආයෙමත් මගේ හිත ගැස්සුනා.. 

"දෙයියනේ මේ කෝල් එකක් නිසා දැන් කීසැරයක් මම පිච්චුණාද?"

"ඒ මොකෝ කවීන්.. මොකද එපා වෙලා?"

"නෑ..මට හිතෙනවා මට කොතන හරි වැරදුනා කියලා.."

"හ්ම්ම්....."

"මට මගේ හිත පාලනය කරගන්න බැරි වුනා. එදා ඉදන් මම හිත කියන කියන විදියට නැටුවා.. අන්තිමේදි මම ඔයාවත් නැති කරගත්තා..."

හිතුවක්කාර මගේ හිත ආයෙමත් උණු වෙලා වැක්කෙරෙන්න ගත්තා. හැඟීම් වලට වහල් වෙච්ච මට අතීතෙ අමතක වුනා. එකසැරයක් , නෙවෙයි කීපසැරයක්ම මාව අසරණ කරපු කෙනෙක් නේද මේ කතා කරන්නෙ, මහ පොළොවෙ හැපි හැපී මම මැරෙන්න  යද්දිත් මට පිටුපාලා ගිය කෙනෙක් එක්ක නේද මේ කතා කරන්නෙ කියලා මට අමතක වුනා.

"මට දැනෙන්නෙ අද මම මහ කාලකණ්ණි මිනිහෙක් විදියට ශානි. මම ජීවිත ගොඩාක් අවුල් කලා. මට එක අරමුණක්, එක හිතක් තිබ්බෙ නෑ.. මම ඔයාගෙ අරමුණු, බලාපොරොත්තු, හීන හැමදේමත් වෙනස් කළා. මම හැම දෙයක්ම අවුල් කලා."

"වෙන්න තිබ්බ දේවල් වුනා. ඒ දේවල් දැන් ඉවරයිනෙ.මම හැමදේම අමතක කරලා ඉන්නෙ.. හිත හදාගෙන ඉන්නෙ. මම අලුතෙන් හැම දෙයක්ම පටන් ගත්තා.."

"හ්ම්ම්.. ඒත් මට මගේ හෘද සාක්ෂියෙන් සමාවක් නෑ ශානි..  මට හැම මොහොතකම අතීතෙ මතක් වෙද්දි දැනෙන්නෙ මහා කලකිරීමක්. මම ගැනම තරහක්..වෛරයක්.."

"පිස්සු ඔයාට.. ඔයිට වඩා වැරදි මිනිස්සු කරන්නෙ.. ඒක වැරැද්දකුත් නෙවෙයි වෙන්නැති එක අතකින්.. ඒක ඔයාගෙ අයිතියක්නෙ.."

"ම්ම්.. ඇත්ත වෙන්නැති.. ඒත් මම ඒ අයිතිය පාවිච්චි කල විදිය වැරදියි..මම ඒක දන්නවා.. මෙහෙම හරි ඔයා මාත් එක්ක කතා කරන එක මට හිතට නිදහසක්.. ඔයා මට වෛර නොකරන එකම ලොකු දෙයක් ශානි."

"හ්ම්ම්.. මම වෛර කරන්නෙ නෑ.. මට එහෙම කරන්න බෑ..ඔයා ඒක දන්නවා.."

"අද වෙද්දි හැම කෙනෙක්ම මගෙන් ඈත්වෙලා යන්න ගිහින්.. අන්තිමේදි ඔයා විතරයි මට සැනසෙන්න එක වචනයක් කියන්න හරි ඉතුරු වුනේ.."

"ඇයි.. එතකොට......."

මම අහන්න ගිය ප්‍රශ්නෙ අතරමැද හිර වුනා. ඔයාගෙ ගර්ල්  ෆ්‍රෙන්ඩ් ට මොකද වුනේ කියලා අහන්න ඕනෙ වුනත් මට හයියක් නැති වුනා...

"ම්ම්..  ඒවා වැඩක් නෑ..හැමදේම බොරුවක් ශානි.. බොරුවයි ඇත්තයි අතරේ මම අතරමං වුනා."

"ම්ම්... මගෙන් ඔයාට වෙන්න ඕනෙ දෙයක් තියෙනවානම් කියන්න . පුළුවන් උදව්වක්නම් මම කරන්නම්.."

එදා ඉදන්ම පොඩි හුලඟටත් ගහගෙන යන මගෙ හිත, පොඩි වැස්සටත් යට වෙන මගේ හිත, පොඩිම පොඩි සද්දෙකටත් ගැස්සෙන හිත , හැමෝම කියන විදියට හිතුවක්කාර මගේ හිත, කවීන් ගේ වචන වලට නැවුනා..පුංචි දේටත් උණු වෙන හිතක් මනුස්සයෙක්ට මොන තරම් වදයක්ද කියලාත් වෙලාවකට හිතුණා.

"ම්ම්...  ඔයාට පුළුවන්ද ශානි මට ඉස්සර වගේම මහ ගොඩාක් ආදරේ කරන්න.?"

"දෙයියනේ....... කවීන්........ආයෙමත් ... ආයෙමත් ඔයාට ආදරේ කරන්න??? "

------------------------------------------------------------------------------

"බබා.... බබා..නැගිටින්න... වෙලාව 5.30යි..  අද යන්නෙ නැද්ද??"

අම්මා උදේ පාන්දර ඇහැරෙව්වෙ නැත්තම්........ 

වෙලාවට ඒක හීනයක් වුනේ.. නැත්තම් මටත්  සිද්ධ වෙන්නෙ, අතීතෙට පණ ගන්න පුළුවන් ඔක්සිජන් මැෂිමක් හොය හොය දුක් විද විඳ ඇවිදින්න..


එකමත් එක මූසල සැඳෑවක
නුඹේ සීතල නිසල දේහය
වසා කැටයම් පෙට්ටියකින්
මතක වස්ත්‍ර පූජා කර  , 
පැන් වඩා මිහිදන් කල,
අතීතය සිහිනයකි...........!!!!



                                       නිමි.


ප.ලි- අතිශයින්ම සිතුවිල්ලක් පමණි!!!!!

Post Comment

106 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. " ඒත් මට මගේ හෘද සාක්ෂියෙන් සමාවක් නෑ "
      මේ දේනම් කාට කාටත් කවදාහරි මතක් වෙයි හිතු.. වළදාපු අතිතේ නැවත ගන්න උත්සහා කරන්න එපා. එක මල මිනියක්ම විතරයි කොච්චර පන දෙන්න උත්සහා කලත් බෑ...

      Delete
    3. ඔව්..වර්ණා එක!!! :D

      හ්ම්ම්ම්... අනේමංදා.. අපි උනත් වරදක් කලොත් අපේ හෘද සාක්ෂිය තරම් අපිට දඬුවම් දෙන වෙන කිසිම දෙයක් නෑනෙ....

      ඇත්ත.. මිනී වලවල් හාරද්දි_________________

      Delete
  2. එකමත් එක මූසල සැඳෑවක
    නුඹේ සීතල නිසල දේහය
    වසා කැටයම් පෙට්ටියකින්
    මතක වස්ත්‍ර පූජා කර ,
    පැන් වඩා මිහිදන් කල,
    අතීතය සිහිනයකි...........!!!!

    සමහර වෙලාවට මට ඉෆෙක්ට් එකක් එනව...... මැරිච්ච එකා පෙට්ටියෙං නැගිටල එන්න හදන..

    ReplyDelete
    Replies
    1. වරහන් යොදන්න අමතක විය! සමාවන්න

      Delete
    2. වරහන් කමක් නෑ...:))

      හික්ස්ස්.. මැරිච්ච එකා පෙට්ටියෙන් නැගිටලා ආවොත්..... :O

      Delete
  3. කියන්න කිසිමදෙයක් ඉතුරුකරල නෑ අක්කියෝ....වෙලාවට ඒක හීනයක් වුනේ......!!

    ReplyDelete
    Replies
    1. :)

      හ්ම්ම්ම්.. වෙලාවට.....

      Delete
  4. අනේ... හීනයක්ද....... චික් විතරක් .... අපලාදේ..........

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මොකෝ අක්කේ අපරාදෙ...:O :D

      Delete
  5. වේදනාවට ආදරේ කරද්දි එ හිනේ ඇත්තම වෙනවා නම් කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මටත් නොහිතුනා නෙවෙයි...:(

      Delete
  6. හීනේ හීනයක්ම වුනොත්ද ඇත්තක් වුනොත්ද හොද කියලා නම් හිතා ගන්න බෑ හිතු..කතාව හිතට දැනෙන්නම ලියලා තියනවා ලස්සනයි හිතු....

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනාන්ම් සතුටුයි සිතූ!!! :)

      Delete
  7. අතිශයින්ම සිතුවිල්ලක් පමණි කියලා දාල වැඩක් වෙයිද මංදා..
    දැන් හැමෝම ඔහොම දාන්නේ මේ තමන්ට වෙච්ච දේවල් වලටනේ...ඕං මම ඔයාට නෙවෙයි කිව්වේ...
    දැන් එමුකො කතාවට...
    බල්ලෙක්ට මස් කටුවක් හම්බවුනාම ඌට රජ මගුල්. හිතෙන හැම වෙලේම ඌ ඒක සූප්පු කර කර ඉන්නවා. කාල ඉවරකරන්නෙත් නෑ. වෙන බල්ලෙක්ට කන්න දෙන්නෙත් නෑ. ඌට ඕනි වෙලාවට ඇවිල්ල ටිකක් සූප්පු කරලා යන්න යනවා. සමහර උන් වෙන එකෙට්ට හොයාගන්න බැරිවෙන්න හංගලා යනවා. ආයි ටිකකින් ඇවිත් ටිකක් සූප්පු කරල යනවා.
    සමහරවෙලාවට හිතෙනවා ඇත්තටම ආදරේ කරන එක නිකන් මස් කටුවක් වගේ කියලා.
    බල්ලෙක්ට හරි බැල්ලියක්ට හරි ඒක හම්බවුනොත් අර මම කලින් කිව්ව දේ තමයි වෙන්නේ.
    ඒක කොහොම උනත් නංගි ආදරේ කියන්නේ තේරුමක් නැති කෙනෙක්ට නිකරුනේ පාවිච්චි කරන්න දෙන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක දෙන්න ඕනි ඒක තේරුම්ගන්න පුළුවන් කෙනෙක්ට. ඒත් අපි ගොඩක් අය ආදරේ කරන්නේ අපි ආදරේ කරන අයටනේ. නැතුව අපිට ආදරේ අයට නෙවෙයිනේ. මේ මොන බණ කතා කිව්වත් මාත් ඉන්නේ ඔය මස්කටුවෙ තැන කියල ඔයා දන්නවනේ. එහෙම හිතෙනකොටත් දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම්ම්ම්......................... තරුවා හරි....

      Delete
    2. මාත් එකඟයි තරෑගෙ කතාවට.

      කතාව ලස්සනට ලයලා තියනවා අක්කා.

      Delete
    3. තරූ අයියා-//ආදරේ කියන්නේ තේරුමක් නැති කෙනෙක්ට නිකරුනේ පාවිච්චි කරන්න දෙන්න ඕනි දෙයක් නෙවෙයි. ඒක දෙන්න ඕනි ඒක තේරුම්ගන්න පුළුවන් කෙනෙක්ට. //

      හරියට හරි අයියේ!!! ඒත් මේ හිත් කියලා කියන්නෙ, අපිට ඕනෙ ඉදියට හදාගන්න හරිම අමාරු ජාතියක්නෙ නේ???

      Delete
    4. Lokkaiyaa- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      අපි වගේ- හ්ම්ම්.. ඇත්ත තමා.. ස්තූථියි මල්ලියෝ!!

      Delete
  8. //ප.ලි- අතිශයින්ම සිතුවිල්ලක් පමණි!!!!!// ඔය සිතුවිල්ල තමා සිතුවිල්ල

    ReplyDelete
  9. "ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්..."

    අමරසිරි පිරිස් ගියකින් එහෙම කිව්වා.. මට මේ පොස්ට් එක කියවන කොට මතක් වුනේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. මම හරිම ආස සින්දුවක් ඒක...:)

      Delete
  10. ඇයි මට හිතෙන්නෙ මේ හීනෙ සැබෑවටම එළඹෙන දවසක් එයි කියල ශානිගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔයාට ශානිව දැනුනා.. ඔයාට එයාගෙ හිත කියවගන්න පුලුවන් වුනා.. ඒකයි ඔයාට එහෙම දැනුනෙ අක්කි!!!

      Delete
  11. හෙහ්... මම නම් හිතුවේ සමනළීට අයෙත් තටු එන්න හදනවා කියලා....ලස්සනය් හිතු....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ආ... තාමනම් නෑ.. ඒ තටු නම් ආයෙත් එන එකක් නෑ සහෝ..:) තැන්කූ!!

      Delete
  12. අර අතිශයින්ම සිතිවිල්ලක් පමණි කියන එකත් බරකොරා වැඩි නැද්ද..! නෑ මම මේ නිකමට වගේ ඇහුවේ. කවුරුහරි කතන්දරේ ඔයාට ගලපයි කියලා බය උනා නේද..? හූ..හූ..අපි එහෙම කොරන්නෑ හලෝ.. (සිද්දිය ඇත්ත උනත්) හිකිස්..
    ජය..!

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. ඔයා එහෙම නොකලට, කට්ටිය ඉතින් බලන්නෙ කතන්දරයක් හදන්නනෙ..;)

      Delete
  13. එක අතකට හීනයක් වුන එක හොදයි වගේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මටත් හිතෙන්වා එහෙම..

      Delete
  14. මේක දාපු විදිහ හරි වැරදියි නේ.. මෙහෙම දාන්න තිබ්බේ..

    ප.ලි-
    1.අතිශයින්ම සිතුවිල්ලක් පමණි
    2.අතිශයින්ම සිතුවිල්ලක් පමණි නොවේ..

    කොහේද දන්නේ නැත්නම් අපෙන් වත් ඉගෙන ගන්න... :P

    ReplyDelete
    Replies
    1. හෑ..... :O බෑ..බෑ.. අපි ඔය අනුන්ගේ එව්වා කොප්පා ගහන්නෙ නෑනෙ..;)

      Delete
  15. “පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..“

    ආත්මා ලියනගේගේ අළුත් සින්දුව මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මටත් ඒක මතක් වුනා කතාව ලියාගෙන යද්දි...

      Delete
  16. හැමෝම කිව්වට හීනයක්ම වුණ එක හොදයි කියල දෙතුන් දෙනෙක් කියනවා හීනෙ හැබෑ වෙන්න කියල එතකොට හිතූගෙ හිත...?.....?....?

    රිද්දුවම නෙමෙයි හිතූ..ආදරේ මහ අමුතු දෙයක් ඇත්තටම මහ ලොකුවට කථාකලාට හරියට නිර්වචනයක්වත් දෙන්න බැරි මාතෘකාවක්.ඔයාටත් හිතෙනව ඒකනෙ සිතුවිල්ලක් පමණයි කිව්වෙ.ආදරේ නිසා ජීවිතේ එක තැන පල් වෙන්න දෙන්න එපා ජීවිතේට මුහුණ දෙන්න..සතුටින් ආදරේ නැති වුණාට අපිට අපේ ජීවිතේ නැති කර ගන්න බෑ..

    කොහොම නමුත් කථාව හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා හීනයක්නම් වෙයි කියල හිතුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. //ආදරේ නිසා ජීවිතේ එක තැන පල් වෙන්න දෙන්න එපා //

      ඇත්ත. මම කාලයක්ම එහෙම ජීවිතේ එකම තැන පල් වුනා.. ඒකෙන් දැන් නම් ඩිංගක් ඈත් වෙලා ඉන්නෙ...

      ස්තූතියි හුඟාක්...

      Delete
  17. හීන තමා හීන

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කවදාවත් හැබෑ නොවන හීන..

      Delete
  18. අයියෝ ඉවරද???
    කතාව නං ඉතින්
    නි


    යි....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉවරායි...:D

      තැන්කූ හොදේ....

      ආ.. ජය වේවා!! අන්තඃපුරේ වැඩි වේවා!!

      Delete
  19. අම්මෝ හාට් 1ට නිකන් මොකද්ද මොකද්ද මොකද්දෝඕඕඕඕඕඕ 1ක් වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හාර්ට් ඇටෑක් එකක් එහෙම හැදුනානම්.. මලකෙලියයි.. මට පොලීසි යන්න ව්එන්නෙ...:p

      Delete
  20. අතිශයින්ම සිතුවිල්ලක් කිව්වට ඔයා ඔය හීනෙ දකිනව..එහෙම නේද?
    ආදරයට ඒ තරම්ම සමච්චල් කරපු කෙනෙක් ට කවදා හරි ආදරෙත් සමච්චල් කරනවා සහතිකයි..
    එදාට කොහොම පසු තැවුනත් කෝම සමාව ඉල්ලුවත් අපි අපේ ආදරෙත් ආත්මයත් ඒ වගේ 'ජෝකර් කෙනෙක්' ඉදිරියෙ බාල්දු කල යුතු නැහැ....මම නම් ඒ වගේ දවසකට ඒ වගේ මිනිහෙකුට කියන්නෙ මෙන්න මෙච්චරයි...GO TO HELL..!!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ... කිරිල්ලි දලුණු වෙලානෙ... බයත් හිතෙනව..

      Delete
    2. වෙලාවකට නෙවේ මම කෝමත් දරුනු කිරිල්ලියෙක් දන්නවද? එලව එලව කොටනව....!!! :D:D:D

      Delete
    3. ඒයි විහිලුවට නේද කිවුවේ..? අම්මෝ.....කියපු විදිහට මට බයත් හිතුනා ඕයි....! හික්. ජය.!!!

      Delete
    4. වස කිරිල්ලියෙක් !!!
      වස නැතුව යෑ...

      Delete
    5. කිරිල්ලි-//අතිශයින්ම සිතුවිල්ලක් කිව්වට ඔයා ඔය හීනෙ දකිනව..එහෙම නේද? //

      ඔයා හිත් කියවන්න දන්නවාද?? ;)

      හ්ම්ම්ම්ම්ම්ම්ම්.... හිතට ලොකුම ලොකු ආවේහයක් ආවාම, අතීතෙ සමහර දුක්බර, වේදනාකාරී තැන් මතක් කලාම හැර, මට එහෙම දරුණු, දැඩි තීරණේකට එන්න හරි අමාරුයි...:( ඒ අතින් මමනම් හරි දුර්වලයි!!!

      Delete
  21. "ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්" මේක ඇත්තටම් දැනගෙන ලියපු එකක්ද නොදැන ලියපු එකක්ද කියන්න මම දන්නේ නැහැ නමුත් මේ කතාව 100% ඇත්ත ,ආදරය කරපු අය අපිට වෛර කරන කොට මටත් හුගක් වෙලාවට හිතුනා ආදරයයි වෛරයයි එකම කාසියක දෙපත්තක්ද කියලා වෙලාවකට ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක එහෙම ව්එන්න පුලුවන්. පෞද්ගලිකවම මම මගේ අත්දැකීමෙන්ම එහෙම වෛර කරන මිනිස්සු හම්බෙලා තියෙන්වා...

      Delete
  22. එකමත් එක මූසල සැඳෑවක
    නුඹේ සීතල නිසල දේහය
    වසා කැටයම් පෙට්ටියකින්
    මතක වස්ත්‍ර පූජා කර ,
    පැන් වඩා මිහිදන් කල,
    අතීතය සිහිනයකි...........!!!!

    මේ ටික තමා මට පට්ටෙට සෙට් උනේ.

    අතිශයින්ම සිතුවිල්ලක් පමණි නම් කමක් නෑ.
    ගියපු කෙනාට යන්න දෙන්න ආයේ ලගට යන්න එපා.මොකටද අපි වෙන කාගේවත් backup plan එකක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Madaya-//ගියපු කෙනාට යන්න දෙන්න ආයේ ලගට යන්න එපා.මොකටද අපි වෙන කාගේවත් backup plan එකක් වෙන්නේ.//

      හ්ම්ම්ම්ම්ම්ම්.... ඇත්ත.... ..... සමහර වෙලාවට...... තිත්තයි(ලු)

      Delete
    2. අරුන්දතී අක්කා- කාලෙකින්..:D

      Delete
  23. ඕක හීනයක් වෙච්ච එක හොඳට ගියා නංගෝ....ඕක අත්තක් වෙනවට මමනම් කැමති නෑ. ඔයා කැමතිද?

    අපිව දාලා ගියපු අය ආපහු හොයාගෙන එන්නේ අපිට තියන ආදරේකට නෙමෙයි...එයාලා අසරණ වෙලා නිසා.

    ReplyDelete
    Replies
    1. සයුරි අක්කා-හ්ම්ම්.. ඇත්තටම කිව්වොත අක්කියෝ, මම මෙහෙම හීනයක් දකින්න කාලයක් අඅස කලා. ඒත් දැන්... අදහස වෙනස් වෙලා....

      අන්තිම කාරණාවනම් හරි තමා අක්කේ...

      Delete
  24. ලස්සනයි අක්කා....හදවතට දැනෙන්න,හදවතේ වදින්න කතාව ලියල තියනවා.......

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි මල්ලියෝ!!!!

      Delete
  25. මෙහෙම දෙයක් නම් හීනෙන් වත් නොපෙනෙන එක තමා හොඳ නංගි.එක පාරක් දාලා යන්න හිත හදාගන්න පුලුවන් උනා නම් ආයෙමත් ඒක කරන එක මහ දෙයක් නෙමෙයි.

    කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ... ඔය හරි තමා..ඒත්...

      ස්තූතියි අයියෙ!!

      Delete
  26. අම්මෝ... ඔයවගේ හීන පේන්න ගන්නෙ නම් හොඳකට එහෙම නෙවි... මට හිතෙන්නෙ ලඟදිම හිතූගෙ හඳුන්පොතට මොනා හරි වෙන්න වගේ තමා...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. මගේ හඳුන් පොතට මක්ක වෙන්නද අයියේ???

      Delete
  27. ආදරය..කියන්නෙ ගැටලු ගොඩක්..ද..?

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්තටම... උත්තර නැති ගැටලු ගොඩාක්..

      Delete
  28. කවිය දුටු ගමන් බයවුනි සිත මාගේ
    ප.ලි. දුටු ගමන් බය ගියෙ වෙඩි වාගේ :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්...

      කුමට බයවුනිද නුඹ ඒ හැටි කොල්ලෝ..
      මුල දුටු ගමන් බිය වෙන නුඹලා බයගුල්ලෝ...:p

      Delete
  29. ප.ලි- අතිශයින්ම සිතුවිල්ලක් පමණි? අනේ!!! :(

    ReplyDelete
    Replies
    1. ඔව්... අතිශයින්ම සිතුවිල්ලක් පමණි :D

      ඇයි අනේ???

      Delete
  30. ම්ම්ම්ම් ,.,., ආදරය අනේ මම මේ මතෘකාව ගැන කතා කරන්න පොඩි වැඩියිද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔන්නොහෙ කියලා දාපං පොඩි එකෝ,අපි නොදන්න සුදු මහත්තයනෙ

      Delete
    2. සුදු මහත්තයා- හික්ස්ස්.. අනේ..ඔයා පොඩි පැටියෙක්ද තාම?

      Delete
    3. වර්ණ- හික්ස්ස්..ඔයා සුදු මහත්තයාව දන්නවාද?

      Delete
  31. අපරාදේ ලස්සන හීනයක්...

    උදේ 5.30ට මොන එකකට නැගිට්ටද මන්දා.. නැත්තම් අපි ඉතුරු ටිකත් කියවනවනේ

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... වෙලාවටනෙ හීනයක් වුනේ....

      Delete
  32. Lassana kathawak akki :D matath oye wage heenayak dakela thiyenewa mita kalakate kalin, AMMO EKAY MEKAY dekame hinama une eke hoday :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගියෝ...:*

      අහ්හ් හ්ම්ම්.. හුඟාක් අය මෙහෙම හීන දකිනවානෙ..

      Delete
  33. කතාව කියවගෙන යද්දී , මගේ ජීවිතේ එක්තරා යුගයක් මතක්වුනා.... හීනයක්‌ වුනත් , ඇත්තක් වුනත් , ආදරේ නිසා විඳවන එක තරං , තවත් විඳවිල්ලක්නං නැහැ.....

    ReplyDelete
    Replies
    1. //හීනයක්‌ වුනත් , ඇත්තක් වුනත් , ආදරේ නිසා විඳවන එක තරං , තවත් විඳවිල්ලක්නං නැහැ.....//

      හ්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත!!

      Delete
  34. හීනයක් වුන ඒක හොඳයි හැබෑවටම ඒ වගේ ඇමතුමක් ආවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ.

    ReplyDelete
    Replies
    1. ඔයා අසරණයා වුනාට ,ඔහොම ප්‍රශ්න අහලා අපිව අසරණ කරන්න එපා...

      Delete
  35. අතිශයින්ම සිතුවිල්ලක් වූ සිතුවිල්ල අතිශයින්ම සුන්දරයි. මැක්සා විදිහට ලයින් කරලා. මම නම් හිතුවේ ඇත්තක් කියලයි. බැලින්නම් හීනයක්නේ.

    ReplyDelete
    Replies
    1. හි හි.. හම්මෝ.... අගයකිරීමනම් මැක්සා...

      හුගාක්ම ස්තූතියි පැතුම්!!!!

      Delete
  36. අන්තිමට ලියල තියන කවියනම් ගොඩක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ප.ලි. : ඔය දේ හීනයක් උනාට ඒ වැරදීමකින් දාල ගිය මනුස්සය ආයේ වැරැද්ද හදාගන්න බැරුව දුක විදිනවා උනත් වෙන්න පුළුවන්..
      ඒ ගැනත් පොඩ්ඩක් හිතලා අනිත් පැත්තෙනුත් ලියලා බලන්න

      Delete
    2. හුඟාක්ම ස්තූතියි!!!

      දාලා යනවා කියන්නෙ පුංචි වැරදීමක්ද? නිකන් අහම්බෙන් වෙන???

      Delete
  37. හරි..... අතීතයට පණ දෙන්න ඔයා කැමති ද ? ප්‍රශ්නේ පැහැදිලි නෑ වගේ නම්.... මෙහෙම කියමු.
    ඔය කවීන් ආයෙමත් ඔයාගෙන් ආදරේ ඉල්ලනවා නෙහ්. ඔයා ආදරේ දෙන්න කැමති ද ? ඔබේ පිලිතුර ඔව් නම් හේතු පහදන්න. නැත නම් ඒත් හේතු පහදන්න !!!

    ප.ලි. - 'අතීශයින්ම' කියන කෑලි දාන්න එපා. හොද ළමයි (මං වගේ) නොමඟ යනවා !!!! මොකද අතීශයින්ම කියලා දැක්කම ඊලඟට හොයන්නේ සිතුවිල්ලක් කියන වචනේ නොවන නිසා. :)

    හා හා... ඒවයින් වැඩක් නෑ ප්‍රශ්නයට උත්තරේ දෙන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. මධුරංග අයියා-ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... අමාරු ප්‍රශ්නයක් ඇහුවෙ....

      පිලීතුර-ඔව්

      හේතුව- කවීන්ට තරම් ඉඩක්, ශානිගේ හිතේ වෙන කාටවත්ම නැති නිසා....ලූ...

      හික්ස්ස්.. නරක ළ්මයි තමා එහෙම හිතන්නෙ...;)

      Delete
  38. ඕන් ඔය වෙලාවට තමයි නගේ කවුරු හරි වතුර බාල්දියක් හැලුවත් පිං දෙන්න ඕනෙ.. :D
    සතුටුයි සිතිවිල්ලක් පමණක් වුණ එක ගැනනම්..

    ReplyDelete
  39. හීන ඇත්තක් වෙනවා නම් මොනවා මොනවා වෙයිද නංගෝ.. කෙනෙක්ව අමතක කරද්දි එයා හීන වල හැමදාම දකිනකොට හිතට දැනෙන්නේ පුදුම වේදනාවක් තමයි. ඒ හීනෙන් ඇහැරුනාම සමහරවිට ඊටත් වඩා වේදනාවක්..
    කොහොම වුනත් ඕක නම් හීනයක්ම වුන එක හොඳට ගියා.. ;)
    ආයේ ආදරේ ඉල්ලුවොත් ඇත්තටම මොකද කරන්නේ??? ඔයා ඒ ප්‍රශ්නේ ඉතිරි කරලා.......... ????

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අකමැති මතක හීන වල පෙනෙද්දිත් දැනෙන්නෙ මහා දුකක්...

      අක්කිත් දැන දැනම මාව අමාරුවෙ දාලා..උඩ කමෙන්ට් එහෙක මම උත්තර දුන්නා..

      Delete
  40. දාලා ගිය කෙනෙක් ආයෙමත් ඇවිදින් ආදරෙයි කියනවනම් හිත හුඟක් කැමති වෙයි.ඒත් එක සැරයක් දාල ගිය කෙනෙක්ට ආයෙ සැරයක් දාල යන එක මහ දෙයක්ද?ආයෙමත් එහෙම කෙනෙක්ට ආදරේ කරලා ආයෙ ආයෙත් විඳවනවට වඩා මුලින් ලැබුන "මහ ගොඩක් ආදරේ" හිතේ තියාගෙන තනියෙන් ඉන්න එක වඩා හොඳ වෙයි.

    ReplyDelete
    Replies
    1. //ඒත් එක සැරයක් දාල ගිය කෙනෙක්ට ආයෙ සැරයක් දාල යන එක මහ දෙයක්ද?//

      අන්න ඒක තමා අවුල.... නියම කතාවක්!!! හිතේ තියන් විදවන එක සැපයි!!

      Delete
  41. අපරාදේ හීනයක් උනේ.. නැත්තම් තව නව කථාවක් කියවන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... හා හා.. ළඟදීම... එකක් ලියන්නම්කෝ>..:p

      Delete
  42. දිගටම ලියන්න..මන් එනවා බලන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි!!! සාදරෙන් පිළිගන්න්වා මෙහාට..

      Delete
  43. Chak !! I missed all these posts.. :P

    ReplyDelete
  44. එකමත් එක මූසල සැඳෑවක
    නුඹේ සීතල නිසල දේහය
    වසා කැටයම් පෙට්ටියකින්
    මතක වස්ත්‍ර පූජා කර ,
    පැන් වඩා මිහිදන් කල,
    අතීතය සිහිනයකි


    දැනුනා හුඟක්

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....