නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

23 June 2012

මා බාල කාලේ

ලියන්න හිතුනා මගේ බාල කාලේ ගැන. බාල කාලේ කිව්වෙ මගේ ප්‍රාථමික පාසැල් අවධිය , මොන්ටිසෝරි අවධිය ගැන වගේ.. :D හික්ස්ස්.. හිතුවක්කාරී චුට්ටි කාලේ දැන් වගේ හිතුවක්කාර නෑ.. හොදම හොඳ ළමයෙක්!!! ;)
බලන්න ඉතින් මගේ අහිංසක කම ;) :P
මොන්ටිසෝරි කාලේ
මට මතකයි මම මුලින්ම මොන්ටිසෝරි ගිය දවස. අම්මායි තාත්තායි මාව දැම්මෙ ගෙවල් ලඟම තිබ්බ මොන්ටිසෝරියකට. ළඟම කියන්නෙ බස් හෝල්ට් 4යි.:D එදා පළවෙනිම දවසෙ අම්මා මාව මොන්ටිසෝරියට ඇරලලා යන්න හදද්දි මම බිම පෙරළිලා ඇඬුවා. අම්මට යන්න නොදී බදාගෙන ඇඬුවා. ඒත් ටීචර් මාව වඩාගෙන බොරු බොරු කතා කිය කිය මාව නළවගනන් අතරේ අම්මා මාව දාලා ගිහින්..:'(
[ ඒ යන්න ගියාට හැංගිලා බලන් හිටියාලු අම්මා හුඟාක් වෙලා. දාලා යන්න වාවගන්න බැරුව. ]


ඉතිං එදාම තවත් අලුත් බබෙක් මොන්ටිසෝරියට ඇවිල්ලා හිටියා. එයාගෙ අම්මාත් එයාව දාලා යද්දි එයාත් හොදටම අඬන්න ගත්තා. ඉතිං මේක දැකපු මමත් ආයෙමත් අඬන්න ගත්තා.කොහොමහරි දාගෙන ගිය සපත්තු මේස් ගලවගෙන.. හොදටම අඬලා, අවසානේදි අනිත් බබාගෙ මේස් එකක් මම දාගෙන , මේසුත් මාරු කරගෙනයි ගෙදර ඇවිත් තිබ්බෙ.කොහොම හරි මම මුල දවස් ටිකේම අඬ අඬ ගිහින් ඊටපස්සෙ මොන්ටිසෝරි යන්න පුරුදු වුනා.:)


මගේ ආච්චි අම්මාටයි, සීයටයි ඉස්සර ලී බඩු සාප්පුවක් තිබ්බා. ඉතිං ආච්චියි සීයයි සාප්පුවට යන්නෙ ,සීයාගෙ මොරිස් මයිනර් එකෙන්.:D ඒ ගමන්ම මාවත් මොන්ටිසෝරියෙන් බස්සලා තමයි ආච්චියි සීයයි යන්නෙ. මුල්ම කාලෙ අම්ම නැතුව මොන්ටිසෝරි නොගිය මම, පහු වෙද්දි යස අගේට මොන්ටිසෝරි ගියා ආච්චියි, සීයයි එක්ක කාර් එකෙන්ම :P. හවසට එක්කගෙන යන්න අම්මා ආවා.


කොහොමහරි මම මොන්ටිසෝරියේ කැපී පෙනෙන චරිතයක් වුනාලූ..;) කොන්සර්ට් එකක වුනත් ඕනෙම නැටුමකට, සින්දුවකට, නාට්‍යකට ඉන්න මම කිව්ව ගමන් කැමති වෙනවා කියල මොන්ටිසෝරියේ ටීචර් අම්මා එක්ක මගේ හොද කියලා ත් තිබ්බා..;)
[බලන්න ඉතින් මම මොන තරම් හොදද කියල..:P 


මොන්ටිසෝරියේ කොන්සර්ට් එහෙකදි "කොටු වැටිච්ච පුංචි සරම.." සින්දුව කියන ගමන් රඟපාන මම ;) :P
ඒ විතරක් නෙවෙයි, මට මොන්ටිසෝරියෙ පොත් වල පාඩම්, සින්දු, ඔක්කොම හොදටම පාඩම්. ඉතින් ටීචර් ත් මට හරිම ආදරේ වුනා.ඒ නිසාමද කොහෙද මොන්ටිසෝරියෙන් අස් වෙද්දි ටීචර් අපේ අම්මාට කියලා, "මෙයා දක්ෂ ළමයෙක්.මෙයාව කොළඹ ඉස්කෝලෙකට දාන්න " කියලා. ඒත් අපේ තාත්තා කියලා තියෙන්නෙ," කොළඹ යවලා මේ පොඩි කාලෙම මොකට තෙහෙට්ටු කරනවාද පොඩි එකා, ළඟ තියෙන ඉස්කෝලෙකට දාන එක හොදයි" කියලායි. ඒ නිසා මාව අපේ ගෙවල් කිට්ටුව නගරේ තියෙන ඉස්කෝලෙකට තමයි දැම්මෙ.


ප්‍රාථමික පාසැල් කාලේ
මම එක වසරේ ඉඳන් පහ වසර වෙනකම් ගියේ , අපේ ගෙවල් වලට කිට්ටු නගරේ තියෙන ප්‍රාථමික පාසලකට.නගරේ තිබුනූ ප්‍රාථමික පාසැල් වලින් තරමක් හොඳ නමක් දිනාගෙන තිබුණු, ශිෂ්‍යත්ව විභාග ප්‍රථිඵල අනුව ඉහළ ස්ථානයක තිබුණු මේ මගේ ඉස්කෝලේට මම ඇතුළත් වුනේ 1996 අවුරුද්දේ.ඒක මිශ්‍ර ඉස්කෝලයක්. ගැහැණු පිරිමි දෙගොල්ලෝම හිටියා. 


1වසර ගෙවුනු හැටි
1996 දී පළවෙනි වතාවට ඉස්කෝලෙ ගිය මාව වැටුනේ හරිම සිරියාවන්ත, ලස්සන , සීදේවි කරුණාවන්ත ටීචර් කෙනෙක්ගෙ පන්තියටයි. ඉතින් ඒ ටීචර් මාව හරිම ආදරෙන් පන්තියට ගත්තා.මුලදි මම පොඩ්ඩක් අදිමදි කළත්, ඉකෝලෙ යන එක මම බොහොම ආසාවෙන් කලා. මගේ එකවසරේ හොදම යාළුවා වුනේ "දියුනි" කියලා කෙනෙක්.[දැන් නම් එයා කොහෙද දන්නෙ නෑ.]
ඒත් ඔය කාලෙම අපේ මල්ලියා පවුලට එකතු වුනු නිසාම, අම්මාට මා එක්ක හැම මොහොතකම පස්සෙන් ඉන්න බැරි වුනා. ඉතින් මම වෑන් එහෙක ඉස්කෝලෙ යනවා. වෑන් එකේම ගෙදර එනවා. ඒත් අම්මා ගෙදරදි මගේ වැඩ හැම දෙයක්ම හොයලා බැලුවා.


ඉස්සර අපිව ඉස්කෝලෙන් , පෝයට කලින් දවසෙ එහෙම පන්සල් එක්කන් යනවා. ඉස්කෝලේ ඉදන් පන්සලට තියෙන්නෙ පොඩි දුරක්. පයින් යන දුර. ඉතින් අපිව පන්සල් යන්න ලෑස්ති කරවන්නෙ පන්තියෙ ඉන්න ගෑනු ළමයයි, පිරිමි ළමයයි අත් අල්ලගෙන, දෙන්නා දෙන්න පෝලිමට හැදිලායි.:P  ළමා සාරි, නැෂනල් ඇදලා ,පුංචි අපි හරිම ලස්සනයි..:D
ඉතින් ඔය කාලෙම වුනු සුවිශේෂ දෙයක් වුනේ, මම ඉස්කෝලේදි ,හිටපු ගමන්ම "මල්ලීව බලන්න යන්න ඕනෙ.. මල්ලී මතක් වුනා" කියලා අඬන්න පටන්ගන්නවාලූ.මල්ලි ඉපදුනු අලුත නිසා මට හැම වෙලේම මල්ලිව මතක් වුණා. :D ඊටපස්සෙ ටීචර් ශේප් කලාම හරිලු..[දැන් නම් හිනාත් යනවා ] 


ඔහොම තමයි එකවසර ගෙවුනේ...


2 වසර ගෙවුනු හැටි
2 වසර නම් ඒ තරම්ම විශේෂ අවුරුද්දක් වුනේ නෑ..අලුත් ටීචර් කෙනෙක්. අලුත් පන්තියක් වුනාට, මට ඒ තරමටම ඒ පන්තිය අල්ලලා ගියේ නෑ.ඒත් මම ඉස්කෝලේ වැඩ නම් අකුරටම, හරියටම කලා.


ඔය කාලෙ මම වෑන් එකේ දවල්ට ගෙදර එද්දි, අම්මා හුඟාක් වෙලාවට මල්ලිව දොයි කරවනවා. ඉතින් මාව දැක්කොත් මල්ලි දොයියන්නෙ නැති නිසා,මල්ලි දොයියනකම් මම ඇඳ මුල්ලට වෙලා බිම නිදා ගන්නවා..පව් නේද?? :D [ ඒ කාලෙ මම අම්මා නැතිව එළියට යන්නත් බයයිලු. ඒ නිසා ඇඳ මුල්ලෙ තමා ඉඳලා තියෙන්නෙ]


ඔන්න ඔහොම තමා 2 පන්තියේ කාලෙ ගෙවුනෙ.


3වසර ගෙවුනු හැටි
3  පන්තියට නම් මම එච්චරම ආස වුනේ නෑ. පරිසරය පොතේ හුඟාක් ලියන්න තිබුණු නිසාම මට එපා වෙලයි තිබ්බෙ..:D අනිත් එක 3 වසර පන්ති භාර ටීචර් ත් ටිකක් අමුතුයි. හැමදාම අම්මලා ඇවිල්ලා , ටීචර් එක්ක හිතවත් අයට තමයි වැඩි සැලකිලි. මතකනෙ හිතුවක්කරීට දුන්නු දඬුවම ත්?
අපේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක , නායිකාවො පත් කරන්න පටන් ගත්තෙත් 3 වසරේ ඉඳන් තමයි. ශිෂ්‍ය නායක, නායිකාවන්ට තරු ගහපු බැජ් එකක් පලඳවලා, උත්සවයක් තියලා, සහතිකයක් එහෙම දීලා තමයි වැඩ භාර දුන්නෙ. ලොකු අයියාල අක්කාලා එහෙම ඉන්නවා දැක්කාම, ඒ කාලෙ මගෙත් හීනයක් තිබ්බා ශිෂ්‍ය නායිකාවක් වෙන්න.ඒත් අපේ ටීචර් බැජ් දුන්නෙ ගොට්ට අල්ලපු අම්මලාගෙ ළමයින්ට :D අයියෝ සල්ලි!!


ඔය කාලෙම හවසට ඉස්කෝලෙම ශිෂ්‍යත්ව පන්තිත් පටන් ගත්තානෙ.. පුදුම ආසාවෙන් තමා ඒ පන්තියටනම් හිටියෙ. මොකද අපිට හවස පන්ති කලේ අපේ පන්ති භාර ටීචර් නෙවෙයි වෙන ටීචර් කෙනෙක්. ඒ ටීචර් හරිම කරුණාවන්ත කෙනෙක්.:D


4 වසර ගෙවුනු හැටි
4 වසරනම් මගේ ප්‍රාථමික ඉස්කෝල අවධිය ටිකක් වෙනස් කරපු කාලයක්.:D අපිට හිටිය ටීචර් තරුණ වගේම , කරුණාවන්ත ටීචර් කෙනෙක්. ඒ ටීචර් තමා 4 ශ්‍රේණි ප්‍රධාන ටීචර් වුනේ. ඉතින් ශිෂ්‍යත්වෙට එක අවුරුද්දක් තිබුණු නිසා, ඔය කාලෙ හරි උනන්දුවෙන් ප්‍රශ්න පත්‍ර , ඉගනගන්න වැඩ එහෙම කරපු කාලයක්..:D යාලුවොත් හුඟාක් හිටියා. ඉස්කෝලෙ වටේම දුව දුව සෙල්ලම් කරපු ඒ කාලෙ නම් හරිම ශෝක්..:D


මොන හේතුවක් නිසාද මංදා, ඒ ටීචර් මාව පන්ති නායිකාව කළා. ඒ විතරක් නෙවෙයි මුළු 4 වසරේම නාම ලේඛන ටික ඔෆිස් එකෙන් උදේම අරගෙන, පන්ති වලට බෙදන රාජකාරියත් මට පැවරුවා. [ ඒ කාලේ හැටියට ඒ වගකීම මට නම් ඉහටත් උඩින්. පුදුම ආසවෙන් කලේ.. :D]


ඊටත් පස්සෙ මගේ ඒ ඉස්කෝලෙ ජිවිතේ තවත් වෙනස් දෙයක් වුණා. අපේ ඉස්කෝලෙ ඉස්සර හැමදාම දවල් 12ට ප්‍රවෘත්ති කියනවා. 1 ඉදන් 5 වසර වෙනකම් උගන්වන ටීචර්ලාට ,ළමයින්ට කියලා ප්‍රවෘත්ති ලියවගෙන ,ඒවා එකතු කරලා පුංචි ප්‍රවෘති විකාශයක් ඉදිරිපත් කරන වගකීම බෙදලා දීලා තිබ්බා, කාල සටහනකට අනුව.ඉතිං ඉස්කෝලෙ ඇතුළේ පුරුද්දක් විදියට ඕක හැමදාම කෙරුනා. ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙන් ප්‍රවෘත්ති විකාශය වුණා ..ප්‍රවෘත්ති ඉවර වුනාම ටීචර්ලා ළමයින්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඔහොම තමා සිද්ධ වුනේ.ඒක මේ ලමයින්ගෙ ඇහුම්කන් දීම වර්ධනය කරන්න වගේ කරපු දෙයක්.


දවසක් අපේ ටීචර් ගෙ ප්‍රවෘත්ති භාරව තිබුණු  දවසේ, ටීචර් මාව ලඟට ගෙන්නලා ඇහුවා, "ඔයාට පුලුවන්ද ප්‍රවෘත්ති කියන්න?" කියලා. මමත් පැනපු ගමන් හා කිව්වා. ඉතින් ටීචර් මට පෙරහුරුවක් තියලා එහෙම, ප්‍රවෘත්ති කියන ඔෆිස් එකට එක්කගෙන ගියා. පළවෙනි වතාවට මම 4 වසරේදි ප්‍රවෘත්ති කිව්වා, ඉස්කෝලෙටම ඇහෙන්න මයික් එකෙන්. [ ඒ කාලෙ ඒක මහා ලොකු සතුටක් වුනා.:D ලොකුකමකට නෙවෙයි. ඒක හරිම අහිංසක සතුටක්]


ඊටපස්සෙ දිගින් දිගටම, එක එක ටීචර් ලාගෙ ප්‍රවෘත්ති කියන දවසට, ප්‍රවෘත්ති කියන්න මාව ගත්තා. ඉස්කෝලෙ "ප්‍රවෘත්ති කියන ළමයා" විදියට මට නමකුත් හැදුනා.:D


ඔන්න ඔහොමයි මම ආසම කරපු 4 වසර ගෙවුනේ.:D ඒත් මගේ හීනෙනම් සැබෑ වුනේ නෑ ඒ අවුරුද්දෙදිවත්. :(


5 වසර ගෙවුනු හැටි
අපිට 5 වසරට වැටුණෙත් අලුත් පන්තියක අලුත් ටීචර් කෙනෙක් ළඟට. ඒත් පරණ ළමයි එක්කම වැටුණු නිසා, යාලුවො ඔක්කොම හිටියා.ඒ පන්තියේ ටීචර් මට කතා කලේ මගේ දෙවෙනි නමින්. මේ ටීචර්ත් මුල ඉදන්ම එක එක පුංචි පුංචි වගකීම් මට පැවරුවා. මම බලෙන් ගත්තෙ නැති වුනත් ටීචර් පවරපු වැඩ මම අකුරටම කළා. 


ඒ අවුරුද්දෙත් පන්ති නායිකාව විදියට මාව පත් කළා. ඒත් ඉතින් ගුටි කාපු වාරත් අනන්තයි. ගැටළු ගනන් හදන්න පරක්කු වුනාම, වැරැද්දුවාම ටීචර් අපිට වේවැලෙන් ඇති පදමට ගැහුවා. එක වැරැද්දකට පාරවල් දෙක ගානෙ..:( ඔය අතරේ මගේ ප්‍රවෘත්ති කියන වැඩේත් දිගටම සිද්ධ වුනා. ඊට අමතරව ඉංග්‍රීසි දින වලට  , රැස්වීමට කතා කවි කියන්නත් ඉදිරිපත් වුණා.


5 වසරේදි අපිට හවසට ශිෂ්‍යත්ව පන්ති තිබුණූ නිසා, අපි එදාට තමා සෙල්ලම් කරන්නෙ. :D ඉක්මණීන්ම කෑම කාලා පන්ති පටන්ගන්නකම් අපි "ලොක් ඇන්ඩ් කී " කරනවා. ගෑනූ ළමයි ,පිරිමි ලමයි දෙගොල්ලොම එකතු වෙලා ඉස්කෝලෙ වටේම දුව දුව සෙල්ලම් කරනවා. හරිම විනෝදයි. ටින් කඩන්න, හැංගි මුත්තම් කරන්න,ඔන්චිලි පදින්න, ලිස්සන බෝට්ටුව පදින්න ,ඒ කාලෙ හරිම ආසයි. ඕවා කරන්න ගිහින් අනන්තවත් වැටිලා, දණිස් ලෙලි ඇරගෙනත් තියෙනවා.තව කළු අවතාරේ, ගැහැණු පිරිමි මල් පළතුරු වගේ සෙල්ලමුත් කළා.


ඔන්න ඒ අවුරුද්දෙ ,ඒ කියන්නෙ 2000 අවුරුද්දෙදි මගේ හීනෙ හැබෑ වුණා. 5 වසරේ ටීචර් මාව ශිෂ්‍ය නායිකාවක් කරන්න නම් භාර දුන්නා. එදානම් මට පුදුම සතුටුයි..:D තරු දෙකක බැජ් එකක් එක්ක ස්ටේජ් එකට නැගලා සහතිකේ ගන්න මම පුදුම ආසවෙන් හිටියේ.ඉතින් ඒ හීනෙ හැබෑ වුණා. මම ශිෂ්‍ය නායිකාවකුත් වුණා.


ශිෂ්‍යත්ව විභාගෙට තිබ්බෙ හරිම පොඩි කාලයක්. ඉස්කෝලෙ තිබුණු පන්තියට අමතරව තව එක පන්තියකට ගිය මට හැමදාම ප්‍රශ්න පත්‍ර වලට තිබ්බෙ ලකුණු 80 ගනනක් නැත්තම් 70 ගණනක්. කොළඹ හොද ඉස්කෝලෙකට යන්න , ශිෂ්‍යත්වෙ පාස් වෙන්න තිබුණු ආසාවත් එක්ක මම වැඩ කරගෙන ගියා. ඒත් හුඟාක් මහන්සිවුනේ, මැරුණෙ නම් නෑ.[ දැන් කාලෙනම් අපිට වඩා ලොකු තරඟයක්නෙ මේ විභාගෙට තියෙන්නෙ]


කොහොමහරි 5 වසරේදි අපි ට්‍රිප් ගියා, විවාද තිබ්බා, එක එක තරඟ තිබ්බා, අමතර වැඩ එක්ක ශිෂ්‍යත්වෙත් කළා. අවසානෙදි ශිෂ්‍යත්ව ප්‍රථිඵල ආව දවසෙ මට මතකයි අම්මා එක්ක ගිහින් ප්‍රථිඵල බැලුවාම මට තිබුණා ලකුණු 165ක්. :D ඒ සැරේ පාස් මාක් එක වුනේ 144. ඉතින් ඒ ලකුණු මට්ටම අනුව, මට කොළඹ ඉස්කෝලෙකට යන්න සෑහෙන ලකුණු තිබුණු නිසා මම හිටියෙ හරිම සතුටින්. 


ඒ වගේම මම 2001 අවුරුද්දෙදි කොළඹ බාලිකා පාසැලකටත් ඇතුළත් වුනා. ඉතින් මගේ බලාපොරොත්තු මම ඒ පුංචි කාලෙදි ඉටු කරගත්තා හෝ වාසනාවකට ඒවා ඉටු වුණා.


අවසාන වශයෙන් මගේ ප්‍රාථමික පාසැල් ජීවිතේ මම බලාපොරොත්තු වුනු හැම දෙයක්ම වගේ සහ මම හිතපු නැති දේවලුත් මට ලැබුණා. දැනට වඩා මම ඒ කාලෙ ආත්ම ශක්තියෙන් සහ විශ්වාසයෙන් හිටියා කියන එකනම් මට අද වෙද්දි හොදටම දැනෙන දෙයක්.


මොකද අද වෙද්දි, මේ වර්ථමානෙදි මට නොලැබුනු සමහර දේවල් සහ, මට ළඟා වෙන්න බැරි වුනු දේවල් ගැන හිතලා බලද්දි මට දැනෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි, මගේ ඉස්සර කාලෙ නොතිබුණු මා ගැන තියෙන අවතක්සේරු ස්වභාවයයි. ඒ විතරක් නෙවෙයි ආත්ම විශ්වාසය මද කම වගේම ආත්ම ශක්තිය හීන වීම ත් අද වෙද්දි මගේ ජීවිතේ සමහර දුර්වලකම් කියලා මම හිතනවා.අනිත් එක පුංචි කාලෙ තරම් දැන් අපේ ජීවිත සැහැල්ලු නෑ වගේ ..


ඉතින් ඉස්සර කාලෙ, පුංචි කාලෙ, බාල කාලේ මතක් වෙද්දි මට දැනෙන්නෙ පුදුම සතුටක්. මොකද මගේ ජිව්ත කාලේ ඇතුළත මම බොහොම සතුටින් වගේම , ඉදිරියෙන් හිටිය කාලයක් නිසා.


ඒ වගේම තමා,ඒ බාල කාලෙන් ඉගනගන්න , අදටත් මට හුඟාක් දේවල් තියෙනවා කියලා විතරක් පැහැදිලියි......


ඔන්න ඔහොමයි "මා බාල කාලේ..." ඉවර වෙන්නෙ.... :D


ජය වේවා!!!


ප.ලි- ලියනවානම් ලියන්න විස්තර එමටයි.. එහෙම වුනොත් මේක මාගලක් වෙන නිසා, මෙතනින් නැවැත්තුවා..

Post Comment

125 comments:

  1. හිතුවක්කාරියෙක්ගේ කතන්දරක්... හරිම ලස්සනයි අක්කියා..මටත් මගේ පොඩි කාලේ මතක් උනා..ශොක්.. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. තැන්කූ නංගෝ....:*

      Delete
  2. හරිම ලස්සන අහිංසක මතකයක්..ඇත්තටම මමත් මගේ පුංචි කාලෙට ගියා..පිංතූර ටිකත් හරි ලස්සනයි හිතු අක්කි....

    ReplyDelete
    Replies
    1. ස්තූථියි සිතූ!!! :D අපි හැමෝටම චුට්ටි කාලෙ මතක් වෙද්දි ආසයිනේ??

      Delete
  3. මේවගේ කාලයක් අපි හැමෝටම තිබ්බ නේද.. මටත් මගෙ පොඩි ඉස්කෝලෙ මැවිල පෙනුනා

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම මෙහෙම සුන්දර පුංචි කාලෙ මතකයන් තියෙනවානෙ අයියේ!!!

      Delete
  4. පොඩි කාලෙ හිතුවක්කාර නෑ කිව්වට පොඩි පොඩි හිතුවක්කාර වැඩ කරල තියනව නේද?? :P :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... එච්චරම නෑ... දැන් තරම් ඉස්සර හිතුවක්කාරකම් කරලා නෑ..:D

      Delete
  5. පංසල් යෑම..ගෑල්ලමයයි පිලිමි ලමයයි අතින් අල්ලගෙන...
    හික්.....ඉස්සලහින්ම යන්නෙ නායකයයි නායිකාවයි....^_^
    රෙජිස්ටර් බෙදන්න ගියෙට් එකටමනේ.....මං හිටන්නෙ ගෑල්ලමයි පිලිමි ලමයි මරාගන්නෙ නැතුව හුඟක් හොඳ යාලුවො විදියට හිටිය එකම ඉක්කෝලෙ අපේ ඉක්කෝලෙඩ මන්ඩ......^_^
    ඒ පටන්ගත්ත යාලුකම් අදටත් බිඳෙන්නැතුව තියෙනව.....:)


    ,නැටුම් තරඟ,කොට්ටම්බ ගස්,බුදු මැදුර,ඇදවුන කොහොඹ ගහ,ශිෂ්‍ය නායක පදක්කම්,රතුපාට බෙල්ට් බකල් එක,සුළුදාගොඩ මිස්,පත්මසිරි සර්,රංජනී ටීච,මානෙල් චීට,බටගස් පේලිය,මුර අංකල්,ඩෙන්ටල් එක,ප්‍රයිමරි එක,මේන් හෝල් එක,සංගීත කාමරේ,බෑන්ඩ් ප්‍රැක්ටිස්,මේන් හෝල් එකේ ස්ටේජ් එක,සිඟිති උයන,රේමන් සර්,ප්‍රින්සිපල් සර්,පල්ලියගුරු මිස්,සම්පත් අයිය,රුවනි අක්ක,ටෙක්ල අක්ක,
    ඉස්කෝලෙ බෙල් එක,උදේ රැස්වීම,නිවේදන කටයුතු,රුපියල් දෙකකට හම්බවුන ලොකුම ලොකු බයිට් පැකට් එක,ඉස්සර කුණු දදා තිබිල පස්සෙ අපිටම කියල ලොකු ග්‍රවුන්ඩ් එකක් හැදුව ඉස්කෝලෙ ඉස්සර ඉඩම,ඉස්කෝලෙ ඉස්සරහ නැතිදෙයක් නැති කඩේ,ඒකෙ රැපියල් දහයට දීපු රෝල් එක,අයිස්පලම්,බීම පැකට්,ලොක් ඇන්ඩ් කී කරල කොල්ලොත් එක්ක මරාගන්න එක,ආයෙ ටිකකින් යාලුවෙන එක,එකෙක් වැරැද්දක් කලොත් පංතියම නැගිටින එක,එහාපැත්තෙ හොස්පිටල් එකයි ඉස්කෝලෙයි අතර තිබ්බ පාර,පොඩි පංතිවල ඉන්නකොට ලොකු පංති ඇරිල එනකම් වෑන් එකේ අනික් ළමයි එක්ක සෙල්ලම් කරපු හොස්පිටල් එකේ චූටි බෝධිය,උදෑසන රැස්වීම තියනකොට හැමදාම දුවල ගිහින් පේලියට බිම අල්ලල තියෙන කොන්ක්‍රීට් කොටුවලින් ඉස්සරහම කොටුව අල්ලගන්න එක
    තව කොච්චරනම් දේවල් තියෙනවද................

    හැමදාමත් රෑ හීනෙන් තාමත් ඒ ඉස්කෝලෙට යන මං “කොටිපුලී“.........

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න කඳුළු ආව අක්කෝ.........ඉස්කෝලෙන් අයින්වෙලත් අපි කාලයක් කලඩ් ඇඳන් ඔය ඉස්කෝලෙට ගියානෙ......:‘(

      Delete
    2. ඔව් නංගා, මමත් කාලයක් ගියා කලර්ඩ් ඇදගෙන ඔය ඉස්කෝලෙට.. තාම මතකයි පත්මසිරි සර් ඉස්සර පන්තියට එනවා මාව හොයාගෙන "කෝ අර ප්‍රවෘත්ති කියන කෙල්ල" කියා ගෙන.

      ඇයි රංජනී ටීචර් තමා මගේ එකවසර ටීචර්..

      මුර අංකල්ව කොහොම අමතක කරන්නද හෆ්ෆා...:D

      හික්ස්ස්.. ඉස්සර බයිට් ගොට්ටක් රුපියලයි.. මම රු.5ක විතර බයිට් ගොටු ගන්නවා.. යාලුවොත් එක්ක බෙදාගෙන කන්න. බීම පැකට් එහෙකුත් රුපියලයි.. කැන්ටිමේ නැති කඩචෝරු තිබ්බෙ ඉස්සරහා කඩේ...:D

      නංගා මගේ මතක හුඟාක් ඇවිස්සුවා..:D

      Delete
    3. @ අග්ලි: "කොලිපුලී"? කොටි පුල්ලි ද? හාපෝ බයෙත් බෑ

      Delete
    4. කොටිපුලී.........^_^ ඒක ටමයි පෙට් නේම් එක

      Delete
    5. මරු පෙට් නේම් එකක්නෙ හැක් හැක් හැක්... "කොටිපුලා" අපේ ගෙදර පුසට දාන්න කියාපු නම. උගේ ඇඟෙත් කොටියගෙ වගේ දුඹුරු පාට පුල්ලි තියනව

      Delete
  6. හපුච්චියේ හිතූ නංගියො අම්මපා අර මොන්ටිසෝරි යන කාලෙ වගේම හිටියනම්...අඩේ මරු නේ..
    ඒකටත් එක්ක දැන්... :දිව ගොඩා...ක් දොට්ට...
    මටත් මතක් උනේ අනිත් හැමෝටම වගේ මගේ පුංචි කාලේ..මාත් ඉතින් හලි හුලතල්නෙ අෆ්ෆා..
    මොනා කරන්නද ආයි යන්න බෑනේ..එළ ඈ..ආයි පරණ මතක ඇවිස්සුවට..
    හැබැයි අර කොටු වැටිච්ච පුංචි සරම.. සිංදුවට නටන එක මතක් වෙනකොට මට මැරෙන්න හිනා යන්නෙ මොකද මංදා..සෑහෙන බොන්ඩ ඕනි ප්‍රශ්ණයක්..:O

    ReplyDelete
    Replies
    1. හෑ.... :O ඇයි ඇයි මම දැනුත් මොන්ටිසෝලි කාලෙ වගේම සෝයි තමා හලී...;)

      මොකද දැන් ඔයාට හිනා යන්නෙ...:O සින්දුවෙ සරමක් ගැන කිව්වාට සරමක් ඇදන් නටන්න ඕනෙ නෑනෙ :p

      Delete
  7. හලී සෝක් අනේ..මමනම් ආසම කෑල්ල අර මොන්ටිසෝරි ගිහින් බිම පෙරලි පෙඅරලි ඇදපු එකට!නාඩියා මොන්තිසොලි ගිහින් අඩලා අඩලා හපුවලු ටිචර්වත් රිදෙන්නම!මල් හතයි නේ!තාමත් මතක වෙද්දී තනි ඇහැට කදුළු එනවා.. ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්....:D මාර නාඩියෙක් තමා ඔයා.. ටීචර්ව හැපුවා කියන්නෙ..:D

      Delete
    2. ඔව් ඔව්....ඒ කාලෙත් කොල්ල ටිකක් භයානකයි!

      Delete
  8. ඔය කාලෙනම් කාටවත්ම අමතක වෙන්නෙ නෑ......

    ReplyDelete
  9. ලස්සන මතකයක්...හරිම දිරිමත් පොඩි ලමයෙක්..දැන් වෙද්දි ඊට වඩා ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනෙ හරිද?

    ReplyDelete
    Replies
    1. හි හි.. ස්තූථියි කිරිල්ලී!!!! හ්ම්ම්... ඒකතමා ඉස්සරට වඩා මම දැන් ශක්තිමත් වෙන්න නම් ඕනෙ තමා..

      Delete
  10. අම්මෝ...අහිංසකයි කිව්ව කතාවනම් ඇත්ත වගේ....දැන් මොකද දන්නේ නෑ හිතුවක්කාර වෙලා තියෙන්නේ :පී

    අනේ මේක දැක්කම මටත් පොඩි කාලේ මතක් උනා...ලස්සන පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... අනේ.... අක්කිටාත් පෙනුනා නේ මගෙ අහිංසක කම..;) දැන් ඉතින් ඉබේම හිතුවක්කාර වෙලා...

      ස්තූතියි අක්කෙ!!!

      Delete
  11. ඇත්තටම මෙච්චර අහිංසක ළමයෙකුට ඇයි අනේ හිතුවක්කාරී කියන්නේ?ම්ම්ම් අහ ඔයාගේ මේ පොස්ට් එක කියවලා විනාඩි ගානක් මම ත් මගේ බාල කාලෙට ගියා , ඒ තරම් සොඳුරු සුන්දර කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නෑනේ ඉතින්

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඔය කාලෙ හිතුවක්කාර නෑනෙ අක්කියෝ මම..:D

      ආයෙත් එන්නෙ නැති ඒ ලස්සන කාලෙට අපි මොනතර්ම් නම් ලෝබද නේද අක්කෙ??

      Delete
  12. හිතුවක්කාර වුන හැටි මෙතන නෑ.ඒක ඊළඟ කොටසෙ වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාර වුන හැටි කට්ටිය මම හිතන්නෙ දන්නවා...;)

      Delete
  13. අනිත් ගෑල්ලමයි... අක්කියා..අක්කියා..කිව්වට..තාම චූටි අක්කියෙක්නෙ..:)
    ලස්සන අතීතයක්..ආසාවෙන් කියෙව්වා..තව ලියන්න මාගල කඩල.
    අපෝ...හරි අහිංසක පොඩිකෙල්ල...හරිකටකාරයි,හිතුවක්කාරම තමයි,මූනුපොඩිත්ත දැක්කම කිව්වැකි..හිකිස්...!

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...:D ඔව් හෆ්ෆා.. මම මේ තාම චුට්ටි කෙල්ලෙක් තමා..:D

      හෆ්ෆෝයි!!!! මූණ බලලා සාස්තර කියන්න වී දක්සයි වගේ....;)

      Delete
  14. හොද මතකයක් තියනවනේ පොඩි කලේ ගැන මාත් මගේ අතීතෙට පාවෙලා ගිය මේක කියවනකොට ......

    ReplyDelete
    Replies
    1. හි හි.. නැතුව නැතුව.. පොඩි කාලෙ කියන්නෙ මතක ගොන්නක්...

      Delete
  15. සැ සිතු අක්ක මරු චරිතයක් නේ :ප

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. නැතුව නැතුව මල්ලී!!! අපි මරු චරිත නේන්නම් ;)

      Delete
  16. අපේ එව්ව මතක් වෙද්දි හීනයක් වගේ! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අතීතය..හීනයක්????

      Delete
  17. මරු නේ ඒ කාලේ....... ආසාවේ බෑ......

    මෙයා චූටි අක්කෙක් නේන්නං.. අවුරුද්දයි වැඩිමල් :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි හෆ්ෆා මේ හැමෝම මම ලොකු අක්කෙක් කියලාද හිතන් ඉදලා තියෙන්නෙ??? :D

      Delete
  18. මාගලක් වෙයි නෙමේ මාගලක් තමා :D

    ReplyDelete
  19. ලස්සන මතකයක්. අප කාගෙත් ළමා කාලය හරිම සුන්දරයි නෙ.... ඒක නෙමෙයි ඒ කාලෙ හැමෝටම ප්‍රවෘත්ති කියපු කීකරු ළමයා දැන් කොහොමද​ අකීකරු හිතුවක්කාරි උනෙ... :P :D

    ReplyDelete
    Replies
    1. ඇඳෙන් වැටිලා ඔළුව වැදුනට පස්සේ.

      Delete
    2. අත්දැකීමකුත් තියන නිසා, අසාර්ට ඕවා ටක් ගාලා තේරෙනවා නෙ..:P

      Delete
    3. ඔන්න ඉතින් ඕකනේ මාව නොන්ඩි කරනවා නේ.

      Delete
    4. ඇත්ත තිත්තයි යාළුවා...:D

      Delete
    5. Reeza- හික්ස්ස්.. ඒ කාලෙ හරිම සුන්දරයි තමා කෙල්ලෙ..:) ආ... හිතුවක්කාර වුනේ වයසෙ වැරැද්දෙන් නොවැ...;)

      Delete
    6. අසාර් අයියා- ආහ්හ්හ්හ් හික්ස්ස්.. මේ අයියේ!! ඔයා අසරණ වුනු විදියට නෙවෙයි මම හිතුවක්කාර වුනේ... හූ.....

      Delete
  20. මොන්ඩි සොරි කාලේ ඉඳල එකින් එක මටත් හැම දෙයක්ම මතක් වුනා. අපරාදේ මේ අපි ලොකු වුනේ කියල හිතුන වාර අනන්තයි. ඒ එක්කම කියවලා ඉවර වෙද්දී මාර දුකක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා නේ ඔයා ඒ කාලේ කොල්ලෙක් වගේ නේ.

      Delete
    2. ඔව් ඔව්.. හැබැයි "කොටු වැටිච්ච පුංචි සරම" සින්දුව කියන ගමන් රඟපෑවත් ඇඳගෙන ඉන්නේ කලිසමක්.. හික්ස්ස් :P

      Delete
    3. අසාර් අයියා- ඔව් ඒකනම් ඇත්ත.. පොඩි කාලෙම ඉන්න තිබ්බානම් මේ ක්සිම ප්‍රශ්නයක් නෑ...:D

      හික්ස්ස්.. මම කොණ්ඩෙ කපලා හිටියෙ ඉස්කෝලෙ 6 පන්තිය වෙනකම් ම...

      Delete
    4. තොටියා අයියා- හි හි... මම දැනුත් වැඩිපුර අදින්නෙ කලිසම් තමා..;) කලිසම් ඇන්ද පලියට කොල්ලෙක් වගේ වෙනවාද??? :O :(

      Delete
  21. ඒක ඉවරයි. දැන් කවදද ඉතුරු ටික කියන්නේ. මොකද කතාව තවම ඉවරනෑනේ. මොකද කියන්නේ, දැන්ම පටන් ගන්නවද නෑ ඕනනෑ වතුර එකක් බීලම කියන්නකෝ. ජය...!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්.............. ඉතුරු ටික කියන්න ඕනෙ නෑ වගේ මේ යන විදියට..:P

      Delete
  22. හරියටම වයසත් දැනගත්තා. ඒකාලෙ කියන්න කොච්චර ලස්සන කාලයක්ද මෙහෙම හරි මතක් කර ගන්න ලැබෙන එක ......

    …******************************************
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. හයියෝ... මට එච්චර වයසක් නෑනෙ...:D

      Delete
  23. හොද ජිවිත පසු විපරමක්.. ගොඩක් වටිනවා හිතු..

    ReplyDelete
  24. සුළගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසැල් ගිය කාලයේ
    යාලුවොද අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ..

    මට හිතුනෙ ඒ විදියට.. පාසැල් කාලය ඒතරමට සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. හුඟාක්ම සුන්දරයි!!!!

      Delete
  25. මේ ලිපිය කියෙව්වාම මටත් පාසල් කාලේ මතක් වුනා.පහේ විභාගෙට ඉස්සර මම ගියෙත් වෙන පාසලකට. ඉතා සුන්දර වෙල්යායකට ආසන්නේ පොඩි කන්දක් උඩ තමා ඒක තිබුනේ.ඉස්කෝලෙ අනිත්පස තිබුනේ අපි සෙල්ලම් කරන පොඩි ලඳු කැලෑව. දවසක් විදුහල්පතිතුමා රැස්වීමක කිව්වා ඔය ඉස්කෝලෙ ගාව වෙල අයිතිත් ඉස්කෝලෙටම තමා. ඕගොල්ලෝ බොරලූ අහුර අහුර ගානෙ දිනපතා දැම්මොත් ටික කලකින් වෙල ගොඩවෙලා ඒක සෙල්ලම් පිට්ටනියක් කරන්න පුළුවන් කියලා. අනේ ඉතින් එදා ඉන්ටවල් එකේ අපි ඔක්කෝම ගිහින් වෙලට බොරළු අහුරු පිටින් දැම්මෙ තරඟෙට වගේ... හරිම සුන්දර කාලයක්.. මේක දැක්කම මටත් පෝස්ට් එකක් ලියන්න හිතුනා.. ඒත් වෙලාව නෑනෙ

    ReplyDelete
    Replies
    1. ශා.... මරුනෙ.. ලියන්නකෝ ඉතින් හිමින් සැරේ වෙලාව අරගෙන... :) අපිත් ආසයි කියවලා පොඩ්ඩක් මඩ ගහන්න..හික්ස්ස්ස් :P

      Delete
  26. හිතුවක්කාරිගෙ හිත මම හිතපු තරම් වයසක නෑනෙ... 2001 ඔයා බාලිකා පාසලට ඇතුල්වෙද්දි සිරා පාසල හැර ගියා... ඒ කියන්නෙ සිරා දැන් වයසක පොරක් ..... ඔයා School Van ගැන කිව්වම මටත් මම පාසල් ගිය කාලේ School Van සිද්ධි කිපයක් මතක් වුනා.. ඉදිරි දිනයක කියවන්න... ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... එහෙනම් සිරා වයසයි තමා... :O

      හෆ්ෆේ.. school van ගැන කතා පටන්ගත්තෙ කොළබ ඉස්කෝලෙත් එක්කනෙ..:D එහෙම කතා මටත් එමටයි..:D

      වෙලාවක ලියන්න. එන්නම්කො කියවන්න..

      Delete
  27. ඔය කිව්වට මෙයාගේ හිතුවක්කාරකම් ඒ දවස් වලති තියෙන්න ඇති.. ඔය ඒවා නැතුව කියලා තියෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. අපි පැත්ත ගියත් ඇත්ත තමා ලියන්නෙ.;)

      Delete
  28. ඔයාට ලස්සන ලමා කාලයක් තිබිලා තියෙනවා නෙහ්...
    මොකද දන්නේ නෑ.. මම නම් පොඩි කාලේ අඬලා නෑ. ගෙදර ඉන්නවට වඩා පිට ඉන්න එකට ගොඩක් ආස හින්දා වෙන්න ඇති !
    (තාමත් එහෙම නේ.)

    මට මතකයි එක දවසක් කේන්ති ගිහින් මගේ කෑම්පෙට්ටියෙ තිබ්බ කවුපි ටික කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා !! හික්ස් :)

    හැබැයි පහවසරෙදි සිස්සත්තේ නම් ෆේල් කියලා කියන්ඩෝන !!!! සෑහෙන ළකුණු ගානක් මදි උනා. අපේ බැලුවේ ලකුණු 121න් !!!

    ReplyDelete
    Replies
    1. හානේ... පුදුමයි... ගොඩාක් අය පිටට යන්න බයයිනෙ පොඩි කාලෙ.. අයියා වෙනස් ඇති..:D

      හික්ස්ස්.. හෆ්ෆා.. අයියාට කේන්ති ගියාම පුදුම බයානකයිනෙ.. :O

      සිස්සත්වෙ එච්චරම බලපෑමක් නෑ අයියේ අනාගතේට..ඔයාගෙයි මගෙයි අද ඉන්න තැන් දිහා බැලුවාම ඒක තේරෙන්වා මම හිතන්නෙ..:)

      Delete
  29. //මට මතකයි එක දවසක් කේන්ති ගිහින් මගේ කෑම්පෙට්ටියෙ තිබ්බ කවුපි ටික කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා // මටත් දවාසකට තුන් සැරයක් තවමත් ඒ විදියට කේන්ති යනවා බං.

    ReplyDelete
    Replies
    1. :O හෆ්ෆා... අප්‍රිකාවෙ ඉන්න ඔයා තුන් වේලටම කවුපි කනවාද? නැත්තම් තරහා ගියාම කරන්නෙ වටේ පිටේ තියෙන දේවාල් කාලා දාන එකද?? :D

      Delete
    2. අප්‍රිකාවෙ තියෙන්නෙ මඤ්ඤොක්කා නෙ හිතූ..නෝ කව්පි :D

      Delete
    3. නෝ කව්පි??? හෆ්ෆා.. ඇත්තද අසාර් අයියේ??? ඒක තමා අසාර් අයියා මඤ්ඤොක්කා කාලා මඤ්ඤං වෙලා තියෙන්නෙ...;)

      Delete
    4. නෑ නේන්නං........
      කව්පීස් නොට් ඇවේලබල්ල්.නෝ වේ!

      (මෙව්වා එක හරිද මන්දා ඈ) at විලි ලැජ්ජවේ සන්තෝසේ බැරුව හිනා වෙමින්.

      Delete
    5. හිතුවක්කාරී අපි වැඩි පුර කන්නේ හිපපොටේමස් කටු.

      Delete
  30. මටත් කියවගෙන යනකොට මොන්ටිසොරියේ ඉදන් කොළඹ ඉස්කෝලෙකට ආපු ගමන මතක් උනා. පොඩි පොඩි වෙනස්කම් තිබ්බට බ්ලොග් ලියන කස්ටියගෙන් සෑහෙන පිරිසක් එකම අච්චුවේ හැදිච්ච කට්ටිය..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්... :D ඔක්කොම එකම අච්චුවෙ තමයි.. සමහර වෙලාවට අහම්බෙන් අච්චු වරදිනවා ඉතින්..;)

      Delete
  31. 144 න් පාස් කීවේ.... රත්නපුර දිසතික්කෙද???

    ReplyDelete
    Replies
    1. :O නැතෝ.. මම කොළඹ.. 2000 අවුරුද්දෙ බැලුවෙ 144න් නෙ ..

      Delete
    2. මොකෙන් බැලුවත් මට කේස්.. පේපර් දෙකේම එකතු කලත් හැට පහ පැනල නෑ.. කිලිනොච්චියෙන් බැලුව නම් පාස් ඇති. එහෙත් වැඩිද මන්ද...

      Delete
    3. දැහෙනම් කොළඹ ආවෙ කොහොමෙයි???

      Delete
  32. රත්නපුරේ වගේ තමා. ඇපල් ගේ යාලුවෙක්ද දන්නෙත් නෑ. ඇපල් ටත් 164 ක් තිබුනනේ සිස්සත්වෙට. බොලේ මගේ වයසේමනේ...? :D

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ නෙවෙයි....:D මම කොළඹ.. 2000 දි මෙහෙ පාස් මාක් එක වුනේ 144 :D

      හි හි මට 165යි..ඔයාට වඩා එක ලකුනයි වැඩි නේ???

      Delete
    2. ඒක නේන්නම් ඇපල් මමත් ඇහුවෙ..

      Delete
    3. මොකක්ද වැසියා ඇහුවෙ?? එක වයසෙමද කියලාද??

      Delete
    4. මම 99 . ඒ කියන්නේ මම වැඩිමල් අව්රුද්දක්. ආ....නංගි..... :P

      Delete
    5. ආ.... මමශිෂ්‍යත්වෙ කලේ 2000 :D ඉපදුනේ 1990. දැන් හරිද??

      ආ.. ඇපල් අයියා....:D

      Delete
  33. මේ අක්කියෝ,.,.,හොද වෙලාවට 6න් ඉහල ලිවුවේ නැත්තේ ,., ලිවුවනන් ඉතින් ඒකත් එල,.ලාඅපු පිලිවෙලට 12ට 13ට යනකොට කොහෙන් නවතීවිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... හෆ්ෆෝයි... මේ ආපු විදියට 12,13 යනකොට හිටියෙ නෑ මල්ලියෝ... එහෙම වුනානම් මොනතරම් හොදද..:D

      Delete
  34. ආයෙත් යන්න හිතුනා ඉස්කෝලේ. ඒක නෙවෙයි අප්පා මොකද අර හැම තැනම ඩොට් දෙකයි පි.

    ReplyDelete
    Replies
    1. :D ආ... දන්නැද්ද රෙප් අයියේ... ;) නිකමට ඉතින් ඩොට් දෙකයි පී වැටුනා..;)

      Delete
    2. හෑ අයියා?
      ඩොට් දෙකෙයි පී අකුරයි ඈ

      Delete
    3. රෙප් අයියාට පොඩ්ඩක් අප්සට්..ගනන් ගන්නෙපා චූටි!!

      Delete
    4. හ්ම්ම්..පොඩි මෙව්වා එකක් නම් තියෙනව තමයි.. :D
      ඒත් මට කවුදො කිව්වනෙ රෙපාට වයස දැං 35ත් පැනල කියල.ඔයා අයිය කියන්නෙ ඇයි?
      ඔයා දන්නවද රෙපා ආයෙ ඉස්කෝලෙ යන්න අසයි කියන්නෙ ඇයි කියල?ඒකෙත් පොඩී මෙව්වා ව්කක් තියෙනව ;)

      Delete
  35. පොඩි ළමය ඔයාට වඩා හොඳයි වගෙ ;)
    ඩොට් දෙකයි පී අකුරයි :D

    ReplyDelete
  36. ඒ කාලේ නම් ඇත්තටම මාරු නේ.මාත් 1996 එක වසරේ.

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. එකවයසෙ අය ගොඩායි!!!

      Delete
  37. පොඩි කාලෙට ආයෙත් යන්න ඇත්නම් නේද ?

    ReplyDelete
  38. "මොන්ටිසෝරියේ කොන්සර්ට් එහෙකදි "කොටු වැටිච්ච පුංචි සරම.." සින්දුව කියන ගමන් රඟපාන මම"

    එතකොට කෝ සරම...?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. සරම ඇඳන් ඉන්නෙ මල්ලියා..;)

      Delete
  39. //මට මතකයි එක දවසක් කේන්ති ගිහින් මගේ කෑම්පෙට්ටියෙ තිබ්බ කවුපි ටික කාගෙන කාගෙන කාගෙන කාගෙන ගියා //හික්...මම වගේමයි.

    හෑ...? 6 වසරට ගියාම මහ ලොකු කෙල්ලක් කියලද හිතාන ඉන්නෙ? 6 වසරෙන් බාල කාලෙ ඉවරවෙන්නෙ නෑ හොඳේ...හිතුවක්කාර නොවී ඉතුරුහරියත් ලියන්න.

    ඔන්න හිතූ අද තමයි මුලින්ම ඔයාලැ ගෙදරට එලිය දෙන්නෙ. මීට කලින් හොරෙන් හොරෙන් තමයි පෑයුවෙ.

    ReplyDelete
    Replies
    1. සඳේ.... ඔබ
      ඇයිද මේ යාමේ.....??

      සාදරෙන් පිළිගන්න්වා.. මෙච්චරකල් හැංගි හොරා ආවෙ මොකෝ??? :p හිතුවක්කාරි එක්ක ඔය හොරා පොලිස් සෙල්ලම් බෑ හරිද? ;)

      6න් පස්සෙ ඉතින් ලියන්න තියෙන කතා ලිව්වොත් ඔයාලාට කියවන්න එපාවෙයි.. ඒ තරමට තියෙන්වා..

      Delete
    2. //හිතුවක්කාරි එක්ක ඔය හොරා පොලිස් සෙල්ලම් බෑ හරිද?// ඒකනම් ඇත්ත. මගෙ බ්ලොග් එකෙ ලිපියක්වත් ලියන්න කලින් ගිහිල්ල සද්දයක් දාල අවිත් තිබුනෙත් ඒකනෙ

      //6න් පස්සෙ ඉතින් ලියන්න තියෙන කතා ලිව්වොත්// ඒකනෙ කියන්නෙ. හොඳම හරියට ඇවිත් ලබ්බ පොලේගහල. ලියමු ලියමු මෙයා. අපි එනවනෙ කියවන්න

      Delete
    3. හික්ස්ස්... මම සද්දයක් දාන්න ආවනම් තමා එහෙ.. දැන් ඉතින් දිගටම එනවා..:D

      බලමු බලමු.. ආයෙත් එතනනින් එහා විස්තර ලියන්නම්කෝ..

      Delete
  40. අම්මෝ චුටි කාලේ තමයි කාලේ.. දැන් කාලේ වගේ නෙමෙයි හරිම නිදහස්. එකට දැන් එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත.. ඒ කාලෙ පුදුම සැහැල්ලුයි...

      Delete
  41. පොඩි කාලෙ හිටියා වගේම ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්න ආයෙත් හිතූට පුළුවන් වෙන්න කියලා පතනවා..

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි රූ !!! :D මටත් ඕනෙ එහෙම වෙන්න අඅයෙත්!!!

      Delete
  42. උඩම තියෙන පොටෝ එක නම් ශෝයිම ෂෝයි... මාත් ඔය වගේද මන්ද කියලා හිතෙනවා... (මූණ නෙමේ, පොඩි කාලේ අදහස් උදහස්) හැබැයි ශිෂ්‍ය නායිකාවක් වෙලා නම් නෑ කවදාවත්....

    ReplyDelete
    Replies
    1. හි හි.. තෑන්ක්ස් අනූ!! හ්ම්ම්... පොඩි කාලෙ කාගෙත් හරිම සුන්දර, එඩිතර අදහස්නෙ තියෙන්නෙ..:D

      Delete
  43. බාල කාලේ මතක අදටත් ගේන්නේ කොච්චර සතුටක්ද....
    සුන්දර අතීතාවර්ජනාවක්...! :)

    ReplyDelete
    Replies
    1. පුදුම සතුටක් හිතට ගේන්නෙ..:) ස්තූතියි කවි!!

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි මේක ඩිලීට් කොලේ??? :/

      Delete
    2. ඔහ්.

      ඒක ඇඩ් එකක් වගේ කියල හිතුන නිසා. සොරි නOගි කොමෙන්ට් ලිස්ට් එක කැත කළාට. මේ කොමෙන්ට් 3ම ඔයාම රිමූව් කරන්නකො

      Delete
    3. හයි‍යො... එහෙම කැතක් නෑ අයියෙ!! ගානක් නෑ... ඒක ඇඩ් එකක් නෙවෙයි..:)

      Delete
  45. හිතුගේ ලිපි අතර මම කැමැතිම ලිපියක් මේක. මං ඒක අරන් තියා ගත්ත සිත කැමැති ලිපි අතර ඔන්න එපා කියන්න බෑ 

    මේකට මං මොකටද කොමන්ට් කරන්නේ ඕනේ නෑ එකසිය ගානක් කොමන්ට් තියෙන්නේ, මට ඊරිසියයි.

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....