නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

01 July 2012

කෙදිනද කූඩූ හදන්නට එන්නෙ???


දන්නවාද? ඔයායි මායි ආදරේ කරන්න පටන් අරන් අදට අවුරුදු 6ක් වෙනවා. පුදුමයි නේද? මෙච්චර කාලයක් තිස්සෙ අපි දෙන්නාට දෙන්නා , අපි වෙනුවෙන් ජීවත් වුනු අපූරුව ගැන..නීතියෙන් කොල කෑල්ලක අත්සනක් දාලා, තාමත් ඔයාව මගේ සන්තකේටම ගන් බැරි වුනාට , අපේ ආදරේට අපේ අයිතිය තිබුණා. එහෙම නේද?


ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ගලාගෙන ආපු අපේ ආදරේට, ඇස් වහක් කටවහක් නැතුව මේ තරම් දුරක් එන්න ලැබුණු එක ගැන, ඔයාටත් වඩා මහ හුඟාක් සතුටු වෙන්නෙ මම. ඔව්. සත්තකින්ම මම. අපිට අපි ඈතින් ඉඳන් ආදරේ කරපු මේ කාලෙට, නැවතීමේ තිතක් තියන්න දැන් හොඳම කාලේ නේද? අපි අපේම වෙන්න, මට ඔයාගෙ ළඟින්ම ඉන්න, ඔයාගෙයි මගෙයි වෙන් වෙන්ව ගෙවෙන මේ ජීවිත, අපේම ජීවිතයක් කරගන්න, දැන් මේ ගෙවෙන කාලේ නේද හොඳම?තනි තනිව ගෙවෙන මේ ජීවිත අස්සට මහා ගොඩාක් ආදරේ ,රැකවරණේ, උණුසුම රිංගවන්න, මේ තමයි හොඳම කාලේ..ඔව්.. අපි අපේම කියලා පුංචි හෙවණක උණුසුම් වෙන දවස එනකම් මම පෙරුම් පිරුවා. මම දන්නවා, මං විතරක් නෙවෙයි..ඔයාත් ඒ වගේම ඒ දවසක් එනකම් ඇගිලි ගැන්න..


ඉතින්,
අපි අපේම කියලා පුංචි කූඩුවක් තනාගෙන එකම හෙවණක ගුලිවෙන්නෙ කවදාද?අපේම පුංචි කැදැල්ලක උණුසුම් වෙන්න, මගේ අත්තටු ආදරෙන් පිරිමදින්න ඔයා එන්නෙ කවදාටද?දැන් මගේ සිනිඳු තටු , ඕනෙ දුකක් දරාගන්න, ඕනෙ කරදරේකට මූණ දෙන්න තරම් හයියයි..ඔව් මේ ඇත්තමයි. ඔයාත් එක්ක එකතුවෙලා ,පුංචි පුංචි කෝටු කෑලි කෑලි තියලා , මල් වැල් ,කැටයම් කරලා, සිනිඳු කපු අතුරලා,අපේ පුංචි කැදැල්ල හදාගන්න තුරු මට ඉවසිල්ලක් නෑ.. සත්තයි, සඳ එළිය වගේ සෞම්‍ය ඔයාගෙ ආදරේන් නැහැවෙන්න, මගේ හිතට මහ ගොඩාරියක් ලෝභයි..ඒ ආදරෙත් එක්ක තනිවෙන්න අපිට තව හුඟාක් කල් ඉවසන්න වෙයිද?? ඒ සුන්දරම මොහොත තවත් ඈතයිද............?

පුංචි පුංචි අඩ දබර,හිත් බිඳිම් නොවුනා නෙවෙයි. ඒත් අපි මේ ජීවිතේ දරාගත්තා. ඔයාගෙ නොසැලෙන හිතයි, ඔය අවංකකමයි ,ඉවසීමයි නිසා ඔය අප්‍රමාණ ආදරේ කුළුදූල් සහ එකම අයිතිකාරි වෙන්න මම වාසනාවන්ත වුනා. මේ ජීවිතේට ඒ නම්, ඉහටත් උඩින්.ඔයාගේ දුකේදි සැපේදි ඔයා ළඟින්ම ඉදන්, ඔයාගෙ හිත ලඟ තනි රැක්ක මට, දැන් ඔයාගෙ "සදාදර බිරිඳ" කියන පදවිය ලබන එක හැර වෙන සතුටක් නැති තරම්..ඔයාගෙයි මගෙයි ලෝකෙ සරසන පුංචි පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ගතකරන සුන්දර අනාගතේ ගැන මම හීන දකිනවා.


ඔව්,
විසකුරු සත්තු ඉන්න, රෞද්‍ර වන සත්තු පිරිච්ච මහ වනන්තරේ මැද, උසම උස ගහක් මුදුනෙ හුඟාක් පරිස්සමට ඔයායි මායි එකතු වෙලා හදන කූඩුව නිසා මුළු වන්නතරේම සුන්දර වෙයි. අපේ ආදරේ නිසා අමුතු එළියක් වැටේවී...ඔයා කෑම හොයාගෙන එද්දි, කූඩුවෙ දොරකඩට වෙලා ඉඳගෙන ඔයාගෙ වෙහෙසකර මූණට සතුටක් දෙන්න මම මඟ බලන් ඉන්නම්...පියාඹලා පියාඹලා වෙහෙස වුනු ඔයාගෙ අත්තටු ආදරෙන් පිරිමදින්න මම ඇස් රිදෙනකම් හරි බලන් ඉන්නම්....ඉතින් කවදාද අපි ඒ පෙම් සුව විඳින්නේ?? ඒ සුන්දරම දවස තව හුඟාක් දුරයිද........?



මේ තරම් දුර ආපු අපේ මාවතේ,දුෂ්කර තැන් හුඟාක් තිබුණා. අපි ඒවා අමාරුවෙන් හරි දරාගත්තා. ඔයා මට ජීවිතේ දරාගන්න හැටි කියලා දුන්නා.ඔව්, මගේ හයියට ඔයාගෙ ශක්තිමත් වාරුව හැම මොහොතකම තිබුණා. ඉතින් මේ ආදරේට ලස්සන වටිනාකමක් එකතුවෙන කම් මම තාමත් පෙරමඟ බලන් ඉන්නවා. රත්තරං පාට පෝරුවක නැගලා, දෑඟිලි එකතු කරලා, අත්පැන් වත්කරලා එකම හෙවණකට ගුලි වෙන ඒ සුන්දර දවස අපේ ආදරේ අගේ වැඩි කරාවී නේද? ඒක හරිම ලස්සන මොහොතක් වෙන බව නම් මට සහතිකයි....


තව,
මේ ලස්සනම ලස්සන අපේ කතාවෙ ,අලුත් පිටුවක් පෙරළන්න ඔයාත් බලන් ඉන්නවා නේද? ඉතින් ඇයි තවත් ප්‍රමාද ?ඔයාගේ පුංචි කූඩුවෙ, නෑ අපේ පුංචි කුරුළු කූඩුවෙ, ඔයාගේ ප්‍රිය බිරිඳ, නෑ..නෑ..ඔයාගෙම පුංචි කිරිල්ලී වුනාම නේද අපේ ලෝකෙ තවත් ලස්සන වෙන්නෙ?මගේ පුංචි හිස් මුදුන ආදරෙන් ඉඹලා ,ඔයා කියන කතාන්දර අහන්න , අනේ... මට නම් තවත් බලන් ඉන්න බෑ.....රස මසවුළු හොයාගෙන ඉගිල්ලිලා ඇවිල්ලා, තුඩින් තුඩ තියද්දි  , මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා මම කියන්නම්... ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම ,ආදරණීයම සැමියා නෑ..නෑ.. පෙම්වතා... කියලා...ඉතින් ඒ දවස තවත් පරක්කු කරන්නෙ ඇයි? ඔයා ඉගිලිලා මා ළඟට එන්නෙ කවදාද? අපි අපේම කියල කූඩුවකට පියාඹන දවස තව හුඟාක් ඈතයිද...? කියන්න මට.....ඔයා එන්නෙ කවදාද??



කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා... තනිවන්නේ.....


බිදුනු සෙනේ දලු ලියලා ලා ගිනි
වනපෙත ඒකා ලෝක කෙරේ...
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා..... තනිවන්නේ.......


දෙපය දොවා පිනි දිය දෝරේ ගිය
බිරිදක වූදා නේද අගේ......
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුවදෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා..... තනිවන්නේ......




ගායනය    :- නිරංජලා සරෝජනී

Post Comment

86 comments:

  1. ලස්සනට ලියල තියනවා මාත් ආසම සින්දුවක් මේ අයෙමත් කියන්නම් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි මල්ලි!!

      Delete
  2. ඉක්මණින්ම කූඩු වෙන්නට ලැබේවා.

    …විවාහයෙන් පස්සේ පිරිමි හිරේ යනවා කියන කතාව ඇත්ත තමා බලාගෙන යද්දී :D

    ReplyDelete
    Replies
    1. හිරේ විලංගුවේ වැටෙන්නෙ.

      කොහෙද යන්නේ, කොහොමද යන්නේ, කීයටද යන්නේ, කාත් එක්කද යන්නේ, කව්රු හම්බ වෙන්නද යන්නෙ, ... හිරේ හොදයිලු බොල,,,

      Delete
    2. ++++++ දවසක් පත්තරේක තියනවා මම දැක්කා කොලොම්බස් විවාහවී සිටියානම් ඔහු කීයටවත් ඇමරිකාව සොයා නොගන්නා බව.. හේතුවට දාල තිබුනේ නැවට නගින්න කලින් බිරිඳගේ ප්‍රශ්න මාලාවට ( ඔය දූපත් වැසියා අහපු ) පිළිතුරු දෙනවාට වඩා ගෙදරට වෙලා ඉන්න එක දාහෙන් සම්පතක් යයි කොලොම්බස්ටත් හිතෙන නිසාලු.. (ජෝක් එකක් කලේ ඕන්)

      Delete
    3. Hasitha- හි හි අයියෝ.. මට කූඩු වෙන්න හදිස්සියක් නෑ.. තාම පොඩි එකීනෙ..;) මේක සින්දුවට ගොතපු කතාවක්...

      හිරේ යන්න වෙන්නෙ හිර කූඩුවක් හැදුවොත් තමා.. කුරුලු කූඩුවක් හැදුවොත් එහෙම ව්එන්නෙ නෑ...

      Delete
    4. දුප්පත් වැසියා- හික්ස්ස්ස්...:D මෙයා නම් මට පේන්නෙ නියම පොලිස් නෝනා කෙනෙක්ට අහුවෙලා වගේ..;)

      Delete
    5. තොටියා අයියා- හික්ස්ස්.. නියම කතාව..;)

      Delete
    6. //මට කූඩු වෙන්න හදිස්සියක් නෑ.. තාම පොඩි එකීනෙ..;) මේක සින්දුවට ගොතපු කතාවක්..//
      ඔය බොරු හිතුවක්කාරි කියන්නෙ...අවු..6ක් අම්මෝ....!

      Delete
    7. බොරු නෙවෙයි..ඇත්ත!! අවුරුදු 6ක් තිස්සෙ ලියන්න ,කියවන්න මටත් ප්‍රේම පුරාණයක් තිබ්බාන්ම් කොහොමට තියෙයිද හෆ්ෆා...:D

      Delete
  3. ඒ කියන්නේ ඒ කොල්ලත් ඉවරයි එතකොට... :) :) :)
    (විහිළුවට කිව්වෙ ඈ..)

    ඒ කූඩුව ඉක්මනින්ම තැනේවා......!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම නෑ....;) කොල්ලා ඉවරවෙන දාට දාන්නම්කෝ තඩි බ්ලොග් පෝස්ට් එකක්..;)

      Delete
  4. ලස්සනයි හිතු... සිංදුවේ තෙරැම හෙවුවෙ එහෙනම් මෙකටයි... :)

    __සිහින මදාරා__

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදාරා..:) ඔව් ඔව්..මේකට තමා..

      Delete
  5. ශෝක මූඩ් එකේ ඉන්න වෙලාවේ මගුලක් ගැන කතා කරනවා...

    ReplyDelete
    Replies
    1. අහ්හ් ෆුල් හැපී මූඩ් එකේ ඉන්න වෙලාවක කියන්නකෝ..මම අවමඟුලක් කතා කරන්නම්..;)

      Delete
  6. හ්ම්ම් අදර කතාවක අවසානයක් . අනේ ඇපල් කිව්වලු . :P

    ReplyDelete
    Replies
    1. හි හි.. අවසානයක්??? පිස්සු පටන් ගැනීමක්...;)

      අනේ ඇපල් නෙවෙයි.. අනේ සුදු ඇපල්..;)

      Delete
  7. ප්‍රෙම කතාවක අවසානය. අන්න ඔතනදි තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. ඔතනයි හරියට පවත්වාගෙන යායුත්තෙ.

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. // අන්න ඔතනදි තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. ඔතනයි හරියට පවත්වාගෙන යායුත්තෙ.//

      හරියටම හරි!!!

      Delete
  8. ඇඩෙනවා අෆ්ෆා... ආසම සින්දුවක්

    ReplyDelete
  9. ඉතින් ඒ දවස තවත් පරක්කු කරන්නෙ ඇයි? ඔයා ඉගිලිලා මා ළඟට එන්නෙ කවදාද? අපි අපේම කියල කූඩුවකට පියාඹන දවස තව හුඟාක් ඈතයිද...? කියන්න මට.....ඔයා එන්නෙ කවදාද??//
    මේකෙත් නිකන් පොඩියට, පොඩියට,,,,, හිත යට තියන විරහ පාරක් ගෑවිල වගේ. මගේ ඇහේ හැටිද මන්ද,,,

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... අනිවා ඔයාගෙ ඇහේ හැටි..;)

      Delete
  10. ආව් අප්පා..හරිම ලස්සනයි... මටත් දැන් ඕක හිතෙනවා අක්කා..කෙදිනද කුඩු හදන්නට එන්නේ... :) අයියු.....දැන්ම බැ අප්පා...

    ReplyDelete
    Replies
    1. අව්ව්ව්... අප්පා.. මේ චුට්ටි කෙල්ලටත් හිතෙනවාද??? මටනම් හිතුනෙ නෑ ඕං.. මම මේ සින්දුවට ලිව්වෙ..

      Delete
  11. තව එකෙක් වලට වැටෙයි වගේ ලඟදිම.. හි හි හී.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අපෝ..නෑ.. අපි එහෙම කාවවත් වට්ටන්නෙ නෑනෙ..;)

      Delete
  12. ඒකත් හොදා... දැන් හැමෝම කූඩු හදනවා... :)

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ප්‍රශ්නයක්...? දිනේශ් මල්ලි දැන් දාන්නකෝ උත්තරේ

      Delete
  13. ගීතයේ පසුබිම් කතාව සුන්දර බලාපොරොත්තුවක්...සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි!! ඒත් ඔන්න මටනම් ඔය බලාපොරොත්තු දැන්ම වලංගු නෑ...

      Delete
  14. ඇත්තටම ගෑණු ළමයෙක්ගේ හිතේ තියෙන ආසාවන්ගෙන් එකක්.. හරිම ලස්සනට ලියලා නංගියෝ.. ලස්සනයි...

    ReplyDelete
  15. අනේ වාසනාවන්! ඉක්මනටම කූඩුව හැදේවා!
    ගිතයේ අර්ථය ගානට ඔප මට්ටම් කරල තියෙනව. ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඉක්මණට හදන කූඩු ශක්තිමත් මදි නේ?? ඉතින් මම හිමින් හිමින් හදාගන්නම්..;)

      තැන්කූ!!!!

      Delete
  16. ආදරේ කරන හැම එකගේම හීනේ ඕක නොවැ
    හිතුවක්කාරිගේ ඒ හීනේ ඉක්මනටම සැබෑ වේවා.....!


    කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ හිතේ තියෙන එව්වා ටික ලස්සනට විස්තර කරලා තියෙනවා හොදේ :)

    ReplyDelete
    Replies
    1. අනිවා, ආදරේ කරන අය හීන බලන්නෙ ඕකටනෙ.. නේ?? මඩයාත්?? ;)

      මට තාම එහෙම හීනයක් නැත..:D

      ස්තූතියි මඩයා..

      Delete
    2. ඉක්මනටම සුන්දර හීනයක්‌ පෙනේවා කියලා ප්‍රර්ථනා කරනවා ;)

      Delete
    3. හික් හික්!!! ස්තූතියි ස්තූතියි!!!!

      Delete
  17. ඉක්මනටම කූඩුව තැනීමට හැකි වේවායි පතනවා... ! :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... තැන්කූ!!

      Delete
  18. මගෙත් ආසම සින්දුවක්.මටත් ඔහොම තමා අහ අහ ඉන්න වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.... ඉක්මණටම පිළිතුරක් ලැබෙයි අක්කාට ...:D

      Delete
  19. හප්පේ... හිතුවක්කාරකමටත් වඩා තියෙන පැහිච්චිකම :පී
    හික් අවුරුදු හයක් කියන්නෙ ඉතිo එක අතකට පැහිලම තමයි නේ? කොහොම වෙතත් බොහෝම වාසනාවන්ත පෙම්වතුන් යුවලක්නෙ.

    ඇස්වහක් කටවහක් නෑ නගේ. ඔය ලස්සන කූඩුව ඉක්මනින්ම තනන්නට කටයුතු සැලසේවා කියල ප්‍රාර්ථනා කරනව. හැබයි ඉතිo ඊට පස්සෙ අර අහිoසක කුරුල්ලගෙ තටු කපනව එහෙම නෙවෙයි ඕo. :ඩී

    ReplyDelete
    Replies
    1. :O හික්ස්ස්.. මම පැහිච්ච කෙල්ලෙක්ද?? :D :(
      බුදු අම්මියෝ... මට කොහෙන්ද අවුරුදු 6ක ලව් එකක්...;) මේක සින්දුවට ගොතපු කතාවක් සඳ....:)

      මම මීට කලිනුත් එහෙම එව්වා ලිව්වෙ..

      හි හි!!! එහෙම තටු කපනවාද හෆ්ෆා අයිති කරගන්න කුරුල්ලෙක්ගෙ...:D

      Delete
    2. හෑ...?
      සිරාවටම මම හිතුවෙ ඇත්තටම කියල.
      අහ්: ඔය පොස්ට් එකනම් මම හොරෙන් ඇවිත් කියෙව්ව ඒ දවස්වලම. ඒත් ඒක ඉතිo වියපත් බඹරෙක් කියන නිසා මෙහෙම ඇඳගත්තෙ නෑ.

      මොනව උන්ත් ගීතයට සාධාරනයක් ඉෂ්ටකලා කියල කියන්න පුලුවන්

      Delete
    3. හික්ස්ස්.. ආ..මෙයා හොරාට ඇවිල්ලා නේ?? හොර ගෙඩියෙක්නෙ...:D හඳත් හොර වැඩ කරනවා කියලා ඇහුවාමයි!!!

      තැන්කූ සඳ අයියේ!!

      Delete
  20. සිංදුවට ගැලපෙන විදියට මේක ලිව්වට මටනම් හිතෙන්නේ මේක මේ දවස්වල හිතූගේ හිතේ තියෙන සිහිනයක්දෝ කියලයි, මට සැකයි මේ ගැන

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අයියෝ.. නෑ..නෑ.. එහෙම හීනයක් බලන්න තාම මම පොඩි වැඩියිනෙ අක්කි..:D

      Delete
  21. කෙදිනද කූඩුවෙලා අපි ඉන්නේ ?

    බලු පැටියෙක්ද ?

    ජය !

    ReplyDelete
    Replies
    1. බලු පැටව් විතරද සැමා අයියේ කූඩු වෙන්නෙ...??

      Delete
  22. ඊලඟ වෙසක් පෝයට කලින් කූඩු වෙන්ඩ ලැබේවා !!!
    ලස්සනට විග්‍රහ කරලා ලියලා තියෙනවා. මරු මරු !

    ReplyDelete
    Replies
    1. හම්මෝ.... අයියා කියන කතා...:D මම පොඩි එකා..

      තැන්කූ අයියේ!!!

      Delete
  23. අක්කියෝ,.,මාරයි ආ,.,., මට වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... තැන්කූ මල්ලියෝ!!!

      Delete
  24. ගීතයේ අකුරක් අකුරක් ගානේ සිතුවිල්ල ඇඳලා. ගීය වගේම ගිතයට අමවන සිතුවිල්ලත් ලස්සනයි. සරල අත්දැකිමක් මුසු වූ ගීය වගේම සරලව යෞවනියකගේ හිත ලිව්වාමත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබතුමාට...මම අදහස ගැන සැකෙන් ඉන්න වෙලාවෙ ඔබතුමානෙ මට උද්ව් කලේ.. ඒ වෙනුවෙන් හුඟාක් ස්තූතියි!!!

      Delete
  25. හදවතින්ම ලියපු ලිපියාක්‌. මොකද මේ එක සැරේම කුඩුවක් ගැන හිතුනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..:) නිකමට ලිව්වෙ...

      Delete
  26. සින්දුවේ තියන අදහස ලිව්වත් ඕනෙම කෙල්ලෙක්ගෙ හරි කොල්ලෙක්ගේ හරි හිතේ තියෙන්නේත් මේවගේ ලස්සන බලාපොරොත්තු තමයි. ගොඩක් ලස්සනට ආදරණීය විදිහට එක ඔයා ලියල අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේ වගේ බලාපොරොත්තු කවදාත් සුන්දරයිනෙ..:)

      හුඟාක් ස්තූතියි මල්ලියෝ!!

      Delete
  27. හ්ම්ම් නියමයි. එහෙනම් හිතු ඉක්මනටම ඔය කූඩුව හදාගෙන කූඩු වෙන්නකෝ :))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... තැන්කූ තැන්කූ අයියේ!!! අපිට කලින් අයියලා තමා කූඩු හදන්න ඕනෙ..;) නැද්ද මම අහන්නේ??

      Delete
  28. ඇත්ත කතාවක් උනත් ගොතපු කතාවක් උනත් හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේක ගොතාපු කතාවක්!! හුඟාක් ස්තූතියි යාලු!!

      Delete
  29. මෙය මා බෙහෙවින් ම ප්‍රිය කරන ගීතයක්.ගීතයට අදාලව තව විස්තර ටිකක් යොදන්න පුළුවන් නම බොහොම අගෙයි. ගීතයේ පද රචනය, සංගීතය සහ ඒ ගීතය හා බැඳුනු කතා ආදිය..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අදහස හොදයි මල්ලියෝ!! මම උත්සාහ කරන්නම්!! ඒත් මම මුල ඉදන්ම ලියන්නෙ සින්දුවකට මොකක්හරි කතාවක් ගොතන එකයි..:) සින්දු ගැන විස්තර කරන්න සුපිරියටම දක්ෂ කෙනෙක් තමා දයානන්ද මහත්මයා. :)එතුමා ලියනවා ඔන්න සුපිරියටම විස්තර..

      ස්තූතියි!!

      Delete
  30. හිතට දැනෙන්නම ලියල හිතූ. හරිම ලස්සනයි . මාත් ගොඩක් ආසයි මේ ගීතයට .

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අක්කියෝ!!! :)

      Delete
  31. කතාව නම් ලස්සනට ලියලා.... ඒත් මොනා උණත් ඇත්ත කියන්න එපැයි, මේ සින්දුවට නම් මම ආස නෑ............... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අනූ!!! හි හි.. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නෙ..:D

      Delete
  32. හිතක ඇතිවෙන හැගීම් පෙලකට ඔයා අපුරුවට පණ දීලා හිතු අක්කි..හරිම ලස්සනයි..සින්දුවට ආසවුනත් අද නම් ඊටත් වඩා ආසාවෙන් අක්කිගේ කතාව කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි නංගියෝ!!! :D :*

      Delete
  33. ලස්සනට ලියලා තියනවා. මේ සින්දුව අහද්දී මට මතක් වෙනවා අර "අල" එකේ ගියපු වීඩියෝ එක. වෙසක් කූඩු හැදිල්ලක් ගැන ඒකෙ තිබුනේ :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... ඔව් ඔව්.. මටත් මතකයි ඒක...ඒත් මමනම් කිව්වෙ ඕං වෙසක් කූඩු ගැන නෙවෙයි..;)

      තැන්ක්ස් අක්කි!!

      Delete
  34. මගෙ රිප්ලයි වැටෙන්නෙ නෑ.මාර වැඩක්

    ReplyDelete
    Replies
    1. :O කොහෙද?? මොන රිප්ලයිද වර්ණ??

      Delete
  35. ඔයා කැමති ඔනෙම දවස්ක.... අද මොකද කියන්නෙ?

    ReplyDelete
  36. ඔන්න එදාට මේ මට එහෙම නොකියා තිබ්බොත් මම බලාගන්නම් හරිය....

    ReplyDelete
    Replies
    1. පිස්සුද අයියෙ!! අයියා මගෙ මඟුලටත් එන්න... පුළුවන් නම් අවමඟුලටත් එන්න..:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....