නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 July 2012

අහෝ දෛවය!!!!!


හුරුබුහුටි හිනා මුව,
හීන් වෙන නිල් පාට දෑස් යුග,
ඒ විතරක්ද ,
හිත කීරි ගැහෙන කතා බහත්.....,
ඔයා නම් මගේ හිත හොරකම් කළා.....

ලෙංගතුකම  හරි අගෙයි,
කල්පයක් තරම් හුරු පුරුදුයි,
ඒ විතරක්ද,
සිතුවිලි කල්පනා සොඳුරුයි අදහසුත්.......,
ඔයා නම් මගේ හිත අතරමං කළා........

හිත හුඟාක් දුර ගිහින්,
අපි අපි ගැනම තව තවත් දැනගන්න,
ඒ විතරක්ද,
හිත පුරා ඔයාවම ඇඳගන්න හිතුනාත්.......
අහෝ දෛවය,
ඔයාව මට ,මල්ලියෙක් කළා.........

Post Comment

87 comments:

  1. මල්ලි කෙනෙක් උනාට කමක් නැහැ. ආදරෙයිනම්.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.... කමක් නැද්ද?? ;)

      Delete
  2. හ්ම්ම් ඒක ඇත්තටම ලිව්වා එකක්ද දැන් නම් වයස ප්‍රශ්නයක් නැ පොඩි බබෙක් ගැන නෙමේ නේද කියන්නේ ? ලස්සනයි .......:D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි!!! සිතුවිල්ලක් පමණි!! ඒත් එහෙම දැම්මාට වැඩක් නෑනෙ මේ කට්ටියට :D :D

      තැන්කූ!!!

      Delete
  3. සිතුවිල්ලක් පමණි කියා දමා නැත....
    ඒක හොදය...මේ වැහි කාලේ බොරු කීම ණුවනට හුරු නැත..
    අනික ඔය වයස නම් මෙලෝ වැඩකට නැත...
    අවශ්‍ය අංගෝපාංග හොදට හිතට ගැලපෙන පරිදි ඇත්නම් අහවරය.
    (හපූයි වැරදියට හිතනවා එහෙම නෙවෙයි...මම කිව්වෙ කායික මානසික ඔක්කොම)
    ජීවිතේ එකට ඉන්නකොට ඔය වයස වැඩක් නැත..තමන්ට වඩා අවුරුදු ගානක් බාල තමන්ගෙ ගෑනිට වැද පුදාගෙන ඉන්න මිනිස්සු ඕනි තරම් ඇත..
    ඉතින් වයසෙන් වැඩක් නැත. මේ මට හිතෙන විදිහය.

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් පමණි කියලා දැම්මෙ නැත්තෙ ,ඉතින් දාලා වැඩක් නෑනෙ..:D කට්ටිය එන්නෙම වැරදි පාරෙමනෙ...;)

      හි හි..හෆ්ෆොයි මටනම් මල්ලියෙක්, මල්ලියෙක්ම තමා

      Delete
  4. ආදරේ කියන හැගීමට වයස් බේදයක් ජාති ආගම් බේදයක් නෑ. ඒ ඔක්කොම මිනිස්සු හදාගත්ත එක එක සංකල්ප විතරයි. අපේ හැගීම් පොඩි කාලේ ඉදලම සමාජය විසින් ඒ සංකල්ප වලින් වටවුන රාමුවක හිර කරලා තියෙන නිසා තමා මේ ගොඩාක් ප්‍රශ්න. ඒ රාමුවෙන් එලියට ඇවිත් ලෝකය දිහා බලන්න පුළුවන් නම්...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒකනම් ඇත්ත තමා අයියේ!!!මිනිස්සුම හදාගත්තු සංකල්ප.. මිනිස්සුම ඒවා ඇතුලෙ හිර වෙනවා..

      Delete
  5. වයසනං අවුරුද්දක් දෙකක එහෙ මෙහෙ උනාම මොකද!
    මාතෘකාව හරිද බලන්න.......

    ReplyDelete
    Replies
    1. හරියෝ!!! මාතෘකාව පොඩි අකුරු අඩුව්ක් තිබ්බා තමා.. දැන් හැදුවා.. තැන්කූ කිව්වට අයියේ!! :)

      Delete
    2. හික්ස්ස්.. අවුරුද්දක් දෙකක් වුනාට ගානක් නෑ නේ?? ;)

      Delete
  6. අයියෝ ඕවත් ප්‍රශ්නද අප්පා..
    දෛවය කුරිරු වෙලා නෑ එතරම්..:D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ප්‍රශ්න නේන්නම්...:D

      Delete
  7. ඉතින් මල්ලි කෙනෙක් උනාට මක්ක වෙනවද !
    මල්ලි අහන්නේ නැති වෙයි කියලා බය ද ?

    ReplyDelete
    Replies
    1. මක්ක වෙනවාද අහන්නෙ?? :p

      ඇහුවත් මට මොකෝ අයියේ!! හික්ස්ස්.. අපි නෑනෙ ඔව්වට..

      Delete
  8. අයියෝ හිතුවක්කාරිගෙ වෙලාව නම් නරකයි ;)
    ඇත්තටම දෙන්නා ලගම ඇත්තටම ආදරේ තියේ නම් වයස ප්‍රශ්නයක් නෑ.ඔතන අවුල තියෙන්න සමාජීය ප්‍රශ්න මිසක් හැගීම් සම්බන්දයෙන් නෙමේ නේ

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... අයියෝ මට එහෙම එකක් වුනේ නෑ!!!!

      එහෙම දේකදි ඉතිං සමාජ ගැටළු තමා හෆ්ෆා...

      Delete
  9. ම්....එහේමද හැබැ තමන්ට සුදුසුම කෙනා තොරගත්තේ නැත්නම් පස්සේ පසුතැවෙන්ට වෙයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්... ඒකනම් ඇත්ත අයියෙ!!

      Delete
  10. හපොයි, අක්කා බාල අපරදයක් වත් කරන්නද මෙ හදන්නෙ?
    හි හි නියම ලිපිය. මල්ලි වුනට මොකො.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... මම බාල අපරාධ කරන්නෙ නැතෝ....!!!!

      හික්ස්ස්...;)

      Delete
  11. ආදරේදී වයස, උස, බර, දුර කියලා කියන්නේ නිකන්ම නිකන් ඉලක්කම් ටිකක් විතරලු.. ;) ලස්සන කවියක් හිතූ.. වෙනස් සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. මෙයත් දන්න දේවල්!!!!

      ස්තූතියි රෙඩ්!!!

      Delete
  12. මල්ලි කෙනෙක් ගැන මමත් අත්දැකීමක් ලියුවා. කිසිත් නොකියමි

    ReplyDelete
    Replies
    1. ඔව්ව්.. මටත් මතකයි ඒ ලිපිය!!

      Delete
  13. අපරාදේ ඈ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. හිතූ අක්කටනං අවුලක් නෑ.... හැබැයි අදාල මල්ලිටනං නපුරු හීනයක් වෙන්න බැරි නෑ. මේ වගේ එ්ව කරද්දි වලිගෙ පාග නොගන්න පරිස්සං විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. මොකක්?? අලියාට වගේ පාගගන්න වල්ගයක් මට නෑ නොවැ!!! ඉතිං මම බය නෑ>>>:D

      Delete
  15. හප්පේ....කියන්න වචන නැත :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඒ මොකෝ අක්කේ??

      Delete
  16. :ඩ් :ඩ්
    "වයස් බේදය" සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. වැඩිය බොන්න එපා...;)

      Delete
  17. ප්‍රථම සහ එකම පෙම.නොලැබ ගිය ඔහු..වැඩක් නෑ දුක විතරයි මතක් කරන්න කරන්න වැඩි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න මතක් කරන්න
      දුක විතරක්ම නෙවෙයි,
      ආදරෙත් වැඩි වෙනවා ගානයි!!!!

      Delete
  18. අක්කල මල්ලිලට ආදරේ කරන්නම බැරිද.?

    මම නම් හිතන්නේ නෑ පරහක් තියේවි කියල. මොකද වැදගත් වෙන්නේ ආදරේ මිසක් වයස නෙමෙයිනේ.[ මං කිව්වේ අර පිටරටවල් වල අවුරුදු 70 අක්කල කසාද බඳින අවුරුදු 40 මල්ලිලා ගැන නෙමෙයි.]

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.. පුලුවන්.. සහෝදරකමට...:D

      ඇත්ත. ආදරේට වයස වැඩක් නෑ.. ඒත් සමාජ සම්මතයට, මිනිස්සු හදාගත්තු රාමු වලට කොටු වෙන්න වෙනවානෙ..

      Delete
  19. //හුරුබුහුටි හිනා මුව,
    හීන් වෙන නිල් පාට දෑස් යුග,//

    මම හිතුව ගෑල්ලමයෙක් ගැන කියනව කියලා.

    මටත් ඔහොම අක්කලා සෙට් වෙලා තියෙනවා :ඩී

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.... ගෑල්ලමයි විතරද එහෙම?? :p

      සැමා අයියාට අක්කා කියන්නෙ ඉතින් ඒ කෙනාට සෑහෙන්න වයස වෙන්න ඕනෙ නේ??

      Delete
  20. දැන් මේ හැමතැනම කවි වැහි වැහලා මොකද :)

    ReplyDelete
    Replies
    1. මොකෝ මේ ඔයා කවි එපා වෙලා වගේ හැමතැනම ඔය විදිහටම දාන්නේ?? මන් දැන තැන් තුනක විතරම දැක්කා අද දවසට විතරක්... :p

      Delete
    2. Hasitha- හික්ස්ස්... ඉතින් ඔයා ආස නැද්ද කවි වැස්සෙ තෙමෙන්න??

      Delete
    3. @ Red Riding Hood

      පැණි වුණත් හැමදාම කද්දී තිත්ත වෙනවලුනේ :D

      Delete
    4. @ හිතුවක්කාරි

      …තෙමුණා වගේ නෙමේ හෙම්බිරිස්සාව හැදෙයි කියලා බයයි :D

      Delete
  21. අඩේ!මෙහෙම "එයාටත්" හිතෙනවානම්......හ්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්හ් කවුද "එයා" ??

      Delete
  22. ඒක එච්චර ප්‍රශ්ණයක්ද...?

    ReplyDelete
  23. අය්යෝ ඕකද ප්‍රෂ්නේ... අල්ලල දාන්න නන්ගී..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්....මට ප්‍රශ්නයක් නෑ...;)

      Delete
  24. හිතූ, වයස ප්‍රශ්නයක් නෑ! ;)

    ReplyDelete
  25. ආදරේට ඉතින් වයස් බේදයක් නෑ කියලා හිතෙනවා හිතු අක්කි..ඒත් අනේ මන්දා අක්කි කියන්න දෙයක් තේරෙන්නෑ....

    ReplyDelete
    Replies
    1. හි හි!! ඔව් නංගෝ හිත ගිය තැන මාලිගාව කියලාත් කියනවානෙ...:D

      Delete
  26. වයස ප්‍රශ්නයක් නෑ කිවුවට ගෙවල් ගැනත් හිතන්ඩ වෙයි හිතු... හ්ම්ම්ම්..........

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් හා... මහී අත්දැකීමෙන් වත්ද මේ කිව්වෙ? ;) :p

      Delete
  27. හිනාවෙන දඟ කරන දිගැටි ඇස්
    හීනියට වල ගැහෙන දෙකම්බුල්
    සළිත කල මගේ කොලුකාර කම්
    සිපගන්න හිතෙනවා රෝස තොල්

    දැනෙනවා පෙර සසර හුරු කමක්
    හිතෙනවා අල්ලගෙන ඔය අතක්
    සම්මතය බිඳ දමා දැන් උනත්
    යන්නටම ජීවිතේ මහ දුරක්

    මට කලින් ඔයා ඇවිදින් ගොඩක්
    අහෝ දෛවය නපුරු වූ තරම්
    ඔයා අක්කියෙක් බව නෑ වගක්
    ආදරෙයි දන්නවද මහ හුඟක්


    එයා මෙහෙම කිව්වොත් හිතූ මොකද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. wow...කාව්‍යා මේකනම් නියමයි...හුගාක් දේවල් හිතුනා මේක දැකලා.පුංචි ඉල්ලීමක්.පුලුවන්නම් මේක දාන්න ඔයාගෙ Blog එකේ.

      Delete
    2. ස්තූතී ශශී ම්ම් මම එහෙනම් දන්නම්කෝ කතාවක් එක්ක්ම හොදේ පස්සේ

      Delete
    3. ආදරේ බව මහ හුගක්
      දනී මම සත්තකින්
      ඒත් බෑ ලංවෙන්න
      සම්මතය බිද දමා....

      Delete
    4. කාව්‍යා අක්කි- O_O හික්ස්ස්.. මටනම් මෙහෙම කියලා නෑ කෙනෙක්.. අනේ කියන්නත් එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නෙ..ඒත් බැරිම වෙලා හරි එහෙම කිව්වොත් නේ???
      ම්ම්ම්....මොන කරන්නද, බැරිම වුනොත් මෙහෙම කියනවා...

      හිනා නොවී කොහොමද මං
      කතා කරන ඔය ඇස් බලන්....
      හදා ගන්න බෑ මගෙ හිත නම්
      ඔයා ළඟට ඉගිලෙයි දැන්.....

      කියන්න ඕනෙ නෑ මේ තරම්
      මම දන්නවා ඔය හිතේ ආදරේ තරම්...
      සම්මතේට පිටුපා දිරි අරන්
      මං එන්නම් ඔයා ළඟට ආදරේ අරන්....

      Delete
  28. මෙහෙමයි ඉතින් ආදරේට සීමා මායිම් නෑ.. ඒවා හැන හිතන්නේත් නෑ.. වයසනම් ඉතින් එච්චර අවුලක් නෙමෙයි.. පොඩි පරතරයක් නම් ඉතින් ශේප් කර ගන්න පුළුවන්..

    මේක සිතුවිල්ලක් පමණි නොවේ කියලා හිතුනා.. ඒකයි කිවුවේ..

    ReplyDelete
    Replies
    1. අහ්හ්.. මේක සිතුවිල්ලක්ම පමණයි අයියෙ!!! ඒ නැතත් ඉතින් මම හිතුවක්කාරිනෙ.. හිතට එන දෙයක් කරනවා..:)

      Delete
  29. සිතුවිල්ලකට වඩා මේකනම් යථාර්තයක්..ම්...හිතට හුගාක් සමීපයි වගේ..ලස්සනයි කිව්වොත් අසාධාරණයි.හිතූ...උපරිමේටම හුගාක් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි ශෂී!!!

      Delete
  30. ලව් කරන්න වයස බලන්නේ කව්ද
    ඔහොම සීන් මේ ලෝකේ තව නැතිද
    ගෙවල් වලින් හා කිව්වොත් මරු නේද
    ඔහොම බයේ වැඩ කරන්න පුලුවන්ද ???? :P

    හහ් හහ් හහ්....!

    ReplyDelete
    Replies
    1. ලව් කරන්න වයසත් නොබලා කොහොම
      ලෝකෙ සීන් තිබ්බට වෙන මට මොකද
      ගෙවල් වලින් හා කියන්නෙ නෑ ඒබව සහතිකය
      ලැජ්ජ බයට හැදුනු ගෑනු ලමයි මේ වගේය... :P

      Delete
  31. කමෙන්ට් එක දාද්දි එක පාරට හිතට එන දේ ලියන්න ඕන.එහෙම හිතුන දේ ලියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්>>හෆ්ෆා... එහෙමද?

      Delete
  32. malliyekda adare karaneme barida????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. බැරිත් නෑ..පුලුවන් ඉතින්...

      Delete
  33. මටත් මීට ටික කාලෙකට කලින් ඔය දේ ම හිතුණා..
    මට නෙවෙයි නේ ලිව්වේ අක්කේ?? :P
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා....... ඔයාට නම් නෙවෙයි!!! කාටවත් නෙවෙයි..;)

      Delete
  34. මේකට තමයි කියන්නේ "පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්" කියලා.

    හැබැයි කිවියෙන් කිව්වත් සමහර වෙලාවට අපි තේරුම්ගත්තේ වැරදි දෙයක්ද කියලා අන්තිමට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒකනම් ඇත්ත තමා..:)

      Delete
  35. මේක ගෑන නම් ඉතින් මේක ඈත්තමනම් කියන්න තියෙන්නේ ඕන වෙඩිමක් කියලා හිතට එන දේ කරන්න තමයි.. නෑතනම් පස්සේ පසු තෑවෙන්න උනොත් අපිට අපිටම සමාව දිගන්න බෑරිවෙනවා

    ReplyDelete
    Replies
    1. දේවා අයියාට එහෙම වෙලා තියෙනවැයි??/ :D

      ඇත්ත තමා ඉතින්..

      Delete
  36. වයස ප්‍ර‍ශ්නයක් නොවේමැයි... තිරසාර ආදරයක් පමණි අවැසි...

    ReplyDelete
  37. හිතුගේ දුක කියන
    කතා අහගෙන ඉන්න කියලමයි ආවේ මම
    බැලින්නම් දුකක් නෑ වගේ
    සතුටුයි ඈ
    හිතු සතුටින් නිසා
    අවුරුදු දෙකක වෙනසක්
    එපා කියද්දිම එන්න ඇති
    හොද වැඩේ නැහැව්වට කියන දේ ඒ පාර

    ReplyDelete
    Replies
    1. දුකම ලියලා ඇතිනෙ.. ඉතින් මම ඉදලා හිටලා වෙනස් යමකුත් ලියන්වා...:D

      Delete
  38. අයියෝ...... අයිමත් හිතුට වැරදුනාද ????
    කොහොම උනත් අදහසනම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. නැතෝ....!!! මට නෙවෙයි... :)

      ස්තූතියි!! මේක අදහසක් විතරයි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....