නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 July 2012

ක්‍රිකට් Vs කාන්තා පාර්ශවය



හික්ස්ස්.....:D අද නම් මාතෘකාව දැක්කාම කට්ටියට හිනා යයිද දන්නෙ නෑ... ඒත් මට නිකමට වගේ හිතුනු දෙයක් ලියන්න හිතුනා. හුඟ කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ.. ඉස්සර නම් නිතරම වගේ පෝස්ට් එකක් දැම්මාට දැන් දැන් මමත් පෝස්ට් දාන වේගෙ අඩුවේගෙන තමා එන්නෙ. හොඳකට හෝ නරකට ඒක එහෙම තමයි...හරි දැන් ඔක්කොම වල් පල් පැත්තකට දාල  එන්නම්කෝ අපේ මාතෘකාවට..


ක්‍රිකට් කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක්නෙ. ගැහැණු පිරිමි බේදයකින් තොරව ක්‍රිකට් වලට බොහෝ පිරිසක් ආදරේ කරනවා. නමුත් බහුතරයක්ම ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ පිරිමි පාර්ශවය කියලායි මම විශ්වාස කරන්නෙ. සාපේක්ෂව ඒක එහෙමයි නේද?
ලෝකෙ බොහෝමයක් රටවල් වල වගේම ,අපේ රටේත් ක්‍රිකට් කණ්ඩායමක් වගේම, ක්‍රිකට් ක්‍රීඩාලෝලීනුත් ඉන්නවා.ලංකාව කියන්නෙ ලෝක කුසලානය පවා දිනාගත්තු රටක්නෙ. ඉතින් ක්‍රිකට් ඉතිහාසයවත්, ලංකාවෙ හෝ ලෝකයේ ක්‍රිකට් ගැනවත් කතා කරලා , අදහස් දක්වලා තේරුමක් නෑ..මොකද මේක කියවන ඔයාලා හැමෝම මට වඩා ක්‍රිකට් ගැන දන්නවා..:D


ඉතින් දැන් මේ ක්‍රිකට් තරඟ, ලංකාවෙ ක්‍රීඩාංගන වල පැවැත්වෙද්දි , ටිකට් අරගෙන තරඟ බලන්න යන්න ලාංකික ක්‍රීඩාලෝලීන්ට තියෙන්නෙ පුදුම උනන්දුවක්නෙ.. ක්‍රිකට් වලට ආස, ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට ආදරේ අය කොහොමහරි පොරකාලා හරි ටිකට් අරන් තරඟ බලන්න යනවා.. :D 


වෙනත් විදේශ රටක වගේ තරඟ තියෙද්දිනම් ඉතින් වෙන්නෙ නිදි මරාගෙන හරි, පාන්දර ජාමෙ නැගිටගෙන හරි තරඟ බලන්න තමයි. පුදුමෙ කියන්නෙ ඔය වැඩට යන්න, ඉස්කෝලෙ යන්න උදේට නැගිටින්න කම්මැළි අය ක්‍රිකට් තරඟ නරඹන්න නම් නැගිටින්නෙ පුදුම උද්‍යෝගයෙන්.. (අත්දැකීමෙන් කියන්නෙ..) ඉතින් කොහොමෙන් කොහොමහරි, ගෙදර ඉදන් ටීවී එකෙන් ක්‍රිකට් තරඟ නරඹන්න තමා හුඟාක් දෙනෙක් පෙළඹිලා ඉන්නෙ. (වැඩිපුරම නරඹන්නෙ ඉතින් පිරිමි පාර්ශවය තමයි.කාන්තා පාර්ශවයත් නොබලනවා නෙවෙයි.) ඒත් ඉතින් පිරිමි අය ක්‍රිකට් මැච් බලන්න ගියාම ඉතින් ඒකෙ ඉවරයක් නෑනෙ. වෙලාවක් කලාවක් නෑ.. "කන බොන වෙලාවද, නිදාගන්න වෙලාවද, ගෙදර තව මිනිස්සු ඉන්නවාද, අනිත් අය ක්‍රිකට් වලට ප්‍රියද නැද්ද?, ගෙදරම ඉන්න අය බලන්නෙ ක්‍රිකට් විතරද," ඒ පිළිබදව කිසිම ගානක් නැති උදවිය ඉන්නවානෙ.( හැමෝම එහෙමයි කියලා කියන්නෙ නෑ..නමුත් මම හිතන්නෙ බහුතරයක් ඇබ්බැහි වුනු අය එහෙමයි) අනික,ලෝකෙ මොන රටක් තරඟ කලත් මැච් බලන්න පුරුදු වුනු අයත් ඉන්නවා.(අපේ මල්ලිත් ඒ ජාතියෙ.)

ඔය ක්‍රිකට් තරඟ නැරඹීමෙ අතුරු ප්‍රශ්න ගොඩකුත් තියෙනවා..  බ්ලොග් අවකාශෙ ඉන්න ක්‍රිකට්ලෝලීන්ටත් ඔය ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා ඇති කියලා මම හිතනවා.. :D නිකමට කල්පනා කරලා බලන්න...;) ඔතනදි තමයි ක්‍රිකට් සහ කාන්තා පාර්ශවය ගැටෙන්නෙ.. :D අනිත් පැත්තට පිරිමි පාර්ශවයත් එක්කත් එහෙන් මෙහෙන් අවුල් ඇතිවෙන්නත් ඔන්න ඔය ක්‍රිකට් උන්මාදය වැඩිවීම බලපාන්න පුළුවන්.


"අද දවසටම ඔයා මට කෝල් කලේ නෑ .. ඔයාට ක්‍රිකට් තියෙනවානම් මාව ඕනෙත් නෑ.."
"මම කීසැරයක් කෝල් කලාද, මැසේජ් යැව්වාද, එකකටවත්  ඔයාගෙන් රිප්ලයි නෑ.. ඔයාට මට වඩා ලොකු ක්‍රිකට් මැච් තමා.."
"ඔයාට මාව මීට් වෙන්න එන්නත් බැරි මැච් එක මිස් වෙන හින්දානෙ.. ඔයා තීරණයක් ගන්න ,ක්‍රිකට්ද? මාවද? කියලා"


ඔය වගේ චෝදනා, මැසිවිලි, ගෝරනාඩු වලට ඔයාලාත් හසුවෙලා තියෙනවාද? බහුතරයක්ම ක්‍රිකට් නිසා ඉතින් හුඟාක් පෙම්වතුන්ට එයාලාගෙ පෙම්වතියන්ගෙන් අහගන්න වෙන කතාන්දර ටිකක් තමා මම හිතන්නෙ ඔය තියෙන්නෙ. මගෙත් යාළුවො හිටියා ඔහොම චෝදනා කරපු. ;) පෞද්ගලිකව මමත් ආස නෑ මට වුනත් එහෙම වෙනවාටනම්.. :/
ක්‍රිකට් නම් ක්‍රිකට්.. ආදරේ නම් ආදරේ....


ඒත් ඔය තත්වෙ  පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්, ගෑනු ළමයාත් තදින්ම ක්‍රිකට් වලට ඇබ්බැහි වුනු කෙනෙක්නම්. එහෙම වුනාම ඉතින් චෝදනා නෑනෙ..:D අනිත් කාරනේ ක්‍රිකට් සහ ආදරේ බැලන්ස් කරගෙන අවබෝධයෙන් දිවි ගෙවන අයටත් ඔහොම ප්‍රශ්න ඇති වෙන්නෙ නැතිවෙයි.


"ඔයා අදත් පරක්කු මොකද? හංදියෙ නැවතිලා මැච් එක බැලුවා නේ?"
" ඔයා වැඩ ඇරිලා ආව වෙලේ ඉදන් ටීවී එක බදාගෙන මැච් එකක් බලනවා. අඩුමගානෙ අපි ඉන්නවද නැද්දවත් දන්නෙ නෑනෙ.."
" ක්‍රිකට් මැච් ඉවරයක් නෑ.. ඔයාත් එක්ක නිවිසැනසිල්ලෙ කතා කරන්නත් දැන් මැච් ඉවරවෙනකම් ඉන්න වෙයි"


විවාහ වුනු අයටනම්,සැමියා ක්‍රිකට් තරඟ නරඹන්න දැඩි ලෙස ඇබ්බැහි වුනු කෙනෙක්නම් ඔන්න ඔය විදියට බිරිඳගෙන් චෝදනා  එල්ලවෙන්න පුළුවන්. නමුත් එතන්දිත් ප්‍රශ්න ගැටළු ඇති නොවෙන්න බොහොම සුහදව සාමුහිකව ක්‍රිකට් තරඟ නරඹන්න ත් පුළුවන්.. අවස්ථානූකූලව තීරන ගැනීම ඉතින් තමන් සතුයි.එහෙම නේද?


ඊට අමතරව ඉතින් අක්කලා මල්ලිලා, අයියලා නංගිලා, අම්මලා පුතාලා අතරෙත් බොහොම දරුණු තරඟයක් ඇතිවෙන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම ක්‍රිකට් තරඟ ටීවී එකෙන් නරඹද්දි එහෙම තරඟයකටත් මූණ දෙන්න වෙනවා.ටෙලිනාට්‍ය බලන්න ,චැනල් මාරු කරන්න,අක්කලා නංගිලා රණ්ඩු කරගන්න එන්න පුළුවන්. ඒ වගේම බත් කන්න කියලා කෑගහන, කඩේ යන්න කියලා කෑගහන අම්මාගෙ ගෝරනාඩුත් ඉවසා දරාගන්න වෙනවා. දැනටත් එහෙම වෙලා ඇති..


මොකක්ද විසඳුම? 


ක්‍රිකට් මැච් බලන ගමන්,  බැනුම් අහන්නෙත් නැතුව, චෝදනා, අපවාද වලට ලක් වෙන්නෙත් නැතුව ඉන්න බැරිද? ;) මමනම් හිතන්නෙ බැරි නෑ.. පුළුවන්..  


කොහොම වුනත් කාන්තා පාර්ශවය ක්‍රිකට් එක්ක තරහා වෙනවානම්, ඒකට හුඟාක් වෙලාවට "පිරිමි පාර්ශවය " හේතුවක් වෙන්න පුලුවන් ...!!! ;) 


ප.ලි- බැනුම් අහගන්න වෙන පෝස්ට් එකක් වෙයිද මංදා.... ;)



Post Comment

92 comments:

  1. මොකද මෙ එකපරත cricket ගන, ඉස්සරහට matches වගයක් එන්න තියෙන නිසද? මම නම් ලොකු interest එකක් න්A. world cup එකෙ finals වගෙ බලුවොත් මිස.

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ.. නිකමට හිතුනා ලියන්න කියලා..:) අහ්හ් මමත් ඔයා වගේ..විශේෂම මැච් එකක් විතරයි බලන්නෙ..

      Delete
  2. මං නම් ක්‍රිකට් මැච් බලන්නෙම නැති තරම්.

    කොල්ලෝ විතරක්ද ක්‍රිකට් ගහන ක්‍රිකට් වලට ආස කෙල්ලෝ නම් කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. හි හි... :D ඔව් ඉතින් හැම කොල්ලෙක්ම ක්‍රිකට් වලට ආසත් නෑ.. හැම කෙල්ලෙක්ම ක්‍රිකට් වලට ආස නැත්තෙත් නෑ..... :D

      Delete
  3. පෝස්ට් එක දාලා දැන් ඉතින් බනින්න කිව්ව හින්දද මන්දා බනින්න හිතෙන්නෙම නෑනෙ අෆ්ෆා..
    ඉස්සෙල්ලාම කියන්න ඕනි මම නම් ක්‍රිකට් පිස්සා..
    ඉතින් මේක කියෙව්වම මට හිතෙන දේවල් ආයෙ අමුතුවෙන් කියන්න ඕනිනෑනෙ නේද..:පී
    මෙහෙමයි ඉතින් මේකෙ දෙපැත්තකුත් තියනවනේ..දැන් බලන්නකො කෙල්ලෙක් එකක් ඇදුම් සාප්පුවකට ගිහින්..ඇදුන් ගන්න සල්ලි දෙන කොල්ලවත් අමතක වෙනවනෙ සුකුරුත්තන් බඩු දැක්කම..
    වඩා වැදගත් දෙන්නගෙ අන්‍යෝන්‍ය අවබෝධය. කෙනෙක්ගේ කැමැත්තකට ආසාවකට එක සැරේම විරුද්ද වෙන්න බෑනේ..ඒත් ඉතින් ඕනෑම දෙයක් ඕනෑවටවඩා ඕනෑමත් නෑලුනේ...

    ReplyDelete
    Replies
    1. මට මේ කියන්න අමතක උනා...ඔයා ඔය vampire diaries බලන බැලිල්ලට කොල්ලෙක් ඔව මැච්එකක් තියන දවසට ඒත පොඩ්ඩක් බැලුවට මක් වෙනවද අෆ්ෆා...

      Delete
    2. hahahaha xD Mare maru :P
      A machan api 96 world cup dinnada bun.. Meyata varadilada koheda

      Delete
    3. තරූ අයියා- හා හා..ඔයා මගේ හොද අයියානෙ.. ඉතින් ඔයා මට බනින්නෙ කොහොමද? :D
      හා හා..ඔයා ක්‍රිකට් පිස්සා නිසා ඔයාට මේක පොඩ්ඩක් අස්පට් වගේ ඇතිනෙ..;) හ්ම්ම්.. කෙල්ලොන්ට එහෙම කොල්ලව අමතක වෙන්නෙ නෑ අනෙ සාප්පුවකට ගියා කියලා.. :p කොල්ලා එපැයි ඇඳුම් තෝරන්න උදව් කරන්න. ඉතින් කොහෙ අමතක වෙන්නද..:P :P
      ඒක ඇත්ත.. කැමැත්තකට, ආසවකට එහෙම විරුද්ධ වෙන්න හොද නෑ තමා. ඒත් ඉතින් අසීමිතව ඕනෙම දේකට වහල් වෙන්නත් හොද නෑ....

      ප.ලි- ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... :@ මම ඔයාට කිව්වයි කියලා හිතගන්නකෝ.. ක්‍රිකට් වගේද හෆ්ෆා vampire diaries <3 <3

      Delete
    4. ChammA අයියා- හා හා.. ඔයාත් මේ පැන පැන සර්විස් කරන්නෙ මොකෝ කියලා මම දන්නවා.. ඔයාටත් ක්‍රිකට් පිස්සුවනෙ.. + දුෂ්ඨකම :P:P :P :P

      කොහෙද මම කියලා තියෙන්නෙ 96 world cup දින්නා කියලා?? :P :P

      Delete
  4. කොල්ලා මෙයාට කෝල් නොකර මැච් එක බලලා. පව් අසරණයා! කොහෙද මේ කෙල්ලොන්ට මැච් එකක තියෙන අගේ තේරෙනවයැ! කෙල්ලට පස්සේ හරි කෝල් කෙරුවැකි. ඒ වගේද මැච් එකේ එක වැදගත් සිද්ධියක් මිස් උනොත්. ආයේ හයිල්යිට්ස් බලනකොට සජීවී බලන ගතිය එනවා කියලයැ! :D

    ReplyDelete
    Replies
    1. අම්මපා පූසෝ කටේ දාන්න හිතෙනවා මීයෙක් xD

      Delete
    2. පූසා අයියා- හිකි හිකි!!! අපෝ නෑ.. එයා එහෙම කරන කෙනෙක් වෙන්න බෑ..:P

      ආ... එහෙම බෑනෙ.. මැච් බලද්දි ඇඩ් යනකොට හරි මැසේජ් කරන්නවත් පුලුවන් නෙ.කෝල් කරන්න බැරි වුනත්... ඒකට කියන්නෙ අයියේ "උවමනාව" කියලා.. එහෙම කරන්නෙ නෑ කියන්නෙ උවමනාවක් නෑ...;) හික්ස්ස්...:D

      Delete
    3. චූටි පුතා- හික්ස්ස්ස්... :D දාන්න දාන්න.. ඔය පූසාට මේ දවස්වල මී දඩයමක් කරගන්න බැරිවලු ඉන්නෙ..

      Delete
  5. ඇත්තට මමත් දරුණුම ක්‍රිකට් පිස්සෙක් ඉස්කෝලේ යන්නැතිව මැච් බලලා තියනවා. උණ පිටින් මැච් ගහලා තියනවා. මට නම් ඒක අතෑරගන්න බැරි වෙයි. ඔයා කියන හැටියට මටත් පිස්සියක් තමා සෙට් කරගන්න වෙන්නේ මම කියන්නේ ක්‍රිකට් xD
    ජය!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. එහෙනම් ඔයා දරුණුතම පිස්සෙක්.. ඉක්මණටම පිස්සියෙක්ව සෙට් කරගන්න...:D ජය වේවා!!

      Delete
  6. මම කියන්නේ දෙගොල්ලම එකම බෝට්ටුවෙ පැති දෙකක ඉන්නේ. දැන් බලන්න පිරිමි පාර්ශවේට ක්‍රිකට් වගේ තමා ඔය ගෑනු පාර්ශවේට මෙගා ටෙලි නාට්‍ය.එකක් යන්න එකක් පෝලිමට යන මේ කතා නිසා පිරිමි පාර්ශවය කොතරම් අපහසුතාවයට පත් වෙනවද කියලා හිටුවොත් ඔය පෝස්ට් එකම අනිත් පැත්ත හරවලා ආයෙ ලියන්න පුළුවන් :P. මැච් නම් තියෙන්නේ කාලෙකට විතරයි. ඒත් මෙගා සීරීස්????

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ඇත්තටම මටත් ඔය මාතෘකා දෙකම ඔලුවට ආවා.. ටෙලිනාට්‍ය Vs පිරිමි පාර්ශවය කියලා ලියන්න ගියොත් මම පිරිමි පාර්ශවය පැත්තට අසාධාරණයක් කරාවි කියලා මේක ලියන්න තෝරගත්තා.. ;) හා හා.. ඒත් ඉතින් ටෙලිනාට්‍ය බැලුවාට කාන්තා පාර්ශවයට සම්බන්ධකම්, බැඳීම් අමතක වෙන්නෙ නෑනෙ.. තවත් වැඩිවෙනවා මිසක්.. ;)

      Delete
  7. ඔයා කැරම් ගහන්න අනේ.. කිරිකොට් ගහන්න එපා !

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... :D

      Delete
  8. එහෙම තමා හලෝ ක්‍රිකට් බලනකොට. ඒක විතරක් නෙමෙයි තමන්ගේ විනෝදාංශ වලට ඇබ්බැහි වෙලා ඉන්න වෙලාවට කව්රු කතා කලත් ඇහෙන්නේ නැහැනේ... එව්වට ඉතින් සද්ද දාල ඉන්න නෙමෙයි හරි.....?? :P

    ReplyDelete
    Replies
    1. ආ........ මෙයාගෙ සද්දෙ..:P අප්පා.. එහෙමයි කියලා ඉතින් ඕනෙම විනෝදාංශයකට ඇබ්බැහි වෙන්න දීලා බලන් හිටියොත් හොදට හිටී.... :/

      Delete
  9. ඉෂාන්ද ක්‍රිකට් පිස්සෙකි..පොස්ට් එකේ ලියලා තියෙන හුගක් දේවල් මටත් වෙලා තියෙනවා. කාන්තා පාර්ශ්වයත් එක්ක තමා ගැටුම.මේ දවස් වලත් කේස් ඉතින් මැච් බලන්න ගියාම. මං මේ හිතන් ඉන්නේ කප් එකට කලින් මගේ කාමරේ තියෙන ටීවී එක හදාගන්න. නැත්නම් ඒකවත් නිදහසේ බලන්න නැතිවෙයි.. :(

    ReplyDelete
    Replies
    1. ආ.. මේ තියෙන්නෙ සාක්ෂී!!!! :D හා හා.. ඉකමනින්ම හදාගන්න ටීවී එක.. නැත්තම් ගැටුම් උග්‍ර වෙයි..

      Delete
  10. මම නම් ක්‍රිකට් පිස්සියක්...අම්මෝ ඉස්සර නම් එකක් නෑර බලනවා. දැන් ඉතිං වැඩනේ..ඒත් ඉතිං හොද එකක් තියෙන දවසට ජොබ් එක පැත්තකින් තියලා පුල් ස්ක්‍රීන් දාන් බලන්නේ...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... එහෙනම් බට්ටි අක්කාත් පිස්සි නම් අවුලක් නෑනෙ... අනගතේ සුභයි!!! ඒකාන්තයි!!! හැබැයි මහත්තයාටත් ක්‍රිකට් පිස්සුව බෝ කරන්නවෙයි..( මං කිව්වෙ පිස්සුව නැත්තම්)

      Delete
  11. මම නම් ක්‍රිකට් වලට ආසම නෑ.. ක්‍රිකට් මැච් එකක් බලනවා නම් එතනින් විජහට රූටලා වෙන අතකට යනවා.
    හැබැයි එල්ලේ වොලිබෝල් වගේ මැච් ගියොත් බලනවා...

    මොකෝ එකපාරටම ක්‍රිකට් මැච් මතක් උනේ.. නංගිත් ක්‍රිකට් මැච් බලනවද ???

    ReplyDelete
    Replies
    1. ආහ්හ්හ් බැලුවාම හුඟාක් බ්ලොග් ලියන පිරිමි පාර්ශවයත් ක්‍රිකට් වලට අකමැතියිනෙ..:D

      නිකන් අයියෙ ලියන්න හිතුනෙ..:) මම එහෙම නිතරම මැච් බලන්නෙ නෑ.. ඒත් විශේෂ අවස්ථා බලනවා..:)

      Delete
  12. ක්‍රිකට් සහ කාන්තා පාර්ශවය කිව්වම මතක් උනේ...මම අදුනන කපොල් එකක් ටෙස්ට් මැච් එකක් අස්සෙ පිට්ටනියට රිංගලා ලව් කොරන්න... පැය ගාණක් එතන ලැගලා හැන්දෑවෙලා ගෙදර ආපුවහම කෙල්ලගෙ අම්මා ඇගට ගොඩවෙලා කොහෙ ගිහිල්ලද මේ එන්නෙ කියලා... කෙල්ලත් ඉතිං ඇගට නොදැනී කියලා ක්ල්ස්නෙ ගියෙ කියලා...

    කන රත්වෙන්න එකක් ගහලා අම්මා අහනවලු අද SSC එකේද පන්ති තිබුනෙ... උඹ පන්ති ගිය හැටි මල්ලි අපිට ටීවී එකෙන් පෙන්නුවා කියලා... මුන් දෙන්නා ලව් කරනකොට සමීප රෑපයක් මැච් එක අස්සෙ සජීවීව ගෙදරට ඇවිල්ලා කියලා අහිංසක දැරිවි දැනගෙන ඉදලා නෑ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.... නියම වැඩක්නෙ ඒක.. විනාසයිනෙ ඉතින් එහෙම වුනාම..හයියූ......මැච් බලන්න යන එකත් බයානකයිනෙ බැලුවාම.. රටටම පේන්න ටීවී එකෙ පෙන්නුවොත් ලව් කරනවා...:D

      Delete
  13. අපේ එකෙක් අන්තිම බස් එක මිස් කරගෙන එළි වෙනකං බස් හෝල්ට් එකේ ඉඳලා ආයිමත් උදේ ඔ‍ෆිස් ආවා සිංගර් කඩයක් ඉස්සරහා පත ටීවී එකක මැච් එක බලං ඉඳලා....

    ReplyDelete
    Replies
    1. :O බුදු අම්මෝ... එහෙමත් පිස්සුවක්....:D

      Delete
  14. එයා - ඔයාට ඕනේ මාවද ක්‍රිකට්ද?????
    මම - ක්‍රිකට්

    ReplyDelete
    Replies
    1. පුහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!!!!!!!!!!

      Delete
    2. වාතයක් ගියාද...?

      Delete
  15. අම්මපා...පේන කියන්නත් දන්නවද හිතූ...!බලන් හිටිය වගේ කියන්නෙ..වෙනවා නොවෙන්නම් මෙහෙම..!
    ඒත් දැන් කිරිකට්..යන්නෙ අහවල් චැනෙල් එකේනෙ අපේ දිහෑට හරියට පේන්නෑ..තව ඉතිං බ්ලොග් පිස්සුවක් ගහලා නොවෑ..!:)))

    ReplyDelete
    Replies
    1. ආ... අපි එහෙම තමා.. පේන කියනවා.. සාස්තර කියනවා.. අත නොබලා, මූණ නොබලා...;)

      අහ්හ්හ්.. අපෝ.. ඒ චැනල් එකනම්_________ :D

      Delete
  16. කවුරු වුනත් ක්‍රිකට්වලට විරුද්ධ වෙන එකනම් ජාතික අපරාධයක් :/

    ඒ වගේ පංකාදු සෙල්ලමක් තුන් ලෝකෙම නැහැ දරුවෝ

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙනම් ජාතික අපරාධ වැඩිපුර කරන්නෙ කාන්තා පාර්ශවයද?? :O

      Delete
  17. ඔන්න කවද හරි මීගොඩී කියන ගරු නාමයෙන් පිදුම් ලබන වාසනාවන්තිට ඔය ක්‍රිකට් ප්‍රශ්න නෑ .. මීගොඩයට සැරෙන් සැරේ ස්කෝර් එක බලාගන්න තිබ්බහම ඇති.

    හේ හේ මොකෝ කෝල් එක පරක්කු උනාද?????

    ReplyDelete
    Replies
    1. අන්න නියම වාසනාවන්තියක්....;)

      මොන කෝල් එකද හෆ්ෆා...????
      අපිට කොහෙන්ද පූසෝ මාළු කිව්වලු!!

      Delete
  18. ක්‍රිකට් කියන සෙල්ලමට නම් මගේ කැමැත්තක් නැහැ... ඉදලා හිටලා කරන්න වැඩක් ඇත්තේම නැතත් ක්‍රිකට් මැච් එකක් බලන්න නම් මම සෙට් වෙන්නේ නැහැ..... ඒක සෙල්ලම් කරන එවුන් උපයන බලන එවුන්ට වැය වෙන ක්‍රීඩාවක් :(

    ReplyDelete
    Replies
    1. හැම ක්‍රීඩාවක්ම එහෙමයිනේ අප්පා...

      Delete
    2. Hasitha- ම්ම්ම්... හුගාක් ක්‍රීඩා එහෙමයි තමා ඉතින්.. ක්‍රිකට් මැච් බලන්න අකමැති අයාත් ඉන්නවානෙ නෙ... සතුටුයි!!! :P

      Delete
  19. බැරිම තැන අපේ තාත්තා පුංචි ටී වී එකක් ගෙනත් කාමරේට හයි කර ගත්තා. ක්‍රිකට් පිස්සුවෙ තරම

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.... එහෙනම් හිතාගත්ත හැකි අක්කිගෙ තාත්තාගෙ ක්‍රිකට් පිස්සුවෙ තරම..:D

      Delete
  20. නාඩියාත් ඉස්සර ක්‍රිකට් පණ ඇරගෙන බැලුවා..දැන්නම් එච්චර පිරියක් නෑ!

    ReplyDelete
    Replies
    1. අප්පිරිය වෙලාද දැන්??? ;)

      Delete
  21. මට නම් ක්‍රිකට් බලන්න කම්මැළී..ෆුට්බෝල් එහෙම නෙවේ..

    ReplyDelete
    Replies
    1. ආහ්හ් හා.... ෆුට් බෝල්!!!!! :D

      Delete
  22. වෙලාවට මදාරටත් මට වගේම ක්‍රිකට් පිස්සුව.. පවුලම එහෙමයි.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් අයියාට නෝ ප්‍රොබ්ලම් කිව්වලු!!!!

      Delete
  23. වාසනාවට අපේ ගෙදර කාටවත් ක්‍රිකට් ගැන ආසාවක් නෑ... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... වාසනාවන්ත ගෙදරක්!!! අනාගතේ සුභම වේවා!!!

      Delete
  24. හප්පේ කතාව නම් සහතික ඇත්ත! දවස තිස්සෙ මැච් බලල අම්මගෙන් කොච්චර නම් බැනුම් අහල ඇත්ද. දැන්නම් හැබැයි එහෙම මැච් වලට ආසාවක් නෑ

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඒකනෙ මම කිව්වෙ.. බොරුද? නෑනෙ.. ඔය තියෙන්නෙ සාක්ෂිත්!!! ඇයි මේ හැමෝටම එපා වෙන්නෙ කාලයක් යද්දි ක්‍රිකට්??

      Delete
  25. අපේ ගෙදර අම්මා,තාත්තා,අක්කලා දෙන්නා මෙන්ම කලින් කලට ඉන්න පූසන්ද මම මෙන්ම තඩි පිස්සන්ය. ඒ ලෝකයේ ඕනෑම කණ්ඩායමක ක්‍රිකට් තරඟ වෙනුවෙන්..අපේ ගෙදර එවුන් ඕනෑම කණ්ඩායමක ඕනෑම එකෙක් කටහඬින්,ගහන ෂොට්ස් වලින් සහ ඇවිදින විදියෙන් යන ඕනෑම විදියකට අඳුනති..එබැවින් ක්‍රිකට් සම්බන්ධයෙන් අපේ ගෙදර අර්බුද නැත..කෙල්ලෙක් තවම නැති නිසා ඒ අර්බුදද නැත..එසේම මගේ ක්‍රිකට් වින්දනයට බාධාකරන එකියක් සෙට් වුනොත් ක්‍රිකට් හොඳයි ලව් වාතය වෙන හින්දා කියලා නිකං ඉන්නවා

    ReplyDelete
    Replies
    1. //කලින් කලට ඉන්න පූසන්ද මම මෙන්ම තඩි පිස්සන්ය// :O :O පූසොත් ක්‍රිකට් පිස්සොද?? හෆ්ෆා.. මරුනෙ..:D

      එහෙනම් ඔන්න මම ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් පිස්සියක්ම සෙට් වෙන්න කියලා..

      Delete
  26. අපේ ගෙදරත් ඉන්නේ ක්‍රිකට් පිස්සෝ :)

    ReplyDelete
  27. වෙලාවට අපේ තාත්තාත් ක්‍රිකට් පිස්සෙක් නෙවේ.අනාගතේ කෙනත් එසේ නොවේ...:D

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්... අනාගතේ කෙනා ගැන අපිට කිව්වෙ නෑනෙ.. ;)

      Delete
  28. ක්‍රීඩා තරග සහ රූපවාහිනි නැරඹීම නොකරන නිසා මේවගේ අවුල් අතිවෙලා නැහැ. ඒනිසා කවුද දිනුවේ, ඇයි මැච් එකට එහෙම වුනේ, තීන්දුව හරිද මේවගේ දේවල් කවුරු හරි කතා කලොත් මාව කරකවලා අතෑරියා වගේ දැනෙනවා. මොකද ඒගැන මොලෝ හසරක් නොදන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා විදියකට බැලුවම හොදයි...:) පොත පතට, කලාවට ඇබ්බැහි වුනාම එව්වා එපා වෙනවානෙ..

      Delete
  29. හප්පේ මම ක්‍රිකට් පිස්සෙක්... මට වර්ල්ඩ් කප් එක බලන්න යන්න ෆ්‍රී ට්කට් එකකුයි වර්ල්ඩ් කප් එකත් එක්ක පොටෝවකුත් ගහන්න සෙට් වුනා දෙරණ ටීවි එකෙන් කප් එක පිළියන්දලට අරගෙන ආපු වෙලාවෙදි.... කරුමෙක මහත කියන්නේ මට වෙද ගෙදර නවතින්න වුනේ ඔය මාසෙදි.අන්තිම මැච් 4ක් 5ක් බලන්න යන්තම් පුළුවන් වුනා අනික්වා බැලුවේ හිච්චං චයිනීස් පෝං එකකින්....

    වෙලාව කියන්නේ පෙම්වතීටත් ක්‍රිකට් කිව්වම මෙලෝ සිහියක් නෑ... මටත් එසේමැයි.හැබැයි මැච් එකක් පැරදීගෙන එනකොට මට කෝල් එකක් අරගෙන කලින් අවුට් වෙච්චි එවුන්ට පතුරු යන්න බනිනවා දුකටම ඉන්පස්සේ ආයේ මැච් බලන්නැ කියලා ටීවි එක වහනවලු ඒත් ආයෙ මැච් එකක් යද්දි මටත් කලින් ඉඳන් එයා ටීවි එක දාගෙන... හි හි

    මම නම් මැච් එක ගෙඩි පිටින් පරදින්න ගියත් ටීවි එක වහන්නැ.ඒවට හරියන්න ලංකාව මට හොඳට සලකලා තියෙනවා.මැතිව්ස් එහෙම මගෙ විස්වාසෙ කඩ කරන්නෙම නෑ.දෙක තුනක් පැරදුනාට ඒ තරම් අවුලකුත් නෑ ඉතින්.

    අදත් මැච් එකක් හි හි

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ගැමියා මල්ලිගෙ විස්තරේ!!! හැබැයි මැච් බලන්න යන්න නොවුනු එකනම් අපරාදෙ.. :( කොහොමවුනත් මල්ලිට කාන්තා පාර්ශවයෙන් සපෝට්නෙ.. ඉතින් අවුලක් නෑ>>>:D

      Delete
  30. ක්‍රිකට් කොතනද මම එතන..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් එසේමයි මහා රජ තුමනි!

      Delete
    2. රජ- හික්ස්ස්.. එහෙනම් එතනත් විනාසයි!!! ;)

      Delete
  31. ක්‍රිකට්..ම්ම්ම්..මෙහෙමයි ඉතින්.. මමත් ක්‍රිකට් පිස්සියෙක් තමා.. ඒත් ඉතින් මගේ කෝල්ස් වලටත් ක්‍රිකට් ... දෙනකොට නම් මට තද වෙනවා.. මන් කියන්නේ ක්‍රිකට් බලන අතරේ එක විනාඩියක්ට කෝල් එකක් ගත්තා ඒ විනාඩිය ක්‍රිකට් නැතුව වෙන මොනා හරි කතා කරලා නම් ඉවරනේ.. රංඩු මුකුත් නැ.. නැත්නම් ඉතින් ෆොන් එක කනේ තියාගෙන ඉන්න මුලු වෙලාවේම සන්ගා ගහපු පාරයි.. මහේල අල්ලපු කැච් එකයි ගැන අහගෙන ඉන්න ගියාම එපා වෙනවනේ අප්පා.. ;) නැද්ද මන් අහන්නේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්..... අන්න හරි!! ක්‍රිකට් කියන්නෙ ක්‍රිකට්!! හැම එකත් එක්කම ක්‍රිකට් පටලගත්තාම බෑනෙ ...:D

      Delete
  32. මමත් මැච් බලන්න නම් ආසයි..ඒත් ගොඩක් වෙලාවට විශේෂම මැච් එකක් තමයි දැන් නම් බලන්නේ....

    ReplyDelete
    Replies
    1. අහ්හ්... හුඟාක් අය එහෙමයිනෙ..:D

      Delete
  33. හේ හේ.. ක්‍රිකට් මැච් බලන්න ආසය.. බලන්න වෙලාවක් නැති නිසා වැඩිපුරම ආස ඒ ගැන කියන දේවල් එයාගෙන් අසා සිටීමටය.. ප්‍රශ්න නැත.. ආදරේටත් ආදරේනම්.. ක්‍රිකට් වලටත් ආදරේනම්.. අනිත් කෙනා අනිත් කෙනාව තේරුම් ගන්නවනම්..
    ක්‍රිකට් මේ තරම් බැනුම් අහගන්නෙ නෑනෙ.. :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි!! හැමදේම බැලන්ස් කරගෙන යාමේ හැකියාවත් ආදරේ කරද්දි තියෙන්න ඕනෙනෙ..:D

      Delete
  34. මමත් ක්‍රිකට් පිස්සියක්.
    ඒ නිසා අනාගතේ ඔය වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සුභ අනාගතයක්!!!!

      Delete
  35. මමත් බලනවා මට මැච් බලන්න ඕනේ තනියම. ටීම් එකේ පොඩි පොඩි වැරදි වලට මාත් එක්ක ඉන්න වුන් එනම් මනං කියද්දී මට වුන් එක්ක කේන්ති. කොච්චර පැරදුනත් වචනයක් කියන්නේ නැහැ. ඒ නිසා තනියෙන්ම තමා බලන්නේ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. අයියාට කේන්ති ගියාම ඉතින් කොණ්ඩෙ කෙලින් වෙනවානෙ..:D හික්ස්ස්.:D

      හ්ම්ම්.. බොක්කෙන්ම ක්‍රිකට් වලට ආදරේ අය එහෙමයිනෙ..:D

      Delete
  36. පෝස්ට් එක නම් කියෙව්වා.. දැන් අපිට මොකද කරන්න කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. මොකුත් කරන්න කියන්නෙ නෑ... කරන්න ඕනෙ මොකක්ද නැද්ද කියලා තීරනේ කරන්න ඕනෙ ඔයාලා..

      Delete
  37. මේ මම වගේ මැච් පිස්සියෙක් වුණා නම් හරි.. බලන්න විතරයි හැබැයි...:))))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අඅයෙත් අහලා...:D

      Delete
  38. අපෝ මට නම් ඔය ප්‍රශ්න එකක් වත් නෑ
    බෝඩිමේ ඉන්න හැම එකාම වගේ ක්‍රිකට් උණ කාරයෝ උන් අනිවා මැච් එක බලනවා
    මඩවතිත් ෂේප් එකේ තියාගන්නවා එවන msg එකකට රිප්ලයි කරලා
    ගෙදර ගිය දවසට තමා පොඩ්ඩ හරි අවුල් ;)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මඩයා ගොඩ... ;) smart කොල්ලො එහෙමනෙ.. ගානට ඔක්කොම බැලන්ස් කරගන්න දන්නවා නේ?

      Delete
  39. හික්ස්. මැච් තමයි පණ යනවා මතක් වෙද්දිත්.මුරලි ප්ලේ කරපු අන්තිම මැච් එක බලන්න ගාල්ලේ ගියා මගේ අතිජාත මිත්‍රයත්(මිතුරිය) එක්ක. ගෙදරට හොරෙන්...ඩී... බලලා කරලා එනකොට ජංජාලයයි. අපි දෙන්නව හොදට ළං කරලා ටීවී එකේ පෙන්නලා..පී.. එදායින් පස්සේ ටිකක් උණ බැස්සා.. ඉතිං කොල්ලොන්ගේ ක්‍රිකට් පිස්සුව ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්... මරු අත්දැකීමක්නෙ ඒක..:D එහෙම හොරෙන් ගිහිල්ලා බලලා එන එකත් මරු ;)

      Delete
  40. ඈ මාර කතාවක් නේ.. කෙල්ලො වගේද ක්‍රිකට් :P

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....