නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

05 August 2012

නොදැනුන ආදරේ!!!!!

"ඔයා දන්නවාද? ආදරේ කියන්නෙ ආදරේට!!! වෙන මුකුත් නෙවෙයි.."

"මම දන්නවා ආදරේ.. ඔයාටත් වඩා දන්නවා මම "

"ඔයා දන්නවා... ????  හි..හි..හි... හි...." 
එයා හිනා වුනා. නිකන් පිස්සෙක් වගේ.. හරියට මට සමච්චලයට වගේ.
"ඔව් දන්නවා තමා.. ඇයි හිනා වෙන්නෙ? "

"හිනා යනවා මට.ඕක විහිළුවක්.. ඔයා ආදරේ දන්නෙ නෑ.. ඒත් ඔයා කියන්නෙ ඔයා ආදරේ දන්නවාලු.."


"පිස්සු ඔයාට නම්.. මාව තරහ ගස්සන්න එපා..ප්ලීස්."
ඒ සැරේ නම් මට ඇත්තටම තරහා ගියා.


"හරි එහෙනම් කියන්න මට ආදරේ කියන්නෙ මොකක්ද කියලා?"


"ආදරේ... ම්ම්ම්....ම්ම්.. ආද..රේ.. ම්ම්ම්.. දන්නෙ නෑ.. ඒක කාටවත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ.."


"අහ්හ්.. ඔයා ආදරේ දන්නවාලු. ඒත් පැහැදිලි කරන්න බෑලු.. හරි.ok. අමතක කරන්නකෝ ඒක."


"ම්ම්....." 
මම හූමිටි තිබ්බා විතරයි. පන්සිළු එක්ක ආදරේ ගැන වාද කරල දිනන්න බැරි බව දන්න නිසාම ,මම ආදරේ ගැන වාද කරන්න ගියේ නෑ..


අපි ඔහේ ඇවිදගෙන ගියා. ඉර බැහැගෙන යන වෙලාවට මූදු වෙරළෙ තියෙන ලස්සන මම වින්දා. ඒත් එක මොහොතකට පන්සිළුගෙ ආදරේ මගේ හිතට මහා බරක් වුනා.ඒ බර හිත ඇතුළෙ යටපත් වෙලා තිබුණාට කොයිමොහොතක හරි ආයෙමත් ඉස්මතු වෙනවා..


ඒත් මට ඕනෙ වුණේ මේ දැනෙන පීඩනෙන් මිදෙන්නයි.පන්සිළු මට ආදරේ වුනත්, මට පන්සිළුට ආදරේ කරන්න බෑ.. මට පන්සිළුගෙ ආදරේ දැනුනාත්, පෙරළා පන්සිළුට ආදරේ කරන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ.. ඉතින් තවමත් පන්සිළු මගේ ආදරේ බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.


"ඒයි... මොනාද නෙතූ කරන්නෙ? උඩ බලාගෙන තරු ගණන් කරනවාද?"


පන්සිළුගෙ කෑගැහිල්ලෙන් මගේ සිතුවිලි බිඳුනා.


"නෑ ..හලෝ.. මම මේ වළාකුළු ගැන්නා.. "


"ඒකත් හොඳයි.. හීන කුමාරයාසුදු අස්සයාගෙ පිටින් ඇවිල්ලා බහිනකන් ඇඟිලි ගනිනවාට වඩා , වළාකුළු  ගනින එක හොඳයි.."


පන්සිළු මට නෝක්කාඩුවට වගේ කිව්වා..මට දැනුනා මොහොතකින් මගේ කම්මුල් වලට ලේ පිරෙනවා.. දැන් කම්මුල් රතුවෙලා ඇති.. මගේ ඉවසීමෙ සීමාව පැන්නා. පන්සිළුට ඕනෙ වුනේ මම ආදරේ ප්‍රතික්ෂේප කල එකට මට රිදවන්නයි..


"ඔය ආයෙමත්... ඔයාට ඕන මගේ  හිත රිද්දන්නමයි..මම අස්සයෝ පිටින් කුමාරවරු ඇවිල්ල බහිනකම් ඇඟිලි ගනින්නෙ නෑ.. ගැන්නෙත් නෑ කවදාවත්.."
 මම හිතට ආව කේන්තියට එහෙමම කියාගෙන ගියා..


"ඇයි තරහා ගන්නෙ? ඇත්ත කියද්දි ඔයාට දුක හිතෙන්නෙ ඇයි? ඔයා ඇත්තට බයයි නෙතූ.. ඔයා ආස නෑ මේ ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න. ඔයාට ඕනෙ ඔයා මවාගත්ත ලෝකෙක ඔහේ ඉන්න."


"මම මවාගත්තු ලෝකයක් නෑ...මම යනවා මෙතනින් යන්න. ඔයා එක්ක කතා කරලා තේරුමක් නෑ.. කවදාවත් මේකෙ ඉවරයක් නෑ.."


"යන්න කලින් අහන්න මේ ටික.ඔයාට මාව ඕනෙ නෑ.. හරි. ඒකට කමක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ. ඒත්, ආදරේ කියන්නෙ ඔයා ඔය හොයන දේ නෙවෙයි. ඔයාට ඕනෙ  perfect match එකක්. ඔයා ඇත්තටම ආදරේ නම් හොයන්නෙ , ඔයාට කොන්දේසි, සීමා, මායිම්,මිනුම් දඬු තියෙන්න විදියක් නෑ..ඔයාට ආදරේ වෙනුවෙන් කැපවීම් කරන්න බෑ.. ඒ නිසායි ඔයා එහෙම කැපවෙන්නෙ නැතුව ඔයාටම ඕනෙ විදියෙ කෙනෙක් හොයන්නෙ.ඔයාට බෑ ආදරේ කරන්න. ඒකයි ඇත්ත."
මොහොතකට මට දැනුනෙ මගේ පපුවට පන්සිළු පිහියකින් අනිනවාදෝ කියලායි. ඒ තරමට ඒ වචන තියුණු වුනා.ඒත් මම ඒ තියුණු වචන වලින් රිදවගත්තුබව පන්සිළුට පෙන්නුවෙ නෑ.. මම දරාගත්තා..


"ඔයා ඕනෙ දෙයක් කියන්න. ඒත් මම දැන් ඉස්සර තරම් බොළඳ නෑ.. ඔය ආදරේ කියන වචනෙ පස්සෙන්  විතරක් එළවලා මට වුනු හොඳක් නෑ.. මම ජීවිතේ හුඟාක් තැන් වරද්දගත්තා විතරයි. ආදරේ විතරක් තිබිලා ජීවත් වෙන්න බෑ.. ආදරේ පවතින්න තව හුඟාක් දේවල් ඔනෙ.."


"මොනාද? ඔයා හොයන්නෙ? ඔයාට කෙනෙක්ගෙ පෙනුමට, තත්වෙට, බලයට, නිලයට,හිත ගියා කියන්න. ඔයා ආදරේ කරා කියන්න.ඒත් දවසක ඔය කියන භෞතික දේවල් නැති වෙන්නත් පුළුවන් නෙ?? එතකොට?"


" මම කෙනෙක්ගෙ නිලයට බලයට තත්වෙට පෙනුමට ආදරේ කරන්නෙ නෑ.. ඒත් ආදරේ දැනෙන්න ඕනෙ දෙයක්..මට ඔයාව දැනෙන්න ඕනෙ. ඔයා වෙනුවෙන් ජීවත්වෙන්න වගේම මැරෙන්නත් හිතෙන්න ඕනෙ. ඒක උමතුවක් වෙයි සමහරවිට.ඒත් මට ඕනෙ එහෙම..."


මම කකුළෙන් මූදු වෙරළේ වැලි හාරගෙන, තෙරපගෙන වචන පිට කලා. ඒක හිතේ තියෙන දුකද තරහවද , කළකිරීමද කියලා අඳුරගන්න බැරි හැඟීම පිටකරගන්න ලේසිම විදියක් වුණා.


"ඉතින් ඔයාට මාව දැනෙන්න ඕනෙ. එහෙම නැත්තම් ඔයා මාව කෙලින්ම ඔයාගෙ ජීවිතෙන් අයින් නොකර තියාගෙන ඉන්නෙ නෑනෙ..?? ඔයාට මාව නැති කරගන්න හිත දෙන්නෙත් නෑ.. එහෙමනේ?"
පන්සිළු වේගෙන් කියාගෙන ගිය සමහර වචන වලට මගේ හුස්ම වැදිලා තිබුණා කියලා මට හිතුණා. ඔව්.. සමහර මගේ සිතුවිලි එහෙම්ම පන්සිළුගෙ කටින් පිටවුණා.ඒ ඇස් ලාවට රතුවෙලා. හිතාගන්න බැරි තරම් ගැඹුරු පතුලක් නොපෙනෙන හිතක් තිබුණු පන්සිළුගෙ ආදරේ මට දැනුනෙ නැතුවමත් නෙවෙයි.. ඒත් මට කවදාවත් පන්සිළුට ආදරේ කරන්න තරම් එයාව දැනුණෙ නෑ..


"අනේ දෙයියනේ මම දන්නෙ නෑ ...මම දන්නෙ නෑ.. ඒත් මම දන්න එකම දේ, ඔයා මම හොයන කෙනා නෙවෙයි කියන එක විතරයි පන්සිළු....ඔය විදිහට මට ගරහන්න එපා..ප්ලීස්.. මම ආස වුනේ නෑ ඔයාගෙ හිත රිදවන්න. ඔයා වෙනස් කෙනෙක්. ඔයා අමුතුයි. ඔයාගෙ ආදරේත් අමුතුයි.. ඒත්... ඒත්.. ඒ ඔයා නෙවෙයි.. ඔව්.. මගේ හිතේ ඉන්න කෙනා ,ඔයා නෙවෙයි.."


ආපස්සට හැරිලා ආපු පන්සිළු මගේ උරහිසින් තද කරලා අල්ලගත්තා.ලා රතුපාටට හැරුණු ඒ ඇස් වලින් මගේ ඇස් වල පතුලටම එබුනු පන්සිළු දිහා බලන්න මට දුක හිතුණා. ඒ වගේම බයත් හිතුණා.


"ජීවිතේ කවදාහරි දවසක ඔයාට හිතෙයි, ඔයා හොයපු දේ ලැබුණාට ඇත්තටම ඔයාට ඕනෙ වුනේ මේ දේ නෙවෙයි නේද කියලා. ආදරේ කියලා නම දාගෙන ඉන්න ඔයාගෙ ඔය විහිළුව ,ඔයාගෙම ඇස් රතු කළොත්.....එදාට සමහරවිට ඔයාට මාව මතක් වෙයි.. මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා...."


මගේ ඇස් වල ලාවට වගේ කදුළු පටලයක් ඇඳෙද්දි, පන්සිළු මාව අතෑරියේ මගේ ඔලුවත් හිමීට අතගාලයි.


"දැන් ඔයා යන්න නෙතූ.. දැන් යන්න. යන්න... මට මෙතන ටිකක් වෙලා ඉන්න ඕනෙ තනියම.."


"ඒත් පන්සිළු... ඔයා..."


"ප්ලීස් නෙතූ.. මම ඔයාගෙන් ඉල්ලන්නෙ අන්තිම වතාවටවත් මට මේ උදව්ව කරන්න..ඔයා මට ආදරේ කරන්න ඕනෙ නෑ..its Ok.මට පුළුවන් දරාගන්න. මම ඔයාව අමතක කරන්නම්.. දැන් සතුටුයිනෙ ඔයාට??ඒත් දැන් මෙතනින් ඔයා යන්න.. ප්ලීස්.....ප්ලීස්..."


කවමදාකවත් ජීවිතේදි කිසිම කෙනෙක්ට ගින්දරක් නොදීපු මට, පන්සිළු තනිකරලා යන්න යද්දි දැනුනේ මම මොහොතකට හරි වැරදිකාරියක් කියලා.මගේ ඇස්වල කඳුළු අලුත් වුනා. ඒත්, ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙනුත් මේ තරම් තැවෙන්න, දුක්වෙන්න මට වෙන හේතුවක් තිබුණෙත් නෑ.. මට එක මොහොතකට මාවම තේරුම්ගන්න බැරි වුනා.


ඒත් අවසානෙදි මම අමාරුවෙන් හරි පන්සිළුව තනි කරල ආපහු එන්න හැරුණා.ආපහු හැරිලා බලන්න හිත මුරණ්ඩු වෙන්න හැදුවත්,මම හිතුවක්කාරකමට ආපහු හැරිලා නොබලාම දිව්වා...

ආදරේ අකුරු හතරක්...
කවුරුත් නොදන්න තේරුමක්...
ගලපගන්න බැරි කවියක් වගේ,
තෝරන්න බැරි තේරවිල්ලක් වගේ,
හදවතේ ඇතිවෙන  දැවිල්ලක් වගේ,
මම දන්න එකම එක දේ,
ආදරේ කියන්නෙ  නම් ගින්නක් වගේ.......


                                         
                                           ෴ නිමි ෴


ප.ලි- කාලෙකට පස්සෙ පිස්සු කතාවක් ලිව්වා. :D සිතුවිල්ලක් පමණි තමා ඉතින්.. ඒත් එහෙම දාලා වැඩකුත් නෑනෙ... :/ 

Post Comment

91 comments:

  1. හ්ම් කාලෙකින් ඔන්න හිතුගේ හිතට දුක හිතිලද කොහෙද ලියන්න පටන් අරන් ඉන්න බලන්න බලලම කොමන්ට් එකක් දාන්නම්කො පෝස්ටුව ගැන

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන්න ඕනෙම නෑ අනෙ.. මම වෙලා තියෙන වෙලාවට ලියනවා...:)

      Delete
  2. මාත් මේ කල්පනා කලේ කවුද හරි කවුද වැරදි කියලා..
    මටත් ඔය වගේ ප්‍රශ්ණයක් තිබ්බා තාම උත්තරේ ලැබුනෙ නැති.
    මේ ඒක නෙවෙයි නංගි මේකට ප.ලි හරි ප.ප.ලි හරි කෑල්ලක් නැද්ද...
    අහ් ම්ක කෙටි කතාවක්නේ..අමතක වුනා...
    ආදරේ එක පැත්තක් එක එක්කෙනෙක් ඒක විඳින ආකාර දැනෙන ආකාර...ගොඩක් ලස්සනයි....
    මේ තව එකක්..කෙටි කතාව කෙටි වැඩිද මන්දා...ලස්සනයි නංගි.

    ReplyDelete
    Replies
    1. අලේ සොලි ප.ලි තියනවනේ....ප.ප.ලි තමයි නැත්තේ....ඒක මම දාන්නද කමක් නැත්නම්..

      Delete
    2. තැන්කූ අයියා... :) කෙටි කතා කොහොමත් කෙටියිනෙ ;) ප.ප.ලි යක් දාන්න දෙයක් නෑනෙ.. ;) ඔයා දැම්මත් ඉතින් දාන්න දෙයක් නැත :P

      Delete
  3. .ඔයාට ආදරේ වෙනුවෙන් කැපවීම් කරන්න බෑ.. ඒ නිසායි ඔයා එහෙම කැපවෙන්නෙ නැතුව ඔයාටම ඕනෙ විදියෙ කෙනෙක් හොයන්නෙ.ඔයාට බෑ ආදරේ කරන්න. ඒකයි ඇත්ත."

    අන්න මම හොයපු වචන ටික. මේ අදහස මට හිතිල තිබුනා හිතු ගැන නොවෙයි ඕං මේ මං ගැනම. ඒත් මට ඒක ලියල තිබිල කියවන්න ලැබුනේ අද. නියමෙට ලියල තියෙනවා හදවතට දැනෙන විදිහට ඉස්සරටත් වඩා දක්ෂයි වගෙයි දැන්නම්.

    මේකේ අවසානෙට මමත් කැමැතියි ඒ වගේම ඒ අවසානයට කලින්වත් මේ ගැනු ලමය කරේ වරදක් කියල තේරෙනව නම් අන්න එක තමයි වටින්නේ බැන්නත් කමක් නෑ මට සමහර අය ඇත්තමයි සිත් එක්ක සෙල්ලම් කරනවා

    ආදරේ කරන්නෑලු හැබැයි එයා එක්කමයි කතාව, ආදරේ කරන්නෑලු හැබැයි එයා නැතිවත් බෑ. අහිංසක කොල්ල පව් අහුවෙනවා හිටු කියලා. දැන් ඉතිං මට බනියි. බැන්නට මොකද ඇත්තනේ කතාව. හිකිස් ය.

    හිතුට ජය වේවා. එහෙනම්

    ReplyDelete
    Replies
    1. //ආදරේ කරන්නෑලු හැබැයි එයා එක්කමයි කතාව, ආදරේ කරන්නෑලු හැබැයි එයා නැතිවත් බෑ. අහිංසක කොල්ල පව් අහුවෙනවා හිටු කියලා//
      දෙපැත්තටම එසේමය.. :))))

      Delete
    2. කතාවනම් ඇත්ත මච0. මේ අහි0සක මී පැටියටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.

      Delete
    3. මියැදුණූ සිතක්- හි හි ... තැන්කූ තැන්කූ!! හිතට දැනුනානම් එච්චර්යි..:)

      ම්ම්ම්.. එහෙම සෙල්ලම් කරන අයත් ඉන්නවා තමා.. පිලිගන්න්වා.. පිරිමි ගැහැණු බේදයක් නැතුව ඒක එහෙමම තමා.. ඒත් හැමෝම එහෙමත් නෑනෙ.. මට ඕනෙ වුනේ දෙපැත්ත ගැනම එක එක විදියට මතුකරලා පෙන්වන්නයි..:)

      Delete
    4. නිසූපා අක්කි- ඇත්ත කතාව... :) දෙපැත්තක් තියෙනවානෙ..

      Delete
    5. මී පැටියා- පව් හෆ්ෆා.. අහිංසක මී පැට්ටෙක්...

      Delete
  4. පිස්සු කථාවක් කිව්වට .. ආදරේ ගන හුගාක් දේවල් කථා කරල තියනවනේ.. හැඟීම් විස්තර කරල තියන විදිය හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. හි හි..ස්තූතියි අයියේ!!

      Delete
  5. කිසිම පිස්සු කතාවක් නෙවෙයි.. සැබෑ ලෝකේ හැබෑවට වෙන කතාවක්.. ඔය කතාවේ චරිත දෙක මම විසින් අවස්ථා දෙකකදී රඟ දක්වා ඇති බැවින් හොඳින් දනිමි.. නියමයි හිතූ.. ලස්සන කතාවක්....
    "ආදරේ කියන්නෙ නම් ගින්නක් වගේ......." සත්‍ය වචන්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රෙඩ්!!!! :) මට තේරෙන තරමට මම ලිව්වෙ, ඒක දැනුනාම්, ඇත්තනම්... සතුටුයි!!!

      Delete
  6. සිතුවිල්ලක් පමණයි කිවුවට මටනං හිතෙන්නේ එහෙම නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ඉතින් ඔයාලත් එක්ක බැරි!!! :D

      Delete
  7. හ්ම්ම් හ්ම්ම්..ආදරේ..ආදරේ..වැඩියෙන්ම කතා කරන....වැඩියෙන්ම හිතට දැනෙන අකුරු හතර...

    ReplyDelete
  8. ආදරේ වෙනුවෙන් කැපවීම් කරන්නෙ ආදරයක් හිතේ ඇති උනාට පස්සෙ..වෙන කෙනෙක් අපිට ආදරේ කරනව කියල ඒ වෙනුවෙන් කැප කිරීම් කරනව කියන එක මට නම් තේරෙන්නෙ නැහැ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. දෙපැත්තක් තියෙනවා කිරිල්ලි ඔතන...

      Delete
  9. හ්ම්ම්.. හිතට දැනෙන විදිහට ලිය උන කතාවක් හිතූ.. ආදරේ කියන අකුරු හතර අතරේ කොයිඔ තරම් ලොකු තේරුමක් හැංගිලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ!! හ්ම්ම්... ඔය හැංගිච්ච තේරුම හොයාගන්න එක මහා අමාරුවැඩක් මං හිතන්නෙ..

      Delete
  10. ඔය වචනේ තේරුම හරියටම දන්න කෙනෙක් ඉන්න විදියක් නෑ ඇත්තටම :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කි!! මාත් හිතන්නෙ එහෙමතමා..

      Delete
  11. පිස්සු කතාවක් නෙවෙයි හිතල හිතල පිස්සු හදා ගන්න පුලුවත් මාතෘකාවක් ඉවසීමෙන් විස්තර කරපු කතාවක්! නියමයි!
    මට නම් හිතෙන්නෙ දෙන්නගෙන කව්රුවත් වැරදි නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූථියි අයියේ!!!! :)

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....

      Delete
  12. ඔන්න මම නම් අයි හෙටි ලවු ස්ටෝරිස් කියන මතයේ ඉන්නේ.
    හොද වෙලාවට සිතුවිල්ලක් විතරමයි කියලා දැම්මේ. නැත්නම් අපි නොමඟ යනවා නෙව..

    පන්සිළු.. ලස්සන නමක්. පංචසික.. කොණ්ඩ පහක් ඇත්තා. (මට මතක විදිහටා
    ඒ වගේම තමා පන්සිළු කියන්නේ දිව්‍යලෝකයේ වීනා වාදකයා...

    පන් සිළු වීනා නද පසු බැස් වූ
    මන් පින වන වෙණ නදයෙන් තොස් වූ
    නන් දන නැක් දුටුවන බිය සිස් වූ
    මින් රළ වුත් ගං වෙරළට රැස් වූ

    ඔන්න ඔහොමයි ගුත්තිලයේ තියෙන්නේ.. නිකන් මතක් උනේ. කතාවට අදාල නැති උනත් ඔහේ කොටලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ආ අයියා අයි හේට් ලව් ස්ටෝරිස් බලලා තියේද? මරු ෆිල්ම් එක..:D මතයත් නරකම නෑ.. ඒත් අනේ මංදා...

      දාන්න නමක් හෙව්වාම එකසැරේට මතකෙට ආවෙ ඕක.. ඉතින් දැම්මා.. අයියාගෙ විස්තරටික හොදායි.. දැනගෙන උන්නෙ නැති එව්වා දැනගන්න වටිනවා..

      Delete
  13. මමනම් අකමැති මේ කතාවට. පොඩ්ඩක්වත් කැමැති නැහැ කේ ගැහැණු ළමයාගේ ක්‍රියාවට. එයා දරුණු වුනා වැඩි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... එක එක්කෙනා දකින්නෙ එක එක විදියටනෙ..:)

      Delete
  14. ලස්සනයි අක්කියෝ..හිතට හුගක් දැනෙන්නම ලියලා තියනවා..ඇත්තටම ආදරේ කියනදේ හිතට දැනුනේ නැත්නම් කොහොමද ආදරේ කරන්නේ..ඒක නම් හරි කියලත් හිතුනා..අනේ මන්දා අක්කියෝ....

    //..ආදරේ අකුරු හතරක්...
    කවුරුත් නොදන්න තේරුමක්...//

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූථියි සිතු!!! :)

      Delete
  15. සමහර අවස්ථාවලදි මමත් මේ වගේ හැසිරිලා තියෙනවා... හ්ම්ම්ම්ම්........ දැන්නම් එහෙම නෑ :ඩී

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම වගේ ජීවිතේ කවදාකදිහරි මෙහෙම අත්දැකීම් තියෙනවානෙ.. :)

      Delete
  16. ,,කාලෙකට පස්සෙ පිස්සු කතාවක් ලිව්වා. :D සිතුවිල්ලක් පමණි තමා ඉතින්.. ,,

    බොරැ කියන්න එපා... මේක සිතුවිල්ලක් පමණක්ම වෙන්න බැරිය කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... මේක සිතුවිල්ලක් නොවන බව ඔප්පු කරන්න මොනාද සාක්ෂි?? :P :P

      Delete
  17. ආදරේ..ආදරේ.....නිර්වචන අහිමි ආදරේ

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම.. අවංකවම... ආදරේ නම්.. නිර්වචන රහිතයි!!!

      Delete
  18. ලස්සන කථාවක්....කාලෙකින් ලියපු නිසාම නෙවෙයි ලස්සනට ‍හිත් දෙකම ස්පර්ශ කරල තියෙනව කියල මටනම් හිතුනේ....

    හරියට ඔයාටම වුන දෙයක් විදියට....

    ලස්සනයි හිතූ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්... මටත් අත්දැකීම් නැතුව්ම නෙවෙයි.. කොහොමවුනත් මම එහෙමම ලියාලානම්, මම සාර්ථකයිනෙ..:D

      Delete
  19. සමහර කතා කියවද්දී හිතට වදින්න තවත් එක හේතුවක් ඒවා අපේ ජීවිත වලට කොහෙන් හරි පුංචිම හරි සම්බන්ධ කමක් තියන හින්දද කියලත් මට හිතනවා. කතාව ලස්සනයි අක්කේ. කෙනෙක්ගේ හිතේ ආදරයක් බලෙන් ඉන්දන්න බෑ. කොච්චර බල කෙරුවත් ඒ හැඟීම හිතේ මතුවෙන්නේ නැත්තම් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්. අනිවා... ඒකනම් මාත් පිලිගන්න්වා.. අපේ කතාවලට සමීප කතාවක් කියවද්දි ඒක හොදටම හිතට වදිනවා තමා...:) ස්තූතියි මල්ලියො!!

      ආදරේ බලෙන් ගන්නත් බෑ.. දෙන්නත් බෑ...

      Delete
  20. හනෙ අම්මේ අමරුවෙන් ලොග් වෙලා කාලෙකට පස්සෙ ඔයාගේ කතාවක් බැලුවා

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... අක්කා සෑහෙන්න කාලෙකින්...:)

      Delete
  21. ම්..ආදරේ තියෙන්නෙ අච්චු හදාගෙන ආදරේ කරන්න නෙවි..
    හිතන්න දේවල් ඉතුරු කරපු අපූරු ලියමනක්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!! කොච්චර අච්චු හැදුවාත්, ආදරේ අච්චුවෙන් උතුරලා ගලලා යනවා.. නැත්තම් අච්චුවට දාන්න තරම් මදිවෙනවා....:)

      තැන්කූ අක්කි!!

      Delete
  22. එල නේ, ලියල තියෙනවා තාත්වික විදියට

    ReplyDelete
  23. අකුරුවලට රාමුවක් හදාගෙන යමිකිසි සීමාවක රැ‍ඳෙනවට වඩා නිදහසේ මෙහෙම සිතුවිලි මිදා හැරියාම එයින් විඳින්න හැකි අරුතක් හොයාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට.. මම කවදාත් ආස නිදහස් ආරකට ලියාගෙන යන්න...:)

      Delete
  24. විවිධ අයට විවිධාකාරව දැනෙනවා..වාගෙම විවිධ විදියට ආදරයත් කරනවානේ...!
    ඒ කොහොම උනත් ආදරයට කැපවීමනම් අත්‍යවශ්‍යයි...!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කැප නොවී ලබාගන්න බෑ මොකුත්ම.. ලබාගත්තත් රඳවාගන්න බෑ...

      Delete
  25. ලස්සන කතාවක් යාලු

    ReplyDelete
  26. මේ කතාව කියවලා මොනවා කියන්නද කියලා මම මේ කල්පනා කලේ....
    ඔහොම ඉන්නකොට අර චන්දන ලියනාරච්චි ගයන එක් සින්දුවකත් මර්වින් පෙරේරා ගයන තව සින්දුවකත් පද පේලි ටිකක් හිතට ආවා..
    "අකුරු සතරකින් මනස පැටලිලා...
    වැලිපිල්ලේ ලිය ලියා ගලපන්නට බැරිව ලත උනා...
    ආදරයයි අකුරු සතර ඒ..."

    "ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී"

    ReplyDelete
    Replies
    1. සින්දු දෙකම මේ කතාව එක්ක ගැලපෙනවානම් තමා..:)

      Delete
  27. සිරා පෝස්ට් එකක්. මී පැටියගේ ඇස් වලටත් කඳුලු පිරුනා.

    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. කෙනෙක් විසින් තව කෙනෙක්ට දෙන දෙයක්. ඒකෙදි පෙරලා අපිට ආදරයක් ලැබෙන්නත් පුලුවන්, නොලැබෙන්නත් පුලුවන්..

    ReplyDelete
    Replies
    1. :) තෑන්ක්ස්ස්.....

      ඇත්ත..ආදරේ පරිත්‍යාගයක්ම තමා..:)

      Delete
  28. මොනවත් කියන්න තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ තරමටම අසරණයි:'(

      Delete
    2. අසර් අයියා- මොකෝ තේරෙන්නෙ නැත්තෙ?? :P

      Delete
    3. දඟකාරි- හික්ස්.. ඒකනම් ඇත්ත.. මෙයා හොදටෝම අසරණයිද කොහෙද.

      Delete
    4. ආදරේ ගැන කියන්න තේරෙන්නේ නැහැ.

      Delete
  29. මොනවා කියන්නද නංගො..
    කවුද කෙනෙක් කියලා තියෙනවලුනෙ.. හදවතින්ම ප්‍රාර්ථනා කරන්න බැරිනම් පැතුමක්.. ආදරයක්.. ඒ දේ නොපතා ඉන්න එක හොඳයි කියලා.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. ඒකනම් ඇත්ත අක්කි!!!

      Delete
  30. ආදරේ ගැන කතා නොකරන තරමට හොඳයි :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... :(

      Delete
  31. කරන තරමට ආදරේ බලාපොරොත්තු වුනාට වැඩක් නෑ එයා ආදරේ කරන්න දන්නෙ නැත්නම්... :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ආදරේ පරිත්‍යාගයක්නෙ..

      Delete
  32. මං හිතුවේ මුන් දෙන්න කපල් එක කියලා,පස්සේ නේ සීන් එක තේරුනේ.එත් කොල්ලට ඔච්චර බලාපොරොත්තු ඇති නොවෙන විදිහට කෙල්ලට ඉන්න තිබ්බා කියලා මට හිතෙනවා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්... බලාපොරොත්තු කියන එව්වා කවුරු කොහොම හිටියත් ඇති වෙනවා... ඒක වලක්වන්න බෑ... ඒත් මෙතනදි ඔයාට හිතුනු දේ හරි වෙන්නත් පුලුවන්..

      Delete
  33. ආදරේ කරන්න ඉතින් උගන්නන්නයැ? දැනිලාම තේරුම් ගත්තනම්... (හැබැයි කියන්ට බෑ අපේ උන්දැලා...කිව්වානම් ඒකටත් ටියුශන් කඩයක් දාවි!)

    ෴සිද්ධිය෴

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒකනම් ඇත්ත. පුලුවන් නම් පන්තියක් දායි..

      Delete
  34. ආදරේ කියන්නේ තේරුම් කරන්න බැරි දෙයක් මට නම් හිතෙන විදියට.. ඒක දැනෙන දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ආදරේ කියන්නෙ දැනෙන දෙයක්.. මම විශ්වාස කරන්නෙත් ඒක..

      Delete
  35. හ්ම්ම්.... මමත් ගොඩක් කාලෙකින්... කතාව ලස්සනයි හිතූ...

    ReplyDelete
    Replies
    1. කොච්චර කාලෙකින් ආවත් අපිට අමතක නෑ...:) ස්තූතියි අනූ..

      Delete
  36. හිතුවක්කාර ආදරේ නේද හිතුවක්කාරි....හ්ම්ම් ඇත්තමයි...
    "ආදරේ අකුරු හතරක්...
    කවුරුත් නොදන්න තේරුමක්...
    ගලපගන්න බැරි කවියක් වගේ,
    තෝරන්න බැරි තේරවිල්ලක් වගේ,
    හදවතේ ඇතිවෙන දැවිල්ලක් වගේ,
    මම දන්න එකම එක දේ,
    ආදරේ කියන්නෙ නම් ගින්නක් වගේ......."

    හුඟාක්ම කැමති මෙන්න මේ වචන ටිකට...! :)

    ReplyDelete
    Replies
    1. ඔව් කවී.. ආදරේත් මම තරම්ම හිතුවක්කාරයි...:D
      ස්තූතියි

      Delete
  37. ඔන්න ලයික් එක දිගේ අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා මෙහාට!!!! :)

      Delete
  38. ආදරේද කෑදරේද කියලා හරියටම දැන ගත්ත නම් ආදරේ සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.... කොහොමද හරියට දැනගන්නෙ??

      Delete
  39. මුලින්මද කොහේදෝ මේ ගෙදරට ආවේ... මතක නෑ... ඔයාගේ පෝස්ට් එක තමා පෝස්ට් එක දවසකටවත්.... සිතුවිල්ලක් පමණක් නම් වෙන්න බෑ....අදට යනවා... ආයෙමත් එනවා...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මෙහාට... :) හි හි තැන්කූ!!!! ආයෙත් දවසක එන්නකෝ....

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....