නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 August 2012

෴ හීන ෴


හීන.... හීන කිව්වාම මොකද හිතෙන්නෙ?? එකපාරටම මතක් වෙන්නෙ හිතේ පුරවගෙන ඉන්න හීන කන්දරාවද? එහෙමත් නැත්තම් රෑ දෙගොඩහරියෙ ,පාන්දරට සීතලට දකින හීනද? එහෙමත් නැත්තම් දවල්ට කාලා බඩ පිරුණාට පස්සෙ ,යාන්තම් ඇහැ පියවේගෙන එද්දි ..,පන්තියේදි, ඔෆිස් එකේදි, කැම්පස් එකේදි  දකින දවල් හීනද? 

ඇත්තටම මම නම් අදහස් කලේ, නින්දෙන් දකින හීන ගැන.ඒ කියන්නෙ අපිට නින්දෙන් හීන විදිහට පේන්නෙ අපේ යටි හිතේ තැන්පත් වුනු මොනයම් හෝ සිද්ධ්යක් හා සම්බන්ධ සිතුවිලිලු..ඒත් අපි හිතේ තියාගෙන ඉන්න බලාපොරොත්තු වලටත් "හීන" කියනවානෙ. බලාපොරොත්තු ඉෂ්ඨ වුනාම , හීන හැබෑ වුනා කියලත් කියනවා..ඒත් ඇත්තටම මටනම් "හීන" කිව්වාම දැනෙන්නෙ කවදාවත් හැබෑ නොවෙන දෙයක් කියලායි.. (මගේ සෘණාත්මක ආකල්ප නිසාද දන්නෙ නෑ.. :p )

කොහොම වුනත් නින්දෙන් දකින හීන පිළිබඳ මහා  හුඟාක් පරණ අතීතයක් තියෙනවානෙ....  එදා මහාමායා දේවිය, සුදු ඇත් පොව්වෙක් නෙළුමක් හොඬින් ගෙන ඇගේ කුසට ඇතුළු වෙනු දුටු හීනයේ පටන්, මේ අද දක්වාම අපිත් හීන දකිනවානෙ...එදා දේවිය දුටු හීනය තුළ අරුතක් ගැබ්ව තිබුණා.ඊටත් පසුව, බුද්ධ චරිතයේ පවා විවිධ අවස්ථා වල හීන පිළිබඳව අපිට අහන්න ලැබෙනවා..කොසොල් රජතුමා පවා හීන 16ක් දැක තිබෙනවා.. මේ විදියට හීන පිළිබඳව බුදු දහමේ පවා විශේෂ කරලා දක්වපු අවස්ථා තියෙනවා..

අපි හුඟාක් කැමතියිනෙ අපිට හීනෙන් හරි සුන්දර දේවල්, අපි ආස කරන දේවල්, සුභ දේවල් පේනවානම්.. සැබෑ ලෝකෙන් නොලැබෙන සුන්දර අත්දැකී හීනවලින් හරි ලැබෙනවානම් කැමති අය ඕනෙ තරම් මේ ලෝකෙ ඇති. ඒ වගේමයි අසුබ හීන, නරක දේවල්, බය හිතෙන දේවල් සැබෑවට වගේම හීනෙන්වත් දකින්න අපි අකමැතියි.. මෙහෙම නරක හීන පේන එක වලක්වගන්න, නින්දට යන්න කලින් ආගම සිහි කරලා , බුද්ධාගමට අනුව නම් පන්සිල් අරන් නින්දට යන්න කියන දේ අපි පිළිගන්නවා..

ඒ වගේම සමහර හීන වල අර්තයන් ගැබ් වෙලා තියෙන බවක් කියැවෙනවානෙ..විශේෂයෙන්, අතීතයේ නම් බොහෝ හීන සම්බන්ධව පලාපල කියන්නට දක්ෂ පිරිසක් ඉඳලා තිබිලා තියෙනවා කියලා තමයි අහලා තියෙන්නෙ..වර්තමානයෙත් ඒ විදිහට හීන විග්‍රහ කරලා පලාපල කියනවා මම අහලා තියෙනවා. විශේෂයෙන් සමහර රේඩියෝ චැනල් වල ඔය හීන පලාපල කියනවා මම අහලා තියෙනවා.. ඒවාගේ සත්‍ය අසත්‍ය බව ගැන නම් අදහසක් නෑ..ඒත් සමහර හීන වලින් කියැවෙන දේවල් විග්‍රහ කරද්දි පුදුම හිතෙනවා..හීනෙන් දැකපු දේ හා කිසි සේත්ම ගැලපෙන්නෙ නැති දෙයක් ගැන තමා සමහර වෙලාවට ඒ හීන වලින් කියැවෙන බව කියන්නෙ.. 

ජනප්‍රවාදයේ තියෙන දේවල් හෝ, මම අහලා තියෙන අදහස් කීපයක් තමයි, හීනෙන් වතුර දැක්කොත් අසුබයි ලු, ඒ වගේම කටේ දත් දැක්කොත්,දතක් ගැලවෙනවා වගේ දැක්කොත් රණ්ඩු අඩ දබර ඇති වෙනවාලු.. ඔය කිව්ව කාරණා දෙක සම්බන්ධව නම් මටත් අත්දැකීමක් තියෙනවා.. මොකද , මම ඔය වගේ හීන දැකපු කීප අවස්ථාවකම මට ඒ දේවල් ඇත්ත වෙලා තියෙනවා.. සමහර විට සිතුවිලි වල බලයද දන්නෙ නෑ... ;)

ඒ විතරක් නෙවෙයි සමහර සත්තු හීනෙන් දැක්කාම , පලාපල සඳහන් කරලා තියෙනවාත් මම අන්තර්ජාලයේම දැක්කා.. ඒවායෙත් සත්‍ය අසත්‍යතාවය ගැන නම් දන්නෙ නෑ..කොහොම වුනත් හීන එක්ක බැඳුනු කතා බොහෝමයක් තියෙනවා.. සමහරක්, මිත්‍යා මත වෙන්න පුළුවන්.. සමහරවිට සත්‍යක් වෙන්නත් පුළුවන්.....

කොහොම වුනත් හීන කියන්නෙ මිනිස්සුන්ට එක පැත්තකින් ජීවත් වෙන්න උත්ප්‍රේරකයක් වෙන්නත් පුළුවන්.තවත් පැත්තකින් නිකන්ම නිකන් සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්.. නමුත් නින්දෙන් පේන හීන වුනත්, හිතින් දකින හීන වුනත්......, හීන කියන්නෙ හීන විතරයි නේද?? කවදාහරි ඔයාලා නින්දෙන් දැකපු හීනයක් හැබෑ වෙලා තියෙනවාද?? නැත්තම් ඔය කියන විදිහෙ පලාපලයක් සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවාද??

කොහොම වුනත් මගේ අදහසනම්..., හීන සුන්දරයි.. ඒවා හැබෑ නොවෙන තාක් කල්........

හීන මල් පිපුණු අත
නෙලන්න ඇත්නම්
දෑතම දිගු කොට.....
ඒත්,
හීන මල්  තිබුණ දෙන්
ඔහේ පර වෙලා ගියදෙන්
බලෙන් දුක් ගන්නෙ කුමකටද,
හීන මල් පරවෙත් දෙන්.....

ප.ලි- පුංචි පෝස්ටුවක්!!! මේ මාසෙටම දාන 2වෙනි පෝස්ටුව.. කාලෙකින් මම ලිව්වෙ නෑ.. හරියකට බ්ලොග් එකක් කියවන්න වුනෙත් නෑ..:( සමාවෙන්න ඕනෙ කියවන්න එන්න බැරි වුනාට..සැප්තැම්බර් මාසෙන් පස්සෙ ආයෙත් දිගටම එන්නම් මේ පැත්තෙ.. ජය වේවා!!!

Post Comment

82 comments:

  1. මම එක නෙද?
    කාලෙකට පස්සෙ හොද ලිපියක්, මිට වඩා ව්Aඩිපුර ලියන්න. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා එක..!!! :D
      අවංකවමද කිව්වෙ හොදයි කියලා?? ;) ස්තූතියි!! ආයෙත් ලියද්දි හුඟාක් ලියන්නම්

      Delete
  2. මට හීන නෙපෙනේ.. පෙනුනත් උදේට මතක නැත.

    දෙයියන්ගේ පිහිටෙන් වැටුන තැන නින්ද යන්නේය. :)

    ReplyDelete
    Replies
    1. හි හි... :D මටත් ඔය ලෙඩේ තියෙනවා..ඒත් සමහර හීනනම් මතක හිටිනවා...

      Delete
  3. මටත් එක එක විදිහේ හීන නම් පේනවා.. සමහර හීන වලින් දකින් දේ සැබෑ ජීවිතේ එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවලුත් තියෙනවා. කොහොම වුනත් නින්දේ දකින හීන හොඳයි ඇස් ඇරගෙන දකින් හීන වලට වඩා..
    ජය වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. // සමහර හීන වලින් දකින් දේ සැබෑ ජීවිතේ එක්ක සම්බන්ධ වෙච්ච වෙලාවලුත් තියෙනවා.// ශාහ්හ්හ්හ්හ් නියමයිනෙ... :D හැබැයි ඉතින් හොද විදියට පේන හීනනම් හොදයි!!! :D

      සහතික ඇත්ත... ඇස් අරගෙන දකින හීන අවසානෙ හුඟාක් වෙලාවට දුකනෙ තියෙන්නෙ.

      Delete
  4. හීනයක් දැක්ක කාලයක් මතක නැ අප්පා

    ReplyDelete
  5. හීන වලින් පලාපල කියන්න පුළුවන් කියන එක අහක දාන්නෙම නෑ. ඒත් මම දැකපු ගොඩක් හීන හීනම විතරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. අහක දාන්නෙ නෑ කිව්වෙ, එහෙම කියන පලාපල ඇත්ත කියලා විශ්වාසයිද?? :)

      Delete
  6. මට හීන පේන්නෙ නෑනේ... මොකෝ කරන්නෙ හිතූ...?

    ReplyDelete
    Replies
    1. නොපෙනෙනව නෙවෙයි! පේනව... නමුත් පස්සෙ මතක නැති වෙනව!

      Delete
    2. අනූ- හික්ස්ස්ස්ස්ස්ස්..... :D අලියා කිව්ව එකත් ඇත්ත.. ඔයාට හීන පේනවා ඇති.. ඒත් පස්සෙ අමතක වෙනවා ඇති!!

      Delete
  7. හීන දැකපු කාලයක් මතක නෑ...
    හොද හොද හීන අහන්න පුළුවං හිරු එෆ් එම් එකෙං...
    හිනා කාලා මැරෙනවා ඈ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්... ඔව්ව්ව්.. අන්න හීන ;) මාත් ඔය බස් එකේ යනගමන් එහෙම අහන් ගිහිල්ලා තියෙනවා.. ජොලි!!

      Delete
  8. සමහර හීන වල මොකක් හරි ඇත්තක් තියනවා..මට දැන් මේ වෙලාවෙ මතක නෑ..යම් යම් ඇත්ත සිද්ධින් එක්ක බැඳුන හීන කීපයක් මම දැක්කා....
    මම ගොඩාක් දුරට සත්තු එක්ක කතා කරන හීන දකිනව..

    ReplyDelete
    Replies
    1. සත්තු එක්ක කතා කරන රහස ඔයත් දන්නවද? එහෙනම් දිය රකුස්ගෙන් ප්‍රවේශම් වෙන්න වෙයි.. :P

      Delete
    2. හෙ හේ..රකුසන්ට මම භය නැහැ..රකුසො මට කරදර කරන්න ආවොත් එයාලව වාශ්ප කරන මන්තරයක් මට කියල දුන්න මහා භයානක මන්තරකාරියක්..!!

      Delete
    3. කිරිල්ලි- හ්ම්ම්ම්ම්.. ඔව් ඔව්.. මටත් ඉතින් පුංචි විශ්වාසයක් තියෙනවා ඔය හීන සහ සැබෑ ජීවිතේ අවස්ථා වල සම්බන්ධකම් ඇති කියලා.. ගොඩක් වෙලාවට හීන දැක්කාට එව්වා පස්සෙ අමතක වෙනවානෙ...

      කිරිල්ලි ඉතින් සත්තු එක්ක කතා කලේ මොන භාෂාවෙන්ද? :P

      Delete
    4. තොටියා අයියා- හික්ස්ස්.. ඔයාත් කිරිල්ලිට වැඩිය උසුලු විසුලු කරන්න එහෙම එපා හලී?? කිරිල්ලිත් ඔයාට විහිලුවට වගේ පොඩි මන්තරයක් ජප කලොත් එහෙම? ;)

      Delete
  9. අඩේ..මට තියෙන සීන් එක හීන පෙනුනා මතක නැති වෙන එක!මොකෝ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හුඟාක් අයට තියෙන්නෙ ඔය සීන් එක තමා...:D

      Delete
  10. ලගදි මොකක් හරි හීනයක්වත් හැබෑ වෙලාද මන්දා.. එක පාරම මෙහෙම දෙයක් හිතුනේ... :)

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.... තාම හැබෑ වුනේ නෑ.. ඒත් හැබෑ වෙන්නයි යන්නෙ...:)

      Delete
  11. අපරාදෙ කියන්න බෑ මට නම් එක නින්දට හිත තොග ගනන් පේනව :D.
    ඒ වගේම හිනයක් සංස්කරණය කරල බලා ගන්න පුලුවන් හැකියාවකුත් තියනව.
    කොහොම වුනත් ජීවිතේ ගොඩක් ලඟින් හිටපු අය හීනෙකින් දැකල ඇහැරුනහම ඒක හීනයක් කියල තේරුණහම දැනෙන පාළුවත් කාලයක් යන කල් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. //කොහොම වුනත් ජීවිතේ ගොඩක් ලඟින් හිටපු අය හීනෙකින් දැකල ඇහැරුනහම ඒක හීනයක් කියල තේරුණහම දැනෙන පාළුවත් කාලයක් යන කල් තියනව නේද?// ඒකනම් ඇත්ත... :(

      අර හීන සංස්කරණය කරලා බලාගනන් ව්ඉදිය ගැන පොඩ්ඩක් කියන්නකෝ.. ඒක වැදගත් ව්එයි හුඟාක් අයට..:)))

      Delete
  12. අයියෝ...හීන.මමත් හීන වලට හරි කැමතියි.ගොඩක්ම ආස බය හිතෙන ඒවට

    ReplyDelete
    Replies
    1. :O බය හිතෙන හීන දකින්න ආසයි?? :O හෆ්ෆා.. මම ඇහුවාමයි!!

      Delete
  13. හීන කිව්වාම මටත් පොඩි අත්දැකීම් කීපයක් තියනවා.. එකක් කියන්නම්.. දිනය A/L ප්‍රතිඑල එන්න කලින් දවසෙ.. අපරාදෙ කියන්න බෑ කොච්ච්ර ස්ට්‍රෙස් වුනත් වෙනදා විදියටම මැරිලා වගේ නින්ද ගියා.. ඒත් එකපාරටම වහලේ සිවිලිම කඩාගෙන පණුවොයි සර්පයොයි ගුලියක් ඇඟ උඩට වැටුනා. ..ඊයා.. දැන් මුන් එක ගුලියට ඇඟපුරා දඟලනවා.. එකපාරටම නින්දෙන් ඇහැරුණා.. පස්සේ පහුවදා ටිකක් එහෙන් මෙහෙන් අහලා බලනකොට ආරංචි වුණා හීනෙන් පනුවෝ/සර්පයෝ පේන එක සුභ සළකුණක්ය කියලා.. ප්‍රතිපලෙත් නරක වුනේ නෑලු ඉතින්.
    තවත් හීන කතාවක් තියනවා. මේක වුනේ ෆැකල්ටි කාලේ. එක දවසක් හීනෙන් දැක්කා ලොතරැයියක් දිනලා (කරුමෙටක දැකපු අංක වලින් එකයි ඇහැරෙනකොට මතක). පහුවදාම ගොහින් ගත්තා ඒ අංකෙටම ටිකට් එකක්.. මෙන්න බොලේ රු20 ඇදිලා.. පස්සේ ඒ රු20 නොගෙන ඒවායින් ටිකට්ම ගත්තා.. ශික් ඔක්කෝම පරාදයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඊට වඩා හොඳා ඒ රු 20න් උම්බලකව වඩේ ටිකක් අරං කෑවානම්

      Delete
    2. හයියෝ.....සල්ලී...... :D

      ඒත් ඉතින් 20ක් දින්නානෙ ;) හොදම වැඩේ කියන්නෙ ඉතින් අර වගේ බයෙන් ඉන්න දවසකත් සැපට නින්ද ගිය එකනෙ.. ;) ( ආ.. තොටියා අයියා ට ඉතින් අවුලක් නෑනෙ.. ඉහලින්ම පාස් බව වෙන්නැති හීනෙන් පෙන්නුම් කරන්න ඇත්තෙ..)

      Delete
  14. හෑ .. කෝ මේකෙ මම දැන් දාපු දිග කමෙන්ට් එක?? බහිරවයා ගිල්ලද?

    ReplyDelete
    Replies
    1. spam එකට ගිහින් තිබ්බා... :( ඔන්න පබ්ලිශ් කලා...

      Delete
  15. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හීන.... මමත් ආසම හීන දකින්න.....

    ReplyDelete
    Replies
    1. අක්කියාගෙනම් හීන හුඟාක් දැන් හැබෑ වෙලානෙ තියෙන්නෙ නෙ? ආ.. මේ ලඟදි සත්තලං හීනයක් දැකලා තිබ්බෙ මරු!! :P :P

      Delete
  16. මටනම් හීන නොදැක ජීවත් වෙන එක හිතට සහනයක්!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඇත්ත!!!

      Delete
  17. මේ මාර කේස් එක කියන්නෙ මට ලස්සනම හීන පේන්නේ උදේට එක සැරයක් නැගිටලා ආයි සැරයක් උදේ පාන්දර මධ්‍යහන 12 විතර වෙනකන් දොයියනකොටනෙ අෆ්ෆා...ඒ මොකැයි ඒ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... කම්මැලියා..කොල්ලො ඔහොම දොයියන්න හොද්ද හෆ්ෆා??

      Delete
  18. //පුංචි පෝස්ටුවක්

    අනිත් පෝස්ට් ගැන හිතා ගත්තෑකි... අම්බෝ... :)

    නිදා ගත්තම හීන පේනවනම් මරු.. හැබෑ නොවෙන දේවල් හිනෙන් හරි හැබෑ වෙලා පේනවා නෙව !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. නෑ..ඉතිං සාපේක්ෂව මේක චුට්ටියිනෙ...:P

      අන්න ඒකනෙ.. හැබෑ නොවෙන දෙයක් ගැන යාන්තම් හරි සතුටු වෙන්න හීනෙන් පුලුවන් නෙහ්.. :D

      Delete
  19. අපෝ හීන පේන්න ගත්තම මටත් වැල නොකැඩී පේනවා. කතන්දරයක් වගේ.

    ReplyDelete
    Replies
    1. මරුනෙ අක්කි!! දවසක ලියන්න කතාවක්.. හීනෙකින් දැක්ක.

      Delete
  20. මම නම් රෑට ඕනේ තරම් හීන දකිනවා. සමහර හීන සුන්දරයි. සමහර ඒවා භයන්කාරයි... අනිත් එක තමයි මම දකින සමහර හීන මම නෝට් කරන ඉන්නේ.. ඒ කියන්නේ මම කලින් දවසේ ඒ හීනේ දැක්කොත් ගොඩක් වෙලාවට ඒ දකින්නේ අනාවැකියක් කියල මම දන්නවා. 100% නොවුනට ගොඩක් දුරට..

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙම අනාවැකි හරි ගිහින් තියෙන්වාද? මම අහන්නෙ ඇත්තටම??

      සම්හරවිට හීන වලත් එහෙම පලාපල කියනවා වගේ පොඩි හරි ඇත්තක් ඇති!!!

      Delete
  21. හ්ම්ම් මාත් ආසයි හීන පේනවනම් . ඒත් මට හීන පේන්නෙ හරිම කලාතුරකින් .

    ReplyDelete
    Replies
    1. අක්කා ආගම සිහිකරලාද නිදාගන්නෙ??

      Delete
  22. පහුගිය දවස් තුනක විතර හරිසෝක් හීන ටිකක් පෙනුන! අැඳ තෙමිච්ච නැති ටික විතරයි! :D

    ReplyDelete
    Replies
    1. :O ඇද තෙමෙන්න?? වතුරෙ යන හීනද දැක්කෙ?? ;)

      Delete
  23. අම්මෝ හීන දකින්නත් බයයි/
    :)
    දත් වැටෙනවා දැක්කොත් මරණයක් කියලයි මම අහලා තියෙන්නේ :)
    නියම පොස්ට් ඒක හිතු.

    ReplyDelete
    Replies
    1. අර මොකෝ බය?? තැන්කූ වර්නෝ!!

      Delete
  24. "හීන වලින් ඈත් වෙන්න මට බයයි
    ඒ හීනෙට මං කවදත් ආදරෙයි "

    කියලා සිංදු කෑල්ලක් මතක් උනා. රෑට නිදාගන්න කොට පේන හීන නෙවෙයි. අපි ජිවිතේ අනාගතය ගැන දකින හීන. ඒ දකින හීන බලාපොරොත්තු වෙලා තමයි ජීවිතය ජිවත් කරවන්නේ,,,,

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. සීගිරියෙ කුරුටු ගීත ලස්සනයි..... ;)

      ශාහ්හ්.. එහෙම වෙනවානම් මරුනෙ.. මට සම්හරවෙලාවට පේන්නෙ මේලො තේරුමක් නැති හීනනෙ...

      Delete
  25. අනේ මට හීන පේන්නෙම නෑනෙ... ඉස්සර නම් පෙනුනා දැන් රෑ වෙලා ගෙදර එන නිසාද මන්ද ඇදට වැටෙනවා විතරයි මතක...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්.... එහෙම නිදාගන්න නින්ද හරි ශෝක් හැබැයි!!! මහන්සියට නින්ද ගියාම හීන පේන්නෙ නෑ තමා.. මටත් එහෙමයි..

      Delete
  26. අපේ උඩු සිත සහ යටිසිත දෙකෙන් නිතරම ක්‍රියාත්මක වෙන්නේ උඩු සිත. නින්දෙදි යටිසිත අවදිවෙනවා. එවිට උඩුසිත දිවාකාලයේ මනසේ තැන්පත් කරගත්ත දේ යිටිසිත විස්න රාත්‍රියේදි අවදි කරනවා. ඒවා සිහිනවලට පරිවර්තනය වෙනවා. නමුත් ඒවායින් මතකයේ තියෙන්නේ ඉතාම සුලු ප්‍රමාණයක්.

    කාලෙකනි ආවත් වැදගත් සහ අපූරු අදහසක් ලියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට!! අපූරුවට පැහැදිලි කරලා තියෙන්නෙ කතන්දරේ!!! :)

      Delete
  27. හීන නින්දේදී දකිනවට වඩා හැබැහින් දකින එක ගොඩක් හොදයි කියලයි මට නම් හිතෙන්නේ.මොකද අපි කවද හරි යන්න ඕනේ තැන නැත්නම් කරන්න ඕනේ වැඩේ හීනයකට මවාගෙන ඒක යටි හිතට දාන්න පුලුවන්නම් අපේ ජයග්‍රහණය එතන කියලයි මම නම් හිතන්නේ....අපේ හෙට දවස තීරණය කරන්නේ අද දවසේ අපි දකින හීනයයි.......

    ReplyDelete
    Replies
    1. //මොකද අපි කවද හරි යන්න ඕනේ තැන නැත්නම් කරන්න ඕනේ වැඩේ හීනයකට මවාගෙන ඒක යටි හිතට දාන්න පුලුවන්නම් අපේ ජයග්‍රහණය එතන කියලයි මම නම් හිතන්නේ...//

      අන්න ඒකනම් ඇත්ත!! යටි හිත කියන්නෙ අපිව පුදුම ජයග්‍රහණ වලට ගෙනියන්න මෙහෙයවන්න පුලුවන් දෙයක්නෙ...

      Delete
  28. හීන දැක්කට මට අවදි වුණාම ඒවා අමතකයි......

    දවල් හීන ගැන හිතූ මොකෝ කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. දවල් හීන නම් ඉතින්........ මාත් අනන්ත්වත් දැකලා තියෙනවා.. මෙලෝ රහක් නෑ...:P

      Delete
  29. කාලෙකින් ඇවිත් තියෙන්නේ ;)
    අපෝ මං හීන දකින දවසට සෙට් එකක්ම දකිනවා ;)
    සමහර ඒවා නම මතකයි උදේට එත් සමහර ඒවා අමතක වෙනවා.මං දකින ඒවත් මහා විකාර හීන

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. කාලෙකින් ඔන්න උත්තරත් දැම්මා.. :D

      විකාර හීන?? උදාහරණයක් කියමු බලන්න...

      Delete
  30. මන් මේ හිනයකින් තව හිනයකට යන්න පාර හොයමින් ඉන්නේ :P

    ReplyDelete
  31. හීන බල බල ඉන්නද්දී ඇහැරෙන එක තමයි හරියන්නෙම නැත්තේ. ඒ වෙලාවට මම කරන්නේ හීනෙ අන්තිම මතක නම් ඒක මතක් කරගෙන නිදා ගන්නවා. එතකොට අතනින් පටන් අරගෙන වෙන හීනයක් පේන්න ගන්නවා. :)

    ReplyDelete
    Replies
    1. ආ......... :D මරු ක්‍ර්මයක් තමා ඒකනම්.. අනිත් අයටත් ආදර්ශයක්!!!

      Delete
  32. දකින හීන උදේට මතක නැති 1ක තමයි ලොකුම අවුල...

    ReplyDelete
    Replies
    1. ඔය අවුලට ප්‍රතිකර්මයක් හොයාගත්තානම් හරි නෙ?

      Delete
  33. හීන වලට ආසයි.. ඒත් බයයි

    ReplyDelete
  34. මම නං.......හීන වලට ආසයි..! සමහර වෙලාවට බලාපොරොත්තුත් හීන වෙලා පේනව..!!

    ReplyDelete
    Replies
    1. හි හි... බලාපොරොත්තු යටි හිතටම කිඳා බැහැලා තියෙද්දි , හීන විදියට පේනවා ඇති!!!

      Delete
  35. //හීන සුන්දරයි.. ඒවා හැබෑ නොවෙන තාක් කල්..//

    ලස්සන හීන හැබෑවෙනවනම් කවුද අකමැති.. හීන හීන විදිහටම තිබුණොතින් තමයි අසුන්දර වෙන්නෙ කියලා මට නම් හිතෙන්නෙ නංගියෝ.. සමහර හීන ඉදිරිය ගැන පුංචි අනාවැකි දෙනවා.. ගොඩක් වෙලාවට..

    හැබැයි ඉතින් උදේට නැඟිටිද්දි හීනෙන් බාගයක්ම මතක නෑනෙ.. :D :D :D ඒකත් හීනයක්ම වෙලා..

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්.. ආව්ව්ව්ව්... අක්කියාගෙ හීන හැබෑ වෙලානෙ තියෙන්නෙ ;) :*

      හ්ම්ම්.. හ්ම්ම්.. ඔය හීන අමතක වෙන එකනම් කාටත් තියෙන ලෙඩක්නෙ..

      Delete
  36. හාපො ..හීන පෙන්න ගත්තම පෙන්නේ එක දිගට...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. කතාන්දර වගේද??

      Delete
  37. හිතුවක්කාරි සද්දයක් නැති නිසා ඇවිල්ලා බලලා යන්න හිතුවා....
    හරිම ලස්සන නිර්මාණයක්....
    අන්තිම පදවැල් ටිකට තම හැමදාම වගේ ඉතින් මම නම් ආසම...! :)

    ජීවිතේම හීනයක්..
    දකින හිමිකරන ගන්න් පෙරුම් පුරන...
    යළි ඇහැරෙනකොට...අහිමි හීනයක්...!

    ReplyDelete
    Replies
    1. ඕං මාත් ඇවිල්ල බැලුව..!
      කෝ අතු පතු ගාගෙනවත් නෑ..........ගේ හැඩු වෙලා.

      Delete
    2. කවිකාරි- මේ ටිකේ විභාග අනෙ!! ඉතින් වෙලාවක් වුනේ නෑ... මූනු පොතත් අයින් කලා ටික කාලෙකට.. ස්තූතියි මාව මතක් ව්උනාට...:*

      Delete
    3. වීපොකුර- ඔන්න මම අතුපතුගාලා දැම්මෝ!!!!! මතක් වුන එක ගැන සතුටුයි මාව..

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....