නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

25 September 2012

- පොත් අතරේ ඇස් -


පොත් රාක්ක අස්සෙ,                                                        
පොත් පිටු අතරෙ,
එබිකම් කර කර මම හෙව්වෙ....,
හුස්ම වැටෙන අකුරු පේළි නෙවෙයි......
සත්තමයි මම හෙව්වෙ......,
අතරමගදි මඟහැරිච්ච,
ඔයාගෙ ඇස් විතරයි.............

ගිනි ගහන අව්වේ,
මග දිගට තනිපංගලමෙ,
පැද්දි පැද්දි මම ආවෙ..........,
එක්ක එන්න කවුරුත් නැතිවට නෙවෙයි............
සත්තමයි මම තනිවම ආවෙ......,
තනිකම තරම් ලෙංගතු
තවත් කෙනෙක් නැති හින්දායි..........

ඉරිතැළුණු හිත ඇතුළෙ,
තෙත් වුණු ඇස් අස්සෙ,
ඔය රුවම, ඔය ඇස්ම මම හෙව්වෙ....,
චංචල ගැහැණු හිත නිසා නෙවෙයි....
සත්තමයි මම හෙව්වෙ.........,
හුරුපුරුදු හිතක ලෙංගතු සුවඳ
අහම්බෙන් වගේ දැනුණු නිසයි....................



ප.ලි-  හුඟාක් කාලෙකින්!!! හිතුවක්කාරී අතුරුදහන් වෙලාද කියලා හොයලා බලපු අයට ස්තූතියි!!! බ්ලොග් එකේ මකුළුදැල් ටික පොඩ්ඩක් කඩලා දාලා යන්න ආවා.. ආසාවෙන් ලිව්ව බ්ලොග් එක පාළු වෙලා යද්දිත් දුකයි!!

මේ ටිකේම මගේ අභාගේ, "විභාගේ" :(  විභාග ආතතිය යන්නත් එක්ක පද ටිකක් ඇමිණුවා... :D නැතුව අත්දැකීමක් එහෙම නෙවෙයි ඔන්න.... :P
ආයෙත් (ටික)කාලෙකින් හම්බෙමු එහෙනම්!!! ජය වේවා!!!


Post Comment

64 comments:

  1. කෝ දැන් ඒ ඇස්?
    welcome back!

    ReplyDelete
    Replies
    1. ඒ ඇස්...... හුඟාක් දුරක!!! :)

      Delete
  2. ඉතින් ඇස් හම්බ වුණාද ?

    ReplyDelete
  3. මරු ආතතිය බොලල

    ජය !

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා පුදුම ආතතියක්!!!

      Delete
  4. ඈ...මෙන්න මෙයා ඇවිත් ආපහු...
    අර අත්දැකීමක් නෙවෙයි කියන එක නොකිව්වනම් හොදයි නේද...
    මම නම් දන්නෑ ඕං මොකවත්ම..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අපි ආවා!!! :D

      අත්දැකීම් නම් කියනවා.. නැත්තම් ඒත් කියනවා... අපි එහෙමයි!!! ;)

      Delete
  5. දැන් ඒ ඇස් කෝ හැබෑටම?

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් කවුද මේ පණුච්චි?? එන්නම්කෝ වෙලාවක එහාට!!

      ඒ ඇස් ..... අතුරුදහන්....

      Delete
  6. ඉගෙන ඉන්න එපැයි ඔක්කොම කරන්න
    සුභ පැතුම් විභාගයට

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා නෙ..:)

      හුඟාක් ස්තූතියි!!!

      Delete
  7. හ්ම්ම් හ්ම්ම්ම්...පොත් ප්‍රදර්ශනේ නම් මමත් හෙව්වේ ඇස් තමා..ඒත් හම්බුනේ නෑ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඊළඟ සැරේවත් බලමු!!!

      Delete
  8. නෑ..නෑ..ඔය බොලු...! අත්දැකීමක් තමයි..ඕං..!
    කොයි..කාලෙ ගැනද..ඔය කීවෙ..???

    ReplyDelete
    Replies
    1. බොලු නෙවෙයි ඇත්තමයි අලේ!!!! ;)

      මේ කාලෙ ගැන තමා කිව්වෙ..

      Delete
  9. එල, පුළුවන් ඉක්මනට ආයෙත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. විභාග ඉවර වුනාම, වැඩ අඩු වුනාම ලියන්නයි, කියවන්නයි එනවා..:D

      Delete
  10. ඒ වගේ වැදගත් ප්‍රදර්ශනයකට ගිහින් හොයලා තියෙන දේවල්..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්.. ඔන්න ඔන්න ඉතින් අයියා මගේ එකවුන්ට් එකට දානවානෙ ඔක්කොම.. :D

      Delete
  11. අම්ම එක්ක ගියා නම් හරිනේ තනියට!
    :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. එහෙමවත් යන්න වුනේ නෑ මෙදා සැරෙ!!

      Delete
  12. මලා............ මේ කියන්නෙ ඔයාගෙ කතාවෙ අනිත් කතාවද මන්දා.

    http://artachie.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්... ඔව්මයි!! බලන්න ඉතින් පොත් සල්පිලට ආපු කීදෙනෙක්ගෙ අත්දැකීමක්ද??

      Delete
  13. මානසික ආතතිය යන්න මේ පැත්තෙත් ඇවිත් යන ගමන් විභාගෙටත් හොඳට සූදානම් වෙන්න. සුභ පැතුම්!

    ReplyDelete
  14. විභාගෙ කරලා ඉවරවෙලාම එමු...:)))

    ReplyDelete
    Replies
    1. හි හි!! එහෙම තමා හිතන් හිටියෙ.. ඒත් එපා වෙනවා හෆ්ෆා...

      Delete
  15. අඩේ අප්පා.ආතතිය ටැ හිතෙන ඒවා නියමයි නේ.
    විභාගේ හොඳට කරන්න.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. මරු ආතතිය නෙ?? ;)

      හුඟාක් ස්තූතියි ප්‍රමුදි!!

      Delete
  16. එහෙනම් විභාගෙන් පස්සේ හම්බ වෙමු ඈ.. !!!

    ReplyDelete
    Replies
    1. අනිවා හම්බෙමු අයියෙ!!

      Delete
  17. කවිය ලස්සනයි.. විභාගයෙන් ජයලබන්න සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූථියි ඔබතුමාට!! ඒ පැත්තෙ එන්නත් බැරි ව්උනා කාලෙකින්.. විභාගෙ ඉවර වෙලාම එන්නම්කෝ...

      Delete
  18. මටත් අහන්න තියෙන්නෙ මොකද පේන්නවත් නැත්තෙ කියල තමා!

    ජාක්ක වල බලන්න දාස් ගානක් ඉන්නැද්දි එක එකාගෙ අැස් හොය හොය යන්නෙ........... පිස්සු නෙ හලෝ! (අතිශයින්ම ෆන් එකට පමණි! හැබැයි හිතල බලන්න!)

    ReplyDelete
    Replies
    1. විභාග විභාග විභාග අනේ!!! :(

      බහුතරයක් ඉන්නෙ පිස්සො තමා අලෝ!!! අත්දැකීමක් නෙවෙයි.. නමුත් වෙන්නත් පුලුවන්..

      Delete
  19. මේක කියවන එද්දී මට හිතුනේ බුක් ෆෙයාර් ගිහින් කොරගත්ත එකක් ගැන මේ ලියලා කියලා :)
    මේ ඒක නෙමේ හොදට විභාහගේ කරන්න
    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. විභාගෙ හින්දා බුක් ෆෙයාර් යන්න බැරි වුනා අනේ!!! :(

      තැන්කූ!!

      Delete
  20. "ගිනි ගහන අව්වේ,
    මග දිගට තනිපංගලමෙ,
    පැද්දි පැද්දි මම ආවෙ..........,
    එක්ක එන්න කවුරුත් නැතිවට නෙවෙයි............
    සත්තමයි මම තනිවම ආවෙ......,
    තනිකම තරම් ලෙංගතු
    තවත් කෙනෙක් නැති හින්දායි.........."

    මෙයාට ලගදි ඉදන් මොනා හරි වෙලා වගේ.. ලගදි කාවද හැබෑටම තනිපංගලමේ මීට් උනේ?

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. මට මොකවත් වෙලා නැතෝ!!!! ;) විභාග නිසා ටිකක් ඔලුවනම් කුරුවල් වෙලා.. එච්චරයි!!!

      Delete
  21. ඇත්තම අත්දැකීමක්ද මන්ද කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්... :D නෑනෙ.. ඇත්ත අත්දැකීමක් නෙවෙයි!!!සත්තයි!!

      Delete
  22. ආනෙ හිතුව දැක්ක කල්.කවිය ලස්සනයි! හරි හරි හොඳට පාඩං කොරලා විභාගෙ අකුරට කරලම එන්නකො. හැබයි අමතක නොවි එන්න ඕනැ අපි බලන් ඉන්නවා හොඳද? සුභ පැතුම් විභාගයට!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ.. රීසා ගෙ සැප දුක කොහොමෙයි??

      හුඟාක් ස්තූතියි.. නෑවිදින් කොහොමද? ඔයාලා බලන්න එන්න වෙනවානෙ..

      Delete
  23. අපෝ ඔය පොත් කියවනකොට වෙන අයගෙ රූපෙ පොතේ පිටු අතරෙ මැවෙන එක තමයි අති භයානක :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්...තරූමලීට අත්දැකීම් තියෙන පාටයි!! ;)

      Delete
  24. ඒ කියන්නෙ එයත් පොත් ගන්න ඇවිත් BMICH

    ReplyDelete
    Replies
    1. වෙන්නැති!!! එන්නැති!!! ;)

      Delete
  25. කවි හිතක් තියෙන කෙනෙක් බූට් එකක් කන එක ඉතින් කවි රසවිඳින අපි වගේ අයට නම් හරි රසයක්..... හැබැයි ඉතින් කවි හිත් තියන අයට පුළුවන් සිද්ධවෙච්ච නැති දේවලුත් ඇත්ත කරලා පෙන්නන්න.... ඒකනේ ඉතින් නිර්මාණශීලිත්වය කියන්නේ... හැබෑටම බූට් එකක් කාල දුකෙන් ඉන්න කාලේ ඒ ගැන කවි ලියන්න පුළුවන්ද? නැත්නම් ඒකෙ දුක පොඩ්ඩක් අඩුවෙලා ගියාමද පුළුවන් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඉතින් කවි හිත් තියන අයට පුළුවන් සිද්ධවෙච්ච නැති දේවලුත් ඇත්ත කරලා පෙන්නන්න....// මේක ඇත්ත!!! මමත් එහෙම අහලා තියෙනවා!!!

      හ්ම්ම්ම්.. ඔව්.. දුකට කවි ලියන අය ඕනෙතරම් ඉන්නෙ.. කාලිදාසයන් පවා දුකට කවි ලිව්වාලුනෙ... එහෙම ලිව්වාම හිතේ දුක පිටකරගන්න පුලුවන්.. අත්දැකීමෙන් මමත් ඒක දන්නවා..

      Delete
  26. හරි හරි... මම දැක්කා ඔය ඇස් දෙක :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කොහෙදිද දැක්කෙ??? :O

      Delete
  27. නංගව දැක්ක කල්..!
    හා හා පාඩම් පැත්තක දාලා ඔය ඒවා මේවා හොයනවා හෙම නෙවෙයි පොඩ්ඩියේ.. :D
    විභාග කටයුතු සාර්ථකව කරන්න හදවතින්ම සුබ පැතුම් නංගියෝ..!! :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අක්කෝ!! හුඟකාලෙකින්.... :)

      හික්ස්ස්ස්ස්ස්ස්ස්... මොනා කරන්නද හෆ්ෆා.. ;) අක්කාටත් පාඩම් කරද්දි එහෙම අර අරයාගෙ.. මූණ මැවි මැවි පේන්නෙ නැතැයි?? :P

      ස්තූතියි අක්කෙ!! :*

      Delete
  28. විභාගේ අභාගේ ඉහලින්ම ජයගන්න සුභ පැතුම් නගේ..

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අක්කෙ!!

      Delete
  29. Replies
    1. අඬන්නෙ ඇයි සුදු මැණිකෙ!! කියන් පණ මාගේ!!! ;) :P

      Delete
  30. දැන් ඔයා ඔයතරම් හොයපු ඇස් කාගේද හිතූ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... එව්වා රහස්!!! :D

      Delete
  31. කවි සිතුවිලි පහල වෙලා වගේ.. බ්ලොග් එක මතක් වෙච්ච එක නම් හොඳටම හොඳයි..ජය!!

    ReplyDelete
    Replies
    1. හි හි....:D ඔව් ඔව්... දැන් ඉතින් දිගටම බ්ලොග් ලියන්න කියවනන් එනවා...:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....