අද කතාව එතැන් සිට.........
ජීවිතේ පළවෙනි වතාවට නොවුනත්, අද හිත පුරාවටම දැනුනෙ මහ අමුත්තක්.. මනමාලයෙක් බලන්න ආව පළවෙනි දවසෙවත් ඇති නොවුනු චකිතයක් වගේ හැඟීමක් හිත ඇතුළේ තියෙන වගක් දැනෙන්න පටන් අරන්... ඉස්සර කාලෙ විදියටම බුලත් හෙප්පුවක් අරන් මනමාලයා ඉස්සරහට නොගියාත්, අම්මා කියලා දුන්නෙ හිනා වෙලා ආයූබෝවන් කියන්න කියලායි..ඒකතමයි අමාරුම වැඩේ.. බුලත් හෙප්පුව දුන්නානම් බිම බලාගෙනම ඕක අල්ලලා මඟ අරින්න තිබුණා ඒ පළවෙනිම බැල්මවත්...
හිත මොන මොන දේවල් කිව්වාත් මම අමාරුවෙන් ඉස්සරහාට ගියා, ඈතදිම බිම බලාගෙන සැලෙන පය අමාරුවෙන් තිය තිය අම්මාත් එක්කම ඇදිලා ගියේ ඉබේටම වගෙයි.... තද කරගෙන ,බිමට බරකරගෙන තිබුණු ඇස් හිමීට ඔසවන්න දැන් දැන් වෙලාව හරි.... සාලෙ මැද සෝෆා එකේ වාඩි වෙලා උන්නු මනමාලයා ළඟට කිට්ටු වෙද්දිම මම ඔළුව උස්සලා මනමාලයා දිහා බැලුවා....
මොහොතකට මේ ඇස් .. ඒ ඇස් එක්ක පැටළුනා..පැහැදිලි ඇස් දෙකක්... මීට කලින් කවදාකවත් ,අපු කිසිම කෙනෙක් එක්ක ,පළවෙනිම බැල්ම මේ තරම් දිග නොවෙන්න ඇති.. ඔව්..කිසිම කෙනෙක් එක්ක මේ තරම් දිග හමුවීමක් වුනේ නැතිබව විතරක් නම් සහතිකයි.. හදවතේ ගැස්ම වැඩි වෙද්දි මම අමාරුවෙන් හිනා වෙලා ආයුබෝවන් කිව්වා. ආයෙමත් ඒ ඇස් වලට අහු නොවෙන්න කොහාට හරි පැනලා යන්න තිබූණානම්.... ඒත් කොහෙන්ද මට එච්චර වාසනාවක්...
"දැන් ඉතින් සාලෙ මැද වෙන්දේසි වෙන්න තමා තියෙන්නෙ." හිතින් මම මටම කියාගත්තා.. අම්මලා තාත්තලා කතා බහ කරනන් පටන් ගත්තා.. ඒ අතරේ ආගන්තුක ඇස්, මගේ වටේ කරකැවෙනවා... අමාරුවෙන් මම වෙන අතක් බලන් උන්නෙ..
"ස්ස්ස්ස්.....ස්ස්ස්ස්...ස්ස්ස්ස්...." කෑම කාමරේ දොර අස්සෙන් පංචි "ස්ස්ස්.." ගානවා ඇහුණෙ ඔය අතරෙයි...
එහෙන් මෙහෙන් අංග චලන දම දම, පංචි අහන්නේ ,"මනමාලයා කොහොමද හිතට ඇල්ලුවාද" කියලා බව මට හොදටම තේරුණා.ඒත් මම නොතේරුණු ගානට පංචිට ඇද කරලා නිකන් උන්නා.
"දෙන්නාත් එක්ක ඉතින් කතා බහ කරලා දැන අඳුනගන්න.." හැමදාමත් සුපුරුදු වාක්‍ය අදත් අම්මාලගෙ කටින් කියැවෙන බව මම දැනන් උන්නා..
මෙච්චර කාලයකට කතා බහ කරන්න ඉස්සරවුනේ, ආව මනමාලයෝ වගේ මෙදා සැරෙත් "එයා" ඉස්සර වුනා.
"අපි එළියට යමුද?" උගුර පාදගෙන කාතා කරපු ඒ හඩේ තිබුනේ ලැජ්ජාශීලී ගතියකට වඩා හරිම සුහදශීලී ගතියක්...
"ම්ම්..." මම ඉස්සර වුනා..
මම කෙලින්ම ගිහින් නතර වුනේ වත්තෙ කෙළවරකම බෝගන්විලා ආරුක්කුව යට තිබුණු බංකුව ලඟ.
"ඉඳගන්න.." මම ඒ ඇස් මඟ ඇරලා බොහොම හිමින් කිව්වා..
"ඔයාත් ඉදගන්න.." හුඟාක් ප්‍රසන්න, විනීත, තැන්පත් ස්වරයකින් එයා කතා කළා..
"මගේ හිත ඕනෑවට වඩා එයාට ලකුණු දෙනවා වැඩියි වගේ..." වාඩිවෙනගමන් මටම හිතුණෙ එහෙමයි..
"ඔයාද මේ මල් වවන්නේ??" අහපු පළවෙනි ප්‍රශ්නෙ නිසාම මම පුදුම වුනා.. මෙච්චර කාලෙකට ආපු හැමෝම ඇහුවෙ වෙන වෙන විකාර සමයන් ප්‍රශ්න.. ඒත් මෙයා..
"අපෝ නෑ.. මම මල් වලට ආස නෑ.. මල් වවන්නෙත් නෑ.. " හිතාමතාම මම එහෙම්ම උත්තර දුන්නා.
"හ්ම්ම්ම්ම්ම්... වෙරි ගුඩ්!! " මගේ ඇස් උඩ ගියා..
"ඔයා සාරිය ට ලස්සනයි.. " මගේ ඇස්දිහාම බලාගෙන එහෙම කිව්වාම, මාව ලැජ්ජාවෙන් ඇඹරිලා ගියා.ඒත් එ බවක් නොපෙන්වා ඉන්න මම උත්සාහ කළා.
"තෑන්ක්ස්ස්.. ඒත් මම සාරි අඳින්න දන්නෙ නෑ.. මේ අද ඇන්දුවෙත් මගේ යාළුවා.. ඔෆිස් යද්දි අන්දන්නෙ අම්මා..." මම ටිකක් සැහැල්ලුවට කියාගෙන ගියා..
"තෑන්ක්ස්ස්.. ඒත් මම සාරි අඳින්න දන්නෙ නෑ.. මේ අද ඇන්දුවෙත් මගේ යාළුවා.. ඔෆිස් යද්දි අන්දන්නෙ අම්මා..." මම ටිකක් සැහැල්ලුවට කියාගෙන ගියා..
"අහ්හ්හ් එහෙමද, වෙරිගුඩ්!! මම සාරි අන්දවන්න දන්නවා.. ඒ නිසා බය වෙන්නෙපා.. බැන්දාට පස්සෙ මට අන්දවන්න පුළුවන් ඔයාට.."
තුන්හිතකින්වත් හිතපු නැති කතාවක් , මටත් වඩා සැහැල්ලුවට අරන් කිව්ව හැටි...... මට හිනා යන්න ආවත් මම බැරෑරුම් බවක් මූණට මවාගත්තා..
"මම ඔයාව බඳින්න එපැයි ඒකට..., මම එහෙම දෙයක් කියලා නෑනෙ.. මම ඔයාව දන්නෙවත් නෑ..." මම නොසැලී කියවගෙන කියවගෙන ගියා..
"හරි ඉතින්, අපි දැනගමු,.. ඔයාට මොනාද දැනගන්න ඕනෙ?මමනම් දන්නවා ඔයා ගැන.." ඔහු කියවගෙන ගියා.
"මොනාද දන්නෙ ඔයා?"
'ඔයා සකුණි.. ඔයා හරිම හොදයි.. ඔයා ලස්සනයි.. ටිකක් සැරයි.. ඔයා බඳින්න කැමති නෑ..."
"හිහ්හ්හ්හ් හී...." මම හිනා වුනා නෙවෙයි මට හිනා ගියා...
"අප්පෙ... ආව වෙලේ ඉදන් ඔන්න දැන් තමා ඔයා අවංකවම හිනා වෙනවා දැක්කෙ.."
මෙයානම් පුදුම චරිතයක්.. මීට කලින් කාත් එක්කවත් හරියකට වචනයක් වත් කතා නොකරපු මම, මෙයත් එක්ක කතා කරන්නෙ පුදුම සැහැල්ලුවකින්... මම මගේ හිතටම කියාගත්තා...
"ඔයාගෙ නමවත් අහගනන් බැරි වුනා. මම නම දන්නෙවත් නෑනෙ.."
"අහ්හ්හ්.. මම සසිත. සසිත දිසානායක."
"සසිත.... සසිඳූ......." හිත හොරාට මිමිණුවා..
ආයෙමත් කැරකිලා නැවතුනේ සසිඳූ ලඟ....මොහොතකටවත් සැනසිල්ල අහිමි කරන සසිඳු ගැන, කවදාවත්ම වෛරයක්නම් ඇති වුනේ නෑ...., ආදරයක්ම මිස.
"මොනාද කල්පනා කරන්නෙ? මගේ නම අප්සට්ද? " සසිත ගෙ කටහඬින් මම ආයෙත් කල්පනා ලෝකෙන් බිමට බැස්සා.
"ඔයා කාටහරි, කවදාහරි ආදරේ කරලා තියෙනවාද? "
සසිතගෙ ඒ ප්‍රශ්නෙන් නම් මම ගැස්සිලා ගියා.. කවදත් අවංකව කතා බහ කරන මට බොරුවක් කියන්න දිව නැමුනෙම නෑ.. මෙතනදිත් කොහොමටවත් මට බොරු කියන්න ඕනෙ වුනෙත් නෑ.. ඒ නිසා මම සසිතට ඇත්තම කිව්වා.
"ඔව්.. මම ආදරේ කලා. ආදරේ වින්ඳා.. ඒ වගේම විඳෙව්වා..ත්.." මම දුක වගේම කලකිරීම මුසු වෙච්ච පහත් හඬින් කියවගෙන ගියා. ජීවිතේ කවමදාකවත් මුණගැහිලා නැති, කතාබහ කරලා නැති, පළවෙනි වතාවට අදම අඳුරගත්ත ඒ ආගන්තුක හිත උඩට, මම කිසිම බයක් සැකක් නැතිවම හිතේ තිබුණු දුක් කන්ද අතෑරලා දැම්මා.. අතීතය හීනයක් වුනත්, මම ඒ හීනෙ ගැන මතක තැන් ,සසිත එක්ක කිව්වා.. අවසානෙදි සසිත කතා කළා.
" ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් සකූ.. ඔයා විතරක් නෙවෙයි.. හුඟාක් මිනිස්සු මේ ලෝකෙ ඉන්න, ආදරේ වෙනුවෙන් දුක් විඳිනවා.. විදලා ඇති.. සමහරවිට විදවලා විඳවලා එහෙම්මම මැරිලා යන්න ඇති.. ඒක හැටි ඉතින්.. මමත් ආදරේ කරලා, ඒ නිසා දුක් වින්ද කෙනෙක්..."
"ඔයා...??"
"ඔව්..මම... ඇයි වෙන්න බැරිද? මමත් අවුරුදු ගානක් ආදරේ කලා. ඒත්... අවසානෙදි මටත් වුනේ තනිවෙන්න.."
"ඉතින් තනිකම ඇති කියලා හිතුණා.. ඒ නිසා ආවා මනමාලියෝ බලන්න..??"
"හ්ම්ම්ම්.. එහෙමත් නෑ.. මම බලන්න ආපු පළවෙනි මනමාලි ඔයා.."
"බොරු.."
"නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. "
මෙයා නම් අහම්බයක්.... කෙඩෙත්තු වෙච්චි හිතට මහ අමුතු ජවයක් දැනුණා.. ජීවිතේදි එකම දුක් විදපු, එකම අත්දැකීම් වලට මූණ දීපු අයත් එක්ක ගෙවලා දාන්න ලේසියි... එහෙම අය එක්ක ගනුදෙණු කරන්න ලේසියි.. දෙන්නෙක්ට එකම විදියට හිතෙන්නෙ නෑ.. ඒත් ඒ වෙනුවෙන් කැපවෙන්න හිතන්නවත් පුළුවන් අය ඉන්නෙ කලාතුරකින්...සමාන අතීතයන් ඇති මිනිස්සුන්ට, වර්තමානෙ වගේම අනාගතේ ගෙවන්නත් ලේසියි...
හිත ආයෙමත් ටික ටික ඇදිලා යන්නෙ කොහාටද මංදා...
කාලය ටිකෙන් ටික ගත වෙලා, මේ ආගන්තුක පිරිමි හිත දිහාවට මගේ හිත තල්ලු කලා වගේ දැනුනා. දවස පටන්ගනිද්දිම , දවස ගැන ඇති වෙලා තිබුණු කණස්සල්ල වෙනුවට අමුතුම හැඟීමකින් හිත වෙනස් වෙලා තිබුණා.. ජීවිතේ ගැන අලුතෙන් හිතන්න කියලා මගේ යටි හිත මට කොනිත්තා කොනිත්තා වද දුන්නා...
වෙනදාට මනමාලයෙක් ඇවිල්ලා ගියාට පස්සෙ , අම්මාට මට කියන්න තිබ්බෙ එක දෙයයි.. ඒ මම ඒ ආව කෙනාට අකමැතියි කියන බව විතරයි.. ඒත් අද........ අද මමත් නොදන්න හේතුවකට මම ගොළු වෙලා.. පංචිගෙ තොරතෝංචියක් නැති ප්‍රශ්න හමුවෙ උත්තර දීලා හෙම්බත් වුනු මට, අවසානෙදි මට කියන්න තිබුණේ , මට උත්තරය්ක් දෙන්න තව ටිකක් හිතන්න ඕනෙ කියලායි.. මම එහෙම කිව්ව මොහොතෙ අම්මාගෙයි, පංචිගෙයි ඇස් වල තිබ්බ බලාපොරොත්තු සහගත බව නිසාම ඒ ඇස් දිළිසුණා.
"උඹ හොඳ තීරණයක් ගනිං කෙල්ලෙ.. මට විශ්වාසයි.. උඹට වරදින්නෙ නෑ...." අන්තිමට පංචි ගෙදර යන්න යද්දි මට කියලා ගියේ හරිම අවංකවමයි.. මම හිතට හිතන්න , නිවිසැනසිල්ලේ තීරනයක් ගන්න ඉඩ දීලා බලන් ඉන්න හිතුවා...කාලය ගත වෙලා යත්ම ජීවිතේට මොනවාමහරි හොඳ දෙයක් වෙයි කියලා මගේ යටි හිත කිව්වා..
---------------------------------------------------------------------------------------
සඳුදා දවස කියන්නෙ කොහොමටත් කාර්යබහුලම දවසක්. උදේ ඔෆිස් ගිය වෙලාවෙ ඉදන් ආපහු ගෙදර එනකම් ම එක දිගටම වැඩ. වෙනදාටනම් සඳුදා දවස ගැන තියෙන්නෙ පුදුම නොරිස්සුම්සහගත බවක්. ඒත් ඒත් අද උදේ ඉඳන් වැඩ කරගෙන ගියේ හරිම සැහැල්ලුවෙන්.. බලාපොරොත්තු සහගත ජීවිතයක, වෙහෙසයි මහන්සියයි කියන දෙක දැනෙන්නෙ නැති බව හැබෑවක් නේද කියලා මට හිතුණෙ එතකොටයි.. යාන්තමට හිත ඇතුලෙ නළියන බලාපොරොත්තුවක හෙවනැල්ල මගේ ජීවිතේට වැටිලා නිසාදෝ, මම වෙනදාට වඩා සැහැල්ලුවෙන්, හීනි සතුටකින් කල් මැරුවා..
හැන්දෑවෙ ගෙදර එන ගමන්,නුගේගොඩින් බැහැලා නොලිමිට් එකට යන්න හිතුණේ, කාලේකින් ඇඳුමක් ගත්තෙ නෑ නේද කියලා මතක් වෙලායි.. ජීවිතේ අලුතෙන්ම පටන් ගන්න තියෙනවානම්, අලුතෙන්ම ඇඳුමක් අඳිනවා වගේ ජිවිතෙත් අලුතෙන්ම ඈඳාගන්න තියෙනවානම්.... මම හිමින් සැරේ ලේඩීස් ඇඳුම් තියෙන අංගනයට ඇතුල් වුනා..
"දෙයියනේ..............." මට කියැවුනා.. ඇතුල් වෙද්දිම දුටුව දර්ශනෙන් මාව වෙව්ලලා ගියා.. ජීවිතේ කවමදාකවත්, පණට පණ දීගෙන ආදරේ කරපු කෙල්ලෙක් හීනෙකින්වත් දකින්නෙ නැති දර්ශනයක්. ඒ තරමට අවාසනාවන්ත මට සිද්ධ වුනා ඒ අවස්ථාවට මූණ දෙන්න...
ජීවිතේ එක යුගයකදි හමුවුණු, හොඳම පිරිමි හිත. මුළු ලෝකෙම කියලා හිතාගෙන ආදරේ කරපු සසිඳූ...... කෙල්ලෙක් එක්ක ඇඳුම් තෝරනවා.. තවත් හිටගෙන ඉන්න කකුල් වාරු නොවුනු මම දැන් වැටෙයි , දැන් වැටෙයි කියලා බයටම බිත්තියක් අල්ලගත්තා.. ඇස් වලින් කඳුළු කැට තෙරක් නැතුව වැටෙද්දි මම පඩි පෙළ බැහැගෙන දුවගෙන දුවගෙන එළියට දිව්වෙ දරාගන්න බැරිම තැනයි.. කකුල් වාරු නැතිව පැටළෙද්දිත්, මම හිත හයිය කරගෙන දුවලා ගිහින් බස් එහෙක එල්ලුනා...
"ජීවිතේ කියන්නෙ මේකට සකුණි..උබ හිත හදාගනින්" මගේ හිත මාව වැලැක්වුවා. ඒත් කිසිම දවසක දකින්න බලාපොරොත්තු නොවුනූ ඒ දර්ශනෙන් මාව කම්පනයට පත් වුනා.. ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්, මට සසිඳුට වෛර කරන්න බෑ.. ඔව්.. කවදාවත් බෑ.. ආදරේ කරපු කෙනෙක්ගෙන් පළිගන්න බෑ......
" මම මගෙන්ම පළිගන්නවා..." වෙන කරනන් දෙයක් නෑ....
"නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. " මට සසිතගෙ වචන දෝංකාර දුන්නා.
ආදරේ කරපු පළියට මෙහෙම දඬුවමක් විඳින්න වෙයි කියලා හීනෙන්වත් නොහිතපු මම , බස් එකෙන් බැහැලා පයින් යන්න වාරු නැතිකමටම ත්‍රිවිලයක නැගලා ගිහින් ,ගේ ලඟින් බැහැගත්තා..අමාරුවෙන් වාවගෙන ,දරාගෙන ආපු මම, ගෙදරට ගොඩ වුණු කලබළෙ දැකපු අම්මාටත් පුදුමයි..
"මොකද දූ මේ??අද ත්‍රීවිල් එහෙකින්ම ආවෙ..? මුකුත් අසනීපයක්වත්ද?"
"අම්මේ.. මම අර කටයුත්තට කැමතියි.. ඒ මිනිස්සුන්ට කියන්න මම කැමතියි කිව්වා කියලා........" කියපු මම ,කඳුළු හංගගෙන එහෙම්ම ගේ ඇතුළට වැදුනා..
~ නිමි ~
ප.ලි- කට්ටිය එක එක අනුමාන කරලා තිබ්බා.. ඒත් අවසානය නම්...... ;) ඔන්න මට බැනුම් එහෙම අහන්න වෙන එකක් නැති වෙයි කියලා හිතනවා... :P :P

![]() |
| රිදෙන වැලපෙන හිත, දැන් නම් බිමටම බර වෙලා... දරාගන්න බැරි තරම් සිතුවිලි හිත පුරා අවුලලා... නුඹ දුන්නු දුක් ගිනි
ආයෙමත් හිත ඇතුලෙ අතුරලා..
අනේ ඇයි මන්දා මගේ බොළද හිත නැවතිලා.... |
~ නිමි ~
ප.ලි- කට්ටිය එක එක අනුමාන කරලා තිබ්බා.. ඒත් අවසානය නම්...... ;) ඔන්න මට බැනුම් එහෙම අහන්න වෙන එකක් නැති වෙයි කියලා හිතනවා... :P :P
.jpg)
.jpg)
.jpg)
හ්ම්..හ්ම්.. ලස්සනයි තමා..!
ReplyDeleteඒ උනාට....අකුලල ලියල වගේ..!
නැත්නම් ඔයාට ..මොනව හරි...හිතේ තියෙන දෙයක් ලියන්න හිතුනද..?
අකුලලා ලියලා කිව්වෙ?? හි හි.. ස්තූතියි!! ඒත් කිව්ව විදියනම් ඇල්ලුවෙ නෑ මට..;)
Deleteහ්ම්ම්ම්ම්.. නිකන් හිතට ආව අදහසක්, ලියලා දැම්මා එච්චරයි!!
එක දවසක් හමුවෙලා හිත බැඳිලා...(ගෙදර ට ආ මනමාලයා).ඒ වගේ කාරනා තව ගලාගියානම්හොඳා කියල හිතුන ..අකුලල කිව්වෙ...හරිම කෙටියෙන් කියන දේ කියලහිතුන ඒකයි..!
Deleteඑක දිගටම ලියන්න ගියොත් එපා වෙන හින්දා කෙටි කලා.. අනික මට ඕනෙ කලෙත් අවසානෙ , ආදරේ වේදනාව නිසා යෝජනාවට කැමතිවෙන බව පෙන්වන්න...
Deleteබලමුකෝ.. ආයෙත් ලිව්වොත් කතාවක්, මීට වඩා හොදට ලියන්න බලන්නම්...:)
ස්තූතියි වී!!!
හ්ම්..................................................................
ReplyDeleteහිඳීවි කොතැනක හෝලුනේද....මොකාද එකා එයිලුලු දවසක.....
මොන මගුලක්ද මන්දා කියන්න දෙයක් හිතෙන්නෙම නෑ නේ....සික්...මගෙ හිතට මක්ක වෙලාද...
හ්ම්ම්........ හ්ම්ම්ම්ම්..........
Deleteඔව් ඔව්.. එයිලුනෙ නෙ??? ;)
හික්ස්ස්.. හිත වල් වැදිලා ඒකයි ඔය.. :P
කතාව ලස්සනයි හිතු. :)
ReplyDeleteතැන්කූ මදාරා.. :)
Deleteමට ඔහොම අදහස් එන්නේ නෑනේ කතා ලියන්න.
ReplyDeleteඑකක් ලිව්වා තටමලා තටමලා...
ඒකනේ මං ලයිව් කතාම ලියන්නෙ. මට උනා...ලිව්වා... :)
එලට යනවා කතාව...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හික්ස්ස්ස්ස්ස්ස්ස්... :D තටමලා හරි ලිව්වනෙ.. එකත් හොදයිනෙ...
Deleteඔව් ඉතින් ලයිව් එව්වා ලියන්න ලේසියිනෙ...:)
තෑන්ක්ස්ස් රජෝ!! අදින් ඉවරයි ඉතින් කතාව.. තව යන්නෙ නෑ...
ජය වේවා!!
මාරු කතාව, බොක්කටම වැදුනා. දිගටම ලියන්න
ReplyDeleteතෑන්ක්ස් ඉසුරු!!! ඔයාට ඉතින් මගෙ කතා බොක්කට වදිනවානෙ... ;) සතුටුයි!!! අපේ යාලුකම පටන්ගත්තෙත් කතාවක් නිසානෙ... ජය වේවා!!
Deleteවිචාරකයෙක් විදියට එකෙන්ම හොඳයි කියන්න පුළුවන්
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයෝ!!!!
Deleteadare hinaawa
ReplyDelete:D හික්ස්ස්ස්... හිනාව?? නෑ.. කඳුළු
Deleteමේක කතාවක් නම් පංකාදුයි. ටෙලි නාට්‍යක් හදන්නත් පුළුවන්. මේක ඇත්තම කතාවනම් මම ඔයාට සුබ පතනවා.
ReplyDeleteහුඟාක් ස්තූතියි!!!! :) :D
Deleteඇත්ත කතාවක් නෙවෙයි..:) මම තාම පොඩි එකා.. 25 වෙන්න තව අවු 3ක්ම තියෙන්වා..:D
ආ..අද හොඳයි....හැබැ උගුරට හොරා බෙත් බොන්න බෑ වගේ....හැම කතාවකටම නුගේගොඩ තමා දර්ශණ තලය හික්ස්...
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්... අද හොදයි කිව්වෙ , සුභවාදි අවසානයක් නිසාද?? ;)
Deleteහික්ස්ස්.. නුගේගොඩ ඉතින් කාටත් පුරුදු ප්ලෙස් එකක්නෙ... එතකොට ඉතින් කියවද්දි දැනෙනවානෙ ඒකයි ලිව්වෙ.. ආයෙත් ලියද්දි වෙන ප්ලෙස් එකක් ගන්නම්කෝ අයියෙ!!
තැන්කු!!
ඇත්තතම ලස්සන ලියවිල්ලක්.. සරල සාමාන්‍ය කථවක් උනත් හිතත දැනෙන්න ලියලා....
ReplyDeleteහිතූ ඇත්තටම මලමාලියො බලන්න ගිහාම මෙහෙම වෙයිද හලෝ.. මේවගේ 100% මැච් වෙන අය ඉඳියිද?
හුඟාක් ස්තූතියි මී අයියෙ!!! :)
Deleteහික්ස්ස්.. ආ..ඔයත් ගොහින් බලන්නකෝ... 100%ක් මැච් වෙන අයනම් ලොවෙත් නෑ අයියෙ!! අපි ගලපගත්තොත් මිසක්... :) ඒත් දෙන්නාට ඩ්හෙන්න කැපවුනොත්, එකට ජීවත්වෙද්දි ආදරේ ඇතිවෙයි කියලානම් අහලා තියෙනවා...:)
ජය වේවා!!1 මනමාලියෙක් බලලා ඇවිල්ලා පෝස්ට් එකක් දාන්නකෝ..
රාජ් කිවුව එක මටත් හිතුනා. ගොඩක් අයට පුරුදු දර්ශන තලයක්,
ReplyDeleteහිතූගෙ කතා ගොඩකට පසු බිම් වෙන්නෙත්. මට මතක් වුණේ දසුන්ගෙ කතාව
හ්ම්ම්ම්ම්.. ඔව් අක්කි, මොකද හුඟාක් අයට නුගේගොඩ පුරුදුයිනෙ.. එතකොට, ඉතින් කියවද්දි දැනෙනවානෙ.. ඕක මම කඩුවෙල හන්දිය, පිලියන්දල හන්දිය, අතුරුගිරිය හන්දිය, බම්බලපිටිය වගේ තැනක් කියනවාට වඩා නුගේගොඩ කිව්වාම දැනෙනවා ඇති කියලා හිතුනා.. :)
Deleteආව්ව්.. දසුන්ගෙ කතාව තාමත් ඔයාලාට මතකයි කියන්නෙ.. ඒකත් ලොකු සතුටක්..
හූටා...
ReplyDelete""නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. ""නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. " +++++++
:D :D මොකෝ??
Deleteකථාව ලස්සනයි....විටෙක ජීවිතේ හරි අසරණ වුණාම අපි අපෙන්ම පළිගන්න හැටි...
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ස්තූතියි සිත්තමී!!!
Deleteකාට හරි අපිව ඕනි නැත්නම් ඒ කෙනාට යන්න දීලා අපි අපේ ජීවිතේ වෙනම පටන් ගන්න එක තමා කරන්න තියෙන හොඳම දේ..
ReplyDeleteහරියට හරි ප්‍රමුදි!! කරන්න අමාරුත් හැබැයි ඕකම තමා..
Deleteහිතුවක්කරිට කියන්නෙ .......
ReplyDeleteඔය සෙල්ලම් බැ අපිත් එක්ක නම් ...
ඉතුරු ටික ඉක්මනට ලියපන්කො......
හෑ????? මේ ඔක්කොම ලියලා ඉවරයි!!! කතාව ඉවරය්..:O
Deleteකතාව සුපිරියි, ගොඩක් කතා වල පලවෙනි කොටස එකපාරක් කියෙව්වට දෙවෙනි කොටස දානකොට පලවෙනි කොටස මතක නැති වෙනවා. ඒත් මේ කතාවේ පලවෙනි කොටස මගේ හිතේ ලස්සනට තිබුනා, ඒ කියන්නේ කතාව සාර්ථකයි, මේ කතාව මාර ලස්සනයි, නිර්මාණාත්මක දෙබස් කතාව පුරාම කතාවේ ජවය රකිනවා කියල හිතෙනවා.
ReplyDeleteආදරයක් අමතක කරන්න හිතලා, එහෙමත් නැත්තම්, නොලැබුන ආදරේ අමතක කරන්න කියල හිතලා තවත් හිතකට ලංවෙන එක හොඳ දෙයක් කියලා මං හිතන්නේ නෑ. ඒකෙන් කියන්නේ පලවෙනි ආදරෙන් පැරදුන කෙනා හැමදාම තනිකඩව ඉන්න ඕනය කියන එක නෙමෙයි. ආදරේකින් පලිගන්න, වෙන හිතකට ලංවෙන්න හොඳ නෑ කියන එක.
හුඟාක් ස්තූතියි පැතුම්!!!! :) ලොකු සතුටක් ඔයාගෙ කමෙන්ට් එක....:)
Deleteදෙවෙනි කාරණාවට එකඟයි.. මම බලාපොරොත්තු වුනෙත් මේකෙන් ඒක ඉස්මතු කරවන්න...:)
නුඹටත් කෙනෙක් හිඳීවි ..
ReplyDeleteදවසක සොයාන ඒවි ..
ඒ එන තුරා මග බලාගෙන හිඳින්.. ඔන්න තරුවා කියපු ටිකේ අත්වැල් පද ටික මං පනුච්චිගෙන්..
ඇත්තටම අර කිවුවත් වගේ සාලේ මැද වෙන්දේසි වීමක් නේද ඒකත්.. පව් අප්පා අපේ අක්කෙකුත් මේ එන සතියේ ඔහොම එකකට මූණ දෙන්න ලක ලැස්ති වෙනවා.. මේක පෙන්නුවානම් තව ටිකක් බය කරන්න තිබ්බා... අන්න වැඩේ... හිකිස්!!!
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අහ්හ්හ් හා.... හොදා හොදා... ;)
Deleteඔව් අනිවාර්‍යෙන්ම.. වෙන්දේසි වීමක් තමා එකතරා විදියකට... ම්ම්ම්.. අනේ පවු.. බය කරන්න එපා...
ජය වේවා!!
මේ විදිහට නම් සකූට පලිගන්න වෙන එකක් නෑ..මොකද සසිත ගොඩක් හොඳයි වගේ පෙනෙන නිසා..
ReplyDeleteලස්සන කතාවක් හිතූ..ශෛලියත් අපූරුයි..දිගටම ලියන්න..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :)
Deleteහුඟාක් ස්තූතියි අක්කෙ!!! :D
ලස්සන කතාවක් හිතු!
ReplyDeleteඅතීතය ගැන නොතැවී, අනාගතය ගැන නොබියව, වර්තමානයේ ජීවත්වන්න !! :D :D
ස්තූතියි විසිතුරු!!!! :)
Deleteකවදත් දෙන උපදෙස..
ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නැති උනත් මේ අවසානයට මම කැමතියි...පරණ දේවල් ගැන හිත හිතා ඉඳලා පලක් නෑ නේ. තමන්ටත් ජිවිතයක් තියෙන්න ඕන..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ස්තූතියි අක්කෙ!! මට ඕනෙ වුනෙ එක කොටසින්ම ඉවර කරන්න.. ඒත් දිග වුනා..
Deleteඇත්ත.. අතීතය අතීතයනෙ..
ඔන්න මම කොටස් දෙකම කියෙව්වෝ...
ReplyDeleteලස්සනම ලස්සන කතාවක් හිතූ අක්කියෝ.. ගොඩක් ලස්සනයි..
ගොඩ දවසකින් මේ පැත්තේ..
ජයම වේවා! :D
හලෝ... අයිස්... සාදරෙන් පිලිගන්නවා මෙහාට....:D
Deleteහුඟාක් කාලෙකින් නේන්නම්...
ස්තූතියි නංගෝ!!!!
මං හිතේ මවාගත්ත අවසානේ නෙමේ තියෙන්නේ.ඒත් කතාව ලස්සනයි.
ReplyDeleteමේ ඔයා කිව්වට සසිඳු එක්ක තියෙන තරහට තමන්ගෙන් පලිගන්න කියලා හිතන් සසිතගේ යෝජනාවට කැමති උනා කිව්වට හිතේ සසිත ගැන පොඩි හරි පැහැදීමක් තිබ්බ නිසයි කැමැත්ත දෙන්නේ.
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මඩයා මවාගත්තු අවසානෙ මොකක්ද?? ;)
Deleteහික්ස්ස්ස්.. ඔව්.. ඒක එහෙම තමා.. ඒත් සසිඳුගෙ තරහව, තීරණය ගන්න සකූව ඉක්මණ් කලා.. හැමදේම වෙන්නෙ හොදටනෙ...;)
හිතූ අක්කා කතාවක් ලියලා කිවුවා ම එලි නංගිත් ඔක්කොම වැඩ දාලා ආවා ඔන්න. ලස්සනයි ලස්සනයි. ඇහෙන් කඳුලකුත් එලියට පැන්නා. ඒත් එක්කම කටින් හිනාවක් පැනලා ඒ කඳුල වේලුණා.
ReplyDeleteඅහ්හ්හ් හික්ස්ස්.. එලී නංගි ආවට හුඟාක් ස්තූතියි!!! :*
Deleteතැන්කූ හොදෙ!! හික්ස්ස්ස්ස් :D කඳුලු වේලුනානම් මරු!! ;)
ලස්සනයි ...සංවේදියි...
ReplyDeleteස්තූතියි...:)
Deleteමමත් හිතුව අවසාන නෙමෙයි....නමුත් කථාව ලස්සනයි...
ReplyDeleteජීවිතේ අපි අපෙන්ම පළි ගන්නේ හරි දරුණු විදියට කියලයි මට හිතුනේ
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..හුඟාක් අය හිතපු අවසානෙට වඩා වෙනස් තමා.. ස්තූතියි සිත්තමී!!! :)
Deleteඇත්ත, සම්හර වෙලාවට අපි අපිටම රිදවගන්නවා..
ඔයාගේ දෙබස් වගේම සිද්ධි විස්තර කිරීම සාර්ථකයි. ආදරේ සම්බන්ධ කාරණා වලදි මිනිස්සු ගොඩක් බොලඳ වෙනවා. ඒ බොලඳ බවයි, යම් පරිණත ගති ලක්ෂණයි ඔයාගේ කතාවේ තියනවා. කතාවේ අන්තර්ගතය ඉතින් වෙනස්, අළුත් කියලා කියන්න අමාරුයි... සමහර විට, බහුලව භාවිතා කෙරෙන කතා තේමාවකදි, ඒක වෙනස් විදිහකට ගොඩනගන්න උත්සහ කරලා බලන්න... හිතට දැනෙන්න ලියන්න හැකියාව ඔයාට තියනවා...
ReplyDeleteහුඟාක් ස්තූතියි!!! ඇත්තටම ඔයාගෙ විචාරෙට මම කැමතියි.. :) සතුටුයි!! හොද වගේම නරකත් එහෙම කියන එක ඉස්සරහට ලියන්න හොද පිටුවහලක්.. :)
Deleteහිතට දැනෙනවානම්, මගේ ලිවිල්ල සාර්ථකයි.. :) මට ඒ ඇති...
ලස්සන කථාවක් අක්කා.. ඒ උනාට හිතන් උන්නට වඩා ඉක්මනට ඉවර උනානේ.ඒ කථාව කියවන් යද්දි මට මගේම අතීතය මතක් උනා. හැබැයි ඔන්න මට නම් මංගල යෝජයනා ආවේ නෑ හොඳේ..
ReplyDeleteගිහින් එන්නම්කෝ...
හි හි.. තැන්කූ නංගා..(නංගෙක් කියලා සිතමි)
Deleteහ්ම්ම්ම්.. හෙටි කතාවක්නෙ ඉතින් දිගට ලිව්වෙ නෑ...හි හි.. වාසනාවන්තයි, අඅදරේ කරන කෙනෙක් එක්ක ඉන්න ලැබීම හොදයිනෙ, යෝජනා වලට වඩා..
ගිහින් එන්නකෝ ආයෙමත්...
ඔන්න මං කොටස් දෙකම කියෙව්වා.හරිම ලස්සනට ලියලා තියනවා කතාව. :)
ReplyDeleteමම අද තමා මේ පැත්තට ආවේ..... දැන්නම් හැමදාම එනවා...... :)
අහ්හ්හ්හ්හ්හ්හ්.. තැන්කූ නංගෝ... හුඟාක් ස්තූතියි හොදෙ!! සාදරෙන් පිළිගන්නවා මෙහාට..
Deleteආයෙත් එන්නකෝ...
හොදට හුරැ ජිවිත කතාවක්
ReplyDeleteවෙනසකට තියෙන්නේ මං දන්න කතාවේ සසිදු මැරිලා
ඔයා නවත්තපු තැනින් මේ කතාව මම ලිව්වොත් සමහරවිට හැමෝගේම ආකල්ප වෙනස් වෙයි
සසිතත් එක්ක සකුණි සතුටින් නැතත් දුකක් නැතුව ජිවත්වෙන්න ඇති හිතු
ආයෙත් ලියන්න