ශා......... මේ නගරේ තියෙන ලස්සන.. දකින අයගෙ නෙත් සිත් පිනා යන තරම් සුන්දරයි.. පිරිසිදුයි.. ඒ වගේම දියුණුයි.බැලු බැලු අත Walking Park..ලස්සනට වවපු බෝගන්විලා පෝච්චි පාරවල් දිගටම. උදේ පාන්දරට, සීට් ගානට විතරක් සෙනඟ වාඩි වෙලා යන බස් එකේ යද්දි පුදුම ලස්සනක් තියෙන පරිසරයක් දකින්න පුළුවන්.අවුරුදු 30ක් තිස්සෙ යුද්ධෙට නැහුණු අපේ වීර කොල්ලො ටික දැන් නැහෙන්නෙ ආශ්චර්ය වෙනුවෙන්...පරණ ගොඩනැගිලි ටික, පාරවල් ටික, පිට්ටනි ටික, මේ ඔක්කොම ටික ගොඩදාලා දෙන්න තමා දැන් යුද්ධ කරන්නේ..ඒකත් හොඳයිනෙ.. රටක් වුනාම දියුණු වෙන්න එපැයි...
අවුරුදු ගාණක්ම පරණ මහ විශාල ගස් කපලා දාලා මංතීරු දෙකේ පාරවල්, මං තීරු 4ක් කරලාත් ඉවරයි..දියවන්නාවෙන් වටවෙච්චි අරුම පුදුම ගොඩබිමේ රාජකාරි කරන ඇත්තොන්ට, ජනතාවට සේවය කරන්න, රාජකාරි කටයුතු නිසා ඉගිල්ලෙන්න ඉඩ හදන්න එපැයි.;) ඉතින් කොළඹ හතේ පාරවල් ලොකු නොකර කොහොමද?කොහොමටත් දැන් වාහන තදබද ඇත්තෙම නෑ..අපිට ගුවන් පාලම් තියෙනවා,අධිවේගී මාර්ග තියෙනවා..ඉතින් මොන අපිට මොන ප්‍රශ්නද...?සෙල්ලම් නෑ.. දැන් අපි ආශ්චර්යට හරිම ළඟයි......
පිටරැටියොන්ට පින් සිද්ධවෙන්න , විශ්ව විද්‍යාල වලයි, රටේ වෙනත් අධ්‍යාපන ආයතන වලයි උපාධි උත්සව ටික,එතකොට...,ජාතික ප්‍රදර්ශන, සම්මාන ප්රධානෝත්සව ටික,සංදර්ශණ.. එකී මෙකී නොයෙක් උත්සව බහුතරයක් පැවැත්වුනේ B.M.I.C.H එකේ.. ඒත් දැන් අපිට අපේම කියලා තැනක් තියෙන්නෙ..උත්සව පවත්වන්න තැන් නැතුව ලතැවුණු කාලෙ ගියා. දැන් අපිට ලෝකෙටම කෑ ගහලා කියන්න පුළුවන් ලස්සන නමක් එක්ක ,ලස්සන තැනක් තියෙනවා.. අතීතයේ රජවරු හදපු පොකුණු වලට දෙවෙනි නෑ.."නෙළුම් පොකුණ " මුළු ලෝකෙටම ආදර්ශයක්.. එහෙම නේද?
දැන් ,ප්‍රංශෙ කිව්වාම අපිට විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න බහුතරයක් දෙනාට ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ මොකක්ද? "අයිෆල් කුළුණ" නේද?. ඒ වගේ තත්වයක් අපිටත් උදාවෙනවා...එතකොට ලංකාව කිව්වාම හැමෝටම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ, "නෙළුම් කුළුණ". කාටද ආඩම්බර?? අපිට නේද? අපිට ඇත්තට තව මොනාද අඩු?
ලංකාව දැන් මෙගා නාට්‍ය නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණය අතින් ඉන්නෙ සෑහෙන්න ලොකු තැනක.. ඉස්සර සිරසෙ පණ යනකම් පෙන්නුවෙ "මහ ගෙදර" ඉන්දියාවෙ මෙගා නාට්යක්නෙ. ඒත් දැන් සිරස ඉන්දියාවෙ නාට්‍ය පෙන්වන එක නවත්තලා. සිරස විතරක් නෙවෙයි දැන් හැම නාලිකාවක්ම වගේ තරඟෙට පෙන්වන්නෙ ලංකාවෙ මෙගා නාට්‍ය. හිරුණිඛාලා, දුමින්ධලා, මාලඛ ලා, ඇස්බී ලා ,මාර්වින් ලා වගේ අතිශය දක්ස නළු නිළියො ඉද්දිත් අපි ඇයි ඉන්දියාවෙ නාට්‍ය පෙන්වන්නෙ..?මේ තරම් සුපිරි මෙගා නාටක ඉන්දියාවෙවත් නැතුව ඇති..ඉතින් අපි ආශ්චර්යට හරිම ළගයි.... ඇත්තටම...
අවුරුදු ගානක් දුක් මහන්සිවෙලා පාඩම් කරලා, අහිංසක දෙමව්පියන්ගෙ දහදිය කඳුළු සල්ලි වලට දිය කරලා, පෙරුම් පුරල පුරලා කැම්පස් එහෙකට පැනගන්නෙ, "දැන් ඉතින් ලෝකෙම දිනුම්" කියලා හිතාගෙන, ඒත්... අහෝ ආශ්චර්යක මහත!!! දියවන්නාවෙන් වටවුණු භූමියෙ ඉන්න,උසස් අධ්‍යාපනය සම්බන්ධ වගකිවයුත්තා කැම්පස් ටිකේ පාලනේ උන්නැහැගෙ අතට ගන්නකම්, අපේ රටේ දුප්පත් තරුණ පරම්පරාවට ගෙදරට වෙලා උඩ බලන් ඉන්න වෙලා.....ලක්ෂයක් හමාරක් පඩි අරන්..,ආශ්ච්ර්යට යන පාර දිගේ අපේ කැම්පස් වල ආචාර්යවරු ටිකත් හරි හරියට එනවා....
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ, ඒ විතරක්ද ලෝකෙ තියෙන දරුණුම විභාගෙ උසස්පෙළ ප්‍රශ්න පත්තරේත් අඩුපාඩු හොයන්න වෙනමම කොමිසමක් ඕනෙ කරපු කාලයක් මේක.. Z-score එකයි, උසස් පෙළ ප්රතිඵලයි... අපිට මේ ආශ්චර්යට යන ගමනෙ බාධක ආවෙ නැතුවා නෙවෙයි.. ඒත් අපි ඒ හැම බාධකයකටම උත්තර නැතත් , නිදහසට කරුණු හෙව්වා.. ඒකයි අපි මේ තරම් ආශ්චර්යට ළඟ....ඔව්.. අපිට තව පොඩ්ඩ දුරයි...
රැයක් දවාලක් නැතුව හතරේ පාරවල්, හයේ පාරවල් එකපිට එක වදිනවා.. ඒ අස්සෙ අහිංසක ,දුප්පත් අපේ රටේ මිනිස්සුන්ට ලාවට වගේ බඩේ පාරවලුත් වදිනවා.. ඒත් අපිට දැනෙනවාද?? මොන පිස්සුද? ඩීසල් පෙට්‍රල් වැඩි වුනාට, හාල් පොල් මිල වැඩි වුනාට, බස් ගාස්තු වැඩි වුනාට, මේ දවස්වල අපිට දැනෙනවාද? කොහෙත්ම නෑ...අපි ඉන්නෙ T20 උන්මාදයෙන් නෙ.. අපිට දැන් බඩට එක පාරක් නෙවෙයි, දහපාරක් වැදුනාත් දැනෙන්නෙ නෑ..අන්න මේ කාලෙ තමා ආශ්ච්ර්යට කිට්ටු වෙන්න නියමම කාලෙ..තව ටිකා...යි!!!
අපිට දැන් කිසිම අඩුවක් නෑ.. නෙළුම් පොකුණු, නෙලූම් කුළුණූ, අධිවේගී, ගුවන් පාලම්, ක්‍රිකට් පිට්ටනි, වරායවල්, ගුවන්තොටුපොළවල්, අපි සර්වසම්පූර්ණයි!!! අපි ආශ්චර්යට ඔන්න මෙන්න............
අනේ වාසනාවන්!!!!!
ප.ලි-දේශපාලනික පෝස්ටුවක් නොවන බව කරුණාවෙන් සලකන්න... සුදු වෑන් එවීමෙන් වළකින්න.. හුදෙක්ම තවත් එක් විකාර සිතුවිල්ලක් පමණි!!!

නැව් නැති වරායවල්, ප්ලේන් නැති ගුවන්තොටුපළවල්....... ආහ්! වැරදුනා! ඒ වෙන කොහෙද! :D
ReplyDeleteඒ වෙන කොහෙවත් තමා අනෙ!!!
Deleteමෙහෙමත් රටක් තියනවද තවත් ලොකෙ ......:P
ReplyDeleteනෑ.. මේ රට විතරායි!!! ;)
Deleteකොහෙද අප්පා මේ රට තියෙන්නේ? අදහන්න වටින රටක්නෙ. :D
ReplyDeleteවෙන කොහෙද ඉතින්....;)
Deleteආශ්චර්යය කියන්නෙ..බලන්නකො අර මාගම්පුර වරායෙ ගොඩගහල තියෙන කෝටි සීයෙ වාහන කන්දරාව...දියවන්නාවෙ ඇත්තන්ටලු...!!
ReplyDeleteනෑ..... :O ඇත්තටම?? ආශ්චර්ය!!! ආශ්චර්ය!!!
Deleteකෝ එතකොට වරායයි ගුවන්තොටුපලයි ? :)))
ReplyDeleteඅනේ..මංදා හෆ්ෆා.... හම්බන්තොට තියෙනවාලු!!!
Deleteකියවද්දි දුකයි! නමුත් අක්කිය හීනෙන් අැහැරුණ එක ගැන සතුටුයි! :)
ReplyDeleteඔයාගෙ කමෙන්ට්ස් නම් මට තේරෙන්නෙ නෑ..:D ඒකයි මට තියෙන අවුල..:'(
Deleteආශ්චර්්‍යය අත ලගයි නෙවේ.. උදා වෙලා ඉවරයි..
ReplyDeleteඅෆ්ෆා.. එහෙමද...
Deleteමේ කේතුමතී නුවරයි :))
ReplyDelete:D
Deleteආශ්චර්යේ බුරුල් වෙලා කකුල් දිගේ බේරෙනවා...
ReplyDeleteහෆ්ෆටසිලි!!!
Deleteමටනම් ඉස්මුරුත්තාව වගේ!!!!
ReplyDeleteකාලා වැඩිවෙලාද?? ;)
Deleteඇඩෙනවා අප්පා සතුට වැඩි කමට..
ReplyDelete: P
සතුටු කඳුළූ දැන්ම එපා.. තව ඉස්සරහට ඉතුරුකරගන්න....
Deleteආ...මෙන්න හිතූ එකපාරටම කොහෙන්දෝ ඉඳන් මතුවෙලා.. කොහේද අප්පා ගිහින් හිටියේ මෙච්ච්ර කල්... ඉතින් කොහොමද වාසදේස...???
ReplyDeleteඅද නම් වෙනස්ම පෝස්ට් එකක්.. හිතූ දීර්ඝ නින්දෙන් එකපාරටම ඇහැරුන නිසාද කොහේද ඇස් ඇරන් ඉන්න උදවිය හැමෝටම නොපෙනෙන/පෙනුනත් නුදුටුවන්ව ඉන්න පැත්තක් ගැන පෙනිලා
හික්ස්ස්.. මට විභාග තිබුණානෙ තොටි අයියෙ!!! ඉතින් පොත් අස්සෙ ගිලිලා හිටියෙ...;) දැන්ම වරදක් නෑ.. හොදින් ඉන්නවා.. ඔයාට කෝමෙයි??
Deleteටිකක් වෙනස් පෝස්ට් එකක් වෙන්නැති.. දන්නෙ නැද්ද, පාඩම් කරලා මොලේ කුරුවල් වෙලානෙ...
වරදක් නෑ.. ඔහේ ඉන්නවා හලේ.. ඒත් ටිකක් විතර බිසී
Deleteමම නම් හැමදාම ආශ්චර්යයේ පිවිසුම දැක දැක යනව,සැහෙන්න වාහන නම් යනවා පේනවා ආශ්චර්ය හම්බුනාද නම් දන්නේ නෑ!:-/
ReplyDeleteඅහ්හ්හ්හ්... හම්බෙන්න ඇති හෆ්ෆා....
Deleteමේක දේශපාලන පෝස්ටුවක් නෙමෙයි කිව්වා නේ.ඒ නිසා මොකුත් කියන්න බෑ.කමක් නෑ.ඔබේ සිතුවිල්ලේ මට තේරුණ ඒවා තමා මේ.මතක තියාගන්න කිසිම පක්ෂ පාට ක්‍රමයක් නොමැතිවයි මං මේවා ලියන්නේ.
ReplyDelete//අවුරුදු 30ක් තිස්සෙ යුද්ධෙට නැහුණු අපේ වීර කොල්ලො ටික දැන් නැහෙන්නෙ ආශ්චර්ය වෙනුවෙන්.// මේ ක්රියාපිලිවෙත හරි.මොකද දියුණු උනු රටවල් දිහා බැලුවහම ඒ රටේ හමුදාව තමයි ශ්‍රමය යොදලා පොදු සම්පත් බිහි කලේ.හොදම උදාහරණය තමා වැනිසියුලාව.කියුබාවත් එහෙමයි.අහලා තියේද චේ ගුවේරා ගැන.එයත් කියුබාවේ පොදු සම්පත් බිහි කිරීමේදි කම්කරුවන් සමග එක්වෙලා ශ්‍රමය වැය කලා.තව ඉතින් ලිබියාවත් ගන්න පුළුවන්.
ඔබ කිව්වා වගේ විශාල ගස් කපලා පාරවල් හදන එකට මං විරුද්දයි.අපි ලගා කරගන්න ඕනි අපේ අනන්‍යතාව රැකගෙන සංවර්ධනය වෙන්න.ඒ සංවර්ධනය තුලදී අපට කියන්න බෑ දැන් ලංකාව කියුබව වගේද,ඇමෙරිකාව වගේද,සිගප්පූරුව වගේද කියලා.අපි අපිට ගැලපෙන අපේ සංස්කෘතිය රැක ගෙන සංවර්ධනය වෙන්න ඕනි.කියුබාව හොද ආදර්ශයක්.තමාගේ පරිසරය මනාව රැකගනිමින් සංවර්ධනය උනා.එයාලගේ සංස්කෘතිය එයාලා රැක ගත්තා.
ආචාර්යවරු ගැන කියද්දි සෘජුවම ඔයා දොස් පවරලා තියෙන්නේ ඒකේ වගකිව යුත්තට.මං හිතන්නේ ඇස්.බී ට වෙන්ටෑ.ඔව් මේ ප්‍රශනේ ඔච්චර දිග්ගස්සනේ නැතිව ගෙනියන්න තිබ්බා එකට එක නොකරනම්.අනිත් එක එයාටම දොස් පැවරීමේ සත්‍යයක් නෑ.මොකද රට වැටලීමට මාන බලන උන් ඉන්නවා.දැන් ඔය කතාව හාස්‍යක් වගේනේද?එහෙම හිතන්න එපා.අපි ඇමෙරිකාවත් එක්කයි සටන් කරේ.ඇමෙරිකාව බලන්නේ පහු වෙලා හරි පලිය ගන්න.මහින්ද කොච්චර යාළු වෙන්න උත්සහා ගත්තත් ඇමෙරිකාවත් එක්ක, ඇමෙරිකාව ගන්න ඕනි පලිය ගන්නවා.මේ මොහොතේ උනත් ඇමෙරිකානු කුමණ්ත්‍රණයක් ලංකාව තුල සිදුවෙමින් තියෙනවා.ඒක ලංකාව තුල විතරක් නෙමෙයි මුළු ලෝකයේම සෑම රටකම සිදුවෙමින් පවතිනවා.එයාලට හිතවත් රටවල්වල පවා.මං ලිව්වා චිලි දේශයේ කුමණ්ත්‍රණය කියලා ලිපියක්.එකේ කියව්වොත් ඇත්ත තේරුම් ගනිවි.
මෙ රජයේ අනන්තවත් වැරදි තියෙනවා.හරිහැටි සැලසුමක් නෑ,මිනිස්සුන්ට රට ගොඩනගන්න දෙන අභිප්‍රේරණ මදි,විදේශ ආධාර ගැනීම,ඇමතිවරුන්ගේ තියෙන බලලෝබීත්වය වගේ දේවල්.
ඉතින් අපි කලින් කලට පත් වෙන රජයන්ට බැන බැන නොඉද අපි අපේ ගමන යමු.එකතු වෙලා රට හදමු.තමාගෙන් වෙන්න යුතුකම් රටට ලබා දෙමු.දේශපාලඥයින් අභිප්‍රේරණය කරවලා ගමු.මහින්දගේ ආශ්චර්යද,රනිල්ගේ මොකක්හරිද කමක් නෑ.ඒ ප්‍රතිපත්ති තුල රටේ අනාගත සුබසිද්ධිය නිරූපණය වෙනවානම් එතනදී අපි පක්ෂ පාට පැත්තකට දාලා නායකයාගේ අරමුන ඉටු කරන්න පෙළ ගැසෙන්න ඕනි.රනිල්ට උනත්,මහින්දට උනත්,සෝමවංශට උනත් ඒක පොදු වෙන්න ඕනි.
ජයවේවා !
//.අනිත් එක එයාටම දොස් පැවරීමේ සත්‍යයක් නෑ.මොකද රට වැටලීමට මාන බලන උන් ඉන්නවා.දැන් ඔය කතාව හාස්‍යක් වගේනේද?එහෙම හිතන්න එපා.අපි ඇමෙරිකාවත් එක්කයි සටන් කරේ.ඇමෙරිකාව බලන්නේ පහු වෙලා හරි පලිය ගන්න//
Deleteඒක තමයි නේද ? ඇමරිකාව එච්චර හරියක් කොරල තියෙත්දිත් ලංකාව පාලනය කරන ඉහලම තැන් වල ඇමර්කන් පුරවැසියො හිටියට කමක් නැද්ද ? ඇමරිකාවේ කීම අහල අපේ අතිජාත අධිරාජ්‍ය විරෝධි මිතුරන්ගෙන් තෙල් ගේන එක නතර කලාට කමක් නැද්ද?
//මොකද දියුණු උනු රටවල් දිහා බැලුවහම ඒ රටේ හමුදාව තමයි ශ්‍රමය යොදලා පොදු සම්පත් බිහි කලේ.හොදම උදාහරණය තමා වැනිසියුලාව.කියුබාවත් එහෙමයි.අහලා තියේද චේ ගුවේරා ගැන.එයත් කියුබාවේ පොදු සම්පත් බිහි කිරීමේදි කම්කරුවන් සමග එක්වෙලා ශ්‍රමය වැය කලා.තව ඉතින් ලිබියාවත් ගන්න පුළුවන්//
ඔය උදාරණයට දීල තියන රටවල් "දියුණු" ය කියන්න පවිච්චි කරන මිනුම් දඬු මොනවද ? පස්සෙ තැනක ඇමරිකාව සිංගප්පුරුව සහ කියුබාව එකම මට්ටමට තියල කථා කරල තියනවා , ඔය තුන සමාන වෙන්නේ මොනවගේ ආර්ථික /සමාජීය දර්ශක වලින්ද ?
විදේශ ආධාර/ණය ගැනීම වරදක් කියල සටහනක් තියේ , ලංකාව නම් මේ වෙනකොට චීනෙට විකුණන ගානට ඇවිත් , නමුත් විදේශ ණය 100%කින් ප්‍රතික්ශේප කරන්න රටල්කට පුලුවන්ද ?
නෑ.ඒ කීමට ලංකාව තෙල් නැවැත්තුවේ නෑ.ඔයා දන්නවද ආසියාවේ හුගක් රටවල් වලට ආර්ථික සම්බාධක ආවා ඉරානයෙන් තෙල් ගන්නවට.ඒක ලංකාවට පැනෙව්වා.ඉරානයෙන් ගෙන්වන තෙල් ප්‍රමාණය ලංකාව සැලැකිය යුතු ප්‍රමාණයකින් ඊට පස්සේ අඩු කරන්න සිදු වුනා.ඒ මදිවට ඉරාන විදේශ වත්කම් හා මධ්‍යම බැංකුව අන්තර්ජාතික බැංකු පද්ධතියෙන් අයින් කරා.ඒ වගේ තත්වයක් තුල අපිට ඇ.ඩොලරය භාවිතා කරලා තෙල් ගන්න බෑ.එහෙනම් අපි ඉරාන මුදල් වලට හැරෙන්න ඕනි.නැත්නම් ඉරානය ලංකා මුදල් වලට හැරෙන්න ඕනි.චීනය වගේ රටක් එහෙම කලාට අපිට එහෙම කරන්න බෑ.අපි පොඩි දියුණු වෙමින් පවතින රටක්.අධිරාජ්‍යවාදය විරුද්ධව අපිට දැඩි තීරණ ගන්න බෑ.මොකද අපේ ආර්ථිකය දුරුවලයි.දේශපාලන පක්ෂ වල් වැදිලා.ඔයා නිතරම ප්‍රවෘති ගැන දැනුවත්ව ඉන්න.දැන් ආයෙත් ලංකාව ඉරානයෙන් තෙල් ගන්න සාඛච්ජා පවත්වනවා ඇමෙරිකාවත් එක්ක.
Deleteදෙවැනි නරුනෙදි මං කිසිම සමානතාවයක් දක්වලා නෑ.මං කිව්වේ ලංකාව දියුණු කරන්න ඕනි වෙනත් රටවල් දිහා බලලා නෙමෙයි කියලා.අපි අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට සංවර්ධනය කරන්න ඕනි.ඇත්තටම ඔය තුන 3න් විදිහක්නේ.කියුබාවේ සංවර්ධනය ඇමෙරිකාවට වඩා වෙනස්.බොහොම සරල දිවිපෙවතක් තියෙනනේ.ඔය තුන සමානයි කියලා නෙමෙයි මං කිව්වේ.අපි ලගාකරගත යුත්තේ කියුබාව ලගා කරගත් සංවර්ධනයක්ද,ඇමෙරිකාව ලගාකරගත් සංවර්ධනයක්ද කියන එක නෙමෙයි.අපි අපිට ගැලපෙන ආර්ථික හා සමාජීය දර්ශකයන් ගොඩනගාගන්න ඕනි.
ඇමෙරිකාව දියුණු කියලා කියන්නේ කොහොමද?භෞතික සංවර්ධනය විතරනේ.ඒ වගේ තමා අනිකුත් රටවල්.දියුණු කියලා කියන එකෙ අදහස් ගොඩයිනේ.මං කියන්නේ භෞතික දියුණුව.
විදේශ ණය ප්‍රතික්ෂේප කරන්න එහෙම බෑ.විශේෂයෙන්ම වර්ථමාන ලංකාවට.අධික ණය බර රටකට හොද නෑ.දැන් අපි පරක්කු වැඩියි.කිසිම රටකින් අප ආධාර ගත යුතු නෑ.ඒක රටක ස්වාධීනත්වය බෙහෙවින් හානි කරයි.සිරිමාවෝ පාලනය තුල මං දකින හොදම ලක්ෂණය තමා වගා කරන්න කිව්ව එක.ඒ කාලේ මිනිස්සු කන්න නැති නිසා සොහොන් පිටි වලත් වගා කරා කියලා අපේ අම්මා තාත්තා කියලා තියෙනවා.බලන්න ඒ විදිහටම ඒ ප්‍රතිපත්ති අරගෙන ආවනම් අද ලංකාව කිසිම රටකට අත නොපාන සමාජවාදයට බෙහෙවින් නැඹුරු සමෘද්ධිමත් රටක්.
යාළුවා.අපි අපේ කම්මැලි කම් දුරලලා අපි ඔක්කොම එකට එකතුවෙලා එකාවන්ව එක විට අපි අපේ රාජකාරිය කලොත් ඔය ආසියාවේ ආශ්චර්ය නෙමෙයි ලෝකෙම ආශ්චර්ය කරන්න පුළුවන්.නමුත් අද අපි එහෙම කරන්නේ නෑ.අපි කලින් කලට පත්වෙන ආණ්ඩු වලට බැන බැන ඔහේ ගෝතයෝ වගේ ඉන්නවා.
අපේ ගෙවල් ශුද්ද පවිත්‍ර කරගන්නේ අපි මිසක් අවට ඉන්න මිනිස්සු නෙමෙයි.එයාලා ආවත එන්නේ මොනවා හරි දෙයක් ගෙදරින් අරන් යන්න වෙන්න පුළුවන්.එයාලා ඇවිත් අපේ ගෙවල් සුද්ද කරලා දෙනවද? නෑනේ.ඒ නිසා අපේ රටේ වගකීම පැවරෙන්නේ අපිට.දේශපාලකයින් හදන්න පුළුවන් ජනතාවට විතරයි.
සාක්ච්ඡා කරනවයි කියන්නේ ඉතින් ඇමරිකාව 'හා' කිව්වොත් තෙල් ගේනවා කලින් වගේම නැත්නම් බැ කියන එක තමයි ,මම නම් රටක දියුණුව කියල දකින්නේ මිනිස්සුන්ට යහපත් ජීවන තත්වයක් ගෙවන්න පුලුවන් කියන එක . හැබැයි ඉතින් ඔය යහපත් කියන එකට තමන්ගේ නිර්ණායක පාවිච්චි කරල තමන්ට ඕනි මට්ටමකට අඩු කරගන්න පුලුවන් , ඊට පස්සේ අපිට ආවෙණික සරල ජීවිත ගත කරන නිසා දියුණුයි කියලා ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් .නමුත් පිලිගත් නිර්නායක ඒක පුද්ගල ආදායම , මානව සංවර්ධන දර්ශකය වගේ ඒවයින් මිසක් රටවල් දෙකක සංසන්දනාත්මක දියුණුව ගැන කථා කරන්න බෑ , අපිට ආවෙණික ක්‍රමයක් කියල රජ කාලේ විදිහට ජිවත් වෙන්න පුලුවන් නම් , ඒකෙන් මිනිස්සු තෘප්තිමත් නම් දැනුත් ලංකාවා ඒ තත්වයට ගත්තහැකි ඩ් බොහොම කෙටි කාලෙකින් . වාමාංශිකයො අගය කාලාට සිරිමා ගේ කාලේ ලංකාව ගියේ ආපස්සට ,ජේ.ආර් ඒක වෙනස් නොකරන්න ලංකාව තවමත් ගෝත්‍රික රටක්(ගෝත්‍රික මතවාදයන් තවමත් කරපින්නන් ඉන්න එක වෙනම කථාවක් ) . සමාජවාදය ගැන කථා කරන්න උඹටවත් මටවත් බ්ලොග් තියා අන්තර්ජාල පහසුකම් වත් දකින්න නොලැබෙන්න පුලුවන් , ඔය මෝඩ ආර්ථික ක්‍රමේම තමයි 90 දශකයේ මුල වෙනකන් ඉන්දියාවත් අනුගමනය කලේ ,89දී ඉන්දියාවට යන ශ්‍රි ලාංකිකයෙකුට ඉන්දියාව පේන විදිහ මෙන්න මේ ලිපියේ තියනවා - http://sihisatahan.wordpress.com/2011/04/07/blogpost6/
Deleteසමාජවාදීන් බෙහෙවින් අගය කරන චීනයත් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරල ඇමරිකන් කාරයගේ ඇපල් වලට , ජපනගේ සෝනි වලට තමන්ගේ රටේ අයෝජන කරන්න ඉඩ නොදුන්නා නම් අද ඉන්න තත්වයට පත් වෙන්න හැකියාවක් නෑ , සමාජ වාදය තාර්කිකව ලස්සනයි ප්‍රයෝගිකව අසාර්ථකයි , ලෝකයේ පිලිගත් නිර්නායක අනුව දියුණු රටවල් අතර එකම සමාජවාදි රටක් හො නැත්තේ ඒකයි !
ඔයා කියන්නේ වෙනම දෙයක්නේ.රටක දියුණුව එකින් එක රටවල් වලට වෙනස්.ආර්ථික වර්ධනයත්,උපත් අනුපාතිකයත් ආදිය.ජේ.ආර් විවෘත ආර්ථකය ගෙනාවේ නැත්නම් අද ුපි සමෘද්ධිමත් රටක්.ජේ.ආර්.කියන්නේ ඇමෙරිකන් ගැත්තෙක්.ඇමෙරිකානු කුමණ්ත්රණයෙන්තමා එයා ලංකාවේ බලයට ආවේ.සිරිමාවෝගේ සමාජවාදය පෙරලලා.අනික සමාජවාදයක් ඇතිකලා කියලා අන්තර්ජාල පහසුකම් භුක්ති නොඉද ඉන්නේ නෑනේ.කියුබාව අන්තර්ජාල පහසුකම් භුක්ති විදිනවා.උ.කොරියාව තමන්ගේම ජාල හදාගන්නවා.ජේ.ආර් ගෙනාවේ නැත්නම් ඔය කෙහෙලමල් ප්‍රතිපත්තිය අද අපි කම්මැලි නැති ආහාර වලින් ස්වංපෝෂිත රටක්.කිසිම රටකට අත පාන්නේ නැතිව ඉන්න තිබ්බා.
Deleteමතක තියාගන්න.එයාගේ විවෘත ආර්ථිකය නිසා තමා අද රටට බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් අහිමි උනේ.රට හැර ගිය විදුදරුන් හිටියනම් ඔවුන් අපිට කියලා ජාලයක් නිර්මාණය කරයි.
ඔබ කිව්වා හරි සමාජවාදය ප්‍රායෝගික නෑ.මාක්ස්ලා ඉදිරිපත් කරලා තියෙන ආර්ථක ගොඩනගන්න අපට බෑ.ඒවා කොහොමත් අසාර්ථකයි.කියුබාවේ කස්ත්‍රෝ කියුබානු ව්ප්ලවයෙන් පස්සේ ඇති කරපු සමාජවාදි පිලිවෙත් නෙමෙයි දැන් තියෙන්නේ.වෙනස් වෙලා.අන්න ඒ වගේ වෙනස් කරන්න ඕනි.අනික අපි හිතන මේ අන්තර්ජාල දියුණුව මොකක්ද? අපි මෙවගේ එල්ලිලා හිටියට අපි ඉන්නේ කරදර ගොඩක නේද?ඇමෙරිකාවේ මුවදොර ඉදගෙන කියුබාව අද ඇමෙරිකාවට විශාල අභියෝගයක් වෙමින් ඉන්නේ ඒ රටට ඕනි විදිහට ප්‍රතිපත්ති හදාගත්තු නිසා.චීනයත් එහෙමයි.චීන කොමියුනිස්ට් පාලනය ඉවත දාලා විදේශ ආයෝජන කැදෙව්වා.ඔය විදේශ ආයෝජන අසාර්ථක වුනොත් රටට විශාල පාඩුවක්.
සමාජවාදයේ මූලික පරමාර්ථය භෞතික දියුණුව නෙමෙයි.සැමට සමානව සැලකීමනේ.නිදහස අඩුයි තමා.ඒත් මිනිසුන් අතර පංති භේද නෑ'ඉතින් ඔය කියන දියුණු රටවල් අතරට එන්න බෑ කොහොමත්.අනික සංස්කෘතිය කිව්වට රජවරු වගේ ඉන්න ඕනි කියල මං අදහස් කලේ නෑ.මං කිව්වේ අපේ කමට අපිට ගරු කල යුතුයි.
ඔබ කිව්වා දියුණු රටවල් අතර සමාජවාදී රටවල් නෑ කියලා ලොව පිලිගත් නිර්ණායක අතර.කියුබාව ලෝකයේ හොදම මානව දර්ශකයක්,හොද ආර්ථක වර්ධනයක්(ඇමෙරිකාව සෘණ වර්ධනයක් ලගා කරගද්දි කියුබාව 9 යි දශම ගාණක ආර්ථික වර්ධනයක් ලගා කරගත්තා.)තිබුණා.බලන්න මේ වෙබ් සයිට් එක දිහා. http://thecubaneconomy.com/
හැබැයි ඔබ අන්තිමට කිව්ව දේ මං බොහෝ විට විශ්වාස කරනවා.ඇත්තටම ප්‍රායෝගිකව අමාරුයි ක්‍රියාත්මක කරන්න සමාජවාදය.ඒත් කියුබාව ඒක කරන්න පුළුවන් කියලා ඔප්පු කරා.කොහොම උනත් මං කිසිවිටෙකත් අන්ත සමාජවාදයටවත් ධනවාදයටවත් කැමති නෑ.මම මාක්ස්වාදය ඉවත දානවා.ධනවාදයත් එහෙමයි.නමුත් සමාජවාදයේ හොද ගති ගුණ ගොඩක් තියෙනවා.ඒකයි සමාජවාදය යහපතක් විදිහට දකින්නේ.සමාජවාදි ආර්ථක පැවතීම ඇමෙරිකාවටත් බටහර යුරෝපයටත් අවාසියි.මොකද උන්ගේ බඩු ටික විකුණ ගෙන සූරාකන්න බැරි වෙන නිසා.
චීනය විදේශ ආයෝජන රට තුලට කැදෙව්වේ ලෝකයේ බලවත්ම රාජ්‍ය වෙන්න තියෙන අදිරාජ්යවාදී මානසිකත්වය නිසා.චීනය දැඩි ලෙස ඇමෙරිකාවත් එක්ක වෙලද සම්බන්ධතා පවත්වන රටක්.ඇමෙරිකාව සම්බන්ධතා නැවැත්වුවහොත් හෝ ඇතවැටුනොත් ඒක චීනයට දරාගත නොහැකි පාඩුවක්.නමුත් කියුබවට හා උ.කොරියවට එහෙම නෑ.කොහොම උනත් කියන්න තියෙන්නේ අන්ත ධනවාදයටවත් අන්ත සමාජවාදයටවත් ඉඩක් නොතිබිය යුතුයි කියලා.
ඔය කියන විදිහට සිරිමා ක්‍රමයෙන් රට සමෘදිමත් වෙනවා නම් අපිට වඩා කාලයක් ඒක පවත්වාගෙන ගියපු ඉන්දියාව සමෘදිමත් වෙන්න ඕනි නේ , ජේ ආර් ගේ විවෘත ආර්ථිකයෙ අවුරුදු 12 ක් ජීවත් වෙච්ච කෙනෙක් 89දී ඉන්දියාවට ගියාම අතිශය ග්‍රාම්‍ය සමාජයක් , ලංකාවට වඩා අවුරුදු 20 ගණනක් පිටි පස්සෙ තියන සමාජයක් දකින්නේ ඒක්රමයේ තියන අසාර්ථක කම නිසා, පූර්න වශයෙන් ධනවාදය හෝ මාක්ස්වාදය ස්ථාපිත නොවුනත් ඔය කියන අතරමැදි තැනේ රටක් හිටගන්නේ ධනවාදයට බරවද , සමාජවාදයට බරවද කියන එක අනුව රටවල් වල දියුණුව තීරණය වන බව පැහැදිලියි . ආර්තික අර්බුදයත් එක්ක සංවර්ධිත රටවල ආර්ථික වර්ධන වේගයන් පහල වැටීමට අමතරව කොහොමටත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධන වේගය සංවර්ධිත රටවලට වඩා වැඩියි . මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් ලයිස්තුව ඔන්න තියනවා , කියුබාව කොතනද ?
Deletehttp://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index
http://en.wikipedia.org/wiki/Internet_in_Cuba
Deleteමෙන්න මෙහෙමයි කියුබාවේ ඉන්ටර්නෙට් , ඔහොම එකක් තියාගෙන මේ වගේ දේශපාලන අදහස් නිදහසේ හුවමාරු කරගන්න හැකියාවක් ලැබෙනවද ?
අර දර්ශකය අදාල 2011 ට.බලන්න ඒ රටවල් දිහා.අර වෙබ් එකේ තියෙනවා.ඔවා ගැන.
Deleteකියුබාවේ තොරතුරු නෑ.උ.කොරියාවේ තොරතුරුත් නෑ.එයාලා භාවිතා කරන්නේ අභ්‍යන්තර ජාල.අනික වඩාත් සංවර්ධිත රටවල් වලින් මොනවද අපේ යහපත පිණිස හිමිවෙලා තියෙන්නේ.අපි යන්නේ තනිකර බුදුමහමට පැටහැනිව නේද?බුදුදහමේ කියන පෞද්ගලික දේපල ක්‍රමය ඔයා ප්‍රතික්ෂේප කරනවා.සමාජවාදී රටවල් එයාලගේ තොරතුරු පිටතට දෙන්නේ නෑ.එහෙම දුන්නොත් රට බිදිවැටෙනවා.චීනය ඉන්ටනෙට් පාවිච්චි කරනවා.මොකද දැන් වෙලා තියෙන්නේ?එයාලා තාක්ෂණික වෂයෙන් ඉස්සරහට ගියත් ඒ කොමියුනිස්ට් පක්ෂයට විරුද්ධව ජනතාව නැගිටලා.කවුද එහෙම නැගිටෙව්වේ.බන්ටනෙට් මාර්ගයෙන් ඇමෙරිකාවේ පිච්චමල් වසන්තය.ඊජිප්තුව,ලිබියාව වගේ රටවල ආණ්ඩු විරෝධීන් බිහිවුනා අන්තර්ජාල නිසා.අරාබි වසන්තය කියලා ඇමෙරිකාව ඇතුළු බටහිර යුරෝපීය රටවල් හැදින්වූයේ.
ඒ නිසා කියුබාව සංවර්ධිතයි.මට පේන්නේ ඔයා අර වෙබ් එක කියවලා නෑ.ඔයා හිතනවනම් සමාජවාදය තුලින් බාහර ලෝකයට විවෘත නොවී කැලෑවැදුණු මිනිස්සු වගේ ඉන්න ඔන කියලා ඒක වැරදියි.කියුබාවයි උ.කෙරියාවයි එහෙම රටක් නෙමෙයි.උ.කොරියාවේ මිනිස්සුන්ට කන්න නැතැත් උන් න්‍යෂ්ටික අවි හදනවා.කියුබාවත් හදනවා.
ඔයා හිතන්නේ ඇමෙරිකන් හිතවාදීව.මතක තියාගන්න.ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය වගේ රටවල් දියුණු වුනේ ස්වෝත්සාහයෙන් නෙමෙයි.සූරගෙන කාලා.ජපානය,ද.කොරියාව වගේ රටවල් දියුනු වුනේ ඇමෙරිකාවේ හා බටහිර යුරොපීය රටවල් වල ආධාර ඇතුව.නමුත් කියුබාව,චීනය වගේ රටක් දියුණු උනේ තමන්ගේ ස්වඋත්සහයෙන්.අද කියුබාව කිසිම රටකට අත නොපා මුළු ලතින් ඇමෙරිකාවෙත් ලෝකයේමත් අභීත නායකයා බවට පත් වෙලා.උ.කොරියාව නම් චීනයෙන් ආධාර ගන්නවා.
දේශපාලන අදහස් නිදහසේ හුවමාරු කරගන්නවා කියන්නේ මොකක්ද?ඒක තමා වැරැද්ද.ඔබාමා තහනම් කල නේද රජයට විරුද්දව උද්ඝෝෂණ පැවැත්වීම.එතන දේශපාලන නිදහසක් තියෙනවද? නමුත් අපේ රටේ මහින්දට විරුද්දව කෙච්ර මඩ ගහනවද? ඒත් මහින්ද කිව්වා ඒවා ගැන හොයන්න එපා කියලා.මෙතන සම්පූර්ණයෙන්ම වැරදියි.මිනිස්සු ඉන්න ඕනි රටට.රටේ කිසිම පුද්ගලයෙක් වෙනත් රටකට බිලි නොකරන්න.ඒ නිසා ඔයාගේ නිදහස් දේශපාලන අදහස් වැඩක් වෙන්නේ නෑ අවැඩක් මිසක්.කියුබාව ගත කරන්නේ සරල දිවිපෙවතක්.නැතනම් ඔයා හිතනවා වගේ ප්‍රාථමික ගල් යුගයේ ජීවිත නෙමෙයි.
හරි.දැන් මේ පොස්ට් එකේ මාතෘකාව.
මෙක ලියලා තියෙන කෙනා මෝඩ විදිහට ලියලා තියෙන්නේ.රට ඉතින් සංවර්ධනය වෙනවා.නැත්නම් රනිල් කරා වගේ කිසිම දෙයක් නොකර කොටින්ට හා නොර්වේ කාරයට ඕන විදිහට රට ගෙනියන්න කියලද කියන්නේ.මං දන්නේ නෑ මේ වරායවල්,නෙළුම් පොකුණු හැදීමේ වරද. හොදක් මිසක්.මට ඒ ගැන ඇඩ්මින් කරුණූ දක්වන්නකො.
ඕකට තමයි කියන්නේ තමන්ගේ නිර්නායක හදාගන්නවා කියලා ,පුද්ගල නිදහස අවශ්‍ය නැ , භාෂණයේ නිදහස අවශ්‍ය නැ කියල හිතලා නිර්නායක හදාගෙන කථා කරන්න බෑ , ඔහොම නිර්නායක දාගෙන ඕනි කෙනෙකුට අපි සංවර්ධිතයි කියන්න පුලුවන් , ඔයා දුන්න වෙබ් අඩවියෙන් තොරතුරු හොයන්න මට තෙරෙන්නේ නෑ , මෙලෝ ස්ටැන්ඩර්ඩ් එකකට නැති එකක් , විකි පිඩියාව වගේ පොදු දත්ත තියන තැනක ඔයාගේ මහලොකු කියුබාවෙ අදාල දර්ශක තියන තැන් පෙන්වන්න .
Deleteසමාජවාදී යෝ සහ අරාබි ඒකාධිපතියො රටේ ජනතාව තොරතුරු වලින් හංගන්නේ තමන්ගේ සුභ විවරණයට , ඒකාධිපති නායකත්වය හොඳයි , විවේචනය වැරදියි ඕවා ඔක්කොම ඔගොල්ලන්ගෙ මනස් ගාත , ලෝකේ බහුතරයක් රටවල් පිලිනොගන්න ක්‍රම .
කන්න නැතුව න්‍යෂ්ටික ආයුධ හැදීමේ පලය මොකක්ද ? න්‍යෂ්ටික ආයුධ හදන එකම සංවර්ධන වෙමින් පවතින රට උතුරු කොරියාවද ? ලඟදිත් මහ ලොකුවට සද්දේ දාල රොකට් යවන්න ගිහින් බිමට පත බැවෙ .
ඔයාට කියුබාව මහලොකු වැඩ්ඩා වුනාට අපි නම් පඩේකට මායිම් කරන්නේ නෑ , ඔච්චර අභීත නායකයෙක් වෙන්න කව්ද කියුබාවට බය ?
ඒකාධිපතිත්වය හොඳයි , මානව නිදහස අවශ්‍ය නෑ කියල සිමා දාගන්නවා නම් වාද කරල වැඩක් නෑ රටක සංවර්ධනය ජාත්‍යන්තර නිර්නායක වලින් මනිනවා නම් කථා කරමු , මොකද අපිට ඒකාධිපතියොත් එපා , තියන මානව හිමිකමුත් වටිනවා .
ඔයා අහල තියන වරායවල නෙලුම් පොකුණු වල ලොකුම අවුල තමයි , ඔයාම නරකයි කියන විදශ ණය වලින් හදන එක , අනික වියදමේ හැටියට පලදායිතාවක් නැති එක
// ඒත් මහින්ද කිව්වා ඒවා ගැන හොයන්න එපා කියලා//
Deleteඅනේ ඔව් එයා බබානේ , ඒක නිසා වෙන්න ඇති , තාම වෙබ් සයිට් බ්ලොක් කරල තියෙන්නේ
යාළු ඔයත් එක්ක කතා බෑ.මොකද මට දැන් තමා තේරෙන්නේ ඔයා ඔය කතා කරන්නේ පක්ෂයක් බදාගෙන කියලා.
Deleteයාළුවා අර වෙබ් සයිට් එක ජාත්‍යන්තර මිණුම් තමා.නැතුව ජාතික මිණුම් නෙමෙයි.පක්ෂයක් බදාගෙන කවදාවත් රටක් ගැන හිතන්න එපා.එහෙම උනොත් රට හදන්න බෑ.පක්ෂ එපා.පාට එපා.කියුබාවට කවුරුත් බය නෑ.මොකද එයාලා රටවල් යටත් කරගන්නේ නෑ ඔහෙලාගේ ඇමෙරිකාව වගේ.තොපි වගේ එවුන් එලවලා දාන්න ඕනි මේ රටෙන්.යවන්න ඇමෙරිකාවට.ගිහින් ඔබාමත් එක්ක ආතල් ගන්නේ නැතැ.ඒ කරලා ඇමෙරිකාව දෙන සල්ලි වලින් රටට කෙලවලා.රටේ සම්පත් ටික උන්ට දීලා බඩ ගෝස්තරේ පුරවගන්නවා.අනික විකි පීඩියා කියන්නේ ඇමෙරිකන් එකක්.එයාලා බොහෝ තොරතුරු දාන්නේ පක්ෂපාතීව.අර වෙබ් එකේ තියෙනවා ජාත්‍යන්තර ප්‍රමිති මත කියුබාව ඉදිරියට ආපු හැටි.ඔයාට ඒක කියවගන්න බැයි නම් වැඩක් නෑ.
ඔයා සමාජවාදයට මෙච්චර විරුද්ධ සමහරවිට ඔයාට පෞද්ගලික ව්‍යාපාර ඇති.ඔයා වගේ අය තමා මේ රට බිල්ලට දීලා රට සූරා කන්න ඉඩ දෙන්නේ.ඔයා ඉන්නේ වැදි මානසිකත්වයකින්.ඇමෙරිකන් කාරයත් එක්ක යාළුවෙලා නැවතත් ත්‍රස්තවාදය මේ රටේ ස්ථාපිත කරන්න පර සුද්දට දෙන්න යන්නේ ඔයාලා තමා.
ඔයාලගේ පක්ෂයේ ඉන්නේ කොටි පැටැව්.මට පේන්නේ ඔයා ඇමෙරිකාවේ හා නෝර්වේ කාරයාගේ සංසේවනයෙන් හැදිච්ච පැටියෙක් කියලා.
ඔයාගේ ප්රජාතන්ත්රවාදය තුල ඔයාට මොනවද ලැබැලා තියෙන්නේ? රටට මොනවද ලැබුනේ.ප්රජාතන්ත්රවාදය කියන්නේ බොරුවක්.නමුත් නියම නායකයෙක්ගේ නියම නායකත්වයක් යටතේ රට යන්න ඕනි.මං කියන්නේ නෑ ඒකාධිපතිපාලනය හොදයි කියලා කිසිම විට.නමුත් ලංකාවට ඕනි දැනට ඒක.මොකද රටේ මිනිස්සු හා දේහපාඥයින් උදාසීනයි.උන්ව අභිප්‍රේරණය කරලා ගන්න හොද නායකයෙක් ඕනි.එහෙනම් හොද ඒකාධිපතියෙක් ඕනි.ලිබියාවට,කියුබාවට වගේ.
කරුණාකරලා පක්ෂයක් බදාගන්න එපා.
ලේසියෙන් කියවන්න පුලුවන් තැනකින් දත්ත දෙන්න කිව්වාම ඒකවත් හොයා ගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ විකි පිඩියාවට ඕනි තොරතුරු නෙවෙයි අදාල මුලාශ්‍ර කිහිපයක් එක්කම ඒ ඒ නිර්නායක අනුව රටවල් ශ්‍රේණිගත කරල තියනවා හොයා ගන්න පුලුවන් , මම පක්ෂයක් බදාගෙනය කියල හිතාගෙන ලියපුවට උත්තර දෙන්න දෙයක් නෑ , ඒක ඔයාගේ ගොන් ආතල් එකක්නේ , ඇමරිකාව නැවතත් ත්‍රස්තවාදය ඇති කරන්න යනවා නම් රොබට් ඕ බ්ලේක්ව ගෙන්න ගන්නේ නැතුව , ඇමරිකාව මුල් වෙලා සම්මත කරපු යෝජනාවේ හැටියට ක්‍රියාකාරි කමිටු පත් නොකර , මානව හිමිකම් නියෝජිතයින්ට එන්න නොදී කටයුතු කරන්න පුලුවන් , අර කෙනෙක් කිව්ව විදිහට ඇමරිකාවේ බඩු වර්ජනය කරන්නත් , ලංකාවේ ඇමරිකාවට යවන ඇඟලුම් ඇතුලු නිෂ්පාදනත් මෘදුකාංග ඇතුලු සේවාත් නතර කරන්න පුලුවන් , ඇයි එහෙම නොකරන්නේ ?
Deleteමට නම් කිසිම ව්‍යාපාරයක් දැනට නෑ ,හැබැයි සමාජවාදීන් වගේ තියන මිනිස්සුන්ට ඉරිසියා කරන්නෙත් නෑ , ප්රජාතන්ත්රවාදයෙන් ලංකාවට පූර්න පල ප්‍රයෝජන නොලැබිලා තියෙන්නේ මේ රට කරවපු ඇයින්ගේ වරදින් මිසක් ප්රජාතන්ත්රවාදයේ වරදකින් නෙවෙයි , ඒ වගේම 48 ඉඳන් අද වෙන කන් පාලනය කල කිසි කෙනෙක් පූර්න ප්රජාතන්ත්රවාදයක් රටේ ස්ථාපනය කරන්න කටයුතු කලෙත් නෑ
දේශපාලන පෝස්ටුවක් නොවේ කිව්වාට දේශපාලන සාකච්ඡාවක්ම ගිහින් තියෙන්නෙ මෙතන... :D මම ඔය දේශපාලන සාකච්ඡා මැදට පනින්නෙ නෑ හෆ්ෆා.. මගෙ දැනුමත් අඩුයි!! ජොලියට ලිව්ව කතන්දරයක් නොවැ!!!
Deleteඅහා !! කොළඹ 7 ;)
ReplyDeleteඅපේ රටේ දේශපාලනය අනුව අපිට තෝරගන්න වෙන්නේ "සාපේක්ෂව යහපත්" පාලකයන්! විපක්ෂය හා ආණ්ඩු පක්ෂය රට කරවන තාලයේ ඇති වෙනසක් නෑ.
කොළඹ 7 ;) මතක් වුනාද??
Delete//අපේ රටේ දේශපාලනය අනුව අපිට තෝරගන්න වෙන්නේ "සාපේක්ෂව යහපත්" පාලකයන්! // ඒකත් ඇත්ත තමා!!
විකාරෙන් උනත් කියල තියෙන්නේ සහතික ඇත්ත, විශිෂ්ටයි... ආශ්චර්යයේ ගමන් මග, ජයවේ ශ්‍රී ලංකා...!
ReplyDeleteහික්ස්ස්... ජය ජය වේ ශ්‍රී ලංකා...!!!
Deleteසහතික අත්ත මෙයා... ඔන්න සුදූ වෑන් එනෝ....
ReplyDeleteමොන පිස්සුද ... මේ ආශ්චර්යය...
ජය වේවා!!!
සිනා බො වේවා!!!
කෝ.. කෝ?? අනේ... බේරගනියෝ... මෙන්න සුදු වෑන් එනෝ!!!!
Deleteදැන් නම් ආශ්චර්යේ ළගම තමා ඉන්නෙ...
ReplyDelete:D
Deleteනෙළුම් පොකුණු, නෙලූම් කුළුණූ, අධිවේගී, ගුවන් පාලම්, ක්‍රිකට් පිට්ටනි, වරායවල්, ගුවන්තොටුපොළවල් , ey mewa ratata honda nedda ? ehenam oyata homda rata walata wetuna Jr ge kaleda? premadasage kaleda? rata walatah ne, godatath nethi chndrikage kaleda? rata oppuwakin liyala dunna Ranilge kaleda? Monada me kiyawanne? lankawe aya kawadawath denadeyak gena hondak kiyanna danne ne, mahama maha kuhaka jathiyak .
ReplyDeleteනෙලුම් පොකුණු , නෙලුම් කුලුනු හොඳයි ණය වෙලා හදන්නේ නැත්නම් , වරාය වල් හොඳයි බලෙන් නැව් යවන්න වෙන්නේ නැත්නම් (බලෙන් නැව් යැව්වත් කමක් නැ ඒකටත් කෝටි ගණන් නය නැත්නම් ) , ගුවන් තොටුපොල හොඳයි තවමත් ප්‍රායෝගිකව ග්‍රාමීය ප්‍රදේශයක සහ ලංකාවේ එකම අධි වෙගය තියන දකුණේ වෙනුවට වෙන තැනක හැදුවා නම් , ගුවන් පාලම් හොඳයි , හැබැයි දෙහිවල ගුවන් පාලම වගේ බර වාහන යන්න එපා කියල බෝඩ් ගහන්න වෙන්නේ නැත්නම් (එකක් අප්සෙට් ගියත් අනික් ටික හොඳට තියන නිසා ගුවන් පාලම් වල ගෞර්වය දෙන්න පුලුවන් )
DeleteDNR- මම මේකෙ කොහෙවත් මුකුත් හොද නෑ කියලා නෑනෙ.. මම කිව්වෙත් හොදයි!! මේක තමා ආශ්චර්ය!! එව්වා තියෙන එක හොදයි!!! අපේ රටට ,අපිට අඩු එච්චරයිනෙ..ඉතින් අපි දැන් සර්ව සම්පූර්ණයිනෙ.. අපිට වෙන ප්‍රශ්න තියෙනවාද ? නෑනෙ.. ඉතින්...
Deleteඅනේ මොකට කියනවද? ආශ්චරෙ ඊයෙ ඇවිත් මැච් එකටත් කෙලලා ගියේ.මේ දවස්වල බත් පිඟාන දැක්කහම ආශ්චරේ පේනවා.
ReplyDeleteහික්ස්ස්.. අයියෝ!! මැච් එක ගැනනම් මතක් කරන්න එපා..:(
Deleteම්..එක අතකට බලාගෙන ගිහාම විකාර වුනත් වැදගත් සිතුවිල්ලක්..
ReplyDeleteඒත් මේකට දැනෙන්න මොනවහරි කරන්න පුළුවන්ද?
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... දැනෙන්න මොනාද කරන්න පුළුවන්... කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල නෙ... ඉතින්??
Deleteහෙහ්.. හිතූ... සනීපෙන් ඉන්නවා නේද?
ReplyDeleteතාමනම් සනීපෙන් ඉන්නවෝ!!!! සුදු වෑන් තාම මගලූ....
Deleteමට ශ්‍රී ලාංකිකයෙකුවීම ගැන මහත් ආඩම්බරයි.
ReplyDeleteහික්ස්ස්.... ඇයි ඔයාට විතරක්!!! මටත්!!!
Deleteකතාව නම් මසුරන් වටිනවා. වැඩේ කියන්නේ අද කාලේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන පොඩි කොස්සක් තියෙනවා. ජය වේවා....!!!!!
ReplyDeleteතෙහෙම නෑනෙ හෆ්ෆා.. මේක ප්රජාතන්ත්රවාදි රටක් නෙ???:O
Deleteඅනේ වාසනාවන්..
ReplyDelete:D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආශ්වර්යය නම් නියමයි හිතූ, ලස්සනට ලියලා තියෙනවා!
ReplyDeleteහි හි.. ස්තූතියි ස්තූතියි!!!
Deleteඅශ්ච්ර්යේ හිතුවක්කාරියේ අශ්චර්යේ :D
ReplyDeleteආයෙත් අහලා.. ;) හික්ස්ස්ස්..
Deleteහික්ස්... මම මේ විදියේ ඒව කියවන්න මාර ආසයි..(සියුම් උපහාස දාල ඒත් ඇඟ බේරගැනීමේ කලාව )..එල හොඳේ.. අවුල තියෙන්නේ මේ ආශ්චර්ය තාමත් දේශද්‍රෝහී ජනතාව සුළුතරයක් වටහාගෙන නෑ නේ..:D
ReplyDeleteහා හා.. ස්තූතියි!!!! ;) :D
Deleteආයෙත් අහලා, මෙහෙම ආශ්චර්යක් වටහගන්න බැරි තරමට මේ රටේ ජනතාව ( සුළුතරයක්)මෝඩයි!!! තකතීරුයි!!! දෙශද්‍රෝහී කියන්නෙ රවීන්, මේවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ වෙන්නත් බැරි නෑ..... ජනතාව විජාතික කුමණ්ත්‍රණ වලට අහු වෙලා..
රට දියුණු වෙනවා වගේම මිනිස්සුත් දියුණු වෙන්න ඕනේ. නැත්නම් මේ දියුණුව කන්නද ??
ReplyDelete