මාතෘකාව දැක්ක ගමන් බය වුනාද?හම්බ කරගන්න පුළුවන් හොදම වෘත්තිය ගුරු වෘත්තිය කිව්වාම එකසැරේම ඔළුවට ආවෙ මොකක්ද?"හම්බ කරගන්න පුළුවන්" කිව්ව ගමන් ඉතින් කාට කාටත් ඔළුවට එන්නෙ දෙයියන්ගෙ මල්ලි වෙච්ච සල්ලි මිසක් වෙන මොනාද? ඒත් ඇත්තටම මම මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ, සල්ලි හම්බ කරන වෘත්තිය කෙසේ වෙතත්, මිනිස්සු හම්බ කරගන්න පුළුවන් වෘත්තියක් ගැන.මිනිස්සු එහෙමත් නැත්තම් මනුස්සකම්, හම්බකරගන්න පුළුවන් වෘත්තියක් විදියට ගුරු වෘත්තිය හැඳින්වුවාට වරදක් නෑ නේද?
ඇත්තටම ගුරුවරයෙක්, එහෙමත් නැත්තම් ගුරුවරියක් කිව්වාම ,අපිට අපේ ජිවිත කාලෙ ඇතුළතදි මොහොතකින් මතක් වෙන ගුරුවරු, ගුරුවරියෝ ඉන්නවා නේද? මගේ ජීවිතේ නම්, පාසැල් කාලෙ වගේම ඊට පස්සෙත් හමුවුණු ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගුරුවරු" කියලා හඳුන්වන්න පුළුවන් කීපදෙනෙක් ඉන්නවා..
ඒ වගේමයි නේද ,ඒකෙ තවත් පැත්තකුත් තියෙනවා නේද? ළමයෙක්ට තමන්ගේ ජීවිතේ ඉගනීම කියන දේ එපා කරවන්න තරම් පවා හැකියාවක් ගුරුවරයෙක්ට තියෙන්න පුළුවන් කියලායි මම නම් හිතන්නෙ. මොකද ඒකට හොඳම උදාහරණයක් විදියට මගේ යාළුවෙක්ගෙම අත්දැකීමක් තියෙනවා. අපේම ඉස්කෝලෙ උසස් පෙළ කරන කාලෙදි,අපි උසස්පෙළට ආව මුල්ම කාලෙදි, එක්තරා ගුරුවරියකගෙ අසාධාරණ, අමානුෂික ,දැඩි ක්‍රියාකලාපය නිසා නිකරුණේ දඬුවම් විඳින්න සිද්ධ වුන නිසා, මගේ හොඳම යෙහෙළියක් ඉස්කෝලෙ ජීවිතේට සදහටම තිත තිබ්බා. අදටත් ඒ ගුරුවරිය නිසා, ඒ තත්වය ඇයට උදා වුනා කියන එක සහ කලකිරීම ඒ හිතේ තදින්ම තියෙනවා.
නමුත්, ගුරුදෙවිවරු වගේ ,අදහන්න වටින,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉගැන්වීම වෙනුවෙන්ම කැපවෙන බොහෝම ගෞරවාන්විත පිරිසක් මේ රටේ, මේ ලෝකෙ ඉන්නවා..ඉස්සර නම් සල්ලි කියන දේ මතම ගුරුහරුකම් යැපුණේ නෑ...තුටු පඬුරක් දීලා ගුරුවරු සතුටු කරපු යුගයකුත් තිබුණා. ඒත් ලෝකෙ දියුණු වෙද්දි,කාලය ගත වෙද්දි , හැමදේම දියුණු වෙද්දි,සල්ලි, එහෙමත් නැත්තම් මුදල් කියන එක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා හමාරයි.. අද වෙද්දි නම් මුදලට සරිලන විදියටවත් සේවය කරන පිරිස අඩුවෙලා තියෙනවා.. මුදල් පස්සෙම දුවන පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා.. ඉතින් එහෙම පරිසරයක, දෙවිවරු වගේ අදහන්න පුළුවන් පිරිස අඩු වෙන එකත් අරුමයක් නොවෙයි.
ඒත් මම ගෞරවනීය වෘත්තියක් විදියට ගුරු වෘත්තියට කැමතියි.. ඒ කවදාකවත්, සල්ලි වලට ගන්න බැරි ආත්ම තෘප්තියක් ගුරු වෘත්තිය තුළ හැංගිලා තියෙන නිසයි.ඒ වගේම ලේසියෙන් ලබාගනන් බැරි ගෞරවයක් , සමාජ පිළිගැනීමක් ගුරුවෘත්තිය තුල ගැබ් වෙලා තියෙනවා. හිතට එකඟව, අවංකව සේවය කරන, අවංකවම දරුවන්ගෙ දැනුම දියුණු කරන්න, ඉගනගන්න දරුවන්ට කිසිම අඩුවක් නොකර උගන්වන්න කැපවෙන ඕනෑම ගුරුවරයෙකුට නොමිලේම ලැබෙන ඒ ආත්ම තෘප්තියත් හරිම බලවත්.ඒ විදියට ගෞරවයෙන්, ආසවෙන් කැමැත්තෙන් උගන්වන ගුරුවරුන්ට පෙරළා ලැබෙන ගෞරවයත් මහා හුඟාක් ඉහළයි. අපි වුනත් ඉස්කෝලෙ කාලෙදි, බොහෝම කැපවීමෙන් මහන්සියෙන්, අවංකවම ළමයින්ගෙ යහපත වෙනුවෙන් වෙහෙසිලා කටයුතු කරන ගුරුවරුන්ට විශේෂ කැමැත්තක්, ගෞරවයක් දැක්වුවා. මගේ පාසැල් කාලෙදිත්, ජිවිතේ තුලත් එහෙම විශේෂ ගුරු මව්වරු, පියවරු හිටියා.
කොයි කාගෙත් ජිවිත වල , එක සැනින් මතක් කළාම මනසේ ඇඳෙන ගුරුවරයෙක් හෝ කීපදෙනෙක් ඇති. ඇත්තටම මම හිතන්නෙ ඔවුන් වාසනාවන්තයි.. ශිෂ්‍යයෙක්ගෙ, ඉගනගත්තු ගෝලයෙක්ගෙ ,හිත ඇතුලේ කාලාන්තරයක් යනකම් පැලපදියම් වෙන්න ගුරුවරයෙක් වාසනාවන්ත වෙන්නම ඕනෙ.. ඒ විතරක් නෙවෙයි, අනිවාර්යෙන්ම ඔවුන් ඉගැන්වීම කියන කාරණාව තුළ බොහෝ දේවල් කළ අයෙක් වගේම, ජීවිතේටත් ලොකු අත්වැලක් සපයපු කෙනෙක් බවට පත් වියයුතුමයි.
උගන්වන විෂය කරුණු වලට අමතරව, ජීවිතේ ගැන, සාර්ධර්ම, යහපත් ගති පැවතුම්, සිරිත් විරිත්, වගේම අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කරුණු කාරණා කියලා දෙන ගුරුවරුන්ට ළමයින්ගෙ හිත් තුළට හරි ඉක්මණින් ඇතුළුවෙන්න පුළුවන්.ඒ වගේම සාධාරණව තීරණ ගන්න, සමානාත්මතාව අගයන, සුදුස්සාට සුදුසු තැන ලබාදෙන ගුරුවරුත් නිබඳවම සිසුන්ගෙ ගෞරවාදරයට පාත්‍ර වීම ස්ථීරයි..ඒක නිසාමයි මම විශ්වාස කරන්නෙ "ගුරුවරයෙකු" කියන භූමිකාව තුළ, එම වචනය තුළ වුවත් විශාල කරුණු කාරණා ගොඩාක් අන්තර්ගත වෙලා තියෙන බව.
ගුරුවරයෙක්ට විශාල සමාජ ආශ්‍රයක් ලැබෙනවා. බොහෝ දෙනා ආශ්‍රය කරන්න, කත අබහ කරනන් වැඩකටයුතු කරන්න ලැබෙනවා. ඒකත් එක්තරා භාග්‍යක්.මොකද ගුරුවරයෙක් වෘත්තියෙන් විශ්‍රාම ගත්තත්, ලැබෙන ගෞරවය අඩුවක් නෑ.. බස් එහෙක ගියත්, රෝහලකට ගියත්, වෙනත් කාර්යක් වෙනුවෙන් , මොන ස්ථානයකට ගියත් ලොකු පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ලැබෙනවා.ඉතින් බොහෝ පිරිසක්, විවිධ සමාජ මට්ටම් වල, විවිධ තාරතිරමේ අය සමඟ ගනුදෙනු කරන්න ඉඩ ලැබෙනවා.මේ හැමදෙයක්ම ගුරුවරයෙකු වීම තුළ ලැබෙන අමතර දේවල්. මුදල් හා සමානව ජිවිතේට වටින දේවල්.
මේ වගේ අවංකව සේවය කරන, දරුවන්ගෙ නැණස පාද ගුරුවරයෙක්ට, ගුරුවරියකට හරිම ලේසියෙන් බොහෝ දේවල් උපයගන්න, එහෙමත් නැත්තම් හම්බකරගන්න පුළුවනි.ආත්ම තෘප්තිය, ගෞරවය, පිළිගැනීම,සහයෝගය, උපකාර,වගේම මුදලුත්.
නමුත් අවංකව, සාධාරණව, කැපවීමෙන් වෘත්තියට ආදරෙන් මේ ඉගැන්වීම නොකළොත්,බොහෝ පිරිසකගෙ අප්‍රසාදයට ලක් වෙන්නත් ඉඩ ප්‍රස්ථාව නැතුවාම නෙවෙයි.
ඕනෑම වෘත්තියක් සාධාරණව, අවංකව කළොත් පෙරළා ඒ වෙනුවෙන් ගෞරවය ලබාගන්න පුළුවන්. නමුත් ගුරු වෘත්තියෙදි ඊටත් වඩා බොහෝ දේවල්, මිල කල නොහැකි තරම් වටිනා දේවල් ලබාගන්න උපයගන්න පුළුවන් කියන එකතමා මගේ අදහස.
අරුණැල්ල ලියන රැංගො මලයාත්, මෙවැනිම අත්දැකීමක් නිසා අමන්දානන්දයට පත්වුනු බවක් පහුගිය දවසක ලියලා තිබුණා. ඇත්තටම ඒ ලිපියත් මෙයට හොඳ සාක්ෂියක්.ඒ ලිපිය බලන්න මෙතනින් යන්න.
ජය වේවා!!!!

හිත ආයිමත් අතිතයටම අරගෙන ගිය ලිපියක්....මගේ ගුරුවරයෙක් ගැන මං මෙහෙම ලිව්වා.
ReplyDeleteගුරු ගීතයට නව අරුතක් කියවන්න.
මම ඔබතුමා ඔය දාපු ලිපිය කියෙව්වා.. ඇත්තටම සංවේදී!!!! :)
Deleteඇත්ත සහෝ.... මගේ ජීවිතෙත් මට අමතක කරන්න බැරි චරිත තියෙනවා...මට හිතෙනවා සමහරවිට අපි ජීවත් වෙන්නේ ඒ චරිත වලට ඕනේ විදියට කියලත්.... එයාල කියපු දේවල් සමහර විට හැම විටම අපි කරන හැම දෙයකම අපි ලග ඉන්නවා වගේ දැනෙනවා... ඒ තරමට එයාල අපිට ලං වෙලා හිටිය කියල හිතෙනව......
ReplyDeleteඒකෙන්ම පෙනෙනවානෙ, එහෙම වටින කියන ගෞරවනීය චරිත වෙනුවෙන් අපේ හිත් වල තියෙන ඉඩ කඩ කොච්චරද කියලා.. :)
Deleteමාතෘකාව ගැන කියන්න හිතුනා.. හම්බුකරන්න තමා ගුරුකම කරන්නෙ..
ReplyDeleteඉස්සර මනුස්සකම..
දැන් සල්ලි..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත!!!
Deleteවටින කරන ලිපියක්. කියවගෙන යද්දි මම වඩාත්ම ලං උන ගුරුවරු කිහිපදෙනෙක් මතක් උනා. අදටත් මම නිවාඩුවක් ලැබෙන විදියකට එයාලාගේ සැපදුක් දැන ගන්න කෝල් කරනවා. ඒ අයත් එහෙමයි. විශය දැනුම විතරක් නෙමේ හොඳ සාරධර්ම,හොඳ විනයක් ඇතිව සිසුන් සමූහයක් බිහි කරපු ගුරුවරුන්ගේ ඉගෙන ගන්න ලැබීම ගැන මමත් හරි ආඩම්බර වෙනවා.
ReplyDeleteගොඩාක් වටින ලිපියක් අක්කා.. මාසික වැටුපකට අමතරව අක්කා කිව්වා වගේ අත්ම තෘප්තිය, සැළකිලි,පිළිගැනීම, වගේ බොහේ දීමනා ලැබෙන රැකියාවක් මේක.
තෞගන්වපු ගෘවරුන්ට කළගුන සැළකීම හොද ගතියක් නංගා.. වචනයකින් ව්උනත් ඒ ගුණ සිහි කරන එක වටිනවා..:) හැමෝගෙන ආශිර්වාදයෙන් යන ගමන් සාර්ථක වෙනවා.. ගුරුවරුන්ගෙ ආශිර්වාදයත් ලොකු හයියක්.. එහෙම නේද??
Deleteස්තූතියි නංගා.. මටත් හිතුනා එහෙම. ඒ නිසාම ලිව්වා.. :)
සම්පූර්ණ ඇත්ත හිතූ...! මමත් අවු.5ක් විතර දහම්පාසලේ උගැන්වුවා ඒනිසා ඔයා කියපු අත්දැකීම් සියල්ලම ලබා ඇත්තෙමි. ඒ දවස්වල පොඩි ඈයො ලොකුමිනිසුන් වෙලා මගතොටේදි හමුවෙලා ගරුභක්තියෙන් කතාකරනකොට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ.
ReplyDeleteඒත්...............කනගාටුවට කරුණ,
5හේ පන්තියෙන් ඉහලදි මට හමූඋන ගුරුවරුන් ඕබ කිව්ව දෙවිවරුන් නොවේ ඔවුන්...අපට ඔවුන්ගේ යුතුකම් හරියට ඉටුකලානම් මීට වඩාඅපි අධ්‍යාපන,වෘත්තීය අතින් ඉහල ඉන්න තිබුනා කියන හැඟීම මටත් තියෙනව.
වාව්ව්ව්ව්ව්.. දහම් පාසැල් ගුරුවරයෙක් කියන්නෙ.. හරිම හොද සේවයක්නෙ..:)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්... සමහර අය, වෘත්තියටත් අගෞරවයක් කරන්න තමා වැඩ කරන්නෙ. එහෙම වුනාම ඉතින් ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ අනිත් අයගෙ හිත් ඇතුලෙ..
සහතික ඇත්ත කතාව අක්කියෝ..
ReplyDeleteමටත් මං ඉගෙන ගත්ත ගුරුවරු කීපදෙනෙක්ම මතක් වුණා. හොඳ වගේම,කෙනෙහෙලිකම් කරපු අයත්.. :P
මමත් ලියන්න හිතාගෙන හිටිය ඉස්කෝලේ කාලේ පොස්ටුවක් ගැන මතක් වුණා. ඒකත් ලියන්න ඕනේ..
හික්ස්ස්ස්ස්ස්ස්.. :D කෙනෙහෙලිකම් කොහෙත් තියෙනවානෙ..;)
Deleteලියන්න ලියන්න.. අයිස් ගහන්නෙ නැතුව..
අපේ ගෙදරත් වැඩියෙන්ම ඉන්නේ ගුරුවරු....අම්මා..ආච්චිලා දෙන්නා...පුංචි...බාප්පා...ඔක්කොම ගුරුවරු...!ඇත්තටම ඒ වගේ මිනිස්සු හම්බ කරන්න පුළුවන් ජොබ් එකක් කොහෙවත් නෑ!
ReplyDeleteඅනිවා.. හෆ්ෆෙ... හගුරු පවුලක්ම ඉන්නවානම් දන්නවා ඇතිනෙ කොච්චර වටිනවාද කියලා.. :)
Deleteසල්ලි හම්ම්බකරනවට වඩා වටින්නෙ මනුස්සකම හම්ම්බකරන එක කියලයි මටත් හිතෙන්නේ.
ReplyDeleteඔව්.. මාත් හිතන්නෙ එහෙමයි.. මනුස්සකම් තියෙනවානම්, සල්ලි හම්බුකරගත හැකි
Deleteගුරුවරුන්ට ඇත්තටම දෙවිවරු කියලා කිව්වත් පවු නෑ.බට්ටි බට්ටිගේ ජීවිතේ අඩියටම වැටුන වෙලාවේ අත්දෙකෙන් අල්ලලා ඉගෙන ගන්න පොත්පත් ඇදුම් සේරම අරන් දීලා ජීවිතේ දිනපන් පුතේ කියලා නැගිට්ටුවෙත් ගුරුවරුම තමයි.. ඒ ගුරුවරියෝ දෙන්නා කරපු උපකාර වලට මම සදාකාලිකවම ණයයී. ගමේ ගියහම නෑගෙදරකට නොගියත් මිස්ලා දෙන්නා බලන්න යනවා... ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා කාලයක් ගියත් ඒ අයගේ හිතේ තිබුණ ආදරේ තාමත් ඒ විදියටම තියෙනවා කිසිම වෙනසක් නැතුවම.
ReplyDeleteබට්ටි අක්කාට උදව් කරපු ඒ ගුරු දෙවිවරු හැමදාමත් අක්කාට ආශිර්වාද කරාවි...:)
Deleteහරියටම හේතුව හිතා ගන්න බැරි උනත් පුද්ගලිකව ගුරු වෘත්තියට මම අකමැතියි(ගුරු වෘත්තිකයකු වීමට අකමැතියි). විශේෂයෙන් පාසැල් සහ ටිඋෂන් ගුරු. මගේ සිතට අනුව නම් අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව අයිස් ජොබක්. එකම බණේ කාලෙන් කාලෙට වෙනස් මූණු ටිකකට කියනවා හැරෙන්නට එහි ගැඹුරු ප්‍රායෝගික බවක් මට නම් නොහැගේ.වෙන රැකියා නොකළ කෙනෙකුට නම් එය එසේ දැනෙන්නේ නැතුව ඇති.
ReplyDeleteබස් එකේ යනකොට ගුරුවරයෙක් දැක්කොත් නැගිටලා සීට් එක දෙනවා, අදුරන ලියුම් බෙදන්නෙක්/ කම්කරුවෙක් හිටියත් මට වඩා වැඩිමල් නම් ඕනිම කෙනෙකුට සීට් එක දෙනවා. වැඩිමලාට සැලකීම මා වැඩිපුර අගය කරනවා. සමහර විට මා වැරදි ඇති.
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... එක එක්කෙනා දරන්නෙ එක එක අදහස්නෙ..:) සම්හරු අකමැති වෙන්න පුලුවන්.. :)
Delete// අදුරන ලියුම් බෙදන්නෙක්/ කම්කරුවෙක් හිටියත් මට වඩා වැඩිමල් නම් ඕනිම කෙනෙකුට සීට් එක දෙනවා. වැඩිමලාට සැලකීම මා වැඩිපුර අගය කරනවා. // ඇත්තටම කොහෙත්ම වැරදි නෑ.. වැඩිහිටියන්ට ගරු කරන එක හොද දෙයක්..:)
හ්ම්ම්ම්.....වටින ලිපියක්.මටත් මගේ ගුරුවරු ගැන මතක් වුනා.එයාලා හැමදාම අපේ හිත් වල රැදිලා ඉන්නවා..... :)
ReplyDeleteස්තූතියි සමනළී.. :) ඒකයි වෙන්න ඕනෙත්, නුවණ පාදපු ගුරුවරු අමතක කරන්න හොද නෑ..
Deleteසල්ලිත් සතුටත් දෙකම හම්බ කරන්න පුළුවන් වෘත්තියක් තමා ගුරුවෘත්තිය..(හරියට කලොත්..)
ReplyDeleteඒක ඇත්ත.. හරියට කළොත්!!!
Deleteමගෙ අම්මත් ගුරුවරියක් ... ලිපියෙ අන්තර්ගත්යට මම එකග වෙනවා.. ඒත් ගොඩක් තැන් වල
ReplyDeleteසල්ලි මුලික කර ගත් ගුරුවරු බිහි වෙලා තියනවා ජාතියෙම අවාසනාව.. මඩ ගොහොරුවකින් මානෙල් මල් උඩට ඇවිත් සුවද බෙදනව වගෙ හොද රත්තරන් ගුරුවරුත් එ අතර ඉන්නවා..
// මඩ ගොහොරුවකින් මානෙල් මල් උඩට ඇවිත් සුවද බෙදනව වගෙ හොද රත්තරන් ගුරුවරුත් එ අතර ඉන්නවා..//
Deleteසහතික ඇත්ත. ඔය කතාව කොහාටත් වලංගුයි නොවැ... :)
එකඟයි...මමත් හරිම කැමති රැකියාවක් මේක..අවාසනාවට ඒක කරන්න වෙලා තියෙන්නේ නීති කන්දකට යටත් වෙලා නිසා ඒ පැත්තට නොගිය එකත් හොඳයි කියලා හිතෙනවා..
ReplyDeleteමිනිස්සු හම්බ කිරීම ගැන සාක්ෂි ඇතුවම දැකලා තියනවා මගේ අම්මා නිසා..
සයුරි ටීචර්ගෙ අම්මාත් ටීචර් කෙනෙක්නෙ..:D
Deleteහ්ම්.. නීති කතාවනම් ඇත්තක් තියෙනවා..ඒත් මිනිස්සු හම්බකිරීම අතින් උපරිම හොද රස්සාවක්..:)
වයසට යනකොට බහින කලාව හමු නොවන (හෝ එය ප්‍රමාද වන) එකම පිරිස තමයි ගුරුවරු (හැමෝම නොවන බව කරුණාවෙන් සලකන්න!)
ReplyDeleteහි හි... :D ඇත්ත ඇත්ත.. වයසට යද්දි වටිනාකම ටිකක් වැඩියි වෙනවාද මංදා..
Deleteගුරු වෘත්තීය ඇත්තටම උතුම් රස්සාවක්.
ReplyDeleteඒ වුනාට අද කාලේ ඒකෙ මේ කියන උතුම්බව මම නම දකින්නේ නෑ.දැන් ඉන්න අපේ අම්මලාගේ තාත්තලාගේ පරපුරේ ගුරුවරු ටික විශ්‍රාම ගත්තම ගුරු වෘත්තියට මොන කල දසාවක් යයිද කියල මට නම හිතාගන්න බෑ.අලුතින් පත්වීම අරන් එන ගුරුවරු බහුතරය වැටිලා ඉන්නේ ටියුෂන් පොරේට.
අනිත් එක තමා දැන් කාලේ ගුරුවරයෙක් වුනාම කොල්ලටයි බල්ලටයි,ඇමතිටයි,දෙමව්පියන්ටයි,ගුරු උපදේශක වරුන්ටයි හැම කෙනාටම ඔලුව නමාගෙන ඉන්න එපයි.
ළමයෙකුට හොඳ හිතින් අවවාදයක් දුන්නත් ගුටි කන්න වෙන තත්වයක් තමා අද තියෙන්නේ.
මගේ අම්මයි තාත්තයි දෙන්නත් ගුරුවරු නිසා මම මේවා හොඳට අහල දැකල තියේ.
//අනිත් එක තමා දැන් කාලේ ගුරුවරයෙක් වුනාම කොල්ලටයි බල්ලටයි,ඇමතිටයි,දෙමව්පියන්ටයි,ගුරු උපදේශක වරුන්ටයි හැම කෙනාටම ඔලුව නමාගෙන ඉන්න එපයි.// සහතික ඇත්ත ප්‍රමුදි!!! ඔයා කියලා තියෙන හැම කරුණක් එක්කම එකඟයි!!
Deleteඅවවාද කලත් අද මානව හිමිකම් යන රටක් මේක..:)
මටත් හම්බෙලා තියෙනවා දෙවිවරු වගේ ගුරුවරු
ReplyDeleteහොඳ පොස්ට් එකක් හිතුවො :)
එහෙනම් වාසනාවන්තයි..:)
Deleteස්තූතියි වර්ණෝ!!!
ගුරුවෘත්තියෙන් හම්බ කරන්න හැමෝටම බෑ... ඉගැන්වීම මාකට් කරගන්න පුලුවන් අයට විතරයි ඒ චෑන්ස් එක වදින්නෙ... ඒකට යම්කිසි වාසනාවකුත් තියෙන්න ඕනෙ... මුදල් අරභයා ගුරු කම් කොරන කොට එහි නියම වටිනාකම තියෙනවද සැකයි... නියම ගුරුභවතා තමන්ගෙ තෘප්තිය තමයි වඩා වැදගත් කියලා හිතන්නෙ...
ReplyDeleteඇත්තටම, ආත්ම තෘප්තිය වෙනුවෙන් උගන්වන පිරිසට පීඩනය අඩුයි!!
Deleteඇත්තටම ලොකු ආත්ම තෘප්තියක් ගන්න පුළුවන් රැකියාවක් තමා ගුරු වෘත්තිය. අවුරුදු ගානකට පස්සේ උගන්නපු සිසුවෙක් මඟතොටේදී හම්බවෙලා " ආ ටීචර් කොහොමද? මම අහවල් තැන දැන් වැඩකරනවා" කියල අහන්න ඕනම ගුරු මවක්/පියෙක් කැමතියි. මම කියන්නේ ගුරුවරියක් වුනු අපේ අම්මා කියන දේවල් අනුවයි. ලංකාවේ ඕනම තැනක ගියත් තමන් උගන්නපු අය සිටිනවා. වැඩිය කතා ඕන නෑ මේ ලඟදී දවසක ඈතඉමේදි හමුදාවේ නිළධාරියෙක් මාව මුණගැහිලා අහනවා 'ඔයා අහවල් මිස්ගේ පුතා නේද? මිස් මට උගන්නලා තියනවා. මිස්ව මතක් කළා කියන්නය කියලා.
ReplyDeleteඅහ්හ්හ් තොටි අය්යාගෙ අම්මාත් ගුරුවරියක්.. :) බ්ලොග් අවකාශෙ බහුතරයක් දෙනාගෙ දෙමව්පියො ගුරුවරු.. :)
Deleteඅහ්හ්හ් අම්මා නිසා පුතාටත් ගෞරවය ලැබෙනවා නේද? ඇත්තටම සමාජෙ ලොකු පිළිගැනීමක් මේ ගුරු වෘත්තියට තියෙනවානෙ..:)
හොඳටම හම්බ කරන්ඩ පුලුවන් වෘත්තීන් දෙකක් තියෙනවා !
ReplyDeleteඑකක් ගුරු වෘත්තිය අනෙත් එක වෛද්‍ය වෘත්තිය !
දෙකෙන්ම සල්ලි ඕන නම් සල්ලි හම්බ කරගත්තෑකි. මිනිස්සුගේ මනුස්සකම ඕන නම් ඒකත් හම්බ කරගත්තෑකි. කැමති එකක් තෝර ගන්න එක ඒ කෙනාට බාරයි !
ඇත්ත.. වෛද්‍ය වෘත්තියත් ඒ හා සමානවම ගෞරවය, මිනිස්සු හම්බ කරන්න පුළුවන් වෘත්තියක් තමා. වෛද්‍යවරයෙක් බිහිවෙන්නත් ගුරුවරු කොයිතරම්නම් ඉන්න ඕනෙද.. :)
Deleteගුරු වෘත්තීය ඇත්තටම හොඳයි ගෞරවාන්විතයි. ඒත් දැන් ඉන්න ලමයි ගුරුවරුන්ට ගරු නොකරන බවක් තමයි පෙනෙන්නේ..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව්.. හැම ළමයාම නොවුනත්, සමහරු..ඉස්සරට වඩානම් ගෞරවාන්විත බව අඩු වෙලා..තමා..
Deleteගුරු වෘත්තිය කියන්නේ උතුම් වෘත්තියක්. සමහරු ඒක ව්‍යපාරයක් කර ගන්නවා දැක්කහම නම් දුක හිතෙනවා.
ReplyDeleteප.ලි. - බ්ලොග් කළාවට මම අළුත් කෙනෙක්. පුලුවන් නම් මගේ මාළු ටැංකියටත් ගොඩ වෙලා සහයෝගයක් දෙන්න.
අද කාලෙ හැමදේම ව්‍යාපාර කරගන්න එකේ, ගුරුවෘත්ත්යත් එහෙම නොකරගත්තොත් තමා පුදුමෙ.. :)
Deleteමම ඒ පැත්තෙ ආවා.. ආයෙත් එන්නම්කෝ.. දිගටම ලියන්න මින් විසිතුරු!!
මමත් ඉරිදට දහම් පාසලක උගන්නන හින්ද ඒ ගැන යමක් කියන්න පුළුවන්. දහම් පාසලක ඉගැන්නුවට වැටුපක් නොලැබුනත් ලැබෙන ආත්ම තෘප්තිය කියල වැඩක් නෑ. පොඩි එවුන් පාරේදී දැක්කත් සර් කියල ලඟට ඇවිත් කතා කලහම මාරම සතුටක් දැනෙන්නේ.
ReplyDeleteආව්ව්ව්ව්ව්ව්ව්.. ඇත්තට මාත් අඅසයි දහම් පාසෙලක උගන්වන්න තිබ්බනම්.. ඒත් :( මම මඟදි දහම් පාසැල් ගමන නැවැත්තුවානෙ... :(
Deleteවැටුපක් නැතත් ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන්න පුලුවන් හොද වැඩක්.. දිගටම කරන් යන්න..
ඉස්කෝලෙදි, පන්තිවලදී ගොඩක් තැන්වල ඉන්නේ ගොරු හොරු, ඒත් ඒ අතරෙන් අතලොස්සක් දෙනා ඉන්නවා ගුරු ගෞරවය රැකගෙන තමන්ගේ ළමයින්ට වගේ හැමදේම කියා දීලා ජීවෙතේ පාර පෙන්නන්න ගුරුවරු,
ReplyDeleteඅන්න එහෙම ගුරුවරු වාසනාවක්.. මේ රටට , ජාතියට, දරුවන්ට ඕනෙ එහෙම ගුරු දෙවිවරු තමයි..
Deleteගුරු කම මට එපෝ.
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්.. එහෙනම් නඩේ ගුරු කම?? ;)
Deleteහ්ම්ම්... ගුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක් තමා නංගියෝ... ඒ වගේම රටට වැඩක් කරන්න පුළුවන් රැකියාවක්... වටින, හොඳ ලිපියක්... මගේ නංගියත් දැන් ඉතින් චූටි ටීචර් කෙනෙක්නේ නේ... ;) :*
ReplyDeleteඅහ්හ්හ් මේ ඉන්නෙ තවත් ටීචර් කෙනෙක්ගෙ දූ පොඩ්ඩක්.. :*
Deleteහික්ස්ස්.. අයියෝ මම තාම තූතිම තූතියි හෆ්ෆා... ;) :D
ඇත්තටම ලෝකෙ තියන ගෞරවණීයම වෘත්තියක්. මමත් කාලයක් ඉගැන්නුවා. ඒ නම් ආසාවට. යමක් කියල දීල කවුරු හරි එකෙන් වැඩක් ගන්නවා දැකින එකෙන් පුදුම සතුටක් ලැබුව හැකි. එහෙම බැලුවහම ගුරුවරු ගොඩක් වාසනාවන්තයි. මොකද පිනක් වගේම සතුටක් ලබන්න පුලුවන් රැකියාවක් කරන නිසා.
ReplyDeleteඅන්න හරි.. දෙයක් උගන්වල, ඒක තවත් කෙනෙක්ගෙ යහපත ට හේතුවෙනවා දැකීම ලොකු සතුටක් තමා.. :)
Deleteඅඩේ අපේ අම්මත් මිස් කෙනෙක්නේ.....ඒක තමයි මං තරුවා පොඩි කොල්ලා හුරතලේට චෝයි එකට ඉන්නේ නේද....
ReplyDeleteහික් හික්.. තවත් එක්කෙනෙක්...
Deleteආයෙත් අහලා හලිම හුලතල්...:P
අපි හැමෝටම ගුරුවරු නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා වගේ.. ඒවගේම දෙවිවරු වගේ ගුරුවරු නිසා නොමග ගිය දමයි යහමගට ඇවිල්ලත් තියෙනවා. වටිනා පොස්ට් එකක්. ඔයත් චුටි තීත කෙනෙක් නේ....
ReplyDeleteඅසාර් අයියාටත් ගුරුවරුන්ගෙ වුනු කෙනෙහෙලිකම් ගැන ලියලා තිබ්බා මතකයි මට..:) දෙවිවරු වගේ යහපත් ගුරුවරුත් ඉන්නවා තමා..:) ස්තූතියි අයියා..
Deleteහික්ස්ස්ස්.. තූතිම තූති තීත කෙනෙක්..;)
සහතික ඇත්ත හිතු. ගුරු වෘත්තීය ඇත්තටම උතුම් රස්සාවක්!
ReplyDelete:) ඔව්.. උතුම්!!
Deleteමුලින්ම, මම හිතුවක්කාරිගෙ බ්ලොග් එකට මීට කලින් ඇවිල්ලාම නෑ. ඒක වුනේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. මොකද හිතුවක්කාරි මේ බ්ලොග් එක පටන අරන් තියෙන්නෙ 2011 ජූනි. මම 2011 ජූලි තමයි බ්ලොගර් කෙනෙක් වුනේ. පුදුමයි. කොහොම හරි මිස් වුනා.
ReplyDeleteගුරුවරු ගැන. ඔයා හිතන විදිය හුඟාක් නිවැරදියි කියලා මම හිතනවා. ඇයි දන්නවද? මමත් මගෙ බිරිඳත් දෙන්නම ගුරුවරු. නමුත් හිතන්න එපා ඒ නිසා මම ගුරුවරයෙක් හැටියට පක්ෂග්රාහීව මේ දිහා බලන බව. මම මේක දකින්නෙ ඉතාම මැදහත් කෝණයකින්. මමත් අද ගුරුවරයෙක් වුනත්, ගුරුවරුන්ගෙ අසාධාරණකම් වලින් නොසෑහෙන්න බැට කාලා තියෙනවා. මගෙ දරුවොත් එහෙමයි. සමහර ගුරුවරුන් නිසාවිෂයයන් අතෑරලා තියෙනවා.
ඒ වගෙම හොඳම ගුරුදෙවිවරුත් හමුවෙලා තියෙනවා ඉතාම සුළු ප්‍රතිශතයක්. අද කරුමෙට සියලුම ගුරුවරු මැනෙන්නෙ අර එකම මිම්මෙන්. හරියට පොලිස් කාරයො ඔක්කොම ජරා යක්කු කියනවා වගේ.
මම මොනවගේ ගුරුවරයෙක්ද කියන එක මට කියන්න බෑනෙ. ඒක මගෙ ගෝලයෙක් කිව්වොත් තමයි පිළිගන්න පුලුවන්. නමුත් මම දකිනවා මගෙ බිරිඳට පරණ ගෝලයන්ගෙන් ලැබෙන ගෞරවය සහ ආදරය. දෙනෝදාහක් මැද්දෙ මේ තරුණ ලමයි ඇයගෙ දෙපා නමදිනවා මම දැකලා තියෙනවා. (මම ඔය වැඳිල්ලට පුද්ගලිකව කැමතිත් නැති කෙනෙක්) අන්න ඒ වෙලාවට හිතෙනවා ඇය මොනතරම් හම්බ කරලා තියෙනවද කියලා. දැන් අපි රටෙන් පිට ඉගැන්නුවත් නිවාඩුවට යන ගානෙ පරණ ගෝලයො සහ එයාලගෙ දෙමව්පියො දැක්කොත් අහන්නෙ නවතින්නමද ආවෙ කියලා මොකද එයාලගෙ ළමයි, සහෝදරයෝ සහ එයාලටම ඇවිත් පෞද්ගලිකව ඉගෙන ගන්න. ඉතින් හිතුවක්කාරි කියන විදියට හොඳට හම්බ කරපු ගුරුවරියක් තමයි ඇය.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පලමුවෙන්ම ස්තූතියි මෙහාට ආවාට.. :) මම දැකලා තියෙනවා බ්ලොග් වල කමෙන්ට්ස් Dude ගෙ.. මම හිතන්නෙ ඒ පැත්තෙත් ඇවිත් ඇති, එහෙන් මෙහෙන්.. මටත් හරියටම මතක නෑ.. සමාවෙන්න.. :(
Deleteගුරුවරයෙක් තමා ඒ වෘත්තියෙ තියෙන නියමම තෘප්තිය වගේම වටිනාකම් දන්නෙ.. ඉතින් මම හිතන්නෙ නෑ කොහෙත්ම ඒක පක්ෂාග්රාහිත්වය කියලා..:) ඒ වගේම ඔබතුමාගෙ බිරීද බොහොම වාසනාවත සහ නියම විදියට ගෞරවනීය විදියට ඒ වෘත්තිය කරනන් ඇති.. ඒකයි ඇය ඒ තරමට ආදරයට ගෞරවයට ප්‍රශංසාවට පාත්‍ර වෙනවා ඇත්තෙත්.. ඔබතුමාටත් එහෙම්මයි..:)
හොද දේ වැපුරුවොත්, හොද ලැබෙනවා.. නරක දේ වැපිරුවොත්...........
ජය වේවා!!
ගුරුකමයි වෙදකමයි තමයි එදා ඉදන් අද වෙනකමිම හොදටම හමිබ කරන්න පුලුවන් රස්සා 2 මම දන්න විදියට (සල්ලි නෙවෙයි මිනිස්සු හි හි ......මැරෙන දවසට සල්ලි නෙවෙයි කරපිටින් යන්න එක මනුස්සයෙක් වත් හමිබකරලා මැරෙන්න තියෙනවා නමි තමයි සැබෑවටම අපි මහපොළවෙ පයගහලා ජීවත් වෙනවා කියන්නෙ!.. )
ReplyDelete//මැරෙන දවසට සල්ලි නෙවෙයි කරපිටින් යන්න එක මනුස්සයෙක් වත් හමිබකරලා මැරෙන්න තියෙනවා නමි තමයි සැබෑවටම අපි මහපොළවෙ පයගහලා ජීවත් වෙනවා කියන්නෙ!..//
Deleteසහතික ඇත්ත කතාව :) අපිට මිනිස්සු හම්බ කරන්න පුලුවන් නම්, සල්ලි හම්බ කරනවා කියන්නෙත් අමාරු දෙයක් නෙවෙයි..:)
ලෝකයේ උතුම් රැකියා දෙක වෙන්නේ ගුරුකමයි වෙදකමයි. ඒකෙනුත් උතුම් වෙන්නේ ගුරුකම. මොකද වෛද්‍යවරයාව බිහි කරන්නෙත් ගුරුවරයෙක්. ඒ වගේමයි වෛද්‍යවරයා තියෙන දෙයක් නැති කරනවා. ගුරුතුමා කරන්නේ ඊටත් වඩා අමාරු දෙයක්. එයා නැති දෙයක් ඇති කරනවා
ReplyDeleteඇත්ත!! මමත් ඒක පිළිගන්නවා... :) හරියටම හරි!!
Deleteගුරුවරු තම අද රටේ හොඳටම හම්බ කරන්නේ. ඒ උනත් කමක් නැහැ හරියට උගන්වනවානම්. හොඳ අයත් ඉන්නවා ගොඩක්.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව් ඉතින් මුදල් වලට වඩා ගෞරවය ගැන බැලුවොත් ගුරුවරු ඉදිරියෙන් ඉන්නවා..
Deleteසල්ලි වලට වඩා මිනිස්සු ජීවිතේට හම්බ කර ගන්න අය තමයි
ReplyDeleteජිවිතේ ජය ගන්නේ ....
මීට ,,,,, හිතුවක්කාරිගේ හිත කියවන්න අලුතෙන් එකතු වුණා මම
http://theachcharuptuwa.blogspot.com/
ඒක ඇත්ත!!! :) ස්තූතියි ආවට මෙහාට..
Deleteකලින් දවසක කියවලා, කොමෙන්ටුවක් දාන්න ඕනෙමයි කියලා හිතුවත් ඉඩක් ලැබුනේ නෑ. අපේ රටේ ළමයෙක්ගේ ජීවිතයට දෙමව්පියන් හැරුනාම වැඩිම බලපෑමක් කරන්න පුළුවන් ගුරුවරුන්ට කියලා මම හිතන්නේ. පොඩ්ඩක් තරුණ වයසට එනකොට දෙමාව්පියන්ටත් වඩා වැඩි බලපෑමක් ගුරුවරුන්ට කරන්න පුළුවන්.
ReplyDeleteආපහු හැරිලා බලනකොට, ජීවිතේ ගමන් මග වෙනස් වෙන්න හේතුවුණු ගුරුවරු ගැන මතක් කරගන්න පුළුවන්. සමහරු හොඳ පැත්තට, සමහරු නරක පැත්තට. සමහර විට පාසල් කාලෙදි අපි පෙන්නපු නරක ගතිගුණ මත්තෙම එල්ලිලා අපිව 'නරක ළමයි' කියලා ලේබල් ගහන්නෙ නැතුව අපිටත් අනිත් ළමයින්ට වගේ කරුණාවෙන් දයාවෙන් සලකපු ගුරුවරුන් කොහෙදි දැක්කත් දණ ගහලා වඳින්න ලැජ්ජාවක් නැහැ. ජීවිතේ නොපිටට හැරෙන්න තිබ්බ බොහෝ තැන්, මේ ගුරුවරුන්ගේ පොඩි මගපෙන්වීමක් නිසා, ඔවුන්ගේ ආදරයෙන් දුන්න පොඩි ඔවදනක් නිසා, එසේ නොපිටට නොගොස් අද අපි ඉන්න මේ තත්වයට එන්න අපිට කොච්චර බලපෑමක් කරල තියනවද කියලා වැටහෙනකොට ඔවුන් ගැන ඇති වෙන්නෙ පුදුම ගෞරවයක්. ඇත්තෙන්ම ගුරු වෘත්තිය කියන්නේ සමාජයකට විශාල සේවයක් කරන්න පුළුවන් රැකියාවක්. නමුත් අවාසනවකට වගේ තමන්ගේ වටිනාකම, තමන්ට කල හැකි සේවය ගැන අවබෝධයෙන් ඉන්නේ ගුරුවරු ටිකයි.
ඉඩක් ලැබුනු වෙලාවෙ ඇවිත් අදහසක් කියන්න හිතුවට හුඟාක් ස්තූතියි...:) ඇත්තටම ඔබ හරි.. දෙමව්පියන්ට පස්සෙ දරුවන්ගෙ ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් පිරිසක් විදියට හදුන්වන්න පුලුවන්..
Deleteහැම කෙනෙක්ගෙම ජීවිත වල හොද එක ගුරුවරයෙක් වගේම, නරක එක ගුරුවරයෙක් හරි ඉන්නවාමයිනෙ... අවාසනාව තමයි ගුරුවරුත් දැන් මුදලටට යට වෙන්න යෑම...සමාජ මෙහෙවර, ආත්ම තෘප්තිය වගේ දේවල් යට වෙලා, මුදල් ඉස්මතුවෙලා.... සමහර ව්ඉට රට යන හැටිය නිසාද මංදා...
මගේ අම්මයි තාත්තයිත් ගුරු වෘත්තියෙන් හුගක් දේවල් හම්බ කරලා තියෙනවා.ලංකාවේ කොහේ ගියත් ඒ දෙන්නට දුවගෙන ඇවිත් කකුල් දෙක අල්ලලා වදින ගෝලයෝ රොත්තක් ඉන්නවා.එයාලා බලෙන් ලබාගන්න දෙයක් නෙවෙයි ඒ.ළමයින්ගේ අභ්‍යන්තරයෙන්ම එන දෙයක්.මට ආදරෙන් මාව බලාගන්න හොද මිනිස්සු ගොඩක් එයාලා හම්බ කරගෙන ඉන්නවා.ඔක්කෝටම වඩා එයාලා මට නිවැරදි ජීවිතයක් හම්බ කරලා දීලා තියෙනවා.මට දෑවැද්ද හදන්න සල්ලි හම්බ කරන්නෙ නෑ කියලා එයාලට රටේ ලෝකෙ මිනිස්සු හිනාවෙනවා.ඒ වුණාට එයාලා හම්බ කරලා දීලා තියෙන දේවල් මට වැඩියත් එක්ක ඇති.මගේ ජීවිතේ මට හම්බ වුණු හොදම ගුරුවරු දෙන්නා හම්බ කරපු විදිය තමයි ඒ!
ReplyDeleteමේ වගේ කමෙන්ට්ස් තියෙද්දි, තවත් මොකට මම උදාහරණ කියන්නද.. උතුම් රස්සාවක් කරන උතුම් දෙමව්පියන්ගෙ දරුවෙක් වීමත් භාග්‍යක්.. කොහොම වුනත් නංගෝ, ජීවිතේ එක දවසක් හරි එනවා, මිනිස්සුන්ව, මනුස්සකම්.. හුඟාක් ඕනෙ වෙන.. මතක් වෙන.. අපිට අනිත් මිනිස්සුත් ඕනෙ කියලා හිතෙන. එදාට ඔයාටත් ආඩම්බර වෙන්න පුලුවන්.. මොකද ඔයාගෙ අම්මායි තාත්තායි හම්බකපු මනුස්සකම්, මිනිස්සු, ඔයාගෙ ජීවිතේටත් ශක්තියක් නිසා..
Deleteජය වේවා!!
ලිපිය ලියලා ගොඩක් කල් උනාට මන් මේක දැක්කේ ළඟ දී. එත් කමෙන්ට් එකක් දාන්නම ඕනේ කියල හිතුන නිසාම තමයි මෙහෙම ලියන්නේ.ඇත්තටම සාර්ථක ගුරුවරයෙක් වෙන එක හැමෝටම කරන්න බැරි දෙයක් එක අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට උගන්වන සමහර ගුරුවරු උගන්වන දේ කොච්චර කියල දුන්නත් තේරුම් ගන්න බැරි වෙන සිද්දි ඕනේ තරම්.අනිත් ගුරුවරයෙක් වෙන්න උගත් කම විතරක්ම ප්‍රමාණවත් මදි නේද? තමන් තුල තියෙන දැනුම තව කෙනෙක්ට තේරුම් කරලා දෙන්න පුළුවන් හැකියාවත් තියෙන්න ඕනේ. ගුරුවරයා කියන චරිතයට තියෙන්න ඕනනේ වැදගත්ම ගුණාංග විදිහට ඉවසීමයි අනෙකා තේරුම් ගැනීම කියන දේ වැදගත්. ඇත්තටම මේ ලිපිය ගොඩක් විශේෂයි මොකද සමාජයේ එක භූමිකාවක් උනාට සමාජයට එන හැම චරිතයකටම බලපාන දෙයක් ගැන ලියන්න හිතපු නිසා.:)
ReplyDelete// තමන් තුල තියෙන දැනුම තව කෙනෙක්ට තේරුම් කරලා දෙන්න පුළුවන් හැකියාවත් තියෙන්න ඕනේ. // හරියට හරි!!! එහෙම නැතිවුනොත් ඉගනගන්න දරුවො අමාරුවෙ වැටෙනවා... :) මමත් කමෙන්ට් එක දැක්කෙ පරක්කු වෙලා නෙහ්... ස්තූතියි!!1
Delete