"අද නිවාඩු දවස වෙලාත් අම්මා මොකද උදෙන්ම නැගිටගෙන?" කල්පනාවට ආවෙ එතකොටයි. පොඩ්ඩක්වත් මතකෙ නොතිබුණු කාරණාව මතකෙට ආවෙත් ඒ එක්කමයි. මොහොතකට හිත පුරා ඇතිවුණේ කණස්සල්ලක්. සීතලට ගුලිවෙලා නිදියන්න ලෝබවුනු මගේ හිත, අද දවස ගැන මතක් වුනු ගමන් ඇකිළුණා.හිත අවුරුදු ගාණක් ආපස්සට දුවලා ගියේ එක ක්ෂ්ණිකවම.. හරියටම මීට අවුරුදු 6කට කලින් එහෙම නොවුනානම්............. අද වගේ දවසක් කවදාවත් උදා නොවෙන්න තිබුණා.. කාලෙ ආපස්සට ඇදලා ගන්න තිබ්බානම්, ආයෙත් අතීතෙට යන්න තිබුණානම්, ඒ අතීතෙම කාලය නතර වුනානම්...හිත එකින් එකට අතීතෙ ගැන මතක ගොනු කලා....
"ආ.......... හොර පූසි!! නැගිටපන් නැගිටපන්..... පස්ස පැත්තට එළිය වැටෙනකම් මනමාලියෝ ඔහොම නිදා ගන්නවාද ආ??"
මගේ කල්පනා ලෝකෙ කඩා ඉහිරවගෙන කාමරේට කඩන් පැනපු මගේ අතිජාත මිතුරිය වෙච්චි පංචි නොහොත් පංචාලි කෑගහන්න පටන්ගත්තා.
"අයියෝ..... මොකක්ද බං මේ පාත් වෙච්ච මරාලෙ.? අද සෙනසුරාද වෙලා උඹට නින්ද යන්නෙ නැද්ද බං? අනික කවුද මනමාලි?"
"ආව්ව්.. මේකි බලහල්ලකෝ.. දැන් මේ උඹේ මඟුල් හින්දා තමා අපිටත් නින්දක් නැත්තෙ. සැපට දුකට දෙකටම ඉන්න අපි නැතුව උඹට ඉන්නෙ වෙන කවුද යාළුවො? හා කියපන් බලන්න.."
"හප්පොච්චියේ.. හරි හරි ඉතිං.... මම නෑ කිව්වෙ නෑනෙ..ඉස්කෝලෙ එකවසරේ ඉදන්ම මගේ ඕනෙ මගෝඩි වැඩකට හිටියෙ උඹලා ටික තමා ඉතිං...මම කිව්වෙ මේ උදේ පාන්දර කඩන් පාත් වුනෙ එක ගැනනෙ බං.."
"ඒවා කෙල්ලෙ උඹලාගෙ අම්මාගෙන්ම අහගනින්.. අම්මා තමා මට ඊයේ කෝල් කරලා කිව්වෙ. උඹව බලන්න අද මනමාලයෙක් එනවාය, ඒ නිසා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා උඹගෙ දෙවෙනි මනමාලි වෙන්නය කියලා.."
"ශැහ්හ්හ්.. අපේ අම්මාටත් දෙවෙනි මනමාලිට ගන්න වෙන එකියක් හිටියෙම නැද්ද හෆ්ෆා..."
"අනේ පල. උඹට බයයි නේ?? ඊ..ර්ෂියායි.... නෙ??"
"ආ.. අනේ මට වැඩේමයි.. මම මොකට ඊර්ෂ්‍යා කරනවාද හෆ්ෆා.."
"ඇයි බං.. මනමාලයා උඹව බලන්න ඇවිල්ලා මට කැමති වුනොත් එහෙම?"
දෙන්නාම හිනා වුනේ මහා සද්දෙන් එකසැරේට. ආයෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනෙත් ඉබේටමයි.
"අම්මෝ.. ඒකනම් කියලාවත් කරගන්න බැරි වැඩක්.. " මම ඇඳ උඩ තිබුණු කොට්ටෙකින් පංචි ට දමලා ගැහුවා...
" හා හා.. එව්වා පස්සෙ .. නැගිටලා වරෙන් එළියට.. මට නම් බඩත්ගිනියි.. මම යනවා කුස්සිය පැත්තට.. ඇන්ටිගෙ හොද්දෙ සුවඳ හමනවා පාර දිගට.."
පංචි හිනා වෙවී කුස්සිය පැත්තට දිව්වා. තැක්ගැහි ගැහි, හැංගිමුත්තම් කරපු මගේ බිඳුනු හිතයි, අද දවසෙ තියෙන කනසල්ලයි , මේ දෙකම ටිකක් හරි නැති කරන්න, පංචි ආව එක ලොකු දෙයක් කියලයි මට දැනුණේ.පංචි කියන්නෙ මගේ ඉස්කෝලෙ කාලෙ ඉදන් ඉන්න අතිජාත මිතුරියක්.. උපන්දා ඉදන් ගතවුනූ මේ අවුරුදු 25 ඇතුළේ, මගේම කියලා බඩේ බැදගෙන, පපුවෙ තියාගෙන ආශ්‍රය කරන්න පුළුවන් විදියෙ යාළුවො හම්බුණේ බොහොම ටික දෙනයි. ඒත් හතක් අටක් විතර. ඒ හැමෝම ඉස්කෝලෙ කාලෙ යාළුවො විතරයි.
ජීවිතේ සැපේදි, දුකේදි දෙකේම ඉන්න, ඕනෙම කරදරයකදි දේවදරුවො වගේ පිහිටට ඉන්න, කවදාහරි ජීවිතේට ඉතුරු වෙන්නෙ ඉස්කෝලෙ කාලෙ යාළුවො විතරමයි.කිසිම රහසක්, බොරුවක් නැතුව, අවංකවම හදවතින්ම ආශ්‍රය කරන්න පුළුවන් යාළුවො මුණ ගැහෙන්නෙ ඉස්කෝලෙ කාලෙදිම විතරමයි. ඊටපස්සෙ හමුවෙන හුඟාක්ම දෙනා අපිට ළං වෙන්නෙ මොකාක්ම හරි වෙන අරමුණක් පස්සෙ දුවන ගමන්, අපිව ඒ අරමුණු වලට ඈඳාගන්න බලාගෙනයි. එහෙමත් නැත්තම්, ලස්සන පාට ගාපු වෙස් මූණක් දාගෙන සැබෑ මූණ හංගගෙනයි.. ඒ නිසාමද කොහෙද මගේ ජීවිතේ ඉස්කෝලෙ කාලෙ ඉදන් උන්නු යාළුවො ටික හැරුණාම, අනිත් අතරමගදි හමුවුණු බොහොමයක් පුහු ආටෝප චරිත, යාළුවො කියලා නමට උන්නු අයව මම අතහැරියා.. සමහරුන්ව අතේ දුරින් තියාගත්තා.. ඒත් පංචාලි, මිලානි, ගයේෂා, අචින්තා, නිමේෂා, අරුන්දි වගේ , මගේම සහෝදරියෝ වගේ දැනුනු ටික දෙනා ජීවිතේ ඉහළින්ම තියාගත්තා. අදටත් මගේ හිතේ උන් වෙනුවෙන් තියෙන්නෙ ලොකුම ලොකු ඉඩක්.
"සකූ.... උඹ එන්නෙ නැද්දෝ......"
පංචි කුස්සියෙ ඉදන් ආයෙමත් බෙරිහන් දෙන සද්දෙට මම ඇඳෙන් බැස්සා. කණ්නාඩිය ඉස්සරහාට ගිය මට පෙණුනෙ මනමාලියෙක්ගෙ මූණක තියෙන සිරියාව, ඒ මනමාල පාට, බලාපොරොත්තු සහගත බැල්ම, පෙම් පාට මගේ මූණෙ නම් බිංදුවක්වත් ගෑවිලා නෑ කියලායි. අදින් අවුරුදු 6කට කලින් , මිනීපෙට්ටියක දාලා සදහටම වළදාපු මගේ ප්‍රථම ප්‍රේමයත් එක්කම මගේ ආදර හිතත් මැරිලා ගියා.. ඊටත් පස්සෙ ගතවුනු මේ අවුරුදු 6ටම වෙන කිසිම පිරිමි හිතකට බැරිවුණා මගේ මැරිච්ච හිතට පණ ගන්න.අම්මාට ඕනෑවට , අම්මාගෙ හිතට සැනසීමක් දෙන්න කියලා හිතාගෙන අම්මලා කතා කරන කරන මනමාලයොන්ව බලලා , මොකක් හරි ඇදයක් කියලා මඟ හරින එක මගේ පුරුද්දක් වෙලායි තිබ්බෙ.හදවතින් බැඳිමක් නැති නොවී, ගෞරවයක් ඇති නොවී, ආදරයක් ඇති නොවී බලෙන් හිතට දාගත්තු හැඟීමක් එක්ක ජීවිත කාලයක්ම එකට ඉන්න , මැරෙනකම් කැපවෙන්නෙ කොහොමද කියලාවත්, ඒකට හිත හදාගන්නෙ කොහොමද කියලවත් මම දැනගෙන උන්නෙ නෑ..
අද එන්නෙත් මාව බලන්න එන 7 වෙනි මනමාලයා."ඔන්න ඔහේ අදත් මොකක්හරි කරලා එනවිදියකට මූණදෙනවා.." කියලා හිතාගෙන මම කොණ්ඩෙ පීරගෙන කුස්සිය පැත්තට ගියා..
"ආ.. කුමරිය.. වඩින්න.. වඩින්න...." පංචි කැබිනට් එකේ තිබුණු පිඟන් කෝප්ප එළියට ගන්න ගමන් මට කතා කළා.
"බලන්නකෝ ඇන්ටී, මේකිට කිසිම ගානක් නෑ.. ඇන්ටිනම් මේ මඟුල් ගෙදරකට වගේම කෑම හදනවා..දැන්ම මෙහෙමනම්, මඟුල තීන්දු වුනොත් කොහොම වෙයිද?"
"අනේද කියන්නෙ පංචාලි... මෙයාට කිසිම ගානක් නෑනෙ.. හැමදාම එන එන කෙනාගෙ මොකාක් හරි ඇදයක් කියලා මඟ අරිනවා.. මෙයා හින්දා මට සැනසීමක් ඇත්තෙම නැහැනෙ..කවදහරි සැනසිල්ලෙ මැරෙන්නවත් එපැයි මෙව්වා එකලාසියක් කරලා.."
"අම්මාටත් ඕනෙ මාව ඉක්මණට කාට හරි තල්ලුකරලා දාන්න නේද? මට තාම 25යි. අම්මා බය වෙලා ඉන්නෙ මම නාකි වෙලා වගේනෙ.."
මම හිතට ආපු ආවේගයයි, දුකයි දරාගෙන හිමීට වචන පිට කළා.
"ඉතින් දරුවෝ, අපි කියන්නෙ නෑනෙ අපි කියන කෙනෙක්වම බඳින්න කියලා. ඔයා කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න කියලා අපි කිව්වෙ.. ඒත් නෑනෙ.."
"අම්මා කියන එකත් ඇත්තනෙ බං.. හැමදාම උඹට, මට, අපිට මෙහෙම ඉන්න බෑනෙ... උඹටත් කලදවසක් තියෙන්න ඕනනෙ. අම්මලා බයයිනෙ බං.. තේරුම්ගනිං.."
"මට නොතේරෙන්වා නෙවෙයි බං.. ඒත් හැමදේම අමතක කරලා දාන්න මම මැරිලා ඉපදිලා නෑ.. උඹලාට අවුරුදු 6ක් කියන්නෙ මහ කාලයක් වුනාට , මටනම් අද ඊයේ වගේ.. උඹ හැමදේම දැ..න.....ගෙ...නත්......"
ඇඬුම් පාලනය කරගෙන උන්නු මට තවත් දරාගන්න බැරි තැන දුවගෙන ගිහින් නානකාමරේට වැදිලා දොරවහගන්නවා හැර කරන්න වෙන දෙයක් තිබුණේ නෑ..
අවුරුදු 4ක ආදර අතීතය..දිවිහිමියෙන් රැකගත්තු ආදර පොරොන්දු.. අහස උසට තනපු හීන මාළිගා... ඇහැට ඇහැ තියන්, නළලට නළල තියන් ජීවිතේ වින්ඳ අතීතෙ..,කවදාවත් දාලා නොයන්න කියලා ඔළුවෙ අතගහලා දිව්රපු ප්‍රේම පුරාණෙ... හොරු ගෙනෙච්ච මගේ ආදරේ........ආදරේ නාමෙන් ඔයාගෙ නොවුනොත් වෙන කාගෙවත් වෙන්නෙ නෑ කියලා කියවපු බොළද වුනත්, අහිංසක කතා...., ඒ හැම දෙයක්ම අමතක කරන්න මට තවමත් බැරි වුණා..ඔව්.. ඔයාව නැති වෙලා අවුරුදු 6ක් ගිහිල්ලත් මට තවමත් ඒක හීනයක් වගේ.. නපුරු හීනයක් වගේ මට අහිමි වෙලා ගියපු මගේ ආදරේ.. මගේ..සසිඳු.... අද එයි..හෙට එයි.. කියලා බලන් උන්නා.. ඒත්, අද වෙනතුරු කවදාවත්ම ආවෙ නෑ.....ඒත් කවදා හරි ඒවී කියලා විතරක් බලාපොරොත්තුවක් හිතේ කොනක තවමත් ඉතුරු වෙලා තියෙනවා....
"සකුණි... උඹ ඕක ඇතුළෙ පැල වෙලාද බං... ? ඉක්මණින් වරෙන්.. කාලා බීලා සාරිය අඳින්නත් ඕනෙනෙ.."
ආයෙමත් මගේ දැහැන බිඳුනේ, අතීතෙන් මිදිලා වර්තමානෙට ආවෙ පංචිගෙ සද්දෙටයි.. හෝ ගාල ඇරලා දාලා තිබුණු ටැප් එකෙන් කඳුළු වලින් පෙඟීච්ච මූණ හෝදගත්තු මම කණ්නාඩියට මවාගත්තු හිනාවක් දාලා විරිත්තුවා.. මොහොතකට මට හිතුණේ මම විරිත්තුවෙ මටද, මගේ අතීතටද, නැත්තම් අනාගතේටද කියලායි...
-------------------------------------------------------------------------------------------
"ආව්.වාව්ව්..... ඔය ඉන්නෙ ලස්සනට... ලස්සන සාරිය.. පාටත් නියමයි.. උඹට ගානට ගැළපෙනවා... "
පංචි මට සාරිය අන්දවලා හැඩ බලනවා....ඒත් මට නම්.... කිසිම ලස්සනක් පෙනුනේ නෑ....මේ හැඩවෙන්නෙ ආදරේ වෙනුවෙන් නම්, හදවතේ ගැඹුරුම පතුලෙන්ම එන හැඟීමක් වෙනුවෙන් නම්..,ලස්සනට අඳින්න, ලස්සනට හැඩ වෙන්න, ඒ වෙනුවෙන් පේවිලා මඟ බලන් ඉන්න තිබුණා. ඒත්....මේ පේවෙන්නෙ එහෙම බැඳීමක් වෙනුවෙන් නෙවෙයිනෙ.....
"මොකක්ද බං.... පොඩ්ඩක් හිනා වෙලා හිටපන්කෝ..උඹ නිකන් ඉන්නෙ මළගෙයක් වෙලා වගේනෙ.. අතීතෙ කියන්නෙ අතීතෙ..උඹ ඔය අතීතෙ අතීතෙ විදියටම තියෙන්න දීලා මේ අනාගතේ ගැන හිතපන්කෝ..."
"අනාගතයක් තියෙන්න ,හොද අතීතෙකුත් තියෙන්න එපැයි බං.."
"ඔන්න කිව්ව අමු ගොන් කතාවක්...ලස්සන අනාගතයක් තියෙන්න හොඳ වර්තමානයක් තිබ්බාම ඇති..දැන් ඔය බහුබූත ඇති..ඇන්ටිත් පවු බං... මට අද එන්න කිව්වෙත් උඹේ ඔය හිතවත් පොඩ්ඩක් පාදන්න කියලායි..පොඩ්ඩක් හිතපන් මේ සැරේවත්.."
" හිතන්න හිතෙන්න එපැයි ඉතින්...."
" හැම කොල්ලාම, හැම මිනිහාම එකවගේ නෑනෙ.. උඹ උඹේ ජීවිතේට කෙනෙක්ට එන්න දීපන්.. උඹ කාටවත් ලං වෙන්න නොදී කොහොමද?"
" අනේ මංදා ..මට තේරෙන්නෙ නෑ.."
"තේරෙන්නෙ නෑ නෙමේ උඹට උවමනාවක් නෑ.. උඹ හැමදාම ගිය එකා ගැනම හිත හිත, ඒක මතක් කර කර තැවෙනවා.. ගිය එකා ගියා.. උඹ අඬලා වැඩක් නෑ බං.. දැන්වත් පොඩ්ඩක් හිතපන් උඹ ගැන..."
"දුව...... කෝ... ලෑස්තිද? අන්න අර කට්ටිය ඇවිල්ලාද කොහෙද...."
අම්මා කාමරේට එබුනේ එතකොටමයි...මෙහෙම අවස්ථා කීපයකටම මූණදුන්නාත්, හිත අදත් ආයෙමත් ගැස්සුනා...
"හරි ආන්ටි.. මනමාලී රෙඩී.. ඇස්වහක් කටවහක් නෑ.. කෙල්ල ඉන්නෙ නිළිය වගේ.. ඒත් හිනාව තමා අප්සට්.." පංචි කිව්වා..
"පොඩ්ඩක් හිනා වෙලා හිටපන්කෝ..ප්ලීස්...ප්ලීස්...අදවත්...."
"හ්ම්ම්ම්..." මම යාන්තමට හිනා වුනේ හිනා නොවී බැරි නිසායි..
හිනා වෙන එක කවදත් අවංකවම හිනා වුනු මට, බොරුවට හිනා වෙන එක තරම් තවත් අමාරු වැඩක් තිබුණෙම නැති තරම්.. හිත ඇතුළෙන් මහා ගින්නක් ඇවිලෙද්දිත් හිනා වෙලා තවත් අයව රවට්ටන්න මට හිත දුන්නේ නෑ.. ඒත්.... අද දවසත් අම්මාලාගෙ බලාපොරොත්තු සුන් කරන්න බැරි නිසා.. මට හිනා වෙලා මේ අවස්ථාවට මූණ දෙන්නම වෙනවා....
"හා..හා.. මනමාලී..දැන් ඔක්කොම අමතක කරලා.. හිනා වෙලා.. හොද හුස්මක් අරන් යමන් ඉස්සරහට..."
ඉහළට ගත්තු හුස්ම පහළට දාගන්න බැරි තරමට අදනම් හිතට හරිම වෙහෙසයි.. අද අගේ දවසක් සසිඳූ වෙනුවෙන් උදා වුනානම්...... හිත ආයෙමත් හීල්ලුවා.... එහෙනම් මෙහෙම ගිනි උහුලන්න ඕනෙ නෑනෙ...
![]() |
| මොනවා නැතත් මේ ජීවිතේට, අඩන්න පුරුදු කලා ඔයා මට, මහ මුහුද තරම්... නිල් අහස තරම්... ආදරේ දුන්නු ඔයා තරම්...
වෙන කවුරුත් ඉගැන්නුවෙ නෑ මේ තරම්,
අඬන්නෙ කොහොමද කියලා මට, ඔයා තරම්........ |
ආයෙත් හිත එකලාසියක් කරගෙන ඉස්සරහට යන්න පය තිබ්බා.. ඒත් පුදුමයි.. වෙනදටනම් මෙහෙම වෙලාවට මගේ හිත මාව අදින්නෙත් පස්සටමයි.. ඒත් අද..... අද හිත කියන්නෙත්.." සකුණි උඹ ඉස්සරහට පලයන්.. ගිහින් උඹේ අනාගතේට මූණ දීපන් " කියලාමයි..
අම්මාගෙ විධානයත් එක්ක මම ඉස්සරහට යන්න පෙරමුණ ගත්තා....
~ මතු සම්බන්ධයි ~
ප.ලි- කාලෙකින් කෙටි කතාවක් ලියන්න ගත්තා.. ඒත් දිග වැඩි වුනානෙ.. සමාවෙන්න ඕනෙ.. ඉතුරු කොටස ඊළඟ කොටසින් දාන්නම්...:D

බලමුකෝ ඊලග කොටස මොකද වෙන්නේ කියලා...
ReplyDeleteසිරාවට අවුරුදු 25ක් කියන්නේ නාකිද???????
අපොයි මන් හිතුවා මමයි මුලින් කමෙන්ට් කලේ කියලා.. මූ පැන්නා නේද.. :)
Delete@තරියා..
Deleteනාකි තමයි..බං කෙල්ලෙක් ඔය කිට්ටුව බඳින්න ඕන..!
තරියා- බලමුකෝ ඊළඟට...:) 25ක් කියන්නෙ නාකි නෑ තමා.. :P
Deleteලස්සන කතාවක් හිතූ.. අනික් කොටසත් ඉක්මනට දාන්න.. මට නිකන් හිතෙනවා හිතෙනවා වගේ වෙන්න යන දේ.. ඒක ඔන්න ඔහේ ඊළඟ කොටස එනකන් බලාගෙන ඉන්නවා..
ReplyDeleteජය වේවා... :D
තැන්කූ රෙඩ්!!!! :D අහ්හ්හ්.. ඔයා හිතුවට මම හිතන්නෙ නෑ හරි යාවි කියලා ඒක...:D අවසානය මට බැනුම් අහගනන් වෙයිද දන්නෙ නෑ...;)
Deleteනියමයි ඈ.... සුපිරියට ගලාගෙන ගලාගෙන යනවා :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කූ සෝ මච් රජෝ!!! :D
Deleteලස්සන කතාවක් හිතූ! අවසානය ගැන අනුමාන කිහිපයක් තියෙනවා! බලමුකෝ හරි යාවිද කියලා! ;) ;)
ReplyDeleteස්තූතියි විසිතුරු!!!! හ්ම්ම්ම්ම්ම්.. මම හිතන්නෙ නෑ අනුමාන හරිගියත් , ඒ විදියටම අනුමාන කරලා තියෙයි කියලා..;)
Deleteහික්ස්ස්.. බලමු බලමු!!
හෙම් හොඳ නිර්මානයක් මේ ලොකු නංගියේ ඔය මගුල් විරහව නැතුව බොට කතාවක් ලියවෙන්නේම නැද්ද එත් කමක් නෑ ඒ බොහේ කැමැත්තනේව
ReplyDeleteස්තූතියි අයියෙ!!! අහ්හ්හ් හා හා.. ඒක ඇත්ත.. මම කතා ලියන්නෙ නම් එහෙම එව්වාමයි..
Deleteදැනට ලියලා තියෙන්නෙ.. වෙන වෙන මාතෘකා වලින් ලිපිනම් ලිව්වා.. බලමුකෝ ඉස්සරහට වෙන කතාත් ලියන්නම්...:)
මේ ටිකනම් ආසාවෙන් කියෙව්ව...ඊලඟ කොටසත් කියවන්නම වෙනවා...
ReplyDeleteඅහ්හ්හ්හ් ඊලඟ කොටසින් එපා වෙයිද දන්නෙ නෑ...;)
Deleteඅම්මෝ හිතු හරිම ලස්සනයි කාලෙකින් මේ කතාවක් කියෙව්වේ.
ReplyDeleteමුලින් මම හිතුවේ අහ්හ් හිතුව බලන්න මනමාලයෙක්වත් ඇවිත්ද කියලා :))
හ්ම්ම් අනිත් කොටසත් කියවලම අදහසක් කියන්නම් :))
හි හි... තෑන්ක්ස් වර්ණෝ!!!! :)
Deleteහෆ්ෆොච්චියේ.......... මට තාම බඳින වයසක් නෑනෙ..:D
ලස්ස්නයි කතාව කියවන කොට ඒ හැගිම හුල මාත් ජිවත් වුනා වගෙ දෙනුනා
ReplyDeleteහුඟාක් ස්තූතියි!!!
Deleteසික් විතරක් හොඳම ටිකට එනකොට නැවැත්තුවනේ කිසි ගානත් නැතුව. මේ දැන් ඔයාට වයස කීයද..ම්ම්ම්ම් මතක විදිහට25ට කිට්ටුයි නේද.....හාකෝ හාකෝ....අර පංචිත් එක්ක ජංචා දාපු කාලෙ ඉදන් හිතේ තිබිච්ච බලාපොරොත්තුනේ මේ එලියට එන්නේ නේද ;) :)
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්ස්..... ඔයාගෙ වයසින් ඖ 10ක් අඩු කලාම නෙ මගෙ වයස එන්නෙ අයියෙ!!! ;)
Deleteහෆ්ෆොච්චියේ, මම ජංචා දාලා නෑනෙ පංචි එක්ක..
දිග වැඩි උනත් දාන්නයි තිබුනේ. දැන් ඉතින් බලාගෙන ඉන්න වෙනවනේ :)
ReplyDeleteහික්ස්ස්ස්... අම්මෝ දිග වැඩි වුනාම එපා වෙයිනෙ කියවන්න..:D
Deleteකතාව විරහවකින් පටන් ගත්ත ඒමට නම් මනාප නැතෝ..!
ReplyDeleteහෆ්ෆා.. එහෙනම් ඉස්සරහටත් මනාප නැති වෙයිද මංදා...
Deleteහම්මෝ මම බය උනා, මේ කෙල්ල මාව දාල වෙන එකෙක්ව බඳින්න යනවා කියලා. :D
ReplyDeleteඅවසානය ගැන අනුමානයක් තියේ. ඒක හරිද බලන්න ඉක්මන්ට ලියන්න හොදේ.
හික්ස්ස්ස්ස්ස්ස්ස්... ඇයි එහෙම වුනොත්??? හික්ස්ස්ස්.. ;)
Deleteහ්ම්ම්ම්... අනුමාන වැරදුනාම තමා මට බැනුම් අහන්න වෙන්නෙ...:(
ලස්සන කතාවක් වගේ..ම්..ඊළඟ කොටසත් බලන්න එන්නම්කෝ..
ReplyDeleteතෑන්ක්ස් අක්කේ!! හ්ම්ම්ම්.. ඊලඟ එකත් බලලම කියන්නකෝ..
Deleteමේ පාර නම් කැමතිවෙයි වගේ. බලමුකො මොකද වෙන්නෙ කියල. ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteස්තූතියි අයියෙ!!! :)
Deleteබලමුකෝ....
හිත පස්සට අදිද්දිත් බලමු ඉස්සරහට යන්න හදන හැටි ‘ඉදිරියට‘
ReplyDeleteබලමුකෝ ඉදිරියට!!!! ;)
DeleteMata nam sure..! Awith inne Sasindu...
ReplyDeleteKathawa niyamai...debas walin kathaawa pirila...ewa nisa lassana wedi karanawa. Eeegata kotazath kiyawanna oni..
Mehema cmnt daanawata samawenna one. 4n eken awe...
අනේ කොහොම කමෙන්ට් කලත් කමක් නෑ පැතුම්!!! :) ඒක වටිනවා මට.
Deleteස්තූතියි හුඟාක්.. ඊළගහ කොටසින් බලමුකෝ..අනුමානෙ හරිද කියලා..
තව පැය කාලක් වත් කියවන්න වෙයි කියල හිතනකොටම මතු සම්බන්ධයි දැක්කේ. ඔයාට ඉවසන් ඉන්න පුලුවන්නම් ඉතිං අපටත් පුළුවන්.
ReplyDeleteහි හි..... :) වැඩිකල් ඉවසන්න වෙන්නෙ නෑනෙ...
Deleteඉදිරිය කෝම වෙයිද කියල බලමුකෝ!!!
ReplyDeleteබලන්නකෝ... බලලා බනියිද දන්නෙ නෑ... ^_^
Deleteකථාව කියවද්දි හිත හිරිවැටිල ගියේ ඇයිද මන්ද විටෙක සිත්තමීගෙ අනාගතේද මන්ද?
ReplyDeleteනමුත් මට කථාව කියවද්දි හිතුනෙ ඒ ආවෙ සසිදු කියල....
කථාවෙ ආසම මේ ටිකට
මේ හැඩවෙන්නෙ ආදරේ වෙනුවෙන් නම්, හදවතේ ගැඹුරුම පතුලෙන්ම එන හැඟීමක් වෙනුවෙන් නම්..,ලස්සනට අඳින්න, ලස්සනට හැඩ වෙන්න, ඒ වෙනුවෙන් පේවිලා මඟ බලන් ඉන්න තිබුණා. ඒත්....මේ පේවෙන්නෙ එහෙම බැඳීමක් වෙනුවෙන් නෙවෙයිනෙ.....
සිත්තමීගෙ අනාගතෙ??? මගේ අනාගතේ වෙයිද කියලාත් මට බයයි :D
Deleteහ්ම්ම්.. බලමුකෝ සසිඳුද කියලා...
:)
හුරේ ඈ..............
ReplyDeleteහරේ ඈ......
Deleteතරුණ කෙල්ලෙකුගේ හදවත තවත් හොඳින් හැඳිනගන්නට ලද මහගු අවස්ථාවක් මේ ලිපිය.හරිම වටිනවා.
ReplyDeleteස්තූතියි හුඟාක්... :)
Deleteමම හිතුවේ මේ හිතුගේ කතාව කියලා කොහොම උනත් කතාව ලස්සනයි
ReplyDeleteඅනේ.... එහෙම හිතුවෙ ඇයි අනේ... මම තාම බඳින වයසකත් නෙවෙයි ඉන්නෙ.. මම පොඩි එකා හලී?? ස්තූතියි රොබින්!!
Deleteලස්සන කතාවක්. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.
ReplyDeleteහුඟාක් ස්තූතියි සිතූ!!!! :)
Deleteකෝ කෝ ඉතුරු ටික....
ReplyDeleteඉතුරු ටික ඊළඟ කොටසින් දානවා කියලා තමා අයියේ ඔය ප.ලි යෙන් කියලා තියෙන්නෙ.. :)
DeleteEla ela ithiru tika daannako
ReplyDeleteMeka hithuvakkarita una ekak neme moko hithuta 25ta thava 5k ekathu karala gqnna one hari vayasa enna ;)
හි හි.... දාන්නම් දාන්නම්කෝ...
Deleteහා හා.. මගේ වයස කියන්නෙ ඔයාගෙ වයසට 5ක් අඩුවෙන් නෙ මඩයෝ!!!
මෙතනට වෙනකන් නම් එලම එල
ReplyDeleteහි හි... ස්තූතියි කෝරලේ මහත්තයා....
Deleteමම හිතන විදියට පරණ පෙම්වතෙක් තමා ගෙදරට ඇවිල්ලා ඉන්න මනමාලයා... ඊළග කොටසින් බලමු ඒ කථාවෙ ඇත්ත නැත්ත...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.. බලමු බලමුකෝ... අනාවැකි හරිද කියලා..
Deleteහුරේ... තාව කථාවක්... ඔය එන කොල්ලා සුවර් එකටම සසිදු වගේ... බලන්නකෝ නැද්ද කියලා....
ReplyDeleteහික්ස්ස්ස්... සසිඳූ වගේ???
Deleteහා බලමුකෝ!!!!
නියමයි.. අළුත් කතාවක ආරම්භයක් !
ReplyDeleteඉතුරු කොටසුත් බලලම ඉමු.
කොටස් 2යි අයියෙ.. දෙකම පල කරලා තියෙන්නෙ...:)
Delete